Sunday, March 6, 2016

හර්ෂ ලාගෙ ගොන් පාට්!

කොලඹ නිදහස් චතුරශ්‍රය පෙම්වතුන් ට නිදහස් තැනක් කරල දෙන්න කියල කට්ටියක් සටනක් පටන් අරන්. එහි ආරක්ෂක නිළධාරීයෙකුගෙ හැසිරිමක් මුල් කරගෙන පටන් ගත්ත විරෝධතාව අමාත්‍ය හර්ෂ ද සිල්වා නිසා අමුතුම හැඩයක් ගන්නව. ඔහු අර කට්ටිය වට කරගෙන අදාළ ආරක්ෂක නිළධාරීන් දරුණු විදියට ප්‍රශ්න කරනව. ප්‍රශ්න කිරිමක් කිව්වට ඒ
රාජ්‍ය බලය සමග කෙරෙන තර්ජනයක්. පෙම්වතුන් ගෙ නිදහස වෙනුවෙන් සටනට බැහැල ඉන්න කට්ටිය වෙන ම සමාජ කුලකය ක් බවත් පැහැදිලි ව පේනවා. මේ, NGO කාරයොයි අලුත් පරපුර කාරයොයි හදාගත්ත 'එක සෙට් එකක' එක ව්‍යාපෘතිය ක්. රටක සංස්කෘතිය සදාචාරය හෝ තවත් සමාජ කොදේසි හැමදාම එක විදියට තියෙන්නෙ නැහැ. තියෙන්න ඕනිත් නැහැ. ආදරය - ලිංගිකත්වය - පවුල් සහ විවිධ මානව සම්බන්ධතා පිළිබඳ විවෘත සංවාදයක් ගොඩ නැගෙන්න ඕන. ඒත් මේ විදියට ජනප්‍රිය ව්‍යාපෘති විදියට නෙවෙයි. ඉහත සිද්ධිය ට අදාළ ප්‍රශ්නය විසදන්න ඕන නං හර්ෂ කළ යුතුව තිබුණේ සංස්කෘතික ඇමතිවරයා හරහා අදාළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කොට නිදහස් චතුරශ්‍රයෙ පරිපාලනය ප්‍රතිසංවිධානය කරන එකයි. හැබැයි මේ ගොන් පාට් එකෙන් මතු වෙන්නෙ වෙන සමාජ විකෘතියක්. ගඩාෆි ප්‍රසිද්ධියෙ ගහලා මරණ තැනකට ලිබියානු තරුණ කණ්ඩායම් වර්ධනය වෙන පසුබිමත් සමහර විට මේ වගෙ ආරම්භක මොහොතකට සම්බන්ධ ඇති. ඔව්! අපි මේ ගැන කතා කරමු!!
CHAPA

No comments:

Post a Comment