Monday, October 31, 2016

                               අපේ අය - වැය අපි ම හදමු!

ලෝක බැංකුව ( WB ) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF ) කියන විදිහට හදන - හැදෙන ලංකාවෙ අය වැය ට ඒ පාර 'ජනතා අදහස්' ගන්න කියල, 'ජනතා මුදල්' නාස්ති කර කර මුදල් ඇමති රවී කරුණානායක රට වටේ යනව, ඒ ප්‍රචාරණ දැන්වීම් සඳහා ත් මිලියන ගණන් මහජන මුදල් වැය කරනව. අපි ට හිතෙන්නෙ පිස්සු වැඩ! කියලනෙ, දරා ගන්න බැරි වෙන්නෙ මහජන මුදල් නිරපරාදෙ වියදම් වෙන එකනෙ. නේද?
නැහැ! ඊට වඩා සුක්ෂම තත්වයක් මේ. ආණ්ඩුව කරන්නෙ, අර මුල්‍ය ආයතන වල උපදෙස් වලට අනුව කරන්න නියමිත අනාගත ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය නීතිමය වට පිටාව සකස් කරන එක. අපේ අය - වැය අපි ම හදමු! කොච්චර සරල සුන්දර උගුලක් ද? රටේ ආර්ථිකය හසුරුවන්නෙ 'ජනතාව' ගෙ අභිලාෂයන් මත නිසා එතකොට කාටවත් විරුද්ධ වෙන්න බැහැ නෙ. අධිකරණ ක්‍රියාවලියක දි මේ අලුත් උපක්‍රමය හොඳට වැඩ කරන්න ත් ඉඩ තියෙනව, මේ වෙනකොට සිද්ධවෙන දේවල් වල හැටියට!

CHAPA

   

Sunday, October 30, 2016

 

මෙච්චර පුංචි මොළයක් තියාගෙන කොහොමද රට ගොඩ නගන්නෙ,      හර්ෂ?

අද, 2016 ඔක්තොබෙර් 21, උදෑසන, ITN, 'පුවත් සටහන' ඔස්සේ සමාජ ගතවන, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන මේ කතාව හොඳ ට අහගෙන ඉන්න! ඔහු, රටේ ආර්ථිකයට අතිශය අදාළ - බරපතළ ප්‍රශ්න කීපයක්ම මෙතැන දි ඉදිරිපත් කරනව.
'කුකුල් කොටුවක්' ලෙස ඔහු හඳුන්වන්නෙ  Ceylon Grain Elevators කියන සමාගම, එය Prima Group යටතෙ පවත්වාගෙන යන එක සමාගමක්. ඔහු කියන්නෙ Ceylon Grain Elevators කියන සමාගමේ මව් සමාගම ත්, මහා බැංකු බැඳුම්කර කොල්ලය ට සම්බන්ධ Perpetual Treasuries සමාගමේ මව් සමාගම වන Capital Perpetual Assert කියන සමාගමම යි කියල ද? එය අනිවාර්යයෙන් ම පැහැදිලි කරගන්න ඕන තැනක්!
ඒ වගෙම, හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙ නම විවෘතව සඳහන් කරන අජිත්, ඇයි අර 'ප්‍රබල ඇමතිවරයෙක්' කියල කෙනෙක් ආරක්ෂා කරන්නෙ? ඒ කවුද? මේ හැසිරීම අප ට යළිත් ඔප්පු කරන්නෙ මේ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනද වගෙම හුදු මාධ්‍ය සංදර්ශනය ක් පවත්වනව කියන එක නෙවෙයි ද?
රංජන් ලා ට කරන්න අමාරු, යහපාලන ක්‍රීඩාවේ අමාරු හරිය කරන්න යෙදවෙන හර්ෂ ලා වගෙ ඊනියා වෘත්තිකයන් ට, දෙතුන් පැත්ත ම එකතුවෙලා කරන ඔය දේශපාලන ක්‍රීඩාව හිතන තරං සරල නැති බව තේරුම් ගන්න තව වැඩි කල් යන්නෙ නැහැ.
ඒ අතර, අනාගතය වෙනුවන් තව වැදගත් දෙයක් මෙහි සටහන් කරන්න ම ඕනෙ. හර්ෂ ද සිල්වා මේ කතාවෙ දි කියන 'කුකුල් කොටු' කතාව අන්තිම ප්‍රාථමික යි. සත්ව පාලනය, ලෝකයෙ හැම රටක ම වගෙ මේ රටෙ ත් විශාල කර්මාන්තයක්. ඍජු සහ වක්‍රව මිනිස්සු මිලියන ගණන් යැපෙන ඒ කර්මාන්ත ලෝකයට මෙහෙම අපහාස කරන්න ඔහු ට පුළුවන් ද? විශේෂයෙන් ම ජනතාව නියෝජනය කරන සහ රටේ ආර්ථිකය ට වග කියන්න ඕන නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට! මෙච්චර පුංචි මොළයක් තියාගෙන කොහොමද රට ගොඩ නගන්නෙ, හර්ෂ?
CHAPA                
 



යහපාලනය ගේමක්! කව්ද හොරා ? Chapa 2015.01.19

what will happen to Celon Tea? Hiru news, 7pm, Oct 30, 2016

Executive Power? Hiru news, 7pm, Oct 20, 2016

A real SOCIAL CRIME! Youth Got Talent on ITN, Oct 29,, 2016

Saturday, October 29, 2016

CHAPA on Vishrama Radio, Oct 2016 ( 12 )

                    ශ්‍රී පාදය විතරක් බේරගන්න බැහැ හාමුදුරුවනේ!

ශ්‍රී පාදය පිහිටි සමනළ කඳු සීමාවෙ සංචාරක හෝටලයක් ඉදිකිරීමට යම් සමාගමක් සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉන්න බව, මාධ්‍ය වාර්තා කීපයක් ම දැන් තහවුරු කරනව. මේ සමාගම ගැන ත්, ඔවුන් ට අදාළ ඉඩම ලැබුණු ආකාරය ගැනත් යම් කතාවක් පැතිර යන මුත් එය තහවුරු කරගන්න තවම තොරතුරු මදි. ඒ සම්බන්ධයෙන් අද ( 2016 ඔක්තෝබර් 29 ) හැන්දෑවෙ දෙරණ සහ හිරු රුපවාහිනී නාලිකා ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති වාර්තාවලට අනුව එවැනි ඉදිකිරීමකට අවසර ලබා දී ඇති බව තහවුරු වුණා.
ඒත් එක්කම, ඉදිරි වන්දනා කාලය ගැන දැනුවත් කරන්න කැඳවා තිබුණු සාකච්ඡාවක් පිළිබඳ ප්‍රවෘත්තියකුත් දකින්න ලැබුණ. එහිදී, ශ්‍රී පාදය භාර හාමුදුරුවො ප්‍රකාශ කරන්නෙ, ඒ ඉදිකිරීම තමන් යටතෙ පාලනය වන භූමි සීමාව ට අදාළ නොවන බවත්, එවැනි බොරු ආරංචි පැතිරවීමෙන් වළකින ලෙසත් ය. සිද්ධ වෙන්න යන විනාශය එච්චර ම සරල ද?
2001 අවුරුද්දෙ දි, කඩුවෙල කොරතොට කන්ද සමීපයෙදි පුද්ගලිකව මම අත්විඳි මීට සමාන සිදුවීමක් මේ වෙලාවෙ මතකය ට එනව. කොරතොට කන්ද  එක පැත්තකින් කළු ගල්වලට කඩන මහා ජාවාරමක්, අනිත් පැත්තෙ කොරතොට රජ මහා විහාරය. ඒ, කන්ද බේරගන්න පාර ට බැහැල සටන් කරන කාලය. මම ගියා ඒ රජ මහා විහාරයෙ ලොකු හාමුදුරුවො හම්බ වෙන්න. 'අපිට ඉතිං ලොකු ප්‍රශ්නයක් නැහැ, ඔය එහා පැත්තනෙ..' කියල හාමුදුරුවො කරුණු පැහැදිලි කෙරුව. කන්ද ට සිද්ධ වෙන්න යන හානිය සහ දීර්ඝ කාලීන ව ඒ පරිසර පද්ධතිය ට වෙන්න යන විනාශය පැහැදිලි කරන්න ගත්ත මගෙ උත්සාහය නිකං අපතෙ ගියා. 
මේ අද, ශ්‍රී පාදය පිහිටි මහා කන්ද සම්බන්ධ පරිසර පද්ධතිය ගැන!
එක දෙයක් දැන් පැහැදිලි යි. මේ අතිශය සංවේදී ස්වභාවික කලාපය තුළ යම් විසල් ඉදිකිරීමක් සඳහා සිදුවීම් පෙළ ගැහෙමින් තියෙනව.
එසේ නං එය වහා නැවැත්විය යුතුයි! අපි මේ ගැන තව කරුණු හොයමු, පෙළ ගැහෙමු, මේ අසම සම ස්වභාවික ලෝකය මුළු ජෛව ගෝලය වෙනුවෙන් ම ආරක්ෂා කරමු! ඒත්, ඒ කොහොමද?
මට ( අපිට! ) කොරතොට කන්ද බේර ගන්න බැරිවුණා! කල් ආරු - විල්පත්තු වනාන්තර මේ දැනටත් විනාශ කෙරෙමින් තියෙනව! රාජපක්ෂ රෙජීමය යටතෙ, බැසිල් ගෙ නායකත්වයෙන් සිද්ධ වෙච්ච, මෛත්‍රී - රනිල් ආණ්ඩුව යටතෙ ත් නොනැවතී ඉස්සරහ ට යන, මහා වන විනාශයක් ඒ.
එතකොට?
CHAPA       

Friday, October 28, 2016

                                  CSN අවසානය ට පෙර!


CSN නාලිකාවෙ බලපත්‍රය අහෝසි කරලා, හේතුව පරිපාලන ප්‍රශ්නයක් මිස මාධ්‍ය මර්දනයක් නෙවෙයි කියල ජනමාධ්‍ය අමාත්‍යවරයා සපථ කරනව.
අපි මෙහෙම බලමු!
සිද්ධ වුණේ මාධ්‍ය මර්දනයක් තමයි, හැබැයි ඒ සඳහා CSN වටපිටාව සකස් වෙලා තිබුණා, එච්චරයි! ඔය අර, කට්ටිය FCID අරං යන එක වගේම වැඩක්. මේ සටහන ලියැවෙන්නෙ නං CSN ගැන මට පුද්ගලික වූ අත්දැකීම් කීපයක් අතීතය වෙනුවෙන් ගබඩා කරන්න.
2014 අවසාන මාස වෙනකොට, මම යළිත් අවුරුදු කීපයකට පස්සෙ ජනප්‍රිය මාධ්‍ය අවකාශය ගැන උනන්දුවක් දක්වන්න පටන් ගන්නව. රන් fm හරහා තමයි ඒ පසු ගමන් මාර්ගය සකස් වෙන්නෙ, එවකට රන් fm 'හීසරය' ට සම්බන්ධ වෙන්නෙ, වසන්ත කරුණාරත්න සමඟ ගොඩ නැගෙන සම්බන්ධතාවත් එක්ක. ඊට පස්සෙ ශ්‍රී tv, Colombo tv, තිනෙත tv  සහ දෙරණ tv වගෙ නාලිකා, ඒ අතර පහුගිය මහා මැතිවරණය එළැඹෙන අතරෙ මම, වැඩි වැඩියෙන් මාධ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදෙන්න ගන්නව. මගෙ ස්වාධීන දේශපාලන මැදිහත්වීම ගැන උනන්දුවන සමහර මිත්‍රයො තම තමන්ගෙ මට්ටම් වලින් මට - තව මාධ්‍ය ඉඩ හොයන්න පටන් ගන්නව.
ඒ අස්සෙ කට්ටියක් CSN නාලිකාවෙනුත් යම් වෙලාවක් ගන්න උත්සහ කරනව. කොහොම හරි මැතිවරණය ට දවස් දෙකකට කලින් ඒ වෙලාව වෙන්කෙරුණා කියල, අර මිත්‍රයන්ගෙන් පණිවිඩයක් අවා. මම ත් ඉතිං බලාගෙන හිටිය. ඒත් වෙලාව ආවෙ නැහැ. මෙන්න ඒ නියමිත වෙලාවට සෝභිත හාමුදුරුවො CSN තිරය මත. ඒ හාමුදුරුවො මෛත්‍රී - රනිල් යහ පාලන ආණ්ඩුව ට පාර හදන්න ලොකු කතා වගයක් කියාගෙන යනව. 'මේ channel එක රාජපක්ෂ පවුලෙ එකක් වෙලත් මාර වැඩක් නෙ මේ වෙන්නෙ...ඔයා ගියා නං රටේ පොදු තත්වය ගැන නෙ කියන්නෙ, මේ තනිකර මෛත්‍රී ට රනිල් ට කඩේ යෑමක් නෙ!' කෙනෙක් ඒ අතර දුරකථනයෙන් මට කිව්ව. මම ඉතිං ඒ අතර වෙන පාරවල් හොයනව.
'මම ලොක්කන්ට පණිවිඩයක් ඇරිය...එයාලා මේවා දන්නෙ නැහැ...හෙට ඕකෙ Repeat එක ත් යනවා තව පොඩ්ඩෙන්...මම ඒක නං නැවැත්තුව යන්තං...' තව කෙනෙක් පහු වෙනිදා මට දුර කථනයෙන් විස්තර කෙරුව. එතකොට නං මම CSN ඔළුවෙං ගලවල. හැබැයි මම දැක්ක අර Repeat එකත් ඒ විදිහටම යනව. 'මාර කෙළියක් නෙ?' අර පුද්ගලය බිඳුණු හඬකින් කියනව ඇහුණ.
ඔය සිද්ධියත් එක්ක මට CSN එක අමතක වෙලා ම ගියා.
ඔය අතීතය ආපිට මට ආමන්ත්‍රණය කරන්නෙ, පහුගිය කාලයෙ, CSN 'ඇත්ත' වැඩ සටහන මෙහයවන්න එන්න කියල ලැබෙන ආරාධනාව ත් එක්ක. මට ඒ කතා කරපු පුද්ගලයගෙ නම හරියට ම මතක නැහැ, කවුරු හරි, බලධාරියෙක් නං නෙවෙයි, එක නිෂ්පාදක වරයෙක්. 'හරි මම එනවා!' දෙපාරක් කල්පනා කරන්නෙ නැතුව ම මම කැමති වුණා.
'උඹ ඕක නං කරන්න එපා! දැනටමත් උඹ මහින්ද ගෙ මිනිහෙක් කියල සමහරු කියනව, ඒක නිකං ම  ඔප්පු වෙනව..'
'CSN එක ගිලෙන නැවක්, එකට නගින්න එපා!'
'උන් ට ලොකු ලෙඩක් වැටිලනෙ...උඹවත් FCID ගෙනියයි, යන්න නං එපා!'
ඔහොම කතා තමයි එතකොට දන්න කියන හුඟක් අය කිව්වෙ. ඔය අතර ටිකක් අමුතු කතාවකුත් තිබුණ. චාපා මේ පාර සමාජ ගත වුණෙ දෙරණ හරහා..උන්ට දැන් උඹව ප්‍රශ්නයක්, දෙරණෙන් කපලා CSN එකට දාලා රාජපක්ෂ ලේබලය ගහලා උඹව ඉවර ම කරන්න ඔය හදන්නෙ! ඒ අදහස ඔහොම යි. මම කොහොම ත් අභියෝගය භාර ගත්ත. වැඩේ පටන් අරගෙන කිසිම බාධාවක් නැතුව කරගෙන ආව.
මම ආවෙ ගියෙ මගෙ වාහනෙ, එක ශත පහක් ඔවුන්ගෙන් ගත්තෙ ත් නැහැ, මට නම ඒ තරමටම මතක නැති ආධුනික වගෙ නිෂ්පාදක වරු දෙන්නෙක් තමයි ඔය වැඩ සටහන් සම්බන්ධීකරණය කෙරුවෙ ත්. හැබැයි ඔවුන්ගෙ මුහුණු නං තවම හොඳට මතකයි, ඉතාම දක්ෂ, කඩිසර සහ සුහද ශීලී තරුණයො දෙතුන් දෙනෙක් තමයි මාත් එක්ක වැඩ කෙරුවෙ.
CSN නාලිකාවෙ තිබුණු සම්පත් සහ අවස්ථා එක්ක ඇත්තට ම ලොකු මාධ්‍ය මැදිහත්වීමක් කරන්න තිබුණ. එතැන තිබුණෙ නැත්තෙ නායකත්වය ක් - නිශ්චිත ගමන් මග ක්! කොහොම ගත්තත් මාධ්‍ය ආයතනයක් නෙවෙයි වෙන ව්‍යාපාරික ආයතනයක් වුණත් වැහෙන එක මාර අපරාධයක්!
අනෙක කෙටි කාලයක් වුණත් CSN මැදිරි මතකය, මිහිරි යි! 
CHAPA    
     

Tuesday, October 25, 2016

       එතකොට මාළු කෑවට කමක් නැද්ද, ඔටාරා?

2016 ඔක්තෝබර් 20 දිනැති 'ලංකාදීප' පුවත්පතට, 'මස් කෑමට පෙර මෙයත් සිතන්න' යනුවෙන්, ඔටාරා ඩෙල් ගුණවර්ධන ලියා තිබෙන ලිපියට, ප්‍රතිචාර දැක්විය යුතු යැයි මගේ දේශපාලන හෘදය සාක්ෂිය (?) බලකරන බැවින් මෙසේ ලියමි.
ඔටාරා, ඉතා සංවේදී වෙමින් මේ කියන කතාව, එක පැත්තකින් මිහිපිට සිටින කිසිවෙකුට ත් ප්‍රතික්ෂේප කළ නොහැක, ඒ සියලු සතුන් ට ජීවත්වීමේ අයිතිය ඇති නිසාය. 'සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!' යනුවෙන් බුදු දහම, භාවිත අරුත ට නංවන්නේ ඒ විශ්ව යථාර්තය යි. මනුෂ්‍යයන් ලෙස හැකි නම් අප අත්දැකිය යුත්තේ ද අන්න ඒ 'පරම' තත්වය යි!
'සිත' දියුණු කරමින් පුද්ගලිකව අත්විඳිය යුතු 'යම් ක්‍රියාවලියක්' වන එය, වෙනත් පටු අරමුණු සඳහා හෝ විශේෂයෙන්ම marketing tool එකක් ලෙස යොදා ගැනීම, පොදු සමාජය මත අසාධාරණ කම්පනයක් ඇති කිරීමකි.

අපි දැන් ඔටාරා ගේ ලියවිල්ල පරිස්සමට කියවමු;

'මිනිස් පරිභෝජනය සඳහා මාංශ නිෂ්පාදනය...' ලෙස මෙවර ලියැවිල්ල අරඹන ඇය කිසිදු තැනක, කිසිදු ආකාරයකින් 'මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ...වැනි මත්ස්‍ය ආහාර ගැන, තාරාවෝ, පාත්තයෝ වැනි මරාගෙන කන සතුන් ගැන...ජීවයක් ඇති බිත්තර ගැන , කිසිදු සඳහනක් නොකරන්නේ ඇයි? ලිපියේ තැනක,'...මේ ආකාරයෙන්ම මිලියන ගණනක් වූ කුකුලන්, එළුවන් ඇතුළු අහිංසක සතුන්...' යනුවෙන් ලියමින් ඇය අදහස් කරන්නේ, එවැනි 'සතුන්' පිළිබඳ විය නොහැකිය. ඒ ඇයගේ සමස්ත ලියවිල්ල ම ඉලක්ක කරන සත්ව හිංසනය, තෝරාගත් 'මාංශ පරිභෝජනය' ක් - පමණක් හා බැඳී පවතින බව පැහැදිලි වන බැවිණි. එසේ වන්නේ කෙසේද?

මරාගෙන කෑම, පාපය සහ තහනම!

ලෝකයේ සෙසු රටවල කෙසේ වෙතත් ලංකාවේ අපි, සාමාන්‍යයෙන් 'මෙවැනි දෑ' සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ 'දවල් මිගෙල් රෑ දනියෙල්' ක්‍රමය යි. හොරාට මත් පැන් පානය කරන අපේ ඇතැම් අය අන්‍යන් ට බීමේ ආදීනව කියාදෙනු පෙනෙන්නේ එලෙසය. එසේ කියාදීම ද එක අතකට හොඳය, එහෙත් එවැන්නන් සාධු චරිත ලෙස සමාජය තුළ තම පැවැත්ම සහතික කර ගැනීම අනුමත කළ හැකි ද? විවිධ ආගම් වලට අයත් පුජක වරු, ජාතිකවාදී - ජාතිමාමක නායකයෝ, සිවිල් පොරවල්, ජනතා නියෝජිතයෝ...මෙසේ දෙබිඩ්ඩන් වීම ම නෙවයි ද? අපේ සමාජ අර්බුදය!
මාංශ පරිභෝජන ප්‍රතික්ෂේප කිරීම, නිර්මාංශ වීම, සත්ව හිංසනය පිටු දැකීම..වැනි සාකච්ඡා පොදුවේ ගත් කල එකී සමාජ අර්බුදයේම කොටසක් මිස අන් ඇත්තක් නොවේ!
තවත් සරලව ගත්තොත්, ලංකාවේ බොහෝ දෙනා මාළු, කරවල, උම්බලකඩ, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ...වැනි මත්ස්‍ය ආහාර, තාරාවෝ, පාත්තයෝ, වගේ සත්තු 'ජීවිත' වලට සම්බන්ධ නැති 'යම් දේවල්' සේ සලකා, තම තමන්ව රවටා ගනිමින් තලු මරමින් බුදිති, ඒ අතරම, හරක්, ඌරෝ, එළුවෝ...ආදී ඇහැට කණට පෙනෙන සතුන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළති. උන්ගේ ජීවිත හානි කිරීමේ බරපතළකම ගැන කම්පාවෙති. හරියටම ගත්තොත්, ඔටාරා සඳහන් කරන මරණ වේදනාව, මාළුවන් ඇතුළු ජලයේ ජීවත්වන සත්වයන් ට දැනෙන්න පටන් ගන්නේ, උන් දියෙන් ගොඩගන්නා පළමු අවස්ථාවේ ම සිට බව අමුතුවෙන් කිව යුතු නොවේ. හිතන්න! කකුළුවන් වැනි සතුන් ගේ අඬු ගැට ගසා පණ පිටින්, වෙළෙඳ කුටි වල තියාගෙන ඉන්න කාලය! පණ පිටින් ඔවුන් පිසින්නට අපේ සත්ව ප්‍රේමවන්තයන් කෙතරම් ආශා කරන්නේද? පණ පිටින් මාළු පිසින සුපවේදය ලොව පුරා කෙතරම් ජනප්‍රිය ද? කුකුළාගේ ආරම්භක අවස්ථාව සටහන් වුණු බිත්තර, මාළු බිත්තර, තව තව බිත්තර  ඒ අතර!?
ඊළඟට අපි, යම් යම් සත්ව විශේෂ ආහාරය සඳහා හෝ මැරීම නීතියෙන් තහනම් කර තිබෙන්නේ ද උන්ට ආදරේට නොව, උන් වඳ වී යන තර්ජනයකට මුහුණ දී ඇති නිසාය. එනම්, අපි උඹලා ව මරාගෙන කනවා, උඹලා ව කන එක පාපයක්, හැබැයි අරුන් ව මරාගෙන කන්න නං තහනම්! කියලා ස්වයං එකඟතාවක් හදාගෙන, සමහර වෙලාවට ආගමික සීමාවන් එහෙමත් ලකුණු කරගෙන!

ජීවිතය වෙනුවෙන් මරා දැමීම...

අපි මේ අතර, අපි අකමැති සහ අපිට හානි කරන බව සිතන සතුන් කොන්දේසි විරහිතව මරා දමන්නෙමු. බැක්ටීරියාවන් ගේ සිට, පණුවන් ගේ සිට, කැරපොත්තන් ගේ සිට, මදුරුවන් ගේ සිට... අවශ්‍ය ඕනෑම මොහොතක ඖෂධ, වෙනත් රසායනික යෙදවුම් සහ තවත් උපක්‍රම මගින් සතුන් මරා දැමීමට නොපැකිළෙන්නෙමු. බැක්ටීරියාව හෝ පණුවා සතෙක් නොවී, මුවා හෝ අලියා සතෙක් වන්නේ කෙසේ ද? එක් සත්ව කොට්ඨාසයක් මර දැමීමට ත්, තවත් සත්ව කොට්ඨාසයක ට රාජ්‍ය ආරක්ෂාව ලබා දීමට ත් මිනිසුන් වූ අපට බලය දෙන්නේ කවු ද? සංවාදය බරපතළ ය.

ආගමික මැදිහත් වීම!

මේ සාකච්ඡාව ඊළඟට ආගමික තත්වයන් සමඟ ඉතා දරුණු ලෙස බද්ධ වෙයි. මේ සටහන ආරම්භ කරන අතර පෙන්වා දුන් පරිදි ම, බුදු දහම තුළ විශ්ලේෂණය කරන, සත්ව පැවැත්ම පිළිබඳ ගැඹුරු අර්ථය, ආගමික ප්‍රවාදයක් නොවේ. එය වෙනම විශ්වීය සන්දර්භය කි. ඊට මෙහා තැනක සිට, මාළු වගෙ දේවල් නං කෑවට ප්‍රශ්නයක් නැහැ! මස් තමයි ඉතිං...යනුවෙන් සිතන සහ මස් කන එක ප්‍රශ්නයක් නැහැ - සත්තු මරන එක තමයි පව්! කියා කල්පනා කරන බෞද්ධයන් ගැන වෙනම සාකච්ඡා කළ යුතුය, ඒ බුදුදහම, ආගමක් කොට තම වාසියට යොදා ගන්නා සංස්කෘතික මාදිලියක් මිස අන් යමක් නොවේ.
පෝය දිනවල ට, බොහෝ සුපිරි වෙළෙඳසැල් වල කුකුළු මස් තබා ඇති කොටස යම් විදිහකට ආවරණය කොට, ඒවා නොවිකුණන බව සඳහන් පුවරුවක් තබා තිබෙනු දැකිය හැකිය. එතැනම තවත් පසෙක, මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ...සරුවට විකිණෙන අයුරු පුදුම සහගතය, උන් වෙනම කර ඇති විශේෂ පාපය එසේනම් කුමක් ද? මේ ආගමික බොරුව මගින් අපි සමාජයක් ලෙස බලාපොරොත්තුවන්නේ කුමක් ද?
ඒ අතර අපි ඉතාමත්ම කැමති, පදම් කළ විවිධ සම් වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ! පසුම්බි, සපත්තු, සෙරෙප්පු, ගමන් මලු, බඳ පටි -  ඔබේ සුරතලුන්ගේ බෙල්ලේ තියෙන සමහර කර පටි දිහාත් පරිස්සමට බලන්න, ඔටාරා! ඒ වගේම නූතන වාහන අසුන්, මේ මැරෙන සත්තු කමක් නැද්ද, ඉතිං?
එසේම බෞද්ධ සංස්කෘතිය තුළ ද විවිධ ආගමික කටයුතු සඳහා දවුල්, බෙර, තම්මැට්ටන් යොදා ගන්නා අතර ඒවායේ හඬ නගන්නේ සත්ව සම් කම්පනය බව අප හිතා මතාම අමතක කොට තිබේ. එනම් බුදු දහම, සංස්කෘතියක් බවට පත්වන අතර ඊට මානව සිතැඟියාවන් ද සුක්ෂම ලෙස එකතු වී ඇති සැටියකි!

කර්මාන්ත පිළිබඳ සංවාදයක්!

ඉහත කී හේතු, තවත් හේතු සහ විශේෂයෙන් ම ආගමික මැදිහත් වීමෙන් අපේ සමාජය ට සිදුව ඇති හානිය ඉතා බරපතළය. උදාහරණයක් ලෙස, ධීවර සහ සත්ව පාලන කර්මාන්ත, එක පැත්තකින් රෝමානු කතෝලික ප්‍රජාවට වෙන්වී තිබෙන අතර බෞද්ධ සංස්කෘතික අදහස් වලට අනුව, ඒ කර්මාන්ත ඔවුන්ට අකැප ය. මුසල්මානුවන් ඉදිරිපත් වන්නේ අර දෙගොල්ලන්ට ම කිරීමට නොහැකි, කුකුළා ගේ බෙල්ල කැපීමේ රජකාරියටය. බෞද්ධයන් අති බහුතරය ඒ සියලු මස් මාළු පරිභෝජනය කරති. මෙය කෙතරම් දුරට යුක්ති සහගත ද? සාධාරණ ද? මුසල්මානුවන් මේ වනවිට 'හලාල්' මාෆියාව ක් සංවිධානය කොට පාරිභෝගිකයන් අසාධාරණ ලෙස කොල්ල කන්නේ ද මේ වට පිටාව වාසියට යොදාගනිමින් බව අවිවාදිත ය.
අනෙක් අතට, මේ කර්මාන්තවලට සම්බන්ධ වන බෞද්ධ ජනයා ට සිදුවන අසාධාරණය කෙතරම් බරපතළ ද? ඔවුන් දිවා රෑ දෙකෙහි ම මානසික ව දුක් විඳිති, පසු තැවෙති. 'අපි මේ කරන්නෙ මහා පව්කාර වැඩක්!' බොහෝ විට ඔවුන් මැරි මැරී ජීවත් වෙති.
ඔටාරා වැනි ජනප්‍රිය චරිත මේ ඊනියා සත්ව ප්‍රේමය වෙනුවෙන් පෙනීසිටින්නේ මේ අතරය!
මාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස මේ පිළිබඳ මගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ද මෙහි සටහනක් තැබිය යුතුය.
සත්ව පාලන ක්ෂේත්‍රය පිළිබඳ මුලින් මට කිසිදු අදහසක් හෝ අවබෝධයක් නොතිබිණි. එහෙත් 2010 - 2011 අතර කාලය තුළ, අහම්බයක් (?) ලෙස  වෙන්නන්ප්පුව කේන්ද්‍ර කොටගත් මැක්සීස් සමාගම සමඟ යම් සමීප සම්බන්ධතාවක් ඇතිව තිබිණි. ගොවි පොළවල් 4 ක් ද පවත්වාගෙන යන, සත්ව පාලන සහ කෘෂිකර්මාන්තය සමඟ ගොඩනැගී ඇති එම ආයතනය තුළ දහසකට ආසන්න පිරිසක් වැඩ කරති. ඍජු සහ වක්‍ර ලෙස යැපෙන ප්‍රමාණය 20 - 30 දහස ඉක්මවා යයි.
ඒ වැඩබිම අධ්‍යනය කරන විට මට පෙනී ගියේ, එහි වැඩකරන සියලු පුද්ගලයන් අසාධාරණය ට සහ අගතිය ට පත්වන බවය. එහි සිටින බෞද්ධ පුද්ගලයන් ගේ සිත් තුළ අර පෙර කී සංතාපය තෙරපෙමින් තිබෙන බවය. 'මෙහෙන් ගන්න සල්ලි මට යා දෙන්නෑ කියල අපේ අම්මලා කියනවා...' යනුවෙන් වරෙක එක තරුණයෙක් දුක් බර හඬින් කීවා මතකය. පසු කලෙක, එම ආයතනයේ වැඩකරන සාමාජික සාමාජිකාවන් ට දීර්ඝ කාලීන අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් පවත්වාගෙන ගියෙමි. ඔවුන් සමඟ 'Musical Dialogue' යනුවෙන් සංගීතමය වැඩසටහන් මාලාවක් ද සාර්ථකව සංවිධානය කිරීමට හැකිවිය. එහිදී ඉතා දක්ෂ සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් පිරිසක් ම නිර්මාණය කර ගැනීමට හැකි විය. දෙහිවල, S ද S ජයසිංහ ශ්‍රවනාගාරයේදී වරෙක පැවැත් වූ එහි එක් වැඩසටහනකට ආරාධිතයෙක් ලෙස පැමිණි, ශිල්පී කමල් අද්දර ආරච්චි ප්‍රසිද්ධියේ සිනහමුසු මුහුණෙන් කියා සිටියේ, '..මචං! මස් කපන එවුන් ට මස් කපන්න දීලා, වෘත්තීය මට්ටමේ කට්ටියකට මේ වැඩ භාර දීපන්!' යනුවෙනි, ඒ මොහොතේ දී අපි ඒ පිළිබඳව යම් උණුසුම් කතා බහක් ආරම්භ කළ මුත් කිසි දා අවසන් කිරීමට නොහැකි විය. කමල් මේ කියන්නේ රටේ - සමාජයේ පොදු කතාවය. සත්ව පාලන ක්ෂේත්‍රයට සහ ධීවර කර්මාන්තයට සම්බන්ධ පිරිස්, අප අතර කිසිදු ආකාරයක පිළිගැනීමකට ලක් නොවෙයි. ගොවි ජීවිත වලට ද මීට සමාන ඉරණමක් අත් වන මුත් එය ඊට වඩා වෙනස් ය. මේ පුද්ගලයන් සත්තු මරණ බැවින් ඝාතකයන් ලෙස වෙනම පහළ සමාජ තීරුවක් බවට පත් වෙයි. නූතන කෘෂිකර්මාන්තය තුළ, රසායනික යෙදවුම් හේතුවෙන් සිදුවන සත්ව මරණ ප්‍රමාණය ද එසේ නම් සැලකිල්ලට ගත යුතුය, එහෙත් එය එසේ ද නොවෙයි.
මේ අනුව, ධීවර සහ සත්ව පාලන කර්මාන්තවල අගතියට පත්වන මිනිස්සුන්ට මම කියමින් සිටින්නේ, 'සත්තු මරණ අය අපායට යනවා නං, ඒ මස් මාළු කන අය දිව්‍ය ලෝකයට යනවා නං, මමත් එන්නං අපායට යන්න, අපි අපායට ගිහිං, දිව්‍යලෝකය ට ගල් ගහමු!' යනුවෙනි.
මම, පුද්ගලිකව මස් මාංශ අනුභව නොකරමි, ඒ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ට එරෙහිවය. සියලු සත්වයන් ගේ ජීවත්වීමේ අයිතිය පිළිගැනීම උදෙසාය. එය දේශපාලන ක්‍රියාවලියක එක කොටසක් මිස, මට නං ආගමික යමක් නොවේ. marketing tool එකක් ද නොවන නිසා ඒ තේමාව මත, අත්‍යවශ්‍ය බරපතළ දේශපාලන සංවාදයක දී මිස, සාමාන්‍ය නිර්මාංශ ලැයිස්තුවක ද පෙනී නොසිටීම ට වග බලා ගනිමි.
වරෙක, සේපාල් අමරසිංහ පළ කරමින් තිබූ 'පැපරාසියා' සඟරාවට ද 'මේ පෙනී හිටීම'  ප්‍රශ්න කරමින් ඔහු ලිපියක් සම්පාදනය කර තිබිණි. මම ද ඊට මෙම ලියැවිල්ලේ අන්තර්ගතය ට සමාන අන්තර්ගතයක් සහිත ප්‍රතිචාරයක් දැක වීමි, තවමත් ඒ සංවාදය විවෘතය.
මැක්සීස් වැඩ බිම ගොඩ නැගුණු ආකාරය සහ එහි මේ සංවාදය ස්ථාන ගත වන ආකාරය 'තව දුරටත්' කෘතියෙන් මම විස්තරාත්මක ව සාකච්ඡා කර ඇත්තෙමි.
කෙසේ වෙතත්, මම ඔටාර ට යෝජනා කරන්නේ, ජනප්‍රිය දහරාවේ ප්‍රචාරණ ව්‍යාපෘතිවලින් බැහැරව මේ විශේෂ තත්වයන් දෙස කල්පනාවෙන් බලන ලෙසය. එසේම, කර්මාන්ත පිළිබඳව මීට වඩා පුළුල් මට්ටමේ සංවාදයක් ගොඩ නැගීම ඇයගේ ද වගකීම වන්නේ, ඇය ද ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන බැවිණි.
                   
CHAPA  

Monday, October 24, 2016

                        ඉතිං වරෙල්ලා...අපිත් සමරමු 71!

එක්සත් ජාතීන් ( UN ) කියල සංවිධාන නාමයක් තිබුණට, ඇත්තටම ඒ පිටුපස තියෙන්නෙ ඇමරිකානු දේශපාලනය. ඍජුව - වක්‍රව, ප්‍රසිද්ධියෙ - අප්‍රසිද්ධියෙ... හැම විදිහකටම තියෙන්නෙ ඇමරිකානු දේශපාලනය. මේ 71 වැනි සැමරුමේ තේමා පාඨය 'එක් ජාතියක්' කියන එක ලු! බම්බුව! හැබැයි එක අතකට ඒක ඇත්තනෙ; ඇමරිකානු ජාතිය! 

1945 වෙනකොට, ඉතා සුක්ෂම විදිහට ලෝක පාලන බලය අතට ගන්න ඇමරිකාව, ජාත්‍යන්තර සම්මුතීන්, ජාත්‍යන්තර නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, මානව හිමිකම් සහ මනුෂ්‍ය නිදහස පිළිබඳ අනේක විධ කතා කියමින් නූතන ත්‍රස්තවාදී දේශපාලන මෙහෙයුමක් දියත් කරල. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ලෝක කම්කරු සංවිධානය, අර සංවිධානය - මේ සංවිධානය හරහා මුළු ලෝකය ම ආක්‍රමණය කරමින් ඉන්නෙ. ඒ සමගම බහු ජාතික සමාගම් ජාලයක් සහ රාජ්‍ය නොවන සංවිධාන බල ඇණියක්!
නූතන ධනේෂ්වරයෙ ඊනියා ජාත්‍යන්තරය!
ඒ මදිවට සමාජවාදය ත් උන්ගෙ, කම්කරු සටන්, වෘත්තීය අරගල...ඒවත් උන්ගෙ!
ලංකාවෙ අපි ත් ඔය ඊනියා ජාත්‍යන්තරයෙ අහිංසක - මෝඩ - උද්දච්ච ගොදුරක්!
ඉතිං වරෙල්ලා...අපිත් සමරමු 71!
CHAPA      

Sunday, October 23, 2016

              මුදල් පිරමීඩ ජාවාරම! කබ්රාල් ගෙන් පස්සෙ දිගටම...

 

අපේ රටේ සෑහෙන ප්‍රමාණයක් මේ වන විට ත් විවිධ මුදල් ජාවාරම්වල ගොදුරු බවට පත් වෙලා. ඒ අතර 'පිරමීඩ මුදල් ජාවාරම' ට වඩා වේගයෙන් ජනයා ගොදුරු වන ප්‍රවණතාවක් මතු වෙලා. ලෝකය පුරා තැන තැන කරන මුදල් ජාවාරම් අතර මේ පිරමීඩ ජාවාරම ත් ඉදිරියෙන් ම තියෙනව. ඒ හැම රටක ම සිද්ධ වෙනව වගෙ, ලංකාවෙත් මේ ජවරම එක්ක රාජ්‍ය අනුග්‍රහය ලබන, නිල බලය තියෙන, සමාජය තුළ නමක් හදාගෙන ඉන්න සැලකිය යුතු පිරිසක් ඉන්න නිසා තත්වය එච්චර සරල නැහැ.
හොඳම උදාහරණය තමයි හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ කතාව. ඔහු මුලින් එක්සත් ජාතික පක්ෂයෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක්. ඒ සඳහා නාවල ප්‍රදේශයෙ තමන්ගෙ ගෙදර කාර්යාලයකුත් පවත්වාගෙන ගියා. ඔය අතර ඔහු ඔය මුදල් පිරමීඩ ජාවාරමේ ප්‍රධානියා හෝ ප්‍රධානියෙක් හැටියට චෝදනා එල්ල වෙන්න පටන් ගත්ත. Sunday Leader සහ ඔවුන්ගෙ ම සිංහල පුවත් පත වූ 'ඉරු දින' ඒ ගැන ගවේෂණාත්මක හෙළිදරවු කිරීම් කරන්න පටන් ගන්නවාත් එක්කම තත්වය තවත් උග්‍ර අතට හැරුණ. වාර්තා වුණු ආකාරයට, ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කබ්රාල් ට එරෙහි අදාළ පරීක්ෂණ පටන් අරගෙන තිබුණෙ.
මෙන්න එකපාරට ම, කබ්රාල් මහින්දවාදියෙක් වුණා - අලුත් ආණ්ඩුව ට සම්බන්ධ වුණා - මහා බැංකු අධිපති වුණා!
ඊට පස්සෙ ඉතිං මොන අපරාධ පරීක්ෂණ ද?! කොහොම හරි ඔය politics of Games හරියට තේරුම් ගත්තෙ නැති අර මාධ්‍ය ප්‍රධානියා, ලසන්ත වික්‍රමතුංග ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා අන්තිමට - ඒ තවත් කතාවක්!
මේ අනුව, කෙනෙකුට තේරුම් ගන්න පුළුවං, මුදල් පිරමීඩ ජාවාරම මොන නමකින් ආවත් කොච්චර මරණීය ජාවාරමක් ද කියල. මෙතැන දි සිද්ධ වෙන්නෙ   1X2, 2X4, 4X8...ක්‍රමයට හෝ වෙනත් ගුණාකාර ක්‍රමයකට මිනිස්සු වංචාවකට කොටුකරගන්න එක. මේ වෙනකොට, වැඩේ ට නීත්‍යානුකුල හැඩයක් අරන් දෙන්න, භාණ්ඩ විකිනිල්ලකුත් ඒකට සම්බන්ධ කරල, බැලූ බැල්මට නිකං business එකක් කරනව වගෙ පේන්න. තරුණ කොටස් ඇද ගන්න විවිධ උපක්‍රමත් ඒ සමඟ යොදා ගන්නව. යම් ආකර්ෂණයක් තියෙන ගැහැනු ළමයි, තාරුණ්‍ය සතුටු කරවන විනෝදාත්මක ක්‍රියාකාරකම්, කණ්ඩායම් මානසිකත්වය  ගොඩනගන වැඩමුළු ...ඔය අතර විශේෂයි. 

මේ ආර්ථික අපරාධය වහාම නවත්වන්න බලධාරීන් කටයුතු කරන්න ඕනෙ! ඒත් ඉතිං කෝ බලධාරීන්?

හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවං...
අපි එකතුවෙලා, සමාජය දැනුවත් කරමු! මුදල් පිරමීඩ ජාවාරම ට එරෙහි වෙමු! එයින් ජනයා බේරා ගනිමු, විශේෂයෙන් ම ඊට වැඩි වැඩියෙන් බිළිවෙන තරුණ කොටස්!
දැනට වෙන විදිහක් නැහැ!

CHAPA

      

Happy Forum! launching at Citrus, Feb 5, 2016

                             සුජීව සේනසිංහ ගෙ ඇත්ත නැත්ත!


මුළු ලෝකයටම නිරාවරණය වුණු, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගෙ බැඳුම්කර ක්‍රීඩාව සාධාරණීකරණය කරමින්, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරමින් ම, සුජීව සේනසිංහ ලියා සමාජගත කරපු 'ඇත්ත නැත්ත' කෘතිය කොහොමද අපි අමතක කරන්නෙ? හැබැයි ඔය පොත 'ඇත්ත' වෙලා COPE වාර්තාව 'නැත්ත' වෙයි ද? බැරි වෙලාවත්!  

ඔය ප්‍රශ්නය අපි ඉස්සරහට යළි යළිත් පැනගෙන එන්නෙ COPE ක්‍රියාවලිය තව ම අවසානයකට ඇවිත් නැති නිසා, ඒ විතරක් නෙවෙයි ඒ කමිටු ක්‍රියාකාරිත්වය ගැන බරපතළ සැකයක් දැනටමත් ජනයා (?) අතර ගොඩ නැගෙමින් තියෙන නිසා. ආසන්නත ම තත්වය තමයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ නිගමන ඉදිරිපත්කරන වාර්තා කීපයක් අවසානයෙදි එළි දක්වන්න ඒ කමිටුව සුදානම් වෙනව කියන එක.
එහෙම එක එක වාර්තා හදන්න පුළුවං ද? එහෙම හදන ක්‍රමවේදය මොකද්ද? කමිටුවකට, විශේෂයෙන්ම මේ වගෙ ප්‍රබල කමිටුවකට!
කාරණය පැහැදිළි යි! විශේෂයෙන් ම අගමැති රනිල්ගෙ උවමනාව ට ( ආණ්ඩුවෙ අනිත් අයට අර්ජුන් මහේන්ද්‍රන් සාධකය මේ වෙලාවෙ එච්චර අදාළ නැහැ! ) මේ COPE ක්‍රියාවළිය යටපත් කරන්න අවශ්‍ය පසුබිම දැනටම ත් හැදිල ඉවරයි. නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය ධූරය ඇපයට තියල, හෑල්ලුවට ලක් කරල, සුජීව සේනසිංහ ඔය 'ඇත්ත නැත්ත' ලියල, රෝසි සේනානායක වගෙ අය මල් පෝච්චි විදිහට අරගෙන මාධ්‍ය සංදර්ශනයක් තිව්වෙ ඒ කළු  ක්‍රියාන්විතය ට අදාළව තමයි. 
අපි දැන් බලමු මේ තත්වය යටතෙ JVP එක මොනවද කරන්නෙ කියල. වෙනද වගෙ ඔවුන් ට කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්න බැහැ. COPE බලය තියෙන්නෙ JVP නායකත්වය යටතෙ.
තවම මේ සම්බන්ධයෙන් පුරෝකථන හෝ අනාවැකි පළකරන්න අමාරුයි, ඒත් මේ ප්‍රශ්නය එක පැත්තකින් ලංකාවෙ දේශපාලනය ට තීරණාත්මකයි!
CHAPA       

Musical Dialogue! Feb 26, 2014, at Maxies Auditorium, Wennappuwa

Saturday, October 22, 2016

Educatin as a Fundamental Right? July 25, 2011, at Wennappuwa

                                             ගාමිණී - සරත්!


ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය සරත් විජේසූරිය ගැන සටහනක් තියන්න හදිසියෙම මට හිතෙනව. ඇයි, ඒ දෙන්න ගැන එකට? කියල කෙනෙකුට හිතෙන්න පුළුවං, ඒකට විශේෂ හේතුවක් තියෙනව. මම, පුද්ගලික ව එක කාලයක දි ඔවුන් දෙන්නට ම යම් කැමැත්තකින් හිටියෙ. ඒ, 'රාවය' ට වැඩ කරන සහ 'නිදහස්' පටන් ගත්ත මුල් කාලයේ දි.
ගාමිණී වියන්ගොඩ මට සමීප වෙන්නෙ ඔහු ගෙ පරිවර්තන කෘති හරහා, ඔහු ගෙ කෘති සියල්ලම හෝ අති බහුතරයක් වගෙ මම කියවල තියෙනව. ඔහු ඉතාම දක්ෂ පරිවර්තකයෙක්, ආයෙ දෙකක් නැහැ. ඔහු අතින් පරිවර්තනය කෙරුණු සිමොන් ද බෝවා ගෙ 'අනුන්ගෙ ලේ' ( blood of Others ) කියන්නෙ මගෙ අත්දැකීම් අතර එක විදිහක හැරවුම් ලක්ෂයක්. ඔහු, ඒ දවස් වල ප්‍රංශයෙ ඉන්න අතරෙ 'රාවය' ට ලියපු 'අවරදිග අවර්ජනා' කොලම් පේළිය නං ඒ තරමට මගෙ හිත ගත්තෙ නැහැ. කොහොම හරි, 'නිදහස්' පටන් අරගෙන ටික කාලයකින් මට ආරංචි වුණා ඔහු ලංකාවට ඇවිත් ඉන්නව කියල. වෘත්තියෙන් භෞත චිකිත්සකයෙක් වන උපාලි වික්‍රමසිංහ තමයි ආරංචිය ගෙනාවෙ, ඔහුත් ගාමිණී ගෙ හොඳ පාඨකයෙක්. ගාමිණී එදා, ජනක ඉණිමංකඩ ගෙ, කළුබෝවිල පොත් සාප්පුවෙ මිදුළෙ විවෘත සාකච්ඡාවක් පවත්වනව කියල උපාලි කිව්ව, ඉතිං අපි ගියා. ලංකාවෙ දේශපාලන තත්වය ගැන එදා එතැන කට්ටියක් වටකරගෙන කතා බහක් කෙරුණ, මමත් මගෙ අදහස් ඉදිරිපත් කෙරුව. ගාමිණී බොහොම හොඳට සවන් දීල පරිස්සමට කතා බහ කරන හැටි දැකල මම කැමති වුණා. 
ඊට පස්සෙ 2006 දි වගෙ, ඔහු දිගටම ඉන්න ලංකාව ට අව කියල දැනගෙන මම ඔහු හොයාගෙන ගියා. එතකොට ඔහු, නාවල හන්දිය කිට්ටුව පවත්වාගෙන ගිය ටිරාන් අලස් ට අයිති ගුවන් විදුලි මධ්‍යස්ථානයක ප්‍රධානියා හැටියට වැඩ පටන් අරං. මට මතක 'ඉසුර' ගුවන් විදුලිය. පස්සෙ ජලය විකිණීම ට එරෙහිව එක වැඩ සටහනක් කරන්නත් ඒ ගුවන්විදුලියෙ ඉඩක් හම්බ වුණා.
කොහොම හරි ඒ මුණගැහීමෙදි නං ගාමිණී එච්චර විවෘතව මාත් එක්ක කතා කෙරුවෙ නැහැ. ලේඛකයො ඔහොම වෙන්න ඇති! කියල ඉතිං මම හිතා ගත්ත. හැබැයි මගෙ කැමැත්ත ටිකක් හෙල්ලුණ ත් එහෙම ම තිබුණා, ඊට පස්සෙ 2007 මුල් දවසක ආයෙත් අපි හම්බ වුණා දැදුරු ඔය මිටියාවත ට යන කණ්ඩායමක් අතරෙ. වැවක් හදල ගමක් අස්ථාවර කරන සිද්ධියක් සම්බන්ධයෙන් දැදුරු ඔයට මායිම් වූ ගමක තිබුණු විරෝධතා ව්‍යාපාරයක ට සම්බන්ධ වෙන්න අපි ගියෙ. එවකට රාවය ට වැඩ කරපු, තිඹිරියාගම බණ්ඩාර තමයි ඒ වැඩේ සම්බන්ධීකරණය කෙරුවෙ. අපි එකම වෑන් රියක තමයි ගමන ගියේ, ආවෙ. එදත් ඔහු වැඩිය කතා කෙරුවෙ නැහැ. පස්සෙ දවසක මම ඔහුගෙ ගෙදර ගිහිං සාකච්ඡාවක් කරන්න උත්සහා කෙරුව, ඒකත් එච්චර සාර්ථක වුණෙ නැහැ. ඒත් ඔහුගෙ පරිවර්තන අතර මගෙ හිතේ ගොඩනැගුණු ඔහුගෙ අර පෞර්ෂය එහෙම ම වගෙ ඉතුරු වුණා.
ඊලඟට මහාචාර්ය සරත් විජේසුරිය!
ඔහු ගැන එක එක්කෙනා කියන දේවල් අහල මටත් හිතුණ දවසක, ඔහු ඒ කියන විදිහෙ, සමාජය යහපත් අතට හරවන්න හිතන, වෙනස් අදහස් තියෙන කෙනෙක් ද කියල බලන්න. ඔහු ලියපු පොතක් දෙකක් බලන්න ගත්තත් ඒවා ගැන, එච්චර උවමනාවක් හිතේ ඇති වුණේ නං නැහැ ඇත්තටම. කොහොම හරි, ගාමිණී හම්බවෙන කාලයෙදි ම වගෙ තමයි මම ඔහුවත් හම්බ වෙන්න යන්නෙ. අපි හම්බ වුණෙ, කොළඹ විශ්ව විද්‍යාලයෙ ගොඩ නැගිල්ලක උඩ තට්ටුවක පිහිටා තිබුණු ඔහුගෙ ම කාර්යාලයෙදි. 'නිදහස්' අරමුණ ගැන, කරන දේවල් ගැන, කරන්න හදන දේවල් ගැන මම දිගට හරහට කියාගෙන ගියා. 'වඩා යහපත් තැනකට මේ සමාජය ඔසවන්න නං අපිට ලොකු අරගලයක් කරන්න තියෙනව...' වචන වෙනස් වුණත් ඔය වගෙ කතාවක් තමයි මම ඔහුට අවසානයෙදි කියන්නෙ. මාර වැඩේ කියන්නෙ ඔහු ත් අර ගාමිණී වගෙම, ම්, ම්හූ, ම් ම් ම්..වගෙ සරල සහ ගුප්ත හඬ වලින් මට සවන් දුන්න මිසක් වැඩිය යමක් කිව්වෙ නැහැ. ඔහු විශ්ව විද්‍යාල ගුරුවරයෙක් සහ යම් යම් වැඩසටහන් කරනව කියල අහල තිබුණු නිසා මට එක විදිහක ඒ නිහඬ බව ප්‍රශ්නයක් වුණා. පස්සෙ ඔහු කරන සමහර වැඩ සටහන් ඉඳ හිට තැන තැන දි දැක්කත් ලොකු විශේෂත්වයක් හිතට අවෙ නැහැ.
ඒත් එක්කම, කාලය එක්ක - විවිධ මිනිස්සු එක්ක - විවිධ ක්‍රියාකාරකම් එක්ක ඒ මතකය ත් මැකිල ගියා. 
ඔන්න 2015 එළැඹෙන අතර, පහුගිය ජනාධිපතිවරණය ත් එක්ක තමයි, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසුරිය කට ඇරල කතා කරන හැටි මම දකින්නෙ! 
ඔවුන් ට කොහෙන්ද එක පාරටම එච්චර හයියක් ආවෙ? මාර ප්‍රශ්නයක්! එදා මෙදා තුර ඔවුන් කරන වැඩ ගැන ඉතිං ආයෙ කතාකරන්න දෙයක් නැහැ. එක පැත්තකින් ඔවුන් හරි වෙන්නත් පුළුවං තවත් කෙනෙකුට. අනෙක ඒ ඔවුන්ගෙ අයිතිය!
ඒත් මේ, මම අර හම්බ වෙන්න ගිය පුද්ගලයන්මද? ඔවුන් මෙච්චර පුංචි ද? අනේ මංදා! සරත් විජේසුරිය කෙසේවෙතත් ගාමිණී වියන්ගොඩවත් මට මෙහෙම දකින්න නොලැබුණා නං!
CHAPA               

ඡන්දය කුරුටු ගාන්න !

Thursday, October 20, 2016

        මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂධ මාෆියා ව!

ඖෂධ ප්‍රතිපත්තියක් හදල ලු! මහාචාර්ය සේනක බිබිලේ ට වත් කරන්න බැරි වෙච්ච වැඩේ අමාත්‍ය රාජිත සේනාරත්න කෙරුව ලු! අවුරුදු හතළිස් ගණනකට පස්සෙ, ඒ කාටවත් බැරිවෙච්ච ඖෂධ ජාතික ප්‍රතිපත්තිය මේ ගොල්ලො ක්‍රියාවට නැංවූවා ලු!
ඖෂධ ප්‍රතිපත්තියට ජය වේවා! ජය වේවා!!ජය වේවා!!! ඔහොම කෑ ගැහුවෙ, පහු ගිය අඟහරුවාදා, ඒ කියන්නෙ 2016 ඔක්තෝබර් 18, සිරස - සටන වැඩ සටහන ට ආපු ජවිපෙ සහ ශ්‍රීලනිප පිරිවර, එතැන තව ත් අය ඉන්න ඇති.

ඖෂධ, ජාවාරමක්?

ඇත්තටම 'ඖෂධ' කියන්නෙ මානව ශිෂ්ටාචාරයෙ විශිෂ්ට සොයාගැනීමක්. ආපස්සට ගියොත්, වසර මිලියන ගණනක මූලයන් එක්ක - වසර දස දහස් ගණනක ඉතිහාසයක් ඖෂධ වලට තියෙනව. ලෝක ඉතිහාසය පුරා ම පෘතුවියෙ විවිධ කලාප වල ජීවිතය හා බැඳෙන මේ පිළිබඳ සටහන් තියෙනව. අන්තිමට 18 වැනි සියවස ගෙවෙන අතරෙ ඉස්මත්ත ට පැමිණෙන ධනේෂ්වර සම්බන්ධතා සමග මේ ඖෂධ පිළිබඳ මානව කතාව වෙනස් වෙනව. එතැන් සිට, විද්‍යාව සහ තාක්ෂණය සමඟ හෙමින් හෙමින් ඇරඹෙන්නෙ ඖෂධ වෙළෙඳ පොළක්. අද වෙනකොට ඒ වෙළෙඳ පොළ ගෝලීය පරිමාණ මාෆියාවක් බවට පත් වෙලා.
අවි ආයුධ, මත් ද්‍රව්‍ය, මිනිස්, මුදල් විශුද්ධීකරණ, රසායනික, බීජ...වගෙ මහා පරිමාණ ජාවාරම් සහ මාෆියා අතර මේ වෙනකොට ඖෂධ ත් තියෙනව. හැම රටක ම වගෙ දේශපාලනඥයන්, විශේෂඥ වෛද්‍යවරු දක්වා වූ අදාළ වෘත්තිකයන් සහ ඖෂධ සමාගම් සමඟ මේ මහා මාෆියාව ක්‍රියාත්මකයි. කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටම ට ඒ ඒ රටවල යුද්ධ සහ වෙනත් ගැටුම් දක්වාම මේ මාෆියාව ක්‍රියාත්මක යි.
මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය කරුවෙක් බවට පත් කරන අතීත කතාවත් ඖෂධ පිළිබඳ මේ 'අපරාධ දේශපාලනය' ට සම්බන්ධ යි. ඔය සිදුවීම් දිග හැරෙන්නෙ චන්ද්‍රිකා පාලන කාලයෙ දි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගෙ බලය යටතෙ. හමුදාපතිවරය හැමිල්ටන් වනසිංහ.
මම සම්බන්ධ වෙලා හිටියෙ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට, වැඩි කාලයක් අනුයුක්ත වෙලා හිටියෙ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය ට. කතාව ට අදාළ යුද හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරියා කර්නල් SDC ද සිල්වා, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රධානියා කර්නල් තිලක් ජයවීර. 1998 වෙනකොට යුද්ධය ට සමගාමී ව ක්‍රියාත්මක වන මහා ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු මට හම්බ වෙනවා. එය, උතුරු නැගෙනහිර කලාප දෙක කේන්ද්‍ර කරගෙන එක් සංවිධානාත්මක කණ්ඩායමක් මෙහෙය වූ සුක්ෂම ජාවාරමක්.
අවි ආයුධ, මත් ද්‍රව්‍ය, මිනිස්, මුදල් විශුද්ධීකරණ, රසායනික, බීජ...වගෙ මහා පරිමාණ ජාවාරම් සහ මාෆියා අතර මේ වෙනකොට ඖෂධ ත් තියෙනව. හැම රටක ම වගෙ දේශපාලනඥයන්, විශේෂඥ වෛද්‍යවරු දක්වා වූ අදාළ වෘත්තිකයන් සහ ඖෂධ සමාගම් සමඟ මේ මහා මාෆියාව ක්‍රියාත්මකයි. කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටම ට ඒ ඒ රටවල යුද්ධ සහ වෙනත් ගැටුම් දක්වාම මේ මාෆියාව ක්‍රියාත්මක යි.
මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය කරුවෙක් බවට පත් කරන අතීත කතාවත් ඖෂධ පිළිබඳ මේ 'අපරාධ දේශපාලනය' ට සම්බන්ධ යි. ඔය සිදුවීම් දිග හැරෙන්නෙ චන්ද්‍රිකා පාලන කාලයෙ දි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගෙ බලය යටතෙ. හමුදාපතිවරය හැමිල්ටන් වනසිංහ.
මම සම්බන්ධ වෙලා හිටියෙ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට, වැඩි කාලයක් අනුයුක්ත වෙලා හිටියෙ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය ට. කතාව ට අදාළ යුද හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරියා කර්නල් SDC ද සිල්වා, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රධානියා කර්නල් තිලක් ජයවීර. 1998 වෙනකොට යුද්ධය ට සමගාමී ව ක්‍රියාත්මක වන මහා ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු මට හම්බ වෙනවා. එය, උතුරු නැගෙනහිර කලාප දෙක කේන්ද්‍ර කරගෙන එක් සංවිධානාත්මක කණ්ඩායමක් මෙහෙය වූ සුක්ෂම ජාවාරමක්. මේ ගැන එදවස 'රාවය' පත්තරේ ට 'බලකොටුව' කියල ආරක්ෂක කොලමක් සම්පාදනය කරමින් තොරතුරු හෙළිදරවු කෙරුව. ඊට පස්සෙ ප්‍රකාශයට පත්කරපු 'Armyආමි' කෘතිය හරහාත් ඔය ගැන දිගට ලිව්ව. අද දවසෙ, ඖෂධ මාෆියා ගැන කතාකරන අමාත්‍ය රාජිත සේනාරත්න ආරක්ෂක හමුදාවන් ට කල් ඉකුත් වූ ඖෂධ විකුණන සිද්ධි වාර්තා වෙන්නෙත් ඔය කාලයට එහායින් මෙහායින් සමගාමීව. ඔහු ඒ කාලයෙ 'සේනාරත්න ඩෙන්ටල් සප්ලයර්ස්' කියල ආයතනයක් පවත්වාගෙන යමින්, මම අනුයුක්ත වෙලා හිටපු දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයට ත් ඖෂධ සහ වෙනත් ශල්‍ය උපකරණ වික්කා. ඒ නිරීක්ෂණ වලට අනුව ත් හොඳටම පැහැදිළියි, අදාළ අමාත්‍යවරයා ත් ඔය ඖෂධ මාෆියාවෙ ම කෑල්ලක්. අමාත්‍ය විජේදාස රාජපක්ෂ, රාජිත ගෙ නඩුවට විරුද්ධ පැත්තෙන් එදා පෙනී හිටපු කතාව, ඔබට දැනුත් You Tube හරහා විජේදාසගෙන්ම  දැනගන්න පුළුවං.
මේ අනුව ඉතාම පැහැදිළියි ඔය ඖෂධ මාෆියාව ඉතාම සංකීර්ණ සහ මහා පරිමාණ එකක්.

ඒ අතර බිබිලේ!

1960 - 70 දශක වෙනකොට ත් ලංකා රාජ්‍ය යම් ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වෙමින් තිබුණෙ. ලෝක දේශපාලන ප්‍රවණතා අතර ලංකාවත්, ජාතිකත්වය - සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර එක්තරා ආකාරයක සංවාදයක පටලැවිල තිබුණ කියලත් ඕන නං කියන්න පුළුවං. වාමාංශික කඳවුරේ ක්‍රියාකාරී බුද්ධිමතෙක් හැටියට මහාචාර්ය සේනක බිබිලේ ඉස්සරහට එන්නෙ ඔන්න ඔය දේශපාලන සන්දර්භය ඇතුළෙ. ලෝකය මත හිස ඔසවමින් තිබුණු ඖෂධ මාෆියාව ඔහු නිවැරදිව තක්සේරු කරන අතරෙ, මේ රටේ සාමාන්‍ය පොදු ජනයා ට සහනදායි ක්‍රමයකට අවශ්‍ය ඖෂධ ලබාදෙන්න පුළුවං ප්‍රතිපත්තියක් තමයි ඔහු සමග එදා නිර්මාණය වෙන්නෙ.
කතාව කෙටියෙන් මෙහෙම යි;
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ, මුල් ම වෛද්‍ය පීඨයෙ මුල් ම පීඨාධිපති බවට 1958 දි පත්වන බිබිලේ, ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු ගොඩ නැගෙන්නෙ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ එංගලන්තයෙ එඩින්බොරෝ ( University of Edinburgh ) විශ්ව විද්‍යාලය හරහා. 1967 - 1977 කාලය ඔනු ගෙවන්නෙ ලංකාවෙ 'වෛද්‍ය අධ්‍යාපන ඒකකය' සමග.
ලංකාවෙ, ඖෂධ මිලදීගැනීම සහ පාලනය කිරීම පිළිබඳ 'රාජ්‍ය' මැදිහත්වීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීම ට ඔහු අත ගහන්නෙ ඔය කාලයෙදි. එය තව පැත්තකින් සබුද්ධික ඖෂධකරණයක් ( Rationalization ) පිළිබඳ ක්‍රියාවලියක්. රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීම, එම ඖෂධ ඉහළ ගුණාත්මක මට්ටමෙන් සහ අවම මිලකට ලබාගැනීම ට රෝගීන් ට අවස්ථාව සැලසීම යන ප්‍රධාන කරුණු එහිදී ඉලක්ක කෙරුණ. ඊළඟ වැදගත් කාරණය වුණෙ වෛද්‍යවරු, ඖෂධ නාමයෙන් අදාළ ඖෂධ නිර්දේශ කිරීමට යොමු කිරීම. ඔය සමගම, රජයෙ ඉල්ලීම මත, ඖෂධ නාම වලින් හඳුන්වන අත්‍යවශ්‍ය ඖෂධ 630 ක් ලැයිස්තුගත කරන්න ඔහුට පුළුවං වෙනව, Ceylon Hospital Formulary විදිහට. ඔය අතර පිහිටුවන National Fomulary Committee - NFC හි ප්‍රථම සභාපතිවරය හැටියට ඔහු පත් කෙරෙනව. එයින් ප්‍රකාශයට පත් කෙරුණු Formulary Notes for Doctors තමයි පස්සෙ the Prescriber වෙන්නෙ.
ඔය 1970 දශකය!
සියල්ල අතරෙ, ලංකාව තුළ ත් ඖෂධ මාෆියාව ක්‍රමානුකුල සහ සංවිධානාත්මක විදිහට ස්ථාපිත වෙමින් තිබුණෙ. 1970 දි ඔය ගැන හොයන්න විශේෂ කමිටුවක් ( Commission of Inquiry ) පත්කෙරෙනව, දොස්තර SA වික්‍රමසිංහ සහ මහාචාර්ය සේනක බිබිලේ සමඟ. ඔවුන් එමගින් නිර්දේශ කරනව, 'ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්' සහ ඊට අවශ්‍ය 'රාජ්‍ය නියාමන ආයතනයක්' ගොඩනැගීම අත්‍යවශ්‍යය යි කියල. ඔන්න ඒ අනුව 1971 දි බිබිලේ ගෙ සභාපතිත්වයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාව ( State Pharmaceutical Corporation - SPC ) ආරම්භ වෙනව.

WHO ?

ඔය වෙනකොට එක්සත් ජාතීන්ගෙ ( UN ) සංවිධානය ලෝකය පුරා තම නව යටත් විජිත වාදී අඬු පඬු විහිදුවමින් හිටියෙ, WHO ( World Health Organization ) හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි, ඖෂධ මාෆියාව කේන්ද්‍ර කරගත්ත 'ලෝක වෛද්‍ය වෙළෙඳ පොළ' සංවිධානය කරමින් හිටියෙ, මේ දැන් වගෙම. ඔවුන් ට සේනක බිබිලේ කියන දේශපාලන සාධකය අනිවාර්ය බාධාවක්. ඒත් ඔවුන් ට කිසිම හදිස්සියක් තිබුණෙ නැහැ. ඔවුන් ඉතාම දක්ෂ විදිහට මහාචාර්ය සේනක බිබිලේ කොටුකෙරුව, ඉතාම සරල උපක්‍රමයකින්. ඔවුන්, ඔහුව තමන්ගෙ කරගත්ත. එක්සත් ජාතීන්ගෙ වෙළෙඳ හා සංවර්ධන සම්මේලන කාර්යාලය ( UNCTAD ) බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය නිල වශයෙන් අධ්‍යනය කරල,  නිල වශයෙන් පිළිගත්ත. සන්නාම තානාපති සලකුණ 'බිබිලේ', තව මොනව ද? සේනක බිබිලෙත් ඒ ගැන සතුටුවෙන්න ඇති.
ඔන්න 1970 දශකයෙ අන්තිම අවුරුදු කීපය හරිම තීරණාත්මකයි!
එවකට යම් විදිහකට ජනතා සුබසාධනය වෙනුවෙන් තව දුරටත් විකාශය වෙමින් තිබුණු ලාංකේය රාජ්‍ය ව්‍යුහාත්මක වෙනසකට ලක්වෙනව. ඒ, එක්සත් ජාතීන් නියෝජනය කරන ධනේශ්වර කඳවුරේ ගෝලීයකරණ සුත්‍රයත් එක්ක. JR ජනාධිපතිවරය, කොන්දේසි විරහිතව ලංකා ආර්ථිකයෙ දොර කවුළු විවර කරල දානව. විවෘත ආර්ථිකයක්!
ඉතිං මොන ඖෂධ ජාතික ප්‍රතිපත්ති ද? SPC නං තවදුරටත් තිබුණ, ඒත් ක්‍රමාණුකුල ව සහ වඩා සංවිධානාත්මක ව රට තුළ වැඩ පටන් අරගෙන තිබුණු ඖෂධ මාෆියාව එක්ක මොන ගමනක් ද? ඔය අතර WHO මෙහෙයුම ත් වඩා ආකර්ශනීය විදිහට තව දුරටත් ක්‍රියාත්මක වුණා. මහාචාර්ය සේනක බිබිලේ ඔය දේශපාලනය කියව ගත්ත විදිහ තවම පැහැදිළි නැහැ. ඔහු එක විදිහක ට අතර මං වුණා ද? කියන ප්‍රශ්නය තවම තියෙනව. එහෙම නැත්තං එක්සත් ජාතීන්ගෙ ව්‍යාපෘතියක් සඳහා ඔහු ගයනාව ( Guyna ) ට තමන්ගෙ අන්තිම ගමන යයි ද?
1977 සැප්තැම්බර් 29 දිනට සටහන් වෙන්නෙ ඔහුගෙ අභිරහස් මරණය! ඔහු යන්න ගියා, ඒත් 'බිබිලේ' සන්නාම නාමය WHO වගෙම එහි ඒජන්තවරු විදිහට  රාජිත සේනාරත්න ලා දිගටම පාවිච්චි කරනව.

රාජිත ගෙ ඖෂධ ජාතික ප්‍රතිපත්තිය?   

ඔහොම මාරාන්තික විදිහට තොරොම්බල් කෙරෙන ඖෂධ ජාතික ප්‍රතිපත්තිය නිකං ඉතිහාස කතාවක් විදිහට තියෙද්දි, ඖෂධ සමාගම්, බහුජාතික ජාලයක් විදිහට තම ආධිපත්‍ය ලෝකය පුරා තව විහිදුවන්න ගන්නව, ලංකාව ඇතුළෙත් එහෙමයි. ඒ අතර සුභසාධන රාජ්‍ය මැදිහත්වීම තව තවත් හකුළුවන්න WHO එක්ක එකට වැඩකරන ජාත්‍යන්තර මූලය අරමුදල ( IMF ) සහ ලෝක බැංකුව ( WB ) ප්‍රමුඛ ණය ඒජන්සි ලංකාවට ණය කොන්දේසි පනවනව. එතකොට අහිංසක සාමාන්‍ය පොදු ජන ජීවිතය තව තවත් පීඩාවට පත් වෙනව, දුප්පත්කම ම රෝගාබාධ වලට සහ අකල් මරණවලට හේතුවෙන්න ගන්නව.
තියෙන අයට 'ජීවිතය', නැති අයට 'මරණය' ! ඕක තමයි සුත්‍රය!!
JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, දැන් මෛත්‍රී - රනිල්! මේ හැමෝම වැඩේට එකඟයි!
ඉතිං 2005 අවුරුද්දෙ ත් ඔය ඖෂධ ජාතික ප්‍රතිපත්තිය මැතිවරණ වේදිකාවට එනව. National Medicinal Drugs Policy ( NMDP )එකකුත් හැදිල, ඖෂධ 350 ක වාරණ ලැයිස්තුවකුත් හැදෙනව. වත්මන් ජනාධිපති මෛත්‍රී, සෞඛ්‍ය ඇමතිවරය විදිහට ඒ කාලයෙ ඔය පොරොන්දුවට පණ දෙන්න හැදුවට අනේ ඉතිං ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකට ඉඩ දුන්නෙ නැති ලු!
කොහොමහරි දැන් මෛත්‍රී - රනිල් ආණ්ඩුව කියන්නෙ ඒ අභියෝගය ජයගන්න පුළුවං වුණා ලු! විෂය භාර අමත්‍ය රාජිත සේනාරත්න කියන හැටියට ඔහු ඖෂධ මාෆියාවට, මුහුණට මුහුණ සටනක් මේ දෙන්නෙ.
අපි දැන් ඔය කියන ඖෂධ ප්‍රතිපත්තිය ගැන අවධානය යොමු කරමු!
ඖෂධ ජාතික ප්‍රතිපත්තියක් කිව්වට එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය ක් පිහිටුවන පනතක් ( National Medicines Regulatory Authority Act, No. 5 of 2015 ) අපි මොහොතකට හිතමුකො ඒ මත ඔය කියන ඖෂධ ජාතික ප්‍රතිපත්තිය ගොඩනගන්න පුළුවං කියල. මෙන්න ඒ පනතෙ, වෛද්‍යවරයා, රෝගියාට ඖෂධ නිර්දේශ කරන්න ඕන නීතිමය තත්වය;
 ( උපුටා දැක්වීම)         
56. (1) Every Medical Practitioner, Dentist or Veterinary Surgeon shall write the generic name of the medicine in every prescription issued by him.
(2) Where the Medical Practitioner, Dentist or Veterinary Surgeon so requires, he may in addition to the generic name write a particular brand name of the medicine in the prescription.
(3) A Medical Practitioner, Dentist or Veterinary Surgeon may write only the brand name of a medicine in the prescription where the medicine prescribed is a combined medicine for which the generic name is not available.
(4) Where the brand name of the medicines, which is in the prescription is not available or affordable to the customer, the Pharmacist may dispense any other generic medicine with the consent of the customer.
(5) The Pharmacist shall inform the customer the range of generic medicines with or without brand names available in the Pharmacy and their prices enabling the customer to buy the medicine according to his choice.
(6) A Pharmacist who fails to disclose the generic medicines with or without brand names available in the Pharmacy and their prices to the customer at the time of sale, commits an offence.
( උපුටා දැක්වීම අවසන් )
ඉතාම පැහැදිලියි, මේ පනත ට අනුව වෛද්‍යවරයා ඖෂධ නාමය ලියන එක අනිවාර්ය නැහැ, ඒ නිසාම එය නොලියා ඉන්න එක නීතිමය ප්‍රශ්නයක් නෙවෙයි, ඒ නිසාම මෙතැන නීතියක්, නීතිය කැඩීමක් හෝ දඬුවමක් නැහැ.  රෝගියෙක් ඖෂධ මිලදී ගන්න වෙලාවට, අදාළ ඖෂධ වල ඖෂධ නාම සහ නියමිත මිල ගණන් හෙළිදරවු කරන්න, ඖෂධ වෙළෙන්දා ( Pharmacist ) අපොහොසත් වුණොත් නං එය වරදක් හැටියට මෙහි සඳහන් වෙනව. ඒත් සමස්ත කතාව එකට ගත්තම එහි ලොකු වෙනසක් නැහැ.
 බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියෙ කේන්ද්‍රීය කාරණය, හරියටම ගත්තොත් වෙළෙඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් ඖෂධ නිර්දේශ කරන එක. ඒ පදනම මත තමයි යෝජිත ඖෂධ පාලනය හෝ නියාමනය ගොඩනගන්න පුළුවං, ඊළඟට ඖෂධ පිළිබඳ ජනතා විශ්වාසය හැදෙන්නෙත් ඒ හරහාමයි. මේ ඖෂධ නියාමන පනත එය චේතනාන්විතව මග හරිනව.
ඊ ළඟට සෙසු කාරණා පැත්තකින් තියල අදාළ ආයතනික ව්‍යුහය දිහා බලමු;
 ( උපුටා දැක්වීම) 
4. (b) following persons who shall be appointed by the Minister, (hereinafter referred to as
“appointed members”) –.....

 5. (1) The Minister shall, in consultation with the Authority appoint one of the appointed members to be the Chairman of the Authority.....

 (2) The Chairman may resign from the office of Chairman by letter addressed to the Minister and such resignation shall be effective from the date on which it is accepted by the
Minister.
(3) The Minister may for reasons assigned remove the Chairman from the office of Chairman.
(4) Subject to the provisions of subsections (2) and (3), the term of office of the Chairman shall be the period of his membership of the Authority.
(5) Where the Chairman is temporarily unable to perform the duties of his office due to ill health, other infirmity, absence from Sri Lanka or any other cause, the Minister may appoint any other appointed member to act as Chairman in addition to his normal duties as an appointed member.
   
6. (1) The Minister shall, prior to appointing a person as a member of the Authority, satisfy himself that such person has no financial or other conflict of interest in the affairs of the Authority, as is likely to affect adversely, the discharging of his functions as a member of the Authority.
(2) The Minister shall also satisfy himself, from time to time, that no member of the Authority has since being appointed acquired any such interest....
( උපුටා දැක්වීම අවසන් )
තව උපුටා දැක්වීම් කරන්න පුළුවං, මේ නියාමන ආයතනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ට තියෙන අසීමිත බලය පෙන්වන්න.කොටින්ම, මේ අමාත්‍යවරයගෙ 'කඩයක්' මිසක් වෙන මොකුත් නෙවෙයි.
'මට පුළුවං..' ' මම කරනවා...' ' මම තමයි...' ' මම ඉඩ දෙන්නෙ නැහැ...' ' මම ගෙනල්ලා දෙනවා...' ' මගේ තීරණය...' මම - මගේ - මට!අමාත්‍ය රාජිත සේනාරත්න, මාධ්‍ය සාකච්ඡා වලදී දිගට හරහට කියන්නෙ ඔය ගැන තමයි. ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක ඖෂධ මාෆියාව තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන තවත් එක නාට්‍යයක් මේ. WHO කියල නම තමයි වඩා ගැළපෙන්නෙ! අනේ ඉතිං මහාචාර්ය සේනක බිබිලේ!

CHAPA

Note - අවසන් නොවූ ලියැවිල්ලක්!
          

Wednesday, October 19, 2016

May the God save mother of Sri Lanka!

 In the name of Yahapalanaya the executive president of Sri Lanka has made a fine speech at a Public meeting targeting three leading law enforcement establishments in Sri Lanka. Now the Hon. President must explore the possibilities of appointing either Basil or Gota in place of Mrs. Dilrukshi Dias Wicramasinghe who resigned from the rest of Director General of the Commission to investigate Bribery or corruption (one of the establishments targeted by the president) as a direct result of the president's fine speech.

Though the independent commissions are established to prevent political intervenes the president of the Sri Lanka Freedom Party wants the commission to investigate bribery and corruption to inform him in advance of the arrests they plan to make. What a reasonable and fair demand.

I do not know what exactly the Yahapalanaya means but one thing is certain that is the rule of law situation is in country will reach the same level to where it was about 2 years back. May the God save mother of Sri Lanka.
 
Sarath Perera
Attorney- at- Law

Bibile, Rajitha and Suranga on Sirasa, Satana, Oct 18, 2016

Tuesday, October 18, 2016

                                          No more coal!

 ඔව්! අපි නොරොච්චෝලෙ අත හැරලා, 

නොරොච්චෝලෙන් පටන් ගම්මු!

නොරොච්චෝලෙ තාප බලාගාරය හෙවත් 'ලක්විජය' මේ වන විට මුළුමනින් ම අක්‍රීය වෙලා. ලංකාවට සාමාන්‍යයෙන් අවශ්‍ය විදුලිය 1700 - 2300 MW අතර ප්‍රමාණයෙන් ලක්විජය, 900 MW ප්‍රමාණයක් සපුරනව, එය රටේ ජාතික විදුලි බල අවශ්‍යතාවෙන් තීරණාත්මක ප්‍රමාණයක්. ලක්විජය මුළුමනින්ම බිඳ වැටී තිබියදී ත්, රටේ විදුලි සැපයුම ඉතා සුළු සුළු වශයෙන් පමණක් කපා හරිමින් අඛණ්ඩව පවත්වා ගැනීම ට  ආණ්ඩුව ට හැකි වීම යහපත් තත්වයක්. මේ වන විටත් වැටෙමින් පවතින වැසි ඊට විශාල සහයක් ලබා දෙනව. කොහොමත්, දේශපාලන බල අධිකාරිය සහ විවිධ බලධාරීන් මෙන්ම අදාළ වෘත්තිකයන් එක්ව පවත්වාගෙන යන මේ 'කළමනාකරණය' ඉතා හොඳ මට්ටමක්.

'ලක්විජය' මෙහෙම එකවර බිඳ වැටුණෙ ඇයි ?

හැබැයි මේ එහි පළමු වැනි බිඳ වැටීම් නං නෙවෙයි. වාර්තා සටහන් වලට අනුව 2011 සැප්තැම්බර් 28, 2012 ජනවාරි 5 -18, 2012 ජුලි 21, 2012 අගෝස්තු 9, 2013 ජනවාරි 29, 2016 මාර්තු 13 සහ පහුගිය සතියෙ සෙනසුරාදා වෙනකොට වෙච්ච විශාලතම බිඳ වැටීම. මේ බලාගාරය තම පළමු පියවර ක්‍රියාන්විතය පටන් ගන්නෙ 2011 මාර්තු 22, දෙවැනි ක්‍රියාන්විතය 2014 සැප්තැම්බර් 16. මීට අමතරව වාර්තා නොවුණු තවත් යම් යම් බිඳ වැටීම් තිබුණ කියලත් වාර්තා වෙනව. ඒ අනුව 'නව තාප බලාගාරය' ක ආරම්භක අවධියෙම මේ විදිහෙ එක දිගට සිද්ධ වෙන බිඳ වැටීම් යම් අසාමාන්‍ය බවක් තහවුරු කරනව.
එක්කො මේ තාප බලාගාරය නියමිත ප්‍රමිතීන් ට අනුකුල ව ස්ථාපිත කරල නැහැ. එක්කො පරිපාලන ප්‍රශ්න නිසා අදාළ ක්‍රියාන්විත ය හරියට සිද්ධ වෙන්නෙ නැහැ. එක්කො දිගින් දිගට ම යම් කඩාකප්පල් ක්‍රියාවලියක් දියත් වෙනව.
ලක්විජය පිහිටුවන සාකච්ඡාව 1990 ගණන් වලට ම යනව. ඒ අතරෙ, මෙහි 300 MW සඳහා වන පළමු පියවර සඳහා EIA වාර්තාව සකස්වෙන්නෙ 1998 දි. ඉදිරි කටයුතු 2005 දි, කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නෙ 2006 දි. ඒ, China Machinery Engineering Corporation සමග. මුල් පියවරට ( Phase 1 ) ඇ .ඩො. බිලියන 1.35 ක්. එයින් ඇ. ඩො. මිලියන 450 ක් Exim චීන බැංකුව ණයක් විදිහට ලබා දෙනව. Geological Survey and Mines Bureau, Urban Development Authority ( UDA ), Marine Pollution Prevention Authority          ( MPPA), Department of Fisheries and Aquatic Resources, Central Environmental Authority                (CEA), North Western Provincial Environmental Authority ( NWPEA ) යන ආයතන සමුහය ම වෙන් වෙන් වශයෙන් මේ ව්‍යාපෘතිය ට අනුමැතිය ලබා දෙනව. එහි තේරුම, අදාළ ව්‍යාපෘතිය ප්‍රකාශිත ප්‍රමිතීන්ට අනුකුල යි  කියන එක. කෙනෙක් තර්ක කරන්න පුළුවං, ඔය ආයතන වල අනුමැතිය ලැබුණු පමණින් අදාළ ආයතනයෙ සාර්ථක හෝ අසාර්ථක බව මනින්න බැහැ! ඒ ඒ විෂය පථයන් වෙනස් නිසා කියල. පිළිතුර සරලයි. ඕනෑම ව්‍යාපෘතියක තාක්ෂණික පදනම සහ ඊට අදාළ යෝජිත ප්‍රමිතීන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැතුව ඔය කිසිම ආයතනයක ට ඔය එක අනුමැතියක්වත් දෙන්න බැහැ. එහෙම පුළුවං නං ඉතිං ඒ අනුමැතිවලින් කාටවත් වැඩක් නැහැ - කාටවත් වගකියන්නෙ නැති නිසා. අනෙක එහෙම අනුමැතියක් දෙන්නෙ කොහොම ද? උදාහරණයක් විදිහට අපි බලමු අනුමැතිය. මත්ස්‍ය සහ ජලජ සම්පත් ආරක්ෂා වෙන්නෙ කොහොම ද, මේ තාප බලාගාරයෙ ක්‍රියාන්විතය යෝජිත ප්‍රමිතීන් ට අනුකුල නොවන විදිහට සිද්ධ වෙලා මුහුද ට සහ ඊට සම්බන්ධ පරිසර පද්ධතිය ට හානි වන අපද්‍රව්‍ය මුදා හැරෙන්න ගත්තොත්? ඇත්තට ම දැන් වෙමින් තියෙන්නෙ ඒක තමයි!
එතකොට අපිට පේනව, ලක්විජය පිළිගත් මූලික ප්‍රමිතීන් උල්ලංඝණය කරල තියෙනව නං, අනිවාර්යයෙන්ම ඔය කියන සියළු ආයතන ඒ 'කර්මාන්ත අපරාධයට' වගකියන්න ඕනෙ. ඊළඟට, ඔය ව්‍යාපෘතිය සිද්ධවෙන්නෙ එවකට බලශක්ති පිළිබඳ අමාත්‍ය චම්පික රණවක යටතෙ.  ලක්විජය අසාර්ථක ව්‍යාපෘතියක් නං රාජපක්ෂ ගිණුම ට වැරැද්ද බැර කරල, චම්පික රණවක ඇමතිවරය ට කිසිසේත්ම, 'වගකීමෙන්' ගැලවෙන්න බැහැ!
ඊළඟ කතාව තමයි, ලක්විජය ව්‍යාපෘතියක් විදිහට සාර්ථක යි, ඒත් නුසුදුසු බලධාරීන් පත්කරල අදාළ ආයතන පැවැත්ම අනතුරට දාල කියන එක. මේ චෝදනාව එල්ල කරන්නෙ ලංකා විදුලි බල මණ්ඩලයෙ සේවක සංගමය. ඒක එහෙම ද? ඔවුන් කියන්නෙ යාන්ත්‍රික ඉංජිනේරුවන් වෙනුවට විදුලි ඉංජිනේරුවන් යටතට මේ බලාගාරය පත් කිරීම, අදාළ කඩා වැටීම් වලට හේතු වෙලා කියන එක.

ඉන්දියානු මැදිහත්වීම ක්?

තුන්වැනි තත්වය තමයි, මේ පිටිපස්සෙ යම් කඩාකප්පල් ක්‍රියාවලියක් තියෙනව ද කියන එක. ඒ කියන්නෙ, මේ චීන ව්‍යාපෘතිය අසාර්ථක බව පෙන්වමින් ලංකාවෙ විදුලි බල අධිකාරිය ඉන්දියාව අතට පත් කරන්න කාට හරි උවමනා කරල තියෙනව ද? එතකොට ආණ්ඩුව පාර්ශවයෙන් ඇහෙන්නෙ, අපි ප්‍රතිපත්ති තීරණයක් මත සාම්පුර් තාප බලාගාරය නවත්තන්න තීරණය කරනකොට එහෙනං ඇයි ඉන්දියාව ඊට සහය දෙමින් කකුලක් පස්සට ගත්තෙ? කියන කතාව. සාම්පුර් කියන්නෙ, 2006 දෙසැම්බර් 29 ලංකාව සහ ඉන්දියාව අතර අවෝධතා ගිවිසුමක් අත්සන්කරල මූලික වැඩකටයුතු පවා සුදානම් කෙරෙමින් තිබුණු ව්‍යපෘතියක්,  ඉන්දියානු සමාගම සමග 500 MW ඉලක්ක කරගත්ත ගල් අඟුරු තාප බලාගාරයක්. වත්මන් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් P පෙරේරා කියන විදිහට ජනාධිපතිවරය සහ අගමැතිවරය එකට ගත්ත තීරණයක් ලු! No more coal! කියන එක. ඒ කියන්නෙ ලංකාවෙ නැවත ගල් අඟුරු තාප බලාගාර ඉදිකරන්නෙ නැහැ කියන එක. ඒක එහෙම වෙන්න පුළුවං ද? එච්චර නිර්භීත තීරණයක්!? අනෙක ETCA හරහා ලංකාව ආක්‍රමණය කරන්න දත කට මදින ඉන්දියාව!? දැන් ඔන්න සැකයක් එනව, ඉන්දියාව වෙන ක්‍රමයකට ලංකාවෙ විදුලි බල අධිකාරිය අතට ගන්න හදනව ද කියල, සාම්පුර් පොඩි වැඩක් නෙ එහෙම බලනකොට. ඊළඟට සිද්ධවෙන්න යන දේ අපි විමසිල්ලෙන් බලාගෙන ඉම්මු!
කොහොම වුණත්, මේ වෙනකොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ මහාචාර්ය ජනක ඒකනායක ප්‍රධාන කමිටුවක් පත්කරල නොරොච්චෝලෙ වර්තමාන තත්වය හොයල බලන්න, දීල තියෙන්නෙ සති දෙක ක කාලයක් ලු! අපි ඒකත් බලමු!

No more Coal! 

ලෝකය ම තියෙන්නෙ බලශක්තිය පිළිබඳ අර්බුදයක. විදුලිය ගත්තොත්, ඉන්ධන - ජලය - සුළං - සුර්ය තාප...වගෙ ප්‍රභවයන් විදුලිය උත්පාදනය සඳහා බහුලව යොදා ගන්නව, ගල් අඟුරු ත් ඉන් එකක්. න්‍යෂ්ටික බලය ගැනත් ලෝකය දැන් සෑහෙන විස්වාසයක් තියල තියෙනව. ඒ අස්සෙ රටවල් නටවන්න, ග්‍රහණය ට ගන්න, යටත් කරගන්න...තීරණාත්මක හැකියාවක් තියෙන මානව උවමනාවක් තමයි විදුලිය. ඒ නිසා ම ඊට අදාළ ගෝලීය පරිමාණ මහා වෙළෙඳ පොළක් මේ වනවිට ක්‍රියාත්මක යි. ලංකාව ත් කොයි මොහොතක හරි පහසු ගොදුරක් වෙන්න නියමිත ත් අන්න ඒ වෙළෙඳ පොළ ට. ඒ නිසයි අපි රටක් හැටියට මීට වඩා සුදානම් වෙන්න ඕනෙ.
දැන් ආයෙත් නොරෝච්චෝලෙ ලක්විජය දෙස ට හැරෙමු! අපි මෙතක් සාකච්ඡා කරමින් ඉන්න අර්බුදයට සමගාමී තවත් බරපතළ අර්බුදයක් මෙතැන තියෙනව. කොහොම ගත්තත් ගල් අඟුරු තාප බලාගාර ස්වභාව ධර්මයට නො සෑහෙන්න හානිකරනව. කල්පිටිය අර්ධද්වීපයෙ, පුත්තලම ප්‍රදේශයෙ,  ලක්විජය පිහිටුවා තියෙන තැන අවට කිලෝ මීටර් දෙක තුනක වට රවුමක ට එහි බරපතළ හානි දැනටමත් දැනෙන්න පටන් අරන්. ගල් අඟුරු දහන ක්‍රියාවලියට අවුරුද්දකට ජලය ගැලුම් බිලියන 70 - 180 ත් අතර ප්‍රමාණයක් යොදා ගැනෙන එක එක ප්‍රශ්නයක්. මුහුදෙන් මේ සා විශාල ජල ප්‍රමාණයක්‌ ඇදල ගන්නකොට මත්ස්‍යයන්, මත්ස්‍ය බිත්තර සහ තවත් මුහුදු ජීවීන් ඒ සමඟ ඇදිල ඇවිත් විනාශ වෙනව. ඒත් එක්කම, ඉවත් කරන උණු වූ ජලය මුදා හැරෙන්නෙ මුහුද ට, කිලෝ මීටර් පහක විතර දුරින්. තව අපිරිසුදු ජලයත් වරින් වර මුහුදට දානව. මේ ජල දුෂණය මුහුදෙ ජෛව විවිධත්වය ට විශාල හානියක්. මත්ස්‍ය සම්පත වඳ වෙන්න ත් ප්‍රධාන හේතුවක්. ඊළඟට කළපු ආශ්‍රිත ප්‍රදේශ ත් මේ අනතුරට ම මුහුණ දීල. ඉස්සන් ගෙ වාස භුමි දැන් නැති ම වෙලා වගෙ ගිහිං. මේ බලාගාරයෙ භාවිතය ට ගෙන එන මහා පරිමාණ ගල් අඟුරු තොග තැම්පත් කරල තියෙන්නෙ ත් එළියෙ, විවෘත ව. ඒ, අඩියක් එකහමාරක් විතර ඝන බොරළු තීරුවක් මත. ඒ හරහා විවිධ රසායනික, පොළොව ට කාන්දු වෙනව. ඒ නිසාම ඒ ප්‍රදේශයෙ භූ ගත ජලය දැන් දුෂිත යි. අනිත් පැත්තෙන් මේ ගල් අඟුරු කඳු වලින් නිරන්තරයෙන් නැගෙන සිහින් දුහුවිලි සහ කුඩු සුළඟ සමග ප්‍රදේශය පුරා පැතිරෙනව. බලාගාරය අවට ගහ කොළ, විශේෂයෙන් පොල් වගාව දැන් අන්ත අසරණ වෙලා, ජන ජීවිතය ට මේ තත්වය මාරාන්තික වෙලා, ශ්වසන රෝග අවදානම එන්න එන්න වැඩි වෙනව.
ඒත් එක්කම, ගල් අඟුරු දහනයෙදි මුදා හැරෙන 'සල්ෆර්', අවට වා තලය අරක් අරගෙන. එය 'නයිට්‍රිජන්' සමඟ එකතු වෙලා අම්ල වැසි ඇති වෙන්න ත් ඉඩක් හැදෙනව. ඒ වගෙම 'රස දිය'. රස දිය කියන්නෙ මොළේ සහ හෘද රෝග වලට බලපාන ද්‍රව්‍යයක්. ආසනික් - ලෙඩ්, කැඩ්මියම් සහ අධික විෂ සහිත බැර ලෝහ වෙනම. කාබන් මොනොක්සයිඩ් - හයිඩ්‍රෝ කාබන්ස් තවත් පැත්තකින්. බරපතළ ම කාරණයක් විදිහට මීතේන් මෝචනය වීමේ අවදානමකුත් මේ ගල් අඟුරු දහනයෙ තියෙන බව තහවුරු වෙනව.
එහෙම නං අපි තව දුරටත් ගල් අඟුරු ගැන හීන මවන්න හොඳ නැහැ, ආයෝජන සහ අනෙක් විය හියදම් අමතක කරල නොරොච්චෝලෙ ත් වහල දාන්නයි ඕනෙ - No more coal! තමයි. හැබැයි, ජනාධිපති - අගමැති එහෙම කියන්න ගත්ත එක නං සැක කටයුතුයි. හේතුව ඔවුන්ට එහෙම 'මාර!' කල්පනාවක් එන්න විදිහක් ම නැති එක. කොහොම වුණත් අපි, රටක් හැටියට වෙනස් විදිහක ට හිතන්න පටන් ගන්න ඕනෙ. ස්වභාව ධර්මයට එරෙහි හානි අවම කෙරෙන ජල, සුළං, සුර්ය බල උත්පාදන ක්‍රම ගැන අපි තව හිතන්න ඕනෙ. 
ඒ සඳහා ලංකාවෙ ඉන්න දක්ෂ ඉංජිනේරුවන් සහ තවත් අදාළ වෘත්තිකයන් එකතු කරගෙන දීර්ඝ කාලීන සැලැස්ම ක් හදා ගන්න ඕනෙ, ආණ්ඩු වෙනස් වුණත් වෙනස් නොවන. අනෙක් රටවල් සමග ඊට අදාළ යම් ගනු දෙනුවක් කරනව නං, ඒ සියල්ල කෙරෙන්න ඕනෙ අන්න ඒ සැලැස්ම ට අනුකුලව.

තවත් වැදගත් කාරණයක්!

අපි රටක් හැටියට විදුලිය පරිස්සම් කරගන්න ඕනෙ, බලන්න අපෙ ආගමික උත්සව! පාර පුරා, ගස් ගල් උඩ, අතන මෙතැන..අපි, විදුලිය කොච්චර නාස්ති කරනව ද? ගෙවල් වල සිට ආයතන දක්වා, පුද්ගලික තැන් වල සිට පොදු තැන් දක්වා අපි එකට එකතුවෙලා විදුලි නාස්තිය අවම කරන්න ඕනෙමයි! ගොඩනැගිලි නිර්මාණය කරන කොටත් විදුලිය අඩුවෙන් වැය වෙන විදිහට ආලෝකය සහ වාතාශ්‍රය ගැන අවධානය යොමු කරන්න ඕනෙ, ගොඩ එන්න වෙන ක්‍රමයක් නැහැ - වෙනස් විදිහකට හිතන්න බැරි නං!
ඔව්! අපි නොරොච්චෝලෙ අත හැරලා, නොරොච්චෝලෙන් පටන් ගම්මු!
CHAPA

Friday, October 14, 2016

උසාවිය නිහඬ යි! 

අපි ට ඇත්තටම මොනවද ඕනෙ? 

ප්‍රසන්න විතානගේ ගෙ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය මේ වන විට අධිකරණ නියෝගයකින් වාරණය ට ලක් වෙලා. ජන මාධ්‍ය සමාජය තුළ ඒ පිළිබඳ යම් සංවාදයකු ත් ගොඩ නැගෙමින් තියෙනව. ඒ අතරෙ, මේ සටහන තියන්නෙ එකිනෙකට සම්බන්ධ ප්‍රධාන කරුණු දෙකක් මත. එකක්, සමාජ ප්‍රගමනයට මෙවැනි නිර්මාණ මැදිහත්වීම් අවශ්‍යය යි වගෙම ඒ මත ඇතිවෙන්න පුළුවං යහපත් සහ අයහපත් සමාජ බලපෑම් පිළිබඳ පුළුල් සංවාදයක් ද ඒ සමග ම අවශ්‍ය බව පිළිගන්න එක. අනෙක, මේ සිනමා නිර්මාණයට අදාළ සිද්ධි මාලාව ට සම්බන්ධ 'රාවය' මාධ්‍ය භාවිතයට යම් පමණක හෝ දායකත්වයක්, මාධ්‍ය කරුවෙකු ලෙස පුද්ගලිකව ලබා දී තිබීම. අදාළ සිනමා කරු ප්‍රසන්න විතානගේ ගෙ පොදු නිර්මාණකරණය ට සම්බන්ධ තවත් සිද්ධියක ට තවත් තැනක දි 'නිදහස්' මාධ්‍ය ආයතනය හරහා පුද්ගලික ව සම්බන්ධ වීමත් ඕන නං තවත් කාරණයක් හැටියට ගන්න පුළු වං.
මුලින්ම අවධාරණය කරන්න ඕනෙ, නිර්මාණකරණයෙ නිදහස වෙනුවෙන් මම කොදේසි විරහිතව පෙනී හිටිනව, මම ත් කොටසක් ව පවතින ඓතිහාසික දේශපාලන සංවාදය ඇතුළෙ. මේ පෙනීහිටීම ත් ඊට අදාළ යි!
අපි දැන් 'උසාවිය නිහඬයි' චිත්‍රපටය ට හැරෙමු. එහි කේන්ද්‍රීය අත්දැකීම, හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක කේන්ද්‍ර කරගත් සත්‍ය සිදුවීම් පෙළක්. ඒ සිද්ධිය වෙනුවෙන් 'රාවය' හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මෙන් ම ඔහු මෙහය වූ තවත් මාධ්‍ය කරුවන් සහ වෙනත් පුද්ගලයන්, මාධ්‍ය භාවිතා කරපු විදිහ පර්යේෂණාත්මක යි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන අවකාශය තුළ එය ඓතිහාසික යි. මේ සිද්ධිය අවසානයෙ දි, විනිසුරු සරත් නන්ද සිල්වා, අග විනිසුරු කෙරෙන චන්ද්‍රිකා දේශපාලන ඉතිහාසය (?) දක්වාම පෙළ ගැහෙනව. අයිවන් ගෙ 'නොනිමි අරගලය' සහ 'චෞර රැජිණ' කෘති පරිස්සමට කියවන කෙනෙකුට ඒ පිළිබඳ නිරවුල් අදහසක් ගන්න පුළුවං.
මම 'රාවය' ට සම්බන්ධ වෙන්නෙ ඔය ක්‍රියාන්විතයෙ තීරණාත්මක ම හරියෙ දි, පුළුවං හැම තැනකදිම ඒ මාධ්‍ය ක්‍රියාන්විතය වෙනුවෙන් මම ත් පෙනී හිටිය. විශේෂයෙන් ම එදවස ඉතා ජනප්‍රිය සහ ප්‍රබල TNL 'ජනහඬ' සහ වෙනත් වැඩ සටහන් හරහා මම ත් ඒ වැඩපිළිවෙළ ශක්තිමත් කෙරුව. එළියෙ විරෝධතා දක්වා වූ ක්‍රියාකාරකම් වලත් පුළුවං විදිහට හිට ගත්ත. හැබැයි, එදත් - අදත් නොවිසඳී තියෙන ඉතා සංකීර්ණ සහ බරපතළම ප්‍රශ්නය තමයි, 'රාවය' වටා ගොඩ නැගුණු 'ඒ' මාධ්‍ය භාවිතය පිටිපස්සෙ තියෙන දේශපාලනය 'මොකද්ද' කියන එක. එය චන්ද්‍රිකා සහ අයිවන් අතර පුද්ගලිකව නිර්මාණය වුණු විරසකය ක මානසික පුපුරා යෑමක් ද ? එය එසේ නං යෝජිත දේශපාලන ප්‍රගමනය සඳහා එය කොහොම බලපායි ද? නොඑසේ නං එය, බැලූ බැල්මට ම පෙනෙන විදිහෙ යහපත් සහ සමාජමය අභිලාශයක ප්‍රතිඵලයක් ද? මගෙ පුද්ගලික අත් දැකීම අනුව, තමන් ට අවැසි ඕනෑම දෙයක් නිර්භීතව විවේචනය කරන අයිවන්, තමාව විවේචනය කෙරෙනව ට, ප්‍රශ්න කෙරෙනව ට කැමති නැහැ. ඒ වගෙම, ඔහුගෙ දේශපාලනය තුළ එක්තරා ආකාරයක 'පුද්ගලික' බවක් මම දකිනව. මේ ගැන මම 'රාවය' ට සාක්ෂිය ක් කෘතිය පුරා ම කතා කරනව. සංවාදය තවම විවෘත යි          
එහෙම ගත්තොත් 'උසාවිය නිහඬයි' චිත්‍රපට කතාවෙ පදනම ආපිට ප්‍රශ්න කරන්න අපිට සිද්ධ වෙනව.
ඊ ළඟට ප්‍රසන්න! ඔහු ත් අයිවන් වගෙම දක්ෂයෙක්, සිනමා භාවිතය තුළ හොඳ පර්යේෂකයෙක්. ඔහුගෙ නිර්මාණකරණය වෙනුවෙන් මම පෙනී හිටිනව. ඒත් අයිවන් ට අදාළ, 'භාවිතයෙ අභිලාෂය' ප්‍රසන්න ට ත් අදාළයි!
මම, ප්‍රසන්න එක්ක වැඩ කරල නැහැ. එත් මගෙ ආරාධනාවක ට අනුව දවසක් ඔහු නුගේගොඩ තිබුණු 'නිදහස්' කාර්යාලය ට අවා. අපි දීර්ඝ වෙලාවක් විවිධ දේ ගැන සාකච්ඡා කෙරුව, එය සොඳුරු මුණ ගැහීමක්.
පස්සෙ කාලයක, ප්‍රසන්න ගෙ 'අකාස කුසුම්' චිත්‍රපටය සමාජ ගතවන දවස්වල, දවසක සේපාල් අමරසිංහ 'නිදහස්' කාර්යාලයට ආව. ඔහු ඒ චිත්‍රපටය ගැන විවේචනාත්මක පොතක් ලියල. ඔහු කිව්ව, කව්රුවත් ඒ පොත මුද්‍රණය කරන්නෙ නැහැ, ප්‍රසන්න එපා කියන නිසා කියල. මම වැඩේ භාරගත්ත 'නිදහස්' මුද්‍රණ සම්බන්ධතාව හරහා කරන්න. සේපාල් ගෙ කැමැත්ත මත පොතේ කවරයෙ ඇතුල් පැත්තෙ සටහනකු ත් දැම්ම, ඒ පොත විකිණීමෙන් ලැබෙන කිසිම මුදලක් 'නිදහස්' අපි ගන්නෙ නැහැ කියල. සේපාල් ගෙ පොත මුද්‍රණය කරන අභියෝගය එහෙම භාර ගත්තෙම භාෂණයෙ නිදහස වෙනුවෙන්. ඊට ආසන්න දවසක, ප්‍රසන්න මට දොස් කිව්ව, කිසිම පදනමක් නැති කතා වගයක් කියමින් මගෙ මාධ්‍ය භාවිතය ප්‍රශ්න කරමින්. ඔහු කේන්තියෙන් හිටියෙ අර පොත මුද්‍රණය කරපු එක ගැන. මම තකහනියක් ඔහු හොයාගෙන ඔහුගෙ ගෙදරත් ගිහිං මේ ගැන කරුණු පැහැදිළි කෙරුව. මට කියන්න ඕන වුණෙ, භාෂණයෙ නිදහස වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී ඉන්නව කියල. ලෝකය වඩා යහපත් අතට හරවන්න නං ඒ විවෘත දේශපාලනය ඕනෙ! ඒත් ඒ සංවාදය තවම ඒක පාර්ශවීය ව මග හිටල තියෙනන්නෙ.
අපි දැන් කොහෙන් ද පටන් ගන්නෙ?
යුක්තිය, සමාජ සාධාරණත්වය, නීතිය - නීතියෙ ආධිපත්‍ය,  බලය - පැවැත්ම, ජීවිතය..
උසාවිය නිහඬ නං අපි පටන් ගම්මු!
අපි ට ඇත්තටම මොනවද ඕනෙ?
CHAPA



Wednesday, October 12, 2016

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P10

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P9

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P8

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P7

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P6

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P5

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P4

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P3

CHAPA is also on Derana Aluth Parlimenthuwa, Oct 12, 2016, P2

Tuesday, October 11, 2016

What was going on? Mahinda Rajapaksha had no idea!

විපක්ෂයක් ඕනෑ කර තිබේ!

ආර්. සම්බන්ධන් ප්‍රමුඛ විපක්ෂ ය එක පැත්තක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තව පැත්තක. ඒ අතර, මේ මොහොත වෙනකොට, මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ක්‍රියා කරනව. ඒ කියන්නෙ, දැනට වලංගු 78 ව්‍යවස්ථාව පරිච්ඡින්න කරල අලුත් ව්‍යවස්ථාව ක් රටට හඳුන්වාදෙන්න ඕන කියල පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ම විශ්වාස කරනව! විපක්ෂ - ඒකාබද්ධ විපක්ෂ වෙනසක් නැතුව. විපක්ෂය ගැන නං කතා කරන්න දෙයක් නැහැ, සම්බන්ධන් කියන්නෙ වෙනම ව්‍යාපෘතියක් නිසා. ඒත් ඒකාබද්ධ විපක්ෂය?

අපි ආපිට කල්පනා කරමු! 

අපි ආපිට කල්පනා කරමු! 2015 ජනවාරි 8 සිද්ධ වුණේ කුමන්ත්‍රණයක් කියන 'යෝජනාව' ත් එක්ක. ලංකාව කොහොමත් 1948 න් පස්සෙත් නිදහස් වුණෙ නැහැ. සිද්ධ වුණෙ, පැරණි යටත්විජිතවාදය වෙනුවට නව යටත්විජිතවාදයකට නතු වෙච්ච එක. එක්සත් ජාතීන් ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරය කියන්නෙ අන්න ඒ නව යටත්විජිතවාදී මැදිහත්වීමට. LTTE ය දක්වා වර්ධනය වන දෙමළ වර්ගවාදී දේශපාලනය ( වරෙක ත්‍රස්තවාදය! ) නිර්මාණය වෙලා පෝෂණය වෙන්නෙ අන්න ඒ පසුබිමේ තමයි. එදීහි, ඉන්දියාව ප්‍රමුඛ කලාපීය බලපෑමත් මුළුමනින්ම රටට පීඩා එල්ල කළා. ප්‍රභාකරන් ඔය පොදු තත්වයන් ගෙ රූකඩයක් විතරයි. ලංකාව නම් වූ 'ඒ' දුර්වල රාජ්‍ය හිතුමතේ ට කොල්ල කන්න ඒ අතර, අර කියන වෙළෙඳ කුමන්ත්‍රණකරුවන්ට පහසු ඉඩ කඩක් හැදෙනව.
එක පැත්තක අවි ආයුධ ජාවාරම් යුද්ධය වවනව. රසායනික යෝධයන් ප්‍රමුඛ බහු ජාතික සමාගම් ජාලයක් තව පැත්තකින් රටේ ආර්ථිකය අත්පත් කර ගන්නව. රටේ ඓතිහාසික ආර්ථික පාදම වූ කෘෂිකර්මාන්තය ඒත් එක්කම දියකරල දානව. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව අනිත් පැත්තෙන් රටට ණය දීලා, කොන්දේසි උගුල් වල පටලවමින් තම දීර්ඝ කාලීන ලාභ උපයන්න පටන් ගන්නව. ඔය ඔක්කොම අස්සෙ මහා NGOs බල ඇණියක්. රට එදවස එකම දඩ බිමක්!

ප්‍රභාකරන් නික්ම යෑමත් එක්ක...

සියල්ල අතරෙ ඒත් එක වෙලාවක LTTE ය යුධමය වශයෙන් පරාජය කරන්න ලංකා රාජ්‍යයට පුළුවං වෙනව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය ගෙ දේශපාලන නායකත්වය සහ ගෝඨාභය රාජපක්ෂ ගෙ හමුදා නායකත්වය ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානව. ඒ හදිසි දේශපාලන 'වෙනස' අර කියන ඊනියා ජාත්‍යන්තරය කිසිසේත් ම බලාපොරොත්තු නොවිච්ච එකක්. ජනවාරි 8 කුමන්ත්‍රණය පටන් ගන්නෙ අන්න එතැනින්.
හැබැයි, මහින්ද ප්‍රමුඛ රාජපක්ෂවරු හෝ ඔවුන් වටේ රොද බැඳගෙන හිටපු කවුරුවත් එදාට අදාළ ඒ අනාගත දේශපාලන චලනයන් හෙවත් මේ දැන් අත්විඳින දේශපාලන තත්වයන් ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසාම ඔවුන් යුද ජයග්‍රහණයෙන් කුල්මත් වෙලා fun එකේ හිටිය. යුද්ධය ජයග්‍රහණය කරන්න හේතු වුණු රාජපක්ෂ බලය ඒ අතර, ආණ්ඩුව රෙජීමයක් බවට පරිවර්තනය කරමින් තිබුණ. සංවර්ධනය නාමයෙන් යෝධ ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක වෙන අතරෙ ඔන්න විවිධ දුෂණ, වංචා සහ අක්‍රමිකතා වැඩිවෙන්න පටන් ගත්ත. නීතියෙ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කෙරුණ. විවිධ ජාතිවාදී කොටස් රටේ තැන තැන හොල්මන් කරන්න පටන් ගත්ත. වැදගත්ම දේ මේකයි. අර කලින් සඳහන් කරපු, ලංකාව ට එරෙහි මහා වෙළෙඳ කොල්ලය ඒ විදිහටම තවදුරටත් සාර්ථක වෙමින් තිබුණ. ඉන්දියාව ට යම් කණස්සල්ලක් ඇතිවුණා නං ඇති වුණේ ලංකාවෙ චීන මැදිහත් වීම කොහොම ඔවුන්ගෙ ආධිපත්‍යයට බලපෑම් කරයි ද කියන කාරණය මත.

හමුදා බලය!

මේ සියල්ලට සමගාමීව ඔය ඊනියා ජාත්‍යන්තර බලමුළුව ට තිබුණු බරපතළ ම ප්‍රශ්නය, ලොකයෙ දරුණුතම ත්‍රස්තවාදය විධිමත්ව පරාජය කරන ප්‍රබල හමුදා බලයක් තියෙන රාජ්‍යයක් ලංකාවෙ පවතින්න ඉඩ දෙන්නෙ කොහොමද? කියන එක - අනෙක චීනය සමගත් මුකුළු කරන?!
ඔන්න ඔය පසුබිමේ තමයි ජනවාරි 8 කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා රාජපක්ෂ පාලනය පෙරළා දාන්නෙ. හැබයි, ඒ අන්තිම මොහොතෙ ත්, තවම ත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුර එදා මෙදා තුර සිද්ධවෙමින් පවතින 'දේ' දන්නෙ නැති බව ඉතාම පැහැදිළි යි. ඒකාබද්ධ විපක්ෂය හැටියට සංවිධානය වෙන අතරෙ ඔවුන් දැන් කල්පනා කරන්නෙ ත් මොකක් හරි කරල ආණ්ඩුව පෙරළන විදිහක්. 'මොකක් හරි' කරල ආණ්ඩුව පෙරළන්න බැහැ, එහෙම කෙරුව ත් හැදෙන්නෙ මේ විදිහෙම වෙන ආණ්ඩුවක්. කොහොමත් රට ගොදුරු කර ගනිමින් තියෙන කුමන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක වෙනව. ඒක තේරුම් ගන්න එක හරිම සරලයි. බලන්න! ආණ්ඩුවෙ ඒ පැත්තෙ මේ පැත්තෙ හැම පැත්තෙම ඉන්නෙ එකම කට්ටියක්, එකම කෙනා මැරිල ඉපදිල වගෙ කතා කරනව, හිනා වෙනව. විරිත්තනව.

දැන් මේකද අපිට - රටට ඕනෙ?

නැහැ! රටට ඕනෙ වඩා යහපත් දේශපාලන පදනමක් තියෙන ප්‍රබල විපක්ෂයක්, රටේ ගමන් දිශාව වැරදි යි කියල ආණ්ඩුව ට බලපෑම් කරන්න පුළුවං විදිහෙ. ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා සුදානම් ද? කියන බරපතළ ප්‍රශ්නය මේ වන විට අප ඉදිරියෙ තියෙනව. රටට බරපතළ හානි කරන, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන පනත...පහසුවෙන් සම්මත වුණා, සමහර වෙලාවට, ඒකාබද්ධ විපක්ෂය බොරු රඟපෑම් කරල ඒවා සම්මත වෙන්න ඉඩ හදල දුන්න. දැන් බෙදුම්වාදී අලුත් ව්‍යවස්ථාව. හැම දේම සිද්ධවෙමින් තියෙන්නෙ.අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න, අති බහුතරයට චෝදනා තියෙන නිසා වෙනම 'ගේමක්' ඒවා බේර ගන්න. කට්ටියක් දඩයමේ, කට්ටියක් පඳුරු අස්සෙ. පාදඩ දඩ බිමක්. කොටින්ම මේ කිසි කෙනෙක් චන්ද්‍රිකා - මෛත්‍රී - රනිල් ආණ්ඩුවට අභියෝගයක් නෙවෙයි. ඊනියා ජාත්‍යන්තර මෙහෙයුමට බාධාවකුත් නෙවෙයි.

එක්කො ඒකාබද්ධ විපක්ෂය පාපොච්ඡාරණය කරල ස්වයං විවේචනය ක් කරල ඇත්ත පෙරමුණක් විදිහට, ශක්තිමත් දේශපාලන පදනමක් මත බලමුළු ගැන්වෙන්න ඕනෙ, එහෙම නැත්තං වෙන විපක්ෂයක් ඕනෙ, එහෙම විපක්ෂයකට විතරයි ආණ්ඩුව ට එරෙහිව ජනතාව පෙළගස්සවන්න පුළුවං වෙන්නෙ, රටේ ගමන් මග වෙනස් කරන්න පුළුවං වෙන්නෙ!   

CHAPA

Sunday, October 9, 2016

CHAPAbandara

Kumara Chapabandara (කුමාර චාපාබණ්ඩාර) is a professional journalist, political activist. He had been working for Lakhanda (ලක්භඬ) ( Voice of Lanka ) Radio, TNL channel and also for Rawaya newspaper during the years of 1999–2001, then he launched a new media movement named Nidahas ( Free Lanka Media Net ) and published the 'Nidahas' (නිදහස්) newspaper,
He is the author of Elangata (ඊළඟට), Army Army (ආර්මි ආර්මි), Jala Rakusanta Erehiwa (ජල රකුසන්ට එරෙහිව), Rawayata Sakshiyak (රාවයට සාක්ෂියක්), Ukthiya Pramadai (යුක්තිය ප්රමාදයි), Kumbi (කූඹි) and Hikkaduwa Heluwen Newai(භික්කඩුව භෙලුවෙන් නෙවෙයි).
He became a political activist while working for Sri Lanka Army Medical Corps in 1980s. He experienced the war in the zone of North East and realized what the war was; He wanted to further study the political context in which the war began, he wanted to expose fraud and corruptions in the military activities in public being in the Army, he did his further studies in the field of photography and journalism during that period. He was arrested while writing a column to Rawaya named ‘Balakotuwa’ (බලකොටුව) against fraud and corruptions in the army, he was jailed in the prisons respectively of Army Medical Corps and Military Police while a court-martial was being conducted, he was finally jailed in Welikada prison for one year, but the authorities had to release him after three months due to an order from the appeal court.
He later developed a new discourse called Open Dialogue, a knowledge based process to make the entire society better based on social sciences such as Political Science and History, in this context he Introduce a new theme as Media & Human Relationship to the private sector. He has worked for the Jetwing Hotels, Mount Lavinia Hotel and Club Benthota – sister company of Mount Lavinia in advisory capacity for several years. He is now working for Maxies & Company (Pvt) Ltd as Head of Department, Media and HR/ Advisor to the Chairman. He has launched a monthly newspaper for Maxies also named Wedabima (වැඩබිම) and does suggest to develop an industrial dialogue in the country. He has introduced another new discourse while working in Maxies as 'art of music vs science of life'.

He Joined Sri Lanka Army Medical Corps

He joined Sri Lanka Army Medical Corps in 1986 after having done GCE A/ Level in Bio Science at Balangoda Central College, in Rathnapura District in Sri Lanka. He had his basic army training in Diyathalawa Army Training Academy and he was attached to Sri Lanka Army Medical Corps Head Office at Colombo 3 ( near Gall Face ) in which the army Hospital also was situated. He worked for the department of Dentistry and he was sent to Jaffna battle Field time to time with the medical teams, he joined Yapa Patuna (යාපා පටුන) Radio Service broadcast by Sri Lanka Broadcasting Cooperation at Palaly (පලාලි) to present a special first aid program for the army personnel. He Later did some programs for Vishva Sravani broadcast (විෂ්ව ශ්රවනි විකාශය) which was operated in Colombo, SLBC head Office too, he then did a Diploma in Journalism in the year of 1992 in Colombo University, he was qualified as a photographer in Hegoda Seya Nikethanaya (හේගොඩ සේයා නිකේතනය) also during that period.

To LAK HANDA (ලක්හඬ) Radio

He joined Lak Handa Radio ( Voice of Lanka ) as a communicator in 1998 being in the army and produced several programs, such as ‘Gini Weta Addara’ (ගිනි වැට අද්දර), ‘Gan Iura (ගඟ ඉවුර) , ‘168th hour’ (168 වෙනි හෝරාව) and ‘Andaheraya’ (අඬභැරය) etc. his ambition was to become a professional Journalist, by 1998 he decided to leave the Army at the completion of 12 years’ service according to the service agreement, he was not permitted to leave the service due to a special gazette related to the war situation in the North and East in the country. He became a freelance Journalist of Lakhanda and later joined Rawaya newspaper also as a political columnist, he wrote a column to Rawaya named ‘Balakotuwa’ exposing fraud and corruptions in the Army and criticizing military authority, political authority as well. He was arrested and questioned while keeping in the jail in the army by the Military Police at the end of year 1998 and a court martial was executed against him; allegation was disobedience to the hierarchy of the Army, he was finally jailed at Welikada Prison for imprisonment of one year. He was able to continue his political column even being a prisoner against military and political authorities, he exposed several hidden issues in the prison also during this period. This is very rear incident ( may be sometimes first time in the history ) to be recorded for the history – he could perform as a journalist being a prisoner against the system in which he became a prisoner. He was released after 3 months of imprisonment due to an order of the Magistrate, Court at the Fort Colombo, considering the case which was in the Appeal Courts too filed by his lawyers - this is also a remarkable incident i.e. judgment of the magistrate court is against a Court Martial. He later published a book named ‘Army Army’[4] to illustrate this history.

With RAWAYA (රාවය) NewsPaper

He was questioned by senior army officers and warned to stop the media activities as some of them had some illegal deals with outside parties, specially there had been a hidden drugs ( medicine) deal which was later exposed by him through Rawaya ( it is exposed in the book of Army Army too ), he did not give up his attempt, in that circumstances he was transferred to Wauniya war front where the military forces lost the battle. His 12 year’s service in the army had also been completed by that time and he refused to accept the movement order to Waunia war front; a court martial was executed against him for the charge of disobedience. Then he joined the editorial of Rawaya newspaper while working for Lakhanda Radio also in the middle of year 1998 as a political columnist, he wrote ‘Balakotuwa’ in which the fraud and corruptions of the Army were later exposed by him, within couple of weeks he was arrested by the Military Police and kept in a shell ( he was later kept open arrest ) at Military Headquarters at Narahenpita. He was questioned by a team of Military Police Officers to find how he had got such secret information; he was able to continue the column ‘Balakotuwa’ even in the custody – after couple of weeks he was released due to this media involvement.
After a few weeks Chapa was again arrested once the court martial was implemented at Panagoda Army Camp, he was kept in a shell at Army Medical Corps premises in Colombo for 3 months until the court martial was over, he could continue the column ‘Balakotuwa’ in Rawaya even during this imprisonment.
Hearing of court martial was going on for nearly one year and at last he was sent to Welikada Jail for one year’s imprisonment; Mr. Manjula Makumbura, Attorney - at - law handled first part of the court martial. Mr. Kalinga Indrathissa and his assistant Mr. Viraj Premasinghe, attorney - at - law continued the process and made an application to appeal courts after the said judgment, after three months he was released on an order given by the Magistrate, Fort, Colombo considering the application of the court martial too – it is a remarkable incident of the judicial system as this is against the military authority in the country. Chapa kept on writing his column for Rawaya during his imprisonment at Welikada jail too, he then exposed of several hidden issues in the prison also through his column ‘Balakotuwa’ Then he worked for Rawaya as a freelance journalist, but full-time till beginning of the year 2001, that was very critical era of the country as there had been various political crises, specially the war in the North and East had come to its peak level; there were serious allegations against the president Mrs. Chandrika Bandaranayake Kumarathunge ( Mr. Victor Ivan, editor in chief of Rawaya has very clearly analyzed that situation in his ‘Chaura Rejina’ (චෞර රැජින) book too), during that period Chapa was very active political activist who did various investigations against fraud and corruptions, political violence as well in the country – he stood for social justice for any cost introducing a new dimension for the field of journalism, specially Chapa was struggling for free and fair elections during the president Chandrika’s era to strengthen democratic practices in the country; media practice of the Rawaya newspaper was also remarkable in Sri Lanka in that era as it did a tremendous role to make the governing system of the country more democratic. He has written various articles and involved in different political activities against NGOs also which have become international political partners in the historical crisis in Sri Lanka.
He has analyzed this history in his book ‘Rawayata Sakshiyak’ in detail.
He did an investigation on water management policy which was suggested for Sri Lanka by international organizations led by IWMI and developed a media campaign against that criticizing the said project as a ‘commercial crime’; he wrote a book named ‘Jala Rakusanta Erehiwa’ on this issue and some of professionals whom have been exposed in the book filed cases in the Supreme court on defamation, Mr. Sarath Perera, Attorney – at – Law appeared for the cases on behalf of Chapa and the cases were dismissed due to some technical grounds. He still keeps on educating and guiding the community against this so-called water management policy.
While working for Rawaya and Nidahas newspapers he participated for various TV discussions in TNL Channel, Sirasa, Swarnavahini, Max TV and MTV – he worked for TNL Channel and Sirasa as a TV presenter too, then he could expose several hidden issues related to governance of the country for betterment of the society, he introduced with these media activities a new dimension for investigative journalism.

To be ‘free’ (නිදහස්)

At last Chapa has very clearly emphasized in his book ‘Rawayata Sakshiyk’ on his vision ( according to him, his practice! ) for social justice and how the media does make barriers against his way serving for its capital; he further explains in his book, in that circumstances how any media involvement does support the political system available in a country as a major partner of the global market creating economic disparity and social injustice everywhere in the world.
Chapa left Rawaya editorial in the year of 2001 to launch a free media movement named ‘free Lanka media net’, he formed the new media center at Nawala, Nugegoda, there was a team of members for his media center including Miss. Dinuksha Paththiniwasam and Mrs. Amali Konara, they got a new web site registered named ‘free’; by that time ‘Unilever’ the well-known company had suddenly closed its Mabole factory dismissing nearly 810 workers and those workers had been asking media support to solve their crisis in more democratic manner. Most of the reputed media stations do still depend on Unilever advertising budgets and therefore none of them could stand for rights of the said workers. Chapa joined the particular workers with his team to develop a media protest launching a monthly newspaper named ‘free’, the protest went on for more than one year and ultimately all the workers were able to get their compensations, this is also a remarkable incident in which practice of the media gets another political dimension. Chapa had met financial challenges to continue his work and decided to do commercial arts using his born talents in arts to raise funds to run the movement, he did photography, TV documentaries, illustrations and also cartoons for various organizations on commercial basis. Name of the said paper was changed from English to Sinhala i.e. ‘free’ to ‘Nidahas’ from the second year and it had been published for 10 years, i.e. till the year of 2011, in fact ‘Nidahas’ is not a usual newspaper, it is a political involvement, most of the articles had been written while protesting against social injustice on the ground, it is a new media practice - it is a miracle! He did this struggle without any capital and also without advertisements, he has published a book named ‘Kumbi’ analyzing this long history, he has explained in this book how difficult this journey was. He has developed a new political discourse named ‘open dialogue’ with this experience and in the book of ‘Kumbi’ he has described that he and his activities are in the same ‘process’ of open dialogue. ‘life and the world remain in open dialogue!’ he has written!
He had then developed a new discourse named ‘Media and HR’ for the private sector to make the business organizations better and fair for the both parties, employees and employers. He joined Maxies & Company ( Pvt) ltd - Wennappuwa, Jetwing Hotels, Mount Lavinia Hotel and its sister company Clunb Benthota at advisory level to introduce this new discourse.

In Maxies (මැක්සීස්)

Chapa introduced the discourse of open dialogue to Maxies to reorganize the company up to a certain level, he introduced the new concept of Media and HR into Maxies while launching the ‘Maxies Media Center’ also for the company, monthly newspaper ‘Wedabima’ is being published now and it does suggest an industrial dialogue among all the industries in the country.
He has introduced a series of programs named ‘life – to experience…’ with the theme of ‘ art of music Vs science of life’ into Maxies, these programs are being conducted by him in the organization, in schools and in the prisons.
‘Struggling to make the society fair and better is a historical challenge which has to be analyzed in open dialogue, there may be many ways to follow and many grounds to work!’ he says!

 (This article was considered for deletion at Wikipedia on June 25 2014. This is a backup)

 

Friday, October 7, 2016

අසාර්ථකම කතානායක? කරු!

වර්තමාන කතානායක, කරු ජයසූරිය පාර්ලිමේන්තුව හසුරුවන විදිහ ඉතාමත් ම අසාර්ථක යි, ඒ විතරක් නෙවෙයි පක්ෂපාති යි!
ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නව නං, පාර්ලිමේන්තු ක්‍රමය පිළිගන්න ඕනෙ. ඒ තමයි, දැනට ක්‍රියාත්මක සහ යම් මට්ටමකටවත් සාර්ථක කරගන්න පුළුවං කියල පිළිගන්න සිද්ධවෙන රාජ්‍ය පාලන ක්‍රමවේදය. පාර්ලිමේන්තුව කියන්නෙ සජීව ක්‍රියාවලියක් සහිත ආයතනයක්, හැදෑරීම් සහිත වාද විවාද හරහා, යහපාලනය මතුකර ගන්න තමයි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්න නියමිත. ලෝකය පුරාම පාර්ලිමේන්තු ක්‍රමය අභියෝගයට ලක්වෙන තත්වයකුත් එක පැත්තක තියෙනව, ඒ, ධනවාදයෙ වර්ධනීය පැවැත්මට අදාළව.
ඒ තත්වය එසේම තිබියදීත්, යහ පාලනයක් සඳහා අපිට යම් උත්සහයක් ගන්න පුළුවං ද කියන අවකාශය තමයි ප්‍රජාතන්ත්‍රවාදය විදිහට පුළුල් කරගන්න ඕනෙ. මේ පාර්ලිමේන්තු ක්‍රමයෙදි, කතා නායකවරයට තීරණාත්මක කර්යභාරයක් පැවරෙනව. ඔහු තමයි පාර්ලිමේන්තු සංවාදය මෙහෙයවන ප්‍රධාන මෙහෙයුම් කරුවා. එදා මේද තුර, ලංකා පාර්ලිමේන්තුවෙ හිටිය කියල අපි අහල තියෙන, අපි දැකල තියෙන හැම කතානායකවරයෙකුට ම වඩා, කරු ජයසූරිය අසාර්ථක වෙන්නෙ මෙන්න මේ කාර්යභාරය කරන්න ඔහුට තියෙන නොහැකියාව නිසා, ඔහුගෙ ප්‍රකාශත් ඉතාම අවිචාරවත්. විරුද්ධ මත යටපත් කරන්න වගෙම තමන් නියෝජනය කරන කඳවුරේ මත ප්‍රවර්ධනය කරන්න, ඔහු ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී වෑයමක් ගන්නව.
ඇත්තටම, කරු ජයසූරිය කියන්නෙ ජනමාධ්‍ය සහ වෙනත් කට කතා ඔස්සෙ, ප්‍රවීණ සහ බුද්ධිමත් කෙනෙක් හැටියට නිර්මාණය වෙච්ච දුර්වල චරිතයක්. මම 'රාවය' පුවත් පතට ට වැඩ කරන කාලයෙ ( 1998 - 2001 අතර නොවිධිමත් කාලය ) එක වෙලාවක, කරු ජයසූරිය පෙරමුණෙ ගමන් කරපු පෙළපාළියකට ගම්පහ ප්‍රදේශයෙ දි සරණ ගුණවර්ධනගෙ මැරයො පහර දුන්න, ඒ පෙළපාළියෙ අන්තිම හරියෙ යන අයට. රාවය කතෘ මණ්ඩලයෙ හිටපු මම සිද්ධිය දැනගත්ත ගමන්, කරු ට දුර කථනයෙන් කතාකරල සිද්ධිය ගැන ඇහුව, යම් මැදිහත්වීමක් කරන්න ( අපි ඒ වෙනකොට, දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රබල මැදිහත්වීමක හිටිය! ), ඔහු එහෙම දෙයක් ගැන දන්නෙ නැහැ කිව්වනෙ! ඔන්න කරු!
ඊට පස්සෙ, ඒ කියන්නෙ 'නිදහස්' පටන් ගත්තට පස්සෙ, 2001 - 2010 අතර කාලයෙ එක වෙලාවක, එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ, රනිල් ට එරෙහිව කරු   ( තව පැත්තකින් සජිත් ) බල ගන්වන වැඩ පිළිවෙළක් දියත් වුණා. ' මහින්ද නොකරන, රනිල් ට බැරි සහ කරු ට පුළුවං මොකද් ද?' කියල ප්‍රශ්න කරමින් එතකොට මම 'නිදහස්' පත්තරේට ලිපියක් ලිව්ව. බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වූ, නීතඥ වෙනුර ගුණවර්ධන ඒ දවස්වල 'නිදහස්' වැඩවලට යම් යම් වේලාවල් වල සම්බන්ධ වෙමින් හිටියෙ, කරු සමග ඔහුගෙ සමීප ඇසුරක් තිබුණු නිසා ඒ හරහා කරු අර ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණා, ප්‍රශ්නයට උත්තරයක් නැති අහිංසක (?) ප්‍රතිචාරයක්. ඊට පස්සෙ දවසක සම්මුඛ සාකච්ඡාවක් සඳහා මට ත් කරු හම්බ වුණා. එදත් අර ප්‍රශ්නයම මම ඔහුගෙන් ඇහුව, උත්තරය ක් නැහැ! (මේ පිළිබඳ විස්තරයක් 'කුඹි' පොතේ සටහන් වෙනව ) කොහොම වුණත්, ඔය ප්‍රශ්නය අදටත් ඒ විදිහටම කරු ජයසූරිය ට වලංගුයි.
ඒ අතීත සටහන මෙතැන යළි සටහන් කරන්නෙ කරු ජයසූරිය කියන දේශපාලන චරිතය ගැන පැහැදිළි කරන්න.
කොහොම හරි මේ සියල්ල එක්ක ලංකාවෙ දේශපාලනය දුර්වල රාජ්‍ය පාලනයක් නිර්මාණය කරන්න හේතු වන බව ඉතාම පැහැදිළියි, අන්තිමට සිද්ධවෙන්නෙ මේ මොහොතෙ ජීවත්වෙන අය විදිහට අපිත් එහි කොටස් කරුවන් සහ සාක්ෂි කරුවන් වෙන එක විතරයි!
CHAPA        
https://en.wikipedia.org/wiki/Tamil_Eelam

විවිධ නම්වලින් 'ජාතිකත්වය' ගැන ද දේශනා කරමින්, සිංහල බෞද්ධ ලෙස පෙනීසිටින ඊනියා නායකයන් සහ ක්‍රියාකාරිකයන් රට හකුළුවා පස්සට අදින අතරෙ, දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ විවිධ කණ්ඩායම් තම අරමුණ සාර්ථක කරගැනීම සඳහා සංවිධානාත්මකව ඉස්සරහට යන ආකාරය බලන්න! කෝ මේ සිංහල බෞද්ධ - උගතුන්, බුද්ධිමතුන්, ඉතිහාසඥයන්? තම තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් බොරු කර කර, රටම රවට්ට රවට්ට හිටපල්ලා? 

CHAPA 

 

http://www.globalsecurity.org/jhtml/jframe.html#http://www.globalsecurity.org/military/world/para/images/tamilnad.gif

Wednesday, October 5, 2016

...Happy Forum will be at Citrus, Waskaduwa! tomorrow also, Oct 6, 2016 ...

අනේ ළමයි නේ!

5 ශිෂ්‍යත්වය ගැන මේ මොහොතෙ ත් ලොකු උනන්දුව ක් රට පුරාම! ඒ, මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීම ත් එක්ක. අදාළ විභාගය පැවැත් වුණෙ අගෝස්තු 21. ඇත්තටම මේ, 5 පන්තියෙ ඉගෙන ගන්න ළමයින් ගෙ මුළු ජීවිතයම විකෘති වෙන්න පුළුවං විදිහෙ අයහපත් ක්‍රියාවලියක කෑල්ලක්. නිදහස් අධ්‍යාපනය ත් එක්ක බද්ධ වෙලා දශක ගණනාව ක් තිස්සෙ පැවැත්වෙන මේ කඩ ඉම් විභාගය කිසිම විදිහකට ළමා මනස සංවර්ධනය සඳහා හේතු වෙන්නෙ නැහැ. ගණිතය, භාෂා සහ පරිසරය යන විෂයයන් එකට මිශ්‍ර කෙරුණු මේ ප්‍රශ්න කිරීම හරහා ලබා ගන්න පුළුවං උපරිම ලකුණු මට්ටමකුත් වාර්ෂිකව තීරණය වෙනව. ජනප්‍රිය පාසල් ලබා ගැනීම සහ ශිෂ්‍යත්ව දීමනා ලබාගැනීම තමයි ශිෂ්‍යත්ව කඩ ඉම පැන ගන්න ළමයින්ට 'පැවරෙන' අරමුණු.
හරියටම ගත්තොත්, මේ දෙමාපියන්ගෙ තරඟ විභාගයක්, අම්මලා ගෙ වැඩියෙන් ම! ඔවුන් තම දු දරුවන්, යම් යම් ක්‍රීඩාවන්ට සත්තු පුහුණු කරන විදිහට ම වගෙ 5 ශිෂ්‍යත්වයට සුදානම් කරවනව. මේ වෙනකොට දරුවගෙ වයස අවුරුදු 10 යි. පාසල් ඉගෙනීම , හවස ශිෂ්‍යත්ව පන්ති ඉගෙනීම, වෙනම ගෙදරට ගුරුවරු ගෙන්වා ඉගෙනීම, දෙමව් පියන්ගෙන් ඉගෙනීම...ළමයට කිසිම ඉස්පාසුවක් නැහැ! උදේ පාන්දර, මහා රෑට, තව එක එක වෙලාවට ළමයට ශිෂ්‍යත්ව පාඩම් ! 'අනේ පුතේ...කොහොමහරි උපරිම ලකුණු ගන්න, මං දන්නවා ඔයාට පුළුවං! ඒ මදිවට දෙමව් පියන්ගෙන් එල්ල වන ආදරණීය - මරණීය පීඩනය! අනේ පුංචි ළමා හිතට ඇතුලු වෙලා ඒ ගැන දැනගන්න පුළුවං නං!
පහුගිය අවුරුද්දක, එක පුංචි දරුවෙක් ශිෂ්‍යත්වය අසමත් වුණා කියල ගෙදරින් පන්නපු සිද්ධියක් උණුසුම් පුවතක් බවට පත්වුණා. තව දරුවෙකුට දඬුවම විදිහට බලු කුඩුවක ලගින්න වුණා. ඔය හෙළිදරව් වුණු සිද්ධි. අපි නොදන්න ඔය වගෙ කාලකන්ණි සිදුවීම් තව කොච්චර ඇද්ද?
මේ කතාවෙ අනිත් පැත්තෙ, ගුරුවරු! එක පැත්තකින් 5 ශිෂ්‍යත්වය, තම ජීවිතයටම ශිෂ්‍යත්වයක් කරගත්ත ගුරුවරු, මේ ළමා හීන market කරමින් හොඳට හම්බ කරනව. පන්ති, සම්මන්ත්‍රණ, පොත් පත්තර සම්පාදනය...ගුරු මුදලාලිලාට මාර සරුයි. තවත් පැත්තක, ඇත්තටම මේ ශිෂ්‍යත්ව කඩුල්ලෙන් තම පංතියෙ දරුවො පන්නන්න දඟලන අවංක කැපකිරීම් කරන ගුරුවරු. එතැනම, ඒ වගෙ ගුරුවරු පීඩාවට පත්කරමින් තරඟය ට ලංසු තියන විදුහල් පති වරු. මේ සියල්ල අතරෙ ක්‍රියාත්මක පුද්ගලික න්‍යායපත්‍ර!
දැන් මේ අහිංසක දරුවන්ට මොකද වෙන්නෙ!?
5 ශිෂ්‍යත්වය නිසා තමයි අත මිට සරු නැති, සමාජ කොණේ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට තම දරුවන් හොඳ (?) පාසලකට රිංගව ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ කියන තර්කය මෙතැන දි අතිශය වැදගත්. ඒ අනුව, මේ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනෙ කියන මතයට වලංගු භාවයක් ලැබෙනව. ඒත්, මේ පවතින අධ්‍යාපන අවස්ථා පිළිබඳ විෂමතාව ට විසඳුම මේකද? ඒ කියන්නෙ අසරණ දරුවන්ගෙ බෙල්ල මිරිකන එකද!? නැහැ! කොහෙත්ම එහෙම වෙන්න බැහැ!! හැබැයි, මෙහෙම කියපු ගමන්, ඔය විෂමතාව දිගටම පවත්වා ගන්න ඕන අයත් 'අන්න හරි!' කියනව. නිදහස් අධ්‍යාපන අවස්ථා ක්‍රමානුකුලව අහෝසිකරමින් සමස්ත අධ්‍යාපනයම මුදලාලිකරණය කරන්න කැසකවන අයත් 'අන්න හරි!' කියනව.
අපි මේ සාකච්ඡාව තර්කානුකූල තැනකට ඔසවා තබමු!
ජාතික පාසල්,  පළාත් සභා පාසල් කියල දෙවර්ගයක් මොකටද? අනෙක ජනප්‍රිය පාසල් කියල කොටසක් වෙන් කරගත්තහම අනෙක් ඒවා ජනප්‍රිය නොවන පාසල් බවට ඉබේම පත් වෙනව. මේ විෂමතාව අනිවාර්යයෙන්ම නැතිවෙන්න ඕනෙ. හැම රාජ්‍ය පාසලක්ම 'පාසලක්'. ජනයාගෙ බදු මුදලින් මූලිකව තර වන රාජ්‍ය අදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ නිදහස් අධ්‍යාපන අවස්ථා සංවර්ධනය කරන්න යොදවන්න ඕන. හැම පාසලක්ම උපරිම මට්ටමට සංවර්ධනය කරන්න ඕනෙ, ඊට සමගාමීව ඉගෙනුම් ක්‍රියාවලිය අදාළ ප්‍රමිතීන්ට අනුව අපේක්ෂිත මට්ටමට සංවර්ධනය කරන්න ඕනෙ. හැම ගුරුවරයෙක්ම ළමයින්ට වග කියන්න ඕනෙ. ඔන්න රාජ්‍ය නියාමනය අවශ්‍ය තැන!
අතිශය වැදගත් ප්‍රශ්නය මේකයි, රටක අධ්‍යාපනය කියන්නෙ මොකද් ද? රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සමගාමී සහ යහපත් සමාජයක් සඳහා වූ දැනුම, වෘත්තීය මට්ටම. මේ දේශපාලනඥයො ඔය ගැන දන්නෙවත් නැහැ, ඊට හපන් උන් ට උපදෙස් දෙන අධ්‍යාපන විශේෂඥයො ටික, තමන් ඉගෙන ගත්ත විදිහව ත් උන් ට මතක නැහැ. ඔය ඔක්කොම එකතු වෙලා, ඊනියා ජාත්‍යන්තර බැංකු වල උපදෙස් අනුව රටේ අධ්‍යාපනය රටත් එක්කම කනව.  
ඉතිං, රටක් හැටියට මේ මහා ඛේදවාචකයට මුහුණ දෙන්න, අපි දැන් වත් සුදානම් ද? ම්හු! නැහැ!
අනේ ළමයි නේ! අපි වැඩිහිටියො නං පරාදයි, 5 ශිෂ්‍යත්වය කෙසේ වෙතත් දවසක මේ අර්බුදයෙන් ගොඩ එන්න උඹලවත් උත්සහ කරපල් ලා! ඒත් කොහොමද නේද, අපි උඹලගෙ බෙල්ල මිරිකන් ඉන්නකොට!
CHAPA, Oct 5, 2016