Sunday, April 30, 2017

Prathira 28th April 2017

CHAPA with Bimal on Rathu Katta on Colombo tv, April 28, 2016, P 1

WHAT Fidel?, CHAPA with www raw. lk, Nov 26, 2016

Aluth Parlimantuwa - 20th April 2016

මොන මැයි සටන් ද? 

ලංකාවෙ ආර්ථිකය හසුරුවන්නෙ, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල්...මේ සේරම ඊට එකඟයි, සියළු දේශපාලන පක්ෂත් එකඟයි. මෙන්න මේ යථාර්ථය අපි තවම වටහා ගන්න සුදානම් නැහැ. ඇත්තටම දැන් වෙලා තියෙන්නෙ මේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ලෝකයම අවදානමකට වැටෙමින් තියෙන එක.
මේ බරපතළ තත්වය වටහා නොගෙන කරන මැයි දින සටන් මොන සටන් ද?
CHAPA
අප්‍රේල් 30, 2017

Saturday, April 29, 2017

නිදහස් by CHAPAbandara: අනේ පුංචි කිරිල්ලියනේ!අපේ පුංචි ගෙවත්තෙ පැත්තක සරු...

අනේ පුංචි කිරිල්ලියනේ!

අපේ පුංචි ගෙවත්තෙ පැත්තක සරුවට වැවෙන තෙබු පඳුරෙ අතු නැවිලා කාමරයෙ ජනේලයෙන් එබෙන්න පටන් අරං. හරිම සුන්දරයි! ගෙවත්තෙ එහා මෙහා සැරි සරන කොණ්ඩ කිරිල්ලියෙකුටත් ඔන්න එහෙම හිතිලා. එයා ඒ අත්තක අස්සෙ පුංචි ලස්සන කූඩුවක් හැදුවා. එයා තමන්ගෙ පුංචි හොටෙන් පුංචි කෝටු කෙඳි අරගෙන අරගෙන ඇවිත් කූඩුව හදන හැටි සමහර වෙලාවට මම හොරෙන් බලාගෙන හිටියා. ඒ හොර වැඩේට එයා එච්චර කැමති වුණේ නැහැ. ඒ වුණත් ලොකුවට ගණන් ගත්තෙත් නැහැ.
දැන් ඔන්න එයා බිත්තර දාලා රකින්න පටන් ගන්නවා. හරිම වගකීම් සහගත හැසිරීමක්. දැනුම් තේරුම් තියෙන නියම අම්මා කෙනෙක්.
ඒ පැත්තෙන්, එක දවසක් එක පාරටම මහා හයියෙන් කුරුල්ලො කෑගහන හඬක් ආවා. එක එක විදිහට, මහා හයියෙන්. මම හෙමින් විපරං කරලා බැලුවා, විශේෂත්වයක් පෙනුනෙ නැහැ. එයාලා දිගටම කෑගහන නිසාම ඊළඟට මම අර ජනේලයෙන් එබිලා බැලුවා. අනේ! එතකොටයි දැක්කෙ නපුරු මුණක් තියෙන හැඩි දැඩි ඇටි කුකුළෙක් තෙබු අතු අස්සෙන් රිංගලා අර පුංචි කිරිල්ලිගෙ කූඩුවට ඇහැ ගහගෙන ඉන්නවා.
එක එක කුරුල්ලො අසරණ කිරිල්ලියත් එක්ක එකට එකතුවෙලා විරෝධය පාන්නෙ ඒ පොදු හතුරාට.        ඉතිං දැන් මොකද කරන්නෙ?
මම හෙමින් ජනේලයෙන් අත දාලා කොහොම හරි ඇටි කුකුළාව එළෙව්වා. එයා යන්න ගියේ, ඉතිං තමුසෙට මොකද? වගෙ බැල්මක් දාගෙන, තරහෙන් වගෙ. ඒ වුණත් එයා, ළඟ ගස් වල අතු පතර ඉඳගෙන වෙන වෙන වැඩ වගෙ පෙන්න පෙන්න කැරකි කැරකි හිටියා, යන්නම ගියේ නැහැ.
අනිත් කුරුල්ලො කණ්ඩායමක් ම එයාට විරුද්ධව මහා හඬින් ඝෝෂා කෙරුවත් තත්වය වෙනස් වුණේ නැහැ. ටික වෙලාවකට පස්සෙ නිකමට මම අර ජනේලයෙන් බලනකොට, එයාලගෙ පොදු හතුරා, වේදනාවෙන් බෙරිහන් දෙන කුරුළු අම්මාට පෙන්න පෙන්නම ඇයගෙ කුඩුවට ඔළුව ඔබගෙන අර බිත්තර ගොදුරු කර ගනිමින් හිටියා. ළඟම තෙබු අත්තක වහලා අඬන කොණ්ඩ කිරිල්ලි විශ්වාසය බිඳුණු දුක්බර ගතියකින් මං දිහාත් බැලුවා.
මම ඒ පාර කලබල කරලා ඇටි කුකුළා එළවනකොට සිද්ධවෙන්න තියෙන සේරම දේවල් වෙලා ඉවරයි. අර කුරුළු විළාපය නං දිගටම ඇහෙන්න ගත්තා. මට අමුතු දුකක් වගෙ හිස් හැඟීමක් ඇති වුණා.
ඇයි මේ?
පැහැදිලි නැතත් මොකද්දෝ ප්‍රශ්නයක් ඔළුව පුරාම කරකැවෙන්න පටන් ගත්තා.
ටික වෙලාවකට පස්සෙ ඒ සාමුහික හඬ තුනී වෙලා ගියත්, තවත් එක පුංචිම පුංචි කුරුල්ලෙක් තනියෙන් බෙරිහන් දෙන හඬ ඇහෙන්න ගත්තා. මම ආයෙත් විපරං කරන්න පටන් ගත්තා. ඒ ළඟම තියෙන කරපිංචා ගහේ අත්තක ඔන්න ඒ පාර අර ඇටි කුකුළා ඉඳගෙන ඉන්නවා. ඒ ළඟින් එහා මෙහා පියාඹමින් තවත් චූටිම චූටි කුරුල්ලෙක් ලොකු කලබැගෑනියක් කරනවා. එයාගෙ උදව්වට වෙන කවුරුවත් ඇත්තෙත් නැහැ. හේතුවක් දැන ගන්නත් බැහැ. ඇටි කුකුළා කීප වාරයක් එළෙව්වත් ආයෙ ආයෙ එනවා. මොකද අනේ මාව විතරක් එළවන්නෙ? වගෙ නොරුස්සනා බැල්මක් ඒ ඇස් වල තිබුණා. සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. නිකං කලබලයක් විතරයි.
එදා දවස ඔහොම ගෙවුණා. හැන්දෑ වෙනකොට ගෙවත්ත පාළුවට ගියා. කුරුල්ලො කවුරුවත් ආවෙ නැහැ. මම ආයෙත් නිකමට ඒ පැත්තෙ ඇවිදිනකොට දැකපු දේ නිසා අර මුළින් ඇති වුණු හිතේ හිරවීම දෙගුණ තෙගුණ වෙලා ආයෙත් මතු වුණා.
තෙබු පඳුරට යාබද අලි ගැට පේර පැළයෙ බිමට නැඹුරු වුණු අත්තක කොළ දෙකක් එකට ලං කරලා හදපු අමුතු ලස්සනම ලස්සන කුරුළු කූඩුවක් දුක්මුසු විදිහට එල්ලා වැටෙමින් තිබුණා. අනේ! එහෙනං ඒක තමයි අර චුටි කිරිල්ලි බේරගන්න සටන් කරලා තියෙන්නෙ! ''ඉතිං තමුසෙට මොකද?'' එතකොටම අර නපුරු ඇටි කුකුළා ගෙ ඇස් වල සටහන් වෙන කතාව මට මතක් වෙන්න ගත්තා.
ඇයි මේ?!
අනේ පුංචි කිරිල්ලියනේ...
CHAPA
2017 අප්‍රේල් 30
     

Tuesday, April 25, 2017

   විශ්‍රාමිකයා!


'පිස්සුනෙ!'
එක්තරා පුද්ගලයෙක් මේ ළඟදි දවසක කියන්න ගත්තා. ඔහු එක්තරා රාජ්‍ය දෙපාර්තමේන්තුවක දීර්ඝ කාලයක් වැඩ කරලා, උසස් තනතුරකින්, අවුරුදු කීපයකට පෙර විශ්‍රාම ගිය කෙනෙක්.
''හැම එකටම සයිටම්...එක්කෝ රාජ්‍ය දේපොළ විකුණනවා...නැත්තං කුමන්ත්‍රණ...පිස්සුනෙ මුන්ට!''
''දැන් එතකොට රටේ එහෙම ප්‍රශ්න නැද්ද?''
මම නිකමට ඇහුවා.
''රාජපක්ෂලා ඒවා කෙරුවෙ නැද්ද?''
ඔහු පෙරළා ප්‍රශ්න කරනවා.
''කෙරුවා!...දශක ගණනාවක් දිගටම සිද්ධ වෙන්නෙ එකම දේ!''
''පිස්සුනෙ...බලන්න! සයිටම් එක හොඳයිනෙ, ඒකෙන් ළමයි ඉගෙන ගන්නවා...ඔය රාජ්‍ය දේපොළ විකුණන කතා ඇත්ත නෙවෙයිනෙ, අනෙක කුමන්ත්‍රණ කතා බොරු...''
''නිදහස් අධ්‍යාපන අවස්ථා නිසා නෙවෙයි ද අපි රටක් හැටියට මේ දුර ආවෙ?''
''පිස්සු! එහෙම එකක් නෑ! අනෙක ඉතිං නොමිළේ ඉගෙන ගන්න ඕනයැ, මොකෝ සල්ලි දීලා ඉගෙන ගත්තහම...මම නං කියන්නෙ කිසිම දෙයක් නොමිළේ දෙන්න හොඳ නෑ...අගයක් නෑ!''
''එතකොට සෞඛ්‍ය සේවාව?''
''ඔය ඕන තරම් හොස්පිට්ල්ස් තියෙන්නෙ, යන්න බැරියැ...ඕවා ආණ්ඩුවේ වෙන්නම ඕනෙද? අනෙක ඔය රාජ්‍ය ආයතන රාජ්‍ය ආයතන කියලා බදාගෙන ඉන්න ඕනෙත් නැහැ...පිස්සුනෙ!''
ඔහු කියාගෙන යනවා.
''ඈ..පරයො! තෝ ගමේ ඉස්කෝලෙන් නිකං ඉගෙන ගෙන, ආණ්ඩුවේ රස්සාවකුත් කරලා, අවුරුදු විසි ගණනක් නිල නිවාසවල ඉන්න ගමන් තමන්ගෙ ගෙවල් කුලියට දීලා වෙනම සල්ලිත් හම්බ කරලා...දැන් පෙන්ෂන් එකත් භුක්ති විඳ විඳ ඊළඟ පරම්පරාවට කෙළවන්න කතා කරනවා නේද? අනේ යකෝ! තෝ මකබෑවියන්''
මට ඔහුට, අන්න එහෙම කතාවක් කියන්න තිබුණා නං හොඳයි.
ඒත් මම නිකං හිස්වෙලා වගෙ මෙහෙම කිව්වා!
''ඔය පාඩම මෙන්න මේ පොඩි එවුන්ට නං කියලා දෙන්න එපා!''
විශ්‍රාමිකයා ගෙ පුංචි මුනුබුරා එතකොට දත් නැති කට අමුතු විදිහකට හදාගෙන මොකද්දෝ කිව්වා. 
''තොපි නං මැරිලා යයි! ඒත් ඊට පස්සෙ අපිට මොකද්ද වෙන්නෙ?''
ඔන්න ඒ හුරතල් හඬ වැඩිහිටි පරිවර්තනයකට ලක් වෙලා දැනුත් ඇහෙන්න ගන්නවා!
CHAPA
April 26, 2017


 

Chapa Bandara

Friday, April 21, 2017

  ඉතිං මේ අහපල්ලා! මම සුර්යා!


මම සුර්යා!
මම මේ මිනිස්සුන්ට, උඹලා ට කතා කරන්නෙ බැරිම තැන.
උඹලා මා දිහා බලාගෙන ඉන්නවා, මා ගැන කතා කරනවා, මා ගැන කවි සින්දු ලියනවා. චිත්‍ර අඳිනවා. කතා හදනවා. තව එක එක දේවල්. ආ! ඔය සුර්යා සහ තවත් නම් කීපයක්ම මට දැම්මෙත් උඹලා තමයි. සමහරු ඒ නම් තම තමන්ටත් දාගෙන.
උඹලාගෙ  මුතුම් මිත්තො මාව සැලකුවේ දෙවියෙක් විදිහට. ඔවුන් මට වන්දනා මාන කෙරුවා. මම නං ඔය වන්දනා මාන ගැන උනන්දුවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු එහෙම කෙරුවෙ මෝඩ කමට නෙවෙයි, මම සහ ලෝකය අතර තියෙන සහ සම්බන්ධය ගැන යම් අවබෝධයකින් කියලා මම හිතනවා. ඔවුන් ඒ ගමන්ම, පොළොවෙ ඉන්න මගෙ අනිත් දරුවො, ගංගා ඇළ දොළ, කඳු නිම්න, ගහ කොළ සතා සීපාවා, උඹල දකින නොදකින අනන්ත ප්‍රමාණයක තවත් සත්තු...ආරක්ෂා වෙන්න ඕන කියලත් අවබෝධයක හිටියා. ආරක්ෂාවට සහ ආහාරයට මිස ඔවුන් වෙන සතෙක්ව මරා දැම්මෙ නැහැ, අත්‍යවශ්‍ය වෙලාවක මිසක් ගහ කොළ විනාශ කෙරුවෙත් නැහැ.
උඹලා, උඹලාගෙ ගෙ මුල් කාලය කොහොමත් ස්වාභාව ධර්මයත් එක්ක සංහිඳීයාවකින් ජීවත් වෙන්න දැනගෙන හිටියා. ඒ නිසාම, ඉඳ හිට යම් යම් අතුරු ආන්තරා සිද්ධ වුණත් සමස්තයක් විදිහට, ඔවුන් ස්වභාව ධර්මය තුළ ආරක්ෂා වුණා.
මමත්, වසර මිලියන ගණනක් තිස්සෙ, උඹ ලා ජීවත්වෙන, පෘතුවිය සහ තවත් නම් වලින් හඳුන්වා ගන්න උඹලා ගෙ ලෝකය දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටියා.
එදාට වඩා අද, උඹලා ගෙ ලෝකය හුඟාක් දියුණුයි! සංවර්ධනය හැම තැනම!
උඹලා මේ වෙනකොට, උඹලා වටේ ස්වාභාවිකව තියෙන හැම දෙයක්ම එක්කම සෙල්ලං කරනවා. මහ පොළොව වස විස වලින් පුරවලා, වා තලය දුෂණය කරලා.
ඒත් උඹලා ට දැන්, උඹලා ත් ස්වභාව ධර්මයේම කොටසක් බව මුළුමනින්ම අමතක වෙලා. උඹලා ත්, සත්ත්ව ලෝකයේම කොටසක් බව, ඒ නිසාම තනියෙන් ජීවත් වෙන්න බැරි බව සහමුලින්ම අමතක වෙලා. මට දරා ගන්න බැහැ, උඹලා මෝඩ විදිහට මහා වනාන්තර විනාශ කරන විදිහ! කඳු පාත් කරන විදිහ! ගංගා ඇළ දොළ අතුරු දහන් කරන විදිහ! අනිත් සත්ත්ව ලෝක වනසන විදිහ!
උඹලා විතරක් නෙවෙයි, ඒත් මගෙ දරුවො!
දැන ගනිල්ලා! ඔය මහා වනාන්තර විනාශ කරලා මගෙන් නං බේරෙන්න බැහැ, උඹලා විනාශ වෙන්නෙ ටික ටික, පිච්චි පිච්චි.
ඔය උඹලාගෙ ලෝකයෙ කාන්තාර ඇති වුණේ මම නිසා නෙවෙයි. ඒවාට විවිධ හේතු තියෙනවා. හැබැයි ඔය උඹලා දැන් කරගෙන යන විදිහට පොළොවෙ ඉතුරු වෙන්නෙ කොන්ක්‍රීට් කාන්තාර විතරයි, අන්තිමට. එහෙම කරගෙන ඔන්න මට නං සාප කරන්න එපා! එතකොට උඹලා ට, මගෙ රස්නය වැඩිවෙලා දරා ගන්න බැරුව යනවා. මම එහෙම කරන්නෙ කැමැත්තෙන් නෙවෙයි.
ඒත් සිද්ධ වෙන්නෙ එහෙම තමයි.
මම කොහොමත් සැලෙන්නෙ නැහැ. උඹලා ට අයිති බව හිතාගෙන ඉන්න ඔය පෘතුවිය කියන වස්තුව, තමන් වටේ කරකැවෙන අතර මම වටේ කරකැවෙනවා. එහෙම කරකැවෙන තවත් ග්‍රහලෝක තියෙනවා. උඹල ගෙ කට්ටියක් මා ගැන හොයන අතර ඒ ග්‍රහ ලෝක ගැනත් හොයනවා. ඒවාටත් යන්න පුළුවන් ද කියලා බලනවා.
එහෙම හොයන එක හොඳයි. ඒත් තමන් ගැන, තමන් ගෙ ලෝකය ගැන හොයන්න උනන්දුවක් නැති උඹලා මේ මොනවද කරන්නෙ? මේ මොනවද හොයන්නෙ?
මම එකක් කියන්නං!
උඹලා පරිස්සමෙන් හිටපල්ලා. ඔහොම ගියොත් උඹලා අනිත් ඔක්කොම ඉවර කරලා උඹලත් ඉක්මනට ඉවර වෙනවා.
උඹලා මගෙ දරුවො! ඒත් මම මොනවා කරන්නද?
උඹලා ම කියපල්ලා! මම මොකක් ද කරන්න ඕනෙ?!
මොකද්ද? මොකද්ද? මොකද්ද?
කියපල්ලා! දරුවනේ!!
( සටහන් කරගත්තෙ CHAPA , 2017 අප්‍රේල් 21 )


    
   

CHAPA on Vishrama Radio, May 1, 2016....

Sunday, April 16, 2017

    ඇති හැකි අයට ජීවිතය!
    නැති බැරි අයට මරණය!!


 
මේ ඔබ දකින ප්‍රචාරණ පුවරුව දකින්න ලැබෙන්නෙ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙ, ගාලු පිවිසුම ට විහිදෙන මාර්ගය, ගාලු පාරෙන් පටන් ගන්න හංදියෙ.
මේ, පුද්ගලික රෝහලක ප්‍රචාරණ දැන්වීමක්.
''ඔබේ දරුවාගෙ අසනීප අවස්ථාවකදී, ඔබ ඔහුව බාල තැනකට අරං යනවාද? එපා!''
එයින් අවධාරණය කරනවා!
මෙහෙම දැන්වීමක් ප්‍රදර්ශනය කරන්න, ඒ පුද්ගලික රෝහලට අයිතියක් තියෙනවා ද? මේ, සදාචාරාත්මක සහ නීතිමය ප්‍රශ්නයක්. ඒ කියන්නෙ, 'බාල' රෝහල් තියෙන බව ඔවුන් දන්නවා කියන එක. එතකොට ඒ බාල රෝහල් මොනවා ද ? රටක එහෙම බාල රෝහල් තියෙන්න පුළුවන් ද?
ඒ වගේම, මේ කරන්නෙ, දරු සෙනෙහස ඇපයට අරගෙන දෙමාපියන් බයකරලා, ඔවුන් ගෙන් කප්පම් ගන්න හදනවා වගෙ වැඩක්.
හිතන්න!
මේ නිර්මාණය වෙමින් තියෙන පාදඩ වෙළෙඳපොළ තුළ, අත මිට හිඟ තාත්තා කෙනෙකුට, අම්මා කෙනෙකුට සහ ඔවුන්ගෙ දරුවන්ට අත්වන ඉරණම!
ඇති හැකි එවුන්ට ජීවිතය!
නැති බැරි එවුන්ට මරණය!!
SAITM සංඛේතයක් බවට පත්වන, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව පිළිබඳ අරගලය වඩා නිර්මාණශීලීව, පුළුල් තලයකට ඔසවා තබන්න අත්‍යවශ්‍ය වෙන්නෙ, අපට අත්වෙන්න නියමිත, මෙන්න මේ ශෝඛාන්තය වෙනස් කරන්නම තමයි!
CHAPA
2017 අප්‍රේල් 17

US DROPS MOAB on Afghanisthan on April 13, 2017

Saturday, April 15, 2017

ඡාරූප, කවි වුණා. කවි, ඡායාරූප වුණා...

 

 

 

 






හදිසියේම මට, ලාල් හෑගොඩ මතක් වුණා!
විශේෂ හේතුවක් නැහැ...
1990 ගණන්වල දවසක, මම ඔහු හොයාගෙන ගියා, ඒ ඡායාරූපකරණය ඉගෙන ගන්න.
ඉතිං මම ඔහුගෙ පන්ති ගියා.
ඒ දවස්වල ඔහුගෙ පන්ති පැවැත්වුණේ, නාවල හන්දියට යාබදව පිහිටා තිබුණු ඔහුගෙම ගෙදර, පස්සෙ කාලයක ඔහු ඒ ගේ විකුණුවා කියලා දැන ගත්තහම මට හීනි තරහකුත් - දුකකුත් දැනුණා. කලාත්මක පෙනුමක් තිබුණු ඒ  ගෙදර තිබුණේ කැලෑවට වගෙ ඇරපු ගෙවත්තක. වදුල සහ ඒ තුළ සැරිසරන එක එක සත්තු එහෙ හිටියා. පුංචි දිය පාරක් ළඟ ඉබ්බෙක්, තලගොයෙක් එහෙමත් හිටියා මතකයි, ඒ, ආයාසයෙන් හදන අය නෙවෙයි. එහෙන් මෙහෙන් ඇවිත් වත්තෙ සැරිසරන අය.
ලාල් හෑගොඩගෙ ඡායාරූපකරණය පටන් ගන්නෙ ස්වභාවධර්මයත් එක්ක කෙරෙන ගනු දෙනුවක් විදිහට. ඉතිං අර ස්වභාවික වට පිටාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. දැන් ඒ වත්ත නැතුව ඇති, ඒ සත්තු? ඒ මතකය තමයි දුකක් වගෙ දැනෙන්නෙ.
ලෝකය හොයන කෙනෙක් සහ කලාව හොයන කෙනෙක් හැටියට තමයි, මම ඔහු ලඟට යන්නෙ. ඔහු, ඡායාරූපකරණය, හුදු තාක්ෂණික ක්‍රියාවක් නොවන වග, අපුරුවට පැහැදිලි කෙරුවා.
ඒ අතරම ඔහු කවියෙක්.
ඔහු කවි ලියන අතර ඡායාරූපකරණයේ යෙදුණා. ඡායාරූපකරණයේ යෙදෙන ගමන් කවි ලිව්වා. දන්නෙම නැතුව ඡාරූප, කවි වුණා. කවි, ඡායාරූප වුණා.
මමත් ඔහුගෙ දහසක් ශිෂ්‍යයෝ මැද ඒ ඡායාරූප කවිකරණය ඉගෙන ගත්තා.
ඒ දවස් ලස්සනයි.
මට මතකයි, අපේ පාඨමාලාව අන්තිම හරියෙදි, ඔහු, අපිත් එක්ක, මොරටුවේ කොච්චි පාර අද්දර, පැල්පත්වල ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත ප්‍රතිනිරූපණය කරන ඡායාරූප අරගෙන, ඒ අයිනෙම පොල් අතු පුවරුවක ඒවා ප්‍රදර්ශනය කෙරුවා. ප්‍රදර්ශනය විවෘත කෙරුවෙ, ඒ වත්තෙ ජීවත් වුණු වියපත්ම අම්මා. අපුරු අත්දැකීමක්.
මම ඒ පන්තිවලට සහභාගී වුණේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට වැඩ කරන ගමන්. ඒ දවස් හරිම අවුල් සහගතයි. ඉතිං කොහොම හරි මට ඒ පාඨමාලාවෙ අන්තිම ඡායාරූප නිබන්ධනයට සහභාගී වෙන්න බැරි වුණා. හැබැයි මට නං හිතෙන්නෙ, ඔහුගෙ ඡායාරූප කවිකරණය හොඳට ම කියවා ගත්තෙ මම කියලයි.
මේ සටහන සම්පුර්ණ වෙන්න, තවත් එක දෙයක් ලියන්නම ඕනෙ.
ඒ කාලයෙන් පස්සෙ, අපි නැවත හම්බ වෙන්නෙ, මම පුර්ණ කාලීනව මාධ්‍යයට සම්බන්ධ වුණාට පස්සෙ. එතකොටත් අපි එක විදිහක අදහස් හුවමාරුවක හිටියා. 2001 දි, මම, 'නිදහස්' මාධ්‍ය ව්‍යාපාරය පටන් ගත්තාට පස්සෙත් අපි වරින් වර හම්බ වුණා. ඔහු, අපේ විශේෂ වැඩ වල, පොදු ආරාධිත ලයිස්තුවේ දිගටම හිටියා.
''මම වෙන වැඩකුත් දාලා ආවෙ, මම මේ එන්නෙම, ඔයා අමාරුවෙන් යන ගමන ධෛර්යමත් කරන්න ඕන නිසා..'' වතාවක් දෙකක් ඔහු එහෙමත් කියලා තියෙනවා.
මේ දවස් වෙනකොට, ඔහු ටිකක් අසනීප ගතියකින් ඉන්න බවත්, එහෙම තියෙද්දි දිගටම පන්ති කරන බවත් මම දන්නවා.
එහෙම බලනකොට, ඔහු හැමදාම ''තරුණ ඡායාරූප කවිකාරයෙක්!''
ඉතිං, දවසක ඔහු මුණගැහෙන්න ඕනෙ, ආගිය තොරතුරු කතා කරගන්නත් එක්ක!
CHAPA
2017 අප්‍රේල් 16

   

''උඹලාව මරා දාපු කුණු කන්දෙ අපේ කුණුත් ඇති! අපට නං සමාව දෙන්න එපා!''


ඊයෙ, ඒ කියන්නෙ 2017 අප්‍රේල් 14, හවස, කොළඹ, කොළොන්නාවෙ, ප්‍රසිද්ධ මීතොටමුල්ල කුණු කන්දෙ, පැත්තක් නාය ගියා.
සිද්ධිය දැන් ලෝකප්‍රවෘත්තියක්!
මේ වෙනකොට, කුණු කන්දට යටවෙලා මියගිය, 19 දෙනෙකුගෙ විතර මළ සිරුරු හොයාගෙන. සෑහෙන දෙනෙක් තුවාලයි.
තවමත් යටවෙලා ඉන්න අය හොයා ගන්න, හමුදා - පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක් මේ මොහොතෙත් ක්‍රියාත්මකයි. ඒත්, වාර්තාවන ආකාරයට, අදාළ මෙහෙයුමට අවශ්‍ය යාන්ත්‍රික වාහන පවා ලැබෙන්නෙ, සිද්ධියෙන් පැය ගණනාවකට පස්සෙ. එතැන ට යන පොලිස්පති, මේ ගැන යම් නිලධාරියෙකුට දුරකථනයෙන් කතා කරන දර්ශනයක් ප්‍රවෘත්තියක විකාශය වුණා. අර නිලධාරියා අහනවා, ඒවා හෙට උදේ එවන්නද කියලා! ඊළඟ ට ආපදා කළමනාකරණ ආයතනයෙ සෙට් එකක්, සුසිල් ප්‍රේමජයන්තගෙ ප්‍රධානත්වයෙන් වටවෙලා කතා කර කර ඉන්න හැටිත් දැක්කා. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාත් කැමරා ඉදිරියෙ මොන මොනවාද කිව්වා. ඇමති චම්පික රණවක නිකං අහිංසක කමට වගෙ කියනවා, විද්‍යාත්මක ක්‍රමයකට මේ කුණු ප්‍රශ්නය විසඳන්න ඉඩ දෙන්න ලු, විරුද්ධ වෙන්න එපා ලු! මාර කතාවක්! තමයි.
අගමැති රනිල් වික්‍රමසිංහ ඔය කොහෙද පිට රටක ඉඳන්, දුරකථනයෙන් කිව්වෙ, කුණු කන්ද සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් ඉන්න අතරෙලු, ඒක නාය ගියේ. සිද්ධිය ගැන කණගාටු වෙනව ලු! බලමුකො ඒකෙත් හැටි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිසතෙල් ගාන අතරෙ කියනවා, දිගටම මධ්‍යම ආණ්ඩුවයි පළාත් මැති ඇමැතිවරුයි අතර කඹ ඇදිල්ල නිසා මේ කුණු ප්‍රශ්නය විසඳන්න බැරි වෙනවා ලු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නං මොකක්වත් කියනවා දැක්කෙ නැහැ, පස්සෙ කියයි.
හැබැයි, ආණ්ඩුව කියනවා, ඔය මැරිච්ච අයගෙ භූමිදාන කටයුතු ආණ්ඩුව ගානෙ කරනවා ලු!
ප්‍රශ්නය ඒ එකක්වත් නෙවෙයි, මේ ඛේදවාචකයට එතකොට වග කියන්න ඕනෙ කවුද? නැතිවෙච්ච් ජීවිත? ඒවාට නැවත පණ දෙන්න පුළුවන් කාටද?
සංවර්ධනය ගැන පුරසාරම් දොඩවන එදා මෙදා පාලකයන්ට, දශක කීපයක සිට ක්‍රමානුකුලව ගොඩ ගැහෙන මේ කුණු කඳු ගැන කිසිම හැඟීමක් ඇත්තෙ නැහැ. මේ එක කුණු කන්දක් විතරයි, කොළඹ සහ තවත් ප්‍රදේශවල තවත් ලොකු පොඩි කුණු කඳු තියෙනවා.
අපි මහලොකු සංවර්ධන ව්‍යපෘති ගැන වාචාල කතා කිව්වාට, අපි බැහැර කරන කුණු ටික කළමනාකරණය කරගන්න බැරි අපොහොසත් රටක්. ආණ්ඩුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා...මධ්‍යම පරිසර අධිකාරිය, අර අමාත්‍යංශය, මේ අමාත්‍යංශය, අර දෙපාර්තමේන්තුව, මේ දෙපාර්තමේන්තුව...මොන ආයතනයද දැන් අඩු? මැති ඇමතිවරු ප්‍රමුඛ නිලධාරීන් මොන රොත්තක්, මේ වගෙ පොදු කාර්යයන් සඳහා මහජන මුදලින් නඩත්තු කරනවා ද?
අපේ පාලකයො අපොහොසත්.
ඒ අතරෙ, ඡන්ද කඩා ගන්නත් මේ කුණු ප්‍රශ්නය තොරොම්බල් කරන විදිහ පේනවා.
වැදගත්ම දේ තමයි, දැනට ගොඩ ගැහිලා තියෙන කුණු කඳුවලට තිරසාර විසඳුමක් හදා ගන්න උත්සහ කරන අතරෙ, දැන් රට පුරා කුණු බැහැර කරන විදිහ විධිමත් කරගන්න විදිහ. කුණු වෙකරගෙන ඒ ඒ වර්ග කළමනාකරණය කරන ජනප්‍රිය ක්‍රමය, අපි නිවැරදිව අනුගමනය කරන්න ඕනෙ. සමහර කුණු ප්‍රතිචක්‍රීයකරණයට. සමහර කුණු පස සරු කිරීමට, ඒකත් ඉතිං ප්‍රතිචක්‍රීයකරණයක් තමයි. මේ ක්‍රියාවලියට, මහජන සහයෝගය ලබා ගන්නත් පාලකයො සමත්වෙන්න ඕනෙ.
ඊළඟට, දැනට පවතින මේ කුණු කඳුවලට කරන දේ. ලෝකය පුරා රටවල් මේ වගෙ අර්බුද සඳහා අනුගමනය කරන ක්‍රම මොනවාද කියන එක හොයලා, ඒ සාර්ථක ක්‍රම වේදයක් විධිමත්ව අනුගමය කරන එක.
ඉතිං මේ වැඩේට, කී දෙනක් සහ කී කාලයක් ඕනෙද?
වෙන විදිහකට ඇහුවොත්, තව කොච්චර බිලි ඕනෙ ද?
මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා යන්නම ගිය අසරණයන්ට කියන්න තියෙන්නෙ නං මෙච්චරයි!
''උඹලා මරා දාපු කුණු කන්දෙ අපේ කුණුත් ඇති! අපට නං සමාව දෙන්න එපා!
CHAPA
2017 අප්‍රේල් 15

CHAPA on Insight, Ada Derana, April 9, 2017, Episode 22

Friday, April 14, 2017

   නෑ ගම් ගිහිං ඉවර නැහැනෙ?!

අලුත් අවුරුද්දට ඉතිං නෑ ගම් යන සිරිත හොඳ එකක්, ඔබත් එහෙම යන්න ඇති. තව ඉතිං දවස් තියෙනවානෙ. දිගටම එහෙම ගමන් දාගෙන ත් ඇති.
ඔබ නෑදෑයන්ට කැමතියි නෙ. හැබැයි මොන නෑදෑයින්ට ද? වැඩිපුරම කැමති, ඇති හැකි සහ පෙනුමට ඉන්න කට්ටියට නේද?
මේ දවස්වලවත් හොඳට කල්පනා කරලා, ඔබේ පවුල්වල නැති බැරි කම් තියෙන සහ විවිධ හේතු මත ඔබට මඟ හැරිච්ච නෑදෑයො ඉන්නවා නං, හොයාගෙන යන්න උත්සහ කරන්න. ඔබ විනෝදයට වැයකරන දේ කළමනාකරණය කරගෙන, එහෙම අයටත් මොනවා හරි සතුටු හිතෙන දෙයක් ගිහිං දෙන්න.
විශේෂයෙන්ම ඒ පුංචි ළමයි!
අපි ඇත්තටම උත්සහ කරන්න ඕනෙ, පුළුවන් තරම්, පුංචි ළමයින්ට ආදරය, කරුණාව, බෙදා හදා ගැනීම ගැන කියලා දෙන්න. වඩා යුක්තිසහගත සමාජයක් ගොඩ නගන්න, ඒ ක්‍රමයත් යම් පමණකට හෝ හේතුවක් වෙයි , නොදන්නා මොහොතක.
පවතින ආර්ථික තත්ත්වයන් තුළ ඒක එච්චර පහසු නැහැ, ඒත් උත්සහ කරන්න පුළුවන්. අඩුම තරමෙ, ඔබ විනෝදය වෙනුවෙන් වැඩිපුර යමක් වැය කරනවා නං, මේ ගැනත් ටිකක් හිතන්න!
CHAPA
2017 අප්‍රේල් 15    

Against SAITM! CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 1

   2017 අලුත් අවුරුද්ද?

 


Thursday, April 13, 2017

  අලුත් අවුරුද්ද පුපුරන්නම ඕන ද?

 උදේ 9 පහු වෙමින් තියෙන්නෙ...

දැන් නං පුපුරන හඬ අඩුයි. මෙදා සැරේ අවුරුදු උදාව එළිවෙන ජාමෙ නිසා, එක දිගට පුපුරන හඬට ගැස්සිලා ඇහැරිලා තමයි දවස පටන් ගත්තෙ.
එහෙම තමයි අලුත් අවුරුද්ද සමරන්නෙ! කියල කට්ටිය කියයි. හැමදාම ඉතිං අවුරුදු නැහැනෙ! කියලත් කියයි. කවදා කවුරු කොහොම පටන් ගත්තත්, මේ පුපුරන විනෝදය නං මේ පොළොවෙ වැඩක් වෙන්න බැහැ.  වෙඩි බෙහෙත් භාවිතය මේ රටට එන්නෙ පෘතුගීසි ආක්‍රමණයත් එක්කනෙ ( සමහර විට ඊට කලින් ඉඳලා වෙන්නත් පුළුවන් ). 
කොහොම ගත්තත්, මේ වෙඩි බෙහෙත් විනෝදය වැඩකට නැති සහ නාස්තිකාර වැඩක්. අනෙක භයානක වැඩක්. එක පැත්තකින් වා තලය, ගහ කොළ, සතා සීපාවා...කම්පනයට පත්කරනවා. ඊළඟට, සත්ත්ව ලෝකයට තවත් ජීව විද්‍යාත්මක හානිත් කරනවා. වෙඩි බෙහෙත් මුසු වාතය ආඝ්‍රාණය කරන මිනිස්සුන්ටත් හානියක් මිස වාසියක් නැහැ. 
හරියටම ගත්තොත්, මේ සත්ත්ව ලෝකයටම හිංසනයක්!
ඒ ඔක්කොම තියෙද්දි, මේ පිපිරිල්ලෙන් වාසි ලැබෙන්නෙ, වෙඩි බෙහෙත් ව්‍යාපාරිකයන්ට විතරයි. ඒ කර්මාන්තයෙන් යැපෙන කට්ටිය ඉන්න එක හරි, ඒත් පොදුවෙ, මෙයින් සමාජයට සිද්ධවෙන හානිය වැඩියි.
අපිට බැරිද මේ බක්මහ අසිරිය වෙන විදිහකට විඳින්න?
සතුට, විනෝදය පිපිරෙන්නම ඕනෙ ද?
අනෙක මේ, සංස්කෘතික මංගල්‍යයක්ද, වෙන එකක් ද?
නිකමට හිතමු!
CHAPA 
2017 අප්‍රේල් 14

 
අලුත් අවුරුද්ද!

2017

 

අවුරුද්ද Run කරන Man Power සේවකයන්ට අවුරුදු නැද්ද?

අලුත් අවුරුද්ද උදා වෙන්න තව පැය කීපයයි තියෙන්නෙ. ඔය කියන අවුරුදු සමරන්න, පොදු ජනයාට අතේ මිටේ සල්ලි තියෙනවා ද කියන එක තමයි හැමදාම තියෙන ප්‍රධන ප්‍රශ්නය.
ඒත් එක්කම, අද මේ මොහොතෙත් ලංකාවෙ සමහර තැන්වල, විශේෂයෙන්ම ජනප්‍රිය සුපර් මාර්කට් වල වැඩට යොදවලා ඉන්න සේවක සේවිකාවන් සම්බන්ධ වෙනම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ, ඔවුන් Man Power කට්ටිය නිසා.
ඔවුන්ට කවුරුවත් වග කියන්නෙ නැහැ, උපරිම මට්ටමෙන් වැඩ ගත්තාට, ඔවුන්ට පොදුවෙ සාධාරණ වැටුපක් ලැබෙන්නෙ නැහැ. අද තවමත්, මැලවුණු මුහුණුවලින් පාරිභෝගිකයන්ට මුහුණ දෙන ඔවුන්, හුඟාක් වෙලාවට රෑ වෙලා ආපහු ගෙදර යන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා.
මේ මොහොතට අදාළව, ප්‍රශ්නය, ඔවුන් අවුරුද්දට වැඩ කරන එක නෙවෙයි, ඔවුන්ට විශේෂ ගෙවීමක් සහ ප්‍රවාහන පහසුකම් ලබා දෙනවාද කියන එක.
මේ සටහන, අදාළ පාලකයන් ට!
කරුණාකරලා දැනට ඒ ප්‍රශ්නය විසඳන්න! අනිත් ප්‍රශ්නය ගැන ඊළඟට හිතමු!
හැමෝටම ජය!
2017 අප්‍රේල් 13



What is Karu Paranavithana? Hiru news 9.30pm, Nov 18, 2016

Wednesday, April 12, 2017

Karu Paranavithana on Hiru news, 7pm, Nov 23, 2016

පාර්ලිමේන්තු ප්‍රචණ්ඩත්වයට අගමැති රනිල් වගකිව යුතුයි! May 3, 2016

   සංවාදය? තව දුරටත්...


අන්තර් ජාලය හරහා සහ දුරකථන ඇමතුම් ඔස්සේ කතා කරමින් විවිධ මාතෘකා පිළිබඳ වරන් වර සාකච්ඡා කරන අය ඉන්නවා, යම් යම් වැඩ වලදි, මුණ ගැහෙන සහ ඒ මුණ ගැසීම් අතර යම් යම් මාතෘකාවලට එළඹෙන අයත් ඉන්නවා. මේ, රට ඉඳලා කතා කරන අයට අමතරව.
මේ පුද්ගලික අත්දැකීම් වලින් වටහා ගන්න පුළුවන් වැදගත්ම කාරණය තමයි, අපිට සමාජයක් හැටියට පුළුල් සංවාදයක් නැහැ! කියන එක. 
මේ කෙටි සටහන, අන්න ඒ යෝජිත සංවාදයට මුල පිරීමක්...
ඔය විදිහට කීප වතාවක් කතා කරන අය අන්තිමට අතුරුදහන් වෙනවා. ඒ සමහර අයට ඕන වෙලා තියෙන්නෙ, අහවල් පක්ෂයට සහයෝගය දෙන බිම් මට්ටමේ වැඩකට මොකක් හරි පොටක් පාද ගන්න පුළුවන් ද කියලා බලන එක. සමහර අය නං මොකක් හරි සිද්ධියකින් හදිසි තැතිගැන්මක් වගෙ හැඟීමක් ඇතිවෙලා, රට ගැන - සමාජය ගැන ලොකු උනන්දුවක් ඇතිවෙලා, පස්සෙ normal වෙන අය. දැනුමේ සීමාවන් නිසා, අවංක - ඒත් තෙරමක් නැතුව කාට හරි වැඩ කරන අයත් ඒ අතර ඉන්නවා. fun එකට හෙවත් ස්වයංවින්දනයට එහෙම කරන අය ඉතිං වෙනම. 
ආණ්ඩුවෙ බුද්ධි අංශවල සහ වෙන වෙන කුලී ඒජන්සිකාරයොත් ඔය අස්සෙ ඉන්න බව පේනවා, ඒ ගොල්ලො නං මාර පව්! 
ඔය පසුබිම තුළ ලැබෙන සමහර අත්දැකීම් වැදගත්, යෝජිත සංවාදය ගොඩනගන්න.
මාසයකට දෙකකට කිට්ටු කාලයක්, වරින් වර ඔහොම දුරකථනය ඔස්සේ කතා බහ කරපු හාමුදුරුවො කෙනෙක්, තවත් හාමුදුරුවරු දෙනමක් එක්ක, මේ ලඟදි දවසක මුණ ගැහුණා. හාමුදුරුවරුන්ට පොදුවේ බලපාන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න තමයි ඔවුන් ආවෙ. 
දේශීය ආර්ථිකයට අනන්‍ය දිශාවක් හොයා ගන්න යම් ඉඩක් හෝ අවසන් වශයෙන් තිබෙන, 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් ථේරවාදී බුදු දහමට පදනම් කෙරුණු ලාංකේය රාජ්‍ය දියකෙරෙමින් තියෙන මේ මොහොතේ, ඒ වගෙ ප්‍රශ්න කෑලි අරගෙන මොකුත් කරන්න බැහැ! සහ ඒ නිසාම, පක්ෂ සහ ආගම් අභිබවා යන ජාතික ( ? ) තලයේ පුළුල් මැදිහත්වීමක් සඳහා වැඩකරන්න ඕනෙ කියන යෝජනාව තමයි ඔවුන්ට ඒ වෙලාවෙ මම ඉදිරිපත් කෙරුවෙ. ඒත් ඒ ගැන එච්චර ලොකු උනන්දුවක් ඔවුන් තුළ තිබුණේ නැහැ. අර කියපු ප්‍රශ්නයට අදාළ තොරතුරු නං දෙන්න පුළුවන් කියන කාරණය තමයි දිගටම අවධාරණය කෙරුවෙ. ඒ ඔක්කොමත් හරි, ඊට පස්සෙ, බුදු දහම ගැන ටිකක් වැඩිපුර සකච්ඡා කෙරුණු අතර තුර, මස් මාළු අනුභවය ගැනත් අහම්බෙන් වගෙ ඇදිලා ආවා. මස් මාළු කන එක බුදු දහමට අනුව ප්‍රශ්නයක් නෙවෙයි කියලා, ඒ හාමුදුරුවරු මට පැහැදිලි කරන්න හදනකොටම, මම ටික ටික හිස් වෙන්න පටන් ගත්තා. සත්තු මරන එක තමයි අකුසලය, ඒ මරපු සත්තු කන එක අකුසලයක් නෙවෙයි! කියනකොටම බුදු දහම තුළ මතුවෙන විකෘතිය ගැන වචන හරඹ වලින් වටහා ගන්න බැහැ. 
බුදු දහමේ හරය, භාවිත අරුතෙන් වටහා ගන්න ඕන මොහොතක් ඒ.
එදා ඉතිං, ටිකක් හිස් ගතියක් ඇතිවෙච්ච නිසා, අභිධර්මය ගැන විශාල උනන්දුවක් තියෙන වෘත්තීය මට්ටමේ මිත්‍රයෙක් එක්ක මේ අත් දැකීම බෙදා ගන්න හිතුවා.
''ඒ හාමුදුරුවරු හරි..මමත් හිතන්නෙ එහෙමයි...'' ඔහු කියන්න පටන් ගත්තා.
''එක ජාතක කතාවක් තියෙනවා..අම්මයි තාත්තයි දරුවයි කාන්තාරයකින් එතෙර වෙන්න යනකොට, කන්න කිසිම දෙයක් නැතිවෙලා, අමම්යි තාත්තයි තමන්ගෙ දරුවා මරාගෙන කනවා...ඒ බෝධි සත්වයො එක...''
'' ඒක එහෙම නං මම ඔය බෝධි සත්ත්වයන්ට එරෙහිව හිට ගන්නවා!'' මිත්‍රයාට කතාව ඉවර කරන්න නොදීපු මම අවධාරණය කෙරුවා.
ඔය බුදු දහම නං නෙවෙයි! මම තවදුරටත් කියමින් ඉන්නවා!
හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපිට අපේ පැවැත්මට අනුන් මරන්න බැහැ. ඒත් අපි එහෙම කරනවා. සත්තු කියන්නෙ, බැක්ටීරියා සිට අලි දක්වා, තවත් හඳුණා නොගත් හුඟාක් සත්තු. අපි එහෙමත් කරන නිසා තමයි, ඉපදීම, ජීවිත්වීම සහ මරණය දුකක් වෙන්නෙ. ඉතිං මේ සරල යථාර්ථය පිළි නොගෙන, තම තමන්ගෙ වාසියට බුදු දහම අර්ථකථනය කරන එක හරහා විශාල විකෘතියක් හැදෙන එක වළක්වන්න බැහැ. 
ඊට පස්සෙ, ආසන්න දවසක, අර මිත්‍රයා තවත් මිත්‍රයෙක් එක්ක තවත් සාකච්ඡාවක් පටන් ගත්තා. ඔවුන් දෙදෙනාම වෘත්තිකයන්.
''ඔබේ දේශපාලන ස්ථාවරය මොකද්ද?''
අර අලුත් මිත්‍රයා ඇහුවා.
''වඩා යහපත් ලෝකයක්  ගොඩ නගන්න අවශ්‍ය ඓතිහාසික සංවාදය ඉස්සරහට ගෙනියන එක...''
''මම ඇහුවෙ ඔබ නියෝජනය කරන පක්ෂය..''
''මගෙ දේශපාලනය, පක්ෂ දේශපාලනයට එපිටින්, කොටින්ම මම කවදාවත් කාටවත් ඡන්දය දීලා නැහැ, දෙන්නෙත් නැහැ...''
''පක්ෂයක් නැති දේශපාලනයක් කියනකොටම, මාක්ස්වාදී පදනමක් තියෙන මට, ඔබ තුමා එක්ක කතා කරන්න දෙයක් නැහැ''
''මාක්ස්වාදය කියන යෙදුම ම වැරද්දක්, 19 වැනි සියවස මැද හරියෙදි, මාක්ස් සහ එංගල්ස් සම්පුර්ණ කරමින් හිටපු අධ්‍යන කටයුතු පෙටියකට දාලා, ඒක 'වාදයක්' කරන එකම දේශපාලන විකෘතියක්!''
''මම නියෝජනය කරන්නෙ, මාක්ස්වාදී පක්ෂයක්''
''මාක්ස්වාදය කියලා දෙයක් වෙනම හදා ගෙන ඒ සඳහා පක්ෂත් හදාගෙන, පවතින ක්‍රමය වෙනස් කරන්න හදන එකම මාර අවුලක්!''
අපේ සාකච්ඡාව ඔය හරියයෙදි වගෙ නැවතුණා.
ඉතිං මේ සංවාදය ඉස්සරහට ගන්නෙ කොහොමද? 
මේ සටහන සඳහාත් සමහරු දිගක් පළලක් නැතුව එක එක දේවල් ලියන්න පටන් ගනීවි. කමක් නැහැ! අඩුම තරමෙ ඉතිහාසය වෙනුවෙන් යමක් සටහන් කෙරුවනෙ, ඒ ඇති!
CHAPA 
2017 අප්‍රේල් 13

       


CHAPA at J'Pura University, May 13, 2016

CHAPA in 'Industrial dialogue' for development of the country! 2014

IMF උගුලට එරෙහිව!

මහා බැංකුව, විශේෂයෙන්ම මුදල් මණ්ඩලය, මුදල් ඇමතිවරයා යටතට පවර ගන්න අවශ්‍ය නීති සංශෝධනය කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා.
රටේ ආර්ථිකය ඝාතනය කෙරෙන්නෙ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අධිකරණයට යන, බන්දුල ගුණවර්ධන මේ ආර්ථික ඝාතකයෝ ගැන කතා නොකරන්න ප්‍රවේශම් වෙන එකෙන්ම පේනවා, මෙතැන යන්නෙ ගේමක් බව!
මේ ව්‍යසනයෙන් රට බේරගන්න, මීට වඩා බරපතළ මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි! ඒත් ඒ කොහොමද?
CHAPA
2017 අප්‍රේල් 12



“To this end, it is important for the government to continue on the revenue based fiscal consolidation and generate adequate resources to support its social and development objectives while maintaining debt sustainability. Notably, advancing the legislative process for the new Inland Revenue Act, with effective public consultations, is a critical step towards rebalancing the tax system toward a more predictable, efficient and equitable structure.

http://www.imf.org/en/News/Articles/2017/03/07/PR1775-Sri%20Lanka-IMF-Staff-Concludes-Visit-to-Discuss-Progress-of-Economic-Reform-Program

IMF Staff Concludes Visit to Sri Lanka to Discuss Progress of Economic Reform Program

March 7, 2017
  • Macroeconomic performance was mixed with gradual growth recovery and higher inflation due to drought, impact of VAT increase.
  • The team commends the authorities for strong efforts in implementing their IMF-supported economic reform program.
  • Net international reserves fell short of the target and progress on implementing structural benchmarks was somewhat uneven.
A staff team from the International Monetary Fund (IMF) led by Jaewoo Lee visited Colombo during February 21-March 7, 2017 to hold discussions on the second review of the Sri Lankan authorities’ economic program that is being supported by a three-year Extended Fund Facility (EFF). The program aims to support the authorities’ ambitious reform agenda to put public finances on a sustainable footing and create space for its social and development program. At the end of the visit Mr. Lee made the following statement:
“The mission made significant progress toward reaching a staff level agreement with the government on completion of the second review. Discussions will continue in April in Washington D.C. during the Spring Meetings of the IMF and World Bank.
“Overall, macroeconomic performance in the second half of 2016 was mixed with gradually recovering growth and an uptick in inflation due to the impact of drought and the VAT increase. The current account remained stable, but the financial account weakened with the resumption of capital outflows. A more prolonged drought could raise food and oil imports with adverse impact on growth, inflation, and the balance of payment.
“The mission commends the authorities for strong efforts in implementing their IMF-supported economic reform program with all fiscal quantitative targets through end-December being met. Substantial progress has been made in stepping up revenue collections and automating revenue administration, which has been the basis for meeting fiscal targets. However, net international reserves fell short of the target and progress on implementing structural benchmarks was somewhat uneven with some of the reforms lagging behind intended timelines. Accordingly, the mission and the authorities have discussed decisive actions to maintain the reform momentum in light of uncertain external environment.
“To this end, it is important for the government to continue on the revenue based fiscal consolidation and generate adequate resources to support its social and development objectives while maintaining debt sustainability. Notably, advancing the legislative process for the new Inland Revenue Act, with effective public consultations, is a critical step towards rebalancing the tax system toward a more predictable, efficient and equitable structure.
“The mission encourages the Central Bank of Sri Lanka (CBSL) to remain vigilant in monitoring inflation pressures and stand ready to tighten monetary policy if inflation or credit growth does not abate. In light of mounting external pressures, the mission encourages the CBSL to take stronger actions towards rebuilding international reserves and maintaining exchange rate flexibility. In this regard, the mission and the authorities discussed IMF technical assistance to facilitate transition to flexible inflation targeting framework.
“The mission also encourages the government to accelerate implementation of structural reforms in public financial management and state owned enterprises (SOEs), building on the substantial technical assistance received so far. In this regard, finalizing and publishing Statements of Corporate Intents for large SOEs is the first necessary step for enhancing transparency and accountability in the reform process. The mission also supports the ongoing work to design reforms in the business environment and competitiveness which are supported by a number of development partners.”
The mission met with Prime Minister Wickremesinghe, Finance Minister Karunanayake, Governor of the Central Bank of Sri Lanka Coomaraswamy, parliamentarians, other public officials, and representatives of the business community, civil society and international partners.
IMF Communications Department
MEDIA RELATIONS
PRESS OFFICER:
Phone: +1 202 623-7100Email: MEDIA@IMF.org

INSIGHT Episode 22 - Janaka Alahapperuma

Tuesday, April 11, 2017

අනේ අපේ රට...

2015 ජනවාරි 8, ශ්‍රී ලංකා දේශපාලනය, ඊනියා ජාත්‍යන්තරයේ ''Regime Change ව්‍යාපෘතියක්'' යටතේ වෙනස් කෙරුණා. චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී හදිසි කල්ලිය, NGOs නඩය, දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් ඍජුව ද, ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම් කීපයක් වක්‍රව ද මැදිහත් වුණා.
රාජපක්ෂ පාලනය පෙරළා දාන්න බලපෑ ප්‍රධාන හේතු දෙකකි;
1. එකී ඊනියා ජාත්‍යන්තරයේ බළල් අණ්ඩක් බවට පත්වූ දෙමළ ත්‍රස්තවාදය, මිලිටරිමය වශයෙන් පරාජය කළ රාජ්‍ය හමුදා බලය.
2. කලාපීය සාංකාවක් මතු කරමින් ඉන්දියාව ට සාපේක්ෂව චීනය සමඟ වඩා ඍජු - වඩා සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සහ කිරීම.
රාජපක්ෂ පාලනය, මේ ''දේශපාලන මොහොත'' නිවැරදිව කියවා ගන්නට අපොහොසත් වුණා. මාර්ග සංවර්ධනය ප්‍රමුඛ යම් ආකාරයක සංවර්ධන ව්‍යපෘති රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබුණත්, ඒ ඒ සංවර්ධන ඉලක්ක සහ  අදාළ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඒ යට මෝදුවෙමින් තිබුණා. චීනය ඇතළු තවත් තැන්වලින් ඉවක් බවක් නැතුව ලබාගෙන තිබුණු ණය සහ ඒවාට අදාළ ණය කොන්දේසි තවත් පැත්තක.
ගෝඨාභය යටතේ ක්‍රියාත්මක වුණු, ආරක්ෂක අමාත්‍යාශය කේන්ද්‍රියව කළමනාකරණය කෙරුණු නගර අලංකරණය ප්‍රධාන සංවර්ධන කටයුතු සැලකිය යුතු ඉහළ මට්ටමක තිබුණත්, නීතියේ අවභාවිතය තුළ, දුෂණ, වංචා සහ අක්‍රමිකාතා වලින් පිරුණු ( ඊට පෙර සහ ඊට පසු, අද මෙන්ම ) ඒ පාලන සමය, ඉබේම අර කුමන්ත්‍රණයට ගොදුරු වුණා.
ඒ වනවිටත්, එනම් 1948 න් පටන් ගෙන 1977 දි කූටප්‍රාප්තිය ට පත් වුණු ධනේශ්වරයේ පශ්චාත් නුතන අවධියට අදාළ දේශපාලන විෂය නිර්දේශය රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණා සහ මේ දැනුත් දිගටම ක්‍රියාත්මකයි. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා, මහින්ද, රනිල් - මෛත්‍රී, එදා මෙදා තුර ඒ වෙනුවෙන් විධිමත්ව සහ නොවිධිමත්ව පෙනී හිටිනවා. දකුණේ, වමේ සහ රැඩිකල් වමේ ලෙස හඳුණා ගැනෙන සියළු දේශපාලන පක්ෂත් ඍජුව හෝ වක්‍රව ඒ ක්‍රියාවලියෙම කොටස් බවට පත් වෙනවා.
71, 88 - 89 ජවිපෙ කැරළි ( ? ), LTTE ත්‍රස්තවාදය සහ තවත් බරපතළ ප්‍රතිවිරෝධතා ඉස්මතු වෙන්නෙ, ඔන්න ඔය සන්දර්භය ඇතුළෙ.
මේ අනුව, 2017 අප්‍රේල් 12 උදේ වරුවෙ දි , ලාංකේය දේශපාලනයෙ ''මේ මොහොත'' තේරුම් ගන්න පුළුවන්, එසේ නම් සිද්ධ වෙන්නට නියමිත කුමක් ද?
1. රටේ කෘෂි ආර්ථික පදනම සහ ඊටත් සම්බන්ධ දේශීය ආර්ථික ශක්තිය තව දුරටත් බිඳ හෙලීම සහ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව ප්‍රධාන සුභසාධන රාජ්‍ය ක්‍රමය අහෝසි කිරීම, එමගින් ශ්‍රී ලාංකිකයන්, වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ අසරණ ණය කරුවන් සහ ගැහැනු - පිරිමි ශරීර පමණක් විකිණිය හැකි නූගත් වහළුන් බවට පත් කිරීම. එමගින්, එකී වෙළෙඳපොළට අවශ්‍ය මෙරට සම්පත් කොල්ල කෑම සහ රට තුළ තම වෙළෙඳපොළ පුළුල් කර ගැනීම. ඒ සඳහා, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආර්ථික ඝාතන ඒජන්සීස් මගින් ලබා දෙන උපදෙස් ක්‍රියාවට නැංවීම.
2. කළාපීය සංහිඳියාවක් ඇතිකිරීම සඳහා, ඉන්දියාවට සහ චීනයට සම බලයක් ලැබෙන පරිදි ලාංකේය භුමිය සහ තවත් අවස්ථා පවරා දීම.
3.  එකී ඉලක්කය සඳහා, හරස්ව පවතින, ''ථේරවාදී බුදු දහමට න්‍යායිකව පදනම්වන ඓතිහාසික මූලයන්ගෙන් පැන නගින  ලාංකේය රාජ්‍ය'' අහෝසි කොට, බෙදුණු දුර්වල රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම. ඒ සඳහා, දෙමළ - මුස්ලිම් බෙදුම්වාදය සහ සිංහල බෞද්ධ අන්තවාදය යොදා ගැනීම.
මේ වනවිට, මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුක්ෂමව සහ වේගයෙන් දියත් වෙමින් තියෙනවා. ඒ අතර ඉක්මනටම 2020 කිටුවෙනවා.
ඊළඟට සිද්ධවෙන්නෙ, ඒ වෙනකොට නවත්වන්න සිද්ධවෙන තැනින් පටන් ගන්න කාට හරි අවස්ථාවක් ලැබෙන එක, ලබා දෙන එක.
ඉතිං, අපට කළ හැක්කේ කුමක්ද?
කොටින්ම, 1977, 1994, 2005, 2010, 2015 සහ ඊළඟට 2020...
එතකොට?
CHAPA
2017 අප්‍රේල් 12         

'prathira' at thruptha art deck, Baththaramulla, April 7, 2017

Saturday, April 8, 2017

INSIGHT Episode 21 - Rohitha Bogollagama

     යළි ඉපදෙන නිසා...

පුද්ගලයෙක් මිය ගියාට පස්සෙ, යළි ඉපදෙනවා ද? නැද්ද? එහෙම ඉපදෙනවා නං ඒ කොහොම ද, කොච්චර කාලයකට පස්සෙ ද? ඒ යළි ඉපදීම සඳහා බලපාන සාධක මොනවා ද?
මෙහෙම ප්‍රශ්න පේළියක්, එක පසුපස එක වශයන් එන්න ගන්නවා!
මිනිස් වේශයකින් ඉන්න කෙනෙක් මරණින් මතු තවත් සත්ත්ව වෙෂයකින් හටගන්න පුළුවන් ද? එහෙම වෙන්නෙ කොහොමද? වෙනවා නං, ඒ මොනවගේ සත්ත්ව පරාසයකද? ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා.
බුදු දහම තුළ කෙරෙන විශ්ලේෂණයට අනුව, ඔව්! යළි ඉපදෙනවා, යළි හටගන්නවා. බුදු දහම පදනම් වන ප්‍රධාන සාධකයත් ඒකම තමයි.
ඇත්ත තමයි! ''යළි උපදින්නෙ මමත් නෙවෙයි, වෙන කෙනෙකුත් නෙවෙයි!'' බුදු දහම තුළ භාවිත අරුතෙන් පවතින්න උත්සහ ගන්නකොට ඉබේම දැනෙන්න ගන්නවා.
මේ ආරම්භය ගත්තෙ, මේ මොහොතෙ, බුදු දහම තුළ පුළුල් සාකච්ඡාවක් ගොඩ නගන්න නෙවෙයි. මේ ජෛව යථාර්ථය තුළ, මිනිස් පැවැත්ම හෙවත් 'දේශපාලනය' මතුකරගන්න පුළුවන් විදිහ හොයන්න.
ඉතිහාසය පරීක්ෂා කරනකොට පේනවා, එක කාලයක, විද්‍යාත්මක සමාජවාදය සහ බුදු දහම සසඳන විද්වත් සංවාද ගොඩනැගිලා තියෙනවා, මේ ලංකාවෙම! අද මෙහෙම පසුගාමී වුණාට.
ඇත්තටම අපි යළි යළි උපදිනවා නං - යළි යළි හට ගන්නවා නං, ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් තියෙනවා නං මීට වඩා 'පොදු' අරමුණක පිහිටන්න පටන් ගන්නවා. මම, මගේ, මට...කියලා ලෝකයම තමන්ගෙ ඔඩොක්කුවට දාගන්න උත්සහ කරන්නෙ නැහැ. අනුන්ගෙ ජීවිත විනාශ කරන්නෙ නැහැ. අනුන්ගෙ දේපොළ උදුරා ගන්නෙ නැහැ. අත්‍යවශ්‍ය මොහොතක හැර, ස්වභාව ධර්මයට එරෙහි කිසිම දෙයක් කරන්නෙ නැහැ.
ඒ කියන්නෙ, සුන්දර පොදු සමාජ පැවැත්මක්!
අපි නිකමට උත්සහ කරමු!
ඊළඟ භවයෙදි, 'මම' මේ දැන් මම හතුරුකං කරන කෙනාගෙම තාත්තා, අම්මා, අයියා, අක්කා, මල්ලි, නංගී, පුතා, දුව...ඔය ඕන කෙනෙක් වෙන්න පුළුවන් නං, ඉතිං ඇයි මේ හතුරු කම? සරලම සරල ප්‍රශ්නයක්!
නිකං ඉන්න ගමන් හිතන්නකො! එතකොට අපි මේ කරන කියන අයහපත් සහ දුෂ්ට වැඩ අවම වෙන්න පටන් ගන්නවා, අනිවාර්යයෙන්ම.
ඔබට ජය!
අපි ඊළඟ භවයෙදිත්, ඊළඟ භවයෙදිත්...ඔහොම දිගටම, ඔන්න එහෙනං යළි මුණ ගැහෙනවා, එක එක විදිහට!
සුදානම් වෙන්න!
CHAPA
2017 අප්‍රේල් 9

තීර්ථ යාත්‍රිකයා !

 
වසන්ත ඔබේසේකර!
නික්ම ගියා...
ඒත් ඔහු යමක් හොයමින් හිටියා!
වරින් වර, එසේ ඔහුට හමු වුණු දේ, ඔහු නිදහසේ ප්‍රති නිර්මාණය කෙරුවා.
පළගැටියෝ, වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, මාරුතය, කැඩපතක ඡායා, තීර්ත යාත්‍රා...
ඔව්! ඔහු දක්ෂ සිනමාකරුවෙක්!
ලාංකේය සිනමාව තුළ ඔහු, සම්ප්‍රදාය සහ නුතනත්වය එකට කැටි කළ යමක් හොයා ගත්තා. 'කැඩපතක ඡායා' තමයි ඒ හොයාගැනීම පරාවර්තනය කෙරුවෙ.
1940 දශකයෙන් ආරම්භ වන සිංහල සිනමාව, ලෙස්ටර් ගෙ 'රේඛාව' හරහා ලාංකේය නූතන හැඩ තල හොයාගන්න දරන දීර්ඝකාලීන - ඓතිහාසික වෑයම තුළ වසන්ත ඔබේසේකර කියන්නෙ වෙනම ලකුණක්.
මම පුද්ගලිකව ඔහු සමඟ ලබපු සුන්දර අත්දැකීමක් ගැනත් මෙතැනම සටහන් කරන්න ඕනෙ...
TNL සඳහා මම නිෂ්පාදනය කරමින් ඉදිරිපත්කරපු Search Light වැඩසටහන වෙනුවෙන්, 2001 දවසක මම ඔහු සම්මුඛ සාකච්ඡාවකට ගත්තා. එදා, ඔහුගෙ නිවසෙදී, වැඩසටහන රූ ගත කෙරුවාට පස්සෙත්, අපි සෑහෙන වෙලාවක් ලාංකේය සිනමාව ගැන කතා බහ කරමින් හිටියා.
ඔහු බලාපොරොත්තුසහගත සිනමාකරුවෙක්. අපේ රටේ සිනමාව නගාහිටුවන්න දිගටම වැඩ කළ යුතු බව ඔහු දැඩිව විශ්වාස කෙරුවා.
මේ වෙනකොට, ලංකාවෙ අපි, රටක් හැටියට, ඉන්දියානු කොලනියක් බවට පත්වෙමින්, ඉන්දීය සිනමාවම ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. වසන්ත ඔබේසේකරලා ඉහළ මට්ටමකින් ඉස්සරහට ගෙනාපු අපේ සිනමාව ඒ අනුව වඳ වෙමින් යන්න ඇරලා!
මේ වගෙ ''අපේ මිනිස්සු!'' නික්ම යනකොට තමයි දැනෙන්නෙ අපි කොච්චර පාර වරද්දාගෙන ද කියලා.
ඇත්තටම අපි මේ කොහෙද යන්න?
''මේවා ගැන ඉතිං කාත් එක්කද කතා කරන්නෙ? කාට ද අපේ සිනමාව ඕනෙ'' එදා, අපි කතා කරන වෙලාවෙ, ඔහු බිඳුණු හඬකින් කිව්වා මතකයි.
වසන්ත ඔබේසේකර!
ඔබ සිනමාවට ණය නැහැ! රටට ණය ත් නැහැ!
ඔබට, ඔබ නික්ම යන අතර, දවසක නික්ම යන තෙක් ජීවත්වන, අපේ උත්තමාචාරය!
CHAPA 
2017 අප්‍රේල් 8
 
 

Friday, April 7, 2017

දෙනෙත් හැර, ලෝකය බලන්න!

ඔබ සහතික කරන නීතිය කුමක්ද?
සමාජ යුක්තිය ද?
සමාජ යුක්තිය සහතික නොකරන ඔබේ අපක්ෂපාතී බව කුමකටද?
CHAPA
April 8, 2017

Thursday, April 6, 2017

GSP+ ! WHAT & WHY? CHAPA on Neth fm, Unlimited, Jan 10, 2017

'life' to experience....at thruptha, Baththaramulla, March 31, 2017, Part 2

නිදහස් by CHAPAbandara: විරුද්ධ මත?!ඕනෑම කෙනෙකුට , ඕනෑම මතයක් දරන්න පුළුවන...

නිදහස් by CHAPAbandara: විරුද්ධ මත?!ඕනෑම කෙනෙකුට , ඕනෑම මතයක් දරන්න පුළුවන...: විරුද්ධ මත?! ඕනෑම කෙනෙකුට , ඕනෑම මතයක් දරන්න පුළුවන්! ඕනෑම කෙනෙකුට, විරුද්ධ මතයක් දරන්න අයිතියක් තියෙනවා! ඇත්ත! ප්‍රජාතන්ත්‍රවාදය තුළ...

විරුද්ධ මත?!

ඕනෑම කෙනෙකුට , ඕනෑම මතයක් දරන්න පුළුවන්!
ඕනෑම කෙනෙකුට, විරුද්ධ මතයක් දරන්න අයිතියක් තියෙනවා!
ඇත්ත!
ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහතික කෙරෙන එක මූලික කොන්දේසියක්නෙ ඒ.
පැරණි සෝවියට් දේශයේ සිට, පැරණි චීනයේ සිට...තවමත් පවතින කිවුබාව හරහා උතුරු කොරියාව දක්වා වූ, වමේ ( ? ) කඳවුර තුළ- රටවල භාවිතයට ගත්තෙ සහ ගනිමින් තියෙන්නෙ ඊට වෙනස් කොන්දේසියක්. ඒ ඒ රටවල පැවැත්මට හානිවන සහ පවතින පාලන යාන්ත්‍රණය විවේචනය කෙරෙන කිසිදු මතයක් ඒ ඒ රටවල කිසිදු වැසියෙකුට දරන්න හෝ ප්‍රකාශයට පත් කරන්න බැහැ. ඒ කොන්දේසිය පැනවෙන්නෙ, ඒ ඒ රටවල ආරක්ෂාවට සහ පැවැත්මට. ඒ ඒ රටවල, පක්ෂ පවත්වාගෙන ගිය සහ යන දේශපාලන විනය, ලංකාවෙ, ජවිපෙ වගෙ පක්ෂයක් තුළ පවත්වාගෙන යන දේශපාලන විනයට සමානයි.
ඔවුන් විශ්වාස කරන්නෙ, අපි, පොදු ජනතාවගෙ යහපත වෙනුවෙන් වැඩ කරනවා! ඒ නිසා අපි ඒ වෙනුවෙන් පවතිනවා! ඒ පැවැත්ම අන් කිසිවෙකුටත් බිඳින්න කිසිසේත්ම ඉඩ දෙන්නෙ නැහැ! කියන එක. ඒ ඒ පක්ෂ වෙනුවෙන් උපරිම කැපවීම් කරපු සාමාජිකයෙක් වුණත්, අදාළ විනය කඩන බවට තීරණය කෙරෙන මුල්ම තැන සිට 'ද්‍රෝහියෙක්' බවට පත්වෙනවා. එය එවැන්නෙකුගෙ මාරාන්තික අවසානයක්!
එක අතකට, ඔවුන්ට අනුව එය අවංක විශ්වාසයක් වෙන්නත් පුළුවන්.
එතකොට, ඒ වමේ පුරුද්ද, දැඩි ලෙස විවේචනය කරන දකුණේ කඳවුර කියා හිටින්නෙ, අපි භාෂණයේ නිදහස උපරිම මට්ටමෙන් සහතික කරනවා, ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න සහ විශේෂයෙන්ම විරුද්ධ මත දරන්න අයිතියක් තියෙනවා කියලා.
එතකොට, බැලූ බැල්මටම පේන්නෙ, දකුණේ කඳවුර වඩා නිදහස් කියලා!
ඒත්, මෙතැන මාර ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙකුට ඕන මතයක් දරන්න පුළුවන්, ඒක හරි! ඒත් ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්න පුළුවන්. අදාළ පුද්ගලයාට සතුටක් දැනෙනවා! ඊට පස්සෙ? එච්චරයි!
මේ ක්‍රමය, ඕනෑම තක්කඩි කමක් වහගන්න යොදාගන්නත් පුළුවන්. ''මේ මගෙ මතය, ඔය ඔබේ මතය!'' මාර ලිබරල් ගතියකුත් මතු වෙනවා! කෙනෙකුට ඕන දෙයක් විවේචනය කරන්න ඇරලා, ඕනෑම මතයක් ප්‍රකාශයට පත් කරන්න ඇරලා නිකං ඉන්නවා හෝ අනෙකා, තමන්ට ඕන දේ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ, මේ නිසාම් බරපතළ අයහපත් තත්වයන් මතු වෙනවා. ලෝකය පුරාම එහෙමයි. ඒ නිසාම ලංකාවෙත් එහෙමයි.
ඔය අස්සෙ, මොකුත්ම දන්නෙ නැති කෙනෙකුට, නොදන්නාකම වහගන්නත් මේ ක්‍රමයට පුළුවන්. ''ඔය ඔබ හිතන විදිහ, මේ මම හිතන විදිහ!'' කියලා නිකං ඉන්නවා. ''හරි හරි! ඔයා හරි, අපි වැරදියි, ඔයානෙ සේරම දන්නෙ!!' කියලා, ඕන නං පොඩි මඩ පාරකුත් ගහලම යනවා. මේ සමාජ මාධ්‍ය ජාලා අතර එහෙම ප්‍රජාතන්ත්‍රවාදී පොරවල් නං හරියට ඉන්නවා.
''මම ඔබ කියන දේ පිළිගන්නෙ නැහැ, ඒත් ඔබට ඕනෑම මතයක් දරන්න තියෙන අයිතිය පිළිගන්නවා!'' බලන්න! කොච්චර ලස්සන කතාවක් ද?
වමේ කඳවුර!
දකුණේ කඳවුර!
මේ හැම කඳවුරටම - මේ මත දැරීමේ සහ මත ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නය අදාළයි. ප්‍රශ්නයක් කිව්වාට, මේ, මානව ශිෂ්ටාචාරය මුහුණ දෙන බරපතළ අර්බුදයක්!  අර්බුදය, සංකීර්ණයක් වෙන්නෙ, 'මතය' ක් කියන්නෙ මොකද්ද? කියන සංවාදයත් එක්ක. කවුරු, කා වෙනුවෙන් ද? එහෙම මානයකුත් මතුවෙනවා, ඒ අස්සෙන්.
විසඳුමක් නැහැ! ඒත් මෙතැන, ප්‍රශ්නයක් තියෙනවා...
CHAPA
2017 අප්‍රේල් 6
   

Kaluwara Eliya Trailer with Chapa....

life to experience...March 31, 2017

'prathira' at thruptha, Baththaramulla, March 24, 2017

CHAPA with Medical Students against SAITM, Ganemulla, April 4, 2017

Monday, April 3, 2017

   සේල්! සේල්!
   බම්බුවෙ අලුත් අවුරුද්ද!
   සිංහල දමිළ...
   රෙද්ද!

අලුත් අවුරුද්ද...
අලුත් අවුරුද්ද කිව්වාට මදි. සිංහල හින්දු අලුත් අවුරුද්ද!
සිංහල කියන්නෙ ජාතියක්, හින්දු කියන්නෙ ආගමක්. ගැළපෙන්නෙ නැහැ! කෙනෙක් කියයි. එහෙම නං, සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියමු! තව කෙනෙක් යෝජනා කරයි.
දෙමළ කියනකොට නිකං හරි නැහැ වගෙ, අපි 'දමිළ' කියමු, ද්‍රවිඩ කියන්නත් පුළුවන් වුණාට ඒ හඬ යන්නෙ නැති නිසා, 'සිංහල දමිළ' තමයි හොඳ!
සිංහල දමිළ අලුත් අවුරුද්ද!
හරි! එහෙම කිව්වා කියමුකො. මොකද්ද මේ අලුත් අවුරුද්ද?
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට...
හරි! හරි! ඒ ජ්‍යෝතිෂ්‍යට අදාළවනෙ. සංස්කෘතික පදනම?
අන්න යෙදුම! සංස්කෘතිය!!
සංස්කෘතිය කියන්නෙ, මාක්ස්වාදී අරුතෙන්ම, ආර්ථික - නිෂ්පාදන සම්බන්ධතා මත ගොඩනැගෙන ව්‍යුහයක්. එතකොට, මේ අපි සමරන්න සුදානම්වන සිංහල ලිතේ 'බක් මස මැද' දවස් කෙළින්ම සම්බන්ධ වෙන්නෙ අපේ ගොවිකමට. විශේෂයෙන්ම වී ගොවිතැනට.
වී අස්වැන්න නෙළ ලා බැත බරවන මේ සෞභාග්‍යමත් දවස් එක්ක එදවස අපේ ගම්මාන අමුතු ප්‍රබෝධයකින් වෙළෙන්න පටන් ගන්නවා. එරබදු මල් පිපෙන්නෙ, සත් සමුදුරු තරණය කරගෙන කොහා ගයන්න පටන් ගන්නෙ, ඒ හඬින් ගම්මාන පිබිදෙන්න පටන් ගන්නෙ, අන්න ඒ සංස්කෘතිය ගොඩනගමින්.  
ඒත්, මේ වෙනකොට අපට මොකද්ද වෙලා තියෙන්නෙ?
වසර දහස් ගණනක ඉතිහාසය පුරා විහිදෙන මේ රටට අනන්‍ය ගොවිතැන සහ ගොවිකම වගේම, පසුව යම් යම් සාධනීය විදේශ බලපෑම් සමඟ කාර්මික මට්ටමකට සංවර්ධනය වන ගොවිතැන හෙවත් කෘෂිකර්මාන්තය, මේ වනවිට අපි අමන විදිහට නොසලකා හරිමින් ඉන්නවා. අපේ මෝඩ පාලකයො, විදේශ ණය කොන්දේසි සහ උපදෙස් පිළිපදිමින්, පොදු ජනයාට මෙගා සිහින පෙන්වමින් සහ ඒ ආර්ථික ඝාතකයන් සමඟ අපේ  කෘෂිකර්මාන්තය විනාශකරමින් ඉන්නවා.
අනිත් පැත්තෙන්, ගිය සියවසේ මැද හරිය වෙනකොට, ඊනියා හරිත විප්ලවයක නියැළෙමින් ලෝකය එකම රසායනික වගුරක් බවට පත්කරපු ''උන්ගේ ආර්ථික කඳවුරට'' නතු වෙලා.
රජරට ගොවියන්ට විතරක් නෙවෙයි දැන් දැන් රටටම වකුගඩු අමාරු! ඒක නොහඳුනන වකුගඩු රෝගයක් ලු! ලංකාවෙ ආචාර්ය මහාචාර්ය වෙනම සෙට් එකක් ඉන්නවා ඒක සාධාරණීකරණය කරන්න.
උන්ට දරුවො නැහැ.
වඳ!
අනේ යකෝ!
වැඩේ කියන්නෙ, මේ මහා ඛේදවාචකයට, සිංහලයො, දමිළයො, මුසල්මානුවො...සේරම එකඟයි. යකාගෙ ජාතිවාදයක්!
දේශානුරාගය, ජාතික අභිමානය! අමු කුනු හරුප!
ඒ අස්සෙ අපේ පාදඩයො, රටේ වනාන්තර විනාශ කරනවා. ගංගා ඇළ දොළ මරාගෙන කනවා. ඉඳගෙන ඉන්න අත්තම කපනවා!
ඔය දැන් කොහා ගයනාවා නෙවෙයි අඩනවා, විළාප තියනවා.
හොඳට කන් දීගෙන අහගෙන හිටපල්ලා!
සිංහලයො දමිළයො ඉතිං සමරන්නෙ මොන බම්බුවේ අලුත් අවුරුද්දක් ද?
බලාපල්ලා! ඔන්න සුපර් මාර්කට් අස්සෙ, පාරවල් අයිනෙ අවුරුදු කුමාරයො, අවුරුදු කුමාරියො රෙදි බැනියන් හැට්ට ඇඳගෙන බඩු විකුණන්න පටන් ගන්න හැටි!
''මීඩියා අවුරුදු'' වෙනම සේල් පටන් ගන්නවා!
සේල්! සේල්!
බම්බුවෙ අලුත් අවුරුද්ද!
සිංහල දමිළ, රෙද්ද!
CHAPA
April 4, 2017