Sunday, November 20, 2016

2017 වෙසක් හඳ පායන අතර...


1970 දශකය වෙනකොට, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය මුහුකරමින් යළි ගොඩනැගෙන 'ශ්‍රී ලංකාව' යම් යම් අඩු පාඩු මැද්දෙ වුණත් එක්තරා ආකාරයක ස්වාධීන - සාර්ථක රාජ්‍ය පාලනයකට තවත් ආරම්භයක් ගන්නව. ඒ අනුව, බුදුදහම සහ කෘෂිකර්මාන්තය එකට ගමන්කරන ඓතිහාසික - දේශීය ආර්ථික පදනම, දවසක තව වැඩිදුරට ත් දියුණු කරගන්න හෝ යම් ප්‍රමාණයකටවත් ඉතුරුවෙනව.
1977 දි රටේ දොර කවුළු කොදේසි විරහිතව විවෘත කරල JR ආණ්ඩුව, ලංකාව ඊනියා ගෝලීයකරණ වෙළෙඳ උගුලට හිරකරන්නෙ ඒ අතරෙ තමයි. ඊට සමගාමීව තවත් සාධක ගණනාවක් එක්ක රට තුළ එක විදිහක දේශපාලන විකෘතියක් ඇතිවෙනව. ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය එන්න එන්න උත්සන්න වෙන්න පටන් ගන්නව.
සියල්ල අතර, මේ අර්බුදය තුළ යළි යළිත් මතුවෙමින් රටේ අනාගතයට දැවැන්ත ආලෝකයක් ලබාදෙන්න හැකියාව තියෙන බුදුදහම එක එක පුද්ගලයන්ගෙ සහ දන්න - නොදන්න බලවේගවල දේශපාලන මෙවලමක් බවට පත්වෙන්නෙ බලාගෙන ඉද්දි. ඒ, රටේ කෘෂි ආර්ථික පදනම කුමන්ත්‍රණකාරී ලෙස විනාශ වන අතරතුර. හරියටම ගත්තොත් මේ එකිනෙක සමග සම්බන්ධ තනි ක්‍රියාවලියක්.
2017 අය වැය කියවන මේ මොහොත උදාවෙන්නෙ අන්න ඒ සන්දර්භය තුළ!
ලංකා රාජ්‍ය දැන් යම් බෙදුම්වාදී ආකෘතියකට මාරුකරන්න සියල්ල සුදානම්. බුදුදහම, ඊනියා බුද්ධාගමක් එක්ක පටලවාගත්ත ඊනියා බෞද්ධයන් ප්‍රීතියට පත් කරන්න ඊළඟ වෙසක් උත්සවය මහ ඉහළින් සමරන්න ඔන්න එක්සත් ජාතීන් ලංකාවට එනව. දකුණු දිග - ඊසාන දිග ආසියානු අමුත්තො විශාල ප්‍රමාණයක් එනවලු, ලංකාවෙ වෙසක් ප්‍රීතිය සමරන්න!
මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 250 ක්! කාගෙ සල්ලි ද? අර එන එකෙක්වත් අපිට සල්ලි දෙන්නෙ නැහැ - ලංකාවෙ අහිංසක පීඩිත ජනයාගෙ සල්ලි! මේ කතාව කිව්වම කට්ටියක් අහයි, ඇයි, වෙසක් සමරන්න එපා ද? කියල.
ඒත් ඉතිහාසය වෙනුවෙන් මේ සටහන තියනව!
CHAPA      

No comments:

Post a Comment