Saturday, December 5, 2015

රට අපේ නෙවෙයි !අපිත් අපේ නෙවෙයි !! 

ලංකාව මේ වන විට ලෝක වෙළෙඳ පොළේ අසරණ ගොදුරක් වෙලා ඉවරයි!
70 දශකය තුළ ලෝකයයෙ හුගක් රටවල් වගෙම ලංකාව ත් තම ගමන් මග හොයාගන්න යම් උත්සාහයක් ගත්ත. එත් ඒ වනවිට සුබසාධන රාජ්‍ය ක්‍රමය පෙරළා දමමින් ගෝලීය කරණ වෙළෙඳ සුත්‍රය ක්‍රියාවට නැංවෙනව. එක්සත් ජාතීන්ට මුවා වුණු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තම තමන් සම්බන්ධ බහුජාතික සමාගම් ජාලයක් එක්ක ලෝකයම ආක්‍රමණය කරන්න පටන් අරගෙන තිබුණ. ලංකාවත් 1977 දි කොන්දේසි විරහිතව ඔවුන්ට යටත් වුණා.
 ඉතිං එතැන් සිට JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී...මේ හැමෝම එකා වගෙ ඔය ගෝලීය වෙළෙඳ ක්‍රමන්ත්‍රණයට අහුවෙනව. මේ මොහොත වෙනකොට සිද්ධවෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දන්න දේවල් නෙවෙයි. ජනාධිපතිවරයා දන්න දේවලුත් නෙවෙයි. 
 මේ ලෝක දේශපාලන ප්‍රවණතා ඇතුළේ මහින්ද ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුට, දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරල රට එක තැනකට ගන්න හැකියාවක් ලැබුණා. ඒත් ඒ ඉතිහාස මොහොත දේශපාලනිකව කියව ගන්න රාජපක්ෂලාට බැරි වෙනවා. කොහොම උනත් පැහැදිලිවම 70 දශකයෙ ඉදලා මේ රට පාලනය කරන්නෙ අර කලින් කියපු ඊනියා ජාත්‍යන්තරය තමයි.
 ඔවුන්ගෙ මූල්‍ය ආයතන වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව...ලංකාව බරපතල ණය උගුලක හිරකරල. ඔවුන්ගෙ ණය කොන්දේසි තමයි අපේ පාලකයෝ මෝඩ කමට හිනා වෙවි ක්‍රියාත්මක කරන්නෙ. ව්‍යාවස්ථා සංශෝධන හරහා ඔවුන් මේ රට දුර්වල රාජ්‍යයක් බවට පත්කරනවා.
 රටේ ගාමක බලවේග වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගෙ තීරණාත්මක අංශ මුදලාලිකරණය කරමින් ලංකාව ඔවුන්ගෙ වෙළෙඳ පොළ තුළට ගිලගන්නව. වෙලාවකට ඔවුන්ගෙ පර්යේෂණ භූමියක් වගෙම වෙලාවක කුණු බක්කියක් බවට රට පත්කෙරෙනව. හෙරොයින් ජාවාරම සහ ලිංගික වෙළෙඳ පොළ කැසිනෝ සමග අනිත් පැත්තෙන් රට ඉවර කරනව.
උගතුන් බුධිමතුන් සහ කලාකරුවන් යැයි කියාගන්න අය රාජ්‍ය නොවන ආයතනවල ඩොලර් වලට හිරවෙලා. සියලු ආගම් මෙතැනදි පරාදයි. රටේ විනාශය, අපේ සහ අපේ එවුන්ගෙ විනාශයක් බව දන්නෙ නැතුව fun එකේ ඉන්න ජනමාධ්‍ය එක්ක මහජනයා නොහොත් අපිත් fun එකේම ඉන්නවා.
 රට අපේ නෙවෙයි !අපිත් අපේ නෙවෙයි !!
 මේ තමයි අපේ කතාව! 
CHAPA


3 comments:

  1. Kumara chapa.
    U are respect character with value ideas sir
    Congratulations !!!

    ReplyDelete
  2. Brilliant explanation. Thank you very much for sharing the precious knowledge. All the very best for the future CHAPA.

    ReplyDelete