Monday, June 20, 2016

වධක බෙරය විකුණගන්න විදිහක්...

ලංකාව මේ වෙනකොට ඊනියා ජාත්‍යන්තරය තුළ තම පැවැත්ම පිළිබඳ ඉතා බරපතල අභියෝග රැසකට මුහුණ දෙනව, ඊනියා ජනයා හෙවත් NGO පුරවැසියො, එහි කොටසක්ව - ඒ ව්‍යසනයට බොරුවට එරෙහි වෙමින් ඊටම අවශ්‍ය වට පිටාව සකස් කරනව, පොදු ජනයා තද නින්දක!
ඔවුන් අවදි කරන්නෙ නැතුව ඉතිං අපිට ඉදිරි පැවැත්මක් නැහැ!
පාර්ලිමේන්තුව දැන් කොහොමවත් ජනතා අභිලාෂයන් නිරූපණය කරන්නෙ නැති නිසා, පක්ෂ ආකෘති බිඳගෙන ඊට පිටින් ජනයා සංවිධානය වෙන්න ඕනෙ. ඒ සඳහා ශක්තිමත් ජනමාධ්‍ය අවකාශයක් නිර්මාණය කරගන්න එක අත්‍යවශ්‍යයි, හේතුව රට ඉවර කරන සියලු මෙහෙයුම් කටයුතු සඳහා රටේ සියලු ජනමාධ්‍ය ආයතන ඉතාමත්ම සුක්ෂම විදිහට යොදා ගන්න නිසා. රාජ්‍ය, ආණ්ඩුව, ඊනියා ජාත්‍යන්තරය, රාජ්‍ය නොවන සංවිධාන ජලය සහ වෙළඳපොළ කියන්නෙ එකම අවකාශයක්, එකම සංකීර්ණයක්. එතකොට ජනමාධ්‍ය කියන්නෙ නුතන වෙළඳපොළ ප්‍රකාශනය! ඒ අර්ථයෙන්, එය business එකක් - හොඳ market එකක්!
ඒත්, ජනමාධ්‍ය එහෙම වෙනකොට ජනයාට මාධ්‍යයක් කෝ? ලංකාව, සමාජයක් විදිහට දැන් මුහුණ දෙමින් තිබෙන බරපතල ඓතිහාසික අර්බුදය වෙනුවෙන් ජනයා බලගන්වන්න නං ඒ අර්ථයෙන් ගොඩනැගෙන 'ජනමාධ්‍යයක්' ඕනෙ! ලෝකයෙ සෙසු ජනමාධ්‍ය වගෙ ලංකාවෙ මාධ්‍ය ආයතනත් තම තමන්ගෙ ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් මහන්සි වෙනව.
මෙතැනදී යහපත් සමාජයක් හෝ යහපත් රටක් වගෙ කතා අදාළ ම නැහැ, විකුණනව - විකිණෙනව! එච්චරයි...මේ රට ගැන කිඹුල් කඳුළු හෙලන, රටට දිවිහිමියෙන් වගෙ ආදරය කරන බව පෙන්වන වෙනත් ව්‍යාපාරිකයන් ට නං මේ ගැන කිසිම අදහසක් නැහැ, මහා නායක හාමුදුරුවරුන්ට, ජනප්‍රිය ධර්ම කථිකයන්ට, දළඳා මාළිගාවෙ දියවඩන නිලමෙ වගෙ අයට මේ මාතෘකාව අදාළ ම නැති ගානයි, ඇයි කළුතර බෝධිය? ඔය ගොඩ ගහගෙන ඉන්න මහා ධනයෙන් මාධ්‍ය ආයතනයක් හදල රට වෙනුවෙන් ජනයා බලගන්වන්න පුළුවං නෙ! මොන?! සුදු ඇඳගෙන, බෞද්ධ කොඩියත් පෙන්න පෙන්න ඔය මොනව හරි කර කර කට්ටිය fun එකේ ඉන්නව. මේ බරපතළ වර්තමාන දේශපාලන අනතුර මුලින්ම දැනෙන්න ඕනෙ ඒ තැන්වලට, ඒ ඇයි? රාජ්‍ය, ව්‍යුහාත්මකව වෙනස් කරන්න හදනව, බුද්ධාගමට තියෙන රාජ්‍ය ප්‍රමුඛස්ථානය ගිලිහෙන්න යනව! කියලවත් අඩුම තරමෙ ඒ තැන්වලට දැනෙන්න පටන් ගන්න ඕනෙ! පුදුමයි! එහෙම නැහැනෙ, නිකං හිතන්න බෞද්ධයා නාලිකාව, රන්ගිරි දඹුලු මාධ්‍ය වගෙ සිංහල බෞද්ධකමට මුවා වෙච්ච මාධ්‍ය ආයතන දැන් පිස්සු වැටිල වගෙ බෞද්ධ රාජ්‍ය බෙරගන්නවත් කොන්දේසි විරහිතව සටන් කරන්න ඕනනෙ...එක අතකට මේ පුදුමයකට හේතුවකුත් නෙවෙයි, හැමෝම ඉන්නෙ වෙළඳපොළ ඇතුළෙ විකාර වෙලා.
කොහොම හරි මේ ව්‍යවස්ථා වෙනස සිද්ධ වුණොත් රට නැත්තටම නැති වෙනව, හේතුව එහි දේශපාලන අරමුණ, ලංකා රාජ්‍ය බිඳල දුර්වල කරල තව දුරටත් වෙළඳ ගොදුරක් බවට පත් කරගන්න එක නිසා, ඒත් මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරමින් විරුද්ධ බලමුළුවක් හදන්න කෝ ඉතිං ජනමාධ්‍යයක්? හැම වාසියක්ම ඔවුන්ට...BBC, CNN, Channel 4...තව හුඟක් International media, Reuters වගෙ පුවත් ඒජන්සීස් ඔවුන්ට. ලංකාවෙ රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය ඔක්කොමත් ඔවුන්ට...
අපිට රට වෙනුවෙන් මාධ්‍ය අවකාශයක් නැහැ! රාජපක්ෂලාටත් ඔය ගැන අබ මල් රේණුවක අදහසක් තිබුණෙ නැහැ. දවසක කෙළවුණොත් තමන් වෙනුවෙන් පෙනී හිටින්නවත් ශක්තිමත් මාධ්‍යයක් ඕනෙ කියල ඔවුන් හිතුවේ නැහැ.
මේ අර්බුදයෙන් ගොඩ එන්න, රටේ ජනයා බලගන්වන්න ඕනෙ, කෙටි කාලීනව - දිගු කාලීනව. එත් කොහොමද? බලන්න දෙමළ ඩයස්පෝරාව වැඩකරන විදිහ! ඔවුන් දිගටම ශක්තිමත් මාධ්‍ය මෙහෙයුමක් පවත්වාගෙන යනව, ඒ හරහා විවිධ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් පවා සාර්ථකව ක්‍රියාත්මක කරනව. විදේශ ගතව ඉන්න යමක් කරන්න පුළුවන් කාටවත් එහම උවමනාවක් නැහැ. ඔය කාව හරි ගෙන්නවාගෙන පොඩි drink එකකුත් අරගෙන selfie ත් ගහල fun එකට රට ගැන කතා කර කර ඉන්න තමයි ඒ හුඟ අය ආසා. වැඩ නැති වෙලාවට  fb ඇවිත් comments එහෙමත් දායි. එච්චරයි. අපිව මරන්න ගෙනියනව, අපි හොරු, අපි බලන්නෙ වධක බෙරය විකුණගන්න පුළුවන්ද කියල.
අපි ඉතිං මොකද්ද කරන්නෙ?
CHAPA

No comments:

Post a Comment