Thursday, December 1, 2016

තවත් කතාවක්...

...හිටපු අගවිනිසුරුට එරෙහි කෘතීම විරෝධයක්!

''මේ අනුව සිදුවුයේ අගවිනිසුරුට එරෙහිව එවකට විපක්ෂයේ සිටි එජාපය කෘතීම විරෝධයක් නිර්මාණය කිරීමයි. බැලූ බැල්මට එය වික්ටර් අයිවන්ගේ 'ගේම්' එකක් ලෙස පෙනුණත් ඊටත් වඩා එය එජාපයේ ගේම් එකක් බවට හඳුනා ගැනීම වඩා දේශපාලනිකය. ඒ වනවිට රාවයේ ක්‍රියාශීලී කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු වූ මට, දිනක් ගාමිණී අතුකෝරල හිටපු විපක්ෂ මංත්‍රීවරයා ප්‍රශ්න කිරීමේ අවස්ථාව ලැබිණි.
ඊට පෙර දින රාත්‍රියේදී වික්ටර් අයිවන් තම ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයට කතා කොට ඉතා උනන්දුවෙන් විස්තර කළේ ගාමිණී අතුකෝරල - අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් තද බල ලෙස කතා කිරීමට සුදානමින් සිටින බවය. ඒ මොහොතේ වික්ටර් අයිවන් සහ වරුණ කරුණාතිලක මධුවිත පානය කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියේද ගාමිණී අතුකෝරල සමග බව, මම දුරකථන පසුබිමින් ඇසුණු හඬවල් ඔස්සේ නිරවුල්ව වටහා ගතිමි.
පසුදින උදෑසන කොල්ලුපිටියේ පිහිටි තම නිවසේදී මා ඉදිරියෙන් හිඳගත් ගාමිණී අතුකෝරල මගේ ප්‍රශ්න වලට දිගින් දිගටම පිළිතුරු දෙමින් දැඩි ලෙස ප්‍රකාශ කළේ අගවිනිසුරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් ඇති නොවන බවය. එසේම ඔහුට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බවද ඔහු අවධාරණය කළේය. අවසානයේදී, මම ඔහු ඇතුළු රනිල් පිළේ පරස්පර විරෝධී හැසිරීම ප්‍රශ්න කරන විට ඔහු තදින් කෝප වූ බව ද මට හොඳින් මතකය.
'' මොනවද චාපා මේ...මේවා දාන්න පුළුවං ද? ඔළුවක් නැද්ද?''
රාවය ප්‍රධාන කතුවරයා ගාමිණී අතුකෝරලගේ සංවාද සටහන කියවා කෝපයට පත්විය. අවසානයේදී එය රාවයේ පළ නොවීය.
( රාවයට සාක්ෂියක්, 2008 ජූලි, පිටු 37 - 38 ) 

No comments:

Post a Comment