Wednesday, December 21, 2016

Brother Charles ට ලියමි,

ඔබේ දේශන දෙකක කෙටි Video උපුටා දැක්වීමක් සමග, මම දැනටමත් ඉදිරිපත් කර තිබෙන මූලික යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව දක්වන විවිධ අදහස් හේතුවෙන් ඔබ කණස්සල්ලට පත් ව සිටින බව, පෙරේදා, මැක්සි ( මැක්සීස් සභාපති, මැක්සි පෙරේරා ) මට දුරකතනයෙන් පැහැදිලි කෙරුවා, මම හිතන්නෙ ඔබ ඔහුට මේ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් කරන්න ඇති.
ඉතිං මේ සටහන ලියන්න හිතුවෙ, මගේ මේ මැදිහත්වීම තවදුරටත්පැහැදිලි කරන්න!
මේ මැදිහත්වීම, ඔබ සම්බන්ධ 'පෞද්ගලික සිද්ධියක්' සම්බන්ධයෙන් නෙවෙයි, ඒ නිසාම කණස්සල්ලට හෝ කෝපයට පත්වෙන්න එපා කියල යෝජනා කරන්න මුලින්ම ඉඩ දෙන්න.
ලෝකය පුරාම, ලෝකය යහපත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් එදත් හිටියා - අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඒත් සමස්තයක් විදිහට, ලෝකය එන්න එන්නම මහා අර්බුද ගොඩක හිරවෙමින් තියෙනවා. ඒ ඇයි? මේ ප්‍රශ්නයට උත්තර හොයනකොට එන ප්‍රධාන කාරණයක් තමයි 'දැනුම'. දැනුම කියන්නෙ එතකොට මොකද්ද? What is knowledge? කියන සොක්‍රටීස්ගෙ ප්‍රශ්නයට අපි දැන් එනවා. දැනුම කියන්නෙ නැවත දැනුම් පද්ධති. දැනුම නැති වෙනකොට, දැනුම අඩු වෙනකොට, දැනුම විකෘති වෙනකොට - පටලැවෙනකොට...අර කියන අර්බුද ගොන්නට එදිරිව, ලෝකය යහපත් කරන්න කියලා හොයාගන්න උත්තර සියල්ලමත් වරදිනවා. මේ වෙනකොට වෙමින් තියෙන්නෙ අන්න ඒක තමයි!
අපේ මාතෘකාව ''ආගම් සහ සමාජ යහපත'' කියලා ගත්තොත් මේ 'දැනුම' කියන සාධකය මෙතැනට අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මම මේ විශ්ලේෂණය කරන්නෙ සියළු ආගම්වලින් ඉවත්වෙලා, නිදහසේ.
බලන්න! ඉස්ලාම් ආගමට සම්බන්ධ ෂරියා නීතිය, එක ජන කොට්ඨාසයකට කරලා තියෙන හානිය සහ එය සමස්ත මානව වර්ගයාට එල්ල කරන අභියෝගය. ඒ ආගම් ඉගැන්වීම් දේව නියමයන් විදිහට පිළිගන්න මිනිස්සු අහිංසකයි - ඇත්තටම ඔවුන් පව්! ඒ විනාශකාරී මානව ක්‍රියාවලිය වටහා ගන්න අවශ්‍ය 'දැනුම' ඔවුන් සතුව නැහැ.  රෝමානු - කතෝලික සමාජය තුළ එහෙම භයානක තත්වයක් නැහැ. ඒත්, ඒ ආගම පැරණි සහ නූතන ආකෘති දෙකකින් ගෝලය පුරාම දේශපාලන මෙහෙයුමකට සම්බන්ධ වෙනවා, ප්‍රබල මෙහෙයුම් උපකරණයක් විදිහට.
පැරණි භාරතයේ හටගන්න 'බුදු අහම' ඒවාට සාපේක්ෂව වෙනම දැනුම් පද්ධතියක්. උදාහරණයක් විදිහට ලෝකයේ සියළු ආගම් තුළ තියෙන්නෙ ඇදහීමකට පදනම් වන කොන්දේසි මාලාවක් සහ සිරිත් විරිත් පද්ධතියක්.
බුදු දහම, දහමක් මිස ආගමක් නෙවෙයි - දර්ශනයකුත් නෙවෙයි. එය විශ්වය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක්. ක්‍රි.පූ. 6 වැනි සියවස තරමට ඈත තැනක හටගන්නා මේ දහම, පසු කාලීනව ආගමකට, දේශපාලන මෙවලමකට සහ තව තව හැඩ වලට මාරු වෙනකොට තමයි, අර මූලික සොයාගැනීම විකෘති වෙන්න පටන් ගන්නෙ. අද වෙනකොට අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බ වෙන්නෙ අන්න ඒ විකෘතිය. විශේෂයෙන්ම බුද්ධාගම වෙනුවෙන් කැපවූ බව පෙන්වන ජනප්‍රිය බෞද්ධ ධර්ම කථිකයන් මේ තත්වය තවත් අවුල් කරනවා. ජනමාධ්‍යයත් මේ අයහපත් තත්වයට ඍජුවම වග කියන්න ඕනෙ. හැබැයි, වැදගත්ම දේ තමයි, කොච්චර අවුල් කරන්න හැදුවත්, බුදු දහම තුළ තිබෙන 'විද්‍යාව' අවුල් වෙන්නෙ නැහැ, හේතුව එය විද්‍යාවක්වීම. කෙනෙකුට මේ සම්බන්ධයෙන් වැඩි දුර හදාරන්න ඕන නං 'අභිධර්මය' කියවන්න පටන් ගන්න පුළුවන්. මොන විදිහේ දැනුමක් ඒ හරහා ගත්තත්, හැබැයි අන්තිමට එය තමන්ම භාවිත අරුතෙන් සාක්ෂාත් කරගන්න ඕන දැනුම් පද්ධතියක්.
මෙන්න මේ දැනුම් පද්ධතිය, වෙන කිසිම ආගමකට සම්බන්ධ නැහැ. ඉතිං ඔබ අතින් දැන හෝ නොදැන සිදුවන වැරැද්ද තමයි, බුදු දහම වටා ගොඩ නැගුණු සාහිත්‍යයට අදාළ සහ පසුව නිර්මාණය වන 'බුද්ධාගම' ට සම්බන්ධ යම් යම් කොටස් වගේම අර කියන මහා දැනුම් පද්ධතිය තුළ පවතින සංකීර්ණ දැනුමේ සුළු කොටස් එකට ගෙන, ඔබ ගමන් කරන ක්‍රිස්තියානි ගමන් මාර්ගයට ගලපන එක. එයින් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විශාල සමාජ හානියක් වෙනවා.
අපි මෙහෙම බලමු!
ජේසු පෙන්වූ මග දිගේ යන කෙනෙක්, තමා ඇතුළු ලෝකය මැවූ දෙවියන් තුළ - ඇදහිල්ලෙන් පවතිමින්, තම ජීවන විමුක්තිය අත්පත් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ එවැනි හොඳ කිතුනුවන්, මරණයෙන් මතු ඒ දෙවියන් හෙවත් ගැලවුම්කරුවා කරා ගමන් කරනවා. මැවුම්වාදය පිළිගන්න කෙනෙකුට ඉතා පැහැදිලි මග පෙන්වීමක් ඒ ආගම තුළම තියෙනවා.
බුදු දහම තුළ, ගැලවුම් කරුවෙක් නැහැ. ඉපදීම - ජීවත්වීම - මරණය දුකක් නිසා, යළි ඉපදීමක් හෙවත් ප්‍රතිසංධියක් තියෙන නිසා, කර්මය ඇතුළු නියාම ධර්ම 5 ක් තියෙන නිසා, තම තමන් විසින් හිත දියුණුකරමින් දීර්ඝ ක්‍රියාවලියක් තුළ ජීවිතය ලෙහා දැමීම තමයි බුදු දහම පෙන්වන මාර්ගය. 'නිවන' කියන්නෙ ජීවිතය, ජීවිතයෙන් නවතින තැන!
ඔබට දැන් පේනවා නේද මේ මර්ග දෙක පරස්පරයි. එතකොට මේ ගමන් මාර්ග දෙක එකිනෙක ගලපන්න යන එක තේරුමක් නැහැ සහ එයින් ඒ මාර්ග දෙකම විකෘති වෙනවා. මම උනන්දුවෙන්නෙ නං බුදු දහම තුළ තියෙන මහා දැනුම් පද්ධතිය ගැන. එය විකෘති කිරීම මානව අපරාධයක් ලෙසයි මම දකින්නෙ. ඔබට පේනවාද!
ඔබ කියන දේවල් ඇත්ත තමයි, ඔබ 'හරි' කියලා හිතන අය සහ ඔබ කියන දේවල් ඇත්ත නෙවෙයි, ඔබ 'වැරදියි' කියලා හිතන හුඟාක් අය මේ මාර්ග දෙක අතර හිරවෙලා . බුදු දහම ගැන මූලික දැනුම නැති කෙනෙක් නං අනිවාර්යයෙන්ම අතරමං  වෙනවා. ඔබට අවශ්‍ය එහෙම සමාජ යහපතක් නෙවෙයි කියලා මම හිතනවා.
කොහොම නමුත් ඔබ සමග මගේ පුද්ගලික ප්‍රශ්නයක් මෙතැන නැහැ, මේ දාර්ශනික මට්ටමේ සංවාදයක්, අපි දිගටම විවෘතව සාකච්ඡා කරමු!
ඔබට ජය!
CHAPA
Dec 22, 2016

8 comments:

  1. දැනුම යනු තථාගත පරමත්ථ දේශනයට අනුව නම් මිරිගුවකට සමානයි.මන්ද මිරිගුව පසු පස්සේ යන කෙනෙකුට හෝ හීනෙන් වතුර බිව්ව කෙනෙකුට වතුර තිබහා නැතුව යයිද ??????
    නැත.දැනුම ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට නම් ඉතා අවශ්‍යයි. නමුත් සක්විති රජ කමත් අතහැර බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේත් උන් වහන්සේ මොකක්ද දේශනා කලේ,මම අනන්ත සංසාරයක් තිස්සේ යනගමනේ "මම "නම් වූ ගේ හදන වඩුවා දැක්කා .ඒ ගේ හැදීමට උපකාරී වුනේ සිත හා ගත යන දෙකට තිබු තණ්හාව අතහැරියා.එහිදී උන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ සිත හා ගත සකස් නොවන බවයි.ඒ අනුව අපට සක්සුදක්සේ පැහැදිලියි මේ ගතවත් සිතවත් අපට අයිති දෙයක් නොවන බව.
    දැන් සිංහල බෞද්ධයානිවන් දැකීමට වෙහෙස දරන්නේ සිත දියුණු කර දැනුම පුළුල් කර මාරයට ලංවීමට මිස බුදුන් දැකීමට නොවෙයි.බුදුපිලිමයකින් හෝ ෛචත්‍යාකින් හෝ ධාතුවකින් උන්වහන්සේ දකින්න බැරියයි ජීවත්ව සිටියදීම උන්වහන්සේ දේශනා කල සේක.

    ReplyDelete
    Replies
    1. බොහෝ තුති චාපා...! ඔබ සෑම විටම කැළේ යන කරත්ත වලට හරි මග පෙන්වන්නට ඉමහත් සමත් කමක් දක්වන්නෙක්. මේ කාරණය පිළිබඳව ඔබේ විග්‍රහය අනර්ඝයි. අද අපට දැණුම සහ සංකල්ප කළමණාකරණය පිළිබඳව විශාල ගැටළුවක් තිබෙනවා. මගේ වටහා ගැනීමට අනුව කළමණාකරණය නො කළ දැණුම බ්ලූමැන්ඩල් කුණු කන්දට සමාන වන අතර නිර්වචනය කර නො ගත් සංකල්ප වස දැමූ කැවුම් වගෙයි. අද ලාංකීය සමාජයේ උගතුන් යැයි සම්මුතියේ හැඳින් වෙන පිරිස් මෙම කාරණා දෙක වටහා ගන්නට නො හැකි වීම නිසා තමන් ද උග්‍ර අර්බුදයකට ලක්වෙමින් සමාජයද වියවුලකට ඇද දමමින් සිටිනවා. විශේශයෙන් ම තමාට වත් ජීරණය නොවන බටහිර දැණුම තුළ අතරමං වීම නිසා ඇති වී තිබෙන සංස්කෘතික ගන්ධබ්බ භාවය අති භයානක තත්වයක්. මේ මගින් යථාර්තවාදීව සිතීමෙන් තොර, යථාභූත සමාජ විස්ලේශණයකින් තොර මංමුලාවූ හිස් මිනිසුන් ගේ ප්‍රතිශතය කෙමෙන් වැඩි වෙමින් පවතිනවා. එය අද මුළු ලෝකයේම ඇතිවෙමින් තිබෙන ප්‍රවනතාවක්. අද සිදු වී තිබෙන්නේ කුණු මස් ගැඹුරු තෙලේ බැද වැඩි මිලට විකිණීමයි. ඉතින් එවන් වටපිටාවක ඔබගේ මෙහෙය මිල කළ නො හැකියි.



      Delete
    2. ඒ අනුව අපට සක්සුදක්සේ පැහැදිලියි මේ ගතවත් සිතවත් අපට අයිති දෙයක් නොවන බව. if so to who these two are belongs to ? that is where The GOD comes right. So in Christianity and Islam both believes The One and Only Person who create every thing including the mind, soul and body is GOD.

      Delete
    3. Api eka deka thuna hathara saha ganitha denuma vidiya denuwa anith rataval valin igenaganna kota hari hodai. Eth agamak anith ratakin igena ganna kota narakai. Mokadda me Knowledge dekey wenasa? eka denuma kottashayak study karanna igena ganna vishva vidyala yawanna hodai anith denuma kottashaya arahan thiththai?

      Delete
    4. Nobody says that christianity is bad because it comes from another country. Anyone has the freedom to believe it, and there's no problem with it. Only request is not to destroy the buddhist knowledge base. Just leave it alone, and anyone who wants to believe it, will do it.

      Delete
    5. @sriyan : I take your question "If so, to whom these two belong?". The answer given by christianity and islam is "God". Answer given by buddhism is "nobody". And there are around 4000 other religions around the world which give various answers. If you believe the answer "god", it's fine. But other people have the right to believe any answer they want. Their answers might look stupid to you. But let the believe it. It's their right as humans.

      Delete
    6. Nobody says that christianity is bad because it comes from another country. Anyone has the freedom to believe it, and there's no problem with it. Only request is not to destroy the buddhist knowledge base. Just leave it alone, and anyone who wants to believe it, will do it.

      Delete
  2. ඔබ සෑම විටම කැළේ යන කරත්ත වලට හරි මග පෙන්වන්න.....

    ReplyDelete