Friday, May 5, 2017

                                         ලෝක උරුමය?!



ශ්‍රී ලංකාවෙ වෙසක්, ලෝක නිවාඩු දිනයක් කියන එක ඇත්තක් නෙවෙයි, එහෙම පිළිගන්න රටවල් තියෙනවා වුණත් ඒ ලෝකයෙ හැම රටක්ම නෙවෙයි. මේ ''ලෝක වෙසක් නිවාඩු කතාව'' පවතින ඇත්ත තත්වය විකෘති කිරීමක්.
2017 එක්සත් ජාතීන්ගෙ වෙසක් උත්සවය! කියන එක ඊට වඩා භයානක සහ අනතුරු දායක මතුකර ගැනීමක්. එක්සත් ජාතීන් නමින්, එක කඳවුරක් කරමින් ඉන්නෙ, ලෝකයෙ අනෙක් විවිධ රටවල සම්පත් කොල්ල කන්න සහ තම තමන්ගෙ වෙළෙඳ පොළ සීමාවන් පුළුල් කර ගන්න අවශ්‍ය ඉතා සුක්‍ෂම දේශපාලන මෙහෙයුමක් දියත් කරමින් ඉන්න එක.
ඒ අනුව මිලිටරි මැදිහත්වීම් සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ජාලයක් මේ මොහොතේ ත්, ලංකාවෙ මෙන්ම ලොව පුරා ත් ක්‍රියාත්මකයි. තම ගොදුරු බිම් බවට පත් කරගන්න ඉලක්ක කරන රටවල රාජ්‍ය, ව්‍යූහාත්මකව වෙනස් කරමින් දුර්වල කිරීම සහ ඒ ඒ රටවල සංස්කෘතික තත්වයන් දියකර දැමීම ත් ඊට ඇතුළත්.
ඒ ඒ රටවල රාජ්‍ය ශක්තියට බලපාන අනන්‍ය සංස්කෘතික ලක්ෂණ විනාශ කිරීම එහි අත්‍යවශ්‍ය අංගයක්.
අදාළ රටවල අනන්‍ය දේ, අදාළ රටෙන් ගලවලා, ලෝක උරුම බවට පත් කිරීම තමයි එහි සුක්‍ෂම විදිහ. ශ්‍රී ලංකාවෙ සමහර පුරා විද්‍යාත්මක බිම්, ලෝක උරුම බවට පත් කිරීමත් අන්න ඒ වගෙ වැඩක්.
එක්සත් ජාතීන් ගෙ වෙසක් සැමරීම ගැන වෙන විදිහකට හිතන්න ඉතිං කෝ? අපේ මිනිස්සුන්ට ලෝක දේශපාලනය ගැන බරපතළ කියවීමක්? මුළු ලෝකයම අපේ බෞද්ධකමට සළකනවා කියලා අපේ කට්ටිය මාර fun එකේ ඉන්නෙ. අනිත් අතට මේ කියන ඊනියා වෙසක් සැමරීමට වියදම් කරන මහා ධනස් කන්ධය අනේ! ඉතිං අපි, මේ රටේ මිනිස්සු දරන්න ඕනෙ.
කාටද ඉතිං මේ සියතින් බෙල්ල මිරිකා ගැනීම දැනෙන්නෙ?
CHAPA
2017 මැයි 5

No comments:

Post a Comment