Tuesday, January 2, 2018


අපි බලමු! ඉස්සරහට...

''ඇයි දැන් අලුත් පාර්ලිමේන්තුවට එන්නෙ නැත්තෙ?''
''හිරු tv දෙපාරක් ද කොහෙද ආවා, එච්චරමයි! ස්වර්ණවාහිනිය? කෝ ඒ වැඩසටහන්, ඒවත් නැද්ද කොහෙද...''
''ශ්‍රී tv, කළම්බු tv...කෝ දැන් ඒවා?''
බොහෝ දෙනෙක් නිතර නිතර අහනවා!
ඇත්තටම, යෝජිත රුපවාහිනී දේශපාලන සංවාදය ට මොකද වුණේ?
මමත් ඉඳ හිට හිතනවා...
එදවස සමහර නාලිකාවල කෙරුණු සමහර වැඩසටහන් මොන හේතුවක් මත හෝ නැවතිලා. තවමත් කෙරෙන සංවාදවලට, චාපා එනවා නං එන්න බැහැ කියන කට්ටියක් ඉන්නවා කියලත් ඒ ඒ වැඩසටහන් නිෂ්පාදකවරු කියනවා. ගාමිණි වියන්ගොඩ වගේම ගෙවිඳු කුමාරතුංග ත් ඒ කට්ටිය අතර ඉන්නවා ලු! ඉතිං ඒ නිෂ්පාදකවරු, වඩා පහසු තේරීමට යනවා වෙන්නත් පුළුවන්. චාපා ආවොත්, ඔහු සම්බන්ධ වෙනත් සමහර නාලිකා ප්‍රවර්ධනය වෙනවා කියල සමහර නාලිකාවල සමහර බලධාරීන් කියනවලු! ඒ නිසාත් අවස්ථා නැතිවෙන තත්වයක් මතුවෙලා. මාරයි!
එක නිෂ්පාදකවරයෙක් කියනවා, මාව දිගට ගෙන්නවලා මාව නැතිකරන්න ඕන නැති නිසා එන අවස්ථා මග හරිනවා කියල, ඒක හොඳ කතාවක්. තවත් වෙලාවකට ඔහු කියනවා ගැළපෙන මාතෘකාවක් තවම ආවෙ නැති ලු! ඒකත් හොඳ කතාවක්.
වැඩේ කියන්නෙ, මම සහභාගී වුණු ඒ සියලු වැඩසටහන් අදාළ මොහොතෙ උපරිම rating ප්‍රථිපල පෙන්නපු ඒවා, rating නං ඔවුන් ට අවශ්‍ය. මෙහෙම කිව්වට, මාධ්‍ය ආයතන හිමිකරුවන් ආණ්ඩුව සහ තවත් කණ්ඩාම් එකක deal දාගෙන වෙන්නත් පුළුවන් එක අතකට! යෝජිත දේශපාලන සංවාදය ඔවුන්ගෙ ව්‍යාපාරික අරමුණු හරස් කරනවා කියල ඒ ඒ නාලිකා හිමිකරුවන් ට හිතෙන එකත් ඉතිං අරුමයක් නෙවෙයි! ඔවුන් සුක්ෂම විදිහකට අදාළ වැඩසටහන් නිෂ්පාදකවරු මෙහෙයවනවා වෙන්නත් ඇති. ඒ සඳහා, පුද්ගල දුර්වලතා ත් නිර්මාණශීලී විදිහට යොදා ගන්න පුළුවන්.
ඒ අතරම කියන්න ඕනෙ, මාධ්‍ය ආයතනත් මේ වෙළෙඳපොළ බලවේග තුළ බරපතළ අභියෝගයකට ලක් වෙමින් තියෙන්නෙ. ඒ සඳහා නං සරල උත්තර නැහැ. කොහොමත් ජනප්‍රිය මාධ්‍ය ආයතන කියන්නෙ, සමාජය වෙනස් කරන්න නියමිත දේශපාලන සංවාදය සඳහා කල්පනාවෙන් යොදා ගන්න පුළුවන් තවත් එක සංනිවේදන මෙවලමක් විතරයි.
කොහොම වුණත් මේ රුපවාහිනී නාලිකා හරහා යෝජිත දේශපාලන සංවාදය සෑහෙන දුරකට අරගෙන යන්න පුළුවන් වුණා. එහෙම ගන්නකොට, ඒ සඳහා විවිධ ක්‍රම වලට සම්බන්ධ වුණු මාධ්‍ය සගයන්ට මේ සටහන උපහාරයක් ම වේවි!
අපි බලමු! ඉස්සරහට...
CHAPA
2018 ජනවාරි 3


No comments:

Post a Comment