Wednesday, March 20, 2019

fb චණ්ඩින්ගෙ අත් අඩංගුව ට පත් වූ, ඒ භයානක මොහොත...

2019 මාර්තු 15 වැනිදා, නවසීලන්තයෙ සිදුවූ ත්‍රස්ත ක්‍රියාව, යම් පුළුල් සංවාදයකට ඔසවන්න හිතාගෙන දාපු post එක අන්තිමට නැවතුණේ දින තුනක fb තහනමකින්, ඒකත් පුදුම තහනමක්!
ඕන එකෙකුට මට බණින්න පුලුවං, මට ඊට ප්‍රතිචාර දක්වන්න බැහැ, යකාගෙ ප්‍රජා ප්‍රමිතියක්!
මට එන පණිවිඩය මේකයි;
''You recently posted something that violates Facebook policies, so you're temporarily blocked from using this feature. For more information, visit the Help Center.To keep from getting blocked again, please make sure you've read and understand Facebook's Community Standards.''
මොන තාක්ෂණික ක්‍රම වේදයකට අනුව වුණත්, fb Community Standards හෙවත් මූණු පොතේ ප්‍රජා ප්‍රමිතිකරණය හරහා එන අන්තිම උත්තරය වැරදෙන්න තියෙන පහසු ඉඩ තමයි මේ සිද්ධියෙන් ඔප්පු වෙන්නෙ, ඒ කියන්නෙ මොන සමීකරණයකින් හරි ඇවිත් තියෙන උත්තරය වැරදියි!
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඓතිහාසික, ලෝක පරිමාණ සංවාදය තුළ ඕනෑම කෙනෙකුට අයිති ''භාෂණයෙ නිදහස'' සහතික කරන්න යෝජනා කෙරෙනවා. විශේෂයෙන් ම පිළිතුරු දීමේ අයිතිය! එය ජාත්‍යන්තර (?) මානව හිමි කමක්. අපේ රටේ මූලික අයිතිවාසි කමක්! එතකොට මේ වෙච්ච දේ හරිද?!
ඔව්! අපි ඒ ජාත්‍යන්තර අවුළ ගැන තව ඉස්සරහට විධිමත්ව කතා කරමු!
කොහොම හරි මේ වැඩේ සිද්ධ වුණේ, මෙරට කිරි පිටි සමාගම් සහ එවායේ ප්‍රචාරක යාන්ත්‍රණය ත් සම්බන්ධ වෙලා, විශේෂයෙන් ම ඒවාට සම්බන්ධ විවිධ හැඩවල ඒජන්තවරු set එකක් සංවිධානාත්මකව වැඩ කරපු නිසා. the Island ඉරිදා පුවත් පත සහ economynext මාධ්‍ය ඇතුළු තවත් මාධ්‍ය අවකාශයකට මේ කතාව තල්ලු වී තිබුණු ආකාරයෙන් ම ඒ බව පැහැදිලි කර ගන්න පුළුවං. අදාළ post එකට කිසිම සම්බන්ධයක් නැති, මං යම් වෘත්තීය සම්බන්ධතාවක් ඇති කරගෙන ඉන්න දෙරණ නාලිකාවත් පටළවලා, ඒ අවස්ථාත් නැති කරල, මූණු පොතෙන් මාව නෙරපලා, මේ හඬ මකා දාන්න තමයි ඔවුන් සැලසුම් කරන්නෙ. 
කොටින්ම නවසීලන්තය = පිටි කිරි! ලංකාවෙ අපට! 
ඒකනෙ නවසීලන්තය කියනකොටම කට්ටියකට ඇඬෙන්න ගත්තෙ. කොහොමත් ඒ කළු මෙහෙයුම තවමත් ක්‍රියාත්මකයි!
ඒ අස්සෙ, විවිධ පක්ෂවල වාටියේ කඹුරන set එකක්, විවිධ මානසික රෝග වලින් පෙළෙන සමාජ ලෙඩ්ඩු set එකක් සහ මේ කිසිම දෙයක් ගැන අදහසක් නැතුව රැළට උඩු බුරන අහිංසක set එකක් ''මූණු පොතේ චණ්ඩි'' බවට පත්වෙලා මට විවිධ මඩ ප්‍රහාර එල්ල කරන බව ත් හොඳින් නිරික්ෂණය කරන්න පුළුවං. ඒ සමහරු වැටී සිටින නීච මට්ටම හිතා ගන්නත් අමාරුයි. ඉතිං ඔවුන් ට අවශ්‍ය විදිහට ප්‍රතිචාර දක්වන්නත් මං වෙලාව හොයා ගන්න ඕන.
සමහරු මේ දවස් තුන පුරාම දුරකථන හෝ වෙනත් සන්නිවේදන මාර්ග ඔස්සේ කතා කර කර මං හිතේ අමාරුවෙන් ද ඉන්නෙ බලනවා. දුක් වෙන්න එපා! ඔයා කඩා වැටෙන්න එපා! ඕවා ඔහොම තමයි! අපරාදෙ අර පෝස්ට් එක දාලා කර ගත්තු දේ! ඔක්කොම ඔයාට ගහනවා නේ? ටිකක් ශේප් එකේ ඉන්න!..ඔය වගෙ කතා ඉවරයක් නැහැ. ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක නිෂ්පාදක යාළුවෙකුත් වරින් වර කතා කරමින් මං හොඳින් ද බලනවා. මං බැලුවෙ ඔයා බෙල්ලෙ වැල දාගෙනද කියල! කියලත් ඔහු ට කියවවුණා. 
ආසයි නේහ්? වගෙ ඒවා තමයි ඉතිං මං එයාලගෙන් ඇහුවෙ, එයාලට කිව්වෙ. 
මට ඔය කියන විදිහට මොකක් හරි වෙලා නං එයාලා ආආආආසයි! කියල දන්නවා.
මොකදෑ ඉතිං කරන්නෙ, මෝඩයි කියල මරන්නයැ?! 
ඒ අතර ඉතාමත්ම හොඳ අවබෝධයකින් යෝජිත සංවාදය තව දුරටත් ගොඩ නගන්න මැදිහත් වන විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් සෑහෙන ප්‍රමණයක් නිරීක්ෂණය වෙනවා. ඔවුන් මේ සමාජයට ආශිර්වාදයක්!
මේ සියල්ලට සමගාමීව බුද්ධිමත් සංවාදයක් ගොඩ නගමින් මගෙ post එකට විරුද්ධ අදහස් දක්වන අයත් ඉන්නවා. ඒ සංවාදය තුළ මං කොහොමත් ඉන්නවා. ඔවුන් සමඟ මං  පුද්ගලිකවත් කතා බහ කරමින් ඉන්නවා.
දැන් තියෙන බරපතළ ම ප්‍රශ්නය ඒක නෙවෙයි!
fb වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරමින් වැඩ කරන්න set එකක් පත් කරල ඉන්නවා ලු! ඔවුන් තමයි එතකොට අපේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නියාමනය කරමින් fb සමාගම ට අවශ්‍ය උපදෙස් දෙනවා ඇත්තෙ. ලැබෙන ආරංචි වලට අනුව, කිසිදු වග විභාගයකින් තොරව සහ පුද්ගල සම්බන්ධතා පමණක් යොදාගෙන පත් කර තිබෙන ඒ කණ්ඩායම රටේ පාලකයන් ගෙ සහ ඒ ඒ සමාගම් වල උවමනාවන් සපුරාලමින් මේ සමාජ මාධ්‍ය තුළ වෙනම ක්‍රිඩාවක් කරගෙන යනවා.  
අපි ඒ ගැනත් අවධානයෙන් ඉම්මු!
කොටින්ම අපි හැමෝම හිට ගන්න ඕන සමාජ යුක්තිය වෙනුවෙන්, මනව ශිෂ්ටාචාරය වෙනුවෙන්, අවසානයේදි ජෛව ගෝලය වෙනුවෙන්!
එහෙම නැතුව අපි කාටවත් පැවැත්මක් නැහැ!
ම්ම්ම්...තව එකක්! මොකක් හරි හේතුවකින් යළි මේ මූණු පොත මට වාරණය වුණොත් 'නිදහස්' තේමාව යටතෙ පවත්වාගෙන යන YouTube චැනලයෙන්, www.nidahaslanka.com web අඩවියෙන් - Blogger අඩවියෙන්, ඕන නං Twiiter LinkedIn වගෙ තැන් වලදිත් අප ට මුණ ගැහෙන්න පුළුවං!
පුළුවං නෙවෙයි, එහෙම මුණ ගැහෙමු!
CHAPA
March 21, 2019

No comments:

Post a Comment