Friday, October 28, 2016

                                  CSN අවසානය ට පෙර!


CSN නාලිකාවෙ බලපත්‍රය අහෝසි කරලා, හේතුව පරිපාලන ප්‍රශ්නයක් මිස මාධ්‍ය මර්දනයක් නෙවෙයි කියල ජනමාධ්‍ය අමාත්‍යවරයා සපථ කරනව.
අපි මෙහෙම බලමු!
සිද්ධ වුණේ මාධ්‍ය මර්දනයක් තමයි, හැබැයි ඒ සඳහා CSN වටපිටාව සකස් වෙලා තිබුණා, එච්චරයි! ඔය අර, කට්ටිය FCID අරං යන එක වගේම වැඩක්. මේ සටහන ලියැවෙන්නෙ නං CSN ගැන මට පුද්ගලික වූ අත්දැකීම් කීපයක් අතීතය වෙනුවෙන් ගබඩා කරන්න.
2014 අවසාන මාස වෙනකොට, මම යළිත් අවුරුදු කීපයකට පස්සෙ ජනප්‍රිය මාධ්‍ය අවකාශය ගැන උනන්දුවක් දක්වන්න පටන් ගන්නව. රන් fm හරහා තමයි ඒ පසු ගමන් මාර්ගය සකස් වෙන්නෙ, එවකට රන් fm 'හීසරය' ට සම්බන්ධ වෙන්නෙ, වසන්ත කරුණාරත්න සමඟ ගොඩ නැගෙන සම්බන්ධතාවත් එක්ක. ඊට පස්සෙ ශ්‍රී tv, Colombo tv, තිනෙත tv  සහ දෙරණ tv වගෙ නාලිකා, ඒ අතර පහුගිය මහා මැතිවරණය එළැඹෙන අතරෙ මම, වැඩි වැඩියෙන් මාධ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදෙන්න ගන්නව. මගෙ ස්වාධීන දේශපාලන මැදිහත්වීම ගැන උනන්දුවන සමහර මිත්‍රයො තම තමන්ගෙ මට්ටම් වලින් මට - තව මාධ්‍ය ඉඩ හොයන්න පටන් ගන්නව.
ඒ අස්සෙ කට්ටියක් CSN නාලිකාවෙනුත් යම් වෙලාවක් ගන්න උත්සහ කරනව. කොහොම හරි මැතිවරණය ට දවස් දෙකකට කලින් ඒ වෙලාව වෙන්කෙරුණා කියල, අර මිත්‍රයන්ගෙන් පණිවිඩයක් අවා. මම ත් ඉතිං බලාගෙන හිටිය. ඒත් වෙලාව ආවෙ නැහැ. මෙන්න ඒ නියමිත වෙලාවට සෝභිත හාමුදුරුවො CSN තිරය මත. ඒ හාමුදුරුවො මෛත්‍රී - රනිල් යහ පාලන ආණ්ඩුව ට පාර හදන්න ලොකු කතා වගයක් කියාගෙන යනව. 'මේ channel එක රාජපක්ෂ පවුලෙ එකක් වෙලත් මාර වැඩක් නෙ මේ වෙන්නෙ...ඔයා ගියා නං රටේ පොදු තත්වය ගැන නෙ කියන්නෙ, මේ තනිකර මෛත්‍රී ට රනිල් ට කඩේ යෑමක් නෙ!' කෙනෙක් ඒ අතර දුරකථනයෙන් මට කිව්ව. මම ඉතිං ඒ අතර වෙන පාරවල් හොයනව.
'මම ලොක්කන්ට පණිවිඩයක් ඇරිය...එයාලා මේවා දන්නෙ නැහැ...හෙට ඕකෙ Repeat එක ත් යනවා තව පොඩ්ඩෙන්...මම ඒක නං නැවැත්තුව යන්තං...' තව කෙනෙක් පහු වෙනිදා මට දුර කථනයෙන් විස්තර කෙරුව. එතකොට නං මම CSN ඔළුවෙං ගලවල. හැබැයි මම දැක්ක අර Repeat එකත් ඒ විදිහටම යනව. 'මාර කෙළියක් නෙ?' අර පුද්ගලය බිඳුණු හඬකින් කියනව ඇහුණ.
ඔය සිද්ධියත් එක්ක මට CSN එක අමතක වෙලා ම ගියා.
ඔය අතීතය ආපිට මට ආමන්ත්‍රණය කරන්නෙ, පහුගිය කාලයෙ, CSN 'ඇත්ත' වැඩ සටහන මෙහයවන්න එන්න කියල ලැබෙන ආරාධනාව ත් එක්ක. මට ඒ කතා කරපු පුද්ගලයගෙ නම හරියට ම මතක නැහැ, කවුරු හරි, බලධාරියෙක් නං නෙවෙයි, එක නිෂ්පාදක වරයෙක්. 'හරි මම එනවා!' දෙපාරක් කල්පනා කරන්නෙ නැතුව ම මම කැමති වුණා.
'උඹ ඕක නං කරන්න එපා! දැනටමත් උඹ මහින්ද ගෙ මිනිහෙක් කියල සමහරු කියනව, ඒක නිකං ම  ඔප්පු වෙනව..'
'CSN එක ගිලෙන නැවක්, එකට නගින්න එපා!'
'උන් ට ලොකු ලෙඩක් වැටිලනෙ...උඹවත් FCID ගෙනියයි, යන්න නං එපා!'
ඔහොම කතා තමයි එතකොට දන්න කියන හුඟක් අය කිව්වෙ. ඔය අතර ටිකක් අමුතු කතාවකුත් තිබුණ. චාපා මේ පාර සමාජ ගත වුණෙ දෙරණ හරහා..උන්ට දැන් උඹව ප්‍රශ්නයක්, දෙරණෙන් කපලා CSN එකට දාලා රාජපක්ෂ ලේබලය ගහලා උඹව ඉවර ම කරන්න ඔය හදන්නෙ! ඒ අදහස ඔහොම යි. මම කොහොම ත් අභියෝගය භාර ගත්ත. වැඩේ පටන් අරගෙන කිසිම බාධාවක් නැතුව කරගෙන ආව.
මම ආවෙ ගියෙ මගෙ වාහනෙ, එක ශත පහක් ඔවුන්ගෙන් ගත්තෙ ත් නැහැ, මට නම ඒ තරමටම මතක නැති ආධුනික වගෙ නිෂ්පාදක වරු දෙන්නෙක් තමයි ඔය වැඩ සටහන් සම්බන්ධීකරණය කෙරුවෙ ත්. හැබැයි ඔවුන්ගෙ මුහුණු නං තවම හොඳට මතකයි, ඉතාම දක්ෂ, කඩිසර සහ සුහද ශීලී තරුණයො දෙතුන් දෙනෙක් තමයි මාත් එක්ක වැඩ කෙරුවෙ.
CSN නාලිකාවෙ තිබුණු සම්පත් සහ අවස්ථා එක්ක ඇත්තට ම ලොකු මාධ්‍ය මැදිහත්වීමක් කරන්න තිබුණ. එතැන තිබුණෙ නැත්තෙ නායකත්වය ක් - නිශ්චිත ගමන් මග ක්! කොහොම ගත්තත් මාධ්‍ය ආයතනයක් නෙවෙයි වෙන ව්‍යාපාරික ආයතනයක් වුණත් වැහෙන එක මාර අපරාධයක්!
අනෙක කෙටි කාලයක් වුණත් CSN මැදිරි මතකය, මිහිරි යි! 
CHAPA    
     

No comments:

Post a Comment