Sunday, October 30, 2016

 

මෙච්චර පුංචි මොළයක් තියාගෙන කොහොමද රට ගොඩ නගන්නෙ,      හර්ෂ?

අද, 2016 ඔක්තොබෙර් 21, උදෑසන, ITN, 'පුවත් සටහන' ඔස්සේ සමාජ ගතවන, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන මේ කතාව හොඳ ට අහගෙන ඉන්න! ඔහු, රටේ ආර්ථිකයට අතිශය අදාළ - බරපතළ ප්‍රශ්න කීපයක්ම මෙතැන දි ඉදිරිපත් කරනව.
'කුකුල් කොටුවක්' ලෙස ඔහු හඳුන්වන්නෙ  Ceylon Grain Elevators කියන සමාගම, එය Prima Group යටතෙ පවත්වාගෙන යන එක සමාගමක්. ඔහු කියන්නෙ Ceylon Grain Elevators කියන සමාගමේ මව් සමාගම ත්, මහා බැංකු බැඳුම්කර කොල්ලය ට සම්බන්ධ Perpetual Treasuries සමාගමේ මව් සමාගම වන Capital Perpetual Assert කියන සමාගමම යි කියල ද? එය අනිවාර්යයෙන් ම පැහැදිලි කරගන්න ඕන තැනක්!
ඒ වගෙම, හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙ නම විවෘතව සඳහන් කරන අජිත්, ඇයි අර 'ප්‍රබල ඇමතිවරයෙක්' කියල කෙනෙක් ආරක්ෂා කරන්නෙ? ඒ කවුද? මේ හැසිරීම අප ට යළිත් ඔප්පු කරන්නෙ මේ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනද වගෙම හුදු මාධ්‍ය සංදර්ශනය ක් පවත්වනව කියන එක නෙවෙයි ද?
රංජන් ලා ට කරන්න අමාරු, යහපාලන ක්‍රීඩාවේ අමාරු හරිය කරන්න යෙදවෙන හර්ෂ ලා වගෙ ඊනියා වෘත්තිකයන් ට, දෙතුන් පැත්ත ම එකතුවෙලා කරන ඔය දේශපාලන ක්‍රීඩාව හිතන තරං සරල නැති බව තේරුම් ගන්න තව වැඩි කල් යන්නෙ නැහැ.
ඒ අතර, අනාගතය වෙනුවන් තව වැදගත් දෙයක් මෙහි සටහන් කරන්න ම ඕනෙ. හර්ෂ ද සිල්වා මේ කතාවෙ දි කියන 'කුකුල් කොටු' කතාව අන්තිම ප්‍රාථමික යි. සත්ව පාලනය, ලෝකයෙ හැම රටක ම වගෙ මේ රටෙ ත් විශාල කර්මාන්තයක්. ඍජු සහ වක්‍රව මිනිස්සු මිලියන ගණන් යැපෙන ඒ කර්මාන්ත ලෝකයට මෙහෙම අපහාස කරන්න ඔහු ට පුළුවන් ද? විශේෂයෙන් ම ජනතාව නියෝජනය කරන සහ රටේ ආර්ථිකය ට වග කියන්න ඕන නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට! මෙච්චර පුංචි මොළයක් තියාගෙන කොහොමද රට ගොඩ නගන්නෙ, හර්ෂ?
CHAPA                
 



1 comment: