Wednesday, April 27, 2016


මැයි දිනය සමරන්න පටන් ගන්නෙ, 1886 ඇමරිකාවෙ, චිකාගො හි හේමාර්කට් චතුරශ්‍රයෙ සිදුවුණු පාලක කම්කරු ගැටුමක් මුල් කරගෙන. එත්, කම්කරුව පිළිබඳ කතිකාව 14 වැනි සියවස පහුකරගෙනත් ආපස්සට යනව, ඒ එදවස මහා බ්‍රිතාන්‍ය හැදෙන පොළොවෙ.ඊට පස්සෙ කම්කරුවා ගැන විද්‍යාත්මක විශ්ලේෂණය කරන්නෙ 19 වැනි සියවසේ මැද හරිය වෙනකොට කාල් මාක්ස්. ඔහු ලියන්න පටන් ගන්න 'දාස්කැපිටාල්' හෙවත් 'ප්‍රාග්ධනය' කෘතිය ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා තුළ කම්කරුවා සුරාකෑමකට ලක්වන ආකාරය විශ්ලේෂණය කරනව. එත්, ඒ විද්‍යාත්මක දේශපාලන සංවාදය වර්ධනය වෙමින් ඉස්සරහට එනව වෙනුවට, විවිධ ධනවාදී ව්‍යාපෘති සඳහා උපක්‍රමශීලී විදිහට යොදා ගැනෙනව. මේ අපි අද දවසෙ අත්විඳින්නෙ එහෙම මැයි සැමරුමක්. වඩාම භයානක දේ තමයි, දේශපාලන පක්ෂත් පෙරලගෙන රාජ්‍ය නොවන සංවිධාන නඩයක්, යෝජිත කම්කරු අරගලය අතට අරගෙන ධනවාදී වුවමනාවන් සඳහා ක්‍රමානුකුලව දියකරල දානව. කොහොම වුණත් මාක්ස් පෙන්වාදෙන විදිහටම, ප්‍රාග්ධන අයිතියක් නැති ශ්‍රමය ( බුද්ධිය?) පමණක් තියෙන, එය විකුණා පවතින කෙනා තමයි කම්කරුව, එත් අපිට ඒ වග තේරෙන්නේ නැහැ, අපිට දැනුම නැති නිසාම, අපි කීයටවත් පිළිගන්නෙ නැහැ අපි කම්කරුවො කියල, එහෙම වෙන කට්ටියක් ඇති කියල අපි හිතනව. එතකොට මේ සටන අපේ නෙවයි, වෙන කට්ටියකගෙ! ඔය අතරෙ, විදේශ රැකියා වෙළෙඳපොළක් ලංකාවට හැදෙන්න පටන්ගන්නෙ1977 සිදුවන ආර්ථික පෙරළියත් එක්ක. එය ඉතාමත්ම අයහපත් විදිහට මැද පෙරදිග කලාපයට සීමාවෙලා, ලංකාවෙ එක සමාජ තීරුවකට බරපතල අර්බුදයක් නිර්මාණය කරලා තියෙනව - විශේෂයෙන්ම එහි ගෘහ සේවයට යන කාන්තා ප්‍රවාහයක් නිර්මාණය වීමෙන්. ලිංගික හිංසනය ඇතුලු අසාමාන්‍ය වධ බන්ධනවලට ලක්වන ඒ අති බහුතරය රටේ ආණ්ඩු කරවන්නන්ගෙවත්, බොරු කම්කරු සටන් පාට කියන අයගෙවත්, පොදු ජනයාගෙවත් අවධානයට තවම යොමුවෙන්නෙ නැහැ. කම්කරු කතා පැත්තක තියෙද්දී, එසේ මැදපෙරදිග ගොදුරු බවට පත්වන්නන්ට අවම මිනිස් අයිති වාසිකම්වත් නැති මොහොතක තමයි, අපි මේ කම්කරු කතා කියා කියා මැයි දිනයක් සමරන්න හදන්නෙ! CHAPA 

No comments:

Post a Comment