Saturday, April 9, 2016

Port City හෙවත් සාගර නගරය ඉදිකරන වැඩ කටයුතු යළි ආරම්භකරන්න ආණ්ඩුව චීනයත් එක්ක එකඟ වෙලා. අගමැති රනිල් කියන්නෙ, එය කළාපීය ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි කියල. ප්‍රශ්නය එය නෙවයි, සාගරය මහා පරිමාණයෙන් හාරමින් කරන මේ ඉදිකිරීම ස්වභාවධර්මයට බරපතල තර්ජනයක්. ලෝකය මේ මොහොතෙ මුහුණ දෙන බරපතලම අභියෝගය තමයි, ස්වභාවධර්මයට එරෙහිව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම්වල අනිසි විපාක වලට මුහුණ දෙමින් සිටින එක. ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට බලපාන හේතු රැසක් නිර්මාණය කිරීම, ඕසෝන් වියන හානිකිරීම, මහා පොළොව විෂ කිරීම...වැනි හුඟක් දේවල් අපි ලෝක වැසියෝ හැටියට  කරමින් ඉන්නවා. ලංකාවත් එහෙමයි. අපි අපේ වන වියන විනාශ කරනවා, ගංගා  - ඇළ - දොළ හිඳෙන විදිහට ජාල පෝෂක ප්‍රදේශ විනාශ කරනවා, ගංගාවල වැලි ගොඩ දානවා, ගංගා දෙපස පස් වලට හාරනවා, කඳු කළුගල්වලට කඩනවා, රසායනික ද්‍රව්‍ය දාල පොළොව විෂ කරනවා, වායුව දුෂණය කරනවා...මේ අතර උමා ඔය වගෙ මහා ව්‍යාපෘති හරහා කඳුකරය අස්ථාවර කරනවා, මහවැලිය උනත් ස්වභාවධර්මයට සංවේදී ව්‍යාපෘතියක් නෙවෙයි, මේ අතර තමයි රටේ තැන තැන භුමි කම්පා ගැන ඇහෙන්නෙ.
ලංකාව පිහිටා තියෙන්නෙ සුමාත්‍රා කම්පන කළාපයට වැඩි ඈතකින් නෙවෙයි, ඒ නිසාමත් මේ මුහුද මහා පරිමාණයෙන් හාරන එක අන්තිම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් වේවි. එත් කාටද දැන් මෙය නවත්තන්න ඕනෙ ? කාටවත් ඕන නැහැ. බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව, විල්පත්තු - කල් ආරු  වන විනාශය පටන් ගන්න එදා බදුර්දීන්ට ඉඩ හදල දුන්න, මෛත්‍රී - රනිල් ආණ්ඩුව අදත් ඒ වැඩේට ඉඩ දීල තියෙනවා. සාගර නගර ව්‍යාපෘතිය පටන් ගන්නෙ රාජපක්ෂ ආණ්ඩුව, විමල්ලා තවමත් ඒ වෙනුවෙන් පෙනීහිටිනවා. මහින්ද, ලංකාව චීනයට විකුණනවා කියල බලය අතට ගත්ත මෛත්‍රී - රනිල්..දැන් චීනයට ගිහිං සාගර නගරය ඉදිකරන්න කියල අඬනවා - මොකද්ද මේ රට? දැන් කෝ අර පරිසර සංවිධාන? ඒවා ඔක්කොම NGO projects! බොරුවට ප්‍රශ්න හදල කෑගහල ඇත්ත ජන විරෝධයක් එන්න තියෙන ඉඩ අහුරල තක්කඩි විදිහට ඒ වැඩ ටික කෙරෙන්න අරිනවා. අපි දැන් මොකද්ද කරන්නෙ ?  CHAPA

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපි නිවට ජාතියක් බව ඔලුවට කවලා තියෙන්නේ. පුද්ගල චරිතයක් මතුවෙලා චිත්‍ර පටියක් වගේ කරන දෙයක් පමණයි කරන්න පුළුවන්.

      Delete