Monday, April 11, 2016

කෘෂිකර්ම අමාත්‍යංශය, රුපියල් මිලියන 21 ක මාසික කුලී පදනම මත, රාජගිරියෙ නව ගොඩනැගිල්ලකට ගෙන එන බව මාධ්‍ය ඔස්සෙ අනාවරණය වෙනවා.මේ ගොඩනැගිල්ල අයිති, උපාලි ජයසිංහ සහ සබීතා පෙරේරා ට අයත් DP Jayasinghe Group  එකට. හෙළිදරවු වන විදිහට මේ තීරණය සහ සැලැස්ම, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ. කෘෂිකර්මාන්තය නැත්තටම නැතිකරන, විශේෂයෙන්ම වී ගොවිතැන විනාශ කරමින් ඉන්න මේ පාලකයො මේ කරන්න හදන මහා ආර්ථික අපරාධයට කාටද වගකියන්න පුළුවන්? මේ මහා මුදල් කන්දරාවෙන් මේ රටේ ගොවිතැනට - ගොවියන්ට මොනතරං දේවල් කරන්න පුළුවන්ද ? වකුගඩු රෝගයට ගොදුරු වූ අසරණ ගොවියන්ට සහන ලබා දෙන්න, ඒ දරු පවුල් වලට යමක් කරන්න, වස විස වලින් මේ පොලව බේරගන්න පර්යේෂණ කරන්න...තව කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ වගේම, කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්න ඕන කොළඹ නෙවෙයි රජරට, අනුරාධපුරය හෝ පොළොන්නරුව වගෙ ප්‍රදේශයක! මේ එක සිද්ධියක් විතරයි. ගෙවී ගිය දශක කීහිපය පුරා රජයෙ ආයතන පවත්වාගෙන යන්න මේ විදිහට කොච්චර මුදල් කාබාසීනියා කරනවා ඇද්ද? දරාගන්න බැරි තරං මහා අය වැය පරතරයක් තියෙන මේ රටේ, උහුලන්න බැරි තරං  ණය  ගන්න මේ රටේ, පාලකයන්ට මෙහෙම පිස්සු කෙළින්න දෙන්න ජනයා හැටියට අපට පුළුවන්ද? දැන් ඉතිං අහන්න එපා, මහින්දගේ කාලෙ ඕව සිද්ධ උනේ නැද්ද කියල. කාගෙ හරි කාලයක, රටට උහුලන්න බැරි මේ ආර්ථික විනාශයන් කරන එක නවත්තන්න ඕනෙමයි! එත්, ඒ කොහොමද? මෙහෙම ගියොත් ලංකාව නැත්තටම නැතිවෙලා යන්න වැඩිකල් යන්නෙ නැහැ!CHAPA

No comments:

Post a Comment