Wednesday, April 27, 2016

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකුණන්න ( මොන වචන වලින් කිවුවත් වෙන්නෙ ඒක තමයි! ) ආණ්ඩුව සුදානම් වෙනව. ඔව්! ආණ්ඩුවට වෙන මොනවද කරන්න පුළුවන්? 1977 න් පස්සෙ පිළිවෙළින් බලයට ආපු හැම ආණ්ඩුවක්ම එක විදිහයි, රට ගොඩනගන්න නිශ්චිත ක්‍රමයක් දන්නෙ නැති නිසා පියවරෙන් පියවර රට විනාශ කරනව. ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් කොන්දේසි සහිත ණය අරගෙන, ඒ සල්ලි වලිනුත් කොටසක් හොරාකන පාලකයො  අපිට ඉන්නෙ. ඒ ණය ව්‍යපෘති සමග රට කොටුකරගන්න දෙස් විදෙස් ආර්ථික ඝාතකයො දැන් රටේ ආර්ථිකය මෙහෙයවනව. එච්චරයි! චන්ද්‍රිකා චෞර රැජිණ වෙන්නෙත්, මහින්ද එතැනින් පටන් අරගෙන චෞරයො වටකරගෙන ඉවර ඉවරවෙන්නෙත් ඔය පසුබිම ඇතුළෙ. මිහින් එයාර්, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය...වගෙ මෙගා ව්‍යාපෘති නොකර රටේ කොදු ඇට පෙළ වන කෘෂිකර්මාන්තය නගා හිටුවන්න සහ සුළු - මාධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාරික තීරුව ශක්තිමත් කරන්න තව කොච්චර දේවල් කරන්න තිබුණද? මේ මොහොතට අදාළව ගත්තොත්, මෛත්‍රී ජනාධිපතිවරය, රනිල් අගමැතිවරයට ඕන දේවල් කරගන්න ඉඩ දීල අවශ්‍ය ආරක්ෂාව දෙනව. චන්ද්‍රිකා පිරිවරා ගත්ත NGO බලකාය UN එක කියන රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් වලට රට සුදානම් කරනව. ඔච්චරයි! ඕනම රටක තීරණාත්මක බලය වෙන්නෙ එක පැත්තකින් ගුවන් බලය. එහෙමනං අපි රාජ්‍ය නාස්තිය අවම කරල, කළමනකරණය කාර්යක්ෂම කරල ශ්‍රී ලන්කන් එයාර්, මිහින් එයාර් සහ ගුවන් තොටුපොළවල්, වරායවල් ඒකාබද්ධ කරල - රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ක්‍රියාන්විතයක් මගින් රටට අවශ්‍ය අදාළ ආර්ථික දිශානතිය හදාගන්න ඕන! ඉතිං දැන් අපි මේ වග කාටද කියන්නෙ? CHAPA

No comments:

Post a Comment