Friday, April 22, 2016

අමුතු මිනිස්සු!  

fb හරහා සම්බන්ධ වෙන අමුතු අමුතු යාළුවො ඉන්නව, මට තනියෙන් එයාල ගැන හිතා ගන්න බැරි නිසා මෙහෙම share කර ගන්න හිතුව. කාන්තා වේශයෙන් fake accounts හදාගෙන ඒ හරහා සම්බන්ධ වෙන අය නං, එක්කො fun එකට, එක්කො කාගෙ හරි agents ලා, ඔය අතරෙ ප්‍රතිකාර ගන්න ඕන මට්ටමේ ලෙඩ්ඩුත් ඇති. තව කට්ටියක් ඉන්නව විද්‍යුත් තැපෑලෙන්, chat ක්‍රමයට, Skype හෝ එවැනි වෙන ක්‍රමයකට..දුර කථනයෙන්... කතාකරන අය. ඒ හුඟක් අය පිට රටවල ඉන්න අය.
යුරෝපා රටක ඉන්න එක්කෙනෙක් මීට මාස කීපයකට කලින් එහෙම කතා කර කර ඉඳල ලංකාවට ඇවිත් මාව හම්බ වෙන්නම ඕනි කිව්ව. පෙරැත්තය නිසාම අපි හම්බ වුණා, කොළඹ Arcade - Independence Square කෙළවරක දී, පැයක් විතර කතා කරල දිගටම ඔහු කිව්වෙ මට පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න කියල. අන්තිමට ඊට විරුද්ධ මගෙ කතා අහල, මට ඔබේ ස්ථාවරය තේරෙනව...අපි අනිවාර්යයෙන්ම මොනවහරි කරමු! කියල වෙන් වුණා. ඊට පස්සෙ ඒ මුණ ගැහීම ගැන comment එකකුත් දාල අතුරු දහන් වුණා. ටික කාලයකට පස්සෙ දුර කථනයෙන් කතා කරල මෙහෙම කිව්ව; ඔබ කිව්වනෙ ඔය සංවාදය ඉස්සරහට ගෙනියන්න තව අලුත් media ඕනෙ කියල, ඔබ තුමා පිට රට ඉන්න අයගෙන් රුපියල් දාහ ගණනෙ වගෙ ඉල්ලන්න, ඒ සල්ලි වලින් media එකක් පටන් ගන්න පුළුවං! චි: ඒ මොන වැඩක්ද? මම නං ඒ වගෙ වැඩ කරන්නෙ නැහැ!! මම එහෙම කිව්වම, ඇත්තද? කියල ඔහු කතාව නැවැත්තුව, එච්චරයි, ආයෙ නං කතා කෙරුවෙ නැහැ. තව එක්කෙනෙක් යුරෝපයෙ රටක ඉඳල ඒ දවස්වල නිතර වගෙ කතාකරනව ලංකාව හදන හැටි. ඒ මැද්දෙදි අඬනව, ඔබ තුමාගෙ වැඩසටහන් බලනකොට මගෙ ඇඟට මොකද්ද වෙනව කියා කියා. ටික දවසකින් ඔහුම කිව්ව, වැරදියට හිතන්න එපා, මම මේ චුට්ටක් ගන්න ගමන්! කියල. එතකොටයි මට තේරුණේ, එයා බොන ගමන් මාව තමයි බයිට් එකට ගන්නෙ. ඉතිං, මම ඒ නොම්මරය මතක තියාගෙන ඉඳල ප්‍රතිචාර දක්වන්නෙ නැතුව හිටිය. දැන් නං කතාවක් නැහැ, වෙන මොකක් හරි බයිට් එකට හම්බවෙලා ඇති. තව මිත්‍රයෙක් මට කිව්ව, ඔබ තුමා මෙහාට එන්න සංචාරයක්! අපි වියදම් දරන්නං, අපි විමල් වීරවංශවත් ගෙන්නුව කියල. ' මම නං පිටරට එන්න බලාපොරොත්තුවක් නැහැ! ඔය එක එක්කෙනා ගෙන්නන්න බොරුවට සල්ලි නාස්ති කරන්නත් එපා! අපිට පුළුවං නුතන තාක්ෂණය හරහා සාකච්චා කරන්න, කට්ටියක් ලෑස්ති කරල...ලොකු screen එකකට skype හරහා මාව සම්බන්ධ කරන්න, අපි කතා කරමු, ඒ සාකච්චාව record  කරල YouTube දාමු!' මම කියාගෙන ගියා. මගෙ උනන්දුව තේරිල ඔහු පොරොන්දු වුණා ඒ සතියෙම දවසක එහෙම වැඩක් සංවිධානය කරනව කියල. එච්චරම තමයි, දැන් මාස ගණනාවක්, එක නං නිකං  fun එකට වගෙ කියන්න ඇති කියමුකො! ඒත් දවසක්, ඒත් අවුරුදු විසි ගණනක් යුරෝපා රටක වැඩකරනව කියන කෙනෙක් මට දුර කථනයෙන් කතා කරල කිව්ව, මම ඔබ තුමා කියන දේවල් සෑහෙන්න අහන කෙනෙක්, වැඩසටහනක් මිස් වුණත් කොහොම හරි හොයාගෙන බලනව, ලංකාවට ආපු ගමන් අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනෙ කියල. මම අර තේරුමක් නැති මුණ ගැහීම් ගැනත් කියල, මේ මුණ ගැහීමත් තේරුමක් නැති වෙයි කියල කිව්වත් මගෙ හිත වෙනස් කරන්න ඔහුට පුළුවං වුණා. බත්තරමුල්ලෙ 'සෙන්සාල්' එකේදී ඔන්න ඉතිං  අපි හම්බ වුණා. ඔහු, තමන්ට යුරෝපයෙ තියෙන හැකියාව ගැන සෑහෙන දේවල් විස්තර කෙරුව. 'ඔබ තුමා ඔය ඉස්කෝලෙ ළමයින්ට වැඩ සටහන් කරන එක  නියමයි! අපි අනිවාර්යයෙන්ම මොනවහරි කරමු!' ජන සමාජය දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත් පාසැල් යන අලුත් පරම්පරාව අතිශය වැදගත් බවත්, මම කියනකොට, ඔහු දැඩි හැගීමකින් කිව්ව. ඊට පස්සෙ, ඔහු හෝමාගම ප්‍රදේශයෙ විදුහලක විදුහල්පතිවරයෙකුගෙ දුරකථන අංකයක් දීල සම්බන්ධ කරගෙන ළමයින්ට වැඩසටහනක් කරන්න කියල කිව්ව, ඔහු ඒ විදුහල්පතිවරයට කතාකරල තියෙන්නෙ කියලත් කිව්ව. 'එතකොට කව්ද මේක සංවිධානය කරන්නෙ ? ළමයින්ට refreshment එකක්..එතකොට මේ වැඩ සටහන අඩුම තරමෙ video කරල YouTube එකට දාල තව ප්‍රයෝජනයක් ගන්න..වැඩසටහන කරන්න අවශ්‍ය sounds, screen එකක් වගෙ දේවල්..??' ඔහුගෙන් එහෙම මොකුත් කතාවක් නැහැ, ඇහුවට මොකුත් කියන්නෙත් නැහැ, ඉතිං මම ඒ විදුහල් පතිවරයට කතා කෙරුවෙ නැහැ. අය්යෝ! කතා කෙරුවේ නැද්ද? මම හිතුව කතා කරලා වැඩේ කරයි කියල, අපරාදෙ! මම අනිද්ද ආයෙත් රට යනව, පස්සෙ දවසක බලමුකො නේද!' ඔහු ඒ ළගම දවසක දුරකථනයෙන් කතාකරල කම්පා වුණ, ආයෙත් කතා කෙරුවෙත් නැහැ හැබැයි. තව එකම එක සිද්ධියක් කියන්නංකො, කොච්චර අත ඇරල වගෙ හිටියත් ආයෙත් මේ ළඟදි කෙනෙක්ව හම්බ වෙන්න මගෙ හිත වෙනස් වුණා. ඔහුත් යුරෝපයෙ බර කාලයක් ඉන්න කෙනෙක්ලු! දිනපොතක ප්‍රශ්න වගයක් ලියගෙනම ආව අහන්න, මගෙ උත්තර ඔහු පටිගත කෙරුව, බොහොම සීරියස් විදිහට තමයි ඇවිදින්නෙත්, 'මමත් ඔබ තුමා වගෙ, ජීවිතය තේරුම් අරං තියෙන්නෙ, මේ සමාජය වෙනුවෙන් මමත් සැහෙන දේවල් වගයක් කරනව! එහෙම කියපු ඔහු ලොකු වැඩ වගයක් plan කරනවා කියල ගියා, ඊට පස්සෙ ඇමතුමක් දෙකක්, ඊටත් පස්සෙ ring cut එකක්. එච්චරයි!
ඔය අතර, මේ දැනුත් අර කලින් කියපු ක්‍රම වලට කතා කර කර ලංකාවට අපු ගමන් හම්බ වෙන්න ඕනෙ කියන තවත් කීප දෙනෙක්ම ඉන්නව. ඉස්කෝලෙ ළමයින්ට වැඩ සටහන් කරන්න, අලුත් සංවිධාන හදන්න, නුතන තාක්ෂණය  හරහා රටවල් අතර රැස්වීම් තියන්න, media හදන්න, පත්තර පටන් ගන්න..ඒ හුඟක් යට ඕනෙලු! මම මේ කර ඇර ඇර ඉන්නෙ, හිත වෙනස් වෙලා ඒ කාව හරි හම්බ වුණොත් එහෙම කියන්නනංකො! හැබැයි ඔය පිටරට ඉන්න යමක් කරන්න පුළුවං  සිංහල  - සිංහල කියල කෑ ගහන අයටයි මේ කියන්නෙ! වැඩක් කරන්න ඕනෙ විදිහ දෙමළ ඩයස්පෝරාවෙන්වත් ඉගෙන ගන්න!! CHAPA

No comments:

Post a Comment