Sunday, February 12, 2017

   ෂා! හරි හැඩයිනෙ!


''ෂා! ලස්සන...එන්න එන්න හැඩ වෙනවා, මොකද දන්නෙ නැහැ!''
කවුරු හරි ඔබට මේ උදේ පාන්දර එහෙම කිව්වොත් මොකද්ද හිතෙන්න පුළුවං?
සතුටක්! ආඩම්බරයක්! ගැම්මක්!
ඒකනෙ! කෙනෙක් දකිනකොට එහෙම දේවල් කියන්න, බොරුවට නෙවෙයි, ඇත්තට. හොඳට බලන්න හැමෝගෙම ලස්සනක් තියෙනවා, විශේෂත්වයකුත් තියෙනවා. අපි ඒවා දකින්න උත්සහ කරන්න ඕනෙ.
සමහරු පුරුද්දට වගෙ කියන්නෙම අනිත් පැත්තෙ දේවල්!
''මොකද අනේ නිකං අසනීපෙන් වගෙ?'' 
''හරියට හුඹහෙන් ඇදපු තලගොයෙක් වගෙ...මොකද මේ?'' ඔයවගේ ඒවත් සමහරු - සමහරුන්ට කියනවා.
''අයියෝ! ඔයා එන්න එන්න කෙට්ටු වෙනවනෙ, හිටියගෙන් බාගයක් නැහැ!''
''ඔය ඇඳුම නං ඔයාට හරියන්නෙ නැහැ...කලර් එක ගැළපෙන්නෙ නැහැනෙ!''
ඔය වගේ දේවල් කාන්තාවො විතරක් නෙවෙයි පිරිමි පිරිමිත් කියා ගන්නවා.
කෙනෙකුට, මේ වගෙ සුන්දර උදෑසනක ඔයවගෙ මොකක් හරි කතාවක් ඇහුණොත් ඉතිං දවසම එපා වෙයි. ඒ නිසා ලස්සන කතාවක් කියන්න ආසා හිතෙන.
''ඔයා උදෙන්ම දැක්කම ඉතිං මගෙ දවසම සාර්ථකයි!''
ඔය වගෙ කතාවක්!
වියදමක් නැහැනෙ, උත්සහ කරලා බලන්න, හැබැයි 'අන්දන්න' වගෙ නං කියන්න එපා! තියෙන හිතවත් කමත් නැතිවෙයි, දවස වගෙම.
බලන්න මේ කතාව කියනකොට ඔබේ මූණෙ ලස්සන!
සතුටුයි නෙ?
තවත් කාට හරි ඒ සතුට දෙන්න!
සතුට පිරි තවත් දවසක් එහෙම නං...
CHAPA

No comments:

Post a Comment