Saturday, February 4, 2017

    ඔබ එළුවෙක් ද?


කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං පොඩ්ඩක් මූණ බලනවා ද?
ඔබේ මූණ කරුණාවන්ත පාට ද? නැද්ද?
අපි හැමෝම කරුණාවන්ත පුද්ගලයන්ට කැමතියි කියලා කියනවා, එතකොට ඒක ඇත්තද?
ඔබ අහලා තියෙනවා ද අර කරණවෑමියා සහ එළුවා ගැන කතාව. ඔන්න, එක ගමක කරුණාවන්ත කරණවෑමියෙක් හිටියා. අනිත් අය හිතන්නෙ ඒ කරුණාවන්තකම නිවටකමක් කියලා. ගමේ එළුවෙකුටත් එහෙම හිතිලා කරණවෑමියා ළඟට ගිහින් නිකට පාලා කියනවාලු, මේ! මගෙත් රැවුල කපනවාකො! කියලා.
ඉංග්‍රීසි කියමනක් තියෙනවා Meekness is not Weakness! කියලා. ඒ කියන්නෙ කරුණාවන්තකම දුර්වලකමක් නෙවෙයි කියලා.
මේ අලුත් දවසෙ ඔබට හිතන්න යමක් කියන්නෙ!
ඔබත්, කෙනෙකුගෙ කරුණාවන්තකම දුර්වලකමක් හැටියට සලකනවා ද? එක්කෝ ඔබේ කරුණාවන්තකම, අනෙක් අය දුර්වලකමක් හැටියට සලකනවා ද? මේ ගැන ටිකක් වැඩිපුර හිතන්න!
අප ජීවත්වන සමාජය තුළ පවතින බරපතළ සහ සංවේදී ප්‍රශ්නයක් මේක. අපි මේ තත්වය වෙනස්කරන්න ඕනෙ. 'කරුණාවන්තකම' පිළිගන්න ඕනෙ, ඊට ගෞරව කරන්න ඕනෙ. එය සමාජ හරයක් බව අනෙකාට පෙන්වාදෙන්න ඕනෙ.
එහෙම නං අපි කරුණාවන්ත වෙමු! කරුණාවන්ත අයට ගරුකරමු!
කොටින්ම අපි එළුවො නෙවෙයි!
CHAPA

No comments:

Post a Comment