Thursday, January 19, 2017

තවත් කතාවක්...

සෝම හිමි - Part 1

 
2003 දෙසැම්බර් 12 ගංගොඩවිල සෝම හිමි නික්ම ගියා. ඊට පස්සෙ එළැඹුණු මාස දෙක තුනක කාලය ''එකම සිදුවීම් පෙළක්'' වෙමින් රට උණුසුම් කළා, සෝම හිමියන්ගෙ සමාජ මැදිහත්වීම පිළිබඳ අපට වෙනම දේශපාලන කියවීමක් තිබුණා. ඒ සංවාදය පසෙක තිබියදී, අපි අදාළ සිදුවීම් පෙළ, 'නිදහස්' පුවත්පතේ සහ 'ඊළඟට...' කෘතියෙ පිටු අතරින් ආපිට කියවන්න පටන් ගනිමු! ඒ, ඉතිහාසය මැකී ගිය කල වර්තමානයක් හෝ අනාගතයක් පිළිබඳ නොලියැවෙන නිසා...
CHAPA

ආචාර්ය උපාධි ඡායාරුප, සෝම හිමියන්ගෙ මෘත දේහයෙන්!
ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමට අදාළ රුසියානු ආචාර්ය උපාධි කුමන්ත්‍රණය සඳහා ව්‍යාජ ලෙස යොදාගෙන ඇත්තේ ඒ හිමියන්ගේ මෘත දේහයේ ඡායාරුප වන බව අනාවරණය කරන 'නිදහස්' එම අපවත්වීම සුක්ෂම ඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව විශ්වාස කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරිය - අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පියවර නොගැනීම පිටුපස, අන්තර්ජාතික ක්‍රිස්තියානි
මුලධර්මවාදී බලවේගයක් තිබෙන බවද 'නිදහස්' අවධාරණය කරන අතර එම සූක්‍ෂම සිද්ධීන් සඳහා පැහැදිලි සාක්ෂි සපයන එකී ක්‍රිස්තියානි මුලධර්ම ආයතනයේ වෙබ් අඩවියද විසන්ධි කර හෝ අවහිර කර තිබෙන බව පෙන්වා දෙයි.
සෝම හිමියන් ලියූ 'බෞද්ධ' ස්ථූප නම් වූ, ඉංග්‍රීසි භාෂාවට හෝ පරිවර්තනය නොකළ ඉතා සරල ග්‍රන්ථයකට, ආචාර්ය උපාධී කීපයක්ම ප්‍රදානය කීරීමට සූදානම් වූ බව කියන රුසියාවේ, IUFS ( International University ඔෆ් Fundamental ) ආයතනය, පිළිගත් මට්ටමක විශ්වවිද්‍යාලයක් හෝ නීත්‍යනුකුල ආයතනයක් නොව, ශාන්ති පුෂ්පකුමාර ජයසේකර නම් වූ ශ්‍රී ලාංකිකයෙකු පුජකයෙකු ලෙස යොදා ගනිමින් පවත්වාගෙන යන ක්‍රිස්තියානි මුලධර්මවාදී ස්ථානයක් බව අනාවරණය වන අතර, මෙම ශ්‍රී ලාංකිකයා තමා හඳුන්වාගැනීමේදී යොදා ගන්නා Rev. Prof. Shanthi P. Jayasekara, D.D. Ph D, Ed .D, JD, DSc, Theologian ( USA ), Professor in Satellite Television Systems - Academician ( Russia ) Astronaut cosmonantics Federation of Russia යන උපාධි සහ පශ්චාත් උපාධි සුදුසුකම් ව්‍යාජ ඒවා බව තහවුරු වේ. එසේම ඔහු, රුසියානු රජය ප්‍රකාශයට පත්කර ඇති ව්‍යාජ සහතික ලබා දෙන්නන්ගේ කළු ලැයිස්තුවට ( Black List) අයත් ජාවාරම් කරුවෙකු බවත්, ඇමරිකාව මුලස්ථානය කරගත් ක්‍රිස්තියානි මුලධර්මවාදී කල්ලියක නියෝජිතයෙකු බවත් තහවුරු වේ. මෙම පුද්ගලයා මගින් පවත්වාගෙන ගිය www. iufs. edu නම් වූ වෙබ් අඩවියේ ප්‍රකාශිත කරුණු වලින් ඒ බැව් සනාථ වන අතර, එහි එසේ ව්‍යාජ ආචර්ය උපාධි ලබා දුන් බව කියන විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් පිරිසකගේම නම් ඇතුළත්කොට තිබේ.  
2001/02 සහ 2003/04 වශයෙන් වර්ග කර ඇති එහි කණ්ඩායම් දෙකටම සෝම හිමියන්ගේ නම ඇතුළත් කර ඇති අතර, ඊට අමතරව, එහි ඇතුළත් කොට ඇති ශ්‍රී ලාංකිකයන්ගේ නම් මෙසේය;
ජයසේකර මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර, හේරත් වාසල මුදියන්සේලාගේ කළුබණ්ඩාර රණවන. සේරසිංහ එරන්ද, ජයසේකර මුදියන්සේලාගේ උපසේන ජයසේකර, ගංගොඩවිල සෝම හිමි, පීරිස් රත්නජීව, තිළිණී දන්තනී, හජ්ජු මොහොමඩ් සිතික්.
'නිදහස්' නිරීක්ෂණයට අනුව, මෙම ශ්‍රී ලංකික ජාවාරම්කරුවන්ගේ පවුලේ සාමාජිකයන් විය හැකි, ජයසේකර මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර, ජයසේකර මුදියන්සේලාගේ උපසේන ජයසේකරට අමතරව යොදාගෙන ඇති සෙසු නම් සියල්ලම පාහේ ව්‍යාජ ඒවා බව හෙළිදරවු වෙමින් තිබේ.එම ලැයිස්තුවේ සිටින ජයසේකර මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර යනු, සෝම හිමියන් විසින් පවත්වාගෙන ගිය 'ජනවිජය' පුවත් පතේ ප්‍රධාන කතුවරයාය. ඔහු මෙම ජාවාරම්කාර පුජකයාගේ සහෝදරයෙකි. එහෙත් ඔහු මාධ්‍ය ඔස්සේ ප්‍රකාශකොට තිබුණේ, තම සහෝදරයා එවැනි පූජකයෙකු බව හෝ අදාළ ක්‍රිස්තියානි මුලධර්මවාදී ආයතනය පිළිබඳ හෝ කිසිත් නොදන්නා බවයි. සෝම හිමියන් මෙම රුසියානු ගමන සඳහා මෙහෙය වූ එම 'ජනවිජය' කර්තෘ වරයාගේ සියලු හැසිරීම් අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ, ඔහු මෙම සුක්ෂම කුමන්ත්‍රණයේ එක් ප්‍රධාන පාර්ශවකරුවෙකු බවය. ඔහු ක්‍රිස්තියානි මුලධර්මවාදී නිකායකට බැඳී සිටින 'සෙලින්කෝ' අධිපති ලලිත් කොතලාවල පවත්වාගෙන යන 'අරටුව' පුවත් පතේ කර්තෘවරයෙකු ලෙස කටයුතු කර ඇති නිසා මෙම කුමන්ත්‍රණය වඩා සංකීර්ණ වන බව පෙන්වා දෙන 'නිදහස්' ඔහු - හුදු ප්‍රකාශයකින් පසුව නිදහස් කර දැමු නෛතික ක්‍රියාවලිය ද ප්‍රශ්න කරයි.
ඒ අතර සෝම හිමියන් රුසියාව බලා පිටත්ව යෑමට පෙර සහ පසු විවිධ පුද්ගලයන්ට,හමු වී සහ දුරකථන ඔස්සේ ප්‍රකාශකොට ඇති බව කියන කරුණු සියල්ල පරස් පරය. ගැටළු සහගතය. මේ කිසිවකින් සෝම හිමියන් රුසියාවට ගිය හේතුව සහ අරමුණ හෝ ඒ හිමියන්ට වැළඳුණු බව කියන හෘද රෝගය, සිදු කළ බව කියන මූලික සැත්කම, ශාන්ත පීටර්ස්බර්ග්හී පුනරුත්ථාපන කඳවුරක දීර්ඝ කාලයක් රඳවා ගැනීම සහ හදිසියේ අපවත් වීම යන නොපැහැදිලි තත්වයන් නිරවුල් වන්නේ නැත. වෛද්‍ය වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද එකිනෙක සැසඳෙන්නේ නැත.එසේම සෝම හිමියන්, ආචාර්ය උපාධි ලබා දුන් බව දන්වමින් ඉහත දැක්වූ www.iufs.edu වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබූ ඡායාරූප පෙළ අධ්‍යනය කරන 'නිදහස්' ඒ සියල්ල ව්‍යාජ ඡායාරූප බව මෙසේ සනාථ කරයි.   
( to be continued... )

No comments:

Post a Comment