Wednesday, January 11, 2017

දේශපාලනය, කුණුහරුපයක් නෙවෙයි! විද්‍යාවක්...


අපිට රටක් හැටියට ඉස්සරහට යන්න බැරිවෙන්න හරස් වන බරපතළම බාධකය, දේශපාලන දැනුම!
ක්‍රියාකාරී දේශපාලන කටයුතු කරන බව හිතන හුඟාක් අයට මේ ප්‍රශ්නය තියෙනවා. හුඟාක් දේශපාලන පක්ෂත් ඒ නිසාම ඒ විදිහයි. උගත් අය දේශපාලනය කරන්න ඕනෙ, උගත් අය පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ කිව්වට මේ 'දේශපාලන උගත්කම' වෙන එකක්.
උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥවරයෙක්...කියන්නෙ වෙන කතාවක්. ඔවුන්ට තම විෂය දැනුම තියෙනවා වුණත් ඊට එහා දේශපාලනිකව ලෝකය දකින්න නං, දේශපාලනය විෂයයක් විදිහට හදාරන්න වෙනවා.
සාමාන්‍යයෙන්, ලංකාවට අදාළව ගත්තොත් අවම වශයෙන් අපොස ( උපෙළ ) මට්ටමටවත් මේ විෂය දැනුම හදාගන්න ඕනෙ යමක් සාකච්ඡා කරන්න පටන් ගන්නවත්. මේ හැදෑරීම් තමන්ට තනියම වුණත් කරන්න පුළුවං, ඒත් 'මම දන්නවා!' කියලා හිතන කෙනෙකුට නං මැරෙන තුරුම බැහැ. දැන් වෙලා තියෙන්නෙ, තමන් දේශපාලනය කරනවා! කියලා හිතාගෙන, විශාල පිරිසක් එක එක පක්ෂත් එක්ක - එක එක විදිහට ක්‍රියාකාරී වෙලා - ඉතාම අනතුරුදායක තත්වයක්! ඒ අති බහුතරය හිතන්නෙ ඇඟේ හයියෙන් දේශපාලනය කරන්න පුළුවං කියලා. ඒ පක්ෂ නායකයොත් එහෙම හිතන නිසා මාර ප්‍රශ්නයක් තියෙනවා.
ඉතාම සුළු පිරිසක් ඉන්නවා දේශපාලනය විෂයයක් විදිහට දැනගෙන games play කරන, ඒත් 'ඉතාම සුළු' පිරිසක්. ඒ අතර එහෙම දැනුම හොයන අලුත් කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුන් ඉතාම භයානකයි!
ඔය අතර, ජවිපෙ එක කාලයක, පෙරටුගාමී පක්ෂය දැන් යම් ප්‍රමාණයකට දේශපාලන දැනුම ගැන උනන්දු වෙනවා. ඒත් ඔවුන්ගෙ පක්ෂ ආකෘති නිසා හිරවෙනවා. එක කාලයක් X කණ්ඩායම, Tomorrow වගෙ කුඩා කණ්ඩායම් දේශපාලන හැදෑරීම් එක්ක සංවිධානය වුණත්, ඒත් එක්කම ඔවුනුත් මේ වෙළෙඳ පොළ හුළඟට ගහගෙන ගියා.
කොහොමත් අන්තිමට හැම පාලකයෙක්ම මේ නොදන්නා කමට ආසයි, ලේසි නිසා. අපි දැන් මොකද කරන්නෙ? මේ fb වගෙ නූතන තාක්ෂණ අවකාශ  හරහා පවා හුඟාක් කට්ටිය දේශපාලනය කියල හිතාගෙන කුණුහරුප ලියනවා, කුණු රසය මතුකරන post දානවා. ගහගන්න කතාකරනවා.
වැදගත්ම සහ බරපතළම කාරණය මේකයි!
ලෝකය කොල්ලකන ආර්ථික ඝාතකයන් දේශපාලන දැනුමෙන් සන්නද්ධයි, අපි පොලු මුගුරු කඩු පිහි තුවක්කු බෝම්බ  එක්ක දේශපාලනය වගේ එකක් කරන අතරෙ...
එතකොට?!
CHAPA   

No comments:

Post a Comment