Sunday, January 22, 2017

  Can You?

 
ඔබ කවුද? කොහොම කෙනෙක් ද? වෙන වෙන අයට, ඒ ගැන වෙන වෙන අදහස් ඇති. යම් තක්සේරුවකුත් ඇති. ඒත්, ඔබට ඔබ ගැන යම් තක්සේරුවක් තියෙනවාද? ජනප්‍රිය වචන වලින් ගත්තොත්, එය අව තක්සේරුවක් වෙන්න බැහැ, අධි තක්සේරුවක් වෙන්නත් බැහැ.
කොහොමද කෙනෙක් තමන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගන්නෙ?
ඒක ඉතාම අමරුවෙන් කරගන්න ඕන දෙයක්. ඒ සඳහා, හැම වෙලාවකම තමන් - තමන් පිළිබඳ හොඳ අධ්‍යනයක ඉන්න ඕනෙ. 
මම කවුද? මම කොහොම කෙනෙක් ද? මගේ හැකියාවන් මොනවා ද? සාර්ථක සහ අසාර්ථක තැන් මොනවාද? දුර්වලතා මොනවාද? 
මේ ගැන නිරන්තර අවධානයෙන් ඉන්න ඕනෙ. ඒක එච්චර ලේසි නැහැ. අපි පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් තක්සේරු කරන්නෙ අනිත් අයව. අනෙක හැඟීම් අතර හිරවෙන අපි, හුඟාක් වෙලාවට තමන් ගැන වැරදි තක්සේරුවලට යනවා. එතකොටම අපට වරදිනවා.
අද තවත් අලුත් දවසක්නෙ, උත්සහ කරලා බලන්න!
Can You?
CHAPA

No comments:

Post a Comment