Thursday, January 26, 2017

    මේ අලුත් දවස ඔබේ!


ලංකාවෙ අපිට නං තවම දවස පටන් ගත්තා විතරයි වගෙ. මම මේ ලියමින් ඉන්න අවට තියෙන වැහිබර අඳුරු වට පිටාව නිසාමත්, තවමත් දවසෙ හිමිදිරිය වගෙ.
ඔබේ හිතේ දැන් මොනවද තියෙන්නෙ? හෙමින් කල්පනා කරලා බලන්න!
විසඳා ගන්න බැරි ප්‍රශ්නයකට මැදිවෙච්ච ඔබේ හිත මෙලහකටත් පිස්සු වැටිලා ඇති. සමහරවිට, ප්‍රශ්න ගොඩකින් ඔළුව කැකෑරෙනවා ඇති. වසර ගණනාවක් තිස්සෙ වැල් පොළී වන මාර ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න ගොන්නක් වෙන්නත් පුළුවං, අද ඊයෙ හදිසියෙ කඩා වැටිච්ච කරදරයක් හෝ කරදර ගොඩාක් වෙන්නත් පුළුවං.
දැන් මොකද කරන්නෙ?
මොනවා කරන්නත් හැබැයි ඔබ ඔළුව කෙළින් තියාගන්න ඕනෙ. හිත නිරවුල්ව තියාගන්න ඕනෙ. ඇයි දන්නවාද? අවුල් වෙච්ච හිතකින් - ඔළුවකින් කිසිම ප්‍රශ්නයකට උත්තර හොයාගන්න බැහැ, ප්‍රශ්න තව තව අවුල් කරනවා මිසක්. මෙහෙම හිතන එක ඒත් ලේසි නැහැ. ප්‍රශ්නවලට මැදිවුණු කෙනෙක් ඒ ගැන දැනුවත් නැත්තං එන්න එන්න ඒ ප්‍රශ්නවලම හිරවෙනවා. එය ඉතාම සාමාන්‍ය තත්වයක්. හිතන්න තියෙන ඉඩත් ඒ වගේම හැකිළෙන්න ගන්නවා.
අපි මෙහෙම බලමු!
අද, මේ,  අලුත් දවසක ආරම්භයක් නෙ. වෙනස් විදිහකට හිතන්න උත්සහ කරමු. ප්‍රශ්නය හෝ ප්‍රශ්න එහෙමම තියෙද්දි, අපි සාමාන්‍ය දෛනික කටයුතුවල සැහැල්ලුවෙන් යෙදෙන්න පටන්ගම්මු. වට පිටාවෙ ඉන්න නෑ හිතවතුන් එක්ක සාමාන්‍ය විදිහටම, සුහදව සහ වඩා විවෘතව වැඩ කරන්න පටන් ගම්මු. ඔබ යම් කර්යයාලයක වැඩ කරනවා නං වෙනදාට වඩා අලුත් විදිහකට වැඩකරන වට පිටාව දිහා බලන්න පටන් ගන්න. ඔබේ සගයන් එක්ක නවමු හැඟීමකින් ගනු දෙනු කරන්න උත්සහ කරන්න.
ඔය අවට එහෙ මෙහෙ දුවන අනේක විධ ගැහැනු මිනිස්සු, ළමයි...දිහා හොඳට බලන්න! ඒ හැමෝටමත් එක එක විදිහෙ ප්‍රශ්න ඇති, සමහර විට ඔබට වඩා. එහෙම නං වැටෙන්න එපා! හිත නරක් කර ගන්න එපා! බලාපොරොත්තු ඇති කරගන්න!
මේ අලුත් දවස ඔබේ!
CHAPA

No comments:

Post a Comment