Sunday, January 29, 2017

 ත්‍රස්තවාදය යළිත්?


සුමන්තිරන් ඝාතන තැතක් ගැන කියැවෙනවා.
එදවස පුනරුත්ථාපනය කළ බව කියන එල්ටීටීඊ සාමාජිකයන් දෙන්නෙක් අත් අඩංගුවට අරගෙන කියලත් කියැවෙනවා. මේ ඉතාමත්ම අයහපත් තත්වයක පෙරනිමිත්තක්. අනතුරක සංඥා එළියක්!
තිස් වසරක යුද්ධය අවසාන වුණත්, යුද්ධයට හේතු සැපැයූ ඓතිහාසික සාධක එහෙමමයි. යුද්ධයට පාර හැදුණෙ රටේ ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන් රාශියක් නිසා. දෙමළ අන්තවාදීන් ඒ තත්වය, සිංහල - දෙමළ ප්‍රශ්නයක් බවට පත් කෙරුවා, සමහර සිංහල දේශපාලන නියෝජිතයනුත්, ''තම පැවැත්ම වෙනුවෙන්''  ඒ සඳහා උඩ ගෙඩි දුන්නා. අවසානයේදි මැරුණෙ, මැරුවෙ, මරාගෙන මැරුණෙ, අවතැන් වුණෙ, ශරීර පමණක් හිමි වෙන කිසිවක් අහිමි, නැති බැරි එවුන්, සිංහල - දෙමළ සහ ඇතැම් විට මුස්ලිම්.
තිස්වසරක යුද්ධයේ අවසාන වෙඩි හඬ තවම මැකිලා නැහැ! අප අතරම - තවම රැව් දෙනවා.
රාජපක්ෂ රෙජීමය යුධ ජයග්‍රහණය වීරත්වයකට සහ විනෝදයකට පෙරළා ගත්තා මිසක්, යුද්ධය නිර්මාණය වුණු අභිජනන පොළොව වෙනස් කරන්න උත්සහ ගත්තෙ නැහැ, කොටින්ම එහෙම පුළුල් දේශපාලන සාකච්ඡාවක් තිබුණෙම නැහැ.
2015 ජනවාරි 8, ඊනියා ජාත්‍යන්තර මගපෙන්වීම යටතෙ රටේ Regime Change එක සිද්ධ වෙන්නෙත් අන්න ඒ පසුබිම ඇතුළෙ. ඊට පස්සෙ යුද්ධයට පසුබීම් වුණු රටේ ප්‍රශ්නය විසඳන්න හදන්නෙ ඊනියා බලය බෙදා හැරීමක් මගින්. ඒ කාගෙ උවමනාවටද? ඊනියා ජාත්‍යන්තරය සහ ඊට වෙන විදිහකට සම්බන්ධවන දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය නිසා. බඩ ගෝස්තරවාදී දෙමළ නායකයන් අනිත් පැත්තෙන්.
ඒ කියන්නෙ, දෙමළ ත්‍රස්තවාදය සහ තවත් සිවිල් ගැටුම් උපදින්න සුදුසු - අදාළ පොළොව තවමත් දිගටම එහෙමමයි. මේ පාලකයන්ට ඒ ගැන වගක් නැහැ. රටේ සිව් දිශාවන්ටම මේ තත්වය අදාළයි. ''ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන්'' වෙනස් කරමින් යහ පාලනයක් ගොඩනගන්න මේ කිසිස්ම පාලකයෙකුට, පක්ෂයකට හෝ දේශපාලන නියෝජිතයෙකුට අවශ්‍ය නැහැ, එහෙම අවශ්‍යතාවක් තියෙන බවවත් ඔවුන්ට දැනෙන්නෙ නැහැ. දන්න බවක් පේන්නෙත් නැහැ.
ඒ අනුව, ඔව්! යළි ඕන මොහොතක ත්‍රස්තවාදය හිස ඔසවන්න පුළුවං. සිවිල් කැරළි ඇතිවෙන්නත් පුළුවං. එතකොට, තාරුණ්‍යයට බඩේ බෝම්බ බැඳගන්න ඉඩ දීලා අපි ඔහේ බලාගෙන ඉන්නවාද, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම යුක්තිය ඉටුවන සාධාරණ පොළොවක් වෙනුවෙන් වැඩකරනවාද? සුමන්තිරන්ටත් මේ ප්‍රශ්නය අදාළයි!
වෙනවා.
එදවස පුනරුත්ථාපනය කළ බව කියන එල්ටීටීඊ සාමාජිකයන් දෙන්නෙක් අත් අඩංගුවට අරගෙන කියලත් කියැවෙනවා. මේ ඉතාමත්ම අයහපත් තත්වයක පෙරනිමිත්තක්. අනතුරක සංඥා එළියක්!
තිස් වසරක යුද්ධය අවසාන වුණත්, යුද්ධයට හේතු සැපැයූ ඓතිහාසික සාධක එහෙමමයි. යුද්ධයට පාර හැදුණෙ රටේ ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන් රාශියක් නිසා. දෙමළ අන්තවාදීන් ඒ තත්වය, සිංහල - දෙමළ ප්‍රශ්නයක් බවට පත් කෙරුවා, සමහර සිංහල දේශපාලන නියෝජිතයනුත්, ''තම පැවැත්ම වෙනුවෙන්''  ඒ සඳහා උඩ ගෙඩි දුන්නා. අවසානයේදි මැරුණෙ, මැරුවෙ, මරාගෙන මැරුණෙ, අවතැන් වුණෙ, ශරීර පමණක් හිමි වෙන කිසිවක් අහිමි, නැති බැරි එවුන්, සිංහල - දෙමළ සහ ඇතැම් විට මුස්ලිම්.
තිස්වසරක යුද්ධයේ අවසාන වෙඩි හඬ තවම මැකිලා නැහැ! අප අතරම තවම රැව් දෙනවා.
රාජපක්ෂ රෙජීමය යුධ ජයග්‍රහණය වීරත්වයකට සහ විනෝදයකට පෙරළා ගත්තා මිසක්, යුද්ධය නිර්මාණය වුණු අභිජනන පොළොව වෙනස් කරන්න උත්සහ ගත්තෙ නැහැ, කොටින්ම එහෙම පුළුල් දේශපාලන සාකච්ඡාවක් තිබුණෙම නැහැ.
2015 ජනවාරි 8, ඊනියා ජාත්‍යන්තර මගපෙන්වීම යටතෙ රටේ Regime Change එක සිද්ධ වෙන්නෙත් අන්න ඒ පසුබිම ඇතුළෙ. ඊට පස්සෙ යුද්ධයට පසුබීම් වුණු රටේ ප්‍රශ්නය විසඳන්න හදන්නෙ ඊනියා බලය බෙදා හැරීමක් මගින්. ඒ කාගෙ උවමනාවටද? ඊනියා ජාත්‍යන්තරය සහ ඊට වෙන විදිහකට සම්බන්ධවන දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය නිසා.
ඒ කියන්නෙ, දෙමළ ත්‍රස්තවාදය සහ තවත් සිවිල් ගැටුම් උපදින්න සුදුසු - අදාළ පොළොව තවමත් දිගටම එහෙමමයි. මේ පාලකයන්ට ඒ ගැන වගක් නැහැ. රටේ සිව් දිශාවන්ටම මේ තත්වය අදාළයි. ''ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන්'' වෙනස් කරමින් යහ පාලනයක් ගොඩනගන්න මේ කිසිස්ම පාලකයෙකුට, පක්ෂයකට හෝ දේශපාලන නියෝජිතයෙකුට අවශ්‍ය නැහැ, එහෙම අවශ්‍යතාවක් තියෙන බවවත් ඔවුන්ට දැනෙන්නෙ නැහැ. දන්න බවක් පේන්නෙත් නැහැ.
ඒ අනුව, ඔව්! යළි ඕන මොහොතක ත්‍රස්තවාදය හිස ඔසවන්න පුළුවං. සිවිල් කැරළි ඇතිවෙන්නත් පුළුවං. එතකොට, තාරුණ්‍යයට බඩේ බෝම්බ බැඳගන්න ඉඩ දීලා අපි ඔහේ බලාගෙන ඉන්නවාද, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම යුක්තිය ඉටුවන සාධාරණ පොළොවක් වෙනුවෙන් වැඩකරනවාද? සුමන්තිරන්ටත් මේ ප්‍රශ්නය අදාළයි!
CHAPA

No comments:

Post a Comment