Friday, January 27, 2017

   ඔබට සල්ලි කොච්චර ඕනෙ ද?


වර්තමාන ලෝකය තුළ ජීවත්වෙන්න නං සල්ලි ඕනෙ, ඒ ගැන තර්ක කරන්න දෙයක් නැහැ. දැන් හැමදේම සල්ලි! ඒත් ජීවිතයම සල්ලි වෙනුවෙන් දියකරලා දාන්න අපිට පුළුවං ද?
අපේ බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට ජීවිතයම සල්ලි කරගන්නවා. දෙමාපිය, දු දරු, සහෝදර, නෑදෑ, යාළු මිත්‍ර, ප්‍රේම...මේ සියලු වර්ගවල මානව සම්බන්ධතා මේ වෙනකොට සල්ලි වලින් තක්සේරු වන දුක්ඛිත තත්වයකට අපි පත්වෙලා ඉවරයි, හරියටම බැලුවොත්. එහෙම වෙලා තියෙන්නෙ නූතන වෙළෙඳ ලෝකය තුළ පවතින ''තාක්ෂණික ස්වභාවය'' නිසාමයි.
සල්ලි ගොඩාක් පෙන්නලා, ඔබෙන් කෙනෙක් ඇහුවොත් කොච්චර සල්ලි ඕනෙ ද කියලා, ඔබට යම් ගණනක් කියන්න පුළුවන් වෙයිද? බැහැනෙ! අපේ හිත්, සල්ලි එක්ක එච්චර සම්බන්ධයි. බලන්න, මිනිස්සු හොරකං කරන විදිහ. මිලියන ගණනින්, බිලියන ගණනින්. ඔච්චර සල්ලි මොකටද? අන්තිමට ඔය ඔක්කොම දාලා අපි යන්න යනවනෙ. ඒත් අපිට ඒ වග මතක නැහැ. සල්ලි නිසා පිස්සු වැටිලා!
මෙහෙම අපිට යන්න පුළුවං ද? සල්ලි නිසාම අපට ගිලිහෙන අපේ ජීවිතවලට එතකොට මොකද්ද වෙන්නෙ?
ආදරය, කරුණාව, දයාව...සමග පමණක් පවතින ජීවිතය!
අහෝ! කෝ අපේ ඒ 'ජීවිතය'? ජීවිතය විකණිලා...
සල්ලි වෙනුවට ජීවිතය හොයන්න පටන් ගන්න අපි තවම පමා වැඩි නැහැ! ඒත් ඒක අමාරුයි.
මේ සුන්දර අලුත් දවසෙ අපි වෙන විදිහෙ ඇරඹුමක් ගැන හිතමු! සල්ලි වෙනුවෙන් ජීවත් වෙන්නෙ නැතුව, ජීවත් වෙන්න සල්ලි හොයමු!
බලන්නකො උත්සහ කරලා! ඔබට පුදුම සැහැල්ලුවක් දැනේවි!
CHAPA

No comments:

Post a Comment