Saturday, March 17, 2018

Social Justice?!


CHAPA with Surveyors against Trimble! March 16, 2018

තරහ අවසර!

''තරහ අවසර..''
Skype සංනිවේදන මාවතේ එහා පැත්තෙන් ඔන්න මගේ ම වචන ඇහෙන්න ගන්නවා.
''කොහොමද හාමුදුරුවනේ? ඔබ වහන්සේ මගේ ම වචන අරගෙන මට ම කියනවා නේද?''
''එහෙම තමයි ජීවිතේ හැටි...ම්ම්ම්''
fb ලෝකය තුළ මට මුණ ගැහෙන චන්දානන්ද දිවිතොටවෙල හාමුදුරුවො සහ මා අතර නිතර දෙවේලෙ ගොඩ නැගෙන කතා බහ පටන් ගන්නෙ සාමාන්‍යයෙන් ඔය විදිහට.
චන්දානන්ද හාමුදුරුවො දැන් ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ, කොරියානු ධර්මායතනයක. ඒ හාමුදුරුවො ථේරවාදය තුළ තම ධර්ම චාරිකාව ආරම්භ කරල, විශ්ව විද්‍යාල ජීවිතය ත් අවසාන කරල, එක වෙලාවක මහායානයට සමගාමී කොරියානු පැවිදි ජීවිතය ට ඇතුළු වෙලා. දැන් කොරියානු ක්‍රමයට තම ධර්ම කටයුතු පවත්වාගෙන යන හාමුදුරු නමක්.
මම පුද්ගලිකව, සංඝයා වහන්සේලා සමඟ, යම් කාලයකට හෝ යම් සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා නං ඒ, මාදුළුවාවේ සෝභිත සහ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවරු එක්ක විතරයි, ඒ 2001 - 2011 අතර, 'නිදහස්' ක්‍රියාකාරකම් නිසා. උන්වහන්සේලා දෙනම ත් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. 
චන්දානන්ද හාමුදුරුවො සමඟ ගොඩ නැගෙන සම්බන්ධතාව, ඒ හිමිවරු සමඟ ගොඩ නැගුණු සම්බන්ධතාවන් ට වඩා දේශපාලනිකයි කියල මට දැනෙනවා.
''මට ලංකාව එපා වුණා...මම මෙහෙ පුරවැසිකම ගත්තෙ අන්න ඒකයි, මම ආයෙ දිගට ඉන්න නං ලංකාව ට කොහොමවත් එන්නෙ නැහැ...ලංකාවෙ අපේ මිනිස්සු අන්තිම කුහකයි...නෑදෑයොත් එහෙමයි, මට ඉතිං දැන් රකින්න කවුරුවත් නැහැ...''
වචන එහා මෙහා වුණත් උන් වහනසේ ගෙ කතාව අන්න එහෙම එකක්.
රට දාල ගිහිං පිට රටවල ජීවත් වෙන මිනිස්සු ගැන මගෙ විශේෂ උනන්දුවක් නැහැ. ඊටත්, ''අපි නං ඕවට නැහැ!'' වගේ හිතමින් තම න් 'ගොඩ' කියල සතුටුවන ඒ වගේ බහුතරයක් තුළ, චන්දානන්ද හාමුදුරුවො වැදගත් වෙන්නෙ, අර ''රකින්න කවුරුවත් නැහැ!'' කියන කතාව නිසා. එහෙම ගත්තොත් චන්දානන්ද හාමුදුරුවො කියන්නෙ වෙනම 'තැනක්', ඒ 'තැන' තවත් පුළුල්දේශපාලන සංවාදයකට සම්බන්ධයි. පවුල සහ ප්‍රාග්ධනය මත ඉදිවන ධනවාදය මෙන්ම ඊට අදාළ රාජ්‍ය දක්වා වන සියළු මිනිස් සංවිධාන 'මෙතැන' ට සම්බන්ධ වෙනවා.
ථේරවාදය, මහායානය සහ කොරියානු බෞද්ධ සම්ප්‍රදාය තුළ ගොඩ නැගෙන්න නියමිත ''ආගමික සංවාදය'' ට වඩා මෙන්න මේ ''දේශපාලන සංවාදය'' අපි අතර හෙමින් හෙමින් වුණත් විධිමත් ව ගොඩ නැගෙන අතර වාරයේ තමයි මම මේ විශේෂ සටහන තියන්න හිතුවෙ.
''මම චාපා ට යම් සහයක් දෙනවා නං දෙන්නෙ, රට වෙනුවෙන් නෙවෙයි..මට ඔය රට වැඩක් නැහැ! මට ඕන රට වෙනුවෙන් යමක් කරන්න කැපවෙලා වැඩ කරන චාපා සතුටින් තියන්න පුළුවන් දෙයක් කරන්න...''
චන්දානන්ද හාමුදුරුවො වරින් වර මගේ ක්‍රියාකාරකම් සඳහා විවිධ ක්‍රම වලින් සම්බන්ධ වෙමින් එහෙමත් කියනවා.
''ඒ කතාවෙ යටි පෙළ අරුත මම ගන්නවා හාමුදුරුවනේ...මම ඔබ වහන්සේ ව හරියට කියව ගන්නවා...''
අපේ සංවාදය ඉතා විවෘත සහ බරපතළ මට්ටමක තියන බව තේරුම් ගන්න පුළුවන් වට පිටාවක් මේ වෙනකොට සකස්වෙලා තියෙන බව මට ඒ අතර දැනෙනවා. 
''මට තේරුම් ගන්න බැහැ, ඔබ වහන්සේ මෙච්චර ස්වාධීන විදිහට වැඩ කරලත් ඇයි fb cover photo එකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙ පිංතුරයක් දාගෙන ඉන්නෙ කියල...''
''මට ඔය කවුරුවත් වැඩක් නැහැ, ඒත් රටේ ජාතිකත්වය, අභිමානය...අඩුම තරමෙ ශ්‍රී ලංකාව තවත් රටක් කියල පෙන්නනවත් වෙන කාගෙ රූපයක් දාන්නද කියල මට මාර ප්‍රශ්නයක් තියෙනවා...කොටින්ම රට විනාශ කරන එවුන් ට විරුද්ධ සංඛේතයක් විදිහට, යුද්ධය ඉවර කරපු නායකයා ගෙ රූපයවත් පාවිච්චි කරනවා කියල මම හිතුවා...''
ඒ, අපි දෙන්න අතර මුලදී ම ඇති වුණු සංවාදයක්. ඒ ගැන දිගින් දිගට කතා කරන්න හේතුවක් මතු නොවන්නෙ, ඇත්තට ම උන්වහන්සේ දේශපාලන සංඛේතයක් විදිහට පුද්ගල රුපයක් යොදා ගන්නවා කියන පදනම, රටේ පවතින තත්වයන් ට අදාළ ව වෙන ම සකච්ඡා කරන්න ඕන නිසා. 
ඒ අතර, උන් වහන්සේ තමන් ගෙ මුහුණු පොතේ, වෙනත් අයගෙ මුහුණු පොත්වල සහ මගේ අදහස් පළවන බොහෝ තැන්වල යොදන සමහර comments වල භාෂා විලාශය වෙනස් කරන්න කියල මම ම ඉල්ලන අවස්ථාත් වරින් වර එනවා. හැබයි ඒ වචන යට මැවෙන තවත් සංකීර්ණ අරුත් නිසා පස්සෙ එහෙම ලිව්වට කමක් නැද්ද කියත් හිතෙනවා.
මේ ඉතිං තවත් එක ඉතිහාස සාක්ෂියක් විතරයි!
ඔව්! චන්දානන්ද හාමුදුරුවො සහ මම හමු වුණා, දැනට එච්චරයි!
ම්ම්ම්ම්...ඔන්න එතකොටම උන් වහන්සේ ගෙන් Skype ඇමතුමක්!
''තරහ අවසර හාමුදුරුවනේ...ඉතිං...'' 
CHAPA, March 17, 2018 

Friday, March 9, 2018

CHAPA with Prof Carlo, BMICH March 8, 2006

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 9

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 8

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 7

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 6

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 5

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 4

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 3

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 2

CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 1

Thursday, March 1, 2018

CHAPA against PEOPLE! may be MEDIA! Hiru News March 1, 2018

CHAPA against India, China and Japan!

CHAPA on Insight, Ada Derana on Elephants, Feb 11, 2018, Episode 60

CHAPA against Hussein's report on Sri Lanka ! Feb 27, 2018

CHAPA against Cabinet Reshuffle! Record of fb live, Feb 25, 2018

CHAPA on Jala Rakusanta Erehiwa! Book Launch at Daduru Oya

CHAPA against President Maithree; What water management?!

CHAPA against Namal Karunarathne, Hiru News, March 1, 2018

ජලය විකිණීම ගැන ජවිපෙ!


CHAPA against So called water management

CHAPA against So called water management