Tuesday, February 28, 2017

   ලංකාවෙ මිනිස්සු!


ඊයෙ, 2017 පෙබරවාරි 28, මහනුවර, ගැටඹේ පිට්ටනියෙ SAITM විරෝධී රැස්වීමට, Dr. පාදෙණිය සහ මම ගියේ කෝච්චියෙ, ඒත් ආවෙ Dr. රමේෂ් පතිරණගෙ වාහනයෙ. එන ගමන්, විනාඩි කීපයකට කුරුණෑගල Dr. පාදෙණියගෙ මහ ගෙදරට ගොඩ වුණා. මේ ඒ මොහොතෙ සටහනක්.
අනුරුද්ධ පාදෙණිය ගැන මම හුඟක් දේවල් පෞද්ගලිකව දන්නෙ නැහැ, අපි මුණ ගැහුණෙත් පහුගිය සතියෙ Insight වැඩසටහනට, දෙරණ මැදිරියේදි.
ඒත් මේ ගමනෙදි අපි, විවිධ මාතෘකා හරහා සෑහෙන දේවල් ගැන කතා බහ කෙරුවා. එන ගමනෙදි, රමේෂ් පතිරණත් ඊට එකතු වුණා. එය යම් පුළුල් සංවාදයක ආරම්භයක් වගෙ.
ඒත් එහි අනාගත හැඩ තල ගැන කියන්න බැහැ.
මේ සටහන තියන්නෙ ඒ ගැන නෙවෙයි!


අපට ඉතා ආදරණීය විදිහට සංග්‍රහකරන අතරෙ, පාදෙණියගෙ අම්මා මට හෙමින් මෙහෙම කිව්වා, '' අනේ ඉතිං පුතේ..මම නිතරම ඉතිපිසෝ භගවා...ගාථාව කියා කියා ඉන්නෙ...අපේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා..එයා tv එකේ කියන ඒවා මම බලනවා...''
තමන් කවදාවත් දැකපු නැති පුතෙකුට, තමන්ගෙ පුතා ගැන ගමක අම්මා කෙනෙක් කියන අහිංසක විදිහ!
''බය වෙන්න එපා, හොඳ දේවල්නෙ කියන්නෙ...'' මමත් ඇයට හෙමින් කිව්වා.
ලංකාවෙ මිනිස්සු!
මේ ජීවිත සරලයි!
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තුළත්, මේ ''ගමේ කම - අපේ කම'' පේන්න තියෙනවා. ''මේ අපේ අනන්‍ය ලක්ෂණ'' හෙවත් හර වටිනාකම්, ගෝලීය වෙළෙඳ පොළත් එක්ක ගලපා ගන්න එක තමයි අභියෝගය.
දැන් තමයි ඔන්න නියම දේශපාලන සංවාදය පටන් ගන්නෙ....
CHAPA
March 1, 2017

Malinda Words: USAID moves to take over the Bar Association

Malinda Words: USAID moves to take over the Bar Association: First they offer help and then they enslave ‘First they had the book and we had the land.  Then they said “close your eyes, let us ...

  එහෙනං, මග හරින්න!

අද, අලුත් මාසයක අලුත් දවසක්!
අදත් ඕන දෙයක් වෙන්න පුළුවං. අපි නොහිතන අකමැති...නොපතන!ඕන දෙයක්!
එහෙම කියනකොට කලබල වෙන්න නං එපා!
මෙහෙමනෙ. අපි කොහොම හිතුවත් ජීවිතය ඔහේ ගලාගෙන යන්නෙ නැහැ. කරදර, බාධක, අභියෝග...ඉවරයක් නැහැ. ජීවිතය එහෙම තමයි.
ජීවිතයට මුහුණ දෙන්න ඕන කිව්වත්, සමහරවෙලාවට - සමහර සිද්ධීන් වලට මුහුණ දෙන්න අමාරු වෙනවා, බැරි වෙනවා. ඔබට එහෙම අත්දැකීම් ඕන තරම්  ඇති. ඔබේ පුද්ගලික ප්‍රශ්න, ඔබේ පවුලෙ ප්‍රශ්න, නෑදෑයන්ගෙ ප්‍රශ්න, යාළුවන්ගෙ ප්‍රශ්න, වෙන දන්නා කියන අයගෙ ප්‍රශ්න, කාර්යාලයෙ ප්‍රශ්න...කෙළවරක් නැහැනෙ.
බය නැතුව ඕන දේකට මුණ දීපන්! කියල කෙනෙක් කියයි.
ඒත් සමහර වෙලාවට, ප්‍රශ්නයෙන් මගහරින එකත් විසඳුමක් බවට පත් වෙනවා. ටිකවෙලාවකට, දිග කාලයකට, හැමදාටම...ඒක කියන්න බැහැ. එය අවස්ථානුකුලයි.
මෙහෙම කියනකොට, අපි ඔය සාමාන්‍යයෙන් දකින, කියන 'මග හරින' ගතිය එක්ක පටලවා ගන්න එපා! වගකීමෙන් ගැලවෙන, රාජකාරිය පැහැර හරින, හොරකමට මගහරින...එහෙම මග හැරීමක් ගැන නෙවෙයි මේ කියන්නෙ.
හිතන්න! කෙනෙක් ඉන්නවා නිතර නිතර කරදර කරන, ඔබට ජීවිතය එපා කරවන, මොකද්ද කරන්න වෙන්නෙ? මග හරින එක හැර! කෙනෙක්, බීගෙන ඇවිත් ඔබට ගහගන්න කතා කරනවා, බය නැතුව මග හරින්න!
මෙහෙම තේරුම් ගන්නකො. මේ මග හැර සිටීම කරන්නෙ යහපත් චේතනාවෙන්, දැනගෙන! සමහර ප්‍රශ්නවලට 'කාලයත්' එක විසඳුමක් වෙනවා.
මේ කතාව කියපු නිසා, ඔන්න! හැම දෙයක්ම මගහරින්න නං ලෑස්තිවෙන්න එපා!
ඉතිං, ඔබට සුබ දවසක්!
CHAPA

Monday, February 27, 2017

                                මම, මගේ සහ මට!

අනේ! ඔච්චර ආත්මාර්ථ කාමී වෙන්න එපා!
මෙහෙමනෙ, අපි ඔක්කොම සත්තු. ඉතිං ජීව විද්‍යාත්මකවම තමන් ගැන ඉස්සරවෙලාම හිතෙන එක සාමාන්‍යයයි. ඒ වුණත් අපි මිනිස්සු නිසා සමාජ පැවැත්මක ඉන්නෙ. අපි තවදුරටත් ජීවත් වෙන්නෙ වනාන්තරයෙ නෙවෙයි. ශිෂ්ට සම්පන්න සම්මුතිවාදී ලෝකයක.
එතකොට ඉතිං තනියෙන් පවතින්නම බැහැ.
මොනවා කළත්, තව දේකට සම්බන්ධයි, තව කෙනෙකුට සම්බන්ධයි.
පුද්ගලික දේපොළ මත ජීවත්වන මිනිස්සු නිසා අපි අපේ පවුල් ගැන තමයි වඩා උනන්දු.
තමන්ගෙ කම!
ඒ වුණත්, තමන්ගෙ කම නිසා, අනිත් අයව නොසලකා හරින්න සහ පීඩාවට පත් කරන්න කෙනෙකුට බැහැ.
මම, මගේ සහ මට!
ඕකනෙ ජනප්‍රිය කතාව. එහෙම හරියන්නෙ නැහැ. අපි, අපේ සහ අපට! කියලයි හිතන්න ඕනෙ.
I ඇතුළෙ WE නැහැ. WE ඇතුළෙ I තියෙනවා.
මෙහම කරමු!
මම ගැන හිතන ගමන් අපි ගැනත් හිතන්න පුරුදුවෙන්න. ඔබ දැනටමත් එහෙම හිතනවා නං තව කෙනෙක් එහෙම හිතන තැනකට පොළඹ වන්න. වැඩේ ටිකක් අමාරුයි, ඒත් බැරි නැහැ.
හිතන්න ආත්මාර්ථකාමී පුංචි ලෝකයකට වඩා, පරාර්ථකාමී ලොකුම ලොකු ලෝකයක් කොච්චර නිදහස් ?
ඒ නිසාම කොච්චර සුන්දර ද?
අනේ! එහෙනං අපි එහෙම කරමු ද?
මම, මගේ සහ මට නෙවෙයි!
එහෙනං?
අපි, අපේ සහ අපට!
අන්න හරි! ඔහොම යං!
CHAPA

SAITM විරෝධය!

SAITM ! SAITM!! SAITM !!!
සමහරු අහනවා, රටේ තියෙන ලොකුම ප්‍රශ්නය SAITM ද? කියලා.
තවත් අය කියන්නෙ, කට්ටියක් මේ හරහා ආණ්ඩුව පෙරළන්න හදනවා කියලා.
''ඇයි අපේ ළමයින්ට ඉගෙන ගන්න බැරිද? අපට සල්ලි තියෙනවා, අපි ළමයින්ට උගන්වනවා!'' එහෙම හඬ නගන දෙමාපිය වැඩි හිටි  පිරිසකුත් ඉන්නවා.
''ඔය GMOA එක දඟලන්නෙ...Doctors ලා පාරට බහින්නෙ තමන්ගෙ පැවැත්මට...එයාලා බයයි, තමන්ගෙ බලය නැතිවෙනවට, ඒක මාෆියාවක්!'' ඒ තව පිරිසක්.
''මේ රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්නකොට...පිට රටට ඇදිලා යන මුදල් කන්දරාව මේ රට තුළ ඉතුරු වෙනවා, මුන්ට මේ ටික තේරෙන්නෙ නැති හැටි!''
කට්ටියක් එහෙම කියනකොට, තවත් කට්ටියක්...
''පිස්සු වැඩ!'' කියලා පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා.
මේ පසුබිම තුළ, SAITM සහ ඊට එරෙහිව සංවිධානාත්මකව ගොඩ නැගෙමින් තියෙන විරෝධය 'කුමක් ද?' කියලා ගැඹුරින් වටහා ගැනීම අතිශය වැදගත්.
අපි මෙහෙම සරල ක්‍රමයකට, අදාළ තත්වය දිග හැර ගනිමු;
1. 1940 දශකය වෙනකොට, දෙවැනි ලෝක මහා යුද්ධයෙන් කුඩු පට්ටම් වන ලෝක වාණිජ ප්‍රජාව තාවකාලික පසු බැසීමකට ලක්වෙනවා.
2. ඒ වනවිට ලෝකයේ තැන තැන, තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටි අධිරාජ්‍යයන් කෙමෙන් හැකිළෙන්න ගන්නවා.
3. මහා බ්‍රිතාන්‍යයත් තම යටත් විජිත අඬු බුරුල් කරලා - ලංකාවටත් ඩොමීනියන් නිදහසක් දෙනවා.
4. එතැන් සිට ලෝක මට්ටමෙන්ම, යළි ඒ ඒ 'රාජ්‍යයන්'ට ජනතා බලය පැවරෙන, ''සුබ සාධන රාජ්‍ය ක්‍රමය'' ගොඩ නැගෙන්න පටන් ගන්නවා. 'ජාතික රාජ්‍ය' පිළිබඳ වෙනස් පැවැත්මක් හට ගන්නවා.
5. ඒ තුළ, ඉනික්බිති අසන්න කාලය තුළ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය, ප්‍රධාන වශයෙන්ම ජනතාවාදී ආකෘතියකට මාරුවෙනවා.
6. ලංකාවෙ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්නෙ එහෙමයි.
7. 1942  CWW කන්නන්ගර කමිටු නිර්දේශ අතිශය වැදගත් සහ තීරණාත්මක වෙන්නෙ එහෙමයි, Lasting value to the Nation! හෙවත් ජාතියට නියත වටිනාකමක් ලබාදෙන ඉතා දියුණු නිදහස් අධ්‍යාපන ක්‍රම වේදයක් ඒ අනුව ගොඩ නැගුණා.
8. මෙතැන දි, 'නිදහස්' කියන්නෙ, ජනතා බදු මුදලින් ජනතාවට උගන්වනවා! කියන, ජනයාට ලැබෙන ඉගෙන ගැනීමේ නිදහස. 
9. ඒ අනුව, රට පුර ඉතා සංවිධානාත්මක මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් සහ ඊට සමගාමීව විශ්ව විද්‍යාල පද්ධතියකුත් නිර්මාණය වෙන්න පටන් ගත්තා.
10.  ඒ අතර පුද්ගලික, ආගමික සහ අර්ධ රාජ්‍ය පාසල් ක්‍රමයකුත්, එකිනෙක නොගැටී දිගටම පැවතුණා.
11. දශක තුනකට අසන්න කාලයක්, යම් යම් අඩු පාඩු මැද්දෙ වුණත්, ඒ තත්වය නිරෝගීව පැවතුණා.
12. රාජ්‍ය සෞඛ්‍ය සේවාව සාපේක්ෂ ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්නත් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය කෙළින්ම බලපෑවා.
13. 1970 දශකය අවසාන වෙනකොට වගෙ, අර 1940 දශකයෙ බිඳ වැටුණු ලෝක වාණිජ ප්‍රජාව, ක්‍රම ක්‍රමයෙන් නැගිටලා, වඩා සංවිධානාත්මකව 'ගෝලීයකරණය' නමින් යළි තම වෙළෙඳ අරමුණු සාර්ථක කරගන්න වැඩ පටන් ගන්නවා. එය, නව යටත්විජිතවාදයක්.
14. එක්සත් ජාතීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් වගේම එවර, ජාතික රාජ්‍ය සීමාවන් අතික්‍රමණය කරන බහු ජාතික සමාගම් පොකුරකුත් එකවර ලෝකය උපක්‍රමශීලීව කොල්ල කන්න පටන් ගත්තා.
15. ලංකාව වගෙ, පාර හොයාගන්න බැරුව ඉන්න රටවල් වලට කොන්දේසි සමඟ ණය ලබා දීලා, තමන්ට අවශ්‍ය වෙළෙඳ පොළ ඉලක්ක සපුරා ගන්න ඔවුන්ට විශේෂ මහන්සියක් අවශ්‍ය වුණේ නැහැ. මේ වගෙ රටවල් කැමැත්තෙන්ම ඔවුන්ගෙ ගොදුරු බවට පත් වුණා.
16. අන්න ඒ ණය කොන්දේසි අතර, අපේ රටේ නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අවස්ථා ක්‍රමානුකුලව අහෝසිකරලා දාන්න අවශ්‍ය උපදෙස් ලැබුණා, මේ දැනුත් ලැබෙනවා. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා,  මහින්ද, මෛත්‍රී - රනිල්...මේ හැම ආණ්ඩුවක්ම ඒ ඒ උපදෙස් පිළිපදිමින්, එදා එදා fun එක ගන්නවා, ගනිමින් ඉන්නවා.
17. ඒ අස්සෙ, රටේ හොරු සහ තක්කඩි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් ඉන්නවා. Dr. නෙවිල් ප්‍රනාන්දු ගෙ SAITM අන්න එහෙම පටන් ගන්න හොර ජාවාරමක්. සල්ලි තියෙන මිනිස්සු පිස්සු වට්ටවලා හොර දොස්තරවරු නිෂ්පාදනය කිරීම තමයි එහි අරමුණ.
18. SAITM පටන් ගන්නෙ 2008.03.17, BOI ව්‍යාපෘතියක් විදිහට අදාළ මූලික කොන්දේසි පවා උල්ලංඝණය කරමින්.
19. ඒ අතරෙ, 2008.06.24 දින උපක්‍රමශීලීව ආයතන නමත් වෙනස් කර ගන්නවා. ඒ, Asian Institute of Technology and Management නාමය South Asian Institute of technology and Management ( SAITM) ලෙස.
20. ඒඅතර, නෙවිල් ප්‍රනාන්දු,  අදාළ නීති විරෝධී ආයතනයට සිසුන් බඳවා ගන්නවා. ඒ සඳහා ''ගරිල්ලා මාර්කටිං ක්‍රමයක්'' අනුගමනය කරන නෙවිල් ප්‍රනාන්දු ජාවාරම, විශාල වශයෙන් මුදල් අය කරමින්, සිසුන් විශාල පිරිසකුත් බඳවා ගන්නවා. සිසුන් එන්නෙ MD හෙවත් වෛද්‍ය උපාධිය ලබා ගන්න.
21. මේ ජාවාරම පටන් ගන්න රාජපක්ෂ ආණ්ඩුව විශේෂ අනුග්‍රහයක් ලබා දෙනවා විතරක් නෙවෙයි, ලංකා බැංකුව හරහා මිලියන 600 ක් විශාල ණය මුදලකුත් ලබා දෙනවා.
22. මේ මහා ජාවාරම ගැන, රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමයෙ අවධානය යොමුවෙන්නෙ 2010 දි වුණත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දිගින් දිගටම ඊට එරෙහිව සෑහෙන ප්‍රමාණයකින් වැඩ කරගෙන එනවා, මුල සිට.  විශේෂයෙන්ම, ඔවුන් මාධ්‍ය දැන්වීම පළකරමින්, SAITM ජාවාරමට මුලා නොවන ලෙස මහ ජනයා දැනුවත් කරමින් හිටියා.
23. සල්ලි තියෙන සහ විවිධ ක්‍රම මගින් සල්ලි හොයාගන්න පුළුවං වූ දෙමාපියන් විශාල පිරිසක්, ඒ අනතුරු දැක්වීම් නොසලකා,  තම දරුවන් මේ ජාවාරම්කාර ආයතනයට ඇතුළත් කෙරුවා.
24. එවකට උසස් අධ්‍යාපන ඇමතිව සිටි SB දිසානායක, ඒ අතර ඉතාමත්ම අවිචාරවත් විදිහට, තම බලය අනිසි ලෙස යොදා ගනිමින්, 1721/19, 2011.08.30 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් SAITM සඳහා, උපාධි පිරිනැමීමේ බලය ලබා දෙනවා.
25. මේ අතර SAITM ජාවාරමට එරෙහිව නැගෙන මහජන විරෝධය හමුවේ, එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ඒ පිළිබඳ හොයන්න, 5 පුද්ගල කමිටුවක් පත් කරනවා. 2012.03.22 ප්‍රකාශයට පත් කෙරෙන එකී වාර්තාවෙන් ඉතා නිරවුල්ව පෙන්වා දෙන්නෙ, SAITM ජනයා නොමග යැවූ ජාවාරමක් බව. මේ වර්තාව, එදා අමාත්‍ය මෛත්‍රීපාල , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට භාර දුන්නා ලු!
26. ඒ දේවල් එහෙම වෙද්දි, අමාත්‍ය SB දිසානායක, තවත් ඉදිරි පියවරක් තියනවා. ඒ, අතීතයට බලපාන විදිහටම 1829/36, 2013.09.26 දරන ඊළඟ ගැසට් පත්‍රය නිකුත් කරමින්. ඒ සඳහා ඔහු, රටේ සමස්ත වෛද්‍ය සේවාවටම වගකිව යුතු, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මුළුමනින්ම නොසලකා හරින තක්කඩි ස්වරූපයක් අනුගමනය කරනවා.
 27. ඒ අනුව SAITM ජාවාරමේ ඊනියා වෛද්‍ය සිසුන්ට MBBS ලැබෙනවා සහ ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගන්න කියනවා. වෛද්‍ය සභාව, SAITM පිළිනොගන්නා, තම වෘත්තීයමය ස්ථාවරයේ දිගටම ඉන්නවා, ඔවුන් එසේ කිරීමට වෛද්‍ය ආඥා පනතෙන් බැඳී ඉන්නවා.
28. 2015.01.08 ආණ්ඩුව මාරු වෙනවා. මෙන්න අර සෞඛ්‍ය ඇමති, ජනාධිපතිවෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු, එදා උසස් අධ්‍යාපන ඇමති SB ඔන්න ප්‍රජාතන්ත්‍රවිරෝධී විදිහට පස්ස දොරෙන් ආයෙත් පාර්ලිමේන්තුවට එනවා. එදා රාජපක්ෂ පාලනය තුළ හොඳට play කරපු රාජිත සේනාරත්න, අලුතෙන් ඉපදුණා  වගේ අලුත් සෞඛ්‍ය ඇමති වෙනවා. රටම විකුණලා යළි පුබුදුවන්න හදන UNP යෙ ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමති වෙනවා. නෙවිල් ප්‍රනාන්දු ඉතිං කොහොමත් ඉන්නවා.
29. කට්ටියම එකතුවෙලා, මේ SAITM ජාවාරම පිළිගනිල්ලා! කියලා කියනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඔහේ බලාගෙන ඉන්නවා. අන්තිමට එක SAITM ශිෂ්‍යාවක් අධිකරණයට යනවා. ඒ අධිකරණ තීන්දුව, ඇමති කිරිඇල්ල කලින්ම පාර්ලිමේන්තුවේදි නිකං වාචාල කමට වගේ කියලා දානවා.
30. අධිකරණය කියනවා, මේ මේ දේවල් කරලා තියෙන්නෙ මේ මේ දේවල් අනුව, ඒ නිසා මෙතැන කිසිම ප්‍රශ්නයක් නැහැ! වහාම මේ ''MBBS උපාධිධාරිනිය'' ව ලියාපදිංචි කරන්න! කියලා.
හරි! දැන් අපි මේ රටේ මිනිස්සු හැටියට මොකද්ද කරන්න ඕනෙ?
SAITM ජාවාරම හරහා ඔප්පුවෙන්නෙ මොකද්ද?
මේ රටේ නීතියක් නැති බව, නීතිය හරහා යුක්තිය ලැබෙන්නෙ නැති බව, රට කරවන ආණ්ඩුවක් නැති බව, ඇත්ත ජාත්‍යන්තරයක් නැති බව, අන්තිමට දෙස් විදෙස් හොර තක්කඩි එකට එකතු වෙන බව!
මේ SAITM, මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව අහෝසි කරන ඊනියා ජාත්‍යන්තර උපදෙස් අස්සෙ කරන, අපේ එවුන්ගෙ තවත් ජාවාරමක්.
වරෙල්ලා!
පාට, පක්ෂ, පුද්ගලික අරමුණු, පැත්තකට දාලා අපි අරගල කරමු!
අපට 'යුක්තිය' ඕනෙ!
මේ ඊළඟ පරම්පරාවෙ උන්ට කියන්නෙ, මේ සටන අතර මැදදි අපි ( මම!) වැටුණොත්, මේ 'බැට්න්' එක අරගෙන ඉස්සරහටම පලයල්ලා! උඹලාව බේරගන්න වෙන කවුරුවත් එන්නෙ නැහැ, උඹලා, උඹලා සහ උඹලාගේ දරුවො වෙනුවෙන් අරගල කරපල්ලා!
CHAPA  

Sunday, February 26, 2017

CHAPA on Biz, Ada Derana, Feb 24, 2017

   හැමදේම විකුණන්න බැහැ! හැමදේම විකිණෙන්නෙත් නැහැ!

    හැමදේම විකුණන්න බැහැ! 
    හැමදේම විකිණෙන්නෙත් නැහැ!
ලෝක පරිමාණ වෙළෙඳ පොළ තුළ, හැමදෙයක්ම විකුණන්න පුළුවං සහ හැමදෙයක්ම විකිණෙනවා! කියන මූලික සංකල්පය අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. ඒක එහෙම කිව්වට, එච්චර සෙල්ලං වැඩක් නෙවෙයි. එහෙම හිතන සමාජයක් තුළ, ඊට එරෙහිව හිටගන්නවා කියන එක මාරම අභියෝගයක්.
හැමදේම ඉතිං සල්ලි තමයි!
සල්ලි නැතුව මොකුත්ම කරන්න බැහැ!
කීයද?
කීයක් දෙනව ද?
කීයක් ඕනෙ ද?
හැමදේටම මිලක්. තරඟකාරී මිලක්. නිකං හොඳයි කියලා හිතුවට මේ තත්වය මිනිස් ලෝකය සහ අවසන් වශයෙන් මුළු ජෛව ලෝකයම අනතුරේ හෙළනවා.
මේ ධනේශ්වර ඉගැන්වීමට එරෙහිව අපි සමාජ හර වටිනාකම් ගොඩනගන්න ඕනෙ. මනුෂ්‍යත්වය ඉස්මතුකරවන්න ඕනෙ. අපට ඒක කරන්න පුළුවං සහ කරන්නම වෙනවා. වෙන ඉතිං පවතින්න ක්‍රමයක් නැහැ.
මෙහෙම හිතන්නකො, අම්මගෙ ආදරයට මිලක් දෙන්න පුළුවං ද? මව් කිරිවලට? සහෝදරත්වය කීයක් වටිනවා ද? යාළු මිත්‍රකම්  මුදලින් තක්සේරු වුණොත්? ආදරයට මිලක් වැටුණොත්?
එහෙම ජීවිතයක් මොකටද? නේද?
අපි උත්සහ කරමු. ටිකක් නෙවෙයි සෑහෙන්න අමාරුයි.
''මම හැමදේම විකුණන්නෙ නැහැ!''
''මාව කාටවත් මිල දී ගන්නත් බැහැ!''
එහෙම හිතෙන මිනිස්සු හැදෙන්න ගත්තොත්, මේ ලෝකය කොච්චර සුන්දර වෙයි ද? අපට පුළුවං! අපි පටන් ගනිමු!
විශේෂයෙන්ම ළමයි. අපි ඒ අයට හරි පාර කියාදෙමු. මොකද්ද හරි පාර?
මනුෂ්‍යත්වයෙ පාර!
හරි! දැන්, මේ දැන් ම පටන් ගනිමු!
එකායි, දෙකායි, තුනයි!
ම්...දැක්කනෙ සුබ දවසක පෙරනිමිති?
CHAPA

Chapa on Ran fm 2015.07.17

Kumara Chapa Bandara at Ada Derana Biz 24x7

Sri lanka in Crisis ! Dakshina with Chapa.

Saturday, February 25, 2017

   BB ද ?

BB කියන්නෙ බොරු Busy කියන එක!
ඉතිං ඔබ බොරු Busy කාරයෙක් ද? වැඩ වැඩ...ඉවරයක් නැති වැඩ! එහෙම ද?
ඇත්තටම, එක දිගට වැඩ කරන අය ඉන්නවා, වෘත්තීන් දෙක තුනක යෙදෙන, එක එක අමතර රැකියා කරන, විශේෂ වගකීම් දරන, විශේෂ තනතුරු දරන...එහෙම කෙනෙක් නං ඔබ, ඔව්! අනිවාර්යයෙන්ම Busy ඇති. මේ දැනුත් ඉස්පාසුවක් නැතුව ඇති!
එහෙම නං ඔබ කොහොමද මේ සටහන කියවන්න වෙලාව හොයා ගත්තෙ?
ඒ කියන්නෙ, කොච්චර Busy වුණත්, අවශ්‍යතාව තියෙනවා නං Busy නැතිවෙනවා කියන එක.
එහෙම තියෙද්දි, සමහර අය ළඟ නං තියෙන්නෙ BB ම තමයි. ''බල්ලා කරන වැඩකුත් නැහැ, ඌට හෙමින් ගමනකුත් නැහැ!'' වගෙ පුද්ගලයොත් ඉන්නවා. ඔබ නං එහෙම නැතුව ඇති. ඔබට එහෙම යාළුවො ඇති. නෑදෑයො, කාර්යාල සගයන්, ව්‍යාපාර කොටස් කරුවන්, ආයතන පාලකයන්, නිලධාරීන්...ඕන තරම් ඇති. දේශපාලනඥයන් ගැන නං කතා කරන්න එපා කියලා ඔබ කියයි. ඡන්දය ඉල්ලන්න ආවට පස්සෙ දකින්නවත් නැහැ කියලා ඔබ බනින්න පටන් ගනියි.
සමහරු මෙහෙම තේරුමක් නැතුව කාර්ය බහුල වෙන්නෙ වැඩ සැලසුම් කරගන්නෙ නැති නිසා. වැඩවල පිළිවෙළක් නැති නිසා.
කාලය කළමනාකරණය කර ගන්න බැරි නිසාත් හුඟාක් අය BB වෙනවා.
වැඩවල ප්‍රමුඛතා තෝරාගන්න බැරිවීම! ඒකත් අවුලක්.
වැඩ බැරි එක තමයි ලොකුම ප්‍රශ්නය, සමහරුන්ට. අවශ්‍ය ශිල්පීය ඥානය නැත්තං ඉතිං කිසිම වැඩක් ඉක්මනට - පිළිවෙළට කරගන්න බැහැ.
ශරීර සෞඛ්‍ය සහ මානසික තත්වය, කෙනෙකුගෙ කාර්යක්‍ෂමතාව අඩු වැඩිකරන්න අනිවාර්යයෙන්ම බලපානවා.
ඔය ඔක්කොම අතරෙ උපන් කම්මැලිකම නිසාත් එකපාරටම කෙනෙක් බොරු busy වෙන්න පුළුවං.
පරිස්සම් වෙන්න ඕනෙ, කපටි කමට සහ අවස්ථා මග හරින්න BB වෙන අයට. පරිස්සම් වෙන්න කිව්වට, ඒ ඔබ නං ඉතිං එහෙම කපටි නොවී ඉන්න.
ඔන්න ඉතිං කේන්ති ගත්තා, ලැජ්ජ හිතුණා. වට පිටත් බලනවා. මේ! කවුරුවත් දන්නේ නැහැනෙ මේ සටහන ඔබ ගැන කියලා. හෙමින් වෙනස් වෙන්න. ඔබටම සතුටු හිතේවි
එහෙම නං ඔන්න මේ දැන් ඉඳලා, අපි කවුරුවත් බොරු Busy නැහැ.
වැඩ! දිගටම වැඩ! ඒත් ඇත්තට, ඇත්තට වැඩ නිසා ඉතිං BB නැහැ!
අලුත් දවසෙ අදහස හොඳයි නේද? අනෙක අද ඉරිදා සමහරුන්ට නිවාඩු වුණත් හෙට ඉඳලා වැඩ කරන්න පටන් ගන්නවනෙ නේද? අදත් එක එක වැඩ ඇති ඔය නිවාඩු කිව්වට.
එහෙම නං BB නොවී වැඩ කරගෙන යන්න.!
ඔබට BB නොවේවා!
CHAPA

   ...against SAITM , on Feb 28, 2017, in Kandy...



                                                 fb මඩ!

මඩ ගහනවා! කියනකොටම අපි හැමෝම දැන් දන්නවා ''මේ මොකද්ද?'' කියලා. හාස්‍ය වගෙ පෙනුණා ට මේ 'මඩ' යට තියෙන්නෙ අපහාසය සහ ද්වේශය වගෙ වෛරීසහගත හැඟීම්.

හාස්‍ය හෙවත් වඩා විද්‍යාත්මකව 'ප්‍රහසනය' කියන්නෙ, මානව ශිෂ්ටාචාරයෙ විශිෂ්ටම නිර්මාණකරණයක්. සියළු සත්වයන් අතරින්, චේතනාන්විතව සහ නිර්මාණාත්මකව හාස්‍ය හෙවත් ප්‍රහසනය ගොඩ නගන්න පුළුවං මින්ස්සුන්ට විතරයි, ඒ නිසාම එය දේශපාලනිකයි. ලෝකය පුරා ඉන්න ප්‍රකට ප්‍රහසන නළු නිළියන් සහ ඔවුන්ගෙ අධ්‍යක්ෂවරු මේ ප්‍රහසනය පිළිබඳ නිර්මාණකරණය හඳුණාගන්න විදිහත් වෙලාවක ප්‍රශ්න කරන්න සිද්ධවෙනවා.
කොහොම වුණත් මේ හාස්‍ය හෙවත් ප්‍රහසන රසය පිළිබඳ සංවාදයට පහළම සහ ප්‍රාථමිකම මට්ටමක තමයි, මේ ''මඩ රහ'' තියෙන්නෙ. fun එක සහ තවත් පුද්ගලික හේතු මත පදනම් වන මේ මඩ ගැහිල්ල, එක වෙලාවක පුද්ගලික මට්ටමෙන්, සංවිධාන්ත්මකව සහ ඊ ළඟට මේ දෙකේම සංකලනයක් විදිහට ව්‍යාප්ත වෙනවා.
මේ මඩ ගැහිල්ලෙ කූටප්‍රාප්තිය තමයි ''fb මඩ''.
ලංකාව ඇතුළු ලෝකයෙ බොහෝ රටවල, fb සමාජ ජාලය වටා එකතු වෙන්නෙ පොදු සමාජ තීරුවක්. අනෙක් සමහර සමාජ ජාලා තුළ ඒකරාශී වෙන්නෙ වෘත්තිකයන් සහ වෙනත් යම් සමාජ තත්වයක් නඩත්තු කරන්න උත්සහ කරන අය.
ලංකාව තුළ සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම සිංහල පොදු ජනයා, ඒ අනුව දැන් මේ වෙනකොට fb තුළ වේගයෙන් ගොනු වෙමින් ඉන්නවා. එතකොටම මේ පොදුජන - පොදු ලක්ෂණ සියල්ලත් මේ හරහා ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා.
මේ තත්වය රටේ පොදු පැවැත්මට පවා බලපාන බව ඔප්පුවුණේ 2015 ජනවාරි 8 මැතිවරණ ව්‍යාපෘතියත් එක්ක. ඒ සඳහා දෙතුන් පැත්තම ඉතා සංවිධානාත්මකව fb මඩ ව්‍යපෘති දියත් කෙරුවා සහ fb පොදු ජනයා, දේශපාලනික අවිචාරවත්කම නිසාම ඒකට කැමති වුණා.
මේ මඩ ව්‍යාපෘති, ඒ නිසාම, ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවං.
එකක් පුද්ගලික, අනෙක පක්ෂ දේශපාලනික. වෙලාවෙන් වෙලාවට මේ තල දෙක අතිපිහිත වෙනවා.
මඩ ගැහිල්ලෙ ප්‍රධාන සහ එකම අරමුණ, ඉලක්කගත පුද්ගලයා, පුද්ගල කණ්ඩායම හෝ සංවිධානය, ජන අප්‍රසාදයට පත් කරන එක. පිළිගැනීම නැති කරන එක. සමාජමය වශයෙන් අවලංගු කරන එක.
ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ මොකද්ද?
මේ සංවාදය ගොඩනගන්න, හොඳම සහ ආසන්නතම සිද්ධිය තමයි 2017 පෙබරවාරි 12, Ada Derana Insight හරහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, චතුර සේනාරත්න ඉදිරිපත් කරන අදහස් සමග, fb හරහා ඔහුට එරෙහිව පැතිරෙන සංවිධානාත්මක මඩ ව්‍යාපෘතිය.
ජනවාරි 8 මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජවිපෙ ට විශාල වශයෙන් මුදල් දුන් බව සහ ඒ බව ඔප්පු කරන්න තමන්ට පුළුවං කියලා ඔහු කියනකොට, ජවිපෙ සාමාජිකයන් සහ හිතවාදීන් කුපිත වුණු බව, පහුගිය කාලය තුළ සහ මේ මොහොතෙත් fb හැසිරීම්, සීරුවට අධ්‍යනය කරන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවං. ඒ අනුව, චතුරට එරෙහිව ( සහ වැඩසටහන මෙහෙය වූ මට මෙන්ම, ඊට පසු චතුර සමග BBC සාකච්ඡාවක් මෙහෙය වූ වැඩසටහන් ඉදිරිපත් කරන්නාටත් යම් තරමකට, එරෙහිව ) සංවිධානාත්මකව මඩ ව්‍යාපෘතියක් fb ගත කරමින්, ''එක පිරිසක්'' උත්සහ කරන්නෙ, ''චතුර සේනාරත්න බොරු කාරයෙක්, ඒ නිසා ජවිපෙ ට සල්ලි දුන්නා කියලා මූ කියන්නෙත් බොරු!''කියලා ඔප්පු කරන්න.
මේ මඩ ගැහිල්ලට ජවිපෙ සාමාජිකයන් සහ හිතවාදීන් අනිවාර්යයෙන්ම කැමතියි. වෙනත් පුද්ගලික හේතු සහ fun එක නිසා කැමති කට්ටියකුත් ඉන්නවා.
ඒ හැරෙන්න කෙනෙකුට හිතෙන්න පුළුවං දේ තමයි, ඇයි චතුරට මඩ ගහ ගහ ඉන්නෙ, අභියෝග කරන්න පුළුවන්නෙ කියලා. එක්කෝ අධිකරණයට ගිහිං අපහාස වන්දියක් ඉල්ලනවා, එක්කෝ ඉදිරිපත් වෙලා චතුර කියන්නෙ බොරු කියලා ඔප්පුකරනවා. එහෙම එකිනෙකා අභිමුඛ කෙරෙන Insight වැඩසටහනක් ගැන මම fb හරහා යෝජනා කරපු නිසාම, පුද්ගලික messages හරහා ඔය ප්‍රශ්නය අහන ජවිපෙ හිතවාදීන් පිරිසකුත් ඉන්නවා. ඔවුන් ඉතා සංයමයකින් මේ ගැන හිතනවා.
ජවිපෙ ට කැමති කට්ටිය කොහොමත් ජවිපෙ ට කැමතියි. අනෙක් පක්ෂවලට ආදරය කරන අය වගේම. උදාහරණයක් විදිහට, ''මහින්ද මහත්තයා හොරකං කෙරුවත් කමක් නැහැ, අපි එතුමාට තමයි!'' කියන පාක්ෂිකයන් ඉන්නවා. ජවිපෙටත් ඉන්නවා, විශේෂයෙන්ම මරාගෙන මැරෙන්න වුණත් කැමති අය. එයාලව ආයෙ දිනාගන්න දෙයක් නැහැ. දිනාගන්න තියෙන්නෙ ජවිපෙ නොවන අය සහ විශේෂයෙන්ම විරුද්ධවාදීන්. මේ චතුරට එරෙහි මඩ ව්‍යාපාරයෙන් එහෙම දෙයක් වෙන්න පුළුවං හැකියාව අවමයි.
ඊට අමතරව, චතුරට කැමති කට්ටිය තව තවත් සංවිධානාත්මක වෙනවා, ඔහුට අනුකම්පා කරන්න පෙළඹෙන කට්ටියකුත් හැදෙන්න ගන්නවා.
බලන්න! මේ හරහා ඔහුට ලැබෙන ජනප්‍රියත්වය? මේ මොහොතේ, චතුරට කියලවත් කරගන්න බැරි පුදුමාකාර ප්‍රචාරයක් - ප්‍රසිද්ධියක් ඔහුට ලැබෙනවා.
බැරිවෙලාවත් නීතිය ඉදිරියෙ හෝ, මාධ්‍ය ඉදිරියෙ චතුරට අභියෝග කරලා තත්වය නිරවුල් කරන්න ජවිපෙ ට පුළුවං වුණා නං, ජවිපෙ ට, ජවිපෙ නොවන විශාල ජන බලයක් එකතු වෙනවා, චතුර ඉවර වෙලාම යනවා, හැබැයි, අදාළ තත්වය අනුව, ඒ කියන්නෙ, චතුර ඒ චෝදනාව ඔප්පු කෙරුවොත් ජවිපෙ ඉවර වෙනවා.
අපේ සංවාදය තියෙන්නෙ මෙන්න මෙතැන!
ඒ වෙනුවට, මේ මඩ වැඩ වලින් වෙන්නෙ, වැරදි වැහෙන එක. වැරදි කාරයො නිදහස් වෙන එක. වැරදිකරුවන් ට අනුකම්පාව ලැබෙන එක. වැරදි තව තවත් සිද්ධවෙන එක.
භයානකම දේ මේකයි! වැරදි වහ ගන්නත් මේ ක්‍රමය කෙනෙකුට උපක්‍රමයක් විදිහට යොදාගන්න පුළුවං. ඒ කියන්නෙ තමන්ම වියදම් කරලා, තමන්ම සැලසුම් කරලා, තමන්ටම මඩ ගහ ගන්නවා.
මරු දේශපාලනයක්!
ඇත්ත වශයෙන්ම, අප අවට සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
අපි මේ fb හරහා, ''මඩ නොවන'' දැවැන්ත සංවාදයක් ගොඩ නගන්න ඕනෙ. ඒ, වඩා යහපත් සමාජයක් වෙනුවෙන්.
එය සරල නැහැ. එය නියත වශයෙන්ම දැනුම මත පදනම් වන ඓතිහාසික අරගලයක්!
CHAPA

Friday, February 24, 2017

දැන් පසුතැවෙනවා ද?

කෙනෙක්, තමන් කරපු වැරැද්දක් ගැන පසු තැවෙනවා. වෙච්ච දේ හිතේ තද කරගෙන දුක් විඳිනවා, හිත පිපිරිලා යන්න වගෙ...
ම්...ඔබ ගැන නෙවෙයි කිව්වෙ!
ඒත් ඔබටත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් එහෙම අමාරු අත් දැකීම්වලට ඔබ වරින් වර මුහුණ දීලා ඇති.
 කෙනෙක් කියයි ඉතිං පසුතැවෙන්න වැඩකරන්නෙ මොකටද, එහෙම නොකර හිටියම ඉවරනෙ කියලා, ඒත් අපි මිනිස්සුනෙ. කොච්චර හිතාගෙන හිටියත් එහෙම වැරැද්දක් - අතපසුවීමක් හරි වෙන්න පුළුවං. වැඩිය ඕන නැහැ, හොඳ හිතින් කියන කරන දේවල් වුණත් වරදින්න පුළුවං, එහෙම වෙලා අනෙකාට විශාල හානියක් වෙන්නත් පුළුවං.
වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා! කියලා පසුතැවෙන අවස්ථාත් ඕන තරම්. හැබැයි ඒ ඒ සිද්ධීත් යළි විමසා බලන්න ඕනෙ, ඇත්තටම මොකද්ද වුණේ කියලා. සමහර විට එහෙම නෙවෙයි ද දන්නෙත් නැහැනෙ. වැරැද්ද තමන් ළඟ නං?
''අනේ, අපරාදෙ...මට එහෙම කරන්න තිබුණා!''කියලත් කෙනෙකුට පසු තැවෙන්න සිද්ධවෙන වෙලාවල් එනවා.
සමහර ආගමික ඉගැන්වීම් වලට අනුවත් 'පසුතැවීම' හොඳ දෙයක්. ඒ කියන්නෙ, ''මම වැරැද්දක් කෙරුවා, අපරාදෙ...!'' කියන එකනෙ. තමන්ම, තමන් කරපු වැරැද්දක් වටහා ගන්න මුල්ම වෙලාවෙ හිත නිදහස්වෙන්න පටන් ගන්නවා, සමහර විට ඒ වැරැද්ද යළි හදාගන්න ඉඩකුත් එන්න ඉඩ තියෙනවා.
ඊළඟට ඒ වැරැද්ද ආපිට නොවෙන්න අවශ්‍ය වටපිටාව හැදෙන්න ඉඩ තියෙනවා.
තව දෙයක්...
කෙනෙකුට පුළුවං, තමන් කෙනෙකුට වැරැද්දක්කෙරුවා, ඒක මගේම වැරැද්ද කියලා හිතෙනකොටම, ඒ අදාළ කෙනාට ඒ ගැන කියලා සමාව ගන්න. පසු තැවෙන එක ගැන කියලා, හිත නිදහස් කරගන්න.
හදන්න පුළුවං වැරැද්දක් නං හදා ගන්න මැදිහත් වෙන්න, උදව් කරන්න!
වැදගත්ම දේ, තමන් පසු තැවෙන බව, අදාළ වැරැද්දට - අදාළ කෙනෙක් ඉන්නවානං එයාට කියන එක.
ලැජ්ජා වෙන්න එපා!
ලැජ්ජා වෙන්න ඕනෙ, වැරැද්දක් වෙච්ච බව, තමා ඒ ගැන පසු තැවෙන බව, හංගගෙන ඉන්න එක. අදාළ කෙනාට නොකියා, එයාට පසු තැවෙන්න ඉඩ හරින එක...
ඔන්න ඔබ දැන් කල්පනා කරන්න පටන් ගන්නවා, ඒක හොඳයි!
අද ඉඳලා ඔබට නං පසුතැවිල්ලෙන් පීඩාවට පත්වෙන්න සිද්ධ වෙන්නෙ නැහැ! ඔබ හොඳට කල්පනා කරලා, පීඩාවෙන් නිදහස් වෙනවා, වැරැද්දත් පුළුවං උපරිම විදිහට නිවැරදි කරනවා. එතකොට අනිත් අයට කොච්චර සැහැල්ලුවක් - සහනයක් ලැබේවි ද?
ඇයි! ඔබ සැහැල්ලු නිසා, ඔබේ සහනය හැමෝටමත් දැනෙන්න පටන් ගනීවි...
ඔබට සැහැල්ලු දවසක්! සහනය පිරුණු ජීවිතයක්!
CHAPA  

Thursday, February 23, 2017

WHAT is Chandrika?

INSIGHT Episode 14 Udaya Gammanpila SD, 854x480

    ඔබට දැනෙනවා ද?

ඇත්ත කියන්න, ඔබට අනෙකාව දැනෙනවා ද?
එතකොට ඔබ අහවි, ''මොකද්ද දැනෙනවා කියන්නෙ?'' කියලා. ඒකත් ඇත්ත!
ම්...මෙහෙම කිව්වොත්, ඔබේ ආදරවන්තයන් ඉන්නෙ සතුටින් ද? දුකෙන් ද? ඔවුන් තම තමන් ගෙ අවශ්‍යතාවන් සපුරාගෙන ද? ඔවුන් ට යම් පීඩනයක් තියෙනවා ද? ඔබ බොහෝ විට ඔවුන් ගැන නං උනන්දු ඇති තමයි, ඔවුන්ගෙ හැඟීම් ඉක්මනට තේරුම් ගන්නවා ත් ඇති. මෙහෙමනෙ, අම්මලා තාත්තලා ට නං තමන්ගෙ ළමයි හැරෙනකොට තේරෙනවා, මෙයා දුකෙන්, මෙයා සතුටෙන්, මෙයාට මොකක් හරි ප්‍රශ්නයක්, මෙයාට මොකක් හරි කරදරයක්...ඔන්න ඔහොම.
ඒ කියන්නෙ දැනෙනවා.
අම්මලාට තමයි වැඩියෙන්ම ළමයි ගැන දැනෙන්නෙ, එහෙම බලනකොට. ඒක හරිනෙ, අම්මා සහ දරුවා අතර නොකැඩෙන යම් ජෛව විද්‍යාත්මක බන්ධනයක් තියෙනවා. එහෙම නැති අවස්ථා තියෙන්න පුළුවං ඉතිං අහම්බයක් විදිහට.
අනිත් නෑදෑයො ගැනත් ඔබට දැනෙනවා ඇති. දැනෙන වෙලාවල්වත් ඇති අඩු තරමෙ. ලේ නෑදෑයො ගැන වැඩියෙන්. වතුරට වඩා ලේ ඝනයි! කියලා කතාවටත් කියනවානෙ.
ඒකත් හරි කියමුකො. හරි කිව්වට පොඩි ඉඩම් කෑල්ලකට තමන්ගෙ අයව මරා දාන අවස්ථාත් නැතුව නෙවෙයි.
හොඳයි! ඔබට සමීප අයව, ඔබට දැනෙනවා කියමුකො. අනිත් අය ගැන?
පොදුවෙ මිනිස්සු ගැන?
දැන් තමයි ඔන්න ප්‍රශ්නය හරියට පටන් ගන්නෙ. ලෝකය පුරාම මේ ප්‍රශ්නය, පොදු ප්‍රශ්නයක්. මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන දැනෙනවා නං, මෙහෙම අපරාධ වැඩි වෙයි ද? වංචා, දුෂණ සහ අක්‍රමිකතා සිද්ධ වෙයි ද? මිනිස්සු මිනිස්සු රවට්ට ගනියි ද? යුද්ධ, කපා කොටා මරා ගැනීම්...ඉවරයක් නැහැ. ඒ කියන්නෙ අනෙකාව දැනෙන්නෙ නැහැ කියන එක. ලෝකය පුරා ආගම් නං කීයක් ද? සමහර ආගම් නිසා තමයි, සමහර අර්බුද ඇති වෙලා තියෙන්නෙම.
ඉතිං අපට අනිත් එවුන් ව දැනෙනවාද?
බලන්න!
තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් අනුන් ට වස විස කවන හැටි. හැබැයි අන්තිමට ඔක්කොටම කන්න වෙන්නෙ වස විස. මේකෙන් තේරුම් ගන්න තියෙන්නෙ, තනියෙන් පවතින්න බැහැ කියන එක. පොදුවෙ හිතන්න ඕනෙ කියන එක. මේ, ගහ කොල සතා සීපාවා, ගංගා ඇළ දොළ...මේ සියල්ලම එකට බැඳිලා තියෙන්නෙ, වෙන් කෙරුවොත් අපි ඔක්කොම ඉවරම වෙනවා.
ඉතිං දැන් දැනෙනවා ද?
''මට මාව වත් දැන් දැනෙන්නෙ නැහැ, අනිත් අයව තියා!'' කියලා නං කියන්න එපා!
මේ අලුත් ලස්සනම ලස්සන දවසක්!
ඔව්! ඔබට දැනෙන දවසක්!
CHAPA

Wednesday, February 22, 2017


   ඔබ නායකයෙක් ද?

ඔබ නායකයෙක් ද?
ඔන්න ඔබ කල්පනා කරනවා!
හරියටම බැලුවොත්, අපි හැමෝටම වෙලාවෙන් වෙලාවට නායකයො වෙන්න වෙනවා. ගෙදර, පාරෙ, වැඩකරන තැන්වල, ක්‍රීඩා කරන තැන්වල, විනෝද වෙන තැන්වල....ඔය හැම තැනම!
ප්‍රශ්නයක් එනකොටටත් එතැන ඉබේම නායකත්වයක් එනවා. විශේෂයෙන්ම කරදරයක දි. සත්ව ලෝකයෙ වෙන කුල ඇතුළෙත් මේ නායකත්වය පිළිබඳ ලක්ෂණ දැක ගන්න පුළුවං, හැබැයි මිනිස්සුන්ට තමයි නායකත්වය ට වෙනස් අර්ථ කථනයක් දෙන්න හැකියාව තියෙන්නෙ.
සමහරු උපතින් නායකත්වය ට සුදානම්, සමහරු පස්සෙ කලක දි නායකත්වය දියුණු කරගන්නවා කියලත් අදහසක් තියෙනවා. තවත්  කතාවක් තමයි, යම් යම් අවස්ථාවල දි, ජනතාව විසින් නායකයන් නිර්මාණය කරනවා කියන එක. එහෙම ගත්තොත් නායකයන් නිර්මාණය කරන්නෙ ඉතිහාසය විසින් කියලත් කියන්න පුළුවං.
නායකත්වය සතු ගුණාංග ගැන, ලෝකය පුරාම වරින් වර කතා කෙරෙනවා.
වඩා වැදගත් වෙන්නෙ නායකත්වය සතු බලය යොදවන විදිහ. හුඟාක් නායකයන් තමා සතු බලය යොදා ගන්නෙ තමන්ගෙ වාසියට, තමන්ගෙ පවුලෙ වාසියට. එතකොට එතැන නායකත්වයක් නැහැ. ලෝකය පුරාම රාජ්‍ය බලය හොබවන දේශපාලන පක්ෂවල නායකයන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය තියෙනවා. ලංකාවෙ තත්වයත් එහෙමමයි. යහපත් නැහැ.
ඔබ මෙහෙම කල්පනා කරන්න!
ඔබ අනෙක් අයෙගෙ යහපත ගැන හිතන, මහන්සි වෙන, කෙනෙක් ද? ඔබ ගැන, ඔබේ පවුල ගැන, විතරක් නොහිතා පොදු සමාජය ගැනත් හිතනවා ද? ඔබ පරාර්ථකාමීක් ද? සමාජ යුක්තිය වෙනුවෙන් පුළුවං විදිහට හිට ගන්න කෙනෙක් ද?
එහෙම නං ඔබත් නායකයෙක්!
එහෙම නැත්තං - එහෙම නායකයෙක් වෙන්න උත්සහකරන්න!
දවස පටන් ගන්නකොටම, ටිකක් ලොකු අදහසක් ඔබට දෙන්නෙ! උත්සහ කරන්න, ඔබට පුළුවං1
ජය වේවා!
CHAPA

Tuesday, February 21, 2017

INSIGHT Episode 14 - Udaya Gammanpila

   ඔබ හොඳ යාළුවෙක් ද?

ඔබ කියාවි, හොඳ නරකක් නං දන්නෙ නැහැ, හැබැයි ඉතිං යාළුවෙක් තමයි කියලා, ඇත්ත නේන්නං ඔබත් fb friend කෙනෙක් නෙ. එහෙම බැලුවොත් නං අන්තර්ජාලය හරහා ලෝකයෙ හුඟ දෙනෙක් යාළුවො බවට පත් වෙලා.
යාළුවො මාළුවො! කියලා දවසක් පොඩි ළමයෙක් කියනවා ඇහුණා.
ඒ යාළු මාළු කතාවෙ නං තියෙන්නෙ සුන්දර අදහසක්, ඒත් ඇත්තටම යාළුවෙක් කියන්නෙ කොයි වගෙ කෙනෙකුට ද?
යාළුවො නිසා මෙයා අමාරුවෙ වැටුණා!
මෙයා නං මාර යාළුවෙක්තමයි!
අපෝ! යාළුවො නං මතක් කරන්න එපා!
කල්‍යාණ මිත්‍රයෙක්!
අපි අඹ යාළුවො!
සල්ලි නිසා යාළු කම නැති කර ගන්න එපා!
අපි, ආදරය කරන්න කලින් යාළුවො වගෙ හිටියා...
ඔන්න ඔහොම, යාළුවො සහ යාළුකම ගැන එක එක කතා ඇහෙනවා.
යාළුවෙක් කියන්නෙ ඉතිං කවුද?
එකට කන බොන, එකට ඇවිදින, එකට වැඩ කරන, හිතවත්, කුළුපග...කෙනෙකුට නෙ. ගෙවල් ළඟ පාත, කර්යාලයෙ, කෝච්චියෙ, විශ්වවිද්‍යාලයෙ, පාසලේ. ඒ වගේම පවුල් යාළුවොත් ඉන්නවා, ඒ කියන්නෙ family friends ලා.
ඔක්කොමත් හරි කියමුකො. කවුද එතකොට ''හොඳ යාළුවෙක්'' කියන්නෙ?
උදව් පදව් කරන, කරදරයකදි අත් නොහරින, දුක සැප බෙදා ගන්න...කෙනෙක් නේද? ඔබට එහෙම යාළුවෙක් ඇති, යාළුවො කට්ටියකුත් ඇති - set එකක්. ඔබත්, අනිත් අයගෙ එහෙම යාළුවෙක් වෙන්න ඇති. හැබැයි වැදගත්ම දේ ගැන අපි තවම කතා කෙරුවෙ නැහැ!
අපි යාළුවො අරක්ෂා කරනවා නෙ, ඒක හැම වෙලාවෙදිම හරියන්නෙ නැහැ. යාළුවා වුණත් වැරදි නං වැරදියි කියන්න. වැරැද්ද පෙන්නන්න. වැරදි නිවැරදි කරගන්න උදවු දෙන්න. ඔබත් යාළුවාගෙන් ඔය ටික බලාපොරොත්තු වෙන්න.
දන්නවා ද?
අපි සාමාන්‍යයෙන් එහෙම යාළුවන්ට කැමති වෙන්නෙ නැහැ. කරලාම බලන්නකො. එතකොට සාමාන්‍යයෙන් නං යාළුකම නැති වෙනවා. ඔන්න කරනවා නං නියම වැඩක්. යාළුවා වැරදි නං නිවැරදිවෙන්න උදව් කරන, නියම යාළුකමක්!
හොඳ යාළුවෙකුටත් වැඩ නියම යාලුවෙක් වෙන්න, හැමෝගෙම!
අළුත් දවසක, අළුත් ආරම්භයක්!
CHAPA 

සංවාදය දිගටම...

Chathu Madu නමින් ඉන්න කෙනෙක් දිගින් දිගටම විවිධ ප්‍රශ්න අහන නිසා, මේ අවස්ථාව ඔහුට, වෙන කිසිම කෙනෙක් මැද්දෙන් එක එක දේවල් ලියන්න එපා! විධිමත් සාකච්ඡාවක් ගෙනියන්න උත්සහ කරමු!
එන්න! ඔබේ ප්‍රශ්න, මගේ පිළිතුරු!
CHAPA

1, Q - insight තුල ජවිපෙ විවේචකයන් වැඩි වෙන තරමටම ජවිපෙට අවස්ථාවක් නොලැබෙන්නෙ ඇයි?
    A - Insight තුළ විවිධ පුද්ගලයන් සහ සංවිධාන විවේචනයට ලක් වෙනවා, වැඩසටහන නිෂ්පාදනය කරන වෙනම කණ්ඩායමක් ඉන්නවා. මම ලැබෙන ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡාව මෙහෙයවනවා.
2. Q - මේ අවලාදය මේ විදිහටම කරපු විජේදාස රාජපක්ශ අන්තිමට ඒකට දිපු අර්ථකතනය පිලිබදව ඔබේ අදහස...?
    A -      මොන අවලාදය ද?
3. Q -  ජවිපෙට මුදල් ලබාදුන්නාය කියන අවලාදය.
    A -  කලකට කලින් සිද්ධියක්නෙ! විජේදාස යම් චෝදනාවක් කළා මතකයි. ඒ ගැන විවිධ කතා කියැවුණා, ඒත් විජේදාසගේ අන්තිම අර්ථකථනයක් ගැන නං විශේෂ මතකයක් නැහැ!
4. Q -   2005 සිට 2015 තෙක් ආණ්ඩුකරනය පිලිබදව ඔබේ අදහස ?
    A -   මේ වගේම තමයි, දුෂිතයි, වංචාකාරීයි, අක්‍රමිකවත්, ඊනියා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට අනුව රට පාලනය කෙරුණා, යුද්ධය සම්බන්ධ පසුබිම විතරක් වෙනස් වුණා! 
5. Q -  Insight නිශ්පාදකයන් වෙනම නම්, ඒ තුල ජවිපෙට අවස්ථාවක් ⁣නොමැති විටෙක පදනමක් නොමැති චතුරගේ වචන වලට සියලු සටන් පසෙක තබා ක්ෂනිකව මහා කතාවක් කරන්න ඔබ යෝජනා කිරීමේ පදනම කුමක්ද?
    A -  චතුර සේනාරත්න කරන චෝදනාවට, ජවිපෙ නායක, අනුර කුමාර දිසානායක, වෙන මාධ්‍ය සාකච්ඡාවක දි ප්‍රතිචාර දක්වන නිසා, අනෙක ''සියළු සටන් පසෙක තබා'' කියලා ඔබ කරන විග්‍රහය මට නං අදාළ නැහැ, මේ එකම සටනක විවිධ මාන, මට අනුව!
6. Q -   ඔබේ දේශපාලන දැක්ම ධනවාදයද සමාජවාදයද වෙනමම එකක්ද?
    A -   දැක්ම කියලා ඔබ අදහස් කරන්නෙ මොකද්ද? 
7. Q -   ඔබේ වැඩසටහන් අනුව මොකක් හරි ඔබේ මතවාදයක් වෙනුවෙන් ආරාධිතයන් පාවිච්චි වෙනව නේද? 
    A -   මතවාදය කියන යෙදුම මම ගන්නෙ නැහැ! මම ඉන්නෙ සංවාදයක් තුළ, ඒ නිසාම විවිධ විෂයයන් ගැන අධ්‍යනය කරනවා, මේ වැඩසටහන් හරහා මම උත්සහ කරන්නෙත් ජනයාට යම් අධ්‍යනයකට පාර හදන්න...
8. Q -   අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාවක කොටසක් අරගෙන "මේ හිනාවෙන්නෙ කාටද" අහල මතු කරන්න හදපු දේ මොකක්ද?
    A  -   අනුර, සාමාන්‍යයෙන් එළියෙ මාධ්‍ය සාකච්ඡාවල පෙන්වන සටන්කාමී ගතිය, පාර්ලිමේන්තුවේදී දියකරන අවස්ථා මම දකිනවා. එදා, ඒ මොහොත හිනාවෙන්න ඕන මොහොතක් නෙවෙයි, මට අනුව. විවිධ සිද්ධීන් වලදි ඔහු සහ තවත් සමහර ජවිපෙ නායකයන් පෙන්වන හැසිරීම් සහ පවතින දේශපාලන තත්වයන් අතර සම්බන්ධයක් තියෙනවා ද කියන සංවාදය අතිශය අවශ්‍යයි කියන යෝජනාව තමයි මම ඉදිරිපත් කරන්නෙ! 
9. Q  -  ඔබ සේවය කරන නාලිකාවේ දේශපාලන භාවිතය නොදන්නෙ කවුද... ඇත්ත කතාව ඒ නාලිකාවේ අවශ්‍යතාවය සමග ඔබේ අවශ්‍යතාවයන් පෑහීම නෙමෙයිද?
    A  -  මාධ්‍ය ආයතනයක් කියන්නෙ business එකක්, හැම මාධ්‍ය ආයතනයක්ම එහෙම තමයි, එක එක න්‍යායපත්‍ර - හරියට ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ වගෙ. මම දෙරණ ට සේවය කරනවා කියන විග්‍රහය, තත්වය විකෘති කිරීමක්. මට එය තවත් දේශපාලන ක්‍රියාකරකමක් විතරයි. ඒ වගේම ඔබ ඒ ඒ ආයතන ගැන හිතන විදිහ මට අදාළ නැහැ. 
10. Q - සම්පුර්න කතාවක හරය ඔබට අනුව හිනාවකින් මනින්න හදන්නෙම කුහක කම නිසා නෙමෙයිද?
      A - කෙනෙකුට එහෙම කියන්න පුළුවං, මට ඒක එහෙම නෙවෙයි, මම එදා උපුටා දක්වන්නෙ, බරපතළ සිද්ධියකට අදාළ පාර්ලිමේන්තුවේ හැසිරීමක් සහ එහි Hiru tv ප්‍රවෘත්ති වාර්තාව. ඔබ ඔය කලින් කියපු, ''ඔබ සේවය කරන නාලිකාවේ දේශපාලන භාවිතය නොදන්නෙ කවුද..'' කියන අදහස ගැනත් කෙනෙකුට ''කුහක අදහසක්'' කියලා කියන්න පුළුවං!
දැන් මම යන්න ඕනෙ, නැවත හෙට උදේ හෝ අපි දෙන්නටම පහසු වෙලාවක! මේ සංවාදය, කිසිදු සංස්කරණයකින් තොරව, මගෙ Blog එකට යනවා, අනාගත reference වලට....  
 ...to continue... 

   අපි වෙනුවට, අපි!

එක්සත් ජාතීන්ගෙ සම සාධක හමුදාවට, ලංකාවෙ අපිත්!
එහෙම කිව්වට, දැන් ඔන්න ප්‍රශ්නයක් ඇවිත්. 2009 ට පෙර හමුදා සේවයේ හිටපු අය දැන් එවන්න එපා කියලා එක්සත් ජාතීන් ගෙ බලධාරීන් දන්වලා කියලා, හමුදා අංශ තුළ දැන් එක විදිහක කලබැගෑනියක් ඇතිවෙලා කියලා දැනගන්න ලැබෙනවා.
හේතුව, 2009 ට පෙර සෙබළුන් ට, යුද අපරාධ චෝදනා එල්ලවෙලා තියෙන නිසා ලු!
අපි මේ සංවාදය මෙහෙම ගොඩ නගමු!
එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාව කියන්නෙ, නූතන ධනේශ්වර කඳවුර වෙනුවෙන්, ඒ කඳවුරේ ගොදුරු බිම් සුරකින්න පවත්වාගෙන යන, ඒ ඒ බැරි රටවල බිලි සෙබළුන් යොදවාගෙනම ශක්තිමත් කරන ලෝක පරිමාණ මිලිටරි යාන්ත්‍රණයක්. මේ වෙනකොට එක්සත් ජාතීන් නාමයෙන්, හයිටිය, බටහිර සහරාව, මාලි, ලයිබීරියාව, කෝට් ඩිල්වෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ඩා ෆර්, ඇබේ, දකුණු සුඩානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොසෝවා, සයිප්‍රස්, ලෙබනනය, මැද පෙරදිග, ඉන්දියාව සහ පකිස්ථානය කියන රටවල මෙහෙයුම් 16 ක් ක්‍රියාත්මකයි.
මේ ඊනියා සාම සාධක සේවයට යන්න ලංකාවෙ සෙබළුත් පුදුම උනන්දුවකින් ඉන්නෙ!
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරජයකරමින් යුද නිපුණත්වයක් ලබා ගත්, ලංකාවෙ සෙබළු වැඩේට සම්බන්ධ කරගන්න, එක්සත් ජාතීන්ගෙ සංවිධානය මෙතෙක් නං දෙපාරක් කල්පනා කෙරුවෙ නැහැ. ඒ අනුව දැනටමත්, ලංකාව, ඒ ලෝක මිලිටරි යාන්ත්‍රණයෙ එක සාර්ථක කුලී සෙබළ සැපයුම් කරුවෙක්.
30 වසරක බිහිසුණු යුද අත්දැකීම් සමඟ හමුදාමය වශයෙන් ශක්තිමත් වුණු ත්‍රිවිධ හමුදාවක්, මේ වෙනකොට ලංකාවෙ ඉන්නවා.
පොලිසිය සහ අනෙක් ආරක්ෂක ඒකකත් එකතු වුණාම, ඒ තමයි ''රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය''.
මේ ''අවස්ථාව සහ සුදුසුකම'' නිවැරදිව යොදාගෙන යුද්ධයෙන් ඉනික්බිතිව රට සංවර්ධනය කරන විදිහ ගැන අපේ පාලකයන්ට පැහැදිලි සහ නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. දැනුත් නැහැ.
රාජපක්ෂ පාලනය තුළ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙ ප්‍රධානත්වයෙන් අදාළ ආරක්ෂක අමාත්‍යංශය විධිමත්ව පවත්වාගෙන ගියත්, එමඟින් ආරක්ෂක අංශවල චිත්ත ශක්තිය ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගියත්, ඊට සමගාමීව රටේ සංවර්ධනය පිළිබඳ හොඳ සැලැස්මක් සහ අනාගත ඉලක්කයක් නොතිබුණු නිසා මෙන්ම ඒ අතර, දුෂණ, වංචා සහ අක්‍රමිකතා වර්ධනය වූ නිසා අවසන් ප්‍රතිඵලය 'කඩාවැටීමක්' ම වුණා.
ඒ කියන්නෙ 2015 ජනවාරි 8 කුමන්ත්‍රණය හෙවත් Regime Change මෙහෙයුම සාර්ථක වුණා.
දැන් අන්තිමට අපට වෙලා තියෙන්නෙ මොකද්ද?
මහා උද්දාමයෙන්, සාම සාධක හමුදාවට අපේ මිලිටරි ජවය කුලියට දෙනවා, ජීවිත අවදානමකුත් අරගෙන. මේ ව්‍යාපෘතිය, හරියටම 1977 න් පස්සෙ, මැද පෙරදිගට අපේ කාන්තාවො පටවන්න පටන් ගත්තා වගේ වැඩක්.
එහෙම තියෙද්දි, එල්ටීටීඊ ත්‍රස්තවාදය මිලිටරි වශයෙන් පරාජය කිරීම, යුද අපරාධයක් ලෙස සලකන පසුබිමක, ලංකාවෙ සෙබළු වැටෙන තැන?!
රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය හෑල්ලු වෙලා, රටේ පැවැත්ම මෙහෙම තර්ජනයට ලක් වෙනකොට රටට මොන ස්වාධීන පැවැත්මක් ද?
අපි කොච්චර පහළ මට්ටමකට වැටිලාද කිව්වොත්, ඒ සාම සාධක හමුදා සේවයට යන්න පෙරුම් පුරමින් ඉන්න හමුදා සෙබළුන් ගෙ ප්‍රශ්නය, 2009 ට කලින් හමුදාවෙ හිටපු අපි අයින් කරලා, අළුත් කට්ටිය තෝරාගෙන, ඇයි මෙහෙම අසාධාරණයක් කරන්නෙ? කියන එක.
ඉතිං, අපි දැන් කොයි දිශාවට ද මේ සංවාදය අරගෙන යන්නෙ?
රණවිරුවො, අපේ රට, මාතෘ භුමිය - මව් බිම, ජාතිකත්වය, අභිමානය, ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව...
මේ මොනවා ද
ඇත්තට, අපි මොක්කුද?
CHAPA

Can we move forward, this way? Hiru news, 7pm, Feb 20, 2017

Monday, February 20, 2017

   අනේ අනේ පුංචි බබෝ!

බලන්න!
පුංචි බබාලා හැම දෙයක් එක්කම හිනා වෙනවා, කතා කරනවා!
එයාලට හිතෙන්නෙ මේ වටේ තියෙන හැම දෙයකට ම පණ තියෙනවා කියලයි.
ඇවිදින ගස්. කතාකරන බඩු මුට්ටු. හිනාවෙන සෙල්ලම් බඩු. ඇඟේ එල්ලෙන ඇඳුම්. බලාගෙන ඉන්න අහස. ළඟට එන්න හදන තාරුකා...
ඔන්න ඔය වගෙ.
හැම සතෙක්ම එයාලගෙ යාළුවො. කුරුල්ලො, සමනල්ලු, බල්ලො, පූසො, හරක්, පණුවො, පළගැටියො, කුඹි...ඔය ඔක්කොම.
ඒ කියන්නෙ පුංචි බබෙකුට දැනෙන්නෙ සජීව - සමාන ලෝකයක්.
බලන්න! අපි හැමෝටමත් එහෙම කාලයක් තිබිලා තියෙනවා. කොහොමද එතකොට අපි මේ විදිහට නරක් වුණේ? ගහ කොල, සතා සීපාවා විනාශ කරන, උනුන් කා කොටා ගන්න, ආදරය වෙනුවට ක්‍රෝධය - වෛරය වපුරන නරකම නරක තැනකට වැටුණෙ? හැම දේම බදාගෙන කවදාවත් මැරෙන්නෙ නැහැ කියලා අනුන් මරා දාන්න හදන, වැඩිහිටි අපිත් අර වගේ පුංචි බබාලා වෙලා හිටියා එහෙනං!
අඩුම තරමෙ, අපි මෙහෙම කරමු!
අපිට ආපිට පුංචි බබෙක් වෙන්න බැරි නිසා, ඒ පුංචි බබාලගෙ සුන්දරම සුන්දර ලෝකය විනාශ නොකර ඉම්මු. ඊළඟට, නිකං ඉන්න ගමන් අපි එයාලගෙන් දේවල් ඉගෙන ගම්මු. ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. එයාලා හොඳ ගුරුවරු. අනෙක මෙහෙම අපි කරනවා කියලා එයාලා කවදාවත් දැන ගන්නෙත් නැහැ.
එහෙනං හරිනෙ, අපි පුංචි බබාලගෙන් ලෝකය ගැන ඉගෙන ගම්මු!
එයාලත් එක්ක, සුන්දරම සුන්දර ලෝකයක් හදන්න උත්සහ කරමු!
ළඟ ඉන්නවා නං හොඳට බලන්න, අපි මේ ගැන හිතන බව දැනගෙන ද මන්දා අන්න හිනා වෙනවා!
අනේ අනේ පුංචි බබෝ!
CHAPA 

89! in Blood!!

චතුර ගැනම අහන නිසා...

චතුර සේනාරත්න සමඟ කරපු Insight වැඩසටහනෙන් ( 2017පෙබරවාරි 12, Ada Derana ) පස්සෙ, මේ වෙනකොට බොහෝ දෙනෙක් කතා කර කර එකම දේ අහන නිසා, පොදු අදහසක් ගන්න මේ සටහන තියන්න හිතුවා.
මේ වැඩසටහනේ දි ඔහු කියන කතා කීපයක් ගැන තමයි ඒ හුඟාක් අය අහන්නෙ, බනින්නෙ.                ඒ, ප්‍රේමදාස, චන්ද්‍රිකා, විජය, රෝහණ කුමාර, තාර අජිත් වගෙ අය ගැන ඔහු කරපු කතා ගැන. ඒවා බොරු කියලා, මම කිව්වෙ නැත්තෙ ඇයි කියලයි ඔවුන් අහන්නෙ.
ඒ හැම කෙනාගෙම ප්‍රශ්නය, චතුරගෙ වයස. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට, අද ඔහුගෙ උපන් දිනය. පෙබරවාරි 20, 1982. ඒ කියන්නෙ ඔහුට දැන් අවුරුදු 35 ක්.
ප්‍රේමදාස ගැන ඔහු කියන්නෙ, ඔහු පාසලේ දි ප්‍රේමදාසට විරුද්ධව කතා කරපු නිසා තමන්ගෙ කනිෂ්ඨ ශිෂ්‍ය නායක කම ගැලෙව්වා කියලා. විජය, නළුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට ඔහු ප්‍රිය කරනවා. ඒ අතර, විජය, චන්ද්‍රිකා සහ රාජිත ( චතුරගෙ පියා ) පවුල් මිත්‍රයො, එකට දේශපාලනය කරපු අය. 1990 දශකය අවසාන භාගය වෙනකොට ත් නොරිස් කැනල් පාරෙ තිබුණු රාජිතලාගෙ ගෙදර ( හෝ කාර්යාලය ) ඒ වගෙ විවිධ දේශපාලන චරිත, නළු නිළියො සහ ප්‍රසිද්ධ තවත් අය නිතර යන එන තැනක්. විජය, චන්ද්‍රිකා චතුර ළමයා එහෙ මෙහෙ එක්ක ගියා කියන එක, ඒ අත්දැකීම් එදා ළමයෙක් විදිහට ලැබුවා කියලා ඔහු කියන එක අරුමයක් නෙවෙයි.
ඔය, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගැන කියන කතාවම ගන්න, ඒ පුද්ගලයත් සේනාරත්න පවුලෙ සමීප පුද්ගලයෙක්.
මේ ගැන මම මෙහෙම දන්නෙ, 1998 - 2000 අතර කාලය තුළ රාවයට වැඩකරද්දි ලබන සංකීර්ණ අත් දැකීම් නිසා. මම අවස්ථා දෙක තුනක දි, විවිධ මාධ්‍ය ක්‍රියාකරකම් සඳහා රාජිත මුණ ගැහෙන්න ඔහුගෙ නාරාහේන්පිට ගෙදරට ගිහිං තියෙනවා. ඒ කාලයෙදි ත් ඔහුට, වංචා සහ ජවිපෙ මර්දන 'ප්‍රා' ව්‍යපෘතියෙ කතා ටික ඈඳිලා තිබුණා. ඉතිං අපි අතර කොහොමත් සමීප සම්බන්ධයක් ගොඩ නැගුණෙ ම නැහැ.
ඒ දවස් වල චතුර උසස් පෙළ පන්තියෙ වෙන්න ඕන.
ඔහු ඉක්මනට අමුත්තන් සමඟ යාළු වෙන සුහද කෙනෙක්. ඉතාමත්ම කලබල සහ ක්‍රියාශීලී කෙනක්. ඔය කාලය සමස්තයක් විදිහට රාවයෙ අපි චන්ද්‍රිකා පාලනයට විරුද්ධව වීදි බැහැලා හිටියෙ. රාජිතත් වෙන පැත්තකින් චන්ද්‍රිකා එක්ක පටලවාගෙන හිටියෙ.
ඒ කාලය ගැන තමයි ඔය චතුර කියන්නෙ.
කියන විදිහ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවං ඔහු කියන්නෙ බොරු කියලා. ඔහු බොරු කියන්නෙ නැහැ කියන සහතිකය මට දෙන්න බැහැ, හැබැයි අතිශෝක්තිය සහ marketing ගතිය නං ඔහුට සෑහෙන්න තියෙනවා.
ඊට පස්සෙ, 2001 දි මම free ( පස්සෙ, 'නිදහස්' ) පටන් ගන්න අතරෙ, රටේ දේශපාලන බල පෙරළියක් වෙලා එක වෙලාවක රාජිතට ඇමති කමක් හම්බ වෙනවා. ඒ දවසක, මම 'නිදහස්' වෙනුවෙන්, ඔහුගෙම අමාත්‍යංශයෙ, ඔහුගෙම නිලධාරීන් ඉස්සරහා, ඔහු සම්මුඛ සාකච්ඡාවකට අරගෙන තද ට ප්‍රශ්න කරද්දි, හොඳටම යකා වැහිලා, අපේ තිබිච්ච සාමාන්‍ය සුහදත්වයත් නැති වුණා. ඊට පස්සෙ මට ඔවුන් මග හැරුණා. ආයෙත්, චතුර ව මුණ ගැහෙන්නෙ මේ Insight වැඩසටහනට, දෙරණ මැදිරියේ දි.
අතීත කතාව ඔන්න ඕකයි!
ඒ අනුව හුඟ දෙනෙක් චතුර ගැන කියන දේවල් නෙවෙයි වැදගත්. ඒවා සාමන්‍ය දේවල්. ඔහුගේ වාචාල කතා විලාශය සහ අතිශෝක්තිය නිසා තමයි කෙනෙකුට ඒ වගෙ දේවල් හිතෙන්නෙ.
ඔහු, චැනල් 9 සිද්ධියක් ගැන, රෝහණ කුමාර කෙනෙක් ගැන කියන කතා ''බරපතළ ඇත්ත'' කතා. චන්ද්‍රිකා, සනත් ගුණතිලක, ලක්‍ෂ්මන් හුළුගල්ල, රාජිත සේනාරත්න, රෝහණ කුමාර, බැද්දගානෙ සංජීව සහ තාර අජිත් සහ තවත් අය වටා ගෙතුණු ඒ අපරාධ කතාවෙ, එදා තමාත් ශිෂ්‍යයෙක් විදිහට හිටියා කියලා, චතුරම කියනකොට, නීතියක් තියෙන රටක නං මාර ප්‍රශ්නයක් එනවා.
අනෙක චන්ද්‍රිකාගෙ දුෂණ, වංචා සහ අපරාධ ලිපි ගොනු තමා ළඟ තියෙනවා කියලා කියන එක, වෙන්න පුළුවං දෙයක්. හේතුව, ඔහුගෙ තාත්තා රාජිත සේනාරත්න නිසා. චතුර මෙහෙම හැසිරෙන්නෙ, කොහොම ගත්තත්, දේශපාලනිකව නොමේරූ බව නිසාම වෙන්න ඕනෙ. 
ඒ අතර මේ Insight හරහා මතු වන වැදගත් ප්‍රශ්න, මෙන්න මෙහෙම පෙළ ගස්සවන්න ඕන නං අපට පුළුවං;
1. රාජපක්ෂ පාලනය ට එරෙහිව; චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්, රාජිත සහ චතුර එකට එකතු වුණේ කාගෙ උපදෙස් මත ද?
2. අදාළ රාජ්‍ය නොවන සංවිධාන පවුර හැදුවෙ කවුද?
3. දෙමළ - මුස්ලිම් අන්තවාදී ශක්තිය ඔවුන්ට හැරවුණු මූලික දේශපාලන සිතියම කොහෙන්ද?
4. චතුර මේ කියන විදිහට, අදාළ මෙහෙයුමේ කොටසක් ලෙස, ජවිපෙ ට විශාල මුදලක් ලබා දුන්නා ද? ඒ කොපමණ ද? ඒ එකඟතාව තවම තියෙනවාද?
5. ඒ මුදල් ලැබුණේ ඉන්දියාවේ, ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවාවන් ගෙන් ද?
6. මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන්, මහේන්ද්‍රන්ලාට ආපිට එකතු කරගන්න ඉඩ හැදුවෙත් එසේ එදා වියදම් කළ මුදල් කන්දරාවෙන් එක කොටසක්  ද?මේ ගිණුම් අත් හිට වූ බව ඇත්තක් ද? මවා පෑමක් ද? මවා පෑමක් නං, ජනාධිපතිවරයා දැනුවත්ව ද? නැද්ද?
චතුර 'ඔහේ' ඉදිරිපත් කරන තොරතුරු හරහා අපි ගවේෂණය කරන්න ඕන මෙන්න මේ කලාපය. චතුර ට, කුණුහරුපෙන් බනින වේගයෙන්ම මේ කලාපයත් වැහෙන වග විතරක් මතක තියා ගන්න!
මිත්‍රවරුණි!
චතුර තව දුරටත් පොඩි එකෙක් නෙවෙයි, මේ කතාවත් පොඩි එකක් නෙවෙයි.
''අනේ මුං එකතු වෙලා අපේ අනුර සහෝදරයාට මඩ ගහනවා, ඒ සහෝදරයා සැලෙන්නෙ නැහැ!'' කියලා හිත හදා ගත්තොත් ඉතිං, මේ සියල්ලත් නොවිසඳුණු තවත් එක අතීත කතාවක්ම වේවි!
මේ රට ගොඩ ගන්න කාටවත් - කවදාවත් බැරි වෙන්නෙ මෙන්න මේ අඳුරු කලාප නිසා බවත් ඉතිහාස සාක්ෂිකාරයෙක් විදිහට මම මෙසේ සටහන් කරනවා!
CHAPA  
  

Sunday, February 19, 2017

Is Chathura Senarathne a lier as JVP states?

Is Chathura Senarathne a lier as JVP sates? Part 1



 ජනාධිපතිවරයාට ඉදිරිපත්කරන මෙම ලියැවිල්ල, පොදු සමාජ අවධානයට යොමු විය යුතු නිසාම, මෙසේ ඉදිරිපත්කරමි. කරුණු සොයාබලමින් - අවධානයෙන් සිටින්න! අවශ්‍ය මැදිහත්වීම් කරන්න!
CHAPA

231, කිරුල පාර, කොළඹ 5.    දුරකථන - 0777791663 / 0770381944    ෆැක්ස් - 0382236228
231, Kurala Road, Colombo 5, Sri Lanka.         Tel: 0777791663/0770381944  Fax:  0382236228

7th February 2017


H E the President Maithipala Sirisena
Presidential Secretariat
Colombo 1


Your Excellency,

MEDIA REPORTS ON A PURPORTED HAND OVER OF THE TRINCOMALEE PORT

We wish to draw your kind attention to the recent report carried by "The Hindu" (give the date, pls...) commenting on an interview held with the Minister Sarath Fonseka of Sri Lanka, in which he is reported to have mentioned that negotiations were being undertaken to hand-over Trincomalee Port to India. This report, we believe, has to be taken serious because it was reported a few days later that the Prime Minister Ranil Wickremasinghe also has echoed similar intents by the Government.

We were surprised and shocked to read these reports for a number of reasons, which we wish to submit for your perusal, as follows :

1.  We are unaware of any “decision” taken by the Cabinet of Ministers to hand-over of Trincomalee Port to India, or even to entertain an idea of that sort. If our understanding regarding this non-availability of cabinet approval is correct, any negotiation in this regard, pursued by any authority or individual, is ultra vires.

2.  Therefore, if any such discussions have effectively been pursued without proper approval, then we urge your good self to take stern action against those who commit this irregularity, which in effect is a gross violation of Good Governance platform on which you sought mandate of the people of Sri Lanka on Jan 8, 2015.

3.  However, if what Minister Sarath Fonseka has mentioned, and reportedly reiterated later by the Prime Minister, is incorrect, you would have no other alternative than removing them from their respective offices for making false statements regarding the executive action of this Government.

4.  Trincomalee is a "strategic location” and the Trincomalee Harbour is an important “strategic asset" which Sri Lanka should deploy for our nation’s interests, and not to be handed over to India or to any other foreign country for their benefits. Therefore, we consider it pawning our future generations and their rights and privileges, if the Cabinet of Ministers has already granted approval for such negotiations with India. This is because the Government being the custodian of these national and natural assets on behalf of the public and their future generations, should (a) not consider alienation of the nation's vital assets and locations, (b) not put the country's safety and national security at risk by having a foreign power managing a strategic location such as Trincomalee Port.  Therefore, we, as members of patriotic national organizations, request you to take these media reports very seriously, and to intervene and prevent any such nationally detrimental proposal being mooted.

5.  If this does not happen, we will have no option than mobilizing nationalist forces against any such move, in view of safeguarding the country's national interests.


Yours Sincerely,

Sgd.



Dr. Anula Wijesundara                                       Lt Col. Anil Amarasekara (Retired)
Co-Presidents
National Joint Committee