Wednesday, January 27, 2016

ජනාධිපති මෛත්‍රී මේ කියන්නෙ ඇත්තද?

ජනාධිපති මෛත්‍රී පහුගිය දා BBC සංදේශය සමග කරන සාකච්ඡාවෙදි මෙහෙම කියනව;
"ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත් එකග නැහැ. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසදා ගන්න පුලුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන කලබල විය යුතු නැහැ" 
ඔහුගෙ මේ ප්‍රකශය එතෙක් කල්, ඒ කියන්නෙ ජනාධිපති පොදු අපෙක්ෂකයා වූ තැන් පටන් 'ජාත්‍යන්තරය' ගැන කරපු සමස්ත ප්‍රකාශවලට මුලුමනින්ම පටහැනියි. මේ ස්ථාවරය තමයි රටට අවශ්‍ය. හැබැයි එක පාරටම ඔහු මෙහෙම දෙවල් කියන්නෙ ඇයි ? 
රාජපක්ෂ පාලනයෙ 2 වැනි අදියර පටන් ගන්න හරියෙදි, එදා ඇමති මෛත්‍රී UN ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව සහ රාජ්‍ය නොවන ආයතන ( NGOs ) නිර්දය ලෙස විවෙචනය කරන කතාවක් මේ දැනුත් අන්තර්ජාලයේ තියෙනවා. ඊටපස්සෙ එක පාරටම ඊනියා ජාත්‍යන්තරයෙ කීකරු සගයෙක් වෙලා දැන් එකවර මෙහෙම පෙනි හිටින්නෙ ඇයි ?  
චන්ද්‍රිකා - රනිල්  දේශපාලන ව්‍යාපෘතිය ඇත්තටම තේරුම් අරගෙන ඔහු අලුත් පිම්මක් පනින්න හදනවද? ළග එන මැතිවරණ ය දිනාගන්න ජනයා අන්දනවද? නිගමනයකට කල් මදි.
ජනාධිපති මෛත්‍රීගෙ මේ ප්‍රකාශයට LTTE හිතවාදී සංවිධාන රැසක් විරෝධය පාන එකත් නිශ්චිතව තවම කියවගන්න බැහැ. එකක් පැහැදියි. ලංකාවේ එදා මෙදා පාලකයන්ට පොදුවේ ඔය 'ඊනියා ජාත්‍යන්තර' සමග ගණුදෙනු කරන විදිය ගැන පැහැදිලි අදහසක් නං නැහැ. 
මහින්ද චීනය මත, මෛත්‍රී ඉන්දියාව මත, රනිල් ඇමෙරිකාව මත, චන්ද්‍රිකා එංගලන්තය මත...පොදුවේ ඊනියා ජාත්‍යන්තර මත යැපෙන්න හදනවා විතරයි, ලෝක සිතියමේ ලංකාවේ නියම තැන ලකුණු කරගන්න දන්නේ නැහැ!!!
 CHAPA

Tuesday, January 26, 2016

නොසිතමි පවතිමි! ද?

 ඥාණසාර හාමුදුරුවෝ රිමාන්ඩ් භාරයට පත් වෙනවත් එක්කම ජාතිවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡාව තවත් තීව්‍ර වෙනව. 
හෝමාගම උසාවි භූමිය නොසන්සුන් වෙනව් - අගමැති රනිල්ට ලැජ්ජ හිතිලා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනව - කට්ටියක් නියම වැඩේ! කියලා හිනාවෙනව - කට්ටියක් යහපාලනයට සාප කරනව - හුගක් අයට මේ එකක්වත් වැඩක් නැහැ. 

ඇත්තටම රටට මොකද්ද වෙන්නෙ?

සිංහල, දෙමළ, මුස්ලිම්,,,ජාතිවාදී - අන්තවාදී කොටස් රට පුරා. දෙමළ - මුස්ලිම්, විශේෂයෙන්ම මුස්ලිම් කණ්ඩායම් තමන්ගෙ අරමුණු වලට උපක්‍රම ශීලිව ගමන් කරනව. එකිනෙකා අතර ප්‍රශ්න තිබුණත් වෙන වෙන ම ඔවුන්ට ඕන රාජ්‍ය පාලන බලය, ස්වයං ව හදාගන්න. සිංහල බෞද්ධ බහුතර ජනයා කෑලි වලට කැඩිලා දැන හෝ නොදැන ජාතියක් හැටියට විනාශ වේගන යනව.
රාජපක්ෂ පාලනය, යුද ජයග්‍රහණය දේශපාලනිකව වටහා ගත්තෙ නැති නිසා UN ප්‍රමුඛ ඇමෙරිකානු - ඉන්දියානු උගුලට රට ලෙහෙසියෙන් ම අහුවෙනව. 
සම්පත් කොල්ලකෑම සහ වෙළද පොළ පුලුල් කර ගැනිම තමයි ඔවුන්ගෙ පොදු අරමුණ. චීන සාධකයට එරෙහිව කලාපය සංවිධානය කිරිම මෙන්ම ලංකාව යුද උපකරණ ක් හැටියට යොදාගන්න හැටිත් ඔවුන් වෙන වෙනම සැලසුම් කරනව. චන්ද්‍රිකා - මෛත්‍රී - රනිල් NGO ව්‍යාපෘතිය, ඒ කොන්ත්‍රාත්තුව යහපාලනය නමින් ක්‍රියාත්මක කරනව.
මේ අනුව රටේ 'පැවැත්ම' වගෙම පැවැත්මේ ප්‍රධාන සාධකය වන 'යුක්තිය' විකෘතිය ක් බවට පත් වෙනව. ත්‍රස්තවාදයට සමාව ලැබෙන්නෙත, රාජ්‍ය හමුදාවන් වැරදි කරුවන් බවට පත් වෙන්නෙත්, FCID දඩයම පටන් ගන්නෙත්, HNDE ශිෂ්‍යයන්ට පහර දෙන්නෙත්, ඇඹ්ලිපිටියේ පොලිස් ඝාතකයන් නිදැල්ලේ ඉන්නෙත්,  හිරුනිකාට සහ ඇයගේ ඩිfපෙන්ඩරයට අනුකම්පාව ලැබෙන්නෙත්, එකනැලිගොඩ වංශ කතාවක් බවට පත් වෙමින් ඥාණසාර හාමුදුරුවෝ ඇතුළට යන්නෙත්... 'යුක්තිය පිළිබඳ විකෘතියට' අදා
කොහොම උනත් අවසාන විග්‍රහයෙදි ලංකාව තමන්ගෙ කොලනියක් බවට පත් කරගන්න හදන උන්ට ඕන මේ ටික මෙහෙම වෙන්න තමයි.
වැඩේ තියෙන්නෙ, තමන්ගෙ ප්‍රකාශ ඒ බලවේග විසින් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරද්දීත්, හෑල්ලුවට ලක් කරද්දිත් ජනාධිපති මෛත්‍රීට ඒ ගැන කිසිදු හැගිමක් නැති වීම.
මේ, නොසිතමි පවතිමි! ද?

Saturday, January 23, 2016

ජාතිවාදී ගිනි පුපුර...

 මේ මොහොත වෙනකොට රට මුහුණ දී තිබෙන ක්‍රමන්ත්‍රණ කාරි අභියෝගය තවදුරටත් වර්ධනය කරන ජාතිවාදී ගිනි පුපුරු තැන තැන වියරුවෙන් දිලිසෙනව! 
එක පැත්තක දෙමළ, අනිත් පැත්තෙ මුස්ලිම්, තවත් පැත්තක සිංහල - හරියටම කිව්වොත් සිංහල බෞද්ධ. පැරණි යටත් විජිත වාදය හෙවත් බ්‍රිතාන්‍ය පාලනය අන්තිමට ගිනි තිව්වේ ලංකාවේ ජාතිවාදයට. 1930 දශකය වෙනකොට ලබාදෙන සර්වජන චන්ද බලයත් එක්ක තමයි සුද්දො ඔය ක්‍රීඩාව පටන් ගත්තෙ. සිංහල දෙමළ කලු සුද්දොත් ඔය ක්‍රීඩාවට වහ වැටුනා ( මුස්ලිම් සාධකය එන්නෙ පස්සෙ..) බණ්ඩාරනායකලා, ඩඩ්ලි ලා, චෙල්වනායගම්ලා ජාතිවාදය තමන්ගේ දේශපාලනය කරගන්නකොට ප්‍රභාකරන්ලා තුවක්කු බෝම්බ වලින් ඒ වැඩේම වෙන විදියකට පටන් ගත්ත. ඒ අස්සේ මුස්ලිම් ජාතිවාදය ව්‍යප්තවාදයක් වුණා. රට, UN උගුලට වැටිලා, මූල්‍ය ආයතනවල හිරවෙලා, ඇමෙරිකානු දේශපාලනයට අනුව රූකඩ රාජ්‍යයක් බවට පත් වෙනකොට යුද්ධය එහි මෙහෙයුම් උපකරණයක් වෙන්නෙ එහෙමයි. යුද්ධය ඉවර වෙනකොට ඔය ජාතිවාදී හොල්මන් වලට පණ පෙවෙන්නෙත් ක්‍රමන්ත්‍රණකාරි විදියට. යුද්ධය පිටිපස්සේ වගෙම ඊනියා සාමය පිටිපස්සෙත් ඔවුන් හිටියා. NGO (රාජ්‍ය නොවන ආයතන ) ජාලයක්ම මේ පිටිපස්සේ වැඩ! රටේ පාලන ව්‍යුහය වෙනස් කරන්න සහ එමගින් ඒකීය රාජ්‍ය බලය දුර්වල කරලා රට පෙඩරල් අකෘතියකට මාරු කරන්න තමයි ඔවුන්ට දැන් ඕන. 
ව්‍යවස්ථාව වෙනස් කරන ව්‍යාපෘතිය හරහා ලංකාව දුර්වල රාජ්‍යයක් බවටත්, තම තමන්ගෙ වෙළෙඳ කොලනියක් බවටත් පත් කර ගන්න අවශ්‍ය ක්‍රියාකාරකම් දැන් පටන් අරන්. චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්...ඒ සදහා එකම පෙරමුණක. ඔවුන්ට ඕන රට බෙදන්න. ඉතින් ජාතීවාදිව ජනයා බෙදෙන එක තමයි ඔවුන්ට අවශ්‍ය. සිංහල - දෙමළ - මුස්ලිම් එකට හිටියොත් ඒකීය රටක් විදියට අප පවතීවී, නැත්තං අප විනාශ වේවි! 
මිත්‍රවරුනි!
අපි ජාතිවාදී ගිනි පුපුරු නිවමු!
ඒකීය රටක එකට ජීවත් වෙන හැටි ඊනියා ජාත්‍යන්තරයට කියාදෙමු!!

Thursday, January 21, 2016

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 10

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 9

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 9

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 8

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 7

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 6

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 5

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 4

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 3

CHAPA on Derana tv, Aluth Parlimenthuwa Jan 20, 2016, Part 2

Thursday, January 14, 2016

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 8

Aluth Parlimenthuwa 13012016 Part 7 YouTube

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 6

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 5

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 4

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 3

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 2

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Jan 13, 2016, P 2

CHAPA on Derana tv, Aluth Parlimenthuwa, Janu 13, 2016, P 1

Saturday, January 9, 2016

ව්‍යවස්ථාමය අර්බුදය මොකක්ද?

රටේ ව්‍යවස්ථාව වෙනස්කරන එක ආණ්ඩුවේ දැන් ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා!
මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන්න ඕන කියලයි යෝජනා කෙරෙන්නේ. අගමැති රනිල් සුපුරුදු විදියට අනෙක් අය හාස්‍යයයෙන් යටපත් කරමින් ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට අද ගෙනාවා. ජනාධිපති මෛත්‍රී කියන්නෙ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන බිල්ලෝ මවන්න එපා කියලයි. මේ ආරම්භය අපට පෙන්නා දෙන්නෙ ඔවුන් කෙසේ හෝ ව්‍යවස්ථාව වෙනස් කරන එක කරන්න සුදානම් බවයි. ඇමති රාජිත කියන හැටියට කවුරු මොනවා කිව්වත් ඒ වැඩේ කරන එක කරනවමලු!
ව්‍යවස්ථාව කියන්නෙ වෙනස් කරන්න බැරි ගලේ කෙටු ලියවිල්ලක් නෙවෙයි තමයි. ව්‍යවස්ථාව කියන්නෙ රාජ්‍ය ව්‍යුහය සහතික කරන මූලික නීතී පදනම. එය වෙනස් කරන්නෙ රාජ්‍ය පාලනය ව්‍යුහාත්මකව වෙනස් කරන්න ඕන නිසා. මේ උවමනාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ UN ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරයට. LTTE ය ක්‍රියාත්මක යුද සමය තුළත් එය යුදමය වශයෙන් පරාජය වූ පසුවත් එය දඩමීමා කර ගත් එකී ඊනියා ජාත්‍යන්තරය සහ එහි NGO නියෝජනය රටේ රාජ්‍ය පාලනය දුර්වලකොට තම භාරයට ගැනිමට උත්සාහ කරනව. එය දිගුකාලීන ක්‍රමන්ත්‍රණක්. චන්ද්‍රිකා ප්‍රමුඛ සුක්ෂම කල්ලියක්, මෛත්‍රී රනිල් පසුපසින් ඉතා සංවිධානාත්මකව දැන් ඒ සදහා වැඩ කරගෙන යනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සහා මැතිවරණ ක්‍රමය වෙනස් කිසිම උඩින් පෙනුනට මේ යට තියෙන්නෙ උතුරු නැගෙනහිර මුල් කරගත්ත බලය බෙදා හැරිමේ පෙfඩරල් වැඩ පිළිවෙල, UN ප්‍රධානීන් ඇතුළු විවිධ ඒජන්තවරු මේ ක්‍රියාවලියට උපරිම සහාය ලබා දෙනව. ඒකාබද්ධ විපක්ෂය මේ තත්වයට මුහුණ දෙන්න දැනුවත් නැහැ. ශක්තිමත් නැහැ. ඔවුන්ගෙ විරෝධය ප්‍රථමිකයි. ඔවුන්ට තිබෙන වෙන වෙන ප්‍රශ්න නිසා රට මේ උගුලෙන් ගලවා ගන්න එක දේශපාලන අරමුණකට එන්නත් බැහැ.
ප්‍රශ්නය සරලයි - පැහැදිලීයි!
සිංහල, දෙමළ, මුස්ලිම් අපට එකට ජිවත් වෙන්න බැරි, රටේ ආර්ථිකය ගොඩ නගන්න බැරි, ව්‍යවස්ථාමය අර්බුදය මොකක්ද ?
ඒත් දැන් අපට කරන්න පුලුවන් මොකක්ද??
CHAPA