Saturday, September 14, 2019

රට ගැන තමයි ඉතිං, නේද?

''ඔබ තුමා මේ ළඟදි අපේ ෂොප් එක පැත්තෙ ආවද?''
තරුණයෙක් මං ළඟටම ඇවිත් හෙමින් ඇහුවා.  
කොළඹින් ටිකක් ඈත කුඩා නගරයක රැස්වීම් ශාලාවක කෙළවරේ මං මේ ඉන්නෙ. සංවාදය පටන් ගන්න තව ටික වෙලාවක් තියෙනවා.
''ම්ම්ම්...ඒ කිව්වෙ?''
මං පුදුම වුණා.
''ආ...නෑ, නෑ...මට මතකයි...ටවුමෙ ඉස්කෝලෙ මොකක් හරි වැඩ සටහනකට ආව නේද?''
ඒ පාර නං හිතට සතුටුයි.
''මොකද්ද ඉස්කෝලෙ නම?''
මං උනන්දුවෙන් ඇහුවා.
''නෑ! නෑ! මෙතුමා ටීවී එකේ ඉන්නවා...එහෙම දැකල වෙන්න ඕන ඔය මතක...''
ඔහු පසුපස හිටගෙන හිටපු හීන්දෑරි තරුණයා ඔහුගෙ කණට කරල කියනවා මටත් යාන්තමට වගෙ ඇහුණා.
''හරි! මට දැන්නෙ මතක් වුණේ....! අර විනාඩියකට කොච්චරද ප්‍රමාණයක් වචන කතා කරන....! හරි...හරි...මට ඒක මතකයි...ඒකනෙ!''
''ඒ මොකද්ද ඒ?''
මං කුතුහලයෙන් ඇහුවා.
''නෑ, නෑ...මේ අර දේශපාලන වැඩ සටහන් මෙහෙයවන නිවේදක මහත්තයෙක්...''
ඒ අර හීන් දෑරි තරුණයා.
''මං කරන්නෙ නිවේදන කටයුතුම නෙවෙයි...මං...''
''ඇත්ත, ඇත්ත...මට මතකයි මට මතකයි...මට ටිකක් පටළැවුණා...මාත් කරන්නෙ නිවේදන කටයුතු...''
මුල් තරුණයා මගෙ කතාව මැද්දෙන් ආවා.
''අහ්! එහෙමද? හොඳයි...හොඳයි...''
මං ඔහුගෙ පිට ට තට්ටුවකුත් දැම්මා.
''මං ආසම පේෂල ට...එයා ඉන්න වැඩ සටහන් මං මාර ආසාවෙන් බලනවා...එක දවසක් ඔන්න ඒ එක්කෙනෙක්ගෙ කමිසෙ බොත්තං මාරු වෙලා...මං අපේ දුවට කිව්වා, ඔන්න බලන්න පේෂල දැන් කරන වැඩේ කියල...එතකොටම...''
''මේ අපේ ඉස්කෝලෙ විදුහල් පති තුමා...''
එතකොටම තරබාරු මැදි වයසෙ කෙනෙක් ඇවිත් මට තවත් තරබාරු මැදි වයසෙ කෙනෙක් හඳුන්වා දුන්නා, අර මුල් තරුණයා සහ ඔහු පිටුපස සිටි හීන් දෑරි තරුණයා, ඒ නිසා පැත්තකට තල්ලු වෙලා සෙනඟ අස්සෙ නොපෙනී ගියා.
''අපේ ඉස්කෝලෙත් වැඩ සටහනක් කර ගන්න ඕන...මං බැලුවෙ...''
විදුහල්පතිවරයා කතාව පටන් ගත්තා.
''ඔව්! අපි අනිවාර්‍යයෙන්ම කරමු!...පහළොවේ දහ අටේ වගෙ ළමයින්ට තමයි...''
මං කියන්න පටන් ගත්තා.
''...මං බැලුවෙ කණ්ඩායම් දෙකකට ගන්න...'' 
ඒ පාර ඔන්න ඔහු උඩින් ආවා.
''ඒත් කමක් නැහැ...හැබැයි ගුරුවරුත් ඕන...''
මං කිව්වා.
''ගුරුවරු?''
ඔහු විමතිය පළ කෙරුවා.
'' ඒ කියන්නෙ ගුරුවරුන්ටත් වෙනම තරඟයක් තියෙනවද? ම්ම්ම්...එහෙම නං අපිටත් සිංදු කියන්න පුළුවං...නේද.....හි හි...''
ඔහුගෙ සිනහව අස්සෙ මගෙ ඔළුව විකාර වෙලා ගියා.
''ඒ කියන්නෙ?''
මං කාගෙන් ආහුවද මන්දා!
'' ඒ කියන්නෙ...ඔබ තුමා දෙරණෙ නෙවෙයිද? මේ...''
ඔහු එහෙම කියන ගමන් අර ඔහු කැටුව ආ තරබාරු සගයගෙ මූණට එබුණා.
''ඔබ තුමා දෙරණෙ නිසා...මං කිව්වා අපේ ළමයින්ටත් සිංදු කියන්න මොකක් හරි අවස්ථාවක් ගන්න....''
ඒ ඔහුගෙ අනෙකා.
''අහ්! මං ඒ වැඩසටහන් වලට නං සම්බන්ධ නෑ...''
මගෙ කට හඬ ටිකක් හොඳ මදි.
''එතකොට අද මේ කරන සංවාදය මොකක් ගැනද...? මං හදිසි වැඩ වගයකුත් දාලයි ආවෙ...මේ...''
''රට ගැන තමයි ඉතිං නේද?''
දෙවැන්නාම උත්තර බැන්ඳා. මං බිම බලා ගත්තා!
CHAPA, Sept 15, 2019







Friday, September 13, 2019

අද මං මෙහෙ ආවෙ නෑ!

මේ කොළඹ කොටුව!
''ම්ම්ම්ම්....බලමු යාළුවා ඉන්නවද කියලා...''
මං ටෙලිකොම් එක පැත්තට හැරුණා. අවුරුදු හය හතකට කළින් නං මං නිතර යන එන හුරු පුරුදු තැන් මේවා. 'නිදහස්' අතීතය! මගෙ හිත ඔන්න ඇවිස්සෙන්න ගත්තා. මෙහෙමයි,
යාළුවා කිව්වට අපි අතර පුද්ගලික මට්ටමේ යාළු කමක් තිබුණෙත් නැහැ. ඔහු, ඒ දවස්වල, ඒ කියන්නෙ 'නිදහස්' පටන් ගත්තු 2001 දි තමයි මුලින් ම මුණ ගැහුණෙ, අහ්! ඊටත් කලින් 2000 දි වගෙ, රාවය ට වැඩ කරද්දි.
ඔහු ටෙලිකොම් ආයතනයෙ ඉහළම පුටුවක හිටපු, ඒත් බැලූ බැල්මට එහෙම පෙනුමක් නොතිබුණු කෙනෙක්. ඔහු නිතර කියන්නෙත් මට මවාගෙන ජීවත් වෙන්න ඕන නැහැ කියල. නොදන්න ඕන කෙනෙක් ඔහු පෙන්නලා, මේ අහවල් ආයතනයෙ අහවලා කිව්වහම බොරු කියල තමයි හිතන්නෙ. වතාවක් කෙනෙක් ඇහුවා ඔය මිනිහට කොහෙන්ද බං ඔච්චර වටිනා වාහනයක් කියල. මං ඊට පස්සෙ යාළුවාගෙ වත ගොත කිව්වහම තමයි, පුදුමයෙන් වුණත් ඔහු කතාව තේරුම් ගත්තෙ. 
ඒ මදිවට ඔහු ඒ ආයතනයෙ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්. යම් යම් ක්‍රීඩා කටයුතු වලටත් සම්බන්ධයි, කොටින්ම ගැවසුණේ ටෙලිකොම් සාමාන්‍ය සේවකයෙක් වගෙ. ඒ නිසා තමයි ඔහු රාවය සහ නිදහස් ක්‍රියාකාරකම් එක්ක එක එක සටන් බිම්වලදි අපට මුණ ගැහුනෙ. 
ඔහු, මගෙ ''ඊ ළඟට...'' කියන මුල්ම පොත කොළඹ මහජන පුස්තකාලයෙදි සමාජ ගත කරපු සංවාදයටත් ආවා, එදා ඔහු අදහස් ප්‍රකාශ කරනවා දැකපු වෙන කෙනෙක් මගෙ කණට කරල ඇහුවා, ඔහු ජූලි වර්ජකයෙක්ද කියලත්. මං ඒ ගැන යාළුවට කිව්වහම, එහෙම හිතෙන එක හොඳයි කියල ඔහු සෙල්ලක්කාර හිනාවක් දැම්මා මතකයි. ඔහු කොහොමත් ඒ දවස්වල, මං නිතර වැඩ වලට කතා කරන ලැයිස්තුවෙ උඩම හිටියා.
''මෙහෙමයි චාපා...අපිට හැම වෙලාවෙම ලෝකය වෙනස් කරන්න බැහැ...සමහර තැන් වලදි අපට ඒ ඒ තත්ත්වයන්ට අනුගත් වෙන්න සිද්ධ වෙනවා...''
ඒ දවසක්, ඔහු.
''එහෙම කියන්න බැහැ! පොදු සමාජයට හානි කරන තත්ත්වයන් අනිවාර්‍යයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්න ඕන...ඒවාට අනුගත වෙනවා කියන්නෙ ඒ හානි වර්ධනය කරනවා කියන එක...''
ඒ එදා මම.
''මෙහෙමයි, දැන් බලන්න...! අපි එරෙහිව සටන් කරන, ඔය දූෂණ වංචා...අක්‍රමිකතා කියන දේවල් අපට සම්පුර්ණයෙන්ම නවත්තන්න බැහැ...''
''ඒ වුණාට අපි හිට ගන්න ඕන පුළුවං කියන තැන...එතකොට තමයි ලෝකය වෙනස් වෙන්නෙ...අපි හිතන්න ඕන ඒවා වෙනස් කරන්න ඕන සහ පුළුවං කියල...බලන්න මේ පොදු දේපොළ අවභාවිතය නිසා පොදු ජනතාව කොච්චර දුක් විඳිනවද?''
අපි එහෙම අදහස් හුවමාරු කර ගත්තා.
''අල්ලස් කිව්වට...යම් යම් වැඩ වලදි කමිෂන් දෙන එක සහ ගන්න එක අල්ලස් දීමක් හෝ ගැනිල්ලක් ද කියන ප්‍රශ්නය තියෙනවා...''
ඔහු තවත් කතාවකට දවසක් මුල පිරුවා.
''කමිෂන් කියන්නෙ, දූෂණ වංචා සහ අක්‍රමිකතා සඳහා හදපු නීතිමය හිඩැසක්...ධනවාදය එහෙමයි! එතකොට රාජ්‍යයක් හැටියට සහ ආයතන හැටියට ඒ කමිෂන් ප්‍රතික්ෂේප කරලා අදාළ මිල ගණන් අඩු කරගන්න උත්සහ කර ගන්න ඕන...පොදු යහපත වෙනුවෙන්...''
මං යෝජනා කෙරුවා.
''මෙහෙමනෙ...ලෝකය පුරාම කමිෂන් වැඩේ කෙරෙනවා....ඒක හොර කමක් හැටියට කවුරුවත් ගන්නෙ නෑ....ඒවා පිළිගත් ගනු දෙනු!''
ඔහු තම අදහස දිගටම තහවුරු කරන්න උත්සහ කරනවා.
''මං නං ඒක පිළි ගන්නෙ නැහැ...ධනවාදයෙ ආරාවුලත් ඕකම තමයි...''
යාළුවාගෙයි මගෙයි අතීත සංවාදය තුළ මං තවම නැවතිලා. ඉස්සර මං ආවහම යාළුවා මාව පිළි ගන්න උණුසුම් විදිහ, සංග්‍රහ! අද නං මිනිහා පුදුම වෙයි, අවුරුදු කීයකට පස්සෙද? දන්වන්නෙත් නැතුවනෙ ආවෙ. 
මගෙ මුහුණෙ සිහින් සිනහ රැල්ලකුත් ඇඳිල කියල මට ඒ ඉස්සරහ ලොකු වීදුරුවෙන් පේන්න ගත්තා.
''ඒ මහත්තයා නං දැන් මෙහෙ නෑ!''
ඒ නං අතීත හඬක් නෙවෙයි, මේ දැන් ටෙලිකොම් ප්‍රධාන ගේට්ටුවෙ මැදි වියේ ආරක්ෂකයෙකුගෙ හඬ.
''ඒ කියන්නෙ?''
මං පුදුමයෙන් වගෙ ඇහුවා.
''ම්ම්ම්ම්...මහත්තයා ඇත්තට දන්නැද්ද?''
ආරක්ෂක නිලධාරියා මගේ හිස සිට දෙපතුළ දක්වා තියුණු බැල්මක් හෙළමින්ම ඇහුවා.
''මොකද්ද?''
''එයා මාර හොරකමකට අහු වෙලා ඉන්ටඩික් කෙරුවනෙ...තාම පරීක්ෂණ කෙරෙනවා මයෙ හිතේ...''
''මොකක්?''
මාව එක පාරටම හිස් වුණා.
''දන්නැද්ද ඔය ලොකු ලොකු මිනිස්සුන්ගෙ වැඩ...මුං ඔක්කොම හොරු මහත්තයා...''
මං ආපහු එන අතරෙ ඒ වචන මගෙ පස්සෙන් ගාට ගාට එනවා ඇහුණා.
''නෑ, නෑ, අද මං මෙහෙ ආවෙ නැහැ, ඉස්සර ආපු ගමන් තමයි, ඒ ගමන් කොච්චර සුන්දරද? බලාපොරොත්තු සහගතද?'' 
CHAPA, Sept 14, 2019


 

Sunday, September 8, 2019

ප්‍රතිචාර දිගටම...!

'' ඔබ තුමා කඩේ යන්නෙ ගෝඨාට නේද?''
මැසෙන්ජර් පණිවිඩයක්.
''ඒ ඔබේ ඔළුව පුංචි නිසා බ්‍රෝ! මට ඔය කවුරු ජනාධිපති වුණත් එකයි, තේරුනැයි?"
මං අකුරු ගැළපුවා.
''මං නං සජිත් ට..''
''ඒ ඔබේ කැමැත්ත...මං කරන්නෙ ජනතාව දැනුමෙන් බල ගන්වන එක...ඒක දිගු කාලීන වැඩක්...මං කරන වැඩ සටහන් එහෙම ඉඳ හිටවත් බැලෙනවද?''
''ඔබ තුමා හිතන විදිහට රනිල්, සජිත්ට ඉල්ලන්න දෙයිද?''
''ඔය ඕන දෙයක් වෙන්න පුළුවං...මං අන්තිමට කෙරුවෙ ජනාධිපති මෛත්‍රීපාල කියන බොරු ගැන...ඊ ළඟ විධායක ජනාධිපතිට බලය නැහැ කියන බොරුව ගැන...''
''අපේ සජිත්ට නං ඔය විධායක ජනාධිපතිකං තිබුණත් එකයි නැතත් එකයි...එතුමාට බලය ඕන නැහැ...ජනතා සේවය විතරයි ඕන...දැන් බලන්න...''
මං මැසේජ් කිරිල්ල නැවැත්තුවා. කම්මැලියි!
''මොකද මේ දවස්වල වැඩිය සද්දයක් බද්දයක් නැත්තෙ...මොකක් හරි අවුලක් ද?"
කෙනෙක් ඒ පාර දුරකථනයෙන් ඇවිත්!
" ඇයි අනේ, මේ සෝෂල් මීඩියා හරහා...මං එක දිගට එක එක වැඩ සටහන් කර කර යම් යම් දේවල් කියමින් ඉන්නවානෙ...ඔබ ඒවා බලන්නෙ නැද්ද?"
" කෝ ඉතිං ඕවට වෙලාවක්? මේ දැනුත් වැඩ කරන ගමන් කතා කෙරුවෙ...''
ඔහු මහන්සි අරින ගමන් වගෙ කිව්වා.
''ඉස්සර නං ටීවී එකේ දකිනවානෙ...ඒකයි මං එහෙම ඇහුවෙ?''
ඔහු ආයෙත්.
''ගිය සතියෙ දෙරණ අළුත් පාර්ලිමේන්තුව බැලුවෙ නැද්ද?''
ඒ මං.
''අනේ මං දැන් ටීවී බලන එක අතෑරලා...එපාම වෙලා...ඉතිං දැන් රටේ මොකද්ද වෙන්නෙ? අපි කාටද ඡන්දෙ දෙන්නෙ?''
මං සද්ද නැතුව හිටියා.
''මං බැලුවෙ ඕන එකක් වෙන්න කියල නාගානන්ද මහත්තයට ඡන්දෙ දෙන්න...ඔබ තුමා මොකද කියන්නෙ?''
මං මොනවා කියනද? ඒත් මං එහෙම කිව්වෙ නැහැ.
''හොඳ විදිහක් කරන්න...''
එහෙමයි කිව්වෙ.
''එහෙම නෙවෙයි...ඒ ගැන ඔබ තුමාගෙ මොකක් හරි විවේචනයක් තියෙනවා නං අපට කියන්න...නිකං ෂේප් වෙන්න එපා...''
''නෑ! නෑ! මට කිසිම විවේචනයක් නෑ!''
මං හෙමින් කිව්වා.
''මේ ව්‍යවස්ථාව එක්ක රට හදන්න බෑ! අපි ඒක වෙනස් කරන්න ඕන...නාගානන්ද මහත්තයා එක්ක සෙල්ලං බෑ පුතෝ! අපි එතුමා බලයට ගෙනල්ලා මේ රට හදනවාමයි...''
මං කෝල් එක කට් කෙරුවා.
''ආ! කොහොමද සහෝදරයා!''
ඒ වෙන කෙනෙක්, වට්සඇප් කෝලර් කෙනෙක්.
''ඉන්නවා ඉතිං...කවුද මේ?''
''මං අර එක දවසක් කතා කෙරුවෙ...( නම ) මතකද? දැන් අවුරුදු දෙකකට කලින් වගෙ...අර අපි ඉන්දික තොටවත්ත ගැන කතා කෙරුවෙ...''
''මට එහෙම මතකයක් නං නැහැ...ඉතිං...''
මට ඇත්තටම එහෙම කෙනෙක් මතක නැහැ.
''මිනිහා කියනවානෙ මේ පාර ජනාධිපති...''
''අනේ මට ඔය එක එක බොරු අනාවැකි කාරයො ගැන කියන්න එපා!''
මං ඔහුට බාධා කෙරුවා.
''මං නං ඡන්දෙ දෙන්නෙ අනුර සහෝදරයාට...බලන්න දැන් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා කෝප් එකෙන් හොරු අල්ල ගන්නවා...අනුර සහෝදරයා ජනාධිපති වුණොත් ඒ හොරුන්ට දඬුවම් දෙන්න පුළුවං...නැද්ද මං අහන්නෙ?''
''අනේ මන්දා!''
''එහෙම කියන්න එපා සහෝදරයා! ඉන්දික තොටවත්ත සහෝදරයත් 2015 වැඩ කෙරුවෙ ජවිපෙ ට පක්ෂව...''
''ඉතිං දැන් මට මොකද්ද කරන්න කියන්නෙ?''
''නෑ ඉතිං මේ ගැන ඔබ තුමාගෙ අදහස කියන්න...ඔබ තුමා හැමෝටම බනිනවා. විතරයි...එදා වියන්ගොඩටයි...ජනරංජනටයි කතා කරන්න දුන්නෙත් නැහැ...අළුත් පාර්ලිමේන්තුවේදි....අනිද්දා පත්තරේට ආණ්ඩුවෙන් දැන්වීම් දෙන එකද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය සහෝදරයා? අර මොකද්ද කැලයක් ගිනි ගන්න කතාවකුත් ඇද ගත්තා! ඒවා අපේ රටේ ප්‍රශ්නද? නෑ!''
ඔහුගෙ හඬ එන්න එන්න වැඩි වෙනවා.
''මං ජවිපෙ ගැන කරපු වැඩ සටහන දැක්කද?''
''නෑ! ඒත් ඒවා වැඩක් නෑ සහෝදරයා...''
මං ඒ කෝල් එකත් කට් කෙරුවා. ආයෙ නං දුර කථන ඇමතුම් වලට උත්තර දෙන්නෙ නැහැ! අදට ඇති! මං තීරණයක් ගත්තා.
අහ්! ඔන්න එතකොටම ආයෙ ඇමතුමක්!
ඕන නෑ! ගන්නෙ නෑ! මං හිත තද කර ගත්තා. 
ඒත් ආයෙ වදිනවා, ආයෙ ආයෙ වදිනවා.ම්ම්ම්ම්....හරි! අන්තිම කෝල් එක, මං දුරකථනයට ඉඩ දුන්නා. 
''මං මේ කෝල් එක ගත්තෙ හුඟාක් හිතලා...''
ඒ, එෆ්බී කෝලර් කෙනෙක්.
''මං ලංකාවෙ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ගෞරව උපාධියක් ගත්තු කෙනෙක්...''
''ඉතිං?''
ඔහුගෙ හඬේ තිබුණු නොරිසුම් ගතිය නිසා මගෙ හඬත් එච්චර හොඳ නෑ!
''අර චම්පිකට විරුද්ධව දාපු පෝස්ට් එක!''
''ඉතිං?''
''ඔබ තුමා හැමෝටම එක එක ඒවා කියනවා...අපහාස කරනවා, මොකද්ද ඔය කැත වැඩේ? අපිටත් දේශපාලනය තේරෙනවා...හරිද? චම්පික ඈමති තුමා ලොකු වැඩක් කරලා ඒක ප්‍රචාරය කරන එක වැරදිද...පන්නරය කියන තේමාවම කොච්චර ලස්ස්නද...එහෙම ජාතික වැඩ පිළිවෙළකට ජනතා බදු මුදල් ගියහම මොකද? ඇයි හැම එකක්ම හරහට දකින්නෙ? මෙහෙමයි මිස්ටර් චාපා, මමත් මෝඩයෙක් නෙවෙයි...''
''මට දැන් මොකද්ද කරන්න කියන්නෙ?''
මං ඔහුට හරස් කැපුවා.
''ඔබ තුමාට කේන්ති යනවනෙ...එහෙම වෙන්න එපා! අර ස්වීස් ගෑනු හුට පටේ වෙලාවෙ මං ඔබ තුමාට කිසිම දෙයක් කිව්වද? නෑ! මං ඒ වීඩියෝ බලල නිකං හිටියා....අඩුම තරමෙ ලංකා ඊ නිව්ස් පෝස්ට් එක ශෙයාර් කෙරුවද...නෑ! එහෙම තියෙද්දි...''
''හරි! මට මොකද්ද කරන්න කියන්නෙ?''
''මතකද අර නිව්සීලන්ඩ් වල පල්ලියකට ඇටෑක් එකක් ආපු වෙලාවෙ...ඔයා දාපු පෝස්ට් එකකට කට්ටිය වට කරගෙන ගැහුවා...මං ඒ පාරත් සද්ද නැතුව හිටියා...මං කියන්නෙ...'' 
මං කියන්න කලින් මං ම ඒ කෝල් එකත් කට් කෙරුවා!
''හෙලෝඕඕඕඕඕ.....!'' අහ්! නෑ, නෑ, ඒ මගේ හිතේ දෝංකාරයක්! වෙන කෝල් එකක් නෙවෙයි....
හාපෝඕඕඕඕඕ...අදට ඇති!
CHAPA, Sept 8, 2019




Thursday, August 29, 2019

මොකුත් නෑ!

''ආ!...කොහොමද ඉතිං?''
ඔහු වෙනදා නැති ලීලාවකින් මට කතා කරන්න ගත්තා.
යන එන ගමන් හදිසියකට යමක් මිලදී ගන්න, මං යන එන කඩයක් මේ. ආයෙ මොකෝ හංගන්නෙ, බත්තරමුල්ලෙ!
කතා නායකයා කඩේ මුදලාලි!
''ඉන්නවා ඉතිං...මට මේ...,''
වැස්සකුත් ළඟ ළඟ එන නිසා කඩේට ගොඩ වුණු කාරණය  කියන්න මං ඉක්මන් කරනකොට, ඔහු කවුන්ටරයෙන් නැගිටලා වෙනදා නැති උනන්දුවකින් මං ළඟට ආවා.
''මේ දවස්වල මං ඔබ තුමාව නිතර දකිනවා ෆේස් බුක් එකේ...හෙ හේ...''
ඔහු ඇත්තටම හෙ හේ කියල හිනා වුණේ නං නැහැ, මං ඒ මද සිනහව මගේ කර ගත්තු විදිහ, මට පුරුදු එහෙමනෙ.
''එහෙමද? මං හිතුවෙ නැහැ ඔයත් ෆේස් බුක් ඉන්නවා කියලා...''
ටික කාලයක් වුණත් වරින් වර එක දිගට ඔහු දකින නිසා, මං හිතුවෙ ඔහු පාඩුවේ කඩේ බලාගෙන ඉන්න සාම්ප්‍රදායිය වැඩිහිටියෙක් කියලා. ඔහු ගෙ කවුන්ටරය උඩ බණ පොත් එහෙමත් මං නිතර දකිනව.
''මං ඕවා ගැන දන්නෙ නෑ මහත්තයා, උනන්දුවකුත් නෑ...දන්නැද්ද අපේ මේ ළමයි තමයි ඉතිං...''
ඔහු කියාගෙන යනවා. සාමාන්‍යයෙන් ඔහු, මාත් එක්ක මෙහෙම කතා බහ කරන්නෙ නැහැ. නිහඬ කෙනෙක්. 
''එහෙමද?''
මට දැන්  ඇති වෙමින් තියෙන්නෙ එක විදිහක කුතුහලයක්!
''මං එක දිගට බැලුවා මහත්තයාගෙ විඩියෝ වගයක්...''
''එහෙමද?''
''මරු!''
''මෙහෙමයි ඒක වුණේ...ඔයා මේ කඩේට නිතර නිතර එනවා දැකපු අපේ මේ ළමයෙක් තමයි...මේ...පෙරේදා හැන්දෑවෙ..,මේ අරයා නේද? කියලා මට පෙන්නුවේ...මටත් පුදුම හිතුණා...''
''එහෙමද?''
කඩේ මං හැර දැන් වෙන කවුරුවත් නෑ, ආපු වැඩෙත් අමතකයි, මං දැන් මුදලාලිගෙ ශ්‍රාවකයෙක්.
''මෙහෙමයි...ඒ වැඩ සටහන් හොඳයි...කම්මැලි නැතුව එක දිගටම බලන්නත් පුළුවං...මං මේ කල්පනා කෙරුවෙ...අද කාලෙ තාක්ෂණය කොච්චර දියුණුද කියලා...ම්ම්ම්ම්''
ඔහුගෙ මූණෙ පොඩි හීනි හිනාවකුත් ඇඳිලා.
''මහත්තයා මෙහෙ...එතකොට එයා එහෙ...ම්ම්ම්....මහත්තයා මෙහෙ මොනවද ඉතිං කරන්නෙ?''
ඔහු කතාව මැද්දෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.
''මං මොනවද කරන්නෙ? නේද...''
ඒ මං! හිත ඇතුළෙන්. ඒත් ඒ අස්සෙන් මුදලාලි අර කියපු ''...එතකොට එයා එහෙ...'' කියපු කෑල්ල ඉස්සි ඉස්සි ඇහෙන්න ගත්තා.
එතකොටම හෙල්මට් එකත් ඔළුවෙ දාගෙනම තරබාරු පුද්ගලයෙක් කඩාගෙන බිඳගෙන ඇවිත් බඩු වගයක් ඉල්ලන්න පටන් ගත්ත නිසා, මුදලාලි මට ආයාචනාත්මක බැල්මක් දාලා වෙලාව ඉල්ල ගත්තා. 
ඔන්න ඊට පස්සෙ...
''මෙහෙමනෙ මහත්තයා...ඒ විඩියෝවල මහත්තයා ඉතාම ලයාන්විත විදිහට තමයි ඒ කාන්තාවට ආමන්ත්‍රණය කරන්නෙ...මං කිව්වෙ අපේ හිත්වල...''
''අහ්!''මට කියවුණා. 
මුදලාලිගෙ මූණට දැන් පොඩි මනමාල පෙනුමකුත් ඇවිත්.
ඔහුගෙ ළමයි ඇවිත් ඔහුට පෙන්නුවා කියන විඩියෝ මොනවද කියල, ඔන්න මට දැන් තමයි තේරුම් යන්න ගත්තෙ.
''ඔයා ඒ විඩියෝ ටිකද දැක්කෙ එතකොට?''
මං විමසිල්ලෙන් ඔහුගෙ මූණට එබුණා.
''ඇයි මහත්තයා...වෙන මොනවා හරි වැඩ සටහන් එහෙම ඒකෙ තියෙනවද...?''
''නෑ, නෑ, ඒවා විතරයි,,,මං මේ නිකමට කිව්වෙ?''
''ඒකනෙ මං බැලුවෙ, නැත්තං ඒ ළමයි මට ඒවා පෙන්නනවනෙ...මහත්තයා මොනවද කරන්නෙ එතකොට...''
''මොකුත් නෑ!''
එතකොටම එළියෙන් ඇතුළට පැනගෙන ආපු මිනිස් හඬවල් කීපය නිසා, ඔහු විපරමෙන් ඒ පැත්ත බැලුවා, මගේ ඒ උත්තරයත් ඒ හඬවල් අතරෙ එහෙ මෙහෙ වුණා.
''මහත්තයා එක්ක මෙච්චර කතා කරනවා...මං මහත්තයාගෙ නමවත් දන්නෙ  නැහැනෙ...මහත්තයා එතකොට මොනවද කරනවා කිව්වෙ...මේ...අනේ මහත්තයා ඉන්න ටිකක්..''
ගැහැනු පිරිමි කීප දෙනෙක් අර කලින් හඬවල් පිටිපස්සෙන්ම  එක වර කඩේට ගොඩ වුණා, මුදලාලි  ඒ අස්සෙ පේන්නැතුව වගෙ ගියා. මං හෙමින් එළියට ආවා. ම්ම්ම්ම්....මං මොනවා ගන්නද කඩේට ආවෙ? 
මොකුත් නෑ!
ඈ! ඒ අර මුදලාලිට අන්තිමට දීපු උත්තරේනෙ. ම්ම්ම්ම්...කමක් නෑ, මේකටත් ඒක හරි!
මොකුත් නෑ!
CHAPA, Aug 30, 2019 





 
 



අවංක ගනු දෙනුවක්!

ඊයෙ මහ රෑ යාළුවෙක් එක්ක මං පාර අයිනෙ! ගමනක් ගිහිං එන ගමන්. වාහන ප්‍රශ්නයක් නිසා ඉක්මනට යා ගන්න විකල්ප ක්‍රමයක් ඕන. ඒ අස්සෙ පොද වැස්සක්!
''ඉන්න! මං ටක් ගාලා ටැක්සියක් හරි වීල් එකෙක් හරි ගෙන්නන්නං..'' යාළුවා ෆෝන් ස්ක්‍රීනය එහා මෙහා කරන ගමන් කිව්වා.
කිව්වත් වගෙ විනාඩි කීපයක් ඇතුළත ත්‍රී රෝද රථයක් අපි ඉස්සරහ. දැන් මං එනවා. පාර නිදහස් නිසා ගමනත් ඉක්මන්, සියල්ල හොඳින්.
'හරි!''
සන්සුන් වැදගත් ඉරියව්වකින් ත්‍රී රෝද රථය පදවාගෙන ආපු කඩවසම් තරුණයා පාර අයිනට වෙන්න ත්‍රී රෝද රථය නවත්වමින් හෙමින් කිව්වා.
''ඒ කියන්නෙ?''
''මෙතනට තමයි ලොකේෂන් දාලා තියෙන්නෙ...''
''අහ්! ඒ වුණාට මං තව ඉස්සරහට යන්න ඕන...අපි යං!''
මට හිනා, මං නෙ, මං යන්න ඕන ලොකේෂන් එක දන්නෙ.
''ලොකෙෂන් එක පෙන්නන්නෙ මෙතනනෙ...මේ!''
ඔහු තමා ඉදිරියෙන් රඳවා තිබෙන සමාට් ජංගම දුර කථන ස්ක්‍රීනයට එබීගෙන ඔළුවෙ ඉරියව් වෙනස් කරමින්, මටත් පෙන්නනවා. මේ ඇප් එකේ විදිහට තමයි ඉතිං අපි යන්නෙ! කියමින් ඔහු දැන් මං බහින කල් බලං ඉන්නවා.
''මේ...! ගාන 164/- යි....''
ඔහු ආයෙත් ඒ ජංගම දුර කථන ස්ක්‍රීනයට එබුණා.
''ඉතුරු දුරටත් මං ගෙවන්නං...අපි යං...''
''එහෙම බෑ! මං එහෙම ගියොත් ඒ ටිකට මට සල්ලි ගන්න බෑ! මේකෙ පෙන්නන ගාන තමයි...එතකොට මට පාඩුයි...ඒකයි!''
තරුණයා මගෙ මුණට අවංක බැල්මක් දාන ගමන් අහිංසක විදිහට කිව්වා.
''ඒක මාර වැඩක්නෙ...කෙනෙක් කොහොමද මේ විදිහට හදිසි ගමනක් යන්නෙ? අනෙක යන ගමන්...යන පැත්ත වෙනස් කරන්න ඕන වුණොත්? ඔයාල ඔය වැඩ කරන ඌබර් ද මොකද්ද කම්පැණියට කියන්නෙ නැද්ද....ඔය වගෙ ඇප් එකකින් දෙගොල්ලොම අපහසුතාවට පත් වෙනවා කියල?''
මං තවම බැස්සෙ නැහැ.
''ඒ වුණාට ඉතිං ඔය දුර ගියොත් මට මහත්තයාගෙන් සල්ලි නං ගන්න බෑ, එතකොට මට පාඩුයිනෙ...ඒකයි!''
දැන් ඒ හඬ ටිකක් සැර වේගන වගෙත් එනවා. කෝකටත් මං බහිනවා! තව පොඩි දුරනෙ. විනාඩි පහෙන් යන්න පුළුවං!
මං ඔන්න ඒකෙන් බැස්සා.
''මේ ඉතුරු සල්ලි!'' තරුණයා, මගෙ අතේ රුපියල් 6/- ක් තිබ්බා. 5/- කුයි රුපියලකුයි. මොකද මං දුන්නෙ 100/- ක්, 50/- ක්, 20/- ක්.
ගනු දෙනුව නං තිතට කෙරුණා.
අවංක ගනු දෙනුවක්!
පොද වැස්ස යට පය ඉක්මන් කරන ගමන් මං හිතුවා!
CHAPA, Aug 29, 2019

'චූඌඌඌඌ' ටි කතාවක්!

Image may contain: outdoor
මං යාළුවෙකුත් එක්ක මහරගම පැත්තෙන් බොරලැස්ගමුව පැත්තට යන්න පටන් අරං.
"මට චූඌඌඌටි අමාරුවක් තියෙනවා නිදහස් කර ගන්න.."
යාළුවා, වැහි වැටෙන එළිය දිහා රිය කවුළු වීදුරුවෙන් එබීගෙන කියනවා.
"ම්ම්ම්.. කොහේටද යන්නෙ?...නේද?"
ඔහු චූඌඌඌටි අමාරුවක්! කියල ඇඹරිච්ච විදිහට කාරණය තේරුම් ගත්තු මං දැන් වාහනය එළවන අතරෙ හෝටලයක් වගෙ තැනක් හොයනවා.
"කෝ...නෑනෙ අප්පා!"
යාළුවා කෙඳිරි ගානවා.
"ආආආ...මේ තියෙන්නෙ හෝටලයක්...!"
මං, මහරගම බොරලැස්ගමු පාරෙ හෝටලයක් ඉස්සරහ වාහනය අයින් කරන්න සිග්නල් දාන ගමං ඇස් වලිනුත් යාළුවාට පණිවිඩය දුන්නා.
"ෆුෂූඌඌඌඌඌ"
අහ්! පොලිසියෙන් මෙතන නවත්තන්න එපාලු! පොලිස් නලාවට අවනත වෙන අතරෙ මං හයියෙන් කිව්වා. ගහ අස්සෙ ඉන්නවා දැක්කෙත් නෑ! ඒ වචන නං මා තුළම, මටම.
"වෙන තැනක් බලමු!" වාහනය තව පාරට දාන අතරෙ මං කිව්වා. යාළුවා කතා නැහැ.
එහෙම කිව්වට එහෙම තැනක් හම්බ වුණේ නැහැ. ඊටත් වැස්ස.
"පාර අයිනෙ හරි මං කරනවා මේ වැස්ස නැත්තං...චිහ්!"
‍යාළුවාගෙ පුපුරු ගහන හඬ.
"අන්න! පෙරේරා ඇන්ඩ් සන්ස්....නවත්තන්න! නවත්තන්න!"
යාළුවා දැන් වාහනයෙන් පනින්න වගේ.
බොරලැස්ගමුව හනදිය දෙහිවල පැත්තට පහු කරනකොටම දකුණු පැත්තෙ තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් හෝටලය ඉස්සරහ වාහනය නවත්තන්න ඉඩ හොයා ගන්න මං දැන් ලොකු සටනක. "හරි! හරි!..මේ පැත්ත හරි...යං යං..."
යාළුවා මාව ධෛර්‍යමත් කරනවා. හදිසි කරවනවා.
"මේ වගෙ ටිකක් හරි පිළිවෙළකට තියෙන හෝටල් වල අගය කොච්චරද කියල හිතෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි. නේහ්?"
අමාරුවෙන් සක්ක ක්‍රමයට ගාල් කර ගත්තු වාහනයෙන් එළියට පනින ගමන් යාළුවා උනන්දුවෙන් කිව්වා.
"අපි ඉස්සර වෙලා මොනවා හරි ඕඩර් කරමු...නැත්තං අපි ඒකටම ආවා වගෙ..."
යාළුවා කොර ගහමින් කවුන්ටරයට ඇදුණා. අපි කන්න කේක් කෑලි දෙකකුත් තේ දෙකකුත් මිළ දී ගත්තා. ඊට පස්සෙ, මං මේසයකට ආවා. ඔහු වොෂ් රූම් එකට පැන පැන දිව්වා.
"මදෑ!"
මං තනියෙන් හිතුවා.
"නෑ! නෑ! වොෂ් රූම් එකක් නෑ!"
ඒ හඬ කවුන්ටරය පැත්තෙන්.
"මොකක්?"
ඒ මගෙ යාළුවා.
මාව ඉබේම නැගිට්ටවුණා ( එහෙම වචනයක් තියෙනවද මන්දා! )
යාළුවා මං දිහාවත් නොබලා ආපහු දොර පැත්‍තට. මාත් ඔහු පස්සෙන්. හදිසියකට චූඌඌඌඌඌටි අමාරුවක් ආවොත් යන්න තැනක් නැති පෙරේරා ඇන්ඩ් සන්ස් බොරලැස්ගමු ශාඛාව.
එච්චරයි!
ඊට පස්සෙ මහ වැස්සෙ තෙමි තෙමී යාළුවා මහ පාර අද්දර සෑහෙන වෙලාවක් හිටගෙන හිටියා. ඒ අතර මං මේ සටහන තිව්වා.
ම්ම්ම්ම්...එක්කො, ඇත්තම කියන්නද?! යාළුවෙක් මාත් එක්ක හිටියෙ නැහැ, මං විතරයි. මොකෝ හිනා වෙන්නෙ? ඈ?!
ඕන විදිහකට හිතා ගන්න!
CHAPA
Aug 23, 2019

Monday, August 19, 2019

බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 23 වැනි හමුදාපතිවරයා ලෙස පත් කිරීමත් එක්ක දෙමළ ජාතික සංධානය, ඇමරිකානු තානාපති කාර්‍යයාලය සහ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් එකවර කලබලයට පත්කිරීමට හේතු වෙලා. ඔවුන් වෙන වෙනම, එහෙත් එකම අදහසක් සංවිධානාත්මකව ඉදිරිපත් කරමින්, එකී පත්වීම හෙළා දැකීමටත් ඊට විරුද්ධවීමටත් පියවර අරගෙන. දෙමළ ජාතික සංධානය වෙනුවෙන් එකී විරෝධය දක්වන එම්.ඒ.සුමන්තිරන් ට අනුව ඒ පත් කිරීම දෙමළ ජනයාට කරන නිග්‍රහයක්. ඇමරිකානු තානාපති කාර්‍යයාලය, ඒ පත්වීම දිහා දැඩි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමසාරිස්වරියටත් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වෙලා. 

මොකද්ද මේ විකාරය? දෙමළ ජාතික සංධානය ඔච්චර දෙමළ ජාතියට ආදරය කරනවා නං ප්‍රභාකරන් කියන මස් වැද්දාට තම ජාතිය බිලි දීලා බලාගෙන හිටියෙ? ඒ දශක තුන තුළ සුමන්තිරන්ලා, සම්පන්තන්ලා මොනවද කෙරුවෙ? ඔවුන් එදා සිංහල සමාජය තුළ සුරක්ෂිතව හිඳිමින් සහ පෝෂණය වෙමින් මෙදා මෙහෙම නරුම ආකාරයෙන් හැසිරෙන්නෙ කොහොමද? 

ඒ වගේම, ඇමරිකානු තානාපති කාර්‍යයාලය ට මෙහෙම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බලය දුන්නෙ කවුද? ජනාධිපති, අගමැති, අමාත්‍යවරු ඇතුළු ආණ්ඩුව, රට මෙහෙම නිවට තැනකට දාන්නෙ ඇයි? 

එක්සත් ජාතීන්ගෙ සංවිධානය, ඇමරිකාව සහ තවත් බලවත් බව කියන රටවල ග්‍රහණයෙ නටන රූකඩයක් බව නොදන්නේ කවුද? අර ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ තවත් කුඩා කුඩා රටවල් ප්‍රසිධියේ  විනාශ කරමින්, ඔවුන් අපට මේ කියන්නේ කුමක්ද? 

අපි, රටක් සහ ජාතියක් ලෙස මේ සියල්ල ඉවසා දරාගෙන සිටිය යුත්තේ ඇයි? ඇත්තට අපි මොක්කුද?ඒ අතරෙම, ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම, යම් සංවිධානාත්මක දේශපාලන උපක්රමයක් වෙන්නත් පුළුවං. ඒ වගේම ශවේන්ද්‍ර සිල්වා කියන ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියාගෙ භුමිකාව ගැනත් අපි අවදියෙන් ඉන්න ඕන, අතීතය එක මොහොතෙන් වෙනස් වර්ථමානයක් වෙලා වෙනස්ම අනාගතයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ මොහොතේ නොවිය හැකි දේවල් අඩුයි! අපි පොදු ජනයා හැටියට සීරුවට බලාගෙන ඉම්මු!

CHAPA, Aug 20, 2019  


 


Friday, August 9, 2019

High Way නඩුවක්...

කලින් දවසක 'High Way කතාවක්!' කියල, මේ වෙබ් අඩවියේම තියපු සටහනේ දිගුවක් නොවුණත් ඒ - මේ එකම සංවාදයක්! 
ඊයෙ, ඒකියන්නෙ 2019 අගෝස්තු 9 වැනිදා උදේ 9 - 10 අතර කාලයෙ වෙලාවක මං අතුරගිරිය අධිවේගී මාර්ග පිවිසුමෙන් ඇතුළු වුණා කඩවත ට යන්න. කඩවත හරහා සීදූවේ රැස්වීමට ඉක්මනට යන්නයි මට ඕන වුණේ. දැනටත් පරක්කු වැඩියි...
 කඩවත් පිට වීමේ අන්තයට යනකොට තමයි මගෙ ඔළුවට ආවෙ, පිවිසුමේදි ප්‍රවේශපත්‍රයක් ගත්තෙ නැහැ නේද? කියල. ප්‍රවේශ පත්‍රයක් නැතුව කොහොමද මං ප්‍රවේශය ගත්තෙ? මං මගෙන් ම ඇහුවා!
'එහෙම එන්න බැහැනෙ...මොකද වුණේ?'
පිටවන ප්‍රවේශ පත්‍ර කුටියෙ නිලධාරියා ඒ ප්‍රශ්නයම වෙන විදිහකට ඇහුවා.
'මං ආවා! බැරියර් එක වැටිල තිබුණෙ නැහැ, ටිකට් එකක් ඔළුවට් ආවෙත් නැහැ, කවුන්ටරයෙ කෙනෙක් හිටියෙ නෑ වගෙයි මතකත්...ම්ම්ම්ම්...ඇත්තටම කිව්වොත් මට ඒක හරියට මතක නැහැ, වෙන කල්පනාවක එන්න ඇත්තෙ...'
'එහෙම නං....'
ඔහු කල්පනා කරන අතරෙ පොලිස් නිලධාරියෙකුත් එතනට ආවා.
'මේ මහත්තයා ටිකට් නැතුව ඇවිත්!'
'මට ටිකට් එකක් දුන්නෙ නැහැ....බැරියර් එකක් දාලත් නැහැ, මං ඔහේ එන්න ඇති...දැන් මොකද්ද කරන්න පුළුවං?'
අර නිලධාරියා පොලිස් නිලධාරියාට කියන අතරෙ මමත් මගෙ කතාව ඔහුට  කිව්වා. ඒ ගමන්ම හයි වේ නිලධාරියා දුරකථනයෙන් අතුරුගිරිය පිවිසුම් නිලධාරින් අමතනව ඇහුණා.
'ඔය අතුරුගිරියෙ එන්ට්‍රන්ස් එකේ නිතර ඔය ප්‍රශ්නය එනවා...එතන අවුළක් තියෙනවා, එක පැත්තක බැරියර් එකක් වැඩ කරන්නෙ නැහැ මයෙ හිතේ...'
පොලිස් නිලධාරියා ඉවසිලිවන්ත හඬකින් කිව්වා.
'මේ මහත්තයා අතුරුගිරියෙන් තමයි ඇතුළු වෙලා තියෙන්නෙ...මං චෙක් කෙරුවා...'
අර නිලධාරියා ඒ අතරෙ මගෙ ගමන ස්ථිර කර ගත්තා.
'එහෙම නං මගෙ ගාස්තුව අරගෙන මාව යවන්න පුළුවන් නේද?'
ප්‍රශ්නය මගෙන්.
'මේකයි සර් වැඩේ...අපේ චක්‍රලේඛයක් තියෙනවා...ඒකට අනුව ෆුල් පේමන්ට් එකම ගන්න වෙනවා...මාතර ඉඳල එනකොට ගන්න ගාස්තුවම, 650/- ක්...'
'ඒක අසාධාරණයි නේද? ඔයා චෙක් කරල දැන ගත්තනෙ මං ආවෙ අතුරුගිරියෙන් කියලත්...'
ඔහු සහ මං අදහස් හුවමාරු කර ගන්න අතරෙ පොලිස් නිලධාරියාත් සාවධානව අහගෙන ඉන්නවා.
'මෙතන මගෙ වැරැද්දක් තියෙනවා ටිකට් එක නොගත්ත එක...ඒත් එහෙම එන්න බැරි වෙන්න බැරියර් එක දාලා හෝ වෙන බාධාවක් ඇති කරල තිබුණෙත් නැහැනෙ...හිතන්න අද ඉස්සර වෙලාම මේ පාරෙ එන කෙනෙක් කොහොමද මේකට මූණ දෙන්නෙ කියල, මෙතන දෙපැත්තක් තියෙනවා...ඒ නිසා අදාළ ගාස්තුව විතරක් ගන්න...'
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
'එහෙම කරන්න බැහැ සර්! නීතිය ඒකයි...'
නිලධාරියාගෙ හඬ ස්ථිරයි.
'මං ගෙවන්නෙ මගෙ ගාස්තුව විතරයි!'
මගෙ හඬත් ස්ථාවර ගතියකට මාරු වුණා.
'එහෙම නං ඔයා පැමිණිල්ල දාන්න...ඒකනෙ කරන්න තියෙන්නෙ...'
ඔහු අර පොලිස් නිලධාරියාට කිව්වා. පොලිස් නිලධාරියා මගෙ රියදුරු බලපත්‍රය ඉල්ලගෙන එහි තොරතුරු ලියාගෙන වාහනයෙ ඡායරූපත් ගත්තා.
'මේ වගෙ ප්‍රශ්නයක් කතා කරන්න මෙතන කවුරු හරි උසස් නිලධාරියෙක් නැද්ද?'
මං එ අතර ඔවුන්ගෙන් ඇහුවා.
'ඕන නං සර් අපේ මූලස්ථානයට කතා කරන්න...'
හයි වේ නිලධාරියා අංකයක් දෙන ගමන් කිව්වා.
මං ඒ අංකයට කතා කෙරුවා. මගෙන් විස්තර අරගෙන ආයෙ කතා කරන්නං කිව්වා. එහෙමත් කතා කෙරුවා. විසඳුමක් නහැ. ඒත් සීදූවේ රැස්වීමට පරක්කු වෙන නිසා ඉක්මනට ගන යන්න ගියා.
හවස 3. 30 ට විතර ආපිට එන ගමන් මං ආයෙත් අර හයි වේ මූලස්ථාන අංකයට කතා කෙරුවා. ඇමතුම් දෙක තුනක් නාස්ති කරලත්, ඒත් සහනදායි විසඳුමක් නැහැ. මං කෝකටත් කියල කඩවත් පිවිසුමට ඇවිත් ඒ ගැන ව්පරම් කරන්න හිතුවා. ඒ අනුව අන්තිමට කඩවත පිවිසුම අසළ තියෙන කාර්‍යයාලයකට මාව යොමු කෙරුණා. 
'ෆුල් පේමන්ට් එක ගෙවනවා නං අපිට පුළුවං පැමිණිල්ල ඉවත් කරන්න...නැත්තං ටිකක් කරදර වෙනවා...අපිත් ඉතිං නීතියනෙ ක්‍රියාත්මක කරන්නෙ සර්...'
එතන හිටපු කාරුණික නිලධාරියෙක් සුහද විදිහට කිව්වා. එහෙම නං ඉතිං ගෙවන්නං, ඒත් මේක සාධරණ නැහැ කියලයි මට හිතෙන්නෙ...'
කාලය  එක්ක සටනක යෙදෙන අතර තුර, තවත් කරදර එපා කියල හිත කියන නිසා මං 650/- අසාධාරණ (?) ගාස්තුව ගෙවල දාන ගමන් ඒ නිලධාරියාට කිව්වා.
ඊට පස්සෙ මාව යොමු කෙරුණෙ ඒ අසළ පොලිස් ඒකකයට. 
'ඔබ තුමා ඒ ගාස්තුව ගෙවන්න තීරණය කරපු එක හොඳයි...නැත්තං මාර කරදරයක් වෙන්නෙ...මේ, අපි නඩු දාන්න ලෑස්ති කරල තියෙන්නෙ...'
පොලිස් නිලධරියෙක්, ලොකු පොතක් පෙරළා  පෙන්වමින් සැනසිලිදායක හඬකින් කියන්න ගත්තා. මගෙ නමින් පටන් ගත්ත පිටු දෙකකට කිට්ටු දීර්ඝ පැමිණිල්ලක් එහි ලියා තිබුණා.
'දැන් ඉතිං මේක අයින් කරන්න පුළුවං...'
'ඔය නීති අපිට විතරයි...දේශපාලකයන්ට මොන නීතියක්වත් නෑ මහත්තයා...'
එතන හිටපු තවත් පොලිස් නිලධාරියෙක් මාත් එක්ක කතාවක් පටන් ගන්න වගෙ කිව්වා. මට කතා කරන්න කම්මලියි වගෙ. ඔහු පෑන අතට ගන්න අතරෙ මං එන්න ආවා. 
'මට එරෙහි පැමිණිල්ල දැන් එහෙනං අයින් කරයි!'
එන ගමන් මට හිතුණා!
CHAPA, Aug 9, 2019









 

Tuesday, August 6, 2019

හපොයි!

'තමුන් මේ රටේ අගමැති?'
අගමැති රනිල් තම දිවුරුම දීලා ඉඳගන්නකොටම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පැත්තෙන් සෘජු ප්‍රශ්නයක්.
'ඔව්!'
අගමැතිවරයා තැති ගැන්වීමකින් වගෙ උත්තර දුන්නා. ප්‍රශ්නය අහපු ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා එක එල්ලෙම බලාගෙන ඉන්නෙ අගැමැතිවරයගෙ ඇස් දෙක දිහා.
'අගමැතිවරයා හැටියට තමුන් දැනගෙන හිටියද අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන?'
ප්‍රශ්නය නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරිගෙන්.
'නැහැ, මං දැනගෙන හිටියෙ නැහැ, සත්තයි!'
අගමැතිවරයගෙ බිඳුණු හඬ.
'තමුන්ගෙ ආරක්ෂක අංශය?'
ඒ පාම නලින්ද ජයතිස්සගෙ තේජාන්විත හඬ.
'ඒ ගැන නං...මට.... මොකුත් කියන්න බැහැ...ඕනි නං...මට අහල බලන්න පුළුවනි...'
අගමැති දෑස් යොමු වෙලා තිබුණෙ සීලිම දෙසට. මුළු පාර්ලිමේන්තු කාරක සභාවවෙම ඇස් ඔහුගෙ මුහුණෙ.
'මොකක්?'
ඒ පාම ආෂු මාරසිංහගෙ කෝපාන්විත හඬ. අගමැතිවරයා ගැස්සිලා වගෙ බිම බලා ගත්තා.
'මහනුවර දිගන සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම් හට ගන්න අවස්ථාවෙ ඔබ යටතෙ තමයි පොලිසිය තිබුණෙ...මං හරිද?'
ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙ තද කට හඬ බිල්ඩිම තුළ දෝංකාර දෙන්න ගත්තා.
'ඒ සිද්ධීන් එක්ක...මේ සිද්ධීන්...සම්බන්ධයි කියල...මට නං තවම කවුරුවත්...'
අගමැතිවරයා පහත් හඬින් කියන්න පටන් ගන්නකොටම...
'හරි! අපි ඒ අතීතය පැත්තකින් තියමුකො...පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිදුවීම් අතර, මුස්ලිම් ඇමතිවරු තම තනතුරුවලින් ඉවත්වීම....'
නලින්ද ජයතිස්සට කතාව ඉවර කරන්න හම්බ වුණේ නැහැ...
'ආ! ඒ සියළු දෙනා ආපහු ඇමති ධූර බාර ගත්තා...දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ...රතන ස්වාමීන් වහන්සේත් ප්‍රශ්නයක් නැතුව හොඳට වැඩ කරගෙන යනවා...ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ...මේක...'
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්! අහපු දේට විතරක් උත්තර දෙන්න!'
අගමැතිවරයා කඩ කඩා වගෙ වුණත් එක දිගට කියාගෙන ගියා. ඒත් සභාපතිවරයා එක පාරටම මැද්දට පැන්නා.
'අපිට එහෙම කරන්න උපදෙස් දුන්නෙ ඔබ තුමා! පිළි ගන්නවද?'
හකීම්, තම දකුණු පුටු ඇන්ඳ දකුණු අතින් මිරිකා ගනිමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා.
'ම්ම්ම්ම්...උපදෙස් දුන්න කියන එක මෙතන කියන්න උවමනා නෑ, එහෙම නං...මටත් කියන්න පුළුවනි...මටත් වෙන කාගෙන් හරි උපදෙස් අ...අ...අ...ලැබෙනවා කියල...ඒකයි මං හැම වෙලේම කියන්නෙ...මේක...' 
'මේක සෙල්ලමකට ගන්න එපා, තේරුණාද?'
ඒ ආෂු මාරසිංහගෙ හීනි, එහෙත් සැර හඬ. ආෂුගෙ දකුණු දබරැඟිල්ල අගමැති මූහුණට හරි කෙළින්.
'ඔබ මේ මුස්ලිම් නායකයන් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නවා, විදේශ බලවේග වල උවමනාවන් ඉෂ්ට කරල දෙන්න කියල මං ඔබට යෝජනා කරනවා!'
ෆීල්ඩ් මාර්ෂල්ගෙ උච්ච ස්වරය!
අගමැති රනිල් නිහඬව වට පිට බලන්න ගත්තා.
'කෙටියෙන් උත්තරයක් දෙන්න, ඔබ අගමැතිවරයා හැටියට මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණාට පස්සෙ ඉල්ලා අස් වෙන්න තීරණය කෙරුවෙ නැත්තෙ ඇයි, ඈ!?'
නලින්ද ජයතිස්සගෙ තිර හඬ. අගමැතිවරයා එක වරම බිම බලාගත්තා.
'මේ ප්‍රහාරය ISIS එක්ක සම්බන්ධද?'
ජයම්පති වික්‍රමරත්න මැද්දෙන් ඇහුවා.
අගමැතිවරයා ඇහුනෙ නැහැ වගෙ ලිපි ගොනුවක් අදින්න පටන් ගත්තා.
'පිට රටවල ත්‍රස්ත ක්‍රියාවල යෙදුණු ත්‍රස්තවාදීන් මේ රටේදි අත් අඩංගුවට ගන්න මොකක් හරි නීතිමය බාධවක් තියෙනවද?'
ජයම්පති දෙවැනි ප්‍රශ්නයත් ඇහුවා.
අගමැති දැන් කොලයක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා.
'මිස්ටර් පීඑම්...'
‍රවී කරුණානායක රැල් බුරුල් අරිමින් කට හඬ අවදි කෙරුවා. අගමැති රනිල් දකුණු අතේ ඇඟිලි විහිදුවමින් නිකට අත ගෑවා.
'අර වනාතවිල්ලුව ප්‍රදේශයෙ අවි ගබඩාවක් වැනි තැනක් ආරක්ෂක අංශ විසින් අල්ලගත්තට පස්සෙ කුමක්ද එතැන සිද්ධ වුණේ කියල දැන ගන්න උවමනයි...'
රනිල් දිගටම නිකට පිරිමදිනවා, ඇස් දෙක එහෙ මෙහෙ කැරකෙනවා විතරයි, කතාවක් නැහැ.
'යූ මස්ට් ආන්සර් පීඑම්! මං නරක මිනිහා කියන්න එපා අන්තිමට, ප්ලීස්...කෝ! උත්තරයක් දෙන්න අවශ්‍යයයි...පීඑම්!!'
‍රවීගෙ හඬේ සැර වැඩි වුණා. රනිල් කට අරින පාටක් නැහැ.
'අපේ ඉවසීම උරගා බලන්න හදන්න එපා!තේරුනාද ප්‍රයිම් මිනිස්ටර්?'
ඒ ආෂු.
'ඔව්! අපිට තියෙන බලතල ගැන දන්නවා ඇතිනෙ?'
මේ ආනන්ද.
'අපි ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නවා!'
නලින්ද එහෙම කියන කොට නං අගමැති රනිල් බිම බලාගෙන නිකං අමුතුවට වගෙ හිනා වුණා.
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් ගෙටාආආආආවුට්ට්ට්ට්ට්ට්!
ආෂු මාරසිංහ යටි ගිරියෙන් කෑගැහුවා. පාර්ලිමේන්තු කාරක සභාවම ඒ හඬට හෙල්ලුම් කෑවා. 
මාවත් හෙල්ලුම් කෑවා, ගැස්සිලා වීසි වුණා.
හපොයි! පුටුව උඩම මට නින්ද ගිහිං, චිහ්! ප්‍රවෘත්ති බලන්නත් බැරි වුණා, අර පාස්කු කාරක සභාවෙ මොන ගිනි විච්චුම්බරයක් වුණාද මන්දා! 
CHAPA, August 6, 2019

Saturday, July 6, 2019

මෙන්න තවත් මරාලයක්!

මේ ළඟදි, ලංකා ඊ නිව්ස් ඔස්සේ මට එරෙහිව සමාජ ගත කෙරුණු එක්තරා මඩ ප්‍රවෘත්තියකට ''ඇනීටා, ලංකා ඊ නිව්ස් සහ මම ( චාපා)'' කියල විධිමත් උත්තරයක් දුන්නා, ඔබට මතක ඇති!
2018 මැද හරියෙදි, ස්වීට්සර්ලන්තයෙ ජීවත් වන ඇනීටා චරිතානි කියන කාන්තාව මුණු පොත ඔස්සෙ හදිසියේ මට මුණ ගැහෙන හැටිත්, ඒ සම්බන්ධය ලංකා ඊ නිව්ස් දක්වා වනචාරී ආකාරයෙන් වර්ධනය වන හැටිත්, ඒ ගැන උනන්දු කෙනෙකුට, ඒ සටහන ඔස්සේ කියවා තේරුම් ගන්න පුළුවං. ඒ සියල්ල මැද, ජනමාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මට වැදගත් වෙන්නෙ, කාන්තාවන් හෝ වෙන කවුරු හරි රවට්ටලා මං මුදල් හෝ වෙන කිසිවක් ලබා නොගත් බව තහවුරු කිරීම පමණයි!
ඒ නිසා, මං ලියූ ඒ විශේෂ සටහන ඔස්සේ ලංකා ඊ නිව්ස් මඩ ප්‍රවෘත්තියට අභියෝග කරමින් ඇත්තටම සිදු වූ සියල්ල පැහැදිලි කෙරුවා.
ඊට පස්සෙ ඔන්න දැන්, ව්‍යාජ කාන්තාවක් ව්‍යාජ කතාවක් ගොතමින් ඇනීටා චරිතානිගෙ ලංකා ඊ නිව්ස් කොන්ත්‍රාත්තුව සාර්ථක කරවන්න හාස්‍යජනක උත්සහයක නියැලෙනවා. 
ඉතාම කෙටියෙන්, මං ඔහොම කාන්තාවක් ගැන දන්නෙ නැහැ, ඇය තටමමින් කියන්නෙ පට්ට බොරු ගොඩක්. මට එරෙහිව ඇයගෙන් ප්‍රශ්න අහන පිරිමියා(?) දරන, දැඩි එහෙත් අසරණ උත්සහය ගැන මට ඇත්තටම ඇති වෙන්නෙ අනුකම්පාවක්.
මේ මෝඩ මඩ කතා වලට මගෙ බිරිඳ ත් ඇදල දාන්න ගන්න උත්සහයත් හාස්‍යජනකයි, ඒත් නින්දිතයි!
ඇය, අතින් වියදම් කරගෙන දැඩි කැපවීමෙන් දරුවන් ට යහ මග පෙන්වන ගෞරවණීය, පළපුරුදු ගුරුවරියක්. ඇය, හුදු ගැහැනියක් නෙවෙයි දරුවන් සිය දහස් ගණනකට ජීවිතය කියාදෙන ජාතියේ නායිකාවක්. ''බිරිඳ කතා'' ''ගැහැනු පිරිමි කතා'' පැත්තක තියෙද්දි, ඒ විශිෂ්ට ගුරුවරියට මං ගරු කරනවා, කොන්දේසි විරහිතව ඇයට සහය දෙනවා. 
ඇනීටා චරිතානි ප්‍රමුඛ ලංකා ඊ නිව්ස් ''අපරාධ කරුවන්ට'' හෝ ඉන්දික තොටවත්ත වගෙ ''නරුමයන්ට'' ළං වෙන්න බැරි උසක ඇය ඉන්න නිසා මට කණගාටුවක් නැහැ, ඒත් මං නිසා ඇයට සිදුවන අපහසුතාව ගැන හිතේ කම්පනයක් තියෙනවා. 
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි!
ලංකා ඊනිව්ස්, ඉන්දික තොටවත්ත සහ ඔවුන් වටා ගොන් කරණම් ගහන තවත් දේශපාලන කොන්ත්‍රාත් කරුවො සහ ලිංගික අසහනයෙන් පෙළෙන අසරණ අපතයො කොහොම දැඟලුවත් මං දිගටම මගෙ දෙවුර මත පැට වී තිබෙන ඓතිහාසික කාර්‍යභාරය තව තවත් ශක්තිමත්ව කරගෙන යනවා. 
මගේ නිරීක්ෂණයෙ හැටියට, ඇනීටා චරිතානි කියන මගෙ හදිසි යෙහෙළියගෙ මානසික ආරාවුල දේශපාලන ගොදුරක් බවට පත් වෙලා, ඇය ම ඒ කොන්ත්‍රාත්තුව කරනවා කියල හිතන්න, මගෙ හිත මට තවම ඉඩ දෙන්නෙ නැහැ. ඒත් මං ඇය දෙස බලාගෙන ඉන්නවා!
කොහොමත්, ජනාධිපතිවරණය සහ තවත් සංකීර්ණ දේශපාලන තත්ත්වයන් වේගයෙන් පෙළ ගැහෙමින් තියෙන නිසා, මට එරෙහි මෙවැනි මඩ ප්‍රහාර එන්න එන්න වර්ධනය වෙයි!
මං ඔය ඕන සෙල්ලමකට ඔරොත්තු දෙන සහ ඕන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් දේශපාලන ක්‍රියාකාරිකයෙක්, පුද්ගලිකත්වය අභිබවා පොදු අවකාශයක සැරිසරන කෙනෙක් - 'මම' කිව්වට ක්‍රියාවලියක්!
ඒ අතරෙ, හදිසියෙම මං නික්ම ගියොත්, රට බේර ගන්න කෙරෙන මේ මහා අරගලය ඔබට බාරයි! 
එහෙම ගියත් මං ආයෙ එනවා, 
ඒ මම නොවුණාට වෙන කෙනෙකුත් නෙවෙයි!
හාද?
CHAPA
July 6, 2019


    

Thursday, July 4, 2019

මොකද්ද එතකොට මං කියන්නෙ?

"කුණු කුණු කුණූඌඌඌඌ.....කුණු ගේන්ඩඅඅඅඅඅඅ...."
දුගඳ මුසු වූ සුපුරුදු හඬ ගේට්ටු අස්සෙන්, තාප්ප උඩින් සහ කානු දිගේ, ගෙවල් වලට ආරංචිය ගේනවා.
කුණු ට්‍රැක්ටරය ඇවිත්!
එක එක මාදිලියෙ ගැහැනු මිනිස්සු තම තමන්ගෙ කුණු භාජන සහ මලු ළඟට කරගෙන ඔන්න වීදිය දැපැත්තෙ හිට ගන්නවා. 
"බලන්නකො මේ මිනිස්සු අපේ කුණු ටික දාලා ගිහිං...ගේට්ටුව ඉස්සරහ පේන්නම තියෙද්දිත්...චිහ්! පොඩ්ඩක් එහා මෙහා වෙලා අපි පේන්න හිටියෙ නැත්තං කුණු දාලා යනවා, ජරා මිනිස්සු!
කාන්තාවක් තම අසල් වැසියාට කියනවා ඇහෙනවා.
"මටත් එහෙම අත්දැකීම් තියෙනවා...සමහර දාට කුණු දාලා යනවා...ඇත්ත තමයි!"
මං අල්ලපු ගෙදර හිතවතාට කිව්වා.
"මෙහෙමනෙ...කීයක් හරි දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නෙ...දන්නවනෙ අපේ රටේ හැටි!"
ඔහු කියන්න ගත්තා.
"මාත් අර හැමෝම කරන නිසා රුපියල් විස්සක් දෙනවා කුණු එක දෙන ගමන්"
අල්ලස් දීම ගැන හිතේ කණස්සල්ලකින් මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
"මං නං 50 ක් 100 ක් වගෙ දෙනවා...එහෙම නැත්තං ඕකුන් එන්නෑ! අපි දන්නවනෙ..."
"අපි බදුත් ගෙවල... ඇයි අල්ලසුත් දෙන්නෙ?! අන්තිමට ඒ මිනිස්සු රාජකාරියත් පැහැර හරිනවා...."
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
"මේ යකාට පිස්සුද මන්දා!"
අල්ලපු ගෙදර හිතවතාගෙ ඇස් යට බැල්මෙ තිබුණෙ එහෙම කතාවක්, ඒත් ඔහු "අනේ මන්දා!" කියමින් හෙමින් ගේට්ටුව වහ ගත්තා.
"අපි කම්ප්ලේන් කරමුකො, එහෙම අල්ලස් ගන්න දෙන්න බැහැනෙ..."
"බලන්න! ඔයගොල්ලො කරන්නෙ වෘත්තියක්නෙ...නේද?"
කුණු ට්‍රැක්ටරයෙ අයගෙන් මං එහෙම අහනවා.
"ඔව්! ඉතිං...මොකද්ද අවුල?"
ඒ කෙනෙක් ඇහුවොත්?!
"ඇයි තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැත්තෙ?"
"ඒ කියන්නෙ?"
"ඔයාලට සල්ලි දුන්නෙ නැත්තං ඔයාල කුණු දාල යනවා...එහෙම බැහැනෙ, ඔය රාජකාරිය කරනවට රජයෙන් පඩි ගෙවනවනෙ...ඒ පඩි ගෙවන්නෙ අපේ බදු මුදල්වලින්...ඔය අල්ලස් ගැනිල්ලක්!"
මං එතකොට කියනවා.
"මහත්තයා මේ රටේ කෙනෙක් නෙවෙයිද? ඔළුව නරක් වෙලාද? එක්කො අපිව විහිළුවකට ගත්තද? ඈ!"
කුණු ට්‍රැක්ටරයෙ ගුජු ගුජු හඬ යටපත් කරගෙන කෙනෙක් උස් හඬින් අහනවා.
"අල්ලස් ගන්න එපා! ජොබ් එක කරන්න!"
මං අවධාරණය කරනවා.
"එතකොට අර මහ එවුන් කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් ගන්නවා...හොරකං කරනවා...මහත්තයාට හොඳයි! අපි කීයක් හරි ගන්න එක තමයි ලෙඩේ...අනේ නිකං යන්න මහත්තයා...!"
එහෙම කිව්වොත්?! එතකොට...
"ඔහොම කියනවා නං...ඒකම කරනවා නං...ඔයාලට විරුද්ධව පැමිණිලි කරනවා...අල්ලස් ගන්න එක නීති විරෝධියි! තේරුණාද?"
මං කියනවා.
"පැමිණිලි? අපිට විරුද්ධව? කාටද ඔය පැමිණිලි කරන්නෙ? අපේ ලොක්කොත් හොඳට ගහනවා...හිහීඊඊඊ..."
"උඩට උඩට පැමිණිලි කරගෙන යනවා...එතකොට?"
උඩට! උඩට! කියල බර කරල කියනකොට හිතට ලැජ්ජාවකුත් ආවා, ඒත් ඒක මෙයාලට පෙන්නන්න හොඳ නැහැ.
"අල්ලස් ගන්න බැහැ! එච්චරයි"
"අපිට පාට් දාන්න ආවොත්, අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා....එතකොට කුණු ගොඩ ගැහෙයි, හරිද?"
"වෘත්තීය සමිති ක්‍රියාමාර්ග?"
මොකද්ද එතකොට මං කියන්නෙ?!
"ගනං ගන්න එපා...කීයක් හරි දීල වැඩේ කර ගම්මු..."
අල්ලපු ගෙදර හිතවතා හෙමින් ගේට්ටුව ඇරල ඔළුව දාලා කිව්වා.
CHAPA
July 5, 2019

Tuesday, July 2, 2019

කළාපයෙන් මැඩම් කෙනෙක් ඇවිත්...


''මිස් මේ බලන්න! මේ ළමයගෙ උත්තරය සම්පූර්ණ නැහැ....ඒත් හරියක් දාලා!''
පන්ති භාර ගුරුවරිය දෙස නොරිස්සුම් බැල්මක් හෙළමින් ප්‍රාථමික අධ්‍යක්ෂවරිය කියන්න පටන් ගත්තා.
''මේ ළමයා ටිකක් දුර්වලයි...හෙමින් හෙමින් තමයි ගොඩ නැගෙන්නෙ...එතකොට....''
ගුරුවරිය කරුණු පැහැදිලි කරන්න ගත්තා.
''එහෙම බැහැ! මිස් තේරුම් ගන්න...මෙහෙම ළමයෙකුට පුළුවං ද ශිෂ්‍යත්වයට ලකුණු ගන්න...මං නිසා හොඳයි වෙන ඩිරෙක්ටර් කෙනෙක් ආව නං මිස්ට විරුද්ධව ලියුමකුත් ගහනවා, තේරුණාද?''
කළාපයෙන් පාසලේ ප්‍රාථමික අංශය අධීක්ෂණය කරන්න වරින් වර ආපු අධ්‍යක්ෂ වරු, ඒ රළු හඬ අතරින් ගුරුවරියට මතක් වුණා.
''මිස් උගන්වන විදිහ ඉතාම හොඳයි...මේ වගෙ උප සංස්කෘතියක් තියෙන පැත්තක දරුවො පාසල් එන එකම ඇති...නේද මිස්!''
මීට පෙර පන්තියට ආපු කළාප අධ්‍යක්ෂවරිය තම පන්තිය තුළ දීර්ඝ වේලාවක් රැඳෙමින් කියපු කතාවක් ඇයට ඒ අස්සෙ මතක් වුණා.
''මේ සමහර දරුවො ඉන්නෙ ළමා නිවාස වල...එක්කො අම්මා තාත්තා දෙන්නම නැහැ...ඉන්නෙ ආච්චි කෙනෙක් එක්ක...සමහර ගෙවල් වල තාත්තා බීගෙන ඇවිත් රෑ තිස්සෙ කලබල කරනවා...මේ පුංචි ගැහැනු දරුවන්ගෙ ජීවිත කොහොමවත් සුරක්ෂිත නැහැ....මේ අවට සමාජ තත්ත්වය මැඩම් ට පේනවනෙ...හරිම කරදරකාර ජීවිත!''
'' මං මේ ඒ ගැන තමයි හිතන්නෙ...අපි කළාප කාර්‍යයාලයෙ කාමරයක ඉඳගෙන විවිධ දේවල් හිත හිතා හිටියට කොළඹ වෙලත්, පොළොවෙ තත්ත්වය කොච්චර වෙනස්ද! නේද මිස්? ඇත්තටම අපට මිස්ලගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා...මේ ඉතිං අපේ රටේ අනාගතයනෙ...''
ඒ අධ්‍යක්ෂවරිය කුඩා දරුවෙකුගෙ හිස අත ගා තමන්ට තුරුළු කර ගනිමින් කිව්ව හැටි ගුරුවරියට මතක් වුණා.
'' මෙහෙම නං වැඩ කරල බහැ මිස්! බලන්න මේ ළමයගෙ අකුරු ඇදයි...මේ මේ...මේ අකුරු රූලෙන් පැනලා...ඒකටත් මිස් හරි දාලා....කිසිම අවධානයක් නැතුවනෙ වැඩ කරන්නෙ, එහෙම බැහැ! ගුරු වෘත්තිය කරනවා නං උනන්දුවෙන් කරන්න...මමත් ඉස්සර ගුරුවරියක් හැටියට වැඩ කෙරුවා....මිස්ට ඉන්නෙ ළමයි කී දෙනාද? ආ? මගෙ පන්තිවල හැම පාරම හතළිහ පැනලා...ඒ මේ වගෙ ඉස්කෝල නෙවෙයි...ලොකු ඉස්කෝල! තේරුණාද?''
අධ්‍යක්ෂවරියගෙ මුහුණ බැරෑරුම්!
''මං මේ කෙටි වෙලාවට තේරුම් ගත්තා,,,මිස් ළමයින්ට කොච්චර ආදරය කරනවද කියල....එයාලත් මිස්ට සලකන්නෙ අම්මා කෙනෙකුට, අක්කා කෙනෙකුට සලකනවා වගෙ...මිස් උගන්නනවා කියල හිතෙන්නෙ නැහැ, හරිම මෘදු අධ්‍යාපනික වැඩ පිළිවෙළක්...මට දුයිෂෙන් මතක් වුණා...''
එදා අර අධ්‍යක්ෂවරිය ආපු වෙලාවෙ පන්ති භාර ගුරුවරියට තුරුළු වුණු පන්තියෙ පුංචිම පුංචි ගැහැනු ළමයා දිහා ආදරයෙන් බලමින් කියපු කතාව!
''මේ තමයි මැඩම් මං කියපු අර දක්ෂ ගැහැනු ළමයා! මෙයා හරි ලස්සනට අකුරු ලියනවා, ගණන් හදන්නත් හරි හපනී...ආ! මේ තියෙන්නෙ එයාගෙ ලියන පොත...මේ බලන්න!''
අධ්‍යක්ෂවරිය සහ පුංචි ගැහැනු ළමයා ගුරුවරියත් එක්ක එකට, ඒ පොතට එබුණා. සමහර අකුරු අනිත් පැත්තට ලියලා. සමහර අකුරු බෝල පෙට්ටි සහ ඉරි කෑලි එකතු කරල හදපු අමුතු රූප වගෙ.
''ම්ම්ම්ම්....හරිම දක්ෂ ළමයෙක්නෙ...මේ දුව ලොකු වෙලා කවුද වෙන්න හිතාගෙන ඉන්නෙ?''
''ටීචර් කෙනෙක්...''
දැරියගෙ හුරතල් හඬ ගුරුවරියගෙ හිත අස්සෙ ගුළි වුණා.
''අපි ගුරුවරු වුණාම ළමයින්ගෙ වැරදි වැරදි විදිහට පෙන්නන්න ඕන...වැරදි දේවල් හරියි කියන්න එපා! තේරුණාද?''
''ඒ වුණාට වඩා වැදගත් වෙන්නෙ දරුවන්ගෙ හිත හදන එක,,,දරුවන්ගෙ පෞර්ෂය වර්ධනය කරන එක...මේ වගෙ අඩු පහසුකම් තියෙන සහ උප සංස්කෘතික වට පිටාවක් තියෙන පැත්තක දරුවො පාසල් ගෙන්නවා ගන්න එකම ලොකු වැඩක් මිස්...''
ඒ අර එදා ආපු කළාප ප්‍රාථමික අධ්‍යක්ෂවරිය.
'',,,.දරුවො තේරුම් ගන්න එක තමයි වැදගත්, එයාලට ඕන ආදරය, රැකවරණය... අධ්‍යාපනය සාර්ථක වෙන්නෙ එතකොට තමයි...අකුරු ඉලක්කම් උගන්වන එක එතකොට ඉබේම සිද්ධ වෙනවා...''
ඒ ගුරුවරිය!
 ''මිස් මීට පස්සෙ වගකීමෙන් වැඩ කරන්න ඕන...මං සෙක්ෂනල් හෙඩ්ටත් උපදෙස් දෙනවා මිස් ගැන ටිකක් බලන්න කියල...''
රළු මුහුණ පන්තිය වටා කරකවමින් අධ්‍යක්ෂවරිය ආපහු යන්න නැගිට්ටා,
''මං ගැන?''
ගුරුවරිය ඇහුවා.
''මිස් ගැන  මං දන්නවා...මේ අපේ මිස්...''
ගුරුවරියට ඇහුනෙ එදා ආපු අර  අධ්‍යක්ෂවරියගෙ හඬ. ඒත් ඒ හඬ කතාවක් විදිහට සටහන් වෙලා තිබුණෙ අර ඇයට තුරුළු වෙලා ඉන්න දැරියගෙ ඇස් දෙකේ.
මොකද, අර ඇයට මතක් වන අධ්‍යක්ෂවරිය කවදාවත් ඒ ඉස්කෝලෙට ආවෙ නැහැ!
CHAPA
July 3, 2019


Monday, June 24, 2019

ඇනීටා, ලංකා ඊ නිව්ස් සහ චාපා (මම)...

මේ සටහන ලියනවද නැද්ද කියල සිය දහස් වාරයක් මං කල්පනා කෙරුවා, තවම හරි තීරණයක් නැහැ. ඒත් ඔහේ ලියාගෙන යනවා.
ලංකා ඊ නිව්ස් හරහා කැත විදිහට සමාජ ගත කරන්න වෑයම් කෙරෙන මට එරෙහි මඩ ව්‍යාපෘතිය ගැන මගෙ පුද්ගලික උනන්දුවක් නැහැ. ඒත් එහි පොදු ස්වභාවය නිසා නොසලකා හරින්නත් බැහැ. 
ඒ වගේම ඇය - මගේ යෙහෙළිය! ඇනීටා චරිතානි!! මං පෙනී ඉන්න කෙටි විඩියෝ දර්ශන කීපයක් දැනටමත් සමාජ ගත කරල තියෙන හින්ඳා, කතාව මෙහෙම පටන් ගන්නං!
මේ කතාවෙ ඔය කතා නායිකාව හෙවත් ඇනීටා මට මුණ ගැහෙන්නෙ සමාජ මාධ්‍ය හරහා, 2018 දි, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ. ඇය ජීවත් වෙන්නෙ ස්වීට්සර්ලන්තයෙ. එරට ශ්‍ර්‍රී ලාංකික කණ්ඩායමක් සහ තවත් රටවල එවැනි කණ්ඩායම් එකට මෙහෙයවන ගෝලීය සංසදය ට යම් යම් ක්‍රියාකාර කම් හරහා ඇයත් සම්බන්ධ වෙමින් සිටි නිසා, මුල් වටයෙදි අපි අතර හොඳ සංවාදයක් ගොඩ නැගුණා. ඒ අතර අපි ඉතා සමීප යාළුවන් බවට පත් වුණා. ඇය සහ මම තුන් හතර වතාවක් ලංකාවෙදි මුණ ගැහිලා තියෙනවා. ඇයගෙ ස්වීස් ජාතික සැමියා සමඟත් මගෙ යම් හිතවත්කමක් ඇති වුණා.  
ඇයගෙ ස්වීට්සර්ලන්ත ජීවිතය සුව පහසු වුණත් හිතට දැනෙන හුදකලා හැඟීම් හේතුවෙන් දැඩි මානසික පීඩාවකින් පෙළෙන බව ඇය මට නිතර කිව්වා, ඒ සඳහා ඇය මනෝවෛද්‍ය ප්‍රථිකාර ගනිමින් හිටියා. ඇයට බොහෝ ආදරය කළ ඇයගෙ සැමියාගෙ පියා මිය යෑම නිසා තමයි ඇය මේ විදිහට මානසිකව කඩා වැටෙන්න පටන් ගත්තෙ කියලත් ඇය කිව්වා. ඊට පස්සෙ, දෙතුන් වතාවක්, සිය දිවි හානි කර ගැනීමට තමන් උත්සහ කළ බවත් ඇය මට කියා තියෙනවා. ලංකාවෙදි ඇයට ප්‍රථිකාර ලබා දෙන ඇයගෙ හිතවත් වෛද්‍යවරිය මුණ ගැහෙන්නත් වතාවක් ඇය සමඟ මමත් ගිහිං තියෙනවා.
ඇය ඉතා යහපත් සහ මානුෂික ගති පැවතුම් තියෙන සංවේදී කාන්තාවක්. ඉතා ධෛර්‍යවන්ත වගේම දක්ෂ පුද්ගලයෙක්. ඒ නිසා මං ඇය ගැන වැඩි උනන්දුවකින් හිටියෙ. ඇය ගෝලීය සංසදය සමඟ වැඩ කරමින් හිටපු නිසා කොහොමත් ඇයට මගෙ විශේෂ ගෞරවයක් ඇති වෙලයි තිබුණෙ. මුල් දවස්වල, අපි දෙදෙනාටම අදාළ ඒ ඒ දේශපාලන ක්‍රියාකාරකම් ගැනත් අපි අතර යම් හොඳ සංවාදයක් ගොඩ නැගෙමින් තිබුණා කියලයි මං දැනුත් හිතන්නෙ. 
ඒත් ඇය තුළ ඉතාම සංවේදී සහ ඒ නිසාම පුද්ගලික හැඟීම් අතර හිර වෙන ගතියක් තිබුණා. විශේෂයෙන්ම  මට කතා කරන වෙන කාන්තාවන් ගැන ඇය අනවශ්‍ය උනන්දුවක් පෙන්නුවා. ඒ සම්බන්ධතාවලට මැදිහත් වෙන්න හැදුවා. ඔවුන් ගැන කියමින් සහ අසමින් රණ්ඩු කරන්න ගත්තා. ඉතිං ඇය කළමණාකරණය කරගන්න මට විශාල මහන්සියක් ගන්න වුණා. පැය ගණනින් කාලය වෙන්කර ඇය සමඟ විඩියො ඇමතුම් වල ඉන්න මට සිද්ධ වුණා. ඇය මානසිකව අසහනයට පත් වෙලා ඉන්නකොට ඇය වෙනුවෙන්, පුංචි ළමයෙකුට කතාකරන විදිහට කතා කරමින් ආදරෙයි! කියන්න මට සිද්ධ වුණා. සියළු වැඩ අමතක කර, සමහර විට දෙගොඩ යාමෙ මහපාරක් අයිනෙ සිට ඒවා රෙකෝඩ් කරන්න ඇය මට කිව්වා, ඒ කාලය ඉතා පීඩාකාරියි. ඒත් ඇය සැහැල්ලුවෙන් තියන්න මට ඕන වුණා. එහෙම, ඇයගෙ ඉල්ලීම්වලට යවපු කෙටි විඩියෝ සටහන් තමයි ඔය ඇය සමාජයට මුදා හැරල තියෙන්නෙ! 
ඒ කියන්නෙ ඇය ඒ කෙරුවෙ බොරුවක් ද? ඇය මෙහෙම සාක්ෂි එකතු කරන්න සැලසුම් කෙරුවාද? මට හිතා ගන්නවත් බැහැ!
ඇය එක පාරක් යම් පෙති වර්ගයක් පානය කරමින් තමා දිවි නසා ගැනීමට යන බව විඩියෝ ඇමතුමකින් කියන්න පටන් ගත්තා. ඇයගෙ ස්වරූපය දැකපු මට බයක් සහ කම්පනයක් ඇති වුණා. මං ඇයට විවිධ ඇවිටිලි කරමින් එහෙම කරන්න එපා! කියල ඉල්ලමින් පැය ගණන් ගත කෙරුවා. ඇයගෙ මවට, සමහර නෑයින්ට සහ අන්තිමට ඇයගෙ සැමියාට කතා කරලා ඊට මැදිහත් වෙන්න කියල කෑ ගැහුවා. ඔවුන් තත්ත්වයේ බරපතළ කම තේරුම් නොගන්නා බව තේරුම් ගත්තු මං, ස්වීස් තානාපති කාර්‍යයාලය හරහා ඒ ගෙදරට පොලීසිය යවන්න පවා කල්පනා කෙරුවා. අන්තිමට යන්තං ඒ අවස්ථාව සාමාන්‍ය අතට හැරුණා. ඒ දවස් හරිම දුක්බරයි, පීඩාකාරියි!
එකපාරටම, දවසක්  ඇය මගෙ මූණු පොතේ 'පාස් වර්ඩ්' එක ඉල්ලමින් කරදර කෙරුවා. මං බෑ! කිව්වා. මං සංවේදී වුණත්, සියල්ල දේශපාලනිකව ගන්න කෙනෙක්. පුද්ගල සම්බන්ධතාත් එකිනෙකාට අනන්‍ය විය යුතු බව පිළි ගන්න කෙනෙක්. ඉතිං කොහොම හරි අපි අතර විවිධ පුද්ගල ගැටුම් එහෙමත් නිර්මාණය වෙන්න ගත්තා. මං, මගේ සහ අනෙකාගෙ පුද්ගලිකත්වය දිවිහිමියෙන් ආරක්ෂා කරන සහ ඊට සමගාමීව පොදු ආකෘතියක තවදුරටත් පවතින්න උත්සහ කරන දේශපාලනික ක්‍රියාකාරිකයෙක්. අපේ ගෙදර තත්ත්වයත් එහෙම ගොඩ නැගිලා තියෙනවා.
අන්තිමට කොහොම කොහොම හරි, මේ සංවේදී සහ සංකීර්ණ පුද්ගලික ප්‍රශ්නය ලංකා ඊ නිව්ස්, පොදු ප්‍රශ්නයක් බවට පත් කෙරුවා! 
එය කල් තියා හැදුණු සැලැස්මක් ද? එක්කෝ, ඇනීටා ඒ දේශපාලන කුලී කාරයන්ගෙ ගොදුරක් බවට පත් වුණාද? මං තවම හිතනවා!
ඔය මුල් කෙටි කාලය තුළ වරින් වර ඇය මගේ ක්‍රියාකාරකම් සඳහා මුදල් ලබා දුන්නා. එක වෙලාවක මගෙ මෝටර් රථය ටිකක් කරදර කරන්න ගත්ත නිසා එය විකුණා වෙන එකක් මිලදී ගන්න මම හිතන කොට, වැඩි වටිනාකමකින් යුත් නවීන මෝටර් රථයක් මිලදි ගමු! කියල ඇය යෝජනා කෙරුවා. මං ඒකට කැමති වුණේ නැහැ. මං අනුන්ගෙන් දේවල් ගන්න බයයි සහ එතකොට එක විදිහක පරාජිත හැඟීමක් හිතට එනවා. 
අන්තිමට මගෙ 'වියොස්' වාහනය ලක්ෂ 23. 5 කට විකුණලා, ඉතිරිය ඇය දාලා, ලක්ෂ 33.5 කට 'යාරිස්' වර්ගයෙ කාරයක් මිලදී ගන්න මං කැමති වුණා. මේ සියල්ල කෙරුනෙ, මාලබේ ගරාජයක් පවත්වාගෙන යන 'බර්නි' කියන හිතවත් කාර්මික ශිල්පියා දැනුවත්ව. මේ ගනු දෙනු සියල්ල ඔහු දැක්කා. 
'දවසක මේක ලෙඩක් වෙයිද බර්නි?' කියලත් මං ඔහුගෙන් ඇහුවා කියල ඔහු මට ඊයෙ දුරකථනයෙන් කතා කරල දුකෙන් මතක් කෙරුවා.
ඊට අමතරව, මගෙ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කුඩා උපකරණ කීපයකුත් ඇය අරගෙන දුන්නා. චොක්ලට් වගෙ කන දේවල්, ඇඳුම් කීපයක් සහ සුවඳ විළවුන් වගෙ දේවලුත් ඇය ගෙනත් දීලා තියෙනවා. වාහනයෙ කතාව හැර, ඇය වරින් වර මගෙ වැඩ වලට දීපු මුදල සම්පූර්ණයෙන් ම ලක්ෂ 5 ක් විතර ඇති කියලයි මං හිතන්නෙ. 
මේ කිසිවක් රහසිගත ගනු දෙනු නෙවෙයි, ඒත් පුද්ගලික සිද්ධි. මෙහෙම පොදු අවධානයට ඉදිරිපත් කරන්නෙ ඇය ගත් ඉදිරි පියවර නිසා.
ඉතිං අපිට තව දුරටත් එකට වැඩ කරන්න බැරි මට්ටමකට ආවට පස්සෙ ඇය මගෙ බිරිඳ සමඟ සම්බන්ධතා ගොඩ නගා ගත්තා, ගෙදරටම ඇවිත් ඔය ලංකා ඊ නිව්ස් එකට ගිහිං කෙරුවා වගෙ, සාක්ෂි ඉදිරිපත් කරමින් අපේ කතාව බිරිඳට කිව්වා. මට බොහෝ කාන්තා සම්බන්ධතා තියෙන බව ඇයට පෙන්වා දුන්නා. ඔවුන්ගෙන් මං මුදල් ගන්නා බවත් පැහැදිලි කෙරුවා. අපෙ ගෙදරත්, වෙන ඕනම ගෙදරක වගෙම ප්‍රශ්න ඇති වෙනවා තමයි. ඒත් පොදු ගැඹුරු අවබෝධයක් එකිනෙකා ගැන තියෙනවා, බිරිඳගේ ගුරු භූමිකාව මං ඉතා ඉහළින් අගය කරන අතර මගෙ දේශපාලනික ලෝකය ඇය ඉතා පැහැදිලිව වටහා ගෙන ඉන්නවා. 
ඒ නිසා විශේෂ යමක් ගෙදර සිද්ධ වුණේ නැහැ. ඒත් විවිධ දේ කතා කරමින් බිරිඳගේ සංවේදී අදහස් සහ සියුම් හැඟීම් ඇනීටා, මගෙ යෙහෙළිය! රෙකෝඩ් කරගෙන ඉන්න බවත්, අපේ ගෙදරට ඇය පැමිණි බව ඔප්පු කිරීමට ගෙදර සිට ඡායාරූප ගත් බවත් මං දන්නවා.
අපේ ගෙදරදි ඇති වෙච්ච කතා බහ අතරෙ සහ වෙනම, ඇය මට දුන් මුළු මුදල ආපහු ඇයට දෙන්න මං කැමතියි කිව්වා. කොටස් කීපයකින් කොහොම හරි ඒක ගෙවන්න මං හිතුවා. එක්කො වාහනය විකුණලා, මිල අඩු එකකට ගිහිං ඒ අතිරේක මුදල ඇයට දෙන්නං කිව්වා. ඇය ඒ වෙනුවට මගෙන් මිලියන 3 ක් ඉල්ලන්න ගත්තා. මං කිව්වා, මට එච්චර මුදලක් ඔබ දුන්නෙ නැහැ, මං ගත්තු මුදල දෙන්නං කියලා. ඒත් ඒ ගැන කිසිම එකඟතාවක් ඇති වුණේ නැහැ.
ඒ අතර ඇය මගෙ යෙහෙළියන්ට සහ මූණු පොතේ වෙනත් කාන්තාවන්ට විවිධ අවලාද පණිවිඩ යවමින් හිතේ ආවේග නිදහස් කර ගැනීම ආරම්භ කර තිබුණා. ඇය පිළිබඳ අනුකම්පාවෙන් සහ ගෞරවයෙන් ඒ සියල්ල මං දරා ගත්තා. ඇය මේ දේවල් කරන්නෙ සාමාන්‍ය මනසකින් නෙවෙයි කියල මං දිගටම හිතුවා.
ඒත් බරපතළ ප්‍රශ්නය ආවෙ, තමන් වංචා කර මං මුදල් ගත්තා සහ තවත් කාන්තාවන් රවටා මං මුදල් අරගෙන තියෙනවා! කියමින් ඇය ප්‍රසිද්ධ අසත්‍ය ප්‍රකාශ කරන්න පටන් ගැනීමත් එක්කයි. මං ඒ ගැන ඇයට දිගින් දිගටම කරුණු පැහැදිලි කරමින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටියා. ඒත් ඇය දිගටම එසේ කරන බව මට තරයේම කිව්වා.
මෙතැනදීම වැදගත් දෙයක් සටහන් කරන්න මට ඉඩ දෙන්න!
මං එදා මෙදා තුර, මේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වියදම් හොයා ගත්තෙ යම් ආයතනයකට වැඩ කරලා. මං ඉපයූ සියල්ල ආපිට සමාජයටම මුදා හැරියා. දිගටමත් එහෙමයි. ඒ ආයතන සම්බන්ධතා නිසා ගොඩ නැගුණූ පුද්ගල සම්බන්ධතා කීපයක් හරහාත් යම් හිරවීමකදි මුදලක් හොයා ගන්න මට අවස්ථාව තියෙනවා. ඒ අපි එක්නෙකා අතර තියෙන පූළුල් දේශපාලනික අවබෝධය මත. ඕස්ට්‍රේලියාවෙ ඉන්න චන්දානන්ද හාමුදුරුවො තමයි දැන් මං භාවිත කරන ඉලෙක්ට්‍රෝනික් උපකරණ සියල්ල එව්වෙ. ඕන වෙලාව ඕන දෙයක් කියන්න කියල උන්වහන්සෙ මට නිතර කියනවා. ඊ ළඟට ඔය බර්නි වගෙ මගෙ ගමන හොඳින් තේරුම් ගත්ත විවිධ මට්ටම් වල මිනිස් බල ඇණියක් නිතර මං වටේ ඉන්නවා. 
මං කවදාවත් ඇනීටාගෙන් හැර කිසිම කාන්තාවකගෙන් එක සතයක් අරගෙන නැහැ! 
මං ආදරය කරන සහ පෙරළා මට ආදරය කරන විවිධ ගැහැනු මිනිස්සු කොහොමත් මාත් එක්ක හැමදාම හිටියා සහ ඉන්නවා, ඒ එකිනෙකා එක්ක එකිනෙකාට අනන්‍ය සම්බන්ධතා හැම දාම මට තියෙනවා.
ඇනීටා කියන්නෙ අහිංසක සහ හිත හොඳ කාන්තාවක් කියල මං තවම හිතනවා. ඒත් ඇය ලංකා ඊ නිව්ස් ගිය නිසා මං දැන් ආපිට හිතනවා. 
ඇය කවුද? ඇයි ඇය මට මෙහෙම කරන්නෙ? 
මට මේ අස්සෙ විදුලියක් කොටනවා වගෙ මතකයක් එනවා හිතට. ඇනීටා, බිරිඳට කියල තිබුණා මගෙ සියළු සංනිවේදන මාර්ග ඇය 'ටැප්' කරනවා කියලා. මං දන්න කීප දෙනෙකුගෙන් ඒ ගැන ඇහුවත් හොඳ කරුණු පැහැදිලි කිරීමක් ලැබුණ නැහැ. එතකොට මට මතක් වුණා, දවසක් ඇය මගෙ ජංගම දුර කථනය පොළොවෙ ගැහුවා. ඊට පස්සෙ ඒ ගැන කණගාටු වෙලා සමාවත් ඉල්ලලා, ඇයගෙ යාළුවෙකුට දීලා හදාගෙන එන්න කිව්වා. මට හිතෙනවා ඇය එහෙම කෙරුවෙ මගෙ ජංගම දුර කථනයෙ දත්ත ලබා ගන්න කියලා. ඒ  අවස්ථාව හදාගෙන මගෙ දුර කථනය ඇයගෙ දුරකථනයට 'සින්ක්‍රොනයිස්' කර ගන්න ඇති කියලා, ඊයෙ පෙරේදා කෙනෙක් කිව්වා.
මට කියන්න තියෙන්නෙ ඔච්චරයි!
ඇය මට කැමැත්තෙන් දීපු මුදල කොටස් කීපයකින් හෝ එකවර ආපසු ගෙවන්න මං සූදානම්, දැන් ඒක කෙරෙන්න ඕන විධිමත් පිළිවෙළකට. මං අනුන්ගෙ දේ කඩා වඩා ගන්න හෝ භෞතික ලෝකය ජීවිතය කර ගත්තු කෙනෙක් නෙවෙයි. ඒ ඉතිං ඉක්මනින් විසඳන්න පුළුවං සරල ප්‍රශ්නයක්.
අපි බලමු!
මේ සටහන නං මං තිව්වෙ හිතේ සතුටකින් නෙවෙයි, අකමැත්තෙන්. ඒ,  මගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සහ අවසානයේදි රටට ලංකා ඊ නිව්ස් වගෙ කුලී කළු බළල්ලු තව දුරටත් ඇයව ගොදුරක් බවට පත් කර ගන්න ඉඩ තියෙන නිසා; පෙර සූදානමක් විදිහට!
කොහොම වුණත් මං ඇනීටා චරිතානි ට ගෞරව කරනවා, ඇය එක්ක මගෙ තරහක් නැහැ, ඒත්, මෙහෙම නොවුණා නං! කියල හිතෙනවා!
CHAPA
June 24, 2019

Saturday, June 15, 2019

ඇමරිකානු ආක්‍රමණය පරාජය කරමු!

ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ශ්‍රී ලංකාවට තකහනියෙ එන්නෙ නිකමට නෙවෙයි. SOFA හරහා ඉදිරියට ගෙන යෑමට නියමිත, මෙරට කේන්ද්‍ර කර ගත් ඇමරිකානු මෙහෙයුමේ ඉදිරි පියවර සඳහා.
 අපි මේ ඓතිහාසික අභියෝගය වටහා ගනිමු!

1. ඇමරිකානු මැදිහත්වීම සම්බන්ධයෙන් රට තුළ ගොඩ නැගී ඇති ජනප්‍රිය සංවාදය තුළ, රට ට මාරාන්තික හානි ගෙන දෙන යෝජිත ඇමරිකානු මැදිහත්වීම පිළිබඳ නියම තතු හෙළි නොවේ.
2. මේ අර්බුදය ට දිගු ඉතිහාසයක් ඇති අතර, අවම වශයෙන් 1995 පෙරවාරි 9 දා, එවකට පැවති චන්ද්‍රිකා ආණ්ඩුව Agreement of Forces නමින් ඇමරිකාව සමඟ එළැඹි ගිවිසුම වත් අප මේ මොහොතේ සැලකිල්ලට ගත යුතුය. ඒ, වර්තමාන ආරවුළේ දිග පළල වටහා ගැනීමටය, එදා ඒ ගිවිසුම, 1991 දී එජාප ආණ්ඩුව යටතේ ආරම්භ කළ ඇමරිකානු Voice of America මෙහෙයුම් ක්‍රියාවළියට සම්බන්ධ බව අවිවාදිතය.
3. 2002 මාර්තුවේදී ද විශේෂ ඇමරිකානු දූත කණ්ඩායමක් මෙරට ට පැමිණ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක ලේකම් තිලක් මාරපන සමඟ මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
4. 2007 මාර්තු 5, එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් ( කණිෂ්ඨ )  අතර අත්සන් තැබුණු ACSA ( Acquisition and Cross - Servicing Agreement ) ගිවිසුම, ඒ ඇමරිකානු මැදිහත්වීම තව ඉදිරියට ගෙන ගිය අතර එහි අන්තර්ගත ප්‍රධාන කරුණු මෙසේය;
අ) එය අන්‍යෝන්‍ය (Reciprocal ) ගිවිසුමකි, එහෙත් පවතින තත්ත්වයන් තුළ එහි කිසිදු වාසියක් ලංකාව ට නොලැබෙන අතර සම්පූර්ණ වාසිය ඇමරිකානුවන්ටය.
ආ) වසර 10 කට සීමා වූ ගිවිසුම දීර්ඝ කළ හැක්කේ තවත් වසර 10 කට පමණක් බවට එහි සීමාවක් පනවා ඇත. පාර්ශයකට අවශ්‍ය නම් දින 180 ක කාලයක් අනෙක් පාර්ශවයට ලබා දී, අදාළ ගිවිසුමෙන් ඉවත් විය හැකිය. ගිවිසුම ආරම්භ වන සහ අවසාන වන නිශ්චිත කාල වකවානු සඳහන්ය.
ඇ) ගිවිසුමෙන් කළ හැකි දෑ සහ නොකළ හැකි දෑ පැහැදිලිව සඳහන් වේ.
        යුද්ධය පැවති සමයේ, යුද කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වුවද, රටේ පැවැත්මට අභියෝග කරන මෙම ACSA ගිවිසුම අත්සන් නොකළ යුතුව තිබිණි.
5. 2007 මාර්තු 5 අත්සන් කෙරුණු එම ගිවිසුම දීර්ඝ කිරීමට අවශ්‍ය වූයේ නම්, එය කළ යුතුව තිබුණේ 2017 මාර්තු 5 කාල සීමාවේදීය. එසේ නොවූයෙන් එය අවස්න් වූ බව පැහැදිලිය. ACSA නමින් ම එවර ඉදිරිපත් වූ ගිවිසුම් කෙටුම් පත කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත්තේ 2017 ජූනි 20 දාය, ගිවිසුම අත්සන් කෙරුණේ 2017 අගෝස්තු 4 දිනය. ැඑ අනුව පිටු 8 ක් වූ 2007 ගිවිසුම සහ පිටු 83 ක් වූ 2017 ගිවිසුම, එකම ගිවිසුමක දිගුවක් නොව ගිවිසුම් දෙකක් බව අවිවදිතය.
6. මෙම නව ගිවිසුම පිළිබඳ කිසිදු අවබෝධයක් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හෝ කැබින්ට් මණ්ඩලයට නොමැති බව තහවුරු වේ.
7. එකී ගිවිසුම සඳහා, නීතිපතිගෙන්, ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගෙන් සහ අනෙක් වගකිවයුතු පාර්ශ්ව කරුවන්ගෙන්, පිළිගත් ක්‍රම වේදය මත ඉල්ලා තිබූ නිරීක්ෂණ සහ නිර්දේශ ලැබෙන තුරු හෝ නොසිට ඉතා නොඉවසිලිමත් ලෙස ගිවිසුම අත්සන් කර තිබේ. එම නිරීක්ෂණ සහ නිර්දේශ ඉතා පැහැදිලිව එකී ගිවිසුමෙන් රට ට සිදුවන බරපතළ හානි පෙන්වා දී තිබේ.
8. ඇමරිකානු උවමනාවන් වෙනුවෙන් එසේ එම ගිවිසුම අත්සන් කිරීමට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එවකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ ඔහුගේ ලේකම් ප්‍රසාද් කාරියවසම් දැඩි බලපෑම් එල්ල කොට තිබේ.
9. මෙම ගිවිසුමට අවසන් කාල සීමාවක් නැත. එය සදාකාලිකය.
10.  මෙම ගිවිසුම මහජනතාව ට අනාවරණය වී නැත. අදාළ වෙබ් අඩවිවල ද එය පළ කොට නැත. තොරතුරු දැනගැනීමේ පනතේ, තොරතුරු වලට ප්‍රවේශවීම වැළක්වීමේ ප්‍රතිපාදන හේතුවෙන් එහි පිටපතක් ලබා ගැනීමේ අවස්ථාවක් ද නැත.
10. කාල නිමාවක් නැති ACSA අත්සන් කොට තවම අවුරුදු දෙකක් ගත වී නැත. ඒ අතර මෙම ගිවිසුම අත්සන් කළහොත්, මෙතෙක් දෙරට අතර අත්සන් කළ අදාළ ගිවිසුම් සියල්ල අහෝසි වේ. එනම් මෙය කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකි.
11. SOFA වලංගු වීමට දෙරට අත්සන් කළ යුතු නැත. ඇමරිකානු තානාපති කාර්‍යයාලය එවා ඇති අදාළ යෝජනාවලිය ට එකඟ වන බව ට 'අමාත්‍යංශයක්' ලිඛිතව දැන් වූ සැනින් යෝජිත ගිවිසුම බලාත්මක වේ. එකී අමාත්‍යංශය, 'විදේශ කටයුතු අමාත්‍යංශය' බවටද අදාළ SOFA ගිවිසුම් සටහන පැහැදිලි ලෙස ඉඟි කර තිබේ. එනම් මංගල සමරවීර යොදාගෙන ආරම්භ වූ කුමන්ත්‍රණකරී ව්‍යාපෘතිය එලෙසමය.

SOFA පරාජය කළ යුත්තේ ඇයි?

1. SOFA අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12 වගන්ති උල්ලංඝණය කරයි. එනම් 3 වැනි වගන්තියෙන් සහතික කරන, 'ජනතා පරමාධිපත්‍ය' ඇමරිකාව විසින් උදුරා ගැනේ. එසේම 12 වගන්තියෙන් සහතික කරන, නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම, නීතියේ රැකවරණය සහ සර්ව සාධාරණ බව උල්ලංඝණය වේ.
2. SOFA මගින්, ශ්‍රී ලංකාව සතු අපරාධ පිළිබඳ අධිකරණ බලය ( Criminal jurisdiction) ඇමරිකාව අත් පත් කර ගනී.
3. SOFA මගින්, මෙරට ට පැමිණෙන ඇමරිකානු හමුදා, සිවිල් සහ තාක්ෂණික පිරිස් වලට සහ 'කොන්ත්‍රාත්කරුවන් ට ( Contractors )' තානාපති මුක්තිය ලැබේ. මේ ඊනියා අන්‍යෝන්‍ය ගිවිසුම මත, අදාළ ශ්‍ර්‍රී ලාංකික කණ්ඩායම්වලට එවැනි අවස්ථාවක්, ඇමරිකාව තුළ ලැබෙන්නේ නැත.
4. SOFA මගින්, මෙරට අධිකරණ බලය අත් පත් කර ගන්නා අදාළ ඇමරිකානුවන්ට, ශ්‍රී ලංකාව තුළ සන්නද්ධව සැරි සැරීමේ බලය ලැබේ. 
5. SOFA මගින්, කොන්ත්‍රාත්කරුවන් ප්‍රමුඛ අදාළ ඇමරිකානුවන් ට බදු නැත, රේගු බදු නැත.
6. SOFA මගින්, ශ්‍ර්‍රි ලංකාවේ අධි ආරක්ෂක කළාප ඇතුළු භූමිය තුළ, ගුවන් සහ සමුද්‍ර බල ප්‍රදේශ තුළ නිදහසේ සැරි සැරීමට ඇමරිකානු හමුදාවන් ට බලය ලැබේ (Free Movement ).
7 SOFA මගින්, ශ්‍රී ලංකා රාජ්‍යයට වග නොකියන, වෙනම ගුවන් විදුලි වර්ණාවලියක් සහ සංනිවේදන ජාලයක් ඇමරිකානුවන් ට හිමි වේ,
8. SOFA මගින්, ඇමරිකානුවන් අතින් සිදුවන හානියකට නියම වන වන්ඳි කපා හැරේ.
9. SOFA අත්සන් කිරීමෙන් පසු, එහි ක්‍රියාන්විතය සඳහා, ඒ ඒ ආයතන හෝ ඒජන්සීස් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යයෙන්, වෙන වෙන ම අවසර ගත යුතු නොවේ.

SOFA මාරාන්තිකයි! SOFA පරාජය කළ යුතුමයි! ජාති, ආගම්, පක්ෂ, පාට පසෙක ලා එකතු වෙන්න! එරෙහි වෙන්න! SOFAඑපා!

CHAPA, June 16, 2019 



Tuesday, June 4, 2019

Last hope we had for justice was lost...

last hope we had for justice was lost on the 27th of May, 2019 by the unprecedented action taken to recuse himself from delivering the judgement of Wilpaththu Case by the Appeal Court Judge Mahinda Samayawardhane.
The case against 9 respondents including Minister of Industry and Commerce Rishad Badiuddeen Case No CA WR 291/2015 field by centre for Environmental Justice පරිසර යුතුකම කේන්ද්‍රය in 2015.
we being laymen who are ignorant of law and who have been very often told that 'Ignorance of law is no excuse!' therefore we are forced to imagine that the judge in question may have done the unprecedented act in this nationally important case, has done so, because of some very good reason which of course we are not prev to know.
However, we are surprised and saddened at the news which never gave the reason for the judge's decision.
In the absence of a reason we can only imagine!
Were the judge and his family under threat and duress?
Is the judge 'One of those judges who governor Asad Sali said was involved with the Muslim Extremists?
Was the judge offered an unprecedented benefit by the interested parties?
Was the judge a part of the Western Conspiracy to defame our judiciary with a view to strengthen the lobby for inviting the foreign judges to participate in our judicial process?
Was the judge hellbent in indulging in contempt of court to settle some kind of score?
Is this judge purposely trying to drive a wedge between Sinhala & Muslim citizens by demonstrating that Muslim Minister is all powerful to make the judges commit unprecedented acts to safeguard the culprits like in the case of trying to influence the Army Commander to release suspects?
Does this mean that People like Rishad Badiuddeen can get what they want by hook or by crook whatever the law of the country says?
We cannot forget Rishad Badiuddeen going Scott Free after the 'stoning' the Courts during last government of Rajapakshas!
Wilpaththu Case field in 2015 and due to be concluded on the 6th of August 2019, the cost of court's time and people's money to conduct the case for almost 4 years, is no doubt enormous! who has given the right to waste public money in this fashion?
Imagine! the additional cost of money and time to freshly hear the case!
throughout the case the AG's role was questionable as the AG was always highlighting the humanitarian aspects ignoring the huge and permanent  environmental damage cause by the project.
Can anyone even imagine that this type of miscarriages  happen in a judicial system which justifies the setting up of special High Courts by Act of Parliament to speed up the hearing of selected cases against selected people?

'Justice delayed is Justice denied'

Lady of Justice, Goddess Justitia! Are you only a Greek Roman Myth?!
CHAPA
June 2, 2019

සර්ව ආගමික වෙසක් කෝලම වෙනුවට…


පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ සැමරෙන, අද මේ වෙසක් උත්සවය, ආගමික සංහිඳියාවක් නිරූපණය කරන්න ඕන අවස්ථාවක් හැටියට සමහරු කල්පනා කරනවා, ඒ අනුව කතෝලික සහ ඉස්ලාම් පූජකවරුත් වෙසක් සැරසිළි වලට සහභාගි වෙමින් ”මොකක් හරි යමක්” කරන්න වෙර දරන බව පේනවා. 
ජනප්‍රිය ජනමාධ්‍ය තුළත් එවැනි ආකර්ශනීය පුවත් හැදෙමින් තියෙනවා, අද රෑ ප්‍රවෘති විකාශ තුළ ඒ සඳහා වැඩි ඉඩකුත් වෙන් වේවි.
රටේ පවතින ඉස්ලාම් ත්‍රස්තවාදය ට අදාළ අනතුරුදායක තත්ත්වය මේ විදිහට කළමණාකරණය කරගන්න පුළුවං කියල කවුරු හරි හිතනවා නං ඒක මහා විහිළුවක්. හේතුව ආගමික සංහිඳියාව සහ ඉස්ලාම් ත්‍රස්තවාදය අතර කිසිම තර්කානුකූල සම්බන්ධයක් නැහැ. අනෙක මේ රටේ කිසිදු ආකාරයක ආගමික ගැටුමක් නැහැ. ව්‍යවස්ථාවෙන් ම සියළු අගම් ඇදහීමේ අයිතිය අනෙක් රටවලට වඩා පැහැදිලිව අපේ රට තහවුරු කරල තියෙනවා. ඉඳ හිට ඇති වන යම් යම් ගැටුම්කාරී සිදුවීම්, තවත් දේශපාලන සහ ව්‍යාපාරික ව්‍යාපෘති සමග සම්බන්ධයි. ඒවා කිසි සේත්ම රටේ පොදු ජන මනස නිරූපණය කරන්නෙ නැහැ, සමහරු එහෙම පෙන්වා දෙන්න උත්සහ ගත්තත්!
හරියට ම බැලුවොත් වෙලා තියෙන්නෙ රටේ මහ ජාතිය නියෝජනය කරන සිංහල බෞද්ධ ජනයාට වැඩි අසධාරණයක් සහ අනෙක් සෙසු ආගමිකයන් ට වැඩි සාධරණයක් ලැබී තියෙන එක. ඊනියා ජාත්‍යන්තරය පෙනී හිටින්නෙත් ඒ අනෙක් ආගමිකයන් වෙනුවෙන්. ඒ අතර ලැබෙන සෑම අවස්ථාවකදිම සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටත් ඔවුන් වේගයෙන් ඉදිරිපත් වෙනවා. බලන්න බොහෝ විදේශ මාධ්‍ය වාර්තා! ඔවුන් එහෙම කරන්නෙ, මෙරට ‘රාජ්‍යයේ’ ඓතිහාසික සංස්කෘතික පදනම බිඳීමේ එකම අරමුණෙන්. 
වැඩේ තියෙන්නෙ උපතින් සිංහල බෞද්ධයන් වූ සෑහෙන පිරිසකුත් පොෂ් දේශපාලන රූකඩ බවට පත් වී දිවි නහ ගනිමින් ඉන්න එක.
සංවාදය වඩා පුළුල් තැනකට ඔසවන්න මෙහෙම කියන්නං!
එක්කෝ සියළු ආගම් පසෙක ලා ගැඹුරු අර්ථයෙන් සමාජවාදී ලෝකයක් ගොඩ නගන්න ඕන! ( දැනට ලෝකයේ කොහේවත් නැති! ) එහෙම නැත්තං පවතින ඓතිහාසික තත්ත්වයන් මත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් ගොඩ නගන්න ඕන. වෙන විකල්පයක් නැහැ. දැන් වෙලා තියෙන්නෙ, සර්ව ආගමික රෙද්දක් ගැන කියමින්, සිංහල බෞද්ධ ජනයාට සියළු වරද පටවමින්, අනෙක් ජාති සහ ආගම් යොදාගෙන වෙන ම ”දේශපාලන ගේමක්” ගහන එක.
මේ සංවාදය ඉතා සංකීර්ණ එකක්!
දැනට රටේ පාලකයින්ට මෙහෙම කියන්නං. 
සර්ව ආගම් කෝලං නවත්තලා සහරාන්ලාගෙ මෙරට ස්වාමිවරු අත් අඩංගුවට අරගෙන ඔවුන්ගෙ දේශපාලන බලය සහ කූට විදේශ සම්බන්ධතා බිඳින්න අවශ්‍ය වැඩ කටයුතු වහා කරපල්ලා! 
නැත්තං උඹලගෙ සර්ව ආගමික කෝලං නටන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නැහැ!
CHAPA
May 18, 2019

UN Troubles Waters For Fishing In Sri Lanka!

The Daily Mirror on the 14th of May, 2019 published a statement claimed to have been issued by the UN , concerning escalation of violence in Sri Lanka.
The authors of this statement are UN special Adviser on Prevention of Genocide Adama Dieng and special Adviser on Responsibility to Protect Karen Smith.
Thy have highlighted growing acts of violence in the North Western Province of Sri Lanka.
I quot the special advisers noted; ” …a recent spate of attacks against Muslim and Christian communities in Sri Lanka where the majority are Buddhist.”
What do they mean by emphasizing that the majority are Buddhist?
Since they failed to find any substantial evidence of Buddhist involvement, the advisers have tried to imply th Buddhists are involved and slander the Sri Lankan Buddhists by including a sentence which reads as follows;
”…advisers noted a recent spate of attacks against Muslims and Christian communities in Sri lanka, where the majority are Buddhists.”
You can see the venom of the advisers and their plan to put the blame on the Buddhists and bail out the terrorist to clear the path of intervention in Sri Lanka militarily.
What is this ”Responsibility to Protect” or R 2 P?
This is a kind of a US agency which advises the Secretary General of the UN of collective international responsibility exercisable by the Security Council authorizing military intervention as a last resort, in the event of genocide and other large scale killings, ethnic cleansing and serious violation of law which sovereign governments have proved powerless or unwilling to prevent.
The so called UN advisers who were none – existent when the Jihadist Muslim Fundamentalists killed more than 250 innocent people of Catholic, Christian Faith, Sinhala, Tamil races and foreign national have just sprung like the ”Jack in the Box” of a magician and talk about the risk faced by religions minorities only!
How about a word against the Jihadists?
The so called UN advisers who haven’t said a word against the terrorists are now advising the government to ensure the alleged attacks and also past attacks of similar nature be fully investigated and perpetrators brought to justice. Their ulterior motive of interfering in the country’s affairs is hidden in the offer to support the government in improving interfaith and inter religions harmony.
Their main objective is to officially interfere in the country’s affairs as precursor to Western American intervention in the same way they did in Arabian Spring.
The advisers conveniently forget the fact that Sri lanka has always being a country of racial and religious harmony due to Buddha’s teaching of tolerance. It appears that advisers are not only ignorant of the history of the country but even ignorant of the current affairs as the have regrettably missed the opinion expressed by his Eminence Malcom Cardinal Ranjith, the head of the Catholic community in the country emphasizing the role played by Buddha’s teaching of ‘tolerance’.
UN advisers have sought to remind us that Sri Lanka has a pluralistic society and all communities and those communities of different faith have the right to freely exercise their religion and to live in peace and securely in Sri Lanka as recognized by the constitution.
Easier said than done!
When one minority after almost 1000 years of co – existence, in the recent past trying to indulge in certain practices intended to isolate themselves from larger society and creating Potential Scare among the other races in the ”pluralistic society” like wearing Burkas which the majority of Muslim society endorses is not a religious need.
UN advisers! 
How a magician in Burka disguised as ‘Fathima’ the Holy Woman attempted to kill Aladin is known to all those readers of ”Arabian Nights” which was written more than 300 years back?
My dear UN advisers! why not advise them too?
CHAPA
May 15, 2019

Friday, April 5, 2019

හිතවත් දිලිත් ට ලියමි!

පහු ගිය දවසක ඔබ කිසියම් සභාවක් ඉස්සරහ කරන ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පොදු අවධානයකට ලක් වෙමින් තියෙන නිසා, ඔබ ට මෙහෙම ලියන්න හිතුවා!
ආතල් එක, සිද්ධාර්ථ, බුදුන් සහ ඔබ අතර සංවාදයක් තමයි ඔබ ඒ ප්‍රකාශයෙන් ඉදිරිපත් කරන්නෙ.
කෙනෙකුගෙ කිසියම් ප්‍රකාශයක් හෝ ප්‍රකාශනයක් සංවාදයකට ගන්න පුළුවං වෙන්නෙ ඊට අදාළ වට පිටාව ට අනුකූලව. උදාහරණයක් විදිහට කෙනෙක් තව කෙනෙක් එක්ක හෝ කණ්ඩායමක් එක්ක පුද්ගලිකව කියන 'යමක්' සහ ඒ 'දෙයම' පිළිගත් සභාවක කියද්දි වෙනස් තලයක පිහිටන්න ඉඩ තියෙනවා. ඒ සභාවෙ සහභාගීත්ව සීමාව අනුව, ඊ ළඟට එය තවත් තලයකට මාරු වෙන්න පුළුවං. ප්‍රසිද්ධ සභාවක් නං ඒ දෙතුන් විදිහටම වඩා වෙනස් වෙන්න ඉඩ කඩ වැඩියි. නිර්මාණයකට අදාළව නං, එකී සංවාදය තව එහාට යනවා.
ඒ අනුව, ඔබ කරන ප්‍රකාශය තේරුම් ගන්න, යළි ඔබ ට සහ අනෙකාට සිද්ධ වෙනවා. 
එතකොට ප්‍රකාශය, ප්‍රකාශනය සහ ඒවා කියවීම ගැන වෙන තව සංවාදයක් කොහොමත් තියෙනවා.
මේ වන විට ඔබේ ඔය කතාව සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සැරි සරන නිසා, මං අර යෝජනා කරන, ප්‍රසිද්ධ සභාවක ආකෘතියකට අරං ඒ ගැන යමක් ලියන්නයි මේ හදන්නෙ.
ඔබේ කතාවෙදි ත් කියන හැටියට, ඔබ ගමෙන් කොළඹ ට ඇවිත්, පොඩියට පටන් අරගෙන දිග ගමනක් යන දක්ෂ සහ සාර්ථක - විශේෂයෙන් ම නිර්මාණශීලී ව්‍යාපාරිකයෙක්. එතකොට ව්‍යපාරික ලෝකයට හෙවත් ධනවාදී ආකෘතිගතවීමකට අනන්‍ය සියළු යහපත් සහ අයහපත් දේ ඔබ හිමි කර ගන්නවා සහ ආපිට ඒවා සමාජයට මුදා හරිනවා. 
ඒ වෙන සංවාදයක්. 
ඊ ළඟට ඔබේ සතුට ගැන ඔබ කියන කතාවත් හරි ඇති. ඔබ ඒකට කියන්නෙ 'ආතල් එක' කියල, පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට හෙවත් ඔබ කියන ආතල් ගැනීම වෙනස් සහ අනන්‍ය වෙනවා. ඒ ගැන තර්ක කරන එකේ තේරුමක් නැහැ. 
එකක්! මං යම් තරමකට හෝ දන්න දිලිත් ජයවීර හෙවත් ඔබ සහ ඔය ස්වයං හඳුන්වා දීම අතර පරතරයක් නැහැ කියල මමත් හිතවනවා. 
ඔව්! ඔය තමයි ඔබ!
මං මේ සටහන තියන්නෙ, ඒ සියල්ල අතරින්, ජීවිතය, සතුට ( ආතල්?) සහ බුදු දහම ගැන ඔබ ඉදිරිපත් කරන සරල විස්තරය පුළුල් සංවාදයකට ඔසවා තබන අරමුණෙන්.
(උපුටා දැක්වීම)
''සිද්ධාර්ථ, මේ ගස් වලට ගල් වලට වඳින සතුට සොයමින් මේ මිනිස්සු යන අඳුරු මාර්ග වෙනුවට, ඊට වඩා ප්‍රායෝගික, අද අපේ භාෂාවෙන් ගත්තොත් විද්‍යාත්මක දර්ශනයක්, අදහසක් ඉදිරිපත් කළා, මගෙ විශ්වාසය, අපි සියළු දෙනාට අද සතුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ප්‍රීතිමත් බව ප්‍රශ්නයක් වෙලා තියෙනවා, happiness කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මං හිතන්නෙ මේ සියළු දේට විසඳුම තියෙන්නෙ මේ සිද්ධාර්ථ විසින් සොයා ගන්නා ලද සරල සංකල්ප. ඒක තව දුරටත් ගෙනිහිල්ලා, දාර්ශනික මාවතක ගෙනියන්න ඕනෙ නං ඒ සතුට සඳහා අභිධර්මය මාර්ගයෙ යන්න පුළුවං, නමුත් අපිට ආතල් එකේ, අර කිව්වා වගෙ ඉන්න ඕන නං, ආතල් concepts තියෙන්නෙ, Buddhism වල, ඒ සිද්ධාර්ථ හිතපු විදිහ! (.......) සිද්ධාර්ථ වගෙ වැඩියෙන් ආතල් අරගෙන...මං හොයාගෙන තියෙනවා, මේ දුක පිළිබඳ කතාවක් නෙවෙයි...සිද්ධාර්ථ කිව්වෙ, සැප පිළිබඳ කතාවක්, මම දකින සිද්ධාර්ථ නං දිගින් දිගටම ආතල් එකේ හිටපු පුද්ගලයෙක්, ඔය කියන බුද්ධ චරිතය පවා, මම දකින්නෙ...ඒ තමන්ගෙ happiness එක සඳහා කරපු process එකේ result එකක් හැටියට, ඒ කරපු දේ ප්‍රතිඵලයක් හැටියට...අනිත් අයටත් මේ සංකල්පය ලබා ගන්න අවස්ථාව ලැබුණා...''
( උපුටා දැක්වීම අවසන්)
බුදු දහම දර්ශනයක් නෙවෙයි. එය ප්‍රත්‍යක්ෂ අරුතෙන් වටහා ගත යුතු විද්‍යාත්මක ( විශ්ලේෂණාත්මක ) දැනුම් අවකාශයක්. ජීවිතය හරහා විශ්වය කියවමින් සියල්ල අනිත්‍ය බව පසක් කර ගැනීම තමයි එහි අරුත් ගැන්වෙන සතුට. කිසිවක් නොපතින නිසා සහ ඒ නොපවතින දේ හා අපි බැදෙන නිසා අපට සියල්ල දුකක් බවට පත් වෙනවා. දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය! ක්‍රියාවලියක් විදිහට තේරුම් ගන්න වෙන්නෙ ඒ නිසයි. ඒ තමයි සතුටේ මාර්ගය. මූලිකම අවදියේ දි වුණත්, ''ඒ සතුට'' එකවිදිහක හිතේ සිදුවන ප්‍රතිසංවිධානයක්, මානසික අවධියක් - නමුත් ක්‍රියාදාමයක්. 
කිසි සේත්ම ඇති වී නැති වී යන සිතුවිලි හෝ රසායනික වෙනස් කමක් නෙවෙයි. ඔබ ඔය කියන සතුට හෝ ආතල් එක අන්න ඒ වගෙ එක මොහොතකට අදාළ යමක්! 
අපට වචන එක්ක හරඹ කරන්න බැරි වුණත්, ඔබ ඔය කියන Buddh - ism කියන්නෙ, බුදුදහම ට පදනම් ව පසුව හැදෙන යම් ආගමික ආකෘතියක්, සිද්ධාර්ථ සාධකයත් වෙනම නිර්මාණශීලීව අරගෙන ඒ ආගමික ආකෘතිය ඇසුරු කරමින් යම් යම් සංකල්ප, විශේෂයෙන් marketing concepts හදා ගන්න පුළුවං වුණත්, ඒ ජීවිතය ට අරුත් සපයන සතුට හොයන ක්‍රම වේදයක් නං නෙවෙයි. 
එහෙම උත්සහ කරන්න කරන්න, ජීවිතය වගේම එහි සතුට ගිළිහෙනවා, ලැබෙන වේගයෙන් ම!
අපි මේ ගැන ටිකක් නිවී සැනසිල්ලෙ ඕන නං කතා කරමු!
CHAPA
April 6, 2019