Wednesday, February 24, 2016

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 9

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 8

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 7

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 6

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 6

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016 Part 5

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 4

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 2

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2016, Part 3

CHAPA on Derana Aluth Parlimenthuwa, Feb 24, 2015, Part 1

Say! NO!! for ETCA!!!

ලංකාව මේ වෙලාවේ ඉන්දියානු වෙළෙඳ ව්‍යප්තවාදයෙ පහසු ගොදුරක් බවට පත්වෙමින් තියෙනව. ඉන්දියානු - චීන වෙළෙඳ මෙහෙයුම් සමගත් තව පැත්තකින් අභියෝගයට ලක්වෙනව. ඒ, එක්සත් ජාතීන් ප්‍රමුඛ ඇමෙරිකානු වෙළෙඳ ව්‍යාපෘතිවලට අමතරව. ලගටම ඇවිත් තියෙන තර්ජනය තමයි ETCA! 
ඉන්දියාව දීර්ඝ කාලයක් තිස්සෙ ලංකාව විවිධ බලපෑම් එල්ල කරනව. එහි යහපත අයහපත කිරලා බැලුවොත් අයහපත වැඩියි, බරපතලයි. LTTE ත්‍රස්තවාදය පෝෂණය කරන්න මැදිහත් වුණු ඔවුන් වරෙක ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කෙරුවා. වෙළෙඳ ආක්‍රමණය ගැන නං කියන්න දෙයක් නැහැ. බැලු බැලු අත ඉන්දියාව. හරියට ඉන්දියාවේ ප්‍රාන්තයක් වගෙ. ඒ අතර ඔවුන් ලංකා මුහුදේ බලෙන් මාලූ අල්ලනව. එය තම අයිතියක් බව කියනව. 1998දි චන්ද්‍රිකා ඉන්දියාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගත්තා. එහි අඩුපාඩු නිසාම, ක්‍රියාත්මක වෙන්නෙ 2000දි. ඒ ගිවිසුම ලංකාවට විශාල අවාසියක්! අපනයනයෙන් ලංකාව ඇ.ඩො.මි.500 ක් උපයනකොට ඉන්දියාව අපනයනයෙන් ඇ.ඩො.මි.4000ක් උපයනව. අපේ ඒ 500 ඇතුළේ ඉන්දියානු ඔයිල් සමාගම ඉන්දියාවට යවන දේ වගෙ, රටට ආදාළ නොවන ආදායමකුත් තියෙනවා. කොටින්ම ඒ ලංකාවේ නිෂ්පාදන අපනයන ආදායම නෙවෙයි. 
ඊටපස්සෙ සීපා ( CEPA) යොජනාව. ඒ අතරේ මහින්දගෙ ආණ්ඩුවත් ඉන්දියාව එක්ක යම් යම් ගිවිසුම් ඇති කරගත්ත . මේ කිසිම ගිවිසුමක් ගැන විධිමත් සමාලෝචනයක් කවදාවත් තිබුණේ නැහැ. දැනුත් නැහැ. ඒත් එකක් පැහැදිලි යි. ඉන්දියාව මොනම තත්වයක් යටතෙවත් ලංකාවේ දේශීය ව්‍යාපාර දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නෙ නැහැ. තමන්ගේ වාසිය විතරමයි. ETCA ගිවිසුම, කවුරු විරුද්ධ වුණත් අත්සන් කරනව කියලා අගමැති රනිල් කියන්නෙ මේ තත්වයන් ඇතුළේ! හදිසියේ ගිලන් රථ සේවාවක් සදහා ආණ්ඩුව ඉන්දියාව සමග ක්‍රියාත්මක කරන්න හදන හානි දායක ව්‍යාපෘතියෙ ස්වභාවය දකින කොට, ETCA  කොයි තරම් භායානක වෙයිද කියලා හිතන්න! මහින්ද ව මෙතැනට පටලවගෙන. රට මුහුණ දී තිබෙන ව්‍යාසනකාරි තත්වය පිළිබඳ සාකච්ඡාව දිය කරන්නෙ නැතුව චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්, මහින්ද.. හැමෝටම උඩින් රටේ ඉදිරි ගමන් මග තීරණය කළ හැකි ප්‍රබල මැදිහත් වීමක් කරන්න කොන්දේසි විරහිතව වැඩ කරමු!!!

Chapa on neth fm 2016.02.18

Tuesday, February 23, 2016

                        Say! NO!! for ETCA!!!

                                                       CHAPA

Saturday, February 20, 2016

                                                                                                                                                                             

ජනමාධ්‍යයට එරෙහි අගමැති රනිල්ගෙ වියරු ප්‍රකාශ සුලුවෙන් බැහැර කරන්න බැහැ!

ආණ්ඩුවේ ගමන සහ විශේෂයෙන්ම වෙන රටවල් සමග ඇති කරගන්න හදන වෙළෙඳ ගිවිසුම් ගැන විවේචනය කරන්න එපා කියලා අගමැතිවරයා ප්‍රසිද්ධියේ තර්ජනය කරනවා! දෙරණ නාලීකාවට ඔහු කෙලින්ම බැන වදිනව. මේ තමයි ඇත්ත රනිල්!! ඉතිහාසය පුරාම රනිල්ලගෙ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙවෙයි. දැන් තත්වය නරක අතටම හැරෙන්නෙ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා. ඒ වගෙම යොජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රයෝගික වෙන්නෙ ජනමාධ්‍ය නිදහසත් එක්ක. ඒත් ජනමාධ්‍ය කියන්නෙ business එකක්. මාධ්‍ය ආයතන අයිතිකාරයන්ට අවුරුද්දකට වතාවක් බලපත්‍ර අලුත් කරගන්න නීති හැදුවෙ චන්ද්‍රිකා, හිටපු ජනාධිපති වරිය. ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් ආණ්ඩු එක්ක හොර රහසේ දැන් ගණුදෙනු කරනව. මැතිවරණ ව්‍යාපෘති හදනව. ජනමාධ්‍ය කරුවා එහෙම ගත්තොත් නිකං ඉත්තෙක් විතරයි. මේ යථාර්ථය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ධනවාදයෙ හුදු ප්‍රකාශයක් විතරයි. ඉතිං ජනමාධ්‍ය ගැන කවර කතාද? බලන්න! මේ දේශපාලකයෝ කියන අය පිටිපස්සෙ මයික් - කැමරා උස්සගෙන හිගන්නො වගෙ දුවන අසරණ ජනමාධ්‍ය කරුවන් දිහා. ඔවුන්ට කරන්න පුලුවන් මොකද්ද?ජනමාධ්‍ය කරුවන්ට පුලුවන් තමන්ගෙ සීමාවන් ඇතුළේ බුද්ධිමත් මැදිහත්වීමක් කරන්න විතරයි. ලංකාව ලෝක ධනවාදයෙ අගුපිළක් නිසා මේ එකක්වත් වෙන්නේ නැහැ. 
ඒත් රනිල්ගෙ දේශපාලන වියරුව රට කුමන දිශාවකට තල්ලු කරයිද කියලා හිතා ගන්නවත් බැහැ. දෙමළ ත්‍රස්තවාදය සහ ජවිපෙ කැරළි හරහා ගොඩ ගැහුණු මිනි කන්දක් උඩ අපි මේ ඉන්නෙ. ඊ ලග මොහොත ගැන විවෘත මනසින් කල්පනා කළ යුතුමයි, එහෙම නොඋණොත් අපි හැමෝම මේ මහා අපරධයේ කොටස් කරුවන් වෙනවමයි!!!
CHAPA 

Tuesday, February 16, 2016

එක්නැලිගොඩ ගෙ රසායනික අවි? 

සන්ධ්‍යා එක්නැලිගොඩ කියන විදියට, එක්නැලිගොඩනු, LTTE ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාන්විතයෙදි, හමුදා රසායනික අවි භාවිත කළාලු! ඒ ගැන ඔහු ළග තොරතුරු තිබ්බ ලු! ඔහු අතුරුදන් වෙන්න හේතුව එය බවත් ඇය කියනවා. මේ, ඉතාමත්ම බරපතල ප්‍රකාශයක්. ලංකා හමුදා කිසිදු ආකාරයට රසායනික අවි භාවිත නොකළ බව ඉතා පැහැදිලියි.
යුද්ධය හැම පැත්තෙන් ම වැරදියි, යුද්ධයෙ වීරයෝ නැහැ - ගොදුරු විතරයි. ඒ වෙනම සාකච්ඡාවක්!
රාජ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදු ජන පැවැත්ම කියන ඊට මෙහා සාකච්ඡාවෙදි සන්ධ්‍යාගෙ හැසිරිම රටේ පැවැත්මට බරපතල තර්ජනයක්. ඇමෙරිකානු හමුදා ඉරාකය විනාශ කරන්න යොදා ගත්තෙත් මේ රසායනික අවි බොරුව. සන්ධ්‍යා දැන් එක්නැලිගොඩගෙ බිරිදට වැඩිය, රාජ්‍ය නොවන ආයතන සාමාජිකාවක් විදියටයි පෙනි හිටින්නෙ. ඒ පිටුපස දෙමළ ඩයස්පෝරාව සහ සියල්ල පිටුපස UN ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරය වැඩ කරනව. සන්ධ්‍යාගෙ මේ ප්‍රකශය පිළිබඳ කඩිනම් පියවර ගන්න රජයෙ වගකිවයුතු අංශ පියවර ගත යුතුයි. ලංකාවේ හැර වෙන කිසිම රටක මෙහෙම රාජ්‍ය විරෝධී ව හැසිරෙන්න කාටවත් ඉඩක් ලැබෙන්නෙ නැහැ. පවතින ප්‍රයෝගික තත්වයන් ට අදාලව සන්ධ්‍යා දැන් ඉන්නෙ පිළිගත් නීති සම්මතයන්ට උඩින්. එහෙම වෙන්නෙ කොහොමද ? මේ රට මොන රටක් ද?
CHAPA

Saturday, February 13, 2016

අගමැති රනිල්ගෙ දේශපාලන භාවිතය,
චතුරලාගෙ සංඛ්ලාගෙ මාධ්‍ය භාවිතය!

අගමැති රනිල්, දෙරණ නාලිකාව ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න පටන් අරන්. දෙරණ චතුර සහ සංඛ තමයි ආසන්නතම හේතු සපයන්නෙ. චතුර සහ සංඛ දෙරණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන්. පත්තර කියවන එක ඇතුළු තවත් වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනව. මේ මාධ්‍ය භාවිතය ගැන තමයි අගමැතිවරයා විවේචනය කරන්නෙ. අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන විදිය සහ අනුගමනය කරන ආඥාදායක ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වීරෝධී. ඒ වගෙම චතුර සහ සංඛ ගෙ මාධ්‍ය භාවිතයත් ගැටලු සහගතයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම විශේෂ වෘත්තිය මය වැඩක්. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් තම පුද්ගලික හැගීම් ප්‍රවෘත්ති සමග ගලපා ප්‍රදර්ශනය කිරිම යහපත් මාධ්‍ය භාවිතය ක් නෙවෙයි. එය වෘත්තියමය නැහැ. පුවත්පත් කියවීමේදිත් එය යම් සංයමයකින් කරන්න ඕන. එවැනි ප්‍රවෘත්ති විශේෂාංගයකදි පුද්ගලික හැගිම් පෙන්නන්පුලුවන් උනත් එය විචාරවත්ව සිදු වෙන්න ඕන. වචන භාවිතයත් අතිශය වැදගත්. විශේෂයෙන්ම, වඩා කැපී පෙනෙන, දන්නෝ බුදුන්ගෙ ඔපෙරා නිර්මාණය ගැන ඔවුන් ඉදිරිපත් කරපු විවේචන ප්‍රථමිකයි. ඒ විවේචනය මීට වඩා විද්‍යත්මකව සිදුවෙන්න ඕන.
මගෙ පුද්ගලික අත්දැකමේ හැටියට දෙරණ ඉතා හොඳ මාධ්‍ය අවකාශයක්. එහි වැඩ කරන අයට උපරිම නිදහස ක් තියෙනවා - නිදහසට අරුතක් නොදුන්නොත් යහපතක් වෙන්නෙ නැහැ. කොහොම වුණත් අගමැති රනිල් ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කරන්නත් චතුරලා සංඛලා මාධ්‍ය භාවිතය සංවර්ධනය කරන්නත් මැදිහත් වෙන්න ඕන. වැදගත්ම දේ 'දැනුම'! එහෙම නොවුණොත් හැදෙන්නෙ ලොකු හිඩැසක්. ඒ හිඩැස බියකරු අත්දැකීම් වලින් පිරෙන්නත් පුලුවන් !?

Saturday, February 6, 2016

හුසේන්, විපක්ෂය, දෙයියෝ සහ පොල්!

හුසේන් කියපු විදියටම ලංකාවට ඇවිත් වැඩ පටන් අරන්. සුස්මිතා ඒ අස්සෙ ලංකාවට ඉන්දියාව මාර්කට් කරනව. මේ තිරණාත්මක මොහොතට රට වෙනුවෙන් එරෙහි වෙන්න විපක්ෂයක් නැහැ. ඔවුන්
සීනීගම දෙයියන්ට පොල් ගහන්න ගිහිල්ලා. එක්සත් ජාතීන්ගෙ මැදිහත්වීම ගැන විමල්ගේ ගෝෂාව හොඳයි චන්ද කාලයක් නං. ඇත්තටම කරන්න ඕන මේ ආණ්ඩුවේ වැඩ වලට විරුද්ධයි කියන අර පෙරමුණු මේ පෙරමුණු අර කණ්ඩායම් මේ කණ්ඩායම් එකට එකතු වෙලා ජාතික පෙරමුණක් හැටියට ඊනියා ජාත්‍යන්තරයේ වෙළෙඳ මෙහෙයුමට අභියෝග කරන එක. හුසේන් එක්ක මුහුණට මුහුණ කතා කරලා ඔවුන්ව මතවාදිව පරාජය කරන්න මීට වැඩිය වෙන අවස්ථා වක් කොහෙන් ? හුසේන්ලා ප්‍රශ්න කරන්න එක මිඩීයා එකක්වත් නැති ක අපි කුමක් කරමුද ඉතිං? 
ඊ ළග මොහොත ගැන ලැජ්ජයි! බයයි!!
රටක් නැති හෙටක්!!!
CHAPA
යහ පාලනයක් උදෙසා දුෂණ වංචා ඇතුළු අපරාධවලට එරෙහිව පියවර ගන්නවනං රනිල් ගේ බටලන්දෙන් - චන්ද්‍රිකා හෙවත් චෞර රජිණගෙන් පටන්ගන්න ඕන. මේ, විරුද්ධ පිළ දඩයම් කරන වෙන වැඩක්. යුක්තිය වෙනුවට වෙනත් කූඨ අරමුණු සදහා නීතිය  යොදා ගැනිමත් අපරාධයක්!

This is not law and order! only Hunting!! CHAPA, Jan 20, 2016

Friday, February 5, 2016

ඡන්දය කුරුටු ගාන්න !

Hussein is coming!

දැන් අපි කුමක් කරමුද ?

එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් මහා කොමසාරිස් හුසේන් ( Zeid Al - Hussein) හෙට ( Feb 6, 2016 ) ලංකාවට එනවා!
මේ තීරණාත්මක මොහොතක්!
දශක ගණනාවක් තිස්සෙ එක්සත් ජාතීන් ප්‍රමුඛ ගෝලීය වෙළෙඳ බලවේග ලංකාවටත් බලපෑම් කරනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දක්වා පැරණි යටත්විජිත වාදය. ඊටපස්සෙ, 'මේ' යටත් විජිත වාදය. ප්‍රභාකරන් දක්වා එන දෙමළ ත්‍රස්තවාදය, 71, 88-89 සන්නද්ධ අරගල, හෙරොයින් ප්‍රමුඛ මත් ජාවාරම්, අවි ගණුදෙනු, මිනිස් ජාවාරම්, ලිංගික වෙළදාම්...තව හුගක් දේවල්! ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් ලංකාවත් ගොදුරු කරගන්නෙ මේ මහා වෙළෙඳ මෙහෙයුම ඇතුළෙ. බලවත් යැයි කියා ගන්නා රටවල් කීපයක්, ලංකාවත් ඇතුළු සෙසු බොහෝ රටවල ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න මැදිහත් වෙන්නෙ මේ සන්දර්භය ඇතුළෙ. ඔවුන්ගෙම ණය උගුලකට හිරකරල, ඒ ණයත් හොරකo කර කර පිස්සු කෙළින පාලකයන්ට සහ ඒ අර්බුදය ඇතුළෙම easy cash හොයන්න දගලන ව්‍යාපාරික ප්‍රජාවට වගෙම පොදු ජනයාටත් මේ ඓතිහාසික අර්බුදය කියවගන්න බැරි - ඔවුනුත් ඒ අර්බුදයෙම කොටස් නිසා! 'ගරිල්ලා මාර්කටින්' කරන ජනමාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ( NGOs) හඩවල් හැරුණු කොට රට වෙනුවෙන් නැගෙන පොදු ජන හඩක් ඇත්තෙම නැහැ! ඉතිo හුසේන්ලට මෙහෙ ඇවිත් කරන්න බැරි මොනවද? 
දැන් අපි කුමක් කරමුද ?
CHAPA

Thursday, February 4, 2016

නිදහස, අතිසාරය සහ අමුඩය!

පෙබරවාරි 4!වෙන අවුරුදු වල වගෙම උදාවෙලා ගෙවිලා යනව. ගාලු මුවදොර පිටියෙ තවත් එක නිදහස් සැමරුමක් තිබුණා. රෑට සංස්කෘතික උත්සවයක් ලු! 
1948 ඉදලා අපි මේ සමරන්නෙ මොන නිදහසක් ද? රටක්, නිදහස් වෙන්නෙ ආර්ථිකය නිදහස් වෙන තරමට. බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලැබෙන ඩොමියන් නිදහස ක්‍රමානුකූලව රටේ ස්වාධීනත්වයට, ආර්ථික නිදහසට, සමාජ සාධාරණත්වයට පෙරළගන්න අපට තාමත් බැරි වුණා. සිංහල - දෙමළ - මුස්ලිම් තුන් වර්ගයම යටත් විජිත දේශපාලනයෙ ජාතිවාදී ලණුව කාලා ඇති කරගත්ත අර්බුදය දැන් තවත් සංකීර්ණ වෙලා. යුද්ධය සහ සාමය වගෙම, ජාතිවාදය සහ ජාතික සමගිය අපේ වැඩ නෙවෙයි; නව යටත්විජිතවාදී ගෝලීය වෙළෙඳ පොළක් ඇතුළේ අවතැන් වන අපට තියෙන්නෙ 'උන්' කියන දේ කරන්න විතරයි. විදේශ මූල්‍ය ආයතනවල ණය උගුලකට හිරවෙලා, ඒ ණයත් හොරකං කරන ගමන් තමයි මේ 68 වැනි නිදහසත් සැමරෙන්නේ. මේ මහා අර්බුදයෙන් ගොඩ එන්න ජාතික ගීය දෙමලෙන් ගායනා කෙරුවම හරි කියලා කට්ටියකට හිතෙන එක තමයි හිනා නොයන විහිලුව!
අතිසාරයට අමුඩය!!
CHAPA

Monday, February 1, 2016


රාජ්‍ය නායකයා මෛත්‍රී ද රනිල් ද?

Channel 4 - ....President said last week there will be no international involvement in this investigation..
Prime Minister Ranil - ....we are standing by our commitment on the Geneva Resolution... 
අගමැති රනිල් Channel 4 නාලිකාවට කියයි. ඒ අනුව පශ්චාත් යුද අපරාධ හෝ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුවීමට නියමිත ඊනියා ජාත්‍යන්තර මැදිහත් වීමට ලංකාව එකග බව අගමැතිවරයා තහවුරු කරයි. එහෙමනම් ජනාධිපති මෛත්‍රී සිංහල භාෂාවෙන් BBC ට කරන ප්‍රකාශය බොරුව ක්ද?
ඉංග්‍රීසියෙන් 'ඔවුන්' ටත් සිංහලෙන් 'අප' ටත්    
මේ කියන පරස්පර විරෝධී කතා යට තිබෙන අරමුණ කුමක්ද? 
 
මේ, දෙතුන්ගොල්ලම එකතුවෙලා කරන නාට්‍යයක් බව ඉතා පැහැදිලියි!
මේ වටපිටාව තුළ ලංකාවේ දේශපාලන ඉරණම කුමක් විය හැකිද?
බරපතල ම ප්‍රශ්නය රාජ්‍ය නායකයා මෛත්‍රී ද රනිල් ද?
CHAPA