Wednesday, April 27, 2016

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකුණන්න ( මොන වචන වලින් කිවුවත් වෙන්නෙ ඒක තමයි! ) ආණ්ඩුව සුදානම් වෙනව. ඔව්! ආණ්ඩුවට වෙන මොනවද කරන්න පුළුවන්? 1977 න් පස්සෙ පිළිවෙළින් බලයට ආපු හැම ආණ්ඩුවක්ම එක විදිහයි, රට ගොඩනගන්න නිශ්චිත ක්‍රමයක් දන්නෙ නැති නිසා පියවරෙන් පියවර රට විනාශ කරනව. ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් කොන්දේසි සහිත ණය අරගෙන, ඒ සල්ලි වලිනුත් කොටසක් හොරාකන පාලකයො  අපිට ඉන්නෙ. ඒ ණය ව්‍යපෘති සමග රට කොටුකරගන්න දෙස් විදෙස් ආර්ථික ඝාතකයො දැන් රටේ ආර්ථිකය මෙහෙයවනව. එච්චරයි! චන්ද්‍රිකා චෞර රැජිණ වෙන්නෙත්, මහින්ද එතැනින් පටන් අරගෙන චෞරයො වටකරගෙන ඉවර ඉවරවෙන්නෙත් ඔය පසුබිම ඇතුළෙ. මිහින් එයාර්, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය...වගෙ මෙගා ව්‍යාපෘති නොකර රටේ කොදු ඇට පෙළ වන කෘෂිකර්මාන්තය නගා හිටුවන්න සහ සුළු - මාධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාරික තීරුව ශක්තිමත් කරන්න තව කොච්චර දේවල් කරන්න තිබුණද? මේ මොහොතට අදාළව ගත්තොත්, මෛත්‍රී ජනාධිපතිවරය, රනිල් අගමැතිවරයට ඕන දේවල් කරගන්න ඉඩ දීල අවශ්‍ය ආරක්ෂාව දෙනව. චන්ද්‍රිකා පිරිවරා ගත්ත NGO බලකාය UN එක කියන රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් වලට රට සුදානම් කරනව. ඔච්චරයි! ඕනම රටක තීරණාත්මක බලය වෙන්නෙ එක පැත්තකින් ගුවන් බලය. එහෙමනං අපි රාජ්‍ය නාස්තිය අවම කරල, කළමනකරණය කාර්යක්ෂම කරල ශ්‍රී ලන්කන් එයාර්, මිහින් එයාර් සහ ගුවන් තොටුපොළවල්, වරායවල් ඒකාබද්ධ කරල - රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ක්‍රියාන්විතයක් මගින් රටට අවශ්‍ය අදාළ ආර්ථික දිශානතිය හදාගන්න ඕන! ඉතිං දැන් අපි මේ වග කාටද කියන්නෙ? CHAPA

මැයි දිනය සමරන්න පටන් ගන්නෙ, 1886 ඇමරිකාවෙ, චිකාගො හි හේමාර්කට් චතුරශ්‍රයෙ සිදුවුණු පාලක කම්කරු ගැටුමක් මුල් කරගෙන. එත්, කම්කරුව පිළිබඳ කතිකාව 14 වැනි සියවස පහුකරගෙනත් ආපස්සට යනව, ඒ එදවස මහා බ්‍රිතාන්‍ය හැදෙන පොළොවෙ.ඊට පස්සෙ කම්කරුවා ගැන විද්‍යාත්මක විශ්ලේෂණය කරන්නෙ 19 වැනි සියවසේ මැද හරිය වෙනකොට කාල් මාක්ස්. ඔහු ලියන්න පටන් ගන්න 'දාස්කැපිටාල්' හෙවත් 'ප්‍රාග්ධනය' කෘතිය ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා තුළ කම්කරුවා සුරාකෑමකට ලක්වන ආකාරය විශ්ලේෂණය කරනව. එත්, ඒ විද්‍යාත්මක දේශපාලන සංවාදය වර්ධනය වෙමින් ඉස්සරහට එනව වෙනුවට, විවිධ ධනවාදී ව්‍යාපෘති සඳහා උපක්‍රමශීලී විදිහට යොදා ගැනෙනව. මේ අපි අද දවසෙ අත්විඳින්නෙ එහෙම මැයි සැමරුමක්. වඩාම භයානක දේ තමයි, දේශපාලන පක්ෂත් පෙරලගෙන රාජ්‍ය නොවන සංවිධාන නඩයක්, යෝජිත කම්කරු අරගලය අතට අරගෙන ධනවාදී වුවමනාවන් සඳහා ක්‍රමානුකුලව දියකරල දානව. කොහොම වුණත් මාක්ස් පෙන්වාදෙන විදිහටම, ප්‍රාග්ධන අයිතියක් නැති ශ්‍රමය ( බුද්ධිය?) පමණක් තියෙන, එය විකුණා පවතින කෙනා තමයි කම්කරුව, එත් අපිට ඒ වග තේරෙන්නේ නැහැ, අපිට දැනුම නැති නිසාම, අපි කීයටවත් පිළිගන්නෙ නැහැ අපි කම්කරුවො කියල, එහෙම වෙන කට්ටියක් ඇති කියල අපි හිතනව. එතකොට මේ සටන අපේ නෙවයි, වෙන කට්ටියකගෙ! ඔය අතරෙ, විදේශ රැකියා වෙළෙඳපොළක් ලංකාවට හැදෙන්න පටන්ගන්නෙ1977 සිදුවන ආර්ථික පෙරළියත් එක්ක. එය ඉතාමත්ම අයහපත් විදිහට මැද පෙරදිග කලාපයට සීමාවෙලා, ලංකාවෙ එක සමාජ තීරුවකට බරපතල අර්බුදයක් නිර්මාණය කරලා තියෙනව - විශේෂයෙන්ම එහි ගෘහ සේවයට යන කාන්තා ප්‍රවාහයක් නිර්මාණය වීමෙන්. ලිංගික හිංසනය ඇතුලු අසාමාන්‍ය වධ බන්ධනවලට ලක්වන ඒ අති බහුතරය රටේ ආණ්ඩු කරවන්නන්ගෙවත්, බොරු කම්කරු සටන් පාට කියන අයගෙවත්, පොදු ජනයාගෙවත් අවධානයට තවම යොමුවෙන්නෙ නැහැ. කම්කරු කතා පැත්තක තියෙද්දී, එසේ මැදපෙරදිග ගොදුරු බවට පත්වන්නන්ට අවම මිනිස් අයිති වාසිකම්වත් නැති මොහොතක තමයි, අපි මේ කම්කරු කතා කියා කියා මැයි දිනයක් සමරන්න හදන්නෙ! CHAPA 

Friday, April 22, 2016

අමුතු මිනිස්සු!  

fb හරහා සම්බන්ධ වෙන අමුතු අමුතු යාළුවො ඉන්නව, මට තනියෙන් එයාල ගැන හිතා ගන්න බැරි නිසා මෙහෙම share කර ගන්න හිතුව. කාන්තා වේශයෙන් fake accounts හදාගෙන ඒ හරහා සම්බන්ධ වෙන අය නං, එක්කො fun එකට, එක්කො කාගෙ හරි agents ලා, ඔය අතරෙ ප්‍රතිකාර ගන්න ඕන මට්ටමේ ලෙඩ්ඩුත් ඇති. තව කට්ටියක් ඉන්නව විද්‍යුත් තැපෑලෙන්, chat ක්‍රමයට, Skype හෝ එවැනි වෙන ක්‍රමයකට..දුර කථනයෙන්... කතාකරන අය. ඒ හුඟක් අය පිට රටවල ඉන්න අය.
යුරෝපා රටක ඉන්න එක්කෙනෙක් මීට මාස කීපයකට කලින් එහෙම කතා කර කර ඉඳල ලංකාවට ඇවිත් මාව හම්බ වෙන්නම ඕනි කිව්ව. පෙරැත්තය නිසාම අපි හම්බ වුණා, කොළඹ Arcade - Independence Square කෙළවරක දී, පැයක් විතර කතා කරල දිගටම ඔහු කිව්වෙ මට පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න කියල. අන්තිමට ඊට විරුද්ධ මගෙ කතා අහල, මට ඔබේ ස්ථාවරය තේරෙනව...අපි අනිවාර්යයෙන්ම මොනවහරි කරමු! කියල වෙන් වුණා. ඊට පස්සෙ ඒ මුණ ගැහීම ගැන comment එකකුත් දාල අතුරු දහන් වුණා. ටික කාලයකට පස්සෙ දුර කථනයෙන් කතා කරල මෙහෙම කිව්ව; ඔබ කිව්වනෙ ඔය සංවාදය ඉස්සරහට ගෙනියන්න තව අලුත් media ඕනෙ කියල, ඔබ තුමා පිට රට ඉන්න අයගෙන් රුපියල් දාහ ගණනෙ වගෙ ඉල්ලන්න, ඒ සල්ලි වලින් media එකක් පටන් ගන්න පුළුවං! චි: ඒ මොන වැඩක්ද? මම නං ඒ වගෙ වැඩ කරන්නෙ නැහැ!! මම එහෙම කිව්වම, ඇත්තද? කියල ඔහු කතාව නැවැත්තුව, එච්චරයි, ආයෙ නං කතා කෙරුවෙ නැහැ. තව එක්කෙනෙක් යුරෝපයෙ රටක ඉඳල ඒ දවස්වල නිතර වගෙ කතාකරනව ලංකාව හදන හැටි. ඒ මැද්දෙදි අඬනව, ඔබ තුමාගෙ වැඩසටහන් බලනකොට මගෙ ඇඟට මොකද්ද වෙනව කියා කියා. ටික දවසකින් ඔහුම කිව්ව, වැරදියට හිතන්න එපා, මම මේ චුට්ටක් ගන්න ගමන්! කියල. එතකොටයි මට තේරුණේ, එයා බොන ගමන් මාව තමයි බයිට් එකට ගන්නෙ. ඉතිං, මම ඒ නොම්මරය මතක තියාගෙන ඉඳල ප්‍රතිචාර දක්වන්නෙ නැතුව හිටිය. දැන් නං කතාවක් නැහැ, වෙන මොකක් හරි බයිට් එකට හම්බවෙලා ඇති. තව මිත්‍රයෙක් මට කිව්ව, ඔබ තුමා මෙහාට එන්න සංචාරයක්! අපි වියදම් දරන්නං, අපි විමල් වීරවංශවත් ගෙන්නුව කියල. ' මම නං පිටරට එන්න බලාපොරොත්තුවක් නැහැ! ඔය එක එක්කෙනා ගෙන්නන්න බොරුවට සල්ලි නාස්ති කරන්නත් එපා! අපිට පුළුවං නුතන තාක්ෂණය හරහා සාකච්චා කරන්න, කට්ටියක් ලෑස්ති කරල...ලොකු screen එකකට skype හරහා මාව සම්බන්ධ කරන්න, අපි කතා කරමු, ඒ සාකච්චාව record  කරල YouTube දාමු!' මම කියාගෙන ගියා. මගෙ උනන්දුව තේරිල ඔහු පොරොන්දු වුණා ඒ සතියෙම දවසක එහෙම වැඩක් සංවිධානය කරනව කියල. එච්චරම තමයි, දැන් මාස ගණනාවක්, එක නං නිකං  fun එකට වගෙ කියන්න ඇති කියමුකො! ඒත් දවසක්, ඒත් අවුරුදු විසි ගණනක් යුරෝපා රටක වැඩකරනව කියන කෙනෙක් මට දුර කථනයෙන් කතා කරල කිව්ව, මම ඔබ තුමා කියන දේවල් සෑහෙන්න අහන කෙනෙක්, වැඩසටහනක් මිස් වුණත් කොහොම හරි හොයාගෙන බලනව, ලංකාවට ආපු ගමන් අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනෙ කියල. මම අර තේරුමක් නැති මුණ ගැහීම් ගැනත් කියල, මේ මුණ ගැහීමත් තේරුමක් නැති වෙයි කියල කිව්වත් මගෙ හිත වෙනස් කරන්න ඔහුට පුළුවං වුණා. බත්තරමුල්ලෙ 'සෙන්සාල්' එකේදී ඔන්න ඉතිං  අපි හම්බ වුණා. ඔහු, තමන්ට යුරෝපයෙ තියෙන හැකියාව ගැන සෑහෙන දේවල් විස්තර කෙරුව. 'ඔබ තුමා ඔය ඉස්කෝලෙ ළමයින්ට වැඩ සටහන් කරන එක  නියමයි! අපි අනිවාර්යයෙන්ම මොනවහරි කරමු!' ජන සමාජය දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත් පාසැල් යන අලුත් පරම්පරාව අතිශය වැදගත් බවත්, මම කියනකොට, ඔහු දැඩි හැගීමකින් කිව්ව. ඊට පස්සෙ, ඔහු හෝමාගම ප්‍රදේශයෙ විදුහලක විදුහල්පතිවරයෙකුගෙ දුරකථන අංකයක් දීල සම්බන්ධ කරගෙන ළමයින්ට වැඩසටහනක් කරන්න කියල කිව්ව, ඔහු ඒ විදුහල්පතිවරයට කතාකරල තියෙන්නෙ කියලත් කිව්ව. 'එතකොට කව්ද මේක සංවිධානය කරන්නෙ ? ළමයින්ට refreshment එකක්..එතකොට මේ වැඩ සටහන අඩුම තරමෙ video කරල YouTube එකට දාල තව ප්‍රයෝජනයක් ගන්න..වැඩසටහන කරන්න අවශ්‍ය sounds, screen එකක් වගෙ දේවල්..??' ඔහුගෙන් එහෙම මොකුත් කතාවක් නැහැ, ඇහුවට මොකුත් කියන්නෙත් නැහැ, ඉතිං මම ඒ විදුහල් පතිවරයට කතා කෙරුවෙ නැහැ. අය්යෝ! කතා කෙරුවේ නැද්ද? මම හිතුව කතා කරලා වැඩේ කරයි කියල, අපරාදෙ! මම අනිද්ද ආයෙත් රට යනව, පස්සෙ දවසක බලමුකො නේද!' ඔහු ඒ ළගම දවසක දුරකථනයෙන් කතාකරල කම්පා වුණ, ආයෙත් කතා කෙරුවෙත් නැහැ හැබැයි. තව එකම එක සිද්ධියක් කියන්නංකො, කොච්චර අත ඇරල වගෙ හිටියත් ආයෙත් මේ ළඟදි කෙනෙක්ව හම්බ වෙන්න මගෙ හිත වෙනස් වුණා. ඔහුත් යුරෝපයෙ බර කාලයක් ඉන්න කෙනෙක්ලු! දිනපොතක ප්‍රශ්න වගයක් ලියගෙනම ආව අහන්න, මගෙ උත්තර ඔහු පටිගත කෙරුව, බොහොම සීරියස් විදිහට තමයි ඇවිදින්නෙත්, 'මමත් ඔබ තුමා වගෙ, ජීවිතය තේරුම් අරං තියෙන්නෙ, මේ සමාජය වෙනුවෙන් මමත් සැහෙන දේවල් වගයක් කරනව! එහෙම කියපු ඔහු ලොකු වැඩ වගයක් plan කරනවා කියල ගියා, ඊට පස්සෙ ඇමතුමක් දෙකක්, ඊටත් පස්සෙ ring cut එකක්. එච්චරයි!
ඔය අතර, මේ දැනුත් අර කලින් කියපු ක්‍රම වලට කතා කර කර ලංකාවට අපු ගමන් හම්බ වෙන්න ඕනෙ කියන තවත් කීප දෙනෙක්ම ඉන්නව. ඉස්කෝලෙ ළමයින්ට වැඩ සටහන් කරන්න, අලුත් සංවිධාන හදන්න, නුතන තාක්ෂණය  හරහා රටවල් අතර රැස්වීම් තියන්න, media හදන්න, පත්තර පටන් ගන්න..ඒ හුඟක් යට ඕනෙලු! මම මේ කර ඇර ඇර ඉන්නෙ, හිත වෙනස් වෙලා ඒ කාව හරි හම්බ වුණොත් එහෙම කියන්නනංකො! හැබැයි ඔය පිටරට ඉන්න යමක් කරන්න පුළුවං  සිංහල  - සිංහල කියල කෑ ගහන අයටයි මේ කියන්නෙ! වැඩක් කරන්න ඕනෙ විදිහ දෙමළ ඩයස්පෝරාවෙන්වත් ඉගෙන ගන්න!! CHAPA

CHAPA on Derana Aluth Parlimenthuwa, April 20, 2016, P8

CHAPA on Derana Aluth Parlimenthuwa, April 20, 2016, P7

CHAPA on Derana Aluth Parlimenthuwa, April 20, 2016, P6

CHAPA on Aluth Parlimenthuwa, April 20, 2016, P5

Aluth Parlimenthuwa, April 20, 2016, P4

CHAPA on Derana Aluth Parlimenthuwa, April 20, 2016, P3

CHAPA on Derana Aluth Parlimenthuwa, April 20, 2016, P2

Tuesday, April 19, 2016

' අපි මේ රටේ මාධ්‍යය නිදහස අගය කරනව, කොහොමත් අපි පෙනීහිටින්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්...ඒ නිසා ඔන්න අපි විද්‍යුත් මාධ්‍යය නියාමනය කරන්න, ස්වාධීන විකාශන අධිකාරියක් පටන් ගන්නව..මේක මේ බලධාරියෙක් යටතෙ මාධ්‍ය පාලනය  කරන්න එහෙම නෙවෙයි, නියාමනය කරන්න..කොහොමත් මේක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි..' ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මද සිනහවෙන් මුව සරසාගෙන කියන්නෙ ඔහොම කතාවක්නෙ!? මාධ්‍යයටත් ඉතිං මේව ඇත්ත! ඇත්තටම මේ පරණවිතනලා තමයි අන්තිම භයානක, මර්වින් සිල්වා කියනකොට, විජිත් විජිතමුනි සොයිසා කියනකොට, නිශාන්ත මුතුහෙට්ටිගමගෙ කියනකොට...සාමාන්‍ය ජනයාට (?) පවා තේරෙනව, එත් කරුණාරත්න පරණවිතාන වගෙ අයව පොදු ජනයාට(?) ලේසියෙන් අහුවෙන්නෙ නැහැ, නිකං උගත් - වැදගත් - ගරුකටයුතු...වගෙ තමයි පේන්නෙ. ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුව සුදානම් වෙන එක පරණවිතාන ජනමාධ්‍යයටම ඇවිත් කියනකොට මාධ්‍යයටත් නිකං fun වෙන්නෙ එහෙමයි. ලංකාව ගමන් කරමින් ඉන්න දිශාව අනුව, ප්‍රජාතන්ත්‍රවාදය - සමාජ යුක්තිය - මානව හිමිකම් - මාධ්‍ය නිදහස...මේවා නිකං විහිළු කතා! සිද්ධවෙන්නෙ, ආණ්ඩුව පියවරෙන් පියවර ජනයා පීඩාවට පත්කරමින් වර්ධනය වන වෙළෙඳපොළට පහසුකම් සලසා දෙන එක. බලන්න! මේ මාධ්‍ය මර්දනයට පදනම් කර ගන්නෙ යෝජිත තොරතුරු දැනගැනීමේ පනත. අවශ්‍ය නීති සම්පාදනය කරන්නෙ ඒ පනත සම්මත කරගත්තට පස්සෙලු! ඒ තමයි ඇත්ත!! හොඳට අහන්න ඔවුන්ගෙ ප්‍රකාශ, පරණවිතාන කියනකොට මේක මේ ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි කියල - ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ ලේකම් කාර්යයාලයෙ සභාපතිවරය කියනව, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍යසේවා කොමිසම වගෙ ස්වාධීන ව්‍යුහයක්ලු මේ! අදාළ පත්කිරීම් ඒ වගෙ ස්වාධීනව කෙරෙන්නත් ඕනලු!! ඔය කියන සියළු කමිෂන් සභා පත් කෙරෙන්නෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙන්, එය කිසිසේත්ම ස්වාධීන එකක් නෙවෙයි. ඒ ගැන අපි දැන් ඇති තරම් කතා කරල තියෙනව. තමන් මේ කියන්නෙ පට්ටපල් බොරු කියල පරණවිතනල දන්නව. ඔවුන් මේ දේවල් කරන්නෙ තමන්ගෙ පැවැත්මට. මේ ආයතන පිහිටුවන්න පිහිටුවන්න මේ වගෙ රැළකට මහා වරප්‍රසාද ගොඩක් එක්ක රස්සා ලැබෙනව - මහජන දේපොළ කබසීනියා  කෙරෙනව. ණය බර වැඩිවෙලා අය වැය පරතරයත් වැඩි වෙනව. දුප්පත්කම වැඩිවෙනව, රට ඉවර වෙනව, ඒ අතරෙ දවසක ආයෙත් නැගිටින්න බැරිවෙන්නම රටේ මර්දන යාන්ත්‍රණය මේ අත්වලින්ම සකස් කෙරෙනව. ඉතිං මිත්‍රවරුණි! මේ පරණවිතානලගෙ බොරු වැදගත් පෙනුමට රැවටෙන්න එපා! මේ තත්වයන්ට එරෙහිව හිට ගන්න!! හැබැයි හෙට නං පමා  වැඩිවෙන්න පුළුවං!!! CHAPA

මිත්‍රවරුණි! මේ පරණවිතානලගෙ බොරු වැදගත් පෙනුමට රැවටෙන්න එපා!

මිත්‍රවරුණි! මේ පරණවිතානලගෙ බොරු වැදගත් පෙනුමට රැවටෙන්න එපා!

' චාපා මේ වෙලාවෙ මොකක් හරි පක්ෂයකට වැඩ කරනවද?'
ඉනෝකා සත්‍යාංගනී දුරකතනයෙන් ඇහුව. ඒ, පහු ගිය මහා මැතිවරණය කිට්ටුව දවසක්. ' නැහැ! මම කවදාකවත් කිසිම පක්ෂයකට වැඩ කරන්නෙ නැහැ! ඡන්දය දාන්නෙත් නැහැ!!' මම කියාගෙන ගියා.
' එහෙමනං හරි! මං වගේම තමයි, අපිට ඕනෙත් එහෙම ස්වාධීන කට්ටිය!!' ඇය විශ්වාසනීය විදිහට කිවුව. ඊට පස්සෙ ඇය මෙහෙම විස්තරයක් කෙරුව;
' අපි මේ දවස්වල විද්වත් හමුවක් සංවිධානය කරගෙන යනව, කිසිම පක්ෂයකට නැති අය තමයි එකට එන්නෙ, චපාත් එන්න..' ඉතිං මම ගියා. තැන, ඇතුල් කොට්ටෙ හන්දියට කිට්ටු බෙනට් රත්නයකගෙ ගොඩනැගිල්ල. කීප දෙනෙක් ඒ වෙනකොටත් ඇවිත් හිටිය, ඉනෝකත් හිටිය. දන්න අය අතරෙ, මොහාන් රාජ් මඩවල, නවරත්න ගමගෙ..හිටිය. ' මල්ලි කවුද?' බෙනට් ගැඹුරු බැල්මක් එක්ක මගෙන් ඇහුව.
'මම...' මම ඉතිං මොනවද කියන්නෙ! ටිකක් කල්පනා කරන අතරෙ ඉනෝකා මං ගැන පොඩි විස්තරයක් කෙරුව. ' මේකයි මල්ලි..අපි දැන් කීප වරක් දිගටම හම්බ වුණා, බොරු කියන්න ඕන නැහැනෙ...අපි මේ කරන්නෙ ඉලෙක්ෂන් එක ඉලක්ක කර ගත්ත වැඩක්...' අපි බලන්නෙ මහින්දව යවල ගත්ත ජයග්‍රහණය මේ මැතිවරණයෙදිත් තහවූරු කර ගන්න..'  බෙනට් දිගටම කියාගෙන යනව. 'ඒ වුණාට, අපි මේක කරන්නෙ පොදු අරමුණකුත් එක්ක...' ' මේ රටට අයෙත් ඒ ඒකාධිපති පාලනය එන්න දෙන්න බැහැ..' ' කොටින්ම මහින්දගෙ බලවේග  අතුගලම දාන්න ඕනෙ..' ඔය වගෙ කතා ඒ අතර අනිත් අය කියනව, ඒ ඒ අයත් ඒවාට උත්තර දෙමින්, කෑලි එකතු කරමින් ඉන්න අතරෙ,  හර්ෂ මාකලන්ද පහුවෙලා රැස්වීමට ඇවිත් මගෙ ළඟම ඉඳගත්ත, '..මං  ඒ ටික ඔක්කොම පේපර් එකකට ගත්ත, එතකොට අපිට ලේසියි..' මම හර්ෂ දන්නව වුණා ට හර්ෂ මාව
දන්නෙ නැහැ. එත් ඔහු ඉතාම සුහද විදිහට මුමුණන හඬකින් මට විස්තර කියාගෙන යනවා, ' මං කිව්වෙ..රනිල්..ප්‍රයිම්මිනිස්ටර් කියපු විදිහට...' ඒ අතර මහින්දට විරුද්ධව කරන්න හදන එක එක වැඩ ගැන වෙන වෙන කතා.
මට ඉතිං තව දුරටත් නිහඬව ඉන්න බැහැ!
මම ටිකක් උස හඬින් මෙහෙම කියන්න පටන් ගත්ත, 'මං හිතන්නෙ...මම ඇවිල්ල ඉන්නෙ වැරදි තැනකට..මම මෙතන ඉන්න එක සාධාරණ නැහැ, මම මේ කණ්ඩායමට අයිති නැති නිසා, ඉනෝකා කිව්වෙ ස්වාධීන විද්වත් හමුවක් ගැන...ඒ නිසා මම යනව..'  මම නැගිට්ට. ' අපිට ඉතිං බොරු කියන්න බැහැනෙ...අපි රනිල්ට තමයි මේ කැම්පේන් එක කරන්නෙ..හරි! චාපා ගෙ මතය අපිට කියල යන්නකො..' බෙනට් සුහද හඬකින් කිවව.
' ම්ම්ම්..මගෙ අදහස වෙනස්...අපිට රටක් හැටියට ගොඩ එන්න ඇත්ත විද්වත් කතිකාවක් ඕනෙ, මේ එක එක දේශපාලන නායකයො අල්ලගෙන ඒක කරන්න බැහැ, ඇත්තටම...මේ..හර්ෂල ගැන..නවරත්න ගමගේලා ගැන මට තියෙන්නෙ කණගාටුවක්...මේ අයට ලොකු බලයක් තියෙනව, අපි රට හරි දිශාවට තල්ලු කරන ජනතා බලවේගයක් ගොඩ නගන්න ඕනෙ..මම පෙනී හිටින්නෙ ඒ වෙනුවෙන්...'
එහෙම කියාගෙන ගිය මං එතනින් එන්න අවා. අපි මේ මොනවද කරමින් ඉන්නෙ!?
මම මේ තවම කල්පනා කරනව.
CHAPA

Monday, April 18, 2016

බදු බර වැඩිවෙනව තමයි!
මැයි මාසය පටන් ගන්නකොටම ජනයාට බදු බර වැඩි වෙනව!
ආණ්ඩුවෙ ආර්ථික විශේෂඥයො ජනයා මත බදු බර පටවන්න හැදුවොත් ඒකට මම ඉඩ දෙන්නෙ නැහැ කියල ජනාධිපති මෛත්‍රී ඔය කියන්නෙ බොරුවටද, නොතේරෙන අහිංසක කමකටද කියල දැන්ම කියන්න බැහැ.ඒක අපි පස්සෙ බලමු! එත්, මේ බදු වැඩිවෙන්නෙ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ගිවිසුම්ගතව ආණ්ඩුව ආයෙත් ණය ගන්න හදන නිසා.
'..meeting with the IMF director Minister emphasized the urgent need for increasing government revenue and simplifying country's tax administration with tax reforms...'
මේ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ කළමණාකාර අධ්‍යක්ෂ Christine Lagarde සහ ලෝක බැංකු කළමණාකාර අධ්‍යක්ෂ Sri Mulyani Indrawati  සමග සාකච්චා කරන වෙලාවෙ, යෝජිත බදු සංශෝධනය ගැන අවධාරණය කරන විදිහ. 2016 පෙබරවාරි 16, මේ, රැස්වීම වාර්තා කරන NEWS,lk නිල වෙබ් අඩවිය තව දුරටත් මෙහෙම සටහන් කරනව;
 '..discussions will continue in the context of the next regularly scheduled post - program monitoring mission led by Todd Schneider..'
මේ කියන්නෙ, හරියටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවෙ ආර්ථිකය හසුරවන විදිහ. අපේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති..නිකම්ම නිකං රුකඩ විතරයි. හර්ෂලා හොඳයි උසස් පෙළට ආර්ථික විද්‍යාව උගන්නන්න වගෙ වැඩකට. මහ බැංකුවෙ හිටපු කබ්රාල්, දැන් ඉන්න මහේන්ද්‍රන් වගෙ අයට කරන්න අමුතු දෙයක් නැහැ. ටොඩ්ලට අත් උදවු කරන්න විතරයි ඔවුන්ට තියෙන්නෙ,
මේ ආර්ථික ඝාතකයො!
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නෙ ලෝකයම ගිල ගන්න හදන බිහිසුණු මෝරෙක්, ලෝක බැංකුවත් එහෙමයි, මේ යථාර්තය තේරුම්ගන්න බැරි අපේ මෝඩ බබාල කුමන්ත්‍රණ න්‍යායක් ගැන  කියා කියා මෝඩ චුන් එකක් ගන්නව.
මතක තියාගන්න! අර්බුදය, මහින්ද, මෛත්‍රී , රනිල්..මේ හැමෝටම ඉහළින් වර්ධනය වෙමින් අපිව ටික ටික ගිල ගන්නව!
CHAPA

බලන්න! ගැමුණු විජේරත්න කියන පුද්ගලය ප්‍රවෘති මවන හැටි!


ප්‍රභාකරන් වෙනුවට දැන් වෙන දෙමළ නායකයො ගණනාවක් දෙමළ පොදු ජනයා වෙනුවෙන් පෙනීහිටිනව. ඔවුන් මොන මොන දේවල් කියමින් හිටියත්, පොදුවෙ, උතුරු නැගෙනහිර කළාපයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන වෙනම දෙමළ පාලන ඒකකයක් සඳහා වන බලය බෙදීමකට එකඟයි. වර්තමාන පාර්ලිමේන්තුව දැන් එකම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හැටියටයි ක්‍රියා කරන්නෙ, ඒ, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. මේ සියලු දේවල් කෙරෙන්නෙ, එක්සත් ජාතීන්ගෙ සංවිධානය, ඔවුන්ගෙ
බළල් අඬු විදිහට ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධාන සහ ඒ සියලු තැන් එක්ක වැඩකරන දෙමළ  ඩයස්පෝරාවට අනුව. ඊට සමගාමීව, රට ණය උගුලක හිරකරගෙන ඉන්න, විදේශ මුල්‍ය ආයතනවල උපදෙස්මත රටේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කෙරෙනව. තව ටික දවසකින් අප පෙළන බධු සංශෝධන එන්නෙත් එහෙමයි. මේ විදිහට රට ඉස්සරහට ගියොත්, රටක් නැතිවෙනව. රට, එක එක රටවල කුණු වෙළඳපොළක් බවට පත් වෙනව. දුර්වල රාජ්‍ය පාලනයක් - ලාභ වෙළෙඳපොළක්! මේ තමයි ඔවුන්ගෙ න්‍යායපත්‍රය.
සිංහල, දෙමළ, මුස්ලිම් අපි, එකට එකතු වුණොත් හැර මේ මහා ඛේදවාචකයෙන් ගැලවෙන්න අපි කාටවත් බැරිවෙනවා. අපිට මේ ගැන දියුණු දේශපාලන සංවාදයක් - මැදිහත්වීමක් ඕනෙමයි. ඒත් අපි සුදානම් නැහැ! වඩාත්ම නරක තැන්වල තියෙන්නෙ මුස්ලිම් සහ දෙමළ සමාජ. මුස්ලිම් සමාජය ගැන නං කතාකරන්න වෙන්නෙ අන්තිමට, එය ලෝක දේශපාලනයත් එක්ක ගැට ගැහෙන විදිහ හරිම බිහිසුණුයි! ඒත්, අත ලගම තියන ප්‍රශ්නය දෙමළ බෙදුම්වාදය සඳහා වන ව්‍යවස්ථා වෙනස නං පරාජය කළ යුතුමයි. දෙමළ පොදු ජනයාට මේ වගෙ  බලය බෙදා හැරීමකින් සිද්ධ වෙන්න යන මහා විනාශය ගැන ඒත්තු ගන්වන්න පුළුවන් නං !? ප්‍රභාකරන්ලා නිසා සාමාන්‍ය දෙමළ ජනයා බුරුතු පිටින් පොළොවට පස් වුණා. මේ දෙමළ නායකයො කියා ගන්න අයත්
කරන්නෙ ඒ ටිකමයි. කුලීන - කුල හීන පරතර, යාපන - මඩකලපු - කඳුකර   පරතර ඇතුළෙ හිරකරගෙන ඉන්න පොදු දෙමළ ජනයාට මේතක්කඩි දෙමළ නායකයො මොන යුක්තියක් ලබා දෙන්නද? ඇති නැති පරතරයත් දෙමළ සමාජය ඇතුළෙ හරිම බරපතලයි. ඒ පොදු ජනයාට යුක්තිය ලබාගන්න පුළුවං  එක රටක් ඇතුළෙ - මේ පවතින තත්වයන් ඇතුළෙ ඉස්සරහ යමින්ම තමයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක්,
සමාජ යුක්තිය ලබාදෙන නීතියෙ ආධිපත්‍යයක්, සම්පත් බෙදීයන - ආර්ථික විෂමතාව අවම වන ආර්ථික ක්‍රමයක් හරහා, සිංහල, දෙමළ, මුස්ලිම්...අපි එකට - රටක් හැටියට ගොඩනැගෙන
හැටි තමයි අපි සංවාදයට ගන්න ඕනෙ, එත් ඒක කොහොම කරන්නද? CHAPA




Saturday, April 16, 2016

ඒ, 2010 - 2011 ආසන්න කාලය, හැම ඉරිදාම වගෙ, වෙන්නප්පුව හලාවත මැද්දෙන් මුහුද අද්දරට තියෙන තොඩුවාව කියන ධීවර ගම්මානයට අපි ගියා, මඩු කුමාරි කියන ප්‍රජා ශාලාවට ධීවර පවුල් සාමාජිකයො සැහෙන ප්‍රමාණයක් එදාට එකතු වෙනව, මුහුදෙ රළ හඬ නගද්දී අපි හුඟක් දේවල් කතා කෙරුව, ධීවරයන්ගෙ රැකියාවට සම්බන්ධ ප්‍රශ්න, පවුල්වල ප්‍රශ්න, විශේෂයෙන්ම ළමයි ගැන...


අපි සාකච්චා වට ගණනාවක් ඉතාමත්ම සාර්ථක විදිහට කරගෙන ගියා අවුරුද්දකට වඩා  වැඩි කාලයක්.. එය වෙනස්ම අත්දැකීමක්, ඒ ගම්මානවල තාමත් තියෙන්නෙ පල්ලියෙ හෙවනැල්ල, ඒ හරහා ඔවුන් මානසිකව එක තැනකට කොටු කරල. ධීවර කර්මාන්තය සංවර්ධනය කරන්න අමාත්‍යංශ ඇතුළු ආයතන කිහිපයක් තිබුණත් ධීවරයන්ට ඒවායින් දැනෙන සේවයක් වෙන්නෙ  නැහැ, ඒ මදිවට NGOs ව්‍යාපෘති! ඉතිං අපි කොච්චර සාර්ථක විදිහට මිනිස්සු එක්ක යම් ගොඩනැගීමක් කෙරුවත් එක මොහතකින් අනිත් පැත්ත හැරෙන්න ඉඩ කඩ වැඩයි. අන්තිමට බලනකොට ඒ මතකය හැර මොකුත්ම ඉතුරු නැහැ වගෙ, ඒ, මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් වුණාට වගකියන්න ඕන රටේ පාලකයො - හැබයි පාලකයො එන්නෙත් ඒ අතරින්. ඒ සංවාදය තවම එහෙමමයි! ඒ අතර මඩු කුමාරි වහල යටට තවමත් ඉරිදාවට ඒ මිනිස්සුයි තව මිනිස්සුයි එකතු වෙනව ඇති. මුහුදෙ රළත් ඒ විදිහටම හඬ නගනවා ඇති! CHAPA

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2015 සඳහා ලෝකය පිළිබඳ තමන්ගෙ මානව හිමිකම් වාර්තාව එළිදක්වනව. අතිශය වැදගත්ම ප්‍රශ්නය ඇමරිකාවට ඒ බලය දෙන්නෙ කවුද කියන එක! ඔවුන්ට එහෙම බලයක් හෝ අයිතියක් නැහැ. ඊළඟ බරපතළම ප්‍රශ්නය, ඇමරිකාව මානව හිමිකම් දරුණු විදීහට උල්ලංඝනය කරන ගමන් තමයි මෙහෙම ලෝකය ප්‍රශ්න කරන්නෙ. ඔවුන්ට මොනවද ඇත්තටම ඕනෙ ?  අපි මෙහෙම බලමු!! ඇමරිකාව දැන් ලංකාව ගැන කියන්නෙ මොනවද? ටියුනීසියාව, නයිජීරියාව සහ මියන්මාරය සමඟ සංසන්දනය කරමින් ලංකාව යම් ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් පෙන්වනවලු! මොකද්ද මේ පරාමිතිය? ඔය කියන අනිත් රටවල් එක්ක ලංකාව සංසන්දනය කරන පදනම මොකද්ද? මේ, ඔවුන්ගෙ පූර්ව සැලසුම්සහගත නිරීක්ෂණ. ඊළඟට ඔවුන්, අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපෘති වාර්තාවක් උපුටා දක්වනවා. 2015 ත් ආරක්ෂක අංශ මගින් සිද්ධවෙච්ච මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කියනවා, මේ කියන සිදුවීම් දිහා බලනකොට පේනවා, ඔවුන් මේ කතා කරන්නෙම ලංකාවෙ  දෙමළ ප්‍රජාව ගැන - යටි අරමුණක් එක්ක. ලංකාව කියන්නෙ උතුරු නැගෙනහිර කළාප විතරයි කියල ඔවුන් හිතාගෙන ඉන්නව, ඔවුන් මේ ඇත්තටම කරන්නෙ දෙමළ ඩයස්පෝරාවට ඕන දේ, ලංකාවෙ රාජ්‍ය බලය බිඳල ඊනියා බලය බෙදාහැරීමකට පොළොව හදල තමන්ගෙ බල ව්‍යාපෘතිවලට පාවිච්චි කරන්න. ලංකාවෙ මානව හිමිකම් ගැන මෙච්චර උනන්දු ඇමෙරිකාව, 88-89 කාලයේදී ජවිපෙ ට එදිරිව ලංකා රාජ්‍ය කරපු ම්ලේච්ඡ ඝාතන ඇතුළු දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ( දැන් ජවිපෙ ට වත් මතක නැති!) ගැන කවදාවත් මෙහෙම කතා කරන්නෙ නැහැ, ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගෙ බළල් අත්  විදිහට වැඩකරපු රාජ්‍ය නොවන ආයතන කිහිපයකුත් ඒ භිෂණය පිටිපස්සෙ තිබුණා, මේ තමයි ඇත්ත! ලංකාවෙ රෙජිම වෙනස්කිරීම ( Regime change ) සහ එදා මෙදා තුර රට තුළ ක්‍රියාත්මක ව්‍යුහාත්මක වෙනස්කිරීම්, විශේෂයෙන්ම ආර්ථික හැසිරවීම් යට ඉන්නෙ ඇමෙරිකාව ප්‍රමුඛ මේ ඒජන්තවරු තමයි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව...රාජ්‍ය නොවන ආයතන පොකුරක් මේ මහා මෙහෙයුම ඇතුළෙ දිගටම ඉන්නවා. එක්සත් ජාතීන්ගෙ පුවරුව තමයි
ඉස්සරහින්ම තියෙන්නෙ. මේ වැඩවලට ලංකාවෙ උගත්තු, බුද්ධිමත්තු, කලාකාරයො..හුඟක් අය විකිණිල හින්ද රට තියෙන්නෙ ලොකු අවුලක. දැන්, අපි ඇමෙරිකාව පැත්තට හැරෙමු! ඇමරිකාව කියන්නෙ, ඉතිහාසය පුරාම දරුණු යුධ අපරාධ කරමින් ඉන්න රටක්. වියට්නාම් යුද්ධය, ගල්ෆ් යුද්ධය සහ ඉරාක ආක්‍රමණය ගැන ඇමෙරිකාවට කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද? CIA හරහා ඔවුන් කරන දේවල්?! ඒ අතර ඔවුන් ගුවන්තනොමෝ ඇතුළු රහස් වධකාගාර සිර කඳවුරු පවත්වාගෙන යන බව දැන් ලෝකයම දන්නවා.Torture in United States Prisoners ( of  American Friends Service Committee Northeast Region Healing Justice Program)  කියන වාර්තාවට අනුව ඇමෙරිකා  සිරගෙවල් ඇතුළෙ සිරකරුවන් අමානුෂික වධ බන්ධන වලට ලක්වෙනව. මේ හෙළිදරවු කිරීම් හේතුවෙන්, ජනාධිපති ඔබාමාටම, එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ගැන පැමිණිළි කරන්න සිද්ධවෙන හැටි 2015 මැයි 11 Breitbart වෙබ් පිටුව වාර්තා කරනව. මේ අතර චීනය, ඇමෙරිකානු මානව හිමිකම් වාර්තා නිර්දය විදිහට ප්‍රතිෂේප කරන හැටි, China issues report attacking US human rights records යනුවෙන්  2015 ජුනි 26 the Guardian වාර්තා කරනව. චීනයට එහෙම කරන්න හයිය තියෙනව. එත් ලංකාවෙ අපි? දැන් මොකද්ද කරන්නෙ ? කෝ අපිට - නායකයො? දේශපලානඥයො? උගත්තු? වෘත්තිකයො? අපි ඔවුන්ගෙ වෙළඳ උගුලකට අහුවෙලා, ලෝකයටම ණය වෙලා, ඒ ණයත් හොරා කකා හැළිය රත් වෙනකං දිය කෙළින කකුළුවො වගෙ fun එකේ ඉන්න ජාතියක්! ඉතිං අපි කොහොමද රටක් හැටියට ගොඩ නැගෙන්නෙ? ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකය ඇතුළෙ නොංජල් නොවී තමන්ගෙ තැන ලකුණු කර ගන්නෙ!? CHAPA

Thursday, April 14, 2016

සමාජය මේ මුහුණ දෙන මහා අර්බුදයෙන් ගොඩඑන්න නං වේගයෙන් සහ විධිමත්ව දැනුම වර්ධනය කරන්න ඕනෙ, එය දේශපාලන අර්ථයෙන් අඛණ්ඩ මැදිහත්වීමක්, 2013 - 2014
කාලයෙදී, වෙන්නප්පුව, තල්දෙක විද්‍යාලයෙදි මේ ගන්නෙ එහෙම උත්සහයක්, ශිෂ්‍ය ශිෂ්‍යාවො ඒ වැඩ  සටහන් වලට සහභාගී වුණේ පුදුම උනන්දුවකින්, පාසැල ඇතුළෙත් ඒ අවටත් සෑහෙන
වෙනසක් ඇතිවෙන්නත් පටන් ගත්ත, එත් එහෙම වැඩ දිගටම කරන්න ඉඩ නොදෙන බාධක කොයි තරම්ද? මම තවම කල්පනා කරනවා, ඒ බලාපොරොත්තු සහගත ළමා මුහුණු සංවාදය මැද්දෙ විකසිත වුණ හැටි! 

තැනක අපි හිරවෙනවා! ඒ කොතැනද? 

CHAPA

Monday, April 11, 2016

Right to information!? April 10, 2016

කෘෂිකර්ම අමාත්‍යංශය, රුපියල් මිලියන 21 ක මාසික කුලී පදනම මත, රාජගිරියෙ නව ගොඩනැගිල්ලකට ගෙන එන බව මාධ්‍ය ඔස්සෙ අනාවරණය වෙනවා.මේ ගොඩනැගිල්ල අයිති, උපාලි ජයසිංහ සහ සබීතා පෙරේරා ට අයත් DP Jayasinghe Group  එකට. හෙළිදරවු වන විදිහට මේ තීරණය සහ සැලැස්ම, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ. කෘෂිකර්මාන්තය නැත්තටම නැතිකරන, විශේෂයෙන්ම වී ගොවිතැන විනාශ කරමින් ඉන්න මේ පාලකයො මේ කරන්න හදන මහා ආර්ථික අපරාධයට කාටද වගකියන්න පුළුවන්? මේ මහා මුදල් කන්දරාවෙන් මේ රටේ ගොවිතැනට - ගොවියන්ට මොනතරං දේවල් කරන්න පුළුවන්ද ? වකුගඩු රෝගයට ගොදුරු වූ අසරණ ගොවියන්ට සහන ලබා දෙන්න, ඒ දරු පවුල් වලට යමක් කරන්න, වස විස වලින් මේ පොලව බේරගන්න පර්යේෂණ කරන්න...තව කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ වගේම, කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්න ඕන කොළඹ නෙවෙයි රජරට, අනුරාධපුරය හෝ පොළොන්නරුව වගෙ ප්‍රදේශයක! මේ එක සිද්ධියක් විතරයි. ගෙවී ගිය දශක කීහිපය පුරා රජයෙ ආයතන පවත්වාගෙන යන්න මේ විදිහට කොච්චර මුදල් කාබාසීනියා කරනවා ඇද්ද? දරාගන්න බැරි තරං මහා අය වැය පරතරයක් තියෙන මේ රටේ, උහුලන්න බැරි තරං  ණය  ගන්න මේ රටේ, පාලකයන්ට මෙහෙම පිස්සු කෙළින්න දෙන්න ජනයා හැටියට අපට පුළුවන්ද? දැන් ඉතිං අහන්න එපා, මහින්දගේ කාලෙ ඕව සිද්ධ උනේ නැද්ද කියල. කාගෙ හරි කාලයක, රටට උහුලන්න බැරි මේ ආර්ථික විනාශයන් කරන එක නවත්තන්න ඕනෙමයි! එත්, ඒ කොහොමද? මෙහෙම ගියොත් ලංකාව නැත්තටම නැතිවෙලා යන්න වැඩිකල් යන්නෙ නැහැ!CHAPA

අපි කවුද? අපි මේ මොනවද කරන්නෙ?

Saturday, April 9, 2016

Right to information?No! to make limitations!!

Right to information? No! to make limitations!!

Right to information? No! to make limittions!!

Port City හෙවත් සාගර නගරය ඉදිකරන වැඩ කටයුතු යළි ආරම්භකරන්න ආණ්ඩුව චීනයත් එක්ක එකඟ වෙලා. අගමැති රනිල් කියන්නෙ, එය කළාපීය ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි කියල. ප්‍රශ්නය එය නෙවයි, සාගරය මහා පරිමාණයෙන් හාරමින් කරන මේ ඉදිකිරීම ස්වභාවධර්මයට බරපතල තර්ජනයක්. ලෝකය මේ මොහොතෙ මුහුණ දෙන බරපතලම අභියෝගය තමයි, ස්වභාවධර්මයට එරෙහිව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම්වල අනිසි විපාක වලට මුහුණ දෙමින් සිටින එක. ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට බලපාන හේතු රැසක් නිර්මාණය කිරීම, ඕසෝන් වියන හානිකිරීම, මහා පොළොව විෂ කිරීම...වැනි හුඟක් දේවල් අපි ලෝක වැසියෝ හැටියට  කරමින් ඉන්නවා. ලංකාවත් එහෙමයි. අපි අපේ වන වියන විනාශ කරනවා, ගංගා  - ඇළ - දොළ හිඳෙන විදිහට ජාල පෝෂක ප්‍රදේශ විනාශ කරනවා, ගංගාවල වැලි ගොඩ දානවා, ගංගා දෙපස පස් වලට හාරනවා, කඳු කළුගල්වලට කඩනවා, රසායනික ද්‍රව්‍ය දාල පොළොව විෂ කරනවා, වායුව දුෂණය කරනවා...මේ අතර උමා ඔය වගෙ මහා ව්‍යාපෘති හරහා කඳුකරය අස්ථාවර කරනවා, මහවැලිය උනත් ස්වභාවධර්මයට සංවේදී ව්‍යාපෘතියක් නෙවෙයි, මේ අතර තමයි රටේ තැන තැන භුමි කම්පා ගැන ඇහෙන්නෙ.
ලංකාව පිහිටා තියෙන්නෙ සුමාත්‍රා කම්පන කළාපයට වැඩි ඈතකින් නෙවෙයි, ඒ නිසාමත් මේ මුහුද මහා පරිමාණයෙන් හාරන එක අන්තිම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් වේවි. එත් කාටද දැන් මෙය නවත්තන්න ඕනෙ ? කාටවත් ඕන නැහැ. බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව, විල්පත්තු - කල් ආරු  වන විනාශය පටන් ගන්න එදා බදුර්දීන්ට ඉඩ හදල දුන්න, මෛත්‍රී - රනිල් ආණ්ඩුව අදත් ඒ වැඩේට ඉඩ දීල තියෙනවා. සාගර නගර ව්‍යාපෘතිය පටන් ගන්නෙ රාජපක්ෂ ආණ්ඩුව, විමල්ලා තවමත් ඒ වෙනුවෙන් පෙනීහිටිනවා. මහින්ද, ලංකාව චීනයට විකුණනවා කියල බලය අතට ගත්ත මෛත්‍රී - රනිල්..දැන් චීනයට ගිහිං සාගර නගරය ඉදිකරන්න කියල අඬනවා - මොකද්ද මේ රට? දැන් කෝ අර පරිසර සංවිධාන? ඒවා ඔක්කොම NGO projects! බොරුවට ප්‍රශ්න හදල කෑගහල ඇත්ත ජන විරෝධයක් එන්න තියෙන ඉඩ අහුරල තක්කඩි විදිහට ඒ වැඩ ටික කෙරෙන්න අරිනවා. අපි දැන් මොකද්ද කරන්නෙ ?  CHAPA

Monday, April 4, 2016

ඇත්තටම අපිට මොනවද ඕනේ? 
ඒක ලොකු ප්‍රශ්නයක්! 
කට්ටියක් මේ තියෙන විදිහ යහපත් කියල හිතනවා, කට්ටියක් ඊට විරුද්ධව උද්ඝෝෂණය කරනවා, කට්ටියක් විකල්පය තියන්නේ අපි ළඟ කියල විශ්වාශ කරනවා, කට්ටියකට මේ එකක්වත් වැඩක් නැහැ. තරුණ පරම්පරාවක් වැඩිහිටියෝ වෙනවා, වැඩිහිටි පරම්පරාවක් යන්නම යනවා, අලුත් පරම්පරාවක් එනවා, මේ චක්‍රය දිගටම ක්‍රියාත්මක නිසා අවසානයක් නැහැ! එත්, මේ මොහොතට අදාළව අපිට එකතුවෙලා, වඩා යහපත් පැත්තකට සමස්ත සමාජය තල්ලු කරගන්න මොනවද කරන්න පුළුවන්? දේශපාලන පක්ෂ ඇතුළෙ - එළියත් එක්ක ගලප ගන්න පුළුවන් සංවාදයක් නැහැ, උගත් කියන, බුද්ධිමත් කියන සමාජ තීරුව ඉන්නේ එක එක අරමුණු වල, ජනමාධ්‍ය ලාබ ලබන ව්‍යාපාරයක් විතරයි. පොදු ජනයාට තමන්ගේ පැවැත්ම හැර වෙන දේවල් ගැන හොයන්න ඉස්පාසුවක් නැහැ.ධනවාදය ඇතුළෙ කොහොමටවත් හිතන්න පුළුවන් මිනිස්සු හැදෙන්නේ නැහැ. උත්තරය සමාජවාදය වගේ පෙනුනට, තවමත් එය ලෝකයේ ප්‍රයෝගික ඇත්තක් නෙවයි. ප්‍රශ්නය මේකයි! ලෝකයට මෙහෙම දිගටම පවතින්න බැහැ, එන්න එන්න අර්බුධ වැඩිවෙනවා, ජෛවගෝලය ඇතුළෙ මානව ශිෂ්ටාචාරයත් බරපතළ අභියෝගයකට ලක්වෙමින් තියන්නේ! අපි හිතාගන හිටියට තනියෙන් ගොඩදාගන්න පුළුවන් අර්බුධයක නෙවයි අපි හිරවෙලා තියන්නෙ! විසඳුම් හොයන්න කලින් පවතින තත්වය පැහැදිළිව කියවගන්න බලමු!? චාපා  

CHAPA with Seya on Colombo tv, March 30, 2016, P 3

CHAPA with Seya on Colombo tv, March 30, 2016, P 3

CHAPA with Seya on Colombo tv, March 30, 2016, P 2

CHAPA with Seya on Colombo tv, March 30, 2016, P 1

Sunday, April 3, 2016

MEDIA?! ඊ ළගට කරන්න ඕන මොකද්ද?

සමාජය වඩා යහපත් තැනකට ඔසවා තබන්න පුලුවං සංවාදයක් ඇතුළෙමයි. හැදැරීම, අත් හදා බැලිම, ප්‍රශ්න කිරිම, පිළිතුරු සෙවිම...මේ හැම දෙයකටම විවෘත මනසක් ඕනි. ඇත්ත උවමනාවක් තියෙන්නත් ඕනි. ඒ සදහා 'අප තුළමත්' සංවාදයක් තියෙන්න ඕනි. යහපත සදහා වන සමාජ පරිවර්තන අවම වෙලා තියෙන්නෙ අපි පොදුවේ සංවාදය ට සුදානම් නැති නිසයි. පක්ෂ
න්‍යාය පත්‍ර, NGO ව්‍යාපෘති වෙළෙඳ ව්‍යාපෘති, පුද්ගලික න්‍යාය පත්‍ර, මඩ ගැසිම්, හුදු වචන හරඹ...මේ සංවාදයක් නෙවෙයි. MEDIA කරන්නෙ විකුණන එක. ඒවා වෙළෙඳ කටයුතු. මේ සියල්ල මැද්දේ
සංවාදය ගොඩනැගෙන්නෙ කොහොමද?
මගෙ පුද්ගලික අත්දැකීම මෙහෙමයි; ජනප්‍රිය මාධ්‍ය වල පෙනි හිටින කොට පොදුවේ මිනිස්සු මාව පිළිගන්නව. එක කට්ටියක් අහනව MEDIA වලට කඩේ යන්නෙ මොකද කියල.
ජනප්‍රිය MEDIA වෙනුවට පොදු ජනයා අතර වැඩ කරන්න පටන් ගන්න කොට JVP වගෙ පක්ෂ, තවත් කණ්ඩායම්, NGOs ඒ වැඩ අවුල් කරනව. ඒ ඔවුන්ගෙ කෙනෙක් නොවන නිසා. පොදු ජනයා අතරින් එන පොදු කියවීම වෙන්නෙ, දැන් මෙයාට MEDIA
වල තැනක් නැතුව ඇති වගෙ එකක්. පිළිගත් මට්ටමේ ආයතනයක් එක්ක මොකක් හරි වැඩක් කෙරුවොත්, මෙයා වැඩ කරන්නෙ ධනපතින්ට කියන මිනිස්සු 'නිදහස්' පත්තරේ අරගෙන තමන්ගෙ දොර කඩට
එන අපිව පිළිගන්නෙ නැහැ. ('නිදහස් 'කියන්නෙ
Unilever සමගමේ මාබෝලේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ එළියට දාපු වේලවේ, සියලු MEDIA  සමාගම පැත්ත ගත්ත වේලවේ, ඒ සේවක අරගලය වෙනුවෙන් 2001පටන් ගත්ත පත්තරයක් - 2001-2010 පුරා බරපතළ ආර්ථික අභියෝග මැද්දේ විවිධ ක්‍රියාකාරකම් සමග කරපු පත්තරයක්. හුගක් මාසවල  unit cost එක 27/- 28/- වගෙ වෙද්දි දිගටම 20/- ට විකුණපුපත්තරයක් ) 'නිදහස්' අරගෙන අවුරුදු 10ක් පොදු ජනයා අතර වැඩ කෙරුවත්, පොදුවේ ජනයාට එහෙම සංවාදයක් ඕන නැති වග තේරුම් ගන්න වෙනව. ජේසුගෙ කතාවෙ, ජේසුට ඇණ ගහන්න හදන පාලකයා, එක දවසේ කුරුසෙ ඇණ ගහන්න නියමිත ජේසු සහ බරබ්බස් කියන මං පහරන්නා පෙන්නලා ජනයාට කියනව එක්කෙනායි ඇණ ගහන්නෙ කැමති කෙනා බේරගන්න කියල. ජනයා බේර ගන්නෙ බරබ්බස් ව. මේ පොදු ජන හැසිරිමත් - අදටත් වලංගුයි. ඉතිං දැන් අපි කරන්න ඕන මොකක්ද? fb ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලය ඇතුළෙත් අර කලින් කියපු වැඩ ටිකමයි පොදුවේ කෙරෙන්නෙ. ඊ ට කරන්න ඕන මොකද්ද? උත්තරයක් නැහැ ප්‍රශ්නයක් තියෙනව!? CHAPA
















 

Friday, April 1, 2016

අගමැති තලගොයෙක් වෙන්නැතිලු! ජනාධිපති උගේ මැක්කෙක් වෙන්නැතිලු!! 

ජාතක කතාවක් ඇසුරෙන් ඔහොම කියන්නෙ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. තමන් සිරගත කරපු එක ගැන තමයි මේ කියන්නෙ. මේ මොහොතේ යුක්තිය පසිඳලීමට මුවා වී දඩයමක් කෙරෙනව. දේශපාලනය, මානව විරෝධී විදිහට භාවිත කරමින් යටි අරමුණු ඉටු කර ගන්නයි ඒ. මේ හාමුදුරුවොත් ඔය දඩයමකට අහු වෙන්නැති. ඒක එක කතාවක්. යොජිත ප්‍රජාතන්ත්‍රවාදය එතැනදි විකෘතිය ක් වෙනව. හාමුදුරුවන්ගේ මේ හැසිරිමෙන් විකෘති වෙන්නෙ බුදු දහමේ හරය. බුදු දහම තම තමන්ගෙ වාසියට, සිවුරට මුවා වෙලා ප්‍රථමික තැනකට තල්ලු කිරිම ඒ ඊනියා දේශපාලකයන් සහ ඔවුන්ගේ දේශපාලන අවභාවිත ක්තියක් නෙවෙයිද? දේශපාලනය සහ ඒ තුළ යුක්තිය වෙනමත් බුදු දහමේ ගැඹුරු හරය වෙනමත් සංවාදයට ගත යුතුයි!
CHAPA