Wednesday, March 30, 2016

රහස් ගිවිසුම් සදහා තොරතුරු පනතක්? 

මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදිම සදහා යැයි කියමින් ආණ්ඩුව සම්මත කරගන්න උත්සාහ කරන පනත අකුලා ගැනිමට අපි එක්ව බලකරමු! එහි කූට අරමුණ ඉන්දියාව ප්‍රමුඛ තවත් රටවල් සමඟ ඇති කර ගන්න නියමිත ලංකාවට අවාසි වන ගිවිසුම් පිළිබඳ තොරතුරු අනාවරණය වීම වැළැක්වීම යි. දැනට රට තුළ තිබෙන තත්වයන්ට අනුව කළ යුත්තේ අදාළ සියලු කටයුතු විනිවිඳ පෙනෙන ලෙස කිරිමයි. ඊට කිසිදු බාධාවක් නැත!! සිරුවෙන් ඉන්න!!!
CHAPA

we have to be professional, but HOW? CHAPA on Ada Derana Biz

we have to be professional, but HOW? CHAPA on Ada Derana Biz

Friday, March 18, 2016

We, Global People are in a historical Crisis - CHAPA, April 8, 2014

රැළි ඉවරයි!

රනිල්ගෙ රැළිය ඉවරයි, මහින්දගෙ රැළියත් ඉවරයි. ඇත්තටම රට මුහුණ දෙමින් තියෙන සැබැ අර්බුදය මේ රැළි හරහා ප්‍රකාශයට පත් වෙනවද? මෛත්‍රී - රනිල් ආණ්ඩුව කියන්නෙ අපිට වැඩ කරගෙන යන්න දිපල්ලා! කියලා. මහින්ද ප්‍රමුඛ කණ්ඩායම කියන්නෙ, උඹලට කරන්න බෑ - ආණ්ඩුව අපිට දීපල්ලා! කියලා. රට මේ වන විට ගෝලීය වෙළෙඳ පොළ ඇතුළේ මහා ණය බරකුත් එක්ක හිර වෙලා!!
රටේ ආර්ථිකය හසුරුවන්නේ බහුජාතික සමගම්    පොකුරක්. එහි දේශපාලනය මෙහෙයවන්නේ UN සමග ඇමෙරිකානු ව්‍යාපෘති. චීන - ඉන්දියානුකලාපීය මෙහෙයුම් තව පැත්තක. 70 දශකයෙ සිට, රට පියවරෙන් පියවර අගාධයට! පාර්ලිමේන්තුව තුළ, ඉන් පිටත මේ ගැන විධිමත් සංවාදයක් නැහැ. ඉතින් මේ රැළි නැගෙන අතරේ අර විනාශය තව තවත් වේගවත් වෙනව. අපි රටක් හැටියට කොහොම ත් පරදිනව. එහෙමනං...
CHAPA

Monday, March 14, 2016

මන්ත්‍රී දීමනා ඉහළ නොදමනු! 

රටේ අයවැය පරතරය රුපියල් බිලියන 1000 ටත් එහා ගණනක්. දශක කිහිපයක් තිස්සේ ලබාගෙන ඇති ණය කන්දරාව තවමත් හරියටම හෙළිදරවු වී නැහැ. ඒ ණය කොදේසි රටේ ආර්ථිකය දිගුකාලීන උගුලක හිරකරලා. තවමත් රටට නිසි ආර්ථික සැලැස්ම ක් නැහැ. එන්න එන්නම රටේ පැවැත්ම පරිහානියට පත් වෙනව. මේ අව් අස්සේ මන්ත්‍රී දිමනා රුපියල් ලක්ෂ 2 කින් වගෙ ඉහළ දාන්න ආණ්ඩුව සුදානම් වෙනව. මුලු රටම එකට එකතු වෙලා වැටිලා ඉන්න අර්බුදයෙන් ගොඩ එන්න විදියක් හොයනවා වෙනුවට මොකක්ද මේ කරන්න හදන අමන වැඩේ?! කොහොමවත් මේ වැඩෙට ඉඩ දෙන්න බැහැ!! ඊට එරෙහිව රටම එකතු වෙන්න ඕන!!! රුපියල් කෝටි ගණන් විනාශ කරන, පාලකයින්ගේ විදේශ ගමන් සහ අනෙක් රාජ්‍ය නැති නාස්ති කිරිම් වහාම නවත්තලා රට ස්ථාවර කරගන්න හැමෝම දායක වෙමු!  කෘෂි කර්මාන්තය ප්‍රමුඛ දේශිය ආර්ථික ය සංවර්ධනය කරමු ! ආනයනය - අපනයන තරගකාරී වෙළෙඳ පොළක් හදමු! ඒවා බැරි උණත් මන්ත්‍රී දීමනා වැඩි කරන්න හිතන්නවත් එපා!!!
CHAPA

Sunday, March 13, 2016

විදුලි රතු එළිය ! 

අද දහවලේ සිට රට පුරාම හෝ බොහෝ ප්‍රදේශවල විදුලි ය එකවර ඇණ හිටියා. ළග ළග මේ දෙවැනි වතාව. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද හදිසි බිද වැටිමක්ද කියලා දැනගන්න බැහැ. හැබැයි එකක් පැහැදිලියි. මුලු රටම වගෙ දණගස්සවන්න පුලුවන් යම් බලයක් මෙතැනින් මතු වෙනවා. වෘත්තිකයන් සමග නොගැලපෙන සහ අවිචාරවත් ගණුදෙනුවක ඉන්න ආණ්ඩුවට මෙය රතු එළියක්! ජනාධිපති වරයා, අගමැතිවරයා සහ විෂය භාර ඇමතිවරු දැන්වත් වෘත්තිකයන් සමග යහපත් සබඳතා වක් ගොඩ නගා ගන්න ඕන - රටේ යහපත වෙනුවෙන්. අලුත් ඇරඹුමකට මේ රතු එළියහොදටම ප්‍රමණවත්!
CHAPA

Thursday, March 10, 2016

ගොවිතැන මරාගෙන ,ගොවියොත් මරාගෙන අපිත් මැරෙමුද?

 ලංකාව කෘෂි ඉතිහාසයක් - කෘෂි පදනමක් තියෙන රටක්. ඒත් අද කෘෂිකර්මාන්තය මාරාන්තික වෙලා! ගොවියොත් පොදුවේ මාරාන්තික ලෙඩ වලට ගොදුරු වෙලා! විශේෂයෙන්ම රජරට ගොවියන්ට වකුගඩු රෝග අනිවාර්ය වෙලා! අපි හැමෝම දැන් කන්නෙ වස විස! හැදෙන ලෙඩ රෝග හොයාගන්නවත් බැහැ
මේ මහා ඛේදවාචකයට හේතුව පැහැදිලියි, කෘෂි පොහොර සහා කෘමිනාශක රසායනික යෙදවුම්! දශක ගණනාවක් තිස්සේ අපි මේ කාලකන්ණි ඉරණමට ක්‍රමිකව ගොදුරු වෙනව. අනිත් පැත්තෙන් බීජ වෙළෙඳ පොළ අධ්කරිය. අපේ මහා පොළව විනාශ කරලා, බීජ කොල්ල කාපු මොන්සෙන්ටො ප්‍රමුඛ සමගම් වලින් තමයි අපි දැන් යැපෙන්නෙ. ඔවුන් අර රසායනික යෝධයොත් එක්ක එකතු වෙලා අපිව හෙමින් හෙමින් මරා ගන්නව. එදා මෙදා තුර රාජ්‍ය බලය ගත්ත කිසිම ආණ්ඩුවකට මේ තත්වයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. දේශපාලන නායකයෝ කියාගන්න අය මේ කෘෂි විරෝධී බලවේග වල රූකඩ බවට පත් වෙන කොට උගත්‍ යැයි කියන අති බහුතරය ඔවුන්ගෙ ආරක්ෂකයෝ බවට පත් වෙනවා. ණය උගුලක හිර වෙලා ඒ කොන්දේසි වලට අනුව අපේ ආර්ථිකය, අපේ අත්වලින්ම විනාශ කරගන්න කොට පාරට බහින සටන්කාමී ගොවියන්ගේ එකම හඩ 'පොහොර දියව්!' කියන එක විතරමයි. ජනාධිපති වරයා, අතුරලියේ රතන හාමුදුරුවෝ සහ චම්පිකලා වගෙ අය වස විස නැති රටක් ගැන කතා කරන්නෙ අර්බුදයේ හිඩැස් පුරවන්න. වී මිළ දී ගන්න වත් බැරුව පිස්සු කෙළින පාලකයන්ට පේන තෙක් මානයක රටේ කෘෂි ආර්ථිකය ගොඩ නගන තිරසාර වැඩ පිළිවෙලක් නැහැ. ගෝලීය වෙළෙඳ පොළ ඉදිරියේ දණ ගහලා පරාජය බාරගෙන ඉන්න අපේ පාලකයන්ට ඔය රසායනික - බීජ යෝධයන්ට විරුද්ධව හුස්ම ගන්නවත් බැහැ. වෙන විදියකට පටන් ගත්තෙ නැත්තං ගොවි බිම මැරිලා, ගොවිතැන් මැරිලා, ගොවියොනුත් මැරිලා අපිත් මැරෙනවා. ඉතිං...
CHAPA

Against Agriculture Terrorism! CHAPA on Visranma Radio

Say NO! for Crimes!! CHAPA will be on Derana Aluth Parlimenthuwa, March ...

Say NO! for Crimes!! CHAPA will be on Derana Aluth Parlimenthuwa, March ...

Say NO! for Crimes!! CHAPA will be on Derana Aluth Parlimenthuwa, March ...

Sunday, March 6, 2016

හර්ෂ ලාගෙ ගොන් පාට්!

කොලඹ නිදහස් චතුරශ්‍රය පෙම්වතුන් ට නිදහස් තැනක් කරල දෙන්න කියල කට්ටියක් සටනක් පටන් අරන්. එහි ආරක්ෂක නිළධාරීයෙකුගෙ හැසිරිමක් මුල් කරගෙන පටන් ගත්ත විරෝධතාව අමාත්‍ය හර්ෂ ද සිල්වා නිසා අමුතුම හැඩයක් ගන්නව. ඔහු අර කට්ටිය වට කරගෙන අදාළ ආරක්ෂක නිළධාරීන් දරුණු විදියට ප්‍රශ්න කරනව. ප්‍රශ්න කිරිමක් කිව්වට ඒ
රාජ්‍ය බලය සමග කෙරෙන තර්ජනයක්. පෙම්වතුන් ගෙ නිදහස වෙනුවෙන් සටනට බැහැල ඉන්න කට්ටිය වෙන ම සමාජ කුලකය ක් බවත් පැහැදිලි ව පේනවා. මේ, NGO කාරයොයි අලුත් පරපුර කාරයොයි හදාගත්ත 'එක සෙට් එකක' එක ව්‍යාපෘතිය ක්. රටක සංස්කෘතිය සදාචාරය හෝ තවත් සමාජ කොදේසි හැමදාම එක විදියට තියෙන්නෙ නැහැ. තියෙන්න ඕනිත් නැහැ. ආදරය - ලිංගිකත්වය - පවුල් සහ විවිධ මානව සම්බන්ධතා පිළිබඳ විවෘත සංවාදයක් ගොඩ නැගෙන්න ඕන. ඒත් මේ විදියට ජනප්‍රිය ව්‍යාපෘති විදියට නෙවෙයි. ඉහත සිද්ධිය ට අදාළ ප්‍රශ්නය විසදන්න ඕන නං හර්ෂ කළ යුතුව තිබුණේ සංස්කෘතික ඇමතිවරයා හරහා අදාළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කොට නිදහස් චතුරශ්‍රයෙ පරිපාලනය ප්‍රතිසංවිධානය කරන එකයි. හැබැයි මේ ගොන් පාට් එකෙන් මතු වෙන්නෙ වෙන සමාජ විකෘතියක්. ගඩාෆි ප්‍රසිද්ධියෙ ගහලා මරණ තැනකට ලිබියානු තරුණ කණ්ඩායම් වර්ධනය වෙන පසුබිමත් සමහර විට මේ වගෙ ආරම්භක මොහොතකට සම්බන්ධ ඇති. ඔව්! අපි මේ ගැන කතා කරමු!!
CHAPA

Saturday, March 5, 2016

WE are in DANGER ! CHAPA on Sri tv, Helidarauwa, March 3, 2016

චම්පික ලා නොදන්න දේ...

අමාත්‍ය චම්පිකගෙ වාහනය, යතුරු පැදියක් යටකර දමා පළා යාමට උත්සාහ කළ සිද්ධිය දැන් නීතිය ඉදිරියෙ විමර්ශනයට ලක්වෙනවා. එහෙත් මතුවන විවිධ සාක්ෂි සටහන් වලට අනුව මේ සිද්ධිය විකෘති කරමින් යුක්තිය නොවිසදෙන තැනකට තල්ලු වෙමින් තියෙනවද කියන සැකය මතුවෙනව. ආදාල වාහනය ඒ මොහොතෙ පදවගෙන ගියෙ චම්පිකද? ඒ වෙනුවට රියදුරෙක් නීතියට බාරදුන්නද? ප්‍රශ්න එහෙමමයි. ගෙවි ගිය දශක කීපය පුරාම මේ රටේ (ලෝකය පුරාම මෙන්ම! ) යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බරපතල විදියට අභියෝගයට ලක්වෙනවා. JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද.. දැන් මෛත්‍රී - රනිල්...දිගින් දිගටම මේ අවදානම් සහගත තත්වයට සක්‍රීය ව දායක වෙනව. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ධනවාදයෙ ප්‍රකාශනයක් නිසාම විවෘත සංවාදයක් තුළ හැර සමාජ යහපත මතුකරගන්න අමාරුයි. මේ දේශපාලන අවකාශය ඇතුළේ යුක්තිය සහා ඊට අදාල නීතියෙ ආධිපත්‍යය දියුණු අකාරයකට අරුත් ගන්වන්න ඕන. මෙතැනදි ජනතා විශ්වාසය අතිශය තීරණාත්මකයි. ඔය කලින් කියපු සියලු පාලකයෝ අධිකරණය සහා පොලිසිය සමග කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම හමුදා බලය අනිසි විදියට යොදා ගැනිම වැනි හේතු නිසා යුක්තිය පිළිබඳ ජනතා විශ්වාසය මේ වන විට වේගයෙන් දිය වෙමින් තියෙනවා. මහාධිකරණ විනිසුරුවරයෙකු මරා දැමුණු, අධිකරණ තුළම සැකකරුවන් මරා දැමෙන, බන්ධනාගාර තුළ බිහිසුණු ගැටුම් ඇති, බන්ධනාගාර රථවලට මහමගදි වෙඩි වදින... බිහිසුණු වටපටාවක් දැන් රට තුළ ගොඩනැගිලා. විනිසුරු වරු, නීතිඥ වරු, පොලිස් - බන්ධනාගාර නිළධාරීන් ක්‍රියා කරනප්‍රථමික ආකාරයම තත්වය තවත් බියකරු අතට හරවනවා. ඔය අතර දැනටමත් මිනිස්සු නීතිය අතට ගන්න දගලන ආකාරය පේනවා. ප්‍රජාතන්ත්‍රවාදය අවසාන විසදුම නොවුණත් සමාජ යහපත වෙනුවෙන් එයින් ඇරෙන ඉඩකඩ මේ විදියට ඇහුරුණොත් අපිට ඉතුරු වෙන්නෙ කැලැ නීතිය!
චම්පිකලා ඇතුළු ඊනියා නායකයන්ට, ඊලඟට කරන්න පුලුවන් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ!!
CHAPA

Wednesday, March 2, 2016

Chapa Against Nanda Malani...2016.02.25

අමාත්‍ය කිරිඇල්ල ට ලියමි!

පුවත්පත් ආයතනක් සමග ඔබ දුරකථන යෙන් ඇති කරගන්නා කතාබහ පළමුව උපුටා දක්වමි;
 
උපුටා දැක්වීම 
 “ඒකේ තියෙන්නේ 'සුදුසුකම් පරීක්ෂා කර බලා' කියලනේ. ඇමතිවරයෙකුට බලය නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ. 
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා. ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. 'සුදුසුකම් පරීක්ෂා කර බලා..' තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.
නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින් කළේ නෑ. 
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන. 
තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි. තමුසෙලා නිකන් මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලා... ඔයාට තේරෙන්නේ නැද්ද" 
උපුටා දැක්වීම අවසන් ( සත්හඩ )

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය කිරිමට ජනමාධ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යය. එදා මෙදා තුර ලෝකය පුරා ම මෙන්ම අප රටේද මේ සංවාදය ගොඩනොනැගෙන තරම් ය. රාජපක්ෂ පාලන සමයේදි මරා දැමුණු ලසන්ත වික්‍රමතුංග එසේ මරා දැමිමට වසරකට පමණ පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග දුරකථනයෙන් ඇතිකරගත් ඉතා උණුසුම් වචන හුවමාරුවක් එදවස ආණ්ඩු විරෝධී මාධ්‍ය ආයතනවලින් අදාළ හඩපටය සමගම හෙලිදරව් කෙරිණි. එහිදී ජනාධිපතිවරයා පුවත්පත් කතුවරයා ට අසභ්‍ය වචනයෙන් තර්ජනය කළ ආකාරය තහවුරු විණි. මෙවැනි සිදුවීම් තවත් බොහෝ ඇතත් මෙසේ මාධ්‍ය හරහා නිරවණය සිදුවීම් ත් අප අවධානයට ගත යුතුමය. සිදුවිමේ අන්තර් කුමක් වුණත් ඔබ රාජ්‍ය බලයට මුවා වෙමින් බැරැරුම් ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන ආකාරය කිසිසේත්ම අනුමත කළ නෙහැකිය. ආණ්ඩුවක් යනු යම් කාලයක් සදහා රාජ්‍ය පාලනය බාර ගන්නා කණ්ඩයමකි. එකී ක්‍රියාවලියෙ විධායක බලය නියෝජනය කරන ඔබ මේ පෙන්නුම් කරන්නෙ, අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරිමට බලය! තිබෙන බවය. එය එසේ නොවන බවත් රාජ්‍ය බලය ගැලවුණු විට ඔබ වැනි අය අවලංගු වී යන බවත් වටහා ගන්න. යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ යහපාලනය ක් ගොඩනගා ගැනිමට නම් පාර්ලිමේන්තුව තුළ සිටින ඔබ සියලු දෙනා මීට වඩා ජනතාවාදිව වැඩ කළ යුතුය. ඊට අවශ්‍ය මනෝභාවයන් සකස් කරගත යුතුය. උක්ත සිද්ධියට සම්බන්ධ විශ්ව විද්‍යාල පද්ධති තුළ සිටින වෘත්තිකයන් ද ඔබේ හැසිරීමට විරුද්ධ විය යුතු .ආණ්ඩු වෙනසකට ඔබ ඔසවාගෙන පැමිණි කණ්ඩායම් දැන් පෙරළා ඔබ ප්‍රශ්න කළ යුතු. ජනමාධ්‍ය කරුවන් ද මීට වඩා වෘත්තීය මට්ටමක් ගොඩ නගා ගත යුතුය. ඒත් ඔබ ඔය බලාපොරොත්තු වන ආකාරයෙන් බිය වද්දා මතු කරගන්නා කිකරු කමක් නම් නොවිය යුතුය. බොහෝ දේ දන්නා බව ඔබ දැන සිටියත් ඔබ ඇතුළු දේශපාලන නියෝජිතයන් නොදන්නා එකම දෙය රාජ්‍ය බලය සැමදා ඔබට හිමි නොවන බවය. එබැවින් අතැති රාජ්‍ය බලය, පාලනය යහපත් කරගැනිමටම යොදවන්න!
 CHAPA