Tuesday, January 31, 2017

Hiru TV Balaya EP 154 | 2016-07-28

අගය කරන්න!

ඔව්! ඔබට දැනෙන විදිහ හරි! අද තවත් අලුත් දවසක්!
ඔබ අනිත් අයට උදව් කරන කෙනෙක් ද? අනිත් අය ඔබට උදව් කරනවා ද? උදව් කිව්වට මොකක් හරි පුංචි දෙයක් වෙන්නත් පුළුවං. ඔබට, ඔහු හෝ ඇය කරන්න බැඳිලා තියෙන රාජකාරියක් වගෙ දෙයක් වෙන්නත් පුළුවං. උදාහරණයක් විදිහට ඔබ මිලක් ගෙවලා තේ කෝප්පයක් බොන්න හදන වෙලාවක් ගැන හිතන්න. එක්කෝ ඔබේ කාර්යාලයෙ සහායකයෙක් ඔබට වතුර එකක් ගෙනත් දෙන අවස්ථාවක් මවා ගන්න. ඔබ ඒ වගෙ වෙලාවක ඒ සහය අගය කරන්න පුරුදුවෙන්න ( දැනට එහෙම කරන්නෙ නැත්තං ! ).
ඔබට, කෙනෙක් උදව්වක් කෙරුවොත් අනිවාර්යයෙන්ම ස්තුති කරන්න, අගය කරන්න. මුළු හිතෙන්ම ඒක කරන්න, නිකං බොරුවට නෙවෙයි, අනෙකාට දැනෙන්නම. ගෙදරදි හෝ නෑ සිය හිත මිතුරන් අතරෙදිත් මේ ''අගය කිරීම'' අතිශය වැදගත්. ඔබට කෙනෙක් කෑමක් බීමක් හදලා දෙනකොට, එය රස බවත් ඔබ එය පුදුම විදිහට විඳින බවත් කියන්න අමතක කරන්න එපා, පොඩි පොඩි අඩුපාඩු තිබුණත්. මේ අගය කිරීම වචන නැති ඉඟියක් වුණත් කමක් නැහැ. හැබැයි අනෙකාට දැනෙන්න ඕනෙ. සමහරු වචන වලින් නිකං පුරුද්දට වගෙ එහෙම කරනවා, ඒත් අදාළ පාර්ශවයට දැනෙන්නෙ නැහැ.
උත්සහ කරලම බලන්න!
ඒ අතරෙ, හිතන්න, කෙනෙක් කිව්වොත්, ''මම අද මෙතැන ඉන්නෙ ඔයා නිසා...ඒ කරපු උදව්  කවදාවත් අමතක වෙන්නේ නැහැ!'' කියලා, ඔබට දැනෙන සතුට කොහොමද? ඔබත්, ඔබට සම්බන්ධ අයව එහෙම අගය කරන්න. හුඟාක් අයට ඔහොම අගය කරන්න හිතෙන්නෙ අදාළ කෙනා ආයෙ නොඑන්නම, යන්න ගියහම. ඉතිං පමා වෙන්න එපා.
හැබැයි එකම ප්‍රශ්නය, අපි සාමාන්‍යයෙන් මෙහෙම සංස්කෘතියක් ගැන එච්චර හිතන්නෙ නැති නිසා, ඔබ කෙනෙකුට ස්තුති කරනකොට හෝ අගය කරන කොට, මං එහෙනං මොකක් හරි ලොකු වැඩක් මෙයාට කරනවා වෙන්න ඇති, මෙහෙම කියන්නෙ, මාව අන්ඳන්න තමයි! කියලා ඒ කෙනාට හිතෙන්නත් ඉඩ තියෙනවා.
පුංචි ළමයින්ගෙන් නං ප්‍රශ්න නැහැ. එයාලා අහිංසකයි - හරිම ආසයි, එයාලව නං හැම විදිහකටම ලෝබ නැතුව අගය කරන්න.
කොහොමත්, එකිනෙකා අගය කරන ලෝකය කොච්චර සුන්දර වේවිද?
බලන්නකො ඉතිං අත් විඳලම, වියදමක් නැහැනෙ...
CHAPA

Monday, January 30, 2017

Ranjan විලත්තිකුලම් පොළොවෙ පස් කන්න ඕනෙ!

ඔබ කේන්තියට 'කුණුහරුප' කියනවා ද ?

CHAPA on Insight, Ada Derana, Jan 29, 2017, Episode 11

  පෙරේතකමට නං කන්න එපා!

කෑම ඕන ජීවත් වෙන්න...
ජීවත්වෙන්නෙ කන්න, කියලා හිතන අයත් අප අතර ඉන්නවා. ඒ වගේම කෑම කනවා හෝ විශේෂයෙන්ම ගිල දානවා නෙවෙයි, විඳින්න ඕනෙ. අපි මුහුණ දෙන හුඟාක් රෝගාබාධවලටත් අපේ කෑම සහ එහි විධික්‍රම බලපාන බව දැන් අමුතු කතාවක් නෙවෙයි.
කෑම, එක පැත්තකින් විද්‍යාවක් සහ අනිත් පැත්තෙන් කලාවක්.
ලංකාවෙ අපට අනන්‍ය කෑම සංස්කෘතියක් ඉතිහාසය පුරාම තිබිලා තියෙනවා. සමබල සහ රස කෑම! ඒ යුගවල ඉතිං වස විස තිබුණෙ නැහැනෙ. ස්වභාවික කෑම වර්ග තමයි. ඒවායේ ඖෂධ ගුණයත් ඉහළයි. දැන් ඒ 'අහාර සංස්කෘතිය' ඉතිහාස කතාවක් විතරයි. අපි කිසිම බයක් නැතුව මේ මහා පොළොව වස විස වලින් හෙම්බත් කරවලා. ඒ ඛේදවාචකය ගැන වෙනම කතා කරන්න ඕනෙ.
දැන් ඉතිං, පවතින තත්වයන් ඇතුළෙ මොනවද අපි කන්නෙ? හරියට බැලුවොත් මොකුත්ම නැති ගානයි. ගමේ හැදෙන වී, එළවළු, පළතුරු...ඒවායෙත් වස විස. එහෙම නං කරන්න තියෙන්නෙ, වස විස අඩු ස්වාභවික කෑම වර්ග තම තමන්ගෙ මට්ටමෙන් හොයාගන්න උත්සහ කරන එක. එහෙම වගාවන් කරන අය ධෛර්යමත් කරන එක. ගෙවත්තෙ වැවෙන දේවල් ගැනත් පුළුවන් තරං උනන්දු වෙන්න, ගෙවතු වගාව හොඳ විනෝදාංශයක් එක පැත්තකින්. මේ යෝජනා ඉතිං තට්ටු ගෙවල් වල ඉන්න අයට සහ විශේෂයෙන් විදේශගත වූ ඔබට ප්‍රයෝගික නැහැ.
බෝතල් කළ බීම වර්ග, ටින් කළ කෑම වර්ග සහ වස විස තියෙන බව දැනගන්න හැම කෑමක්ම අත් හරින්න උත්සහ කරන එක. මේ වැඩේ කියන තරං ලේසි නැහැ. හැබැයි පොඩි ළමයින්ට නං ඔය පාර කියා දෙන්න ලේසියි. අනේ!
එයාලට වස විස සහිත කෑම වර්ග, පළතුරු... දෙන්න නං එපා, පව්!
ඊළඟට කන ප්‍රමාණය ගැනත් සැලකිලිමත්වෙන්න ඕනෙ. සමහරු කන්නෙ, මේ දැන් ලෝකය විනාශ වෙන්න යනවා, මේ මගෙ අන්තිම කෑම වේල! කියලා වගෙ.
quantity නෙවෙයි quality. මතකනෙ, පෙරේත කමට නං කන්න එපා!
උත්සහ කරලම බලමු!
CHAPA

රංජන් ට ලියමි!

හිතවත් රංජන්,
මේ මොහොත වනවිට, ඔබත් ලංකාවෙ ජනමාධ්‍යයට උණුසුම් ප්‍රවෘත්ති මවන්නෙක් බවට වෙලා. ඔබ මවන අලුත්ම ප්‍රවෘත්තිය, දිවුලපිටිය, දූනගහ, අකරපිටිය ප්‍රදේශයේ පස් ජාවාරමකට සම්බන්ධයි.
ඇත්තටම එදා ඔබ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරන්නෙ අතිශය වැදගත් කාරණයක්. ඔබ ඒ මොහොතේ ආවේගශීලී නොවී සහ ප්‍රාථමික භාෂා භාවිතයකට නොගොස් ඇය ප්‍රශ්න කළා නං තත්වය වෙනස් අතකට හැරෙන්න ඉඩ තිබුණා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය තුළ, දේශපාලන බල අධිකාරිය සහ නිලධාරී යාන්ත්‍රණය අතර ගොඩ නැගෙන්න ඕන විධිමත් සහ විද්‍යාත්මක සහසම්බන්ධයට අපි තවම - කොහෙත්ම සුදානම් නැහැ, අනෙක් හුඟාක් රටවල්වල වගේම. ඒ අතර, විධායක ජනාධිපති ආකෘතිය සහ පාර්ලිමේන්තුක්‍රමය අතර අඳුරේ අත පත ගාන රටක, පාර්ලිමේන්තු නියෝජිතයෙක් විදිහට ඔබට ඔහොම හිතෙන එක සාධාරණයි.
ජනවාරි 26 ( 2017 ) රාත්‍රී 9.30 ට, ඔබ නිසා 'හිරු' නාලිකාව මවන අදාළ ප්‍රවෘත්තිය වෙනුවෙන් මම fb wall හි පළ කළ මේ කෙටි සටහන දැන් කියවන්න;
( උපුටා දැක්වීම )

රංජන්! අපි - අපි හොම්බට ඇන ගනිමු ද ?

රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කරන වැඩ ගැන, ඕන නං කෙනෙකුට ''ගොන්ජාගෙ ගොන් වැඩ!'' කියලත් හිනාවෙලා නිකං ඉන්න පුළුවං. ඔය චණ්ඩි පාට් මොකද අර්ජුන් මහේන්ද්‍රන්ලාට දාන්නෙ නැත්තෙ කියලත් කෙනෙක් උපහාසයෙන් ප්‍රශ්න කරන්න පුළුවං. හැබැයි එක දෙයක් අපි කාටවත් සුළු කොට තකන්න බැහැ. මේ ස්වභාවධර්මය විනාශකිරීමක්! කවුරු මොනවා කිව්වත්, මේ මහා පාරිසරික(?) විනාශය බලන් ඉන්න, මිනිස්සු හැටියට අපට බැහැ. විල්පත්තු මහා වන විනාශය ඇතුළු එවැනි සිද්ධීන් ගණනාවක් මේ වනවිට රට වටේ සිද්ධවෙනවා, මේකත් එකක්. JR ලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා, මහින්දලා, මෛත්‍රී - රනිල් ලා...මේ සේරම - මේ පොළොව නුහුලන අපරාධ වලට වග කියන්න ඕනෙ.
රංජන් කරන වැඩේ මොකක් වුණත්, දැන් ප්‍රශ්නය, ඔහු රාජ්‍ය නිලධාරිනියකට බැන්නා! කියන එකද? මහා පස් ජාවාරමක් සිද්ධවෙනවා! කියන එකද? මේ වනවිට ඇත්ත ප්‍රශ්නය අර පස් වලටම වැටිලා. රංජන්ට විරුද්ධව පස් හොරු සහ ගෝල බාලයො පෙළපාළි යන්න අරං. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගත් ගන්නවා ලු!රංජන් කරන්නෙ රඟපෑමක් නිසා, වන්දි කතා කෙසේ වෙතත්, ඔහුට මේ විරෝධය හොඳ වුණත්, අන්තිමට රටට එරෙහි වනචාරී නිලධාරී මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා.
දේශපාලන බල අධිකාරිය රංජන්කරණය හෝ තෙවරප්පෙරුමකරණය කරලා, ජනබලය ජෝක් කරනකොට, ජනයාගෙ බදු මුදලින් නඩත්තු වන නිලධාරී යාන්ත්‍රණය ජනයාට එදිරිව වැඩකරන්න පටන් ගන්නවා.
එතකොට රංජන්, හොම්බට ඇන ගන්න වෙන්නෙ මහ ජනයාටම - තම තමන්ටම තමයි!හැබැයි ස්වභාව ධර්මය මිනිස්සුන්ගෙ හොම්බට අනින්න පටන් ගන්නකොට මේ එකෙකුටවත්, එකෙක්වත් බේරගන්න වෙන්නෙ නැහැ!
මතක තිය ගනිල්ලා!
CHAPA
( උපුටා දැක්වීම අවසන් )
රංජන්!
මේ සටහනේ අන්තර්ගතය ගැන සීරුවට හිතන්න!
ඔබ කෙරුවෙ, වැඩ නොකරන සහ විවිධ දුෂණ වලට සම්බන්ධ නිලධාරීන්ට ''හොඳ අවස්ථාවක්'' ලබා දීම. දැන් ජනමාධ්‍ය හරහා සංවිධානය වන විවිධ මට්ටම්වල නිලධාරීන් සහ ඔවුන්ගෙ ගෝල බාලයන් ඔබට විරුද්ධව වැඩ වරමින් සහ උද්ඝෝෂණය කරමින් ''සියලු පව් (?)'' වලින් නිදහස් වෙනවා. දැන් කෙනෙකුට ඇහෙන්නෙ - පේන්නෙ, අනේ! හොඳට වැඩ කරගෙන ගිය උගත් - බුද්ධිමත් නිලධාරීන්ට, දේශපාලනය දන්නෙ නැති, ඇඟ විතරක් තියෙන අර මෝඩ නළුවා, අපහාස කරනවා, අපොයි! වැඩක් හරියට කරන්න දෙන්නෙ නැහැ! වගේ කතාවක්.
සමහරවිට ඔබ, ජනාධිපතිවරයාගෙ හෝ අගමැතිවරයාගෙ මොකක් හරි කොන්ත්‍රාත්තුවකට මෙහෙම දේවල් කරනවාද දන්නෙ නැහැ. එහෙම නැත්තං, තමන්ගෙ ජනප්‍රියත්වය සහ තෘප්තිය වෙනුවෙන් මෙහෙම දේවල් කරනවා වෙන්නත් පුළුවං.
කොහොමත් ඔබ ඇඟේ හයියෙන් දේශපාලනය කරන්න පුළුවං කියලා හිතන කෙනෙක්. ඔබට මතකද, අවස්ථා දෙකකදි, පිළිවෙළින් මොරටුවේ දී සහ කොළඹ දි, අපි දෙන්නා පෞද්ගලිකව මුණ ගැහිලා දීර්ඝ වශයෙන් මේ වගෙ දේවල් කතා කෙරුවා, ඔබ ඡන්දය ඉල්ලන්න කලින්. ඔබ ඒ කාලයෙ විදේශගත ශ්‍රමිකයන්ගෙ ප්‍රශ්න 'මාර්කට්' කරනවා. අපි, වඩා විධිමත් දේශපාලන මැදිහත්වීමක් ගැන හිතන්න ඕන කියලා ඔබට එදා යෝජනා කෙරුවත්, ඔබට ඒ යෝජනාව ආකර්ශනීය වුණේ නැහැ.
ඔබ වෙනුවෙන්, මේ සටහන ලියන්න කාලය වැයකරන්නෙ, ඔබ තුළ, සමාජය වෙනුවෙන් ''මොකක් හරි වැඩක්'' කරන්න ඇත්ත උවමනාවකුත් තියෙන වග පේන හින්දා, අනෙක ඔබ දුෂණ, වංචා සහ අක්‍රමිකතාවලට ( ඍජුව?) සම්බන්ධ නැහැ කියලත් හිතනවා. එහෙම නං ඔබ කුමන පක්ෂයක් නියෝජනය කෙරුවත්, ඔබට තියෙන ජනප්‍රියත්වය හරහා, පොදු  සමාජය වඩා යහපත් පැත්තට තල්ලු කරන්න 'යමක්' කරන්න පුළුවං. ඒත්, ඔබ මේ ගැන මීට වඩා බරපතළ විදිහට හිතන්න ඕනෙ.
එක පැත්තකින් ඔබ බාල ජනප්‍රිය වැඩත් කරනවා. විමල් වීරවංශ සහ ඔහුගෙ බිරිඳ සම්බන්ධයෙන් ඔබ කළ ප්‍රකාශ එක උදාහරණයක් විතරයි. ඊළඟට, ඔබ දුෂණ විරෝධී ස්ථාවරයක හිඳිනා බව පෙන්වමින්, මහ බැංකු බැඳුම්කර සිද්ධිය වගෙ, මහා පරිමාණ ආර්ථික මංකොල්ල මගහරිනවා. දිවුල පිටියෙ පස් ජාවාරමට එදිරිවන ඔබ විල්පත්තු මහා වන විනාශය නොදකින්නෙ ඇයි? වගෙ ප්‍රශ්නත් ඔබේ විශ්වසනීයත්වය අභියෝගයට ලක් කරනවා.
දැන් ඇති! කැමති නං උත්සහ කරලා බලන්න!
එක්කෝ ඇත්ත දේශපාලන මැදිහත්වීමක් කරලා ඉතිහාසයට සාක්ෂියක් දෙන්න, නැත්තං, මර්වින් සිල්වාටත් වඩා කුණු වෙලා ඉතිහාස කුණු බක්කියට වැටෙන්න!
ස්තුතියි!
CHAPA

Sunday, January 29, 2017

INSIGHT Episode 11 - Maithri Gunaratne

   ඔබ ඊර්ෂ්‍යා කාරයෙක් ද?


මිනිස්සු හැටියට අපට කොහොමත් ඊර්ෂ්‍යා හිතෙනවා. එය, මනුෂ්‍ය ස්වභාවය තුළ අනන්‍ය ලක්ෂණයක්. ඔබ දන්නවාද? වෙනත් සමහර සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම ඊර්ෂ්‍යා හිතෙනවා, ඒ ඒ සත්තු අතර සහ වෙනත් සත්තු අතර පවා. ඔබේ ගෙදර ඉන්න බල්ලො, පුසො තමයි ළඟම උදාහරණය. සමහර බල්ලො කීයටවත් කැමති නැහැ තමා හැර වෙන හුරතලෙක්ව හුරතල් කරනවාට. බල්ලො සමහරවෙලාවට ගෙදර ඉන්න ළමයි එක්කත් හුරතලය වෙනුවෙන් තරඟ වදිනවා, එතකොට ඔය ඊර්ෂ්‍යාව වගෙ වෙනස් හැඟීමක් ඒ මුණෙ සටහන් වෙනවා.
කොහොම වුණත් ඊර්ෂ්‍යාව හොඳ හැඟීම් සමුදායක් නං නෙවෙයි.
අපි මිනිස්සු හැටියට අනෙකාට එක එක විදිහට ඊර්ෂ්‍යා කරනවා. මුදල් ඇතුළු භෞතික සම්පත් වෙනුවෙන්, අවස්ථා වෙනුවෙන්, විනෝදය - සතුට වෙනුවෙන්...ඔය එක එක විදිහට.
මේ අතර දරුණුම තත්වය තමයි ලිංගික ඊර්ෂ්‍යාව!
යමක් විධිමත්ව දැනෙන ඕනෑම වයස් කාණ්ඩයකදි එහෙම හැඟීම් දැනෙන්න පුළුවං. සම සහ විරුද්ධ ලිංගිකයන් අතර පවා ඕනෑම මොහොතක ලිංගික ඊර්ෂ්‍යාව ඇතිවෙන්න පුළුවං. මේ සංකීර්ණ මනෝභාවය කළමනාකරණය කරගන්න ටිකක් අමාරුයි, කෙනෙකුට එහෙම හැඟීමක් හිතේ තද කරගෙන ඉන්න අමාරුයි, එක එක විදිහට මුදාහැරෙනවා.
එතකොට ඒ කෙනා වගේම අනෙක් අයත් අපහසුතාවට පත් වෙනවා.
බරපතළම තත්වය තමයි, ලිංගික ඊර්ෂ්‍යාව කෙනෙකුට බලවත් පීඩාවක් වෙන්න පුළුවං වගේම ඒ පීඩාව, කෙනෙකුගෙ මරණය දක්වාම ගමන් කරන්නත් පුළුවං. කොටින්ම, මේ මනෝ භාවයෙන් කෙනෙක් තව කෙනෙක්ව මරා දාන්න පුළුවං. ඒ විතරක් නෙවෙයි, සංවිධාන සහ ආයතන එකවර කඩා වැටෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව, දේශපාලන සාධකයක් වෙලා, රාජ්‍යයක් බිඳ දාන තරමට බලවත්!
ඉතිං, ''අපෝ! මම නං එහෙම නැහැ!'' නොකියා හෙමින් හොරෙන් වගෙ තමන් ගැන හිතලා බලන්න! කාටවත් කියන්න ඕන නැහැ. තමන්ගෙ මට්ටම තේරුම් අරගෙන, පුළුවං  උපරිම විදිහට කළමනාකරණය කරගන්න උත්සහ කරන්න. නැත්තං ඔබට වගේම අනිත් අයටත් කරදරයි!
CHAPA
 

 ත්‍රස්තවාදය යළිත්?


සුමන්තිරන් ඝාතන තැතක් ගැන කියැවෙනවා.
එදවස පුනරුත්ථාපනය කළ බව කියන එල්ටීටීඊ සාමාජිකයන් දෙන්නෙක් අත් අඩංගුවට අරගෙන කියලත් කියැවෙනවා. මේ ඉතාමත්ම අයහපත් තත්වයක පෙරනිමිත්තක්. අනතුරක සංඥා එළියක්!
තිස් වසරක යුද්ධය අවසාන වුණත්, යුද්ධයට හේතු සැපැයූ ඓතිහාසික සාධක එහෙමමයි. යුද්ධයට පාර හැදුණෙ රටේ ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන් රාශියක් නිසා. දෙමළ අන්තවාදීන් ඒ තත්වය, සිංහල - දෙමළ ප්‍රශ්නයක් බවට පත් කෙරුවා, සමහර සිංහල දේශපාලන නියෝජිතයනුත්, ''තම පැවැත්ම වෙනුවෙන්''  ඒ සඳහා උඩ ගෙඩි දුන්නා. අවසානයේදි මැරුණෙ, මැරුවෙ, මරාගෙන මැරුණෙ, අවතැන් වුණෙ, ශරීර පමණක් හිමි වෙන කිසිවක් අහිමි, නැති බැරි එවුන්, සිංහල - දෙමළ සහ ඇතැම් විට මුස්ලිම්.
තිස්වසරක යුද්ධයේ අවසාන වෙඩි හඬ තවම මැකිලා නැහැ! අප අතරම - තවම රැව් දෙනවා.
රාජපක්ෂ රෙජීමය යුධ ජයග්‍රහණය වීරත්වයකට සහ විනෝදයකට පෙරළා ගත්තා මිසක්, යුද්ධය නිර්මාණය වුණු අභිජනන පොළොව වෙනස් කරන්න උත්සහ ගත්තෙ නැහැ, කොටින්ම එහෙම පුළුල් දේශපාලන සාකච්ඡාවක් තිබුණෙම නැහැ.
2015 ජනවාරි 8, ඊනියා ජාත්‍යන්තර මගපෙන්වීම යටතෙ රටේ Regime Change එක සිද්ධ වෙන්නෙත් අන්න ඒ පසුබිම ඇතුළෙ. ඊට පස්සෙ යුද්ධයට පසුබීම් වුණු රටේ ප්‍රශ්නය විසඳන්න හදන්නෙ ඊනියා බලය බෙදා හැරීමක් මගින්. ඒ කාගෙ උවමනාවටද? ඊනියා ජාත්‍යන්තරය සහ ඊට වෙන විදිහකට සම්බන්ධවන දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය නිසා. බඩ ගෝස්තරවාදී දෙමළ නායකයන් අනිත් පැත්තෙන්.
ඒ කියන්නෙ, දෙමළ ත්‍රස්තවාදය සහ තවත් සිවිල් ගැටුම් උපදින්න සුදුසු - අදාළ පොළොව තවමත් දිගටම එහෙමමයි. මේ පාලකයන්ට ඒ ගැන වගක් නැහැ. රටේ සිව් දිශාවන්ටම මේ තත්වය අදාළයි. ''ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන්'' වෙනස් කරමින් යහ පාලනයක් ගොඩනගන්න මේ කිසිස්ම පාලකයෙකුට, පක්ෂයකට හෝ දේශපාලන නියෝජිතයෙකුට අවශ්‍ය නැහැ, එහෙම අවශ්‍යතාවක් තියෙන බවවත් ඔවුන්ට දැනෙන්නෙ නැහැ. දන්න බවක් පේන්නෙත් නැහැ.
ඒ අනුව, ඔව්! යළි ඕන මොහොතක ත්‍රස්තවාදය හිස ඔසවන්න පුළුවං. සිවිල් කැරළි ඇතිවෙන්නත් පුළුවං. එතකොට, තාරුණ්‍යයට බඩේ බෝම්බ බැඳගන්න ඉඩ දීලා අපි ඔහේ බලාගෙන ඉන්නවාද, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම යුක්තිය ඉටුවන සාධාරණ පොළොවක් වෙනුවෙන් වැඩකරනවාද? සුමන්තිරන්ටත් මේ ප්‍රශ්නය අදාළයි!
වෙනවා.
එදවස පුනරුත්ථාපනය කළ බව කියන එල්ටීටීඊ සාමාජිකයන් දෙන්නෙක් අත් අඩංගුවට අරගෙන කියලත් කියැවෙනවා. මේ ඉතාමත්ම අයහපත් තත්වයක පෙරනිමිත්තක්. අනතුරක සංඥා එළියක්!
තිස් වසරක යුද්ධය අවසාන වුණත්, යුද්ධයට හේතු සැපැයූ ඓතිහාසික සාධක එහෙමමයි. යුද්ධයට පාර හැදුණෙ රටේ ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන් රාශියක් නිසා. දෙමළ අන්තවාදීන් ඒ තත්වය, සිංහල - දෙමළ ප්‍රශ්නයක් බවට පත් කෙරුවා, සමහර සිංහල දේශපාලන නියෝජිතයනුත්, ''තම පැවැත්ම වෙනුවෙන්''  ඒ සඳහා උඩ ගෙඩි දුන්නා. අවසානයේදි මැරුණෙ, මැරුවෙ, මරාගෙන මැරුණෙ, අවතැන් වුණෙ, ශරීර පමණක් හිමි වෙන කිසිවක් අහිමි, නැති බැරි එවුන්, සිංහල - දෙමළ සහ ඇතැම් විට මුස්ලිම්.
තිස්වසරක යුද්ධයේ අවසාන වෙඩි හඬ තවම මැකිලා නැහැ! අප අතරම තවම රැව් දෙනවා.
රාජපක්ෂ රෙජීමය යුධ ජයග්‍රහණය වීරත්වයකට සහ විනෝදයකට පෙරළා ගත්තා මිසක්, යුද්ධය නිර්මාණය වුණු අභිජනන පොළොව වෙනස් කරන්න උත්සහ ගත්තෙ නැහැ, කොටින්ම එහෙම පුළුල් දේශපාලන සාකච්ඡාවක් තිබුණෙම නැහැ.
2015 ජනවාරි 8, ඊනියා ජාත්‍යන්තර මගපෙන්වීම යටතෙ රටේ Regime Change එක සිද්ධ වෙන්නෙත් අන්න ඒ පසුබිම ඇතුළෙ. ඊට පස්සෙ යුද්ධයට පසුබීම් වුණු රටේ ප්‍රශ්නය විසඳන්න හදන්නෙ ඊනියා බලය බෙදා හැරීමක් මගින්. ඒ කාගෙ උවමනාවටද? ඊනියා ජාත්‍යන්තරය සහ ඊට වෙන විදිහකට සම්බන්ධවන දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය නිසා.
ඒ කියන්නෙ, දෙමළ ත්‍රස්තවාදය සහ තවත් සිවිල් ගැටුම් උපදින්න සුදුසු - අදාළ පොළොව තවමත් දිගටම එහෙමමයි. මේ පාලකයන්ට ඒ ගැන වගක් නැහැ. රටේ සිව් දිශාවන්ටම මේ තත්වය අදාළයි. ''ආර්ථික විෂමතාව, සම්පත් බෙදී නොයෑම සහ සමාජ යුක්තිය ඉටු නොවීම වගෙ දේශපාලන මූලයන්'' වෙනස් කරමින් යහ පාලනයක් ගොඩනගන්න මේ කිසිස්ම පාලකයෙකුට, පක්ෂයකට හෝ දේශපාලන නියෝජිතයෙකුට අවශ්‍ය නැහැ, එහෙම අවශ්‍යතාවක් තියෙන බවවත් ඔවුන්ට දැනෙන්නෙ නැහැ. දන්න බවක් පේන්නෙත් නැහැ.
ඒ අනුව, ඔව්! යළි ඕන මොහොතක ත්‍රස්තවාදය හිස ඔසවන්න පුළුවං. සිවිල් කැරළි ඇතිවෙන්නත් පුළුවං. එතකොට, තාරුණ්‍යයට බඩේ බෝම්බ බැඳගන්න ඉඩ දීලා අපි ඔහේ බලාගෙන ඉන්නවාද, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම යුක්තිය ඉටුවන සාධාරණ පොළොවක් වෙනුවෙන් වැඩකරනවාද? සුමන්තිරන්ටත් මේ ප්‍රශ්නය අදාළයි!
CHAPA

Saturday, January 28, 2017

   අද නං කේන්ති ගන්න එපා!


අපි හැමෝටම කේන්ති එනවා. සමහරුන්ට පොඩ්ඩ බැරි වෙනකොට. සමහරුන්ට ඉඳල හිටලා, එහෙම කේන්ති ගන්න අය වඩා දරුණු වෙනවා කියලා පිළි ගැනීමකුත් තියෙනවා. කොහොම වුණත් කේන්තිය හොඳ නැහැ, එය හුඟාක් දේවල් අපට නැති කරනවා. මිනිස් සම්බන්ධතා කඩනවා. අවස්ථා නැති කරනවා. ශරීර සෞඛ්‍ය අඩපණ කරනවා. සතුට අතුරුදහන් කරනවා. ජීවිතය දුබල කරනවා.
කෙනෙකුට කේන්ති යන හේතු ගණනාවක් තියෙන්න පුළුවං, අපි දන්නා සහ නොදන්න. ඒ අතර යම් යම් අසනීප තත්වයන් සහ ඇතැම් විට  පාරම්පරික ලක්‍ෂණ පවා තියෙන්න පුලුවං.
කොහොම වුණත් මනෝවිද්‍යාවෙ පුරෝගාමියා වන සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ කියවීමෙ හැටියට, කෙනෙක් - තමන්ට කේන්තියක් එන බව වටහා ගන්නකොටම ඒ ආවේග ක්‍රමානුකුලව දියවෙන්න පටන් ගන්නවා. මේක අමාරු වුණත් අත්හදා බලන්න පුළුවං ක්‍රමයක්.
හිතන්න! ඔබ කල්පනාවෙන් ඉන්නවානං ( එළැඹි සිහියෙන්! ) ඔබට කේන්ති එන්න පටන් ගන්න බව වැටහෙන්න ගන්නවා. එතකොටම ඔබ, ඔබව කළමනාකරණය කරගන්න පටන් ගන්නවා, දන්නෙම නැතුව.
ඊට අමතරව, කේන්ති එන වෙලාවට, ඒ වග දැනගෙන අදාළ අවස්ථාව මග හරින්න. තමන්ට කේන්ති එන වග අනෙකාට පැහැදිලි කරන්න, පුළුවං කමක් තියෙනවා නං. ඒ අතර, තම කේන්තියට හේතුවන කාරණය එසැනින් විශ්ලේෂණය කරගන්න හිත දියුණු කරගත්තොත්! ඒ තමයි හොඳම ක්‍රමය.
දැනට මෙහෙම හිතන්නකො...
''මම අද නං කාත් එක්ක වත් කේන්ති ගන්නෙ නැහැ!''
අපි බලමු! නේද?
CHAPA

Ranjan as a political fact!

Thewarapperuma as a political fact!

Friday, January 27, 2017

   ඔබට සල්ලි කොච්චර ඕනෙ ද?


වර්තමාන ලෝකය තුළ ජීවත්වෙන්න නං සල්ලි ඕනෙ, ඒ ගැන තර්ක කරන්න දෙයක් නැහැ. දැන් හැමදේම සල්ලි! ඒත් ජීවිතයම සල්ලි වෙනුවෙන් දියකරලා දාන්න අපිට පුළුවං ද?
අපේ බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට ජීවිතයම සල්ලි කරගන්නවා. දෙමාපිය, දු දරු, සහෝදර, නෑදෑ, යාළු මිත්‍ර, ප්‍රේම...මේ සියලු වර්ගවල මානව සම්බන්ධතා මේ වෙනකොට සල්ලි වලින් තක්සේරු වන දුක්ඛිත තත්වයකට අපි පත්වෙලා ඉවරයි, හරියටම බැලුවොත්. එහෙම වෙලා තියෙන්නෙ නූතන වෙළෙඳ ලෝකය තුළ පවතින ''තාක්ෂණික ස්වභාවය'' නිසාමයි.
සල්ලි ගොඩාක් පෙන්නලා, ඔබෙන් කෙනෙක් ඇහුවොත් කොච්චර සල්ලි ඕනෙ ද කියලා, ඔබට යම් ගණනක් කියන්න පුළුවන් වෙයිද? බැහැනෙ! අපේ හිත්, සල්ලි එක්ක එච්චර සම්බන්ධයි. බලන්න, මිනිස්සු හොරකං කරන විදිහ. මිලියන ගණනින්, බිලියන ගණනින්. ඔච්චර සල්ලි මොකටද? අන්තිමට ඔය ඔක්කොම දාලා අපි යන්න යනවනෙ. ඒත් අපිට ඒ වග මතක නැහැ. සල්ලි නිසා පිස්සු වැටිලා!
මෙහෙම අපිට යන්න පුළුවං ද? සල්ලි නිසාම අපට ගිලිහෙන අපේ ජීවිතවලට එතකොට මොකද්ද වෙන්නෙ?
ආදරය, කරුණාව, දයාව...සමග පමණක් පවතින ජීවිතය!
අහෝ! කෝ අපේ ඒ 'ජීවිතය'? ජීවිතය විකණිලා...
සල්ලි වෙනුවට ජීවිතය හොයන්න පටන් ගන්න අපි තවම පමා වැඩි නැහැ! ඒත් ඒක අමාරුයි.
මේ සුන්දර අලුත් දවසෙ අපි වෙන විදිහෙ ඇරඹුමක් ගැන හිතමු! සල්ලි වෙනුවෙන් ජීවත් වෙන්නෙ නැතුව, ජීවත් වෙන්න සල්ලි හොයමු!
බලන්නකො උත්සහ කරලා! ඔබට පුදුම සැහැල්ලුවක් දැනේවි!
CHAPA

History! is very important to understand what is going on at present...

History! is very important to understand what is going on at present...

Thursday, January 26, 2017

   මාව තෝරාගත්තා ලු!

පහුගිය 23 වැනිදා, ඒ කියන්නෙ 2017 ජනවාරි 23 හැන්දෑවෙ ටිකක් වෙනස් විදිහෙ දුරකථන ඇමතුමක් ආවා.
''මම විල්සන් කරුණාරත්න...මම ඔබතුමාගෙ වැඩසටහන් බොහොම ආසාවෙන් බලනවා...''
හුරු පුරුදු කටහඬක්. ම්...චරිත 7ක්!
'' සතුටුයි...කතා කරපු එකට, මම Mr. Wilson ගෙ චරිත 7 ක් බලලා තියෙනවා, ඔබේ ප්‍රහසන කලාවට මම කැමතියි...ඉතිං...?''
ඔහු එතකොට, මට කතාකරන්න හේතුව කිව්වා. ඕස්ට්‍රේලියාවෙ ජීවත්වන ලංකාවෙ කෙනෙක්, ඔහු දන්නා කියන කෙනෙක්, දැන් ලංකාවට ඇවිත්. නම ජයන්ත ගණේගොඩ ලු. ඔහු ඉතාමත්ම වැදගත් වැඩකට මාව හම්බවෙන්න ඕන කියන නිසා තමයි මේ ඇමතුම. ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක හම්බ වෙන්න මම සූදානම්, මේ සංවාද වැඩබිමක්නෙ!
ඒත් මේ කවුද? මාව හම්බ වෙන්න ඕන කියන්නෙ ඇයි? ප්‍රශ්න!
මම ඒ විස්තර අහනකොට විල්සන් පැහැදිලි කරලා කිව්වෙ, ඔහුගෙ මිත්‍රයා, මම ඉදිරිපත්කරන අදහස් වලට බොහෝම කැමතියි, ඒ වැඩසටහන් බලනවා, ඔහු මේ 'මාතෘභූමිය' වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිතන කෙනෙක් කියලා. ඔහු කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති සහ ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ ඇකඩමික් චරිතයක් කියලත් තහවුරු කෙරුවා. එහෙම නං ඉතිං ප්‍රශ්නයක් නැහැනෙ, අනෙක මේ ශිල්පියා ප්‍රකට චරිතයක්නෙ! ඉතිං එහෙම නං අපි හම්බ වෙමු. මම ඒ මුණගැහීමට එකඟ වුණා.

දිනය - 2017 ජනවාරි 25, ප.ව. 4.00
තැන - ගාලු මුවදොර හෝටලයෙ ප්‍රවේශ ශාලාව ( lobby )

 
නියමිත වෙලාවට විල්සන්, ඔහුගෙ මිත්‍රයා සහ මම හමුවුණා. ඒ වනවිට මම තේරුම් ගනිමින් හිටියා, ඒ හෝටලයෙ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න ඇවිත් ඉන්න අතරෙ තමයි ඔහු මේ හමුව යොදාගෙන තිබුණෙ. ටිකක් කලබලයෙන් වගෙ තමයි ඔහු කතාකරන්න පටන් ගත්තෙ.
''දැන් චාපා කරගෙන යන වැඩේ තව හොඳට කරගෙන යන්න, අපි යම් විශේෂ දැනුමක්, දැනුමක් කිව්වට එක විදිහක tool එකක් දෙන්න හදන්නෙ..''
ඔහු කියාගෙන යනවා.
''ඒ කියන්නෙ මම කරගෙන යන වැඩේ ගැන ඔබ අධ්‍යනයක් කරලා තියෙනවාද?''
''නැහැ! මම ඔය වැඩසටහන් කීපයක් වගෙ බලලා තියෙනවා...මේ tool එක ඉගෙන ගත්තට පස්සෙ ඔයා වගෙ කෙනෙකුට ලොකු දෙයක් කරන්න පුළුවං...''
''ඒ කියන්නෙ?''
''මෙහෙමනෙ...අපි ජනවාරි 8 රටේ යම් වෙනසක් වෙයි කියලා හිතුවනෙ...ඇත්තටම මමත් ඒ වෙනුවෙන් නිහඬව වැඩ කෙරුවා...යමක් වෙයි කියලා අපි හිතුවනෙ...නේද?''
''මම නං කවදාවත් එහෙම හිතුවෙ නැහැ, මම කවදාවත් කාටවත් ඡන්දය දාන්නෙත් නැහැ, මගේ දේශපාලනය ඔය සීමාවෙන් එපිට...''
''ඒත් චාපාට ඕන මේ සමාජය වෙනස් කරන්නනෙ...ඒකට මේ දේ වැදගත්..''
''ඔබ එහෙම කියන්න නං, මම දැනට නොදන්න සහ මම ඔබ ඔය කියන දේ නිසා මට අලුතෙන් දැනගන්න පුළුවං දේ පැහැදිලිව කියන්න. ඔබ ඔය කියන්නෙ දැනුම් පද්ධතියක් ගැන නං..ඒකෙ මූලය මොකද්ද කියලත් කියන්න..?''
''දැනුම් පද්ධතියක් නෙවෙයි...''
''එහෙනං?''
සාකච්ඡාව ඔහොම දිගට යනවා. ඒ අතර විල්සන් වරින් වර එක එක වැඩ වලට එළියට යනවා, එනවා. ''ඔයා දිගටම මේ සාකච්ඡාවට සහභාගි වෙන්න!'' මම වගේම ඔහුගෙ මිත්‍රයාත් විල්සන් ට කිව්වා.
''අපි තේ එකක් එහෙම බීලා..හෙමින් කතාකරමු! ඔබ තුමාට වෙලාව තියෙනවා ද?'' විල්සන් ඒ අතර මගෙන් අහනවා.
''එළිවෙනකං හරි කතා කරමු වැදගත් නං...'' මම කියනවා. ''නෑ..නෑ...තේ බොන්න ඕන නැහැ...මම ඉක්මනට කියන්නං කො..''
අර මිත්‍රයා කතා කරනවා.
''සෙන් බුද්ධාගමත් මේකට සම්බන්ධයි, එහෙම කිව්වට ඒකම ගන්න එපා...ඇමරිකන් ටීම් එකක් එක්ක මේක කරන්නෙ, දැනට ලෝකය පුරාම අපි උපාධිධාරීන් 23 ක් හදලා තියෙනවා, අපි ඔබ තුමාව තමයි ලංකාවෙන් තෝරගන්නෙ...මේ කණ්ඩායම තමයි මේ tool එක ගැන උපරිමයට දන්නෙ..ඔයාව ඉස්සරවෙලා සිංගප්පුරුවට යවනවා දින කීපයකට...ඊට පස්සෙ ඕස්ට්‍රේලියාවට...''
''අපේ කාලය නාස්ති නොකර මම මෙහෙම කියන්නද! මම දේශපාලන විද්‍යාව, ඉතිහාසය ඇතුළු විවිධ සමාජයීය විද්‍යාවන් හදාරනවා...බුදු දහම ගැන විශේෂ උනන්දුවකුත් තියෙනවා...ඊට අමතරව මොකක් හරි දැනුම් පද්ධතියක් තියෙනවා නං කියන්න...මම විවෘතයි, අනෙක මම ඔය කිසිම රටකට ඔහොම එන්න බලාපොරොත්තුවක් නැහැ...අපිට පුළුවං මේ නුතන සන්නිවේදන තාක්ෂණය පාවිච්චි කරලා ඕන දෙයක් කරන්න...''
මම උත්තර දෙනවා. විල්සන්, මම කියන දේවල් අනුමත කරන ඉඟි බිඟි පළ කරනවා.
කෙළින්ම අරමුණ කියන්න - මමත් ඔය විස්තර දන්නෙ නැහැනෙ - ඔබ තුමා මෙතුමා මුණ ගස්සන්නම කිව්වා, මම ඒක කෙරුවා...!
විල්සන් ජයන්තට කියනවා. දැන් අමුත්තාගෙ මුණ ටිකක් අඳුරු වේගන එනවා.
''සෙන් කියන්නෙ බුදු දහමෙන් කෑල්ලක් අරගෙන හදාගත්ත ආගමික - දේශපාලන ව්‍යාපෘතියක්, බුදු දහමෙ මූලික හරය මතුකරගන්න නං ථේරවාදය ඇසුරුකරන්න ඕනෙ, ගැඹුරුම තැන් භාවිත අරුතෙන් ගන්න අභිධර්මය පුළුල් ව අධ්‍යනය කරන්න ඕනෙ, ලංකාවෙ ඒ දැනුම් පද්ධතිය තියෙනවා, අපිට පුළුවං ලෝකයටම උගන්වන්න...''
මම දැන් වැඩියෙන් කතා කරනවා.
''මේ දැනුම භාවිත අරුතෙන් වටහා ගන්න බැරි නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ, සෝම හාමුදුරුවො වරද්දගත්තෙත් ලෝකය උඩින් පල්ලෙන් අල්ලන්න ගිහිං...''
'' මම කියන්නෙ දැනුමක් ගැන නෙවෙයි..ජීවිතයෙ නිස්සාර බව වටහා ගන්න එක ගැන, එහෙම තේරුම් ගත්තොත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය හොරකං කරන්නෙ නැහැ, වැරදි වැඩ කරන්නෙ නැහැ...''
''දැනුම නැතුව කොහොමද ජීවිතය වටහා ගන්නෙ?  අනෙක වැරැද්ද තියෙන්නෙ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි, එහෙම හිතෙන්නෙත් දේශපාලන දැනුම නැති නිසා...''
අන්තිමට මම නැගිට්ටා. ඒ වෙනකොට අමුත්තා වැඩිපුර කලබල වෙලා හිටියෙ, ඒ මංගල උත්සවයට ආපු එක එක්කෙනා එයාව හොයාගෙන එන නිසා.
'' මම සුහද අභියෝගයක් කරනවා! ඔය කියන මහා බුද්ධිමත් විසි ගණනම ඔය කොහේ හරි තැනකට අරගෙන Skype වගෙ තාක්ෂණයක් යොදාගෙන අපි විවෘත සාකච්ඡාවක් කරමු...හැබැයි සජීව එකක්, ලෝකයටම පේන්න, දැනෙන්න.. අපි එකිනෙකාගෙ දැනුම share කරගෙන බලමු!''
''ඒක නං කියන්න අමාරුයි, එයාලා කැමතිවෙයිද දන්නේ නැහැ...try කරන්නං..''
මම ඉතිං එන්න ආවා.
''...extremely sorry! අනේ Sorry...'' වෙන්වන මොහොතෙ විල්සන් දිගටම කිව්වා.
ඇත්තටම මේ 'මොකද්ද' ? විල්සන් ට අවශ්‍ය වුණේ මොකද්ද? අර අමුත්තා, ජයන්ත ගණේගොඩ!?
මම තවම කල්පනා කරනවා.
''මම එක දෙයක් කියන්නං...මෙතැනින් එහාට මොකුත් වෙන්නෙ නැහැ, මේ අත්දැකීමට නං මම කොහොමත් කැමතියි. ඔබට ඕන මාතෘ භූමිය වෙනුවෙන් යමක් කරන්න නං, දෙමළ ඩයස්පෝරාවෙන් ඒ වැඩේ කරන හැටි ඉගෙන ගන්න, අපිට කතා කරන්න media නැහැ, ලෝකය පුරා විසිරිලා ඉන්න එවුන්ට එකතුවෙලා බැරිද channel 4 වගෙ මාධ්‍යයක්වත් හදා ගන්න. ඔබ හිතනවා නං ඕස්ට්‍රේලියාව හරි ඇමරිකාව හරි සුරක්ෂිතයි කියල ඒක ලොකු වැරදීමක්, මුළු ලෝකයටම කෙළවෙලා තියෙන්නෙ, බලාගෙන ඉන්න!''
අන්තිමට මම හැබැයි ඔය කතාවත් කිව්වා!
ඉතිහාසයෙ තවත් එක මොහොතක්...
CHAPA

    

CHAPA on Sri tv, Helidarauwa, Jan 12, 2017 - Part 2

CHAPA on Biz Ada Derana, Jan 20, 2017 'ඔබට හෘද සාක්ෂියක්' තියෙනවා ද?

    මේ අලුත් දවස ඔබේ!


ලංකාවෙ අපිට නං තවම දවස පටන් ගත්තා විතරයි වගෙ. මම මේ ලියමින් ඉන්න අවට තියෙන වැහිබර අඳුරු වට පිටාව නිසාමත්, තවමත් දවසෙ හිමිදිරිය වගෙ.
ඔබේ හිතේ දැන් මොනවද තියෙන්නෙ? හෙමින් කල්පනා කරලා බලන්න!
විසඳා ගන්න බැරි ප්‍රශ්නයකට මැදිවෙච්ච ඔබේ හිත මෙලහකටත් පිස්සු වැටිලා ඇති. සමහරවිට, ප්‍රශ්න ගොඩකින් ඔළුව කැකෑරෙනවා ඇති. වසර ගණනාවක් තිස්සෙ වැල් පොළී වන මාර ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න ගොන්නක් වෙන්නත් පුළුවං, අද ඊයෙ හදිසියෙ කඩා වැටිච්ච කරදරයක් හෝ කරදර ගොඩාක් වෙන්නත් පුළුවං.
දැන් මොකද කරන්නෙ?
මොනවා කරන්නත් හැබැයි ඔබ ඔළුව කෙළින් තියාගන්න ඕනෙ. හිත නිරවුල්ව තියාගන්න ඕනෙ. ඇයි දන්නවාද? අවුල් වෙච්ච හිතකින් - ඔළුවකින් කිසිම ප්‍රශ්නයකට උත්තර හොයාගන්න බැහැ, ප්‍රශ්න තව තව අවුල් කරනවා මිසක්. මෙහෙම හිතන එක ඒත් ලේසි නැහැ. ප්‍රශ්නවලට මැදිවුණු කෙනෙක් ඒ ගැන දැනුවත් නැත්තං එන්න එන්න ඒ ප්‍රශ්නවලම හිරවෙනවා. එය ඉතාම සාමාන්‍ය තත්වයක්. හිතන්න තියෙන ඉඩත් ඒ වගේම හැකිළෙන්න ගන්නවා.
අපි මෙහෙම බලමු!
අද, මේ,  අලුත් දවසක ආරම්භයක් නෙ. වෙනස් විදිහකට හිතන්න උත්සහ කරමු. ප්‍රශ්නය හෝ ප්‍රශ්න එහෙමම තියෙද්දි, අපි සාමාන්‍ය දෛනික කටයුතුවල සැහැල්ලුවෙන් යෙදෙන්න පටන්ගම්මු. වට පිටාවෙ ඉන්න නෑ හිතවතුන් එක්ක සාමාන්‍ය විදිහටම, සුහදව සහ වඩා විවෘතව වැඩ කරන්න පටන් ගම්මු. ඔබ යම් කර්යයාලයක වැඩ කරනවා නං වෙනදාට වඩා අලුත් විදිහකට වැඩකරන වට පිටාව දිහා බලන්න පටන් ගන්න. ඔබේ සගයන් එක්ක නවමු හැඟීමකින් ගනු දෙනු කරන්න උත්සහ කරන්න.
ඔය අවට එහෙ මෙහෙ දුවන අනේක විධ ගැහැනු මිනිස්සු, ළමයි...දිහා හොඳට බලන්න! ඒ හැමෝටමත් එක එක විදිහෙ ප්‍රශ්න ඇති, සමහර විට ඔබට වඩා. එහෙම නං වැටෙන්න එපා! හිත නරක් කර ගන්න එපා! බලාපොරොත්තු ඇති කරගන්න!
මේ අලුත් දවස ඔබේ!
CHAPA

Wednesday, January 25, 2017

    කට්ටිය?!


මාධ්‍යයකට සම්බන්ධ එක මිත්‍රයෙක් මට වරින්වර කියනවා, ''ඔයා මහින්දව බේරලා රනිල්ලාට ගහනවා කියලා කට්ටිය කියනවා!'' කියලා. එතකොට මම ඔහුට කරුණු එක්ක පෙන්නනවා ඒක එහෙම නෙවෙයි කියලා. යම් යම් වැඩසටහන් උපුටා දක්වමින් ඒ බව ඔප්පු කරන්න උත්සහ කරනවා. ''ඔයා මාව විධිමත්ව අධ්‍යනය කරන්න!'' මම ඔහුට යෝජනා කරනවා. ඔහු එතකොට කියනවා, මට ඒක තේරෙනවා, මට නං ඒ කතාව අදාළ නැහැ කියලා.
මම මෙහෙම ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරමින් අනතුරක් නැතුව ඉන්නෙ කොහොමද කියල කට්ටියක් අහනවා කියලත් ඔහු නිතර කියනවා. මම ගේම් ගහන්නෙ නැති එක තමයි මගේ ආරක්ෂාව කියලා මම ඔහුට කරුණු පැහැදිලි කරනවා. උදාහරණත් දෙනවා. එතකොටත් ඔහු කියනවා, ''මට ඕක තේරෙනවා, ඒ උනාට කට්ටිය කතාවෙනවා...'' කියලා. 'නැහැ..' කියලා හිතුණාට මටත් වෙලාවකට ඕක ප්‍රශ්නයක් තමයි කියලත් ඔහු මද සිනහාවෙන් ඒ අතර කියනවා.
ඔහුගෙ ඊළඟ ප්‍රශ්නය මම කාගෙන්වත් උදව් ගන්නෙ නැතුව කොහොමද මෙහෙම ස්වාධීනව පවතින්නෙ කියන එක. මම, මගේ දක්ෂතා යොදාගෙන, තෝරාගත්තා ආයතන කීපයක් එක්ක, මාධ්‍ය සහ මානව සම්බන්ධතා පැත්තෙන්, අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන විදිහ සහ ඒ සීමිත අදායමෙන් ජීවිතය කළමනාකරණය කරගන්න විදිහ ගැන මම ඊළඟට ඔහුට කරුණු පෙන්වා දෙනවා - සාක්ෂිත් පෙන්නනවා. නෑ, අනේ! මට තේරෙනවා...ඒත් කට්ටිය එහෙම අහනවා කියන එකනෙ මම මේ කියන්නෙ! කියලා ඔහු එතකොට කියනවා.
ඔයාට ඉතිං මේ හැම දේම තේරෙනවා නං, ඇයි කවුරුහරි එහෙම කියනකොට මම වෙනුවෙන් හිටගන්නෙ නැත්තෙ? කියලා මම ඔහුගෙන් අහනවා. දැන් කාලයක් ගත වෙලා, තවම ඒ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. ඒත් අර කලින් ප්‍රශ්න ටික තවම ඔහු නැවත නැවත අහනවා - මමත් ඒ ටිකම කියනවා.
සමහර කට්ටිය ඔයා එන වැඩසටහන්වලට එන්න කැමති නැහැනෙ! ඔහු කියනවා. ඉතිං ඒක එයාලගෙ ප්‍රශ්නයක්නෙ, මම නං ඕන යකෙක් එක්ක සංවාදයට එනවා. මම උත්තර දෙනවා. ඔයා ඒ ගොල්ලො ප්‍රශ්න කරන්න! ඒකනෙ අපේ සංවාදය. මම යෝජනා කරනවා. ''ඇකඩමික් අය විශේෂයෙන්ම!'' ඔහු මතක්කරලා දෙනවා. ඇකඩමික්! බම්බුවේ ඇකඩමික්! ඔය කට්ටියක් ඇකඩමික් මාෆියාවක් හදාගෙන රටට කෙළවනවා, මම ඔවුන්ට තමයි අභියෝග කරන්නෙ. අපි අදාළ සංවාද මණ්ඩපවලදි මූණට මූණ මුණ ගැහෙමු. ''ඒක නේද අපට ඕනෙ, හරි දේ එළියට ගන්න?'' මම අහනවා. ඔහුත් අහගෙන වගේ ඉන්නවා.
''ඔයා හැම විෂයක් ගැනම කතාකරන්නෙ ඇයි, ඒ කොහොමද? කියලා'' ඊළඟට ඔහු අහන්න පටන් ගන්නවා.
කට්ටිය එහෙම කියනවා ඔහුට ඇහෙනවලු!
මාධ්‍යවේදියෙක් කියන්නෙ හැම විෂයක්ම හදාරන්න ඕන වෘත්තිකයෙක් කියල මම පෙන්වා දෙනවා. ඒ වගේම මම දේශපාලන ක්‍රියාකාරිකයෙක්! ලෝකය වඩා යහපත් තැනකට ඔසවා තබන්න මම මැදිහත් වෙනවා. ඒ සඳහා හුඟාක් දැනුම් පද්ධති ඇසුරු කරන්න ඕන කියලා මම ඔහුට පැහැදිලි කරනවා. ඔහුගෙ ලොකු විරෝධයක් නැහැ, ඒත් කට්ටිය එහෙම හිතනවා කියන එකයි ඔහුගෙ ප්‍රශ්නය. සංවාද මගේ අතට ගන්න එක, මාතෘකා අනවශ්‍ය විදිහට පළල් කරන එක වගෙ චෝදනාත් ඒ අතර තියෙනවා.
මේ පුද්ගලික කතාබහක් වුණාට පොදු තත්වයක හරස් කඩක්. ඔහු කියන මේ 'කට්ටිය' අතර ඔබත් ඉන්න පුළුවං. ඒ නැතත් ඔහු කට්ටියක් වෙනුවෙන් තනියෙන් හිතන දේ ඔබට වැදගත් වෙන්නත් පුළුවං. මේ සටහන අන්න ඒ අනුමානය වෙනුවෙන්!
CHAPA

Sunday, January 22, 2017

CHAPA on Insight, Ada Derana, Jan 16, 2017, Episode 10

CHAPA on Insight, Ada Derana, Jan 16, 2017, Episode 10

  Can You?

 
ඔබ කවුද? කොහොම කෙනෙක් ද? වෙන වෙන අයට, ඒ ගැන වෙන වෙන අදහස් ඇති. යම් තක්සේරුවකුත් ඇති. ඒත්, ඔබට ඔබ ගැන යම් තක්සේරුවක් තියෙනවාද? ජනප්‍රිය වචන වලින් ගත්තොත්, එය අව තක්සේරුවක් වෙන්න බැහැ, අධි තක්සේරුවක් වෙන්නත් බැහැ.
කොහොමද කෙනෙක් තමන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගන්නෙ?
ඒක ඉතාම අමරුවෙන් කරගන්න ඕන දෙයක්. ඒ සඳහා, හැම වෙලාවකම තමන් - තමන් පිළිබඳ හොඳ අධ්‍යනයක ඉන්න ඕනෙ. 
මම කවුද? මම කොහොම කෙනෙක් ද? මගේ හැකියාවන් මොනවා ද? සාර්ථක සහ අසාර්ථක තැන් මොනවාද? දුර්වලතා මොනවාද? 
මේ ගැන නිරන්තර අවධානයෙන් ඉන්න ඕනෙ. ඒක එච්චර ලේසි නැහැ. අපි පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් තක්සේරු කරන්නෙ අනිත් අයව. අනෙක හැඟීම් අතර හිරවෙන අපි, හුඟාක් වෙලාවට තමන් ගැන වැරදි තක්සේරුවලට යනවා. එතකොටම අපට වරදිනවා.
අද තවත් අලුත් දවසක්නෙ, උත්සහ කරලා බලන්න!
Can You?
CHAPA

Thursday, January 19, 2017

    Good Morning!


සුබ උදෑසනක්! ම්...එහෙම කිව්වට, මම ඇත්තටම 'එහෙම' ප්‍රාර්ථනා කරනවාද? එක පැත්තකින්, මේ මොහොතෙ ලෝකයෙ දස දෙස විසිරිලා ඉන්න හැමෝටම මේ උදෑසන කතාව, මේ මොහොතෙ හරියන්නෙ නැහැ, සමහර කලාපවලට කාලය දැනෙන විදිහ වෙනස් නිසා. කොහොම වුණත් මේ 'සුබ' කතාව හැමතැනටම - හැම වෙලාවකටම ගැළපෙනවා.
මේ සුබ පැතීමක් ගැන පුංචි සටහනක් දැන් තියන්න හිතුවෙ, ඇත්තටම අපි, ඔය කියන විදිහට එකිනෙකාට සුබ පතනවා ද? කියල ආපිට කල්පනාකරලා බලන්න.
Good Morning!
Good Afternoon!
Good Night!
Have a nice day!
Good bye / bye!
..........
..........
ලංකාවෙ අපි මේ සුබ පතන ක්‍රමය ඉගෙන ගන්නෙ වැඩියක්ම යුරෝපයෙන්. ලංකාවටම අනන්‍ය සුබ පැතුම් ක්‍රමත් ඉතිහාසය තුළින් හොයා ගන්න පුළුවං වුණත්, මේ ඒ වගෙ ලොකු සාකච්ඡාවකට වෙලාව නෙවෙයි.
අපි මෙහෙම කරමු!
කෙනෙකුට මොකක් හරි විදිහකට සුබ පතන්න මොන භාෂාවකින් හරි වචන ගොනු කරන අතරෙ,  ඊට සම්බන්ධ සිතුවිළිත් එහෙමම ගොනුකරගෙන මුදා හරින්න. හිතින් හිතන්න, මම දැන් ඔහුට හෝ ඇයට මෙහෙම සුබ පතනවා! කියලා, ඒ කියන්නෙ, අනෙකාට 'යහපතක්ම' වේවා! කියල හිතන්න කියන එක. මේක සරලයි කියලා පෙනුණාට, සරලම නැහැ. අපේ හිත ඔය කියන තරම් පිරිසිදු නැහැනෙ, කුණු ගොඩවල් පිරිලා, ඒකයි එහෙම වෙන්නෙ.
ඒත් අපි උත්සහ කරමු!
ඔබට ඉතිං සුබ දවසක්!
CHAPA 
තවත් කතාවක්...

සෝම හිමි - Part 1

 
2003 දෙසැම්බර් 12 ගංගොඩවිල සෝම හිමි නික්ම ගියා. ඊට පස්සෙ එළැඹුණු මාස දෙක තුනක කාලය ''එකම සිදුවීම් පෙළක්'' වෙමින් රට උණුසුම් කළා, සෝම හිමියන්ගෙ සමාජ මැදිහත්වීම පිළිබඳ අපට වෙනම දේශපාලන කියවීමක් තිබුණා. ඒ සංවාදය පසෙක තිබියදී, අපි අදාළ සිදුවීම් පෙළ, 'නිදහස්' පුවත්පතේ සහ 'ඊළඟට...' කෘතියෙ පිටු අතරින් ආපිට කියවන්න පටන් ගනිමු! ඒ, ඉතිහාසය මැකී ගිය කල වර්තමානයක් හෝ අනාගතයක් පිළිබඳ නොලියැවෙන නිසා...
CHAPA

ආචාර්ය උපාධි ඡායාරුප, සෝම හිමියන්ගෙ මෘත දේහයෙන්!
ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමට අදාළ රුසියානු ආචාර්ය උපාධි කුමන්ත්‍රණය සඳහා ව්‍යාජ ලෙස යොදාගෙන ඇත්තේ ඒ හිමියන්ගේ මෘත දේහයේ ඡායාරුප වන බව අනාවරණය කරන 'නිදහස්' එම අපවත්වීම සුක්ෂම ඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව විශ්වාස කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරිය - අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පියවර නොගැනීම පිටුපස, අන්තර්ජාතික ක්‍රිස්තියානි
මුලධර්මවාදී බලවේගයක් තිබෙන බවද 'නිදහස්' අවධාරණය කරන අතර එම සූක්‍ෂම සිද්ධීන් සඳහා පැහැදිලි සාක්ෂි සපයන එකී ක්‍රිස්තියානි මුලධර්ම ආයතනයේ වෙබ් අඩවියද විසන්ධි කර හෝ අවහිර කර තිබෙන බව පෙන්වා දෙයි.
සෝම හිමියන් ලියූ 'බෞද්ධ' ස්ථූප නම් වූ, ඉංග්‍රීසි භාෂාවට හෝ පරිවර්තනය නොකළ ඉතා සරල ග්‍රන්ථයකට, ආචාර්ය උපාධී කීපයක්ම ප්‍රදානය කීරීමට සූදානම් වූ බව කියන රුසියාවේ, IUFS ( International University ඔෆ් Fundamental ) ආයතනය, පිළිගත් මට්ටමක විශ්වවිද්‍යාලයක් හෝ නීත්‍යනුකුල ආයතනයක් නොව, ශාන්ති පුෂ්පකුමාර ජයසේකර නම් වූ ශ්‍රී ලාංකිකයෙකු පුජකයෙකු ලෙස යොදා ගනිමින් පවත්වාගෙන යන ක්‍රිස්තියානි මුලධර්මවාදී ස්ථානයක් බව අනාවරණය වන අතර, මෙම ශ්‍රී ලාංකිකයා තමා හඳුන්වාගැනීමේදී යොදා ගන්නා Rev. Prof. Shanthi P. Jayasekara, D.D. Ph D, Ed .D, JD, DSc, Theologian ( USA ), Professor in Satellite Television Systems - Academician ( Russia ) Astronaut cosmonantics Federation of Russia යන උපාධි සහ පශ්චාත් උපාධි සුදුසුකම් ව්‍යාජ ඒවා බව තහවුරු වේ. එසේම ඔහු, රුසියානු රජය ප්‍රකාශයට පත්කර ඇති ව්‍යාජ සහතික ලබා දෙන්නන්ගේ කළු ලැයිස්තුවට ( Black List) අයත් ජාවාරම් කරුවෙකු බවත්, ඇමරිකාව මුලස්ථානය කරගත් ක්‍රිස්තියානි මුලධර්මවාදී කල්ලියක නියෝජිතයෙකු බවත් තහවුරු වේ. මෙම පුද්ගලයා මගින් පවත්වාගෙන ගිය www. iufs. edu නම් වූ වෙබ් අඩවියේ ප්‍රකාශිත කරුණු වලින් ඒ බැව් සනාථ වන අතර, එහි එසේ ව්‍යාජ ආචර්ය උපාධි ලබා දුන් බව කියන විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් පිරිසකගේම නම් ඇතුළත්කොට තිබේ.  
2001/02 සහ 2003/04 වශයෙන් වර්ග කර ඇති එහි කණ්ඩායම් දෙකටම සෝම හිමියන්ගේ නම ඇතුළත් කර ඇති අතර, ඊට අමතරව, එහි ඇතුළත් කොට ඇති ශ්‍රී ලාංකිකයන්ගේ නම් මෙසේය;
ජයසේකර මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර, හේරත් වාසල මුදියන්සේලාගේ කළුබණ්ඩාර රණවන. සේරසිංහ එරන්ද, ජයසේකර මුදියන්සේලාගේ උපසේන ජයසේකර, ගංගොඩවිල සෝම හිමි, පීරිස් රත්නජීව, තිළිණී දන්තනී, හජ්ජු මොහොමඩ් සිතික්.
'නිදහස්' නිරීක්ෂණයට අනුව, මෙම ශ්‍රී ලංකික ජාවාරම්කරුවන්ගේ පවුලේ සාමාජිකයන් විය හැකි, ජයසේකර මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර, ජයසේකර මුදියන්සේලාගේ උපසේන ජයසේකරට අමතරව යොදාගෙන ඇති සෙසු නම් සියල්ලම පාහේ ව්‍යාජ ඒවා බව හෙළිදරවු වෙමින් තිබේ.එම ලැයිස්තුවේ සිටින ජයසේකර මුදියන්සේලාගේ ජයන්ත සිසිර කුමාර යනු, සෝම හිමියන් විසින් පවත්වාගෙන ගිය 'ජනවිජය' පුවත් පතේ ප්‍රධාන කතුවරයාය. ඔහු මෙම ජාවාරම්කාර පුජකයාගේ සහෝදරයෙකි. එහෙත් ඔහු මාධ්‍ය ඔස්සේ ප්‍රකාශකොට තිබුණේ, තම සහෝදරයා එවැනි පූජකයෙකු බව හෝ අදාළ ක්‍රිස්තියානි මුලධර්මවාදී ආයතනය පිළිබඳ හෝ කිසිත් නොදන්නා බවයි. සෝම හිමියන් මෙම රුසියානු ගමන සඳහා මෙහෙය වූ එම 'ජනවිජය' කර්තෘ වරයාගේ සියලු හැසිරීම් අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ, ඔහු මෙම සුක්ෂම කුමන්ත්‍රණයේ එක් ප්‍රධාන පාර්ශවකරුවෙකු බවය. ඔහු ක්‍රිස්තියානි මුලධර්මවාදී නිකායකට බැඳී සිටින 'සෙලින්කෝ' අධිපති ලලිත් කොතලාවල පවත්වාගෙන යන 'අරටුව' පුවත් පතේ කර්තෘවරයෙකු ලෙස කටයුතු කර ඇති නිසා මෙම කුමන්ත්‍රණය වඩා සංකීර්ණ වන බව පෙන්වා දෙන 'නිදහස්' ඔහු - හුදු ප්‍රකාශයකින් පසුව නිදහස් කර දැමු නෛතික ක්‍රියාවලිය ද ප්‍රශ්න කරයි.
ඒ අතර සෝම හිමියන් රුසියාව බලා පිටත්ව යෑමට පෙර සහ පසු විවිධ පුද්ගලයන්ට,හමු වී සහ දුරකථන ඔස්සේ ප්‍රකාශකොට ඇති බව කියන කරුණු සියල්ල පරස් පරය. ගැටළු සහගතය. මේ කිසිවකින් සෝම හිමියන් රුසියාවට ගිය හේතුව සහ අරමුණ හෝ ඒ හිමියන්ට වැළඳුණු බව කියන හෘද රෝගය, සිදු කළ බව කියන මූලික සැත්කම, ශාන්ත පීටර්ස්බර්ග්හී පුනරුත්ථාපන කඳවුරක දීර්ඝ කාලයක් රඳවා ගැනීම සහ හදිසියේ අපවත් වීම යන නොපැහැදිලි තත්වයන් නිරවුල් වන්නේ නැත. වෛද්‍ය වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද එකිනෙක සැසඳෙන්නේ නැත.එසේම සෝම හිමියන්, ආචාර්ය උපාධි ලබා දුන් බව දන්වමින් ඉහත දැක්වූ www.iufs.edu වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබූ ඡායාරූප පෙළ අධ්‍යනය කරන 'නිදහස්' ඒ සියල්ල ව්‍යාජ ඡායාරූප බව මෙසේ සනාථ කරයි.   
( to be continued... )

Tuesday, January 17, 2017

INSIGHT Episode 10 - Mahindananda Aluthgamage

තවත් සුන්දර උදෑසනක්!

අද 2017 ජනවාරි 18. දැන් උදේ 7.45 යි...
ඉස්සරහා දොරත් එක්කම අවකාශය අත්පත්කරගෙන තියෙන ඇට්ටේරියා ගහේ අතු ඉති සීතල මද සුළඟට නටනවා. ඊයේ රාත්‍රිය පුරා සුවඳ විහිදුවාලූ ලස්සන පුංචි ඇට්ටේරියා මල් ඒ අතරින් හිනා වෙවී එබිලා බලනවා වගෙ. මිහිරි කුරුළු හඬ මේ අලුත් දවස එයාලගෙම කරගෙන.
අපේ ගෙවත්ත පර්චස් කීපයක වදුලක්, කතාකරන ගස්! එක එක වර්ගයෙ කුරුල්ලො වරින් වර ඇවිත් ගහක අතුපතර ගිමන් හැරලා, ගෙඩියක මලක රස විඳලා පවන් රැළි එක්කම කොහේදෝ ඇදිලා යනවා. එයාලා එන්නෙ කොහෙන්ද, යන්නෙ කොහාටද? හොරෙන් ගිහිං බලන්න හිතෙනවා.
වෙලාවක් හම්බවෙන හැම හැන්දෑවකම, පුරුද්දක් විදිහට මම ගෙවත්තෙ තුරු වදුලට වතුර දානවා, හැඩකාර දඟකාර සුටික්කො දෙතුන් දෙනෙක් එතකොටම ඇවිත් ඇට්ටේරියා ගහේ අතු පතර හැංගිලා ගයන්න පටන් ගන්නවා. මම වැස්සක් වැටෙන විදිහට ඒ පැත්තට වතුර විසුරුවනවා, උඩින්. එයාලා ප්‍රබෝධයෙන් නාන්න පටන් ගන්නවා, ස්වභාව ධර්මය! නුඹ කෙතරම් චමත්කාරජනක ද?
ඒ අස්සෙ, පිටිපස්සෙ බිත්තියක රන් කුඹලෙක් හෙමින් හෙමින් එයාගෙ ලස්සන නිවහන හදන හැටි මම දවස් ගණනක් බලාගෙන හිටියා, දැන් නං වැඩ ඉවරයි, එයාලා පදිංචිත් වෙලා.
මේ ළඟදී දවසක, මම අහම්බෙන් හෙවනැල්ලක් වගෙ දැක්ක, ගෙයි පිටිපස්ස දොරෙන් කවුරු හරි ඇතුළට ආවා, මම හෙමින් ගිහින් බැලුවා. ඔබ දන්නවාද? වඳුරෙක් හොරාට ඇවිත් පැන්ට්‍රියෙ තට්ටුවක තිබුණු කෙසෙල් ඇවරියකින් කෙසෙල් ගෙඩියක් කඩාගෙන කිසි කලබලයක් නැතුව කනවා, හැබැයි මාව දැකලා පැනලා ගියා. මම ඒ කෙසෙල් ඇවරිය අරගෙන, එතකොටත් ඒ ළඟ කරපිංචා ගහට ගොඩවෙලා හිටිය එයාට පෙන්නුවා. අනේ ඒ බැල්ම! ''ඇත්තට දෙනවද?'' වගෙ ආයාචනාවක් ඒ මුහුණෙ තිබුණෙ. අපි ඉතිං යාළු වුණා, තවම ඉඳ හිට මේ පැත්තෙ එනවා කෙසෙල් කන්නම.
ම්...අර! පුංචි ගොළුබෙල්ලෙකුත් කොහේදෝ ලොකු ගමනක් යන්න පටන් අරන්, අඩි හයක විතර කොන්ක්‍රීට් තලයක් මාරුවෙන්න, අනේ මෙයා ගන්න වෙලාව. හදිසියේ ඒ අතර මතුවෙන පළගැට්ටෙක්, මකුළුවෙක්, කකුල් පේළි මත ඇදෙන ගරුඩෙක්...එක එක මාදිලියේ කූඹි. තවත් බොහෝ අය. ඇහැට පෙනෙන, නොපෙනෙන සත්තු කොච්චරද?
අසිරිමත් ජෛව ගෝලය!
ඒත් අපි, මිනිස්සු මේ මුළු ලෝකයම අපේ කරගෙන, අපට ඕන විදිහට විනාශ කර කර පාලනය කරනවා. අපට කවදාවත් තේරුම් ගන්න බැරි තිත්ත ඇත්ත තමයි අපට විතරක් පවතින්න බැහැ! කියන එක.
අනේ කුරුල්ලනේ! උඹලා ගයන ඔය ගී මේ අපේ මිනිස්සුන්ට යන්තං හරි එහෙනවා නං!
CHAPA

 

Saturday, January 14, 2017

                                  Happy Birth Day! King!!


1929 ජනවාරි 15, අද වගේ දවසක, මාටින් ලුතර් කිං ( කනිෂ්ඨ), ඇමරිකානු ජෝර්ජියා ඇට්ලාන්ටාවෙ දි උපත ලබනවා. 1968 අප්‍රේල් 4 ටෙනීස් මෙම්ෆීස්හිදී ඝාතනයට ලක්වන තෙක් සහ ඊට පස්සෙ අද වන තුරුත් - ඉදිරියටත්, ඔහු අප ඉදිරියේ නොනිමි සංවාදයක් ගොඩනගනවා.
මේ, ඒ වෙනුවෙන් 'කුඹි' පොතේ 205 - 207 පිටුවලින්  උපුටා ගැනෙන දිග සටහනක ඡේද කීපයක්;
( උපුටා ගැනීම )
..ධනේෂ්වරයේ උවමනාව සඳහා වර්ධනය වී අධ්‍යාපන වටිනාකමක්ද අත්පත් කරගනිමින් විවිධ ස්වරූපයන් ඔස්සේ එතෙක් දුර පැමිණ තිබූ, ලෝකය දෙවියන්ගේය යන ප්‍රබන්ධය කිංට භාවිත කිරීමට සිදුවන්නේ පද්ධති බද්ධ දේව ධර්මය ( Systematic Theology ) සහ ඒ සමඟ බැඳුණු වෙනත් දාර්ශනික වියමන් ඔස්සේ විය යුතුය. එහෙත් ඔහු පහළ වන කාල තීරුව වන විට, ක්‍රිස්තු උපතට ආසන්න එහා මෙහා සියවස් වල ආරම්භ වී ධනේෂ්වර හැඩ තල සමග ඉදිරියට පැමිණෙමින් තිබුණු, දේව ධාර්මික නමින් පෙනී සිටි ඒ දේශපාලනික මැදිහත්වීම වඩා විධිමත් සාකච්ඡා සන්දර්භයකට ඉඩ කඩ සලස්වා තිබිණි. කිං ඒ බව යම් ප්‍රමාණයකට හෝ වටහාගෙන සිටි බව ඔහුගේ ඇතැම් ප්‍රකාශවලින් අවබෝධ වේ.
''....යම් දිනෙක ජෝර්ජියාවේ රතු කඳු මත ඉස්සර වහලුන්ගේ පුතුන් සහ ඉස්සර වහල් හිමියන්ගේ පුතුන් සහෝදරත්වයේ මේසය වටා එකට ඉඳ ගැනීමට සමත් වනු ඇතැයි මම සිහින දකිමි. අයුක්තියේ තාපයෙන් පීඩා විඳින, පීඩනයේ තාපයෙන් පීඩා විඳින ජනපදයක් වූ, මිසිසිපි ජනපදය පවා එක දිනෙක නිදහසේ සහ යුක්තියේ ක්‍ෂේම භූමියක් වනු ඇතැයි මම සිහිනයක් දකිමි...''
( ජීවිතය සහ මරණය, පිටුව 162 )
කිං එසේ කියන්නේ ඒ නිසයි. එහෙත් ඔහුගේ ඒ දේශපාලන සිහිනය කිසිදා සැබෑ නොවන සිහිනයක්ම බවට පත් කරන ඔහුගේ මැදිහත්වීමේ - යථාර්ථයේ මිත්‍යාව මෙන්න බලන්න;
''...අප නිදහසේ සීනුව නාද වීමට සලස්වන විට, අප එයට සෑම නගරයකින්ම, සෑම ගමකින්ම සහ සෑම ජනපදයකින්ම නාද වීමට සලස්වන විට, දෙවියන්ගේ සියලු දරුවන් කළු මිනිසුන් සහ සුදු මිනිසුන්, යුදෙව්වන් සහ නොයුදෙව්වන්, ප්‍රොතෙස්තන්තයන් සහ කතෝලිකයන් යන සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන ''අන්තිමේදී නිදහස්, අන්තිමේදී නිදහස්...සර්වබලධාරී මහා දෙවියනි!අපි අන්තිමේදී නිදහස්!'' යන පැරණි නීග්‍රෝ අධ්‍යාත්මික වචන වලින් ගී ගැයීමට සමත්වන එම දිනය ඉක්මන් කිරීමට අපි සමත් වන්නෙමු!''
( ජීවිතය සහ මරණය - පිටුව 163 )
ඇතැම්විට කිං කිසිදා වටහා නොගත් කාරණය වන්නේ ඔහුගේ සිහිනය සහ සර්වබලධාරී දෙවියන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. ඒ දෙවියන් යනු තමා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි රාජ්‍යයේම වෙනත් ස්වරුපයක් බව අවබෝධ කර ගැනීමට තීබූ එකම බාධාව ඔහුගේ ආගමික අධ්‍යාපනය බව අනුමාන කළ හැකිය. වෙනත් වචනවලින් කියන්නේ නම්, කීං හසුව සිටියේ එක්තරා ඓතිහාසික දේශපාලන උගුලකටය. සෙසු ජනපද ප්‍රාන්ත යටපත් කරදමමින් නිව්යෝක් සහ වොෂිංටනය අතර බලහත්කාරයෙන් බිහිවෙමින් තිබූ ඇමරිකානු නව යටත්විජිතවාදී කඳවුර සුළඟිල්ලෙන් පෙරලා දැමීමේ අසහාය බලයක් තිබූ පොදු ඇමරිකානුවන්ගෙන් කොටසක් 'කළු විඥානය' යනුවෙන් ලේබල් කර රාජ්‍යයට අවශ්‍ය පරිදි අවනත කර දැමීමය, කිං අතින් අවසානයේදී සිදුවූයේ.
( උපුටා දැක්වීම අවසන් )
CHAPA
      

තවත් කතවක්...

Media Talk

2003 ජනවාරි හරිය වෙනකොට අපි පත්තරයක් විදිහට සෑහෙන ගමනක් ඇවිත් තිබුණා. වෙළෙඳපොළ ඇතුළෙ, ඒ කියන්න පත්තර තට්ටුවල පත්තර විකිණෙන එක අපේ පාලනයෙන් පිට සිද්ධ වෙන වෙන කතන්දරයක් හින්දා අපි ඔය වෙනකොට පුද්ගලයගෙන් පුද්ගලයට හන්දියෙන් හන්දියට සහ ගමෙන් ගමට පත්තර විකුණන හැටි අත්හදා බලමින් හිටියා. ඒක හරිම වෙහෙසකර වැඩක්. ඒත් අපි ටික ටික කරගෙන ගියා. ඒ අතරම රටේ විවිධ තැන්වල සාකච්ඡා සහ වැඩමුළු පවත්වමින් ජනමාධ්‍ය පිළිබඳ දියුණු සංවාදයක් ඇති කරගන්න අපි දිගටම උත්සහ කෙරුවා. මේ සඳහා පාසල් මට්ටමෙන් වැඩ කරන්න පුළුවන් ද කියන එක ගැන අපිට ලොකු උනන්දුවක් තිබුණා.
මුල්ම කාලයෙ, ඒ කියන්නෙ, පත්තරේ පටන් අරන් මාසයකින් දෙකකින්, පන්නිපිටියෙ ධර්මපාල විද්‍යාලයෙ පැවැත්වුණු ජනමාධ්‍ය පිළිබඳ වැඩසටහනකට මට ආරාධනා ලැබුණා. ඉස්කෝලෙ සංවිධායක මණ්ඩලයත් එක්ක කතාකරලා, ඒ වැඩේට ආරියරත්න ඇතුගලවත් ( කැළණිය විශ්ව විද්‍යාලයෙන් ) එක්කරගෙන යන්න මට පුළුවන් වුණා. එදා සාකච්ඡාව ටිකක් උණුසුම් මට්ටමකට ගියා. එක තැනකදි ඇතුගලගෙ හිත නරක්වෙන තත්වයකුත් මතු වුණා. ඒ වෙලාවෙත් මට හිතුණා, හොඳ සංවාද වැඩ බිමක් ඇතිකරගන්න පාසල් අවකාශයක් කොයි තරම් ප්‍රබලද කියලා.
ඇතුගල ගැන ලියන්න ගත්ත නිසා, ඔහුට සම්බන්ධ තවත් කතාවක් මෙතැනම ලියන්න තියෙනවා.
ඔහු ඉස් ඉස්සෙල්ලාම මට මුණ ගැහෙන්නෙ කැළණිය විශ්ව විද්‍යාලයේ TNL වැඩසටහනක් රූ ගත කරන්න ගිහිං. ( 'නිදහස් - free ) පත්තරේ පටන් ගත්ත කොටුවෙ උද්ඝෝෂණ අවස්ථාවටත් ඔහු ඇවිත් හිටියා. ඊට පස්සෙ වරින් වර අපි හම්බ වුණා. පත්තරේට ලියමු කියලා ඔහුට යෝජනා කරනකොට ඔහු කිවුවේ ඒකට වෙලාවක් හොයාගන්න අමරුයි කියලා. කැළණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ධාරාවට සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් නිසා අපිට ඔහු වැදගත්. මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය නිදහස වගෙ කාරණා ගැන අපි මුණ ගැහිච්ච වෙලාවට කතා කරනවා. කොහොම හරි ඔහුගෙ අදහස් මේ පත්තරේ හරහා ගෙනියන්න ඕන නිසා, ඔහු කතාකරන දේවල් පටිගත කරලා ටිකක් වෙනස් විදිහක කොලමක් ලියන්න අපි ක්‍රියා කෙරුවා. වැඩේ කරගෙන ගියේ ආශා ( ප්‍රේමතුංග ). කොලමෙ නම 'මීඩියා ටෝක්'. ඒත් මාසයක් දෙකක් යනකොට තත්වය වෙනස් වුණා.
2002 ඔක්තෝබර් මාසය පටන් ගන්න කලින් කැළණිය විශ්ව විද්‍යාලය 'සං' කියලා සඟරාවක් පටන් ගත්තා. ඒක දොරට වඩින උත්සවයට ඇතුගල මටත් කතා කෙරුවා. ඒ සඟරාව එතෙක් අපි කියවපු හුඟාක් සිංහල සඟරාවලට වැඩිය නොදියුණු මට්ටමකයි තිබුණෙ. එළියෙ ජනමාධ්‍ය ගැන ශාස්ත්‍රාලීය විවේචන ඉදිරිපත් කරන අය, එළියෙ මාධ්‍යකාරයන්ට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහේ සඟරාවක් නොකිරීම ගැන මම ඇතුගල ප්‍රශ්න කෙරුවා. අපේ ඔක්තෝබර් කලාපයට ඒ ගැන සටහනකුත් ලියැවුණා. ඔය ගැන ඇතුගල හොඳටම කේන්ති ගත්තා. පස්සෙ කාලයක ඔහු මුණ ගැහෙන්න ගෙදර ගිය වෙලාවක ඒ කේන්තිය හදිසියේම පුපුරලා ගියා. ඉතිං ඔහු මට බැන්නා.
මෙතැන මට පුද්ගලික ආරෝවක් නෑ. තරහකුත් නැහැ.
ඒත් අර ප්‍රශ්නය නං තාමත් එහෙමමයි.
( කූඹි - 2010 ජුනි, පිටු 66 - 67 )    
  

Wednesday, January 11, 2017

දේශපාලනය, කුණුහරුපයක් නෙවෙයි! විද්‍යාවක්...


අපිට රටක් හැටියට ඉස්සරහට යන්න බැරිවෙන්න හරස් වන බරපතළම බාධකය, දේශපාලන දැනුම!
ක්‍රියාකාරී දේශපාලන කටයුතු කරන බව හිතන හුඟාක් අයට මේ ප්‍රශ්නය තියෙනවා. හුඟාක් දේශපාලන පක්ෂත් ඒ නිසාම ඒ විදිහයි. උගත් අය දේශපාලනය කරන්න ඕනෙ, උගත් අය පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ කිව්වට මේ 'දේශපාලන උගත්කම' වෙන එකක්.
උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥවරයෙක්...කියන්නෙ වෙන කතාවක්. ඔවුන්ට තම විෂය දැනුම තියෙනවා වුණත් ඊට එහා දේශපාලනිකව ලෝකය දකින්න නං, දේශපාලනය විෂයයක් විදිහට හදාරන්න වෙනවා.
සාමාන්‍යයෙන්, ලංකාවට අදාළව ගත්තොත් අවම වශයෙන් අපොස ( උපෙළ ) මට්ටමටවත් මේ විෂය දැනුම හදාගන්න ඕනෙ යමක් සාකච්ඡා කරන්න පටන් ගන්නවත්. මේ හැදෑරීම් තමන්ට තනියම වුණත් කරන්න පුළුවං, ඒත් 'මම දන්නවා!' කියලා හිතන කෙනෙකුට නං මැරෙන තුරුම බැහැ. දැන් වෙලා තියෙන්නෙ, තමන් දේශපාලනය කරනවා! කියලා හිතාගෙන, විශාල පිරිසක් එක එක පක්ෂත් එක්ක - එක එක විදිහට ක්‍රියාකාරී වෙලා - ඉතාම අනතුරුදායක තත්වයක්! ඒ අති බහුතරය හිතන්නෙ ඇඟේ හයියෙන් දේශපාලනය කරන්න පුළුවං කියලා. ඒ පක්ෂ නායකයොත් එහෙම හිතන නිසා මාර ප්‍රශ්නයක් තියෙනවා.
ඉතාම සුළු පිරිසක් ඉන්නවා දේශපාලනය විෂයයක් විදිහට දැනගෙන games play කරන, ඒත් 'ඉතාම සුළු' පිරිසක්. ඒ අතර එහෙම දැනුම හොයන අලුත් කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුන් ඉතාම භයානකයි!
ඔය අතර, ජවිපෙ එක කාලයක, පෙරටුගාමී පක්ෂය දැන් යම් ප්‍රමාණයකට දේශපාලන දැනුම ගැන උනන්දු වෙනවා. ඒත් ඔවුන්ගෙ පක්ෂ ආකෘති නිසා හිරවෙනවා. එක කාලයක් X කණ්ඩායම, Tomorrow වගෙ කුඩා කණ්ඩායම් දේශපාලන හැදෑරීම් එක්ක සංවිධානය වුණත්, ඒත් එක්කම ඔවුනුත් මේ වෙළෙඳ පොළ හුළඟට ගහගෙන ගියා.
කොහොමත් අන්තිමට හැම පාලකයෙක්ම මේ නොදන්නා කමට ආසයි, ලේසි නිසා. අපි දැන් මොකද කරන්නෙ? මේ fb වගෙ නූතන තාක්ෂණ අවකාශ  හරහා පවා හුඟාක් කට්ටිය දේශපාලනය කියල හිතාගෙන කුණුහරුප ලියනවා, කුණු රසය මතුකරන post දානවා. ගහගන්න කතාකරනවා.
වැදගත්ම සහ බරපතළම කාරණය මේකයි!
ලෝකය කොල්ලකන ආර්ථික ඝාතකයන් දේශපාලන දැනුමෙන් සන්නද්ධයි, අපි පොලු මුගුරු කඩු පිහි තුවක්කු බෝම්බ  එක්ක දේශපාලනය වගේ එකක් කරන අතරෙ...
එතකොට?!
CHAPA   

නිදහස් by CHAPAbandara: විමල්! විමල්! ඔබ දැන් ඉන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරයෙ....

නිදහස් by CHAPAbandara: විමල්! විමල්!
ඔබ දැන් ඉන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරයෙ....
: විමල්!  විමල්! ඔබ දැන් ඉන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරයෙ. මේ වෙලාව හොඳයි 'ඔබ' ගැන ඔබට කියන්න! මුලින්ම කියන්න ඕනෙ, ඔබ මෙහෙම හිර කරන්නෙ, ...

විමල්! 

විමල්!
ඔබ දැන් ඉන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරයෙ. මේ වෙලාව හොඳයි 'ඔබ' ගැන ඔබට කියන්න!
මුලින්ම කියන්න ඕනෙ, ඔබ මෙහෙම හිර කරන්නෙ, ඔබ කළ බව කියන මොකක් හරි නීති විරෝධී කටයුත්තක් නිසා නෙවෙයි. ඔබ ඇතුළු යම් පිරිසක් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට මේ මොහොතේ බාධාවක්ව ඉන්න නිසා. මම එහෙම කියන්නෙ, දුෂණ, වංචා සහ අක්‍රමිකතා සඳහා නං මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ, හිටපු ජනාධිපතිවරිය චන්ද්‍රිකාගේ සිට පුංචිම පුංචි රාජ්‍ය සේවකයා දක්වා වූ, රාජ්‍ය බලයේ හිටපු සහ රාජ්‍ය බලයේ ඉන්න අති බහුතරයක් ඉන්න ඕනෙ හිර ගෙවල් ඇතුළෙ. ඔබ, ඔය කියන රජයේ වාහන අව භාවිතය කරන්න ඇති, තවත් ජනතා විරෝධී දේවල් කරන්නත් ඇති. ඒත් ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ වෙලාවෙ, රාජ්‍ය සුක්කානම අතේ තියෙන අයට ඔබ එක විදිහක බාධාවක්. කොහොම වුණත් බය වෙන්න දෙයක් නැහැ, ලොකු දෙයක් වෙන්නෙ නැහැ - යම් සංදර්ශනාත්මක මොකක් හරි විතරයි! 
මේ අදට අදාළ දඩබිම! වරෙක ඔබත් එක දඩයක්කාරයෙක්. මෙවර ඔබ එහි තවත් එක ගොදුරක්. මතු තවත් දවසක ඔබේ අතට ආයෙත් තුවක්කුවක් ලැබෙනවා. එදා පටන්ම ඉතිං මේ දඩ බිම එක එක ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා.

එතකොට මේ 'ගොදුර' කියන කතාව ඔබට ඇත්තටම තේරෙනවා ද?

හරියටම ගත්තොත් ධනවාදයේ නුතනම කාර්තුව ඇතුළෙ මේ ගොදුරු නිර්මාණය කෙරෙන විදිහ ඔබ තවම දන්නෙ නැහැ කියලා මම යෝජනා කරනවා.
බලන්න! ඔබ මතුගම ගමක පුංචි පවුලක ඉපදිලා පාසල් ජීවිතය තුළම ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වෙනවා. 88 - 89 අඳුරු භීෂණයෙන් යටපත් වන ජවිපෙ, ටික කාලයකින් ඇත්තටම යළි ගොඩ එන්නෙ 'විමල් වීරවංශ' කියන ඔබේ මුද්‍රාවත් එක්ක. රට පුරා විසිරුණු දැවැන්ත රහසිගත සංවිධාන ජාලයක් තිබුණත් එවර ඔබ 'මාධ්‍ය නිෂ්පාදනයක්' වෙමින් ඒ පක්ෂයට නුතන 'සුසංගත ප්‍රජාතන්ත්‍රවාදී හැඩය' ක් ලබා දුන් බව පැහැදිලියි. ඔය කාලය තුළ, කෙටි කාලයක්  'රාවය' ට වැඩකරමින් හිටපු මටත් ඔබ වරින් වර මුණ ගැහුණා. ඔබට මතකද? ඔබ, මම ඇතුළු මාධ්‍යයට සම්බන්ධ යම් පිරිසක් සමග හොඳ සම්බන්ධතාවක් ගොඩ නගාගෙන හිටියෙ. ඇත්තටම ඔබට හොඳ සම්බන්ධීකරණ හැකියාවක් තිබුණා. ඒත්, ඔබ සහ 'ජවිපෙ සමස්තය' අතර යම් පරතරයක් තිබුණා. ඒ නිසාම එක විදිහක අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණා කියලා මට දැනෙන්න ගත්තා. එය ඔබේ ජනප්‍රියත්වය හෝ වෙනයම් පුද්ගලික සාධකයක් මත මෝදු වෙමින් තියෙන වග කෙනෙකුට හිතෙන්න පුළුවං කම තිබුණා වුණත්, ඒක එහෙම නෙවෙයි.
ඒ, වම් - දකුණු දේශපාලනය සහ ඒ මැද ප්‍රජාතන්ත්‍රවාදය ( සුසංගත? ) සමග ධනවාදයේ නුතනත්වයට අදාළව නිර්මාණය වෙමින් තිබුණු ඓතිහාසික අර්බුදයක්. පක්ෂ දේශපාලනයෙන් ව්‍යුක්තව නූතන මාධ්‍ය පර්යේෂණයක නියැලුණු 'නිදහස්' මාධ්‍ය භාවිතය පවා ජවිපෙ සමස්ත විරෝධයට ලක්වෙන්නෙ  අන්න ඒ අර්බුදය තුළ. ඔය දියුණු සංවාදය කොතැනකින් හරි පටන් ගන්න මම පුද්ගලිකව, ඔබ ඇතුළු ජවිපෙ නායකයන් එක්ක නොවිධිමත්ව වුණත් වරින් වර උත්සහ කෙරුව, වැඩක් වුණේ නැහැ. දවසක්, විජිත හේරත් නාවල 'නිදහස්' කාර්යාලයට ගොඩ වැදුණු වෙලාවක, මේ ගැන විස්තර කරමින් 'විමල්' කියන සාධකය නිසා ජවිපෙ පුපුරා යන්න නියමිත බව කියාගන්න උත්සහ කෙරුවත් ඒක සාර්ථක වුණේ නැහැ. අන්තිමට ඒක එහෙම වුණා! හරියටම බලන්න. ඔබ ඒ මොහොත වෙනකොට ක්‍රමානුකුලව, ඔබත් නායකත්වය දෙමින් ප්‍රතිනිර්මාණය කරමින් හිටිය ජවිපෙම ගොදුරක් බවට පත්වෙලා. ඊළඟට, ඔබට ආකර්ෂණය වෙච්ච, ඔබේ මැදිහත්වීමට ආකර්ෂණය වෙච්ච තවත් කී දෙනෙක් ජවිපෙ ගොදුරු වෙන්න ඇද්ද? ඒත් එක්කම ජවිපෙ සමස්තයක් හැටියට වරෙක ශ්‍රීලනිපයේ, වරෙක එජාපයේ ගොදුරක් බවට පත්වෙනවා සහ ඒ හරහා ඒ පක්‍ෂත් එක්කම ධනවාදයේ කොටස් කරුවන් සහ එතකොටම ධනවාදයේ ගොදුරු බවටත් පත්වෙනවා. 
ඔබ ඒ දේශපාලන යථාර්ථය වටහා ගත්තේ නැහැ!
ඔබ ඔන්න ජවිපෙ කඩාගෙන රාජපක්ෂ කඳවුරට එනවා, වෙන පක්ෂයකුත් හදාගන්නවා.  
ඒ වෙලාවෙ, ලියැවුණු 'නිදහස්' සටහනේ ආරම්භක ඡේදය දැන් අපි කියවමු;
( උපුටා දැක්වීම )  
විමල් ඇයි?
විමල් වීරවංශ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේ හරය මෙසේ දැක්විය හැකිය;
1. අධ්‍යාපන කටයුතු මග නවතා මම ජවිපෙ ට බැඳුනෙමි. ඉන්දියානු හමුදා රට ආක්‍රමණය කිරීම මා ඊට පෙළඹවූ ආසන්නතම හේතුවයි.
2. බෙදුම්වාදයෙන් සහ අධිරාජ්‍යවාදයෙන් මාතෘ භුමිය බේරා ගැනීම මගේ එකම අරමුණ විය. දේශප්‍රේමය මාගේ දේශපාලනයයි.
3. මට විරුද්ධව දේශද්‍රෝහීන් කුමන්ත්‍රණය කරති. පක්ෂයේ සුළු පිරිසක්ද ඊට සම්බන්ධ බව පෙනේ.
4. මේ කුමන්ත්‍රණයේ අරමුණ මාතෘ භූමිය උදෙසා වූ මගේ සටන කඩාකප්පල් කිරීමය.
5. මම නොසැලෙමි. මැරෙන තුරු මගේ සටන අත් නොහරිමි.
( උපුටා දැක්වීම අවසන් ) 
( 2008 මැයි 'නිදහස්' - 'කූඹි - 2010' පිටු 211 - 220 )
මේ ඔබ කියන කතාව ඔබේ අවංකම කතාව කියලා ගත්තොත්, මේ ඇතුළෙම, ඔබ ගොදුරක් බවට පත් කරන අනාගත කතාව තියෙනවා.
රාජ්‍ය කියන්නෙ ධනවාදයේ පාලන තන්ත්‍රය, ජාතික රාජ්‍ය ගොඩනැගෙන මුල් අවදියේදී 'මාතෘ භුමිය' කියන සංකල්පය ඒ සඳහා යොදාගන්නවා, ඒත් 1948 දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව යළි ගොඩ නැගෙන නව යටත් විජිත ලෝකය ඇතුළෙ ඔය 'මාතෘ භුමිය' කියන සංකල්පය දියකරලා 'බහු ජාතික' වෙළෙඳ ලෝකයක් ගොඩ නැගෙන්න ගන්නවා, එය 1970 දශකයේදී තීව්ර තැනකට එසවෙනවා. 71 කැරැල්ල සහ 88 - 89 කැරලි අතර මේ දේශපාලන සාකච්ඡාව ගොඩනැගුණේම නැහැ.
ජවිපෙ හිරවෙන්නෙ ඔය හරියෙ. වාසුලා - බාහුලා හිරවෙන්නෙ ඔය හරියෙ. LTTE මැදිහත්වීම දේශපාලන අරගලයක්ද, ත්‍රස්තවාදයක් ද කියලා නිශ්චය කරගන්න බැරිවෙන්නම 'තත්වය' සංකීර්ණ වෙන්නෙ ඔය හරියෙ. ඔබ දෙවැනි ගමනත් එක්ක ඇඳුමත් මාරු කරලා ජාතික නායක හැඩයකුත් එක්ක ත්‍රස්තවිරෝධී ස්ථාවරයක හිටගන්නෙ, සිද්ධවෙමින් පවතින මේ දේවල් ගැන නිරවුල් කියවීමක් නැතුව. ඔබ එය, දැනගෙනම රාජපක්ෂ කඳවුර සමඟ  marketing වැඩක් විදිහට කෙරුවා කියලා කවුරුහරි තර්ක කෙරුවත්, ඒක එහෙම නෙවෙයි.
කොටින්ම LTTE සංවිධානයත්, මේ ජාතික රාජ්‍යයන් අතික්‍රමණය කරන ඊනියා ජාත්‍යන්තරය ගැන නිවැරදි අවබොධයක හිටියෙ නැහැ. එහෙම ගන්නකොට ඒ සංවිධානයම නූතන වෙළෙඳ පොළේ රසවත් ගොදුරක්, ඕනවෙලවට ඕනවිදිහට ගොඩනගලා පවත්වාගෙන ගිහිං ඕන වෙලාවට ඉවර කරලා දානවා. අන්න ගොදුරක දේශපාලන ඉරණම!
යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය තුළ, නීත්‍යානුකූල ( ? ) ලාංකේය රාජ්‍යයට එරෙහිව අවි ඔසවන දෙමළ ත්‍රස්තවාදය, රාජ්‍ය මිලිටරිබලයෙන් මර්දනය කිරීමේ බලය සහ වගකීම  ලාංකේය රාජ්‍ය වෙනුවෙන් එහි ආණ්ඩුවට පැවරෙනවා. 1971, 1988 - 1989 දි සිද්ධවුණෙත් ඒකමයි. එය මාතෘ භුමිය, යුද වීරත්වය, රණවිරු මානසිකත්වය වගෙ සංකල්ප වලට සම්බන්ධ නැහැ. එය, ධනේශ්වරය තුළ 'රාජ්‍ය' පැවැත්ම පිළිබඳ අර්බුදයක්. ඒ නිසයි ජවිපෙ මාතෘ භුමිය වෙනුවෙන් කැරලි ගැහුවා සහ එල්ටීටීඊ ය මාතෘ භූමියට එරෙහිව කැරලි ගැහුවා කියලා සිංහල අපිට දැනෙන්නෙ. ඒ අතරෙම ධනේශ්වර ගෝලීය චලනයන් සමඟ, ජාතික රාජ්‍ය යළි යළිත් අභියෝගයට ලක්වෙමින් රාජ්‍ය නොවන සහ ඊනියා ජාත්‍යන්තර වෙනම ස්ථානයකට මාරුවෙමින් තියෙන නිසා තත්වය තවත් සංකීර්ණ වෙනවා. ඉතිං වෙනම තවත් රාජ්‍යයක් වෙනුවෙන් LTTE ය ලාංකේය රාජ්‍යයට එරෙහිව අවි එසවීම සහ ඊට එරෙහිව රාජ්‍ය මිලිටරිබලය ක්‍රියාත්මක වීම වෙනම සංසිද්ධියක්. ඔබට 'මේ හරිය' අහුවෙන්නෙම නැහැ!
අන්තිමට ඔබ මොනවද කරලා තියෙන්නෙ? 1990 දශකයේ සිට, ජ්විපෙ වෙනුවෙන්, අන්තිමට ඔබම හදාගත්ත පක්ෂ වෙනුවෙන් වරෙක චන්ද්‍රිකා සමග, වරෙක රනිල් සමග, වරෙක මහින්ද සමග - ඔබ අදහස් කරන ''මාතෘභූමියටම  එරෙහිව'' මේ දක්වා පෙනී හිටිය එක, තව දුරටත් පෙනී ඉන්න එක. කතාව තවත් සරල කෙරුවොත්, අගමැති රනිල් වික්‍රමසිංහ එදා පාර්ලිමේන්තු විවාදයේදී කියපු විදිහටම ''මහින්ද රාජපක්ෂ කෙරුවොත් හරි, අපි කෙරුවොත් වැරදියි!'' කියන කතාව ඔබට හොඳටම අදාළයි. හොඳට බලන්න චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල් කරගෙන යන්නෙ එකම දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූලය අරමුදල සහ තවත් මූල්‍ය ඒජන්සී, යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය..අපිව වටකරගෙන. කවුද මේ ආර්ථික ආක්‍රමණයට විරුද්ධ? හැමෝම එකඟයි. ඔබත් එකඟයි. එකඟ විතරක් නෙවෙයි, ඔබ ඔය අතරෙ ඔබේ සහ ඔබේ පවුලේ සරු පැවැත්මකුත් හදා ගන්නවා, අන්න! ඔබට මග හැරෙන, පවුල - පුද්ගලික දේපොළ සහ රාජ්‍ය!   
අන්තිමට කොහොම හරි, එක වෙලාවක ඔබ, ඔබ පෙනී හිටින ලෝකයේම ගොදුරක් බවට පත්වෙනවා. ඔබ නිසා දෙවැනි වතාවටත් තව පිරිසක් මේ ක්‍රමයේ ගොදුරු බවට පත්වෙනවා. කොහොම ගත්තත් අන්තිමට අපි ඔක්කොම මේ ක්‍රමයෙ ගොදුරු බවට පත්වෙනවා. වර්තමාන ගෝලීය ධනේෂ්වරයට එදිරිව දැනට - තවම පර්යේෂණාත්මකව භාවිතයට ගන්න පුළුවං, 'ජාතික' මෙවලම ඊනියා මැතිවරණ මෙවලමක් බවට පත්කරලා, විමල්! මේ ඔබ කරන්නෙ ඓතිහාසික දේශපාලන තාක්ෂණික වරදක්! සිංහල බෞද්ධ පොදු ජනයා නොමග යැවීම නං දේශපාලන අපරාධයක්!
ඔව්! අපි මේ සංවාදය දිගටම ගෙනියමු!
CHAPA    



තවත් කතාවක්...

'නිදහස්' මහ මග...

''...තවත් වෙලාවක අපි පත්තර තට්ටුත් බලාගෙන කොළඹින් ටිකක් ඈතට යනව. වාහනයෙ පරණ කමයි මුදල් ප්‍රශ්නයයි නොතිබෙන්න අපි ඒ වැඩේ දි රට වටේම යන්න ඉඩ තිබුණා.කොහොමත් ඈතම ගමනකට ගියේ පොළොන්නරුවට විතරයි. ඔය කාලයෙ අපේ කට්ටිය පොදුවෙ හුඟාක් මහන්සි වුණා. ගැහැනු පිරිමි වෙනසක් නැතුව එකට වැඩ කෙරුවා. තියෙන දේවල් බෙදා හදාගෙන කෑවා. ඉස්සරහට එන ප්‍රශ්න පොදු පෙරමුණක් විදිහට දරාගන්න පුරුදු වුණා. ඒ වගේම එක එක විදිහේ මිනිස්සුත් එක්ක ගනු දෙනු කරන විදිහ අපිට අලුතෙන් ඉගෙන ගන්න සිද්ධ වුණා.
ගම්පහ පැත්තෙ ගිය වෙලාවක එක්තරා වෛද්‍යවරයෙක් නිෂ්මං ( නිෂ්මං රණසිංහ ) එක්ක ලොකු ගැටුමක් ඇති කරගෙන. අපි අනිත් කට්ටිය එතැනට යනකොට වෛද්‍යවරයා පොලීසියත් ගෙන්නවාගෙන. අපේ 'නිදහස්' පත්තරයක් කෑලි කෑලි වලට ඉරලා දොරකඩ වීසිකරලා තිබුණා. වෛද්‍යවරයා කියන්නෙ නිෂ්මං බලෙන් පත්තරයක් විකුණන්න හැදුවා කියලා. පොලීසියත් ඒ පැත්තෙ. අපි ඉතිං කට්ටියම සමාවෙන්න කියලා එතැනින් අයින් වුණා.
වෙන මොනවා කරන්නද?
සමහර කඩ කාරයො, බීපු මිනිස්සු, එක එක ආරවුල් කාරයො වගේම සමහර පක්ෂ සාමාජිකයොත් අපිට ගහන්න බණින්න ආපු වෙලාවල් තිබුණා.
මෙතැනදි ලියන්න ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. අපි පාරෙ බැහැලා පත්තර විකුණනකොට සමහරු හිතුවෙ අපිට 'කෙළවෙලා' කියලා. 
විශේෂයෙන්ම මාව රුපවාහිනී තිරයෙන් දැකපු සමහර අය මං දිහා ලොකු අනුකම්පාවකින් වගෙ බැලුවා. චන්දන සූරියබණ්ඩාරලා චමුදිත සමරවික්‍රමලා නං ගොඩ නේද කියල මගෙන් කෙළින්ම අහපු අයත් හිටියා. ඒ කාලයෙ මම කොණ්ඩයත් වවලා රැවුලත් පොඩ්ඩක් වවලා හිටපු නිසා, නාරද බක්මීවැව කියල රැවටිලා පුදුම වෙලා කතාකරපු අයත් ඒ අතරෙ හිටියා. ඔවුන් ලොකු ප්‍රසාදයකින් ලඟට ඇවිත් එහෙම නෙවෙයි කියලා දැන ගත්තට පස්සෙ හෙමීට මාරු වෙලා ගියා.
ලස්සනම සිද්ධිය තමයි අපේ කාර්යාලය ( 151, නාවල පාර, නුගේගොඩ )  ඉස්සරහා කහ ඉර පනින වෙලාවෙ නන්දා මාලනී කියන ප්‍රකට ගායිකාව, නාරදවයි මාවයි මහ අව්වෙ පටලවාගෙන හරිම සුහද විදිහට මට කතා කෙරුවා. නාරදගෙ සින්දු වැඩ සටහනක් ගැන තමයි ඇහුවෙ. ඒත් හදිසියේම, පටලැවිල්ල ලිහිලා ඇයට ලජ්ජා හිතුණා. ඔය වගේ සිද්ධි ගැන ලියන්නෙ රටේ මිනිස්සුයි අපියි අතරෙ තියෙන විකාරරූපී පරතරය ගැන කියන්න ඕන නිසාමයි...''
කූඹි ( 2010 ජුනි ) - පිටු 73 - 74

Saturday, January 7, 2017

නිදහස් by CHAPAbandara: මර්වින් ඉත්තෙක් ලෙස යොදාගෙන රුපවාහිනියට මිලිටරි පා...

නිදහස් by CHAPAbandara: මර්වින් ඉත්තෙක් ලෙස යොදාගෙන රුපවාහිනියට මිලිටරි පා...: මර්වින් ඉත්තෙක් ලෙස යොදාගෙන රුපවාහිනියට මිලිටරි පාලනයක්! මර්වින් සිල්වා අමාත්‍යවරයා මැර පිරිසක් සමග රුපවාහිනී සංස්ථාවට කඩා වැදුණු සිද්ධි...

මර්වින් ඉත්තෙක් ලෙස යොදාගෙන රුපවාහිනියට මිලිටරි පාලනයක්!


මර්වින් සිල්වා අමාත්‍යවරයා මැර පිරිසක් සමග රුපවාහිනී සංස්ථාවට කඩා වැදුණු සිද්ධිය පසුබිම් කරගත් ආණ්ඩුව දැන් එකී මාධ්‍ය ආයතනයේ පරිපාලනය සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් සුනිල් සිල්වා නම් වූ මෙම හමුදා ප්‍රධානියා අවසන් වරට කටයුතු කළේ යුධ ලේකම් වරයා ( MS ) ලෙසය. එහිදී ඔහුට පැවරී තිබුණේ රාජ්‍ය මට්ටමෙන් හමුදාපතිවරයා ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමටය. 88 - 89 භීෂණ සමයේදී ද මෙවැනි හමුදා ප්‍රධානියෙක් රුපවාහිනී සංස්ථාව පාලනය කිරීමට යෙදවුණු අතර, මෙම පත්වීම මගින් අදාළ මාධ්‍ය ආයතනය තම අණසකට යටත් කර ගැනීමේ පුර්ණ හැකියාව ආණ්ඩුවට ලැබේ.
මේ වනවිට බොහෝ මාධ්‍ය වාර්තා මගින් හෙළිදරව්‍ වී ඇති පරිදි මර්වින් සිල්වා අමාත්‍යවරයා රුපවාහිනියට කඩා පැන එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට අඩත්තේට්ටම් කරන්නේ මාතර මහානාම පාළම විවෘත්ත කරන අවස්ථාවේදී තමා කළ කතාව විකාශය නොකළ නිසාය.
පසුව එම කතාවේ ඇතැම් කොටස් 'සිරස' නාලිකාව මගින් විකාශය වූ අතර, එය තනිකරම හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද්වේශ සහගත ලෙස එල්ල කෙරුණු 'මඩ' කතාවක් බව පැහැදිලි විය. පිළිගන්නා බව කියන ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඒ තුළ ඇතැයි කියන මාධ්‍ය නිදහස පැත්තෙන් බලන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රුපවාහිනී සේවකයන් ක්‍රියාකළ ආකාරයඉතා නිවැරදි බව කෙනෙකුට තර්ක කළ හැකිය. මර්වින් සිල්වාගේ පුද්ගලික තරාතිරම කුමක් වුවත්, ඔහු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජ්‍ය කොටස් කරුවෙකි. ඔහු කළේ තමා සතු රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමය. ඒ කුමක් සඳහා ද? මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට සිත් සේ මඩ ගැසීමට නොහැකි වූ නිසාය. එය මර්වින් සිල්වාගේ පමණක් පුද්ගලික අවශ්‍යතාවක් නොවේ. සිද්ධියට පෙරත් - පසුත් ඇති වූ සෙසු සිද්ධීන් පරීක්ෂා කර බලද්දී ඊට ජනාධිපතිවරයාගේ ඍජු සම්බන්ධතාවක් තිබෙන බව සිහි මොළේ ඇති ඕනෑම කෙනෙකුට පෙනේ. එනම්, මර්වින් සිල්වා එදා තම මැරයින් සමග රුපවාහිනියට කඩා පැන්නෙත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන්නෙත්, පසුව එම පහර දීමට එරෙහිව ක්‍රියා කළ රුපවාහිනී සේවකයන් එකිනෙකා දඩයම් කිරීමට පටන් ගත්තෙත් ජනාධිපතිවරයාගේ විශේෂ අනුග්‍රහය යටතේ ද යන සාධාරණ සැකය ඇතිවන තරමට එහි සිදුවීම් පෙළ නිරවුල්ය, පැහැදිලිය. එසේම මර්වින් මේ වනවිට පවා හැසිරෙන්නේ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව දෙස කල්පනාවෙන් බලන්නෙකුට ඒ බව තව දුරටත් තහවුරු වේ.
මේ වන විට මර්වින් සිල්වා සහ ඔහුගේ මැරයින්ට විරුද්ධව පෙළ ගැසුණු රුපවාහිනී සේවකයන් විසි ගණනකට විරුද්ධව රජයේ පාර්ශ්වයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබීම තුළින් ප්‍රකාශ වන්නේද ඒ සරල යථාර්ථයම බව අමුතුවෙන් කිව යුතු නැත.
විශ්‍රාමික හමුදා ප්‍රධානියෙකු රුපවාහිනී නියෝජ්‍ය අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ( පරිපාලන ) ධූරයට පත් කෙරෙන්නේ මේ පසුබිම තුළය. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍යයට කරන ප්‍රකාශ වලට අනුව එම පත් කිරීමට හේතුව රුපවාහිනී සංස්ථාවේ පරිපාලනය දුර්වල වී තිබීමයි. ඒ අනුව නිසි පරිදි වැඩ බෙදා නොතිබීම සහ උසස්වීම් පිළිබඳ ප්‍රශ්න විසඳා ආයතනය ලාබදායි ලෙස පවත්වාගෙන යෑම සඳහා මෙම පත් කිරීම සිදුකර තිබේ. වැදගත්ම කාරණය වන්නේ රුපවාහිනී සේවකයන් ජනාධිපතිවරයා හමුවන මොහොතේදී මෙම පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීමට ජනාධිපතිවරයා වගබලා ගැනීමයි.
මෙම කරුණු සියල්ල එකතුකර බලන විට අප ඉදිරියේ ඉතා පැහැදිලි චිත්‍රයක් ඇඳේ. කුමන හේතුවක් මත හෝ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අවශ්‍ය දේ - රුපවාහිනිය, රාජ්‍ය මධ්‍යයක්ව තිබියදීත් කර ගැනීමට නොහැකි විය.
එයින් අදහස් වන්නේ රුපවාහිනියේ මාධ්‍ය භාවිතය ස්වාධීන බව හෝ අපක්ෂපාතී බව නොවේ. යම් හේතුවක් මත මාධ්‍ය ක්‍රීඩාව ඒ මොහොතේ අවුලකට පත්ව ගිය බවය. රූපවාහිනී සංස්ථා ඉතිහාසය දෙස බැලීමේදී මෙම සිදුවීම් පෙළේ ආරම්භය සටහන් කළ සිද්ධිය අහම්බයක් බව අමුතුවෙන් කිව යුතු නැත. අහම්බයක් වුවද එය ප්‍රබල සිද්ධියකි. රාජ්‍ය බලය දෑතින් ගෙන තම මැරයින් සමග තම සංස්ථා භූමියට කඩා පැන්න අමාත්‍යවරයෙකු තම ආයතන ප්‍රධානියෙකුට අඩත්තේට්ටම් කරන විට ඊට විරුද්ධව ක්‍ෂණිකව සංවිධානය වන සේවක බලය ඇමතිවරයා සහ ඔහුගේ මැරයන් නාටු බලු කුක්කන් බවට පත් කර තම බල සීමාවෙන් එළවා දැමීම තුළ ඇති 'දේශපාලනය' ලේසියෙන් බැහැර කළ හැකිද? ඊටත් ඒ ඒ සිදුවීම් සජීව ලෙස විකාශය කිරීමට ඔවුන් පියවර ගැනීම! පළපුරුදු පක්ෂ දේශපාලන පක්ෂ නායකයෙක් ලෙස ජනාධිපතිවරයා මේ සිදුවීම් පෙළ නිවැරදිව කියවාගන්නට ඇත. එය තම බලයට සහ අනාගත පැවැත්මට බරපතළ අභියෝගයක් වන බව හොඳින් තේරුම් ගත් ඔහු මින් මතු එවැනි 'දේශපාලන සිදුවීමක්' එහි ඇති නොවන්නට මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා පත් කරන්නට ඇත.
එසේ නොවේ නම්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, ආණ්ඩුව ආරම්භයේ පටන්ම සංවිධානාත්මක සැලැස්මක් දියත් කෙරුවාද විය හැකිය.කෙසේ වුවත් එහි ඉත්තා 'මර්වින් සිල්වා' ය.
CHAPA
( 'නිදහස්' 2008 අප්‍රේල් කලාප, පිටුව 3 / කුඹි - 2010 ජූනි, පිටු 208 - 211 )     
          

Mervin Silva in Action at Sri Lanka Rupavahini Corporation

Pri Minister Ranil! Stop Hunting!

Thank you Sir! Very good Sir!

What can media do?

Extraction - China's poverty lie / China uncensored,Oct 19, 2016

ඇමරිකාව දැන් ට්‍රම්ප් ගෙ, ඔබාමා වෙනුවට ට්‍රම්ප්!
මේ ඔබාමා බලයට එන අතරෙ, එදා ලියැවුණු සටහනක්...

ඔබාමා කළු වුණත්, සුදු වුණත්!

උණුසුම් මැතිවරණ තරඟයකට මුහුණ දීපු බරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඔබාමාගේ ජයග්‍රහණය ගැන සතුටු වන බව තමයි පේන්නෙ. සමහරු කියන හැටියට මෙයින් සුදු මිනිස්සුන්ට එරෙහිව කළු මිනිස්සුන්ගෙ සාමූහික හැඟීමක් නිරුපනය වෙනව. එක පැත්තකින් බලනකොට 'කළු' වීම නිසාම ඉතිහාසය පුරා මුහුණ දෙන්න වුණු අනෙක විධ සමාජ අසාධාරණකම් ඇඟට දැනෙනකොට ඒ වගෙ මිනිස්සුන්ට එහෙම හිතෙනවා කියලා හිතන්නත් පුළුවං. කොහොමත් ඉතිහාසය පුරාවටම සුදු මිනිස්සු කළු මිනිස්සුන්ව පාගාගෙන ඔවුන් මත තම ආධිපත්‍ය පතුරුවන්න උත්සාහ ගත්ත හැටි අමුතුවෙන් විස්තර කර කර කියන්න අවශ්‍ය නැහැ. මේ කතා කරන මොහොත වෙනකොටත් ලෝකයේ තැන තැන, විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ කළු මිනිස්සු සුදු මිනිස්සුන්ගෙ දෙපා මුල අපා දුක් විඳිනවා තමයි.
ප්‍රශ්නය තියෙන්නෙ ඔබාමා මේ පීඩිත කළු මිනිස්සුන්ගෙ දේශපාලන අභිලාෂයන් නියෝජනය කරනවාද කියන එකයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්තවල ජීවත් වන කළු ඡන්ද දායකයින් හැමෝම වගේ ඔබාමා කර උඩ තියාගෙන ගියේ, ඔහු තමන්ගෙම නායකයෙක් කියන හැඟීමකින් වෙන්න ඇති.
ඒත් ඔබාමා මේ තැනට ඔසවා තබන අදිසි යාන්ත්‍රණය අයිති ඇමරිකානු වෙළෙඳ පොළටයි. හරියටම කිව්වොත් ඔහු ඇමරිකානු ධනේෂ්වරයේ නියෝජිතයෙක්. හිලරි, මැකේන් සහ ඔබාමා තුන් දෙනාම තුන් විදිහකට තරඟ කරපු එකම නියෝජනයක් බව ඒ දේශපාලන චලනයන් හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට පේනවා. කළු ඡන්ද නිසා ඔබාමා දිනුවා කියන නිගමනයට වලංගු භාවයක් තිබුණත්, එයින් අර දේශපාලන යථාර්ථය යටපත් වෙන්නෙ නැහැ.
අපි ජීවත් වෙන මේ කාල තීරුව වෙනකොට ලෝකයේ සුදු කළු භේදය එදා වගේම තව දුරටත් පවතිනවා කියලා කවුරු හරි තර්ක කරනවා නං එතැන තර්කයක් තියෙනවා. ඒ වගේම සුද කළු භේදය අභිබවාගෙන යන සුදු කළු වෙළෙඳ පොළක් ගොඩ නැගිලා තියෙනවා කියන එකත් අපිට මෙතැනදී සැලකිල්ලට ගන්නම වෙනවා. වන විදිහකට කිව්වොත් සුදු වෙළෙඳ පොළේ කළු භාණ්ඩ වලට මාර තැනක් තියෙනවා. කළු ක්‍රීඩකයො, කළු සංගීත කාරයො, කළු නළු නිළියො සහ කළු දේශපාලන ක්‍රියාකාරිකයො...මේ හැමෝම සුදු වෙළෙඳ පොළේ හරි හරියට විකිණෙනවා. කාටහරි පේන්න පුළුවං දැන් එතකොට සුදු කළු භේදයක් නෑනෙ, හැමෝම එකයිනෙ කියලා. ඒත් මේ වෙළෙඳාම ඊට වඩා හුඟාක් සංකීර්ණයි. අපිට ඕන්නං සමීකරණය මේ විදිහට හදාගන්නත් පුළුවං. නූතන වෙළෙඳ පොළ ඇතුළෙ විකිණෙන්න නං සුදු කළු භේදයක් බලපාන්නෑ. සමහරවෙලාවට සුදු වීම සහ කළු වීම වෙන් වෙන්ව විශේෂ සුදුසුකම් හැටියටත් මේ වෙළෙඳ පොළ ඉල්ලා හිටිනවා. SEX විකිණිල්ලෙදි තමයි මේ යථාර්ථය හොඳට ඉස්මතුවෙලා පේන්නෙ.
එහෙම බලනකොට ඔබාමාගේ ජයග්‍රහණය කළු කමට ලැබුණු හොඳ මිලක් කියලත් කෙනෙකුට තර්ක කරන්න පුළුවං. කොහොම වුණත් මේ ජයග්‍රහණය නිසා ඇමරිකානු පොළොව තුළ සහ ඉන් පිටත සමාජ සාධාරණත්වය උදෙසා වූ මහා වෙනස්කම් ඇති වෙයි කියලා කවුරු හරි හිතනවා නං එතැන ඒ තරමටම තේරුමක් නැහැ. හැබයි ඔබාමා කළු වුණත් සුදු වුණත් ඔහු හරහා ඊළඟට ක්‍රියාත්මක වන ඇමරිකානු වෙළෙඳ ක්‍රමෝපායන් එරටට වගේම ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් වලට තීරණාත්මක විදිහට බලපාවි.ඒ නිසා අපිට ඔබාමාගේ කළු කම පැත්තකට දාලා කතා කරන්න වෙන්නෙ ඔහුගෙ සුදු දේශපාලනය ගැනයි. මොකද ඔබාමා කළු වුණත් ඔහුගේ ලෝකය සුදුයි.ධවල මන්දිරයක් තියෙන්නෙ ඒකනෙ!
2008 දෙසැම්බර් 'නිදහස්' මුල් පිටුව
( කුඹි - 2010 ජුනි, පිටු 304 - 306 )