Monday, January 22, 2018

  ඒ පාර කවුද.....?


''ඔබ තුමා බෞධයා නාලිකාවෙ වැඩසටහන් වගයකට ගියා නේද?''
කෙනෙක් ඇහුවා.
''ම්ම්ම්...ඔව්! ඒවා බැලුවද? මොකද්ද හිතන්නෙ මම කියන දේවල් ගැන? හුඟාක් අය මම කියන දේවල් වැරදියට ගන්නවානෙ...''
''අපෝ නැහැ! ඔබ තුමා කියන දේවල් හරිම පැහැදිලියි...මම මේ....''
ඔහු කියාගෙන යනවා.
''ඒ වුණාට, මම අන්තිම වැඩ සටහනේදී...මාධ්‍ය හරහා දාන මාන පිංකම්  කරන එක ගැන...සල්ලි දීල බණ කියන එක ගැන යන්තමට වගෙ කියපු දේවල්...''
''තේරුණා, තේරුණා! අන්න ඒක තමයි මම ඔබ තුමාට කතා කරන්න හේතුව...''
ඔහුගෙ උනන්දුව වැඩියි, මගෙත් උනන්දුව වැඩි වෙනවා.
''ඒ කියන්නෙ?''
ප්‍රශ්නය මගෙන්, ඔහු ටිකක් හැඟීම්බරව ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා.
''අපේ තාත්තා වෙනුවෙන් බෞද්ධයා නාලිකාවෙන් බණක් කියවන්න මම හදන්නෙ...ඔබ තුමාට කන්ටෑක්ස්  තියෙනවනෙ, මට ගණන් අඩු කරගන්න ඕන නැහැ...ඒත් වැඩේ ටිකක් හොඳට කරගන්න තමයි...''
''ඔයාට පිස්සුද? මම ඔය ක්‍රමයට විරුද්ධව පෙනී හිටින කෙනෙක්...මම කියන දේවල් තේරෙනවා නං ඇයි මගෙන් මෙහෙම උදව් ඉල්ලන්නෙ?''
මම කියාගෙන යනවා. 
''මට පොඩි උදව්වක් ඕනෙ!''
ගුරුවරියක් ඒ අතර messenger ක්‍රමයට කියනවා. මම ඇයගෙ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩසටහනකුත් කෙරුවා.
''මොකද්ද?''
මගේ messenger පිළිතුර.
''ඔයා එදා ජනමාධ්‍ය ගැන කියපු කතා නිසා ළමයින්ගෙ උනන්දුව වැඩි වෙලා...දෙමව්පියොත් එහෙමයි...''
''ඒක තමයි වෙන්න ඕනෙ, මේ ජනප්‍රිය මධ්‍ය වෙළෙඳපොළ තුළ සාමාන්‍ය ජන ජීවිතය විකාර වෙනවා, වැඩිහිටියන්ට නං කියල වැඩක් නැහැ, එත් අපි ළමයි බල ගන්වන්න ඕනෙ...''
''ඒ වගේ වැඩකට තමයි මම කතා කෙරුවෙත්...එක තාත්ත කෙනෙක් මගෙන් ඇහුවා එයාගෙ පුතා දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එකට දාගන්න උදව්වක් කරන්න පුළුවන්ද කියල...ඔයාට කන්ටෑක්ස් තියෙනවානෙ, ඔයාගෙ නම්බර් එක ඒ තාත්තට දෙන්නද?''
''මොකක්?''
මොනවද මම දැන් මැසේජ් කරන්නෙ?!
''මම අහවලා...''
ඒ නං දුරකතන ඇමතුමක්. අහවලාගෙ නම දාන්න බැහැ, සිද්ධිය ඇත්ත නිසා.
''මම මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලනවා...ඔබ තුමාට ආරාධනාවක් කරන්න ගත්තෙ...''
''මොකද්ද?''
''මම අයියගෙ ෆෑන් කෙනෙක්..එෆ්බි ෆ්‍රෙන්ඩ් කෙනෙක්...මම පොඩි උත්සවයක් තියනවා සෙනසුරාදට, අයියා එන්නම ඕන...''
''මම පක්ෂ දේශපාලන වැඩ වලට යන්නෙ නැහැ, කවදාවත් කාටවත් ඡන්දය දාලත් නැහැ, දාන්නෙත් නැහැ...මම දිගටම කියන දේවල් අහනවා නං බලනවා නං ඔයාට තේරෙන්න ඕන...''
''එහෙමද?''
ඔහු බිඳුණු හඬින් ඇහුවා, ඇහුව කිව්වට, කිව්වා.
''දැන් ඔබ තුමා කියනවනෙ රට හදන විදිහ...''
ඒ වෙන වට්ස්ඇප් පණිවිඩයක්.
''ඔව්!''
''ඒක හරි! අපිට ඒක තේරෙනවා...ඒත් කාටද අපි ඡන්දෙ දාන්න ඕනෙ?''
''මම දිගටම මේ ගැන කියනවා...කාට ඡන්දය දුන්නත් වැඩක් නැහැ, ජනයා පිට ආර්ථික බර වැඩිවෙන එක විතරයි...''
''එහෙම බෑනෙ...අපි කියන්න ඕනෙ ඡන්දය දෙන්න ඕන කාටද කියල...නැත්තං ඔබ තුමා කියන දේවල් අහන මිනිස්සු අනාත වෙනවා...''
''මම යෝජනා කරන්නෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ත් අභිබවා යන දේශපාලන සංවාදයක් ගොඩ නගන විදිහ...ඒක දීර්ඝ කාලීන වැඩක්...''
''අපිටත් යෝජනා කරන්න පුළුවන්...ඒත් වඩා හොඳ කෙනාට ඡන්දය දෙන්න කියල අපි කියන්න ඕනෙ...කියන්න! කාටද අපි ඡන්දෙ දෙන්න ඕනෙ?''
මම ඉතිං දැන් මොනවද තවත් කියන්නෙ?
''කියන්න!''
''කියන්න!''
''කියන්න!''
පණිවිඩ දිගටම.
''ඔහොම සද්ද නැතුව ඉන්නෙත් මොකක් හරි කුමන්ත්‍රණයක් තමයි, නැත්තං රට බේර ගන්න මෙච්චර හොද අවස්ථාවක් තියෙද්දිත්!''
ඒ වෙන පණිවිඩ කරුවෙක්!
''මම දිගටම කියන දේවල් අධ්‍යනය කරන්න! එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මම කියන්නෙ මොකද්ද කියල...''
මට දැන් උත්තර දීල එපාවෙලා.
''ඡන්දෙ දෙන්න ඕන කාටද කියල කියන්නැත්තෙ මොකක් හරි කුමන්ත්‍රණයක් නිසා...අපි මෝඩයො නෙවෙයි, හරිද? අපිත් හොඳට දේශපාලනය දන්නවා...''
දැන් මොකද කරන්නෙ?ම්ම්ම්ම්...මම කල්පනා කරනවා. හරි! මිනිහව බ්ලොක් කරලා දානවා!
''Hi...''
වෙන මැසේජ් එකක්, ඒ පාර කවුද?
CHAPA, Jan 23, 2018 

CHAPA at Bogala, ''Adaraneeya Bogala!'' Jan 2, 2018

CHAPA at Bogala, ''Adaraneeya Bogala!'' Jan 2, 2018

Wednesday, January 10, 2018

CHAPA on neth fm, Unlimited, Jan 9, 2018

CHAPA against Ranil! Jan 10, 2018

CHAPA against Ranil! Jan 10, 2018

CHAPA on I Love You!

   එතෙක්! ඈතින් ඉම්මු...



මේ සටහන ටිකක් වෙනස්, වෙනස් කිව්වට වෙනසකුත්ත් නැහැ වගෙ, ඒත් ලියාගෙන යනවා.
අපට සාමාන්‍යයෙන් නොසලකා හැරෙන්නෙ සමීපතයන්! 
සමීප වෙන්න වෙන්න බොහෝ වෙලාවට ඈත් වෙන්න ගන්නවා...
කෙනෙක් මහන්සි වෙලා සහ දිග කාලයක් බලාගෙන ඉඳලා තව කෙනෙක් එක්ක සම්බන්ධතා පටන් අරගෙන ඉක්මනින්ම වෙන් වෙලා යන්න යනවා. ඒ වගේ සිදුවීම් තුළ කවුද හරි, කවුද වැරදි කියල ගණන් හදන්න බැහැ, බොහෝ වෙලාවට දෙන්නම ත් වැරදි ඇති. ඒත් කතාව ඒකයි.
මේ හමුවීම් සහ වෙන්වීම් අතර බොහෝ දුරට වැරදි වැටහීම් නං අප්‍රමාණයි. ඒක මෙහෙම වෙන්න ඇති, මේක එහෙම වෙන්න ඇති! වගෙ නිගමන අවසානය බවට පත් වෙලා හමුවීම වෙන් වීමක් දක්වා යන අවස්ථා වැඩියි. අනෙකා වැරදියට කියවා ගැනීමත් මේ අතර සුලබ යි. මෙයා මෙහෙම කෙනෙක්! තමයි කියල ළඟට එනකොට ම 'මෙහෙම කෙනෙක්' නෙවෙයි කියල දැනෙන්න අරගෙන කතාව ඉවර වෙනවා. 'මෙහෙම කෙනා' එතකොට කෙනෙකුගෙ ඔළුවෙ හැදෙන රූපයක්. එහෙම තමන්ගෙ හැඩයකට අනෙකා දා ගන්න හදන එක ත්, එක විධිහක අසාධාරණයක්.
හිතේ යටි අරමුණු තියාගෙන සම්බන්ධතා ගොඩ නගන්න උත්සහ කරන අය ගැන නං ඉතිං විශේෂයෙන් ම කතා කරන්න දෙයක් නැහැ. කෙනෙක් අනෙකාව පාවිච්චි කරන්න හදන අවස්ථා, නුතන වෙළෙඳ පොළ ලෝකය තුළ එන්න එන්න වැඩි වෙනවා.
ඔය අතර, නිතර දකින කුකුළාගෙ කරමළය සුදුයි! හෝ පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා! වගෙ ගමේ කතා ත් මෙතැන ට අදාළයි. ළඟ නිතර ඉන්නකොට සහ සමීප බව වැඩි වෙනකොට සාමාන්‍යවීමක් දැනෙන්න ගන්නවා, එතකොට අනෙකා ගණන් නොගෙන ඉන්න ගතියක් හිතේ ඇති වෙනවා. මෙයානෙ ඉතිං! කියල අත හැරෙන ගතිය ඉතාමත් ම වැඩියි.
මානව සම්බන්ධතා සීමාවක් නැතුවම සංකීර්ණයි. ආදරය, ලිංගිකත්වය සහ ඒ දෙකටම පෑහුණු ආකර්ෂණය, තෘප්තිය, ආශාව, බලාපොරොත්තු, ආරක්ෂාව, තවත් මානසික තත්වයන්...ඔහොම ඔහොම එකිනෙකට පෑහුණු හැඟීම් වැළක්. ආර්ථිකය ප්‍රධාන භෞතික තත්වයනුත් මෙතැනට කඩා වදිනකොට ඒ ඒ කතා මහා පටලැවිලි බවට පත් වෙනවා.
මම සහ ඔබ එකතු වෙලා 'අපි' හැදෙනවා. අපි කියන්නෙ පොදු ආකෘතියක්. මේ තුන්වැනි තත්වය වටහා ගන්න එක සෑහෙන්න අමාරුයි. එය ගැඹුරු සහ පුළුල් සංවාදයක්!
ඒ සංවාදය ගොඩ නොනැගෙන තෙක්, ඈතින් ඉන්න එක තමයි කොහොමත් හොඳ! අඩුම තරමෙ එතකොට බලාපොරොත්තු වත් ඉතුරු වෙනවා!
ඔව්! එතෙක් ඈතින් ඉම්මු...
CHAPA 
Jan 10, 2018 

Tuesday, January 9, 2018

CHAPA against SAITM at Fort, Colombo, Aug 4, 2017 ( full )

CHAPA against SAITM, Fort, Colombo, August 4, 2017

CHAPA at Colombo University, Dec 20, 2017

CHAPA against the Bond Scam! Nov 18, 2017

   බෑ! ඇයි බැරි?

ලෝකය මේ මොහොත වන විට, දේශ සීමාවන් අතික්‍රමණය කරන ධනේශ්වර වෙළෙඳ පොළක් බවට පත් වෙලා! ලංකාව ත් ලෝකයේ ම කෑල්ලක් වුණත්, මෙන්න මේ සංකීර්ණ තත්වය නොදන්නා නිසා විශාල ඓතිහාසික දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා.
රටේ සියලු දේශපාලන පක්ෂ පටු සීමාවන් තුළ හිර වෙලා, අනිත් පැත්තෙන් ඔවුන් පොදුවෙ, පෙර කී නුතන දේශපාලනයෙ තැරව් කරුවන් වන NGOs සමඟ දැන හෝ නොදැන මුහු වලා.
'ජාතිකත්වය' දේශපාලන අර්ථයෙන් මේ ගෝලීය වෙළෙඳ මාෆියාවට එක විදිහක උත්තරයක් වුණත්, අපි ජාති, ආගම් සහ කුල ගෝත්‍ර ඊට පටලවා එය ත් දැන් විකෘතියක් වෙලා.
මේ සියල්ල සමඟ රටේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාර ඒ ඒ තල වල සංකීර්ණ අර්බුදයන්ට ගොදුරු වෙමින් තිබෙනවා. 
මේ වර්තමාන ගෝලීය පරිමාණ අර්බුදයට, රටක් හැටිය සංවිධානය වෙන්න ඕනෙ!
ඒත් අපි ඒ ගැන හිතලවත් නැහැ. විධායකය සහ ව්‍යවස්ථාදායකය; පොදුවෙ පාර්ලිමේන්තුව තුළ තියෙන්නෙ විකාර රූපි ස්වභාවයක්. අධිකරණ ක්‍රියාවලිය තුළත් සමාජ යුක්තිය පසඳලීම පිළිබඳ සුදානමක සේයාවක්වත් නැහැ. මුළු රාජ්‍ය තන්ත්‍රයම දුෂණ, වංචා සහ අක්‍රමිකතා වලින් පිරිලා. රාජ්‍ය නාස්තිය - අධි පරිභෝජනය ඉහ වහා ගිහිං. කාර්යක්‍ෂමතාව එන්න එන්නම පහළට වැටෙමින් තියෙනවා. ඊට සමගාමීව, බහු ජාතික සමාගම්වලට සාපේක්ෂව, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශත් පිරිහෙමින් තියෙනවා. කෙටි සහ හදිසි උපරිම ලාභ ලැබීම පමණක් ඉලක්ක කිරීම නිසා සියලු සමාජ වටිනාකම් ඒ ඒ තැන් වලින් ගිළිහෙන්න පටන් අරං.
අවසන් වශයෙන් සියලු වෘත්තීය තත්වයන් සහ අදාළ ප්‍රමිතීන් වර්ධනය වෙනවා වෙනුවට එකින් එක දියවෙන්න පටන් අරං. වෘත්තිකයා, වෙළෙන්දා, ජාවාරම් කාරයා සහ  අපරාධකාරයා කියල දැන් බෙදුම් රේඛා නැති තරම්!
මෙහෙම ඉතිං සමාජයකට පවතින්න පුළුවන් ද?
මේ වනවිට, සෑහෙන කාලයක් තිස්සෙ, විශේෂයෙන් ම පුද්ගලික අංශය ට සම්බන්ධ යම් වැඩ කොටසකට සම්බන්ධ වෙන්න මට පුද්ගලිකව අවස්ථා ලැබී තියෙනවා, වඩා නිවැරදි ව, ඒ ඒ අවස්ථා මතුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. ''මාධ්‍ය සහ මානව සම්බන්ධතා'' කියන විධික්‍රමය ගොඩ නගන්න හැකි වෙන්නෙ එහෙමයි. වැඩකරන බල ඇණි සංවිධානය කරමින් ඒ ඒ ආයතනවලට අනන්‍ය නව මානව සම්බන්ධතා සංස්කෘතියක් ගොඩ නාග ගැනීම තමයි මෙතැන දි අරමුණු කෙරෙන්නෙ. එය එක විදිහක ප්‍රති සංවිධාන ක්‍රියාවලියක්. ඒත් ඊට හරස්වන විශේෂ තත්වයන් පෙළකුත් අත්විඳින්න ලැබෙනවා, ඒවා සැකවින් මෙහෙමයි;
1. ආයතන හිමිකරුවන් හෝ කොටස් කරුවන් තවමත් වැඩ කරන්න කැමති කේවල ව්‍යාපාර ක්‍රමයට, ඒ කියන්නෙ ''මුදලාලි වටා පවතින කඩ ක්‍රමයට'', ඔවුන්ගේ පවුල් ප්‍රශ්න ත් කෙලින්ම ව්‍යාපාර පැවැත්ම ට බලපෑම් කරනවා. ඥාති සංග්‍රහය බරපතළයි. පවුල් නාස්තිය සහ අධි පරිභෝජනය ඊළඟට! උපරිම ලාභය පමණක් ඉලක්ක කරන පසුබිමක - අදාළ ආයතනයක ඉදිරිය අනාරක්ෂිතයි. 
2. ඉහළ තනතුරු දරන බොහෝ පුද්ගලයන්, බොහෝ ආයතනවල ඉහළ වැටුප් සහ වාසි ලබමින් නිකරුණේ කාලය ගෙවන්න පුරුදුව ඉන්නවා, ඒ නිසාම ඒ සඳහා කල්ලි නිර්මාණය කරගෙන ඉන්නවා.
3. දුෂණ, වංචා සහ අක්‍රමිකතා නිසා ත් බොහෝ ආයතන තුළ, විවිධ තල වල කල්ලි නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් පිටත පුද්ගලයන් සහ කණ්ඩායම් සමඟ ත් සම්බන්ධතා පවත්වනවා. තරඟකාරී ව්‍යාපාරික ආයතන සමඟත් රහසිගත සම්බන්ධතා පවත්වන අවස්ථා සුලබයි.
4. නාස්තිය සහ අධි පරිභෝජනය විවිධ මට්ටම් වලින්.
5.  නිලධාරීවාදය නිසා ආයතන ගමන බාල වෙනවා.
6. පුහුණු කටයුතු නොසලකා හැරීමෙන් සහ නුසුදුසු අය ඒ ඒ තැන්වලට පත් කිරීමෙන් බොහෝ ආයතනවල වෘත්තීය මට්ටම පහළට වැටෙමින් තියෙනවා.
7. බහුතරයක් වූ ආයතනවල ක්‍රියාත්මක වන වෘත්තීය සමිති, අදාළ දේශපාලන ව්‍යාපෘති තුළ සිටිනවා, ඔවුන්ට ත් වෙන තේරීමක් නැහැ. ඒ නිසා අර්බුද නිර්මාණය කරමින් ඒවා සමඟ ආයතනවලට දැඩි හානි කරනවා. NGOs වල සම්බන්ධතාවකුත් දැන් තියෙනවා.
8. පොදුවේ ආයතන ප්‍රතිරූපය සමඟ බැඳෙමින් සහ ආයතන පදනම මත හිඳිමින් සංවිධානය වෙන්න බොහෝ ආයතන අපොහොසත් වෙලා. සංවිධානVision Mission වෙනුවට පුද්ගලික තත්වයන් ඉස්මතු වෙලා.
මීට සමගාමීව, ආයතන හිර කරගෙන තියෙන තවත් සාධක රැසක් හඳුණා ගැනෙමින් තියෙනවා. මේ සියල්ල එකිනෙක සසඳා බලනකොට රටේ අනාගතය යහපත් දිශාවකට යොමු වෙන්නෙ නැති බව පැහැදිලියි.
ඒ සඳහා බරපතළ සංවාදයක් අවශ්‍යයයි!
එත් ඒ කොහොමද?
CHAPA 
Jan 9, 2018   


Tuesday, January 2, 2018


අපි බලමු! ඉස්සරහට...

''ඇයි දැන් අලුත් පාර්ලිමේන්තුවට එන්නෙ නැත්තෙ?''
''හිරු tv දෙපාරක් ද කොහෙද ආවා, එච්චරමයි! ස්වර්ණවාහිනිය? කෝ ඒ වැඩසටහන්, ඒවත් නැද්ද කොහෙද...''
''ශ්‍රී tv, කළම්බු tv...කෝ දැන් ඒවා?''
බොහෝ දෙනෙක් නිතර නිතර අහනවා!
ඇත්තටම, යෝජිත රුපවාහිනී දේශපාලන සංවාදය ට මොකද වුණේ?
මමත් ඉඳ හිට හිතනවා...
එදවස සමහර නාලිකාවල කෙරුණු සමහර වැඩසටහන් මොන හේතුවක් මත හෝ නැවතිලා. තවමත් කෙරෙන සංවාදවලට, චාපා එනවා නං එන්න බැහැ කියන කට්ටියක් ඉන්නවා කියලත් ඒ ඒ වැඩසටහන් නිෂ්පාදකවරු කියනවා. ගාමිණි වියන්ගොඩ වගේම ගෙවිඳු කුමාරතුංග ත් ඒ කට්ටිය අතර ඉන්නවා ලු! ඉතිං ඒ නිෂ්පාදකවරු, වඩා පහසු තේරීමට යනවා වෙන්නත් පුළුවන්. චාපා ආවොත්, ඔහු සම්බන්ධ වෙනත් සමහර නාලිකා ප්‍රවර්ධනය වෙනවා කියල සමහර නාලිකාවල සමහර බලධාරීන් කියනවලු! ඒ නිසාත් අවස්ථා නැතිවෙන තත්වයක් මතුවෙලා. මාරයි!
එක නිෂ්පාදකවරයෙක් කියනවා, මාව දිගට ගෙන්නවලා මාව නැතිකරන්න ඕන නැති නිසා එන අවස්ථා මග හරිනවා කියල, ඒක හොඳ කතාවක්. තවත් වෙලාවකට ඔහු කියනවා ගැළපෙන මාතෘකාවක් තවම ආවෙ නැති ලු! ඒකත් හොඳ කතාවක්.
වැඩේ කියන්නෙ, මම සහභාගී වුණු ඒ සියලු වැඩසටහන් අදාළ මොහොතෙ උපරිම rating ප්‍රථිපල පෙන්නපු ඒවා, rating නං ඔවුන් ට අවශ්‍ය. මෙහෙම කිව්වට, මාධ්‍ය ආයතන හිමිකරුවන් ආණ්ඩුව සහ තවත් කණ්ඩාම් එකක deal දාගෙන වෙන්නත් පුළුවන් එක අතකට! යෝජිත දේශපාලන සංවාදය ඔවුන්ගෙ ව්‍යාපාරික අරමුණු හරස් කරනවා කියල ඒ ඒ නාලිකා හිමිකරුවන් ට හිතෙන එකත් ඉතිං අරුමයක් නෙවෙයි! ඔවුන් සුක්ෂම විදිහකට අදාළ වැඩසටහන් නිෂ්පාදකවරු මෙහෙයවනවා වෙන්නත් ඇති. ඒ සඳහා, පුද්ගල දුර්වලතා ත් නිර්මාණශීලී විදිහට යොදා ගන්න පුළුවන්.
ඒ අතරම කියන්න ඕනෙ, මාධ්‍ය ආයතනත් මේ වෙළෙඳපොළ බලවේග තුළ බරපතළ අභියෝගයකට ලක් වෙමින් තියෙන්නෙ. ඒ සඳහා නං සරල උත්තර නැහැ. කොහොමත් ජනප්‍රිය මාධ්‍ය ආයතන කියන්නෙ, සමාජය වෙනස් කරන්න නියමිත දේශපාලන සංවාදය සඳහා කල්පනාවෙන් යොදා ගන්න පුළුවන් තවත් එක සංනිවේදන මෙවලමක් විතරයි.
කොහොම වුණත් මේ රුපවාහිනී නාලිකා හරහා යෝජිත දේශපාලන සංවාදය සෑහෙන දුරකට අරගෙන යන්න පුළුවන් වුණා. එහෙම ගන්නකොට, ඒ සඳහා විවිධ ක්‍රම වලට සම්බන්ධ වුණු මාධ්‍ය සගයන්ට මේ සටහන උපහාරයක් ම වේවි!
අපි බලමු! ඉස්සරහට...
CHAPA
2018 ජනවාරි 3