Friday, September 30, 2016

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් කරන්න ලු!

නව ව්‍යවස්ථාවක් හදන සියුම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වේගයෙන් සිද්ධවෙනව, මේ අය වැය ට කලින් එහි කූඨප්‍රාප්තිය සිද්ධ වෙන්න හදන්නෙ. රටේ පොදු ජනයාට නං මේ ගැන කිසිම දැනුමක් නැහැ, තමන් අයිති පක්ෂය කියන දේ වෙනුවෙන් පෙනී ඉන්නව. මේ වෙනුවෙන් යමක් කරන්න පුළුවං, මහා නායක හාමුදුරුවරු ප්‍රමුඛ තීරණාත්මක තැන්වල ඉන්න විවිධ පුද්ගලයන්ටත් මේ යෝජනාව අදාළයි. ජනප්‍රිය මාධ්‍ය වලට නං මේ තවත් එක ප්‍රවෘත්ති මාතෘකාවක් විතරයි.
එළියෙ, ව්‍යවස්ථා සාකච්ඡාවෙ ඉන්න අති බහුතරය, කුමක් හෝ හේතුවක් මත බෙදුම්වාදයට සහ අනෙක් ඊනියා ප්‍රතිසංස්කරණ වලට එකඟ පිරිසක්. ඔවුන් මෙහෙයවන්නෙ INGOs සහ NGOs. උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, කලාකරුවන්...යැයි කියාගන්නා ජනප්‍රිය හැමදෙනාමත් ම වගෙ මේ වෙනකොට විකිණිලා.
මේ ක්‍රියාවලිය කොච්චර සියුම් සහ සංකීර්ණ ද කියනවා නං යහපත් විදිහට හිතන, ස්වාධීන සහ රටට ආදරය කරන කෙනෙකුත් පටලැවෙනව - හිරවෙනව. හොඳම උදාහරණය තමයි අධ්‍යාපනය. දැන් හිතන්න! අධ්‍යාපනය ලැබීම මූලික අයිතිවාසිකමක් හැටියට මේ අලුත් ව්‍යවස්ථාවට ඇතුළු කරනව කිව්වොත් නීතිය ගැන යම් අදහසක් තියෙන හැමෝම කැමති වෙනව. ඇත්තටම දැන් එහෙම ලොකු campaign එකක් යනව. මහාචාර්ය සරත් විජේසූරිය වගෙ චරිත, යම් අධ්‍යාපනයක් ලබපු හාමුදුරුවරු, වෘත්තිකයො...එක කණ්ඩායමක්, මිනිස්සු දැනුවත් කරමින් (?) ඒ යෝජනාවට අත්සන් එකතුකරනව කියල ත් වාර්තා වෙනව.
නිකමට කල්පනා කරන්න!
දැනට ඉතුරුවෙලා තියෙන නිදහස් අධ්‍යාපන අවස්ථා ත්, WB, IMF මූල්‍ය ආයතන උපදෙස්වලට හෙමින් හෙමින් අහෝසිකරල, සමස්ත අධ්‍යාපනයම මුදලාලිකරණය කරන්න හදන තත්වයක් තුළ, මේ වෑයම කුමක් සඳහා වෙන්න පුළුවං ද? මේ - රටේ හැම කෙනෙකුටම, ඒ කියන්නෙ ඇති නැති හැමෝටම නිදහසේ අධ්‍යාපනය ලැබෙන නීතිමය වට පිටාවක් හදන්න අරගල කරනව කියල කව්රුහරි හිතනව ද? නෑ! මේ හදන්නෙ, SITAM දක්වා වන හොර, හොර නොවන අධ්‍යාපන කඩ වලට නීතිමය ආරක්ෂාවක් දෙන්න. අපිට මුං ඉගෙන ගන්න දෙන්නෙ නැහැ! අපේ මූලික අයිතිවාසිකම කඩනවා! උන්ට දඬුවම් දීලා අපිට අපේ අවස්ථාවත් එක්ක වන්දිත් දීපල්ලා!! කියල එතකොට කට්ටියට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවං. දැන් කෙනෙක් අහන්න පුළුවන්, එතකොට රාජ්‍ය අධ්‍යාපන  පද්ධතියෙ ඉන්න අයටත් ඕකම කරන්න පුළුවං නේද කියල. වැදගත්ම තර්කය එන්නෙ මෙන්න මෙතැන.
'නිදහස් අධ්‍යාපනය' කියල CWW කන්නංගර හරහා ක්‍රියාවට නැංවුණ සහ මේ වෙනකොට ක්‍රමානුකූලව හැකිළෙමින් තියෙන 'නිදහස් අධ්‍යාපනය' කියන මහා ජාතික අධ්‍යාපන වැඩ පිළිවෙළ එකක්. මේ දැන් 'අධ්‍යාපනයෙ නිදහස' වගෙ අර්ථගන්වන්න පුළුවං 'සමස්ත අධ්‍යාපනය මුදලාලිකරණය' කිරීමේ තත්වය තව එකක්. කතාව මෙහෙමනෙ; 'මෙච්චර ප්‍රමාණයක් වාර්ෂිකව උසස්පෙළ සමත් වෙනව, මෙච්චර ප්‍රමාණයකට විතරයි රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නෙ, එතකොට අනිත් අයට විශ්වවිද්‍යාල අවශ්‍ය නැද්ද? අවශ්‍යයයි! පුද්ගලික විශ්ව විද්‍යාල ඉතිං අපිට ඕනෙ. එයාලගෙන් කට්ටියක් විදේශ විශ්වවිද්‍යාල වලට යනව, ඒ සල්ලිත් අපිට රටේ ඉතුරු කරගන්න පුළුවං!' කතාව ඇත්තනෙ! සුත්‍රය හැදෙන්නෙ ඔහොමයි!
සිද්ධවෙන්න ඕනෙ, දැනට ගොඩනැගිල තියෙන, ජාතික මට්ටමෙන් මෙහෙය වෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව වැඩිකරන්න සහ ඒ ක්‍රමය තව සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් වෙන්කරල, සංවිධානාත්මක රාජ්‍ය මැදිහත්වීමකින් එය ශක්තිමත් කරන එක. පුද්ගලික අංශයටත් අධ්‍යාපනය සඳහා ආයෝජන කරන්න පුළුවං, ඉතා ප්‍රබල රාජ්‍ය නියාමනයක් එක්ක, එතකොට කරට කර තරඟයක්! ප්‍රමිතිය ඉබේම ගොඩනැගෙනව, අධ්‍යාපනය තව දුරටත් සංවර්ධනය වෙනව.
ඒත්, දැන් වෙන්න යන්නෙ ඒක නෙවෙයි! ඇති හැකි ළමයින්ට අධ්‍යාපනයේ නිදහස - නැති බැරි අයට නුගත්කමේ නිදහස!
එතකොට මේ සිද්ධවෙන්න යන රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම ඔය හිතන තරං සරල එකක් නෙවෙයි. ඒත් ඉතිං කාටද මේ ගැන කියන්නෙ?!
ඕන නං මේ fb වැසියන්ගෙ like ටිකක් වැටෙයි, comments ටිකකුත් වැටෙයි, 'මහින්දගෙ කාලෙ ඕක කියන්න තුබුණනෙ බං!' කියලත් සමහරු ලියයි. ඒත් එච්චරද?
CHAPA   

දැඩිගමුව කන්ඳ පැරදුණා! Search Light on TNL, 2001

කුඹියාගෙ ඇඟේ තරමට ලු උගෙ ඔළුව!

අපිට මොනවද ඕනෙ?

ඇත්තටම 'මිනිස්සු' න්ට ( අපිට? ) මොනවද ඕනෙ? පුද්ගලික දේශපාලන අත්දැකීම් හරහා මම තවම හිතමින් ඉන්නව. මම ජනප්‍රිය මාධ්‍ය ඇතුළෙ පෙනී ඉන්නකොට හුඟක් අය, කරන කියන දේවල් කට ඇරගෙන අහගෙන ඉන්නව, හඳුනගන්න උත්සහ කරනව, අහවලා මම අඳුරනව කියල කියන්න උත්සහ කරනව. එතකොට තවත් අය කියන්න ගන්නව, ආ! දැන් හරි ගිහිල්ල, හොඳට සල්ලි හම්බවෙනව ඇති, අහවලාට කඩේ යනව, ඒකනෙ අහවල් tv එකේ නිතර ඉන්නෙ! ඔයවගෙ කතා!! ඒ අතරෙ සමහර අසනීප කාරයො, කිසිම දෙයක් දන්නෙත් නැතුව ගොන් කතා කියා කියා ස්වයං වින්දනයක් ලබනව. දැන් මේ සමාජ මාධ්‍ය ජාලා නිසා අසනීප කාරයො වගෙම කොන්ත්‍රාත්කාරයො ත් යමරෙට වැඩ. එක එක අරමුණු. මඩ ගහනව. චරිත ඝාතනය කරනව.... ඔය වගෙ!
ජනප්‍රිය මාධ්‍ය වැඩකරන්නෙ ඒ ඒ මාධ්‍ය ආයතනවල ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන්, ලෝකය පුරාම එහෙමයි. ඉතිං ඒ මාධ්‍ය වෙළෙඳ අවකාශය මග හැරල පොදු ජනයා (?) අතරට යනකොට, සමහරු අහනව දැන් tv වල එහෙම පෙන්න නැහැ නේද ? කියල. එහි යටි පෙළ අරුත වෙන්නෙ, කෙළවෙලා වගෙ! එකක්. JVP වගෙ පක්ෂ නං, ඔවුන්ගෙ නොවන කිසිම ක්‍රියාකාරිකයෙකුට බිම් මට්ටමේ වැඩක් කරන්න දෙන්නෙම නැහැ, එහෙම අත්දැකීම් මට නං එමටයි    ( යොමුව 'කුඹි' කෘතිය). මිනිස්සු අතර වැඩකරන්න හදල, ඊට කාලයකට පස්සෙ දවසක ආයෙත් ජනප්‍රිය මාධ්‍යයක පෙනීහිටියොත්, ආ! කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ කියල අර මුලින්ම කියපු වර්ගයෙ අය අහන්න ගන්නව.
ඔය අස්සෙ සමහර විදේශගත කට්ටිය! එහෙ ඇවිත් අර සංවිධානයෙ - මේ සංවිධානයෙ අපේ අය දැනුවත් කරන්න ලු! අපරාදෙ ඔයාල අමරුවෙන් හොයන සල්ලි, අපි Skype තාක්ෂණය යොදාගෙන ඔය වැඩේ කරමු! කියල මම කියනකොට, හ්ම්! කියල ආයෙ කතාකරන්නෙවත් නැහැ.
වැඩේ කියන්නෙ ඔය එක එක විකාර කියන කවුරුවත් සටන් බිම්වලදී මට නං හම්බවෙලා නැහැ! යුද හමුදා මාෆියාවකට විරුද්ධව සටන් කරනකොට, හිරේ යනකොට, අවුරුදු 10 ක් විතර ආර්ථික අභියෝග මැද්දෙ 'නිදහස්' කරගෙන යනකොට, ඒ ක්‍රියාකාරකම් එක්ක රට වටේ කරක් ගහනකොට, 'ජල රකුසන්ට එරෙහිව..' කෘතියට NGO නඩයක් කෝටි ගණන් ඉල්ලලා අපහාස නඩු දාලා එක දිගට උසාවි බඩ ගාද්දි... පොදු ජන සහයෝගයක් ලැබුණෙ නැහැ, ඒ ඒ වැඩ වලදී ඒ ඒ මොහොතෙ හම්බවෙච්ච විශේෂ චරිත හැර!
ඉතිං මම තවමත් කල්පනා කරනව...
CHAPA
       

Jala Rakusanta Erehiwa Book Launch at Daduru Oya

Wednesday, September 28, 2016

මාර වැඩේ!

අපි, රටේ ජනතාව හැටියට රාජ්‍ය පාලනයෙ වැරද්දක් දැක්ක ගමන් පුරුද්දට වගෙ බනින්නෙ දේශපාලනඥයන්ට. ඇත්ත ඔවුන් තමයි රටේ ගමන් දිශාව තීරණය කරන්නෙ, ඒ වුණත් අපිට නොවැටහෙන බරපතළ දෙයක් මෙතැන තියෙනව. ඒ, ඔය අපි දකින දේශපාලන නියෝජිතයන් - ජනාධිපති දක්වාම
මේ උගත්තු පව් ! දේශපාලනඥයො එයාලව කඩේ යවනව, එයාලට වැඩකරන්න දෙන්නෙ නැහැ!! වගෙ කාට හරි පේන්න ඉඩ තිබුණට ඇත්ත තත්වය ඊට වෙනස්. බොහෝ වෙලාවට දේශපාලනඥයන්ට game එක ගහන විදිහ කියල දෙන්නෙ ඒ ගොල්ලො තමයි. ඊනියා ජාත්‍යන්තරයත් එක්ක ගනු
විශේෂත්වය තමයි, විවිධ ආණ්ඩු සහ විවිධ දේශපාලනඥයො සමග ඔවුන් නොවෙනස්ව දිගටම වැඩ කරන එක. මතක තියාගන්න! ලෝකයෙ හැම රටකම තත්වය මෙහෙමයි! මේ, දේශපාලන ඛේදවාචකයක්!
ආසන්න අතීතයෙ නං චන්ද්‍රිකා, මහින්ද, දැන් මෛත්‍රී සහ රනිල් එක්ක මේ අය එක එක මට්ටම් වලින් දිගටම වැඩ. සමහරු ප්‍රසිද්ධයි, සමහරු අප්‍රසිද්ධයි. සමහරු වේදිකාවෙ. සමහරු තිරය පිටුපස. සමහරු විවිධ වෙළෙඳ ව්‍යාපාරවලට සහ NGOs වලට ඍජුවම හෝ වක්‍රාකාරව සම්බන්ධයි.
මේ විදිහටම, බලයට එන හැම ආණ්ඩුවක් එක්කම games play කරමින් සාරෙට පවතින business කාරයො පිරිසකුත් වෙනම ඉන්නව. ඔවුන් අවශ්‍ය වෙලාවට ආණ්ඩු වෙනස් කරන්නත් මූලික වෙනව. ඒ තවත් කතාවක්!
දැන් ආණ්ඩුවට අදාළව, තිරය පිටුපස වගෙම අවශ්‍ය හැම මොහොතකම වේදිකාවට ත්  නැගල ඉන්න, අර කලින් කියපු විදිහෙ ඊනියා උගත්තු දෙන්නෙක් තමයි කරු පරණවිතාන සහ අශෝක අබේගුණවර්ධන. බලන්න! ඔවුන් ඉතාම දක්ෂ විදිහට, සිංහල කම, බෞද්ධ කම, මාතෘ භුමිය, දේශමාමකත්වය, ජාතිකත්වය, ජාත්‍යන්තර වෙළෙදාම, කෘෂිකර්මාන්තය, සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මුලික මිනිස් අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස...එකට එකතුකරල, රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස්කරල - ඊට ආර්ථික ප්‍රතිසංස්කරණ එකතුකරල, මේ දැන් ඉපදුනා වගෙ රට හදන විදිහ ගැන සිනහ මුසු මුහුණෙන් අපට ( ජනයාට ?) කරුණු පැහැදිළි කරන අපුරුව! අහෝ! මෙහෙම ශාන්ත බවක්!
අපිත් ඉතිං අහගෙන ඉන්නව, චි: මේ කාලකණ්නි දේශපළුවො එළවල දාල උගත් බුද්ධිමත් කට්ටියකට රට පාලනය කරන්න දෙන්න ඕන! කියලත් අපිට හිතෙනවනෙ?! මාර වැඩේ!
CHAPA     

There is no any other way!

 ලෝක දේශපාලන ය සහ කලාපීය දේශපාලන සමග ගොඩනැගෙන ගෝලීය වෙළෙඳ ප්‍රවණතා හඳුනාගන්න රටක් හැටියට අපි තවමත් සමත්වෙලා නැහැ. කොටින්ම ගෝලීය ධනවාදය තුළ ලංකාව ස්ථාන ගත කරගන්න අපි තවමත් අපොහොසත්. UN, INGOs, NGOs, WB, IMF... මෙහෙයුම් සමග බහු ජාතික සමාගම් ජාලයක් එක පැත්තක, ඉන්දියානු - චීන වෙළෙඳ උපාය මාර්ග තව පැත්තක, මේ සියල්ල සමග බද්ධ වන ඇමෙරිකානු දේශපාලනය...අපි ඉතිං මර උගුලක හිරවෙලා! අපි රටක් හැටියට, දේශීය අනන්‍ය ආර්ථික පදනමක් ගොඩනගා ගත්තෙ නැත්තං රටට හෙටක් නැහැ! 
මේ, කෘෂි ආර්ථිකය මත ම ඉතිහාසය නිර්මාණය කරපු රටක්, අපි එතනින් පටන් ගන්න ඕනෙ! මහ පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනගා ගැනීමත් අතිශය තීරණාත්මක යි! 
There is no any other way!
CHAPA      

Tuesday, September 27, 2016

මංජුල වෙඩිවර්ධන, මේ මොහොතෙ ඉන්නෙ කොහෙද කියල මම දන්නෙ නැහැ. ඒත් එක කාලයක් අපි දෙන්න එකට 'රාවය' ට වැඩ කෙරුව. 'රාවය ට සාක්ෂියක්' ( July 2008 ) කෘතියෙ පිටු අතරෙ මංජුලත් මම ත් සම්බන්ධ, ඒත් තවමත් අවසාන නොමැති සංවාදයක් ඉතිරිව තියෙනව!
මංජුල, මේ සංවාදය ඇතුළෙ දවසක අපි ආයෙමත් මුණ ගැහෙමු මිත්‍රයා!


එන්න! අපි හොයමු!!

දේශපාලනය කියන්නෙ දැනුම, දැනුම යළි සංවාදයක්! සංවාදය කියන්නෙ එතකොට දැනුම නිසා, දැනුම වර්ධනය කරගන්නෙ නැතුව සංවාදය වර්ධනය වෙන්නෙ නැහැ! ඊළඟට දේශපාලනය කියන්නෙ දැනුම පදනම් කරගත්ත අඛණ්ඩ ක්‍රියාවලියක්!!
දශකයකට වැඩි කාලයක් 'මම' පුද්ගලිකත්වය ක්‍රියාවලියක් විදිහට හඳුනගෙන දේශපාලන සංවාදයක් ගොඩනගන්න උත්සහ ගනිමින් ඉන්නව. විවිධ මාධ්‍ය අත්දැකීම් සමග අන්තිමට 2001දි 'නිදහස්' මාධ්‍ය ක්‍රියාකාරකම් පටන් ගන්නෙත් අන්න ඒ අරුතින්. දශකයකට වැඩි කාලයක් 'නිදහස්' අපි කණ්ඩායමක් විදිහට රට වටේ විවිධ ක්‍රියාකාරකම් කෙරුව, විවිධ තැන්වලට සම්බන්ධ වුණා, විවිධ සිදුවීම්වලට මැදිහත් වුණා ( යොමුව ' කුඹි' කෘතිය ). දැනටමත් අපි අත්විඳිමින් ඉන්න ජනප්‍රිය වෙළෙඳපොළ මාධ්‍ය භාවිතය වෙනස් අත්දැකීමක් බවට පත් කරන්නයි අපිට ඕන වුණෙ. ප්‍රග්ධනයෙන් නිදහස් වුණු එය, පර්යේෂණාත්මක ක්‍රියාවලියක්. 'නිදහස්' වැඩබිම්වල සටන් බිම්වල ප්‍රකාශන මාධ්‍යයක්!
ඒත් 2010 - 2011 වෙනකොට, ඉතිං තවත් එතනින් එහාට යන්න බැරි බව අකමැත්තෙන් වුණත් අපිට තේරුම් ගන්න සිද්ධ වුණා, එකම සහ මුලික ප්‍රශ්නය වුණෙ ආර්ථික අභියෝගය. ඒ වෙනකොට අපි, අපේ දේශපාලන ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න අවශ්‍ය මුලික අදායම හොයාගත්තෙ පත්තර සහ වෙනත් 'නිදහස්' ප්‍රකාශන විකිණීමෙන්, වරින් වර තෝරාගත් සීමාවන් ඇතුළෙ, වාර්තා වැඩසටහන් සහ වාණිජ කලාව සමග වෙළඳ ප්‍රචාරණ නිර්මාණකරණයට ත් සම්බන්ධ වෙන්න උත්සහ කෙරුව. ප්‍රචාරණ දැන්වීමක් දෙකක් හොයාගත්ත වෙලාවලුත් ඔය අතර ඉඳ හිට තිබුණ.
ජනප්‍රිය මාධ්‍ය වෙළෙඳ පොළ ට එරෙහිව ගොඩ නගන්න උත්සාහ කෙරුණු, 'විකුණන්නෙ ත් නැති - විකිණෙන්නෙ ත් නැති! 'නිදහස්' වටා සීමිත පිරිසක් එකතු වුණත්, ලොකු ජන බලයක් නං ඒ දශකයටම ගොඩ නැගුණෙ නැහැ. හේතුව අපි 'නිදහස්' වීම. අපිට ඔය එළියෙ දකින්න ලැබෙන විවිධ දේශපාලන ක්‍රියාකාරකම්, එක්කො දේශපාලන පක්ෂයකට සම්බන්ධයි, නැත්තං NGO එකකට සම්බන්ධයි. එහෙමත් නැත්තං ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් දියත්වන ව්‍යපෘති. X කණ්ඩායම වගෙ අධ්‍යන කව එදවස ඒ අතර වෙනම හැදුණත් ඒවා දිගට පැවතුණෙ නැහැ.
එදා මෙදා තුර කාලයෙදී, මට ( අපිට!) විවිධ ප්‍රකට සහ අප්‍රකට පුද්ගලයන්, දේශපාලන ක්‍රියාකාරිකයන් - උගතුන් - බුද්ධිමතුන් - කලා කරුවන් - පුජක වරුන් ලෙස පෙනී සිටින්නන්...මුණ ගැහුණ, සිය දහස් ගණනින්! අදාළ ක්‍රියාකාරකම් ගත්තත් සිය දහස් ගණනක්!
මිනිස්සු! ඔව්! හැමතැනම මිනිස්සු!!!
මිනිස්සු ( අපි?)  වෙන වෙනම ආකෘතිගත වෙලා ඉන්නෙ, අපි කවුද? අපිට මොනවද ඕනෙ? ඒ ප්‍රශ්න තවමත් විවෘත සංවාදය ක් !
fb සහ තවත් සමාජ මාධ්‍ය අහු මුළු අතරෙ සැරිසරන මම මේ සටහන තියන්නෙ, මේ අවකාශය පරිහරණය කරන මිලියන ගණනක 'මිනිස්සු' ඇත්තටම මොනවද හොයන්නෙ (?!) කියල හිතෙන නිසා. සමහරු business වැඩ, සමහරු business මුවාවෙන් කරන ජාවාරම් - රැවටීම්, සමහරු පක්ෂවලට බෙදිල  එකිනෙකාට බැණ ගන්නව, සමහරු සමහරුන්ට මඩගහනව - චරිත ඝාතනය කරනව, සමහරු කුණුහරුප ලියල ලියල විනෝද වෙනව...ඔය අතරෙ යහපත් දේ හොයන සහ යහපත් දේ වෙනුවෙන් පෙනී හිටින යහපත් පිරිසකුත් මුණ ගැහෙනව, ඒත් අඩුම අඩු ප්‍රතිශතයක්.
මේ තමයි ලාංකේය සමාජයෙ වර්තමාන පොදු හැඩය. තව විදිහකට ගත්තොත්, මේ සමාජ මාධ්‍ය අවකාශයෙ හැසිරීම, එය නියෝජනය කරන පොදු සමාජයෙ නිදර්ශකයක් වගෙ, මම දිගටම කල්පනා කරනව, තව දුරටත් හොයනවා, ඔබත් පටන් ගන්න!
එන්න! අපි හොයමු!!
CHAPA           

Friday, September 23, 2016

WHO governs the country?!

Kumara Chapabandara

This article was considered for deletion at Wikipedia on June 25 2014. This is a backup.
Primary sources Template:Underlinked
Kumara Chapabandara (කුමාර චාපාබණ්ඩාර) is a professional journalist, political activist. He had been working for Lakhanda (ලක්භඬ) ( Voice of Lanka ) Radio, TNL channel and also for Rawaya newspaper during the years of 1999–2001, then he launched a new media movement named Nidahas ( Free Lanka Media Net ) and published the 'Nidahas' (නිදහස්) newspaper,[1]
He is the author of Elangata (ඊළඟට), Army Army (ආර්මි ආර්මි), Jala Rakusanta Erehiwa (ජල රකුසන්ට එරෙහිව), Rawayata Sakshiyak (රාවයට සාක්ෂියක්), Ukthiya Pramadai (යුක්තිය ප්රමාදයි), Kumbi (කූඹි) and Hikkaduwa Heluwen Newai(භික්කඩුව භෙලුවෙන් නෙවෙයි).[2][3]
He became a political activist while working for Sri Lanka Army Medical Corps in 1980s. He experienced the war in the zone of North East and realized what the war was; He wanted to further study the political context in which the war began, he wanted to expose fraud and corruptions in the military activities in public being in the Army, he did his further studies in the field of photography and journalism during that period. He was arrested while writing a column to Rawaya named ‘Balakotuwa’ (බලකොටුව) against fraud and corruptions in the army, he was jailed in the prisons respectively of Army Medical Corps and Military Police while a court-martial was being conducted, he was finally jailed in Welikada prison for one year, but the authorities had to release him after three months due to an order from the appeal court.
He later developed a new discourse called Open Dialogue, a knowledge based process to make the entire society better based on social sciences such as Political Science and History, in this context he Introduce a new theme as Media & Human Relationship to the private sector. He has worked for the Jetwing Hotels, Mount Lavinia Hotel and Club Benthota – sister company of Mount Lavinia in advisory capacity for several years. He is now working for Maxies & Company (Pvt) Ltd as Head of Department, Media and HR/ Advisor to the Chairman. He has launched a monthly newspaper for Maxies also named Wedabima (වැඩබිම) and does suggest to develop an industrial dialogue in the country. He has introduced another new discourse while working in Maxies as 'art of music vs science of life'.

He Joined Sri Lanka Army Medical Corps

He joined Sri Lanka Army Medical Corps in 1986 after having done GCE A/ Level in Bio Science at Balangoda Central College, in Rathnapura District in Sri Lanka. He had his basic army training in Diyathalawa Army Training Academy and he was attached to Sri Lanka Army Medical Corps Head Office at Colombo 3 ( near Gall Face ) in which the army Hospital also was situated. He worked for the department of Dentistry and he was sent to Jaffna battle Field time to time with the medical teams, he joined Yapa Patuna (යාපා පටුන) Radio Service broadcast by Sri Lanka Broadcasting Cooperation at Palaly (පලාලි) to present a special first aid program for the army personnel. He Later did some programs for Vishva Sravani broadcast (විෂ්ව ශ්රවනි විකාශය) which was operated in Colombo, SLBC head Office too, he then did a Diploma in Journalism in the year of 1992 in Colombo University, he was qualified as a photographer in Hegoda Seya Nikethanaya (හේගොඩ සේයා නිකේතනය) also during that period.

To LAK HANDA (ලක්හඬ) Radio

He joined Lak Handa Radio ( Voice of Lanka ) as a communicator in 1998 being in the army and produced several programs, such as ‘Gini Weta Addara’ (ගිනි වැට අද්දර), ‘Gan Iura (ගඟ ඉවුර) , ‘168th hour’ (168 වෙනි හෝරාව) and ‘Andaheraya’ (අඬභැරය) etc. his ambition was to become a professional Journalist, by 1998 he decided to leave the Army at the completion of 12 years’ service according to the service agreement, he was not permitted to leave the service due to a special gazette related to the war situation in the North and East in the country. He became a freelance Journalist of Lakhanda and later joined Rawaya newspaper also as a political columnist, he wrote a column to Rawaya named ‘Balakotuwa’ exposing fraud and corruptions in the Army and criticizing military authority, political authority as well. He was arrested and questioned while keeping in the jail in the army by the Military Police at the end of year 1998 and a court martial was executed against him; allegation was disobedience to the hierarchy of the Army, he was finally jailed at Welikada Prison for imprisonment of one year. He was able to continue his political column even being a prisoner against military and political authorities, he exposed several hidden issues in the prison also during this period. This is very rear incident ( may be sometimes first time in the history ) to be recorded for the history – he could perform as a journalist being a prisoner against the system in which he became a prisoner. He was released after 3 months of imprisonment due to an order of the Magistrate, Court at the Fort Colombo, considering the case which was in the Appeal Courts too filed by his lawyers - this is also a remarkable incident i.e. judgment of the magistrate court is against a Court Martial. He later published a book named ‘Army Army’[4] to illustrate this history.

With RAWAYA (රාවය) NewsPaper

He was questioned by senior army officers and warned to stop the media activities as some of them had some illegal deals with outside parties, specially there had been a hidden drugs ( medicine) deal which was later exposed by him through Rawaya ( it is exposed in the book of Army Army too ), he did not give up his attempt, in that circumstances he was transferred to Wauniya war front where the military forces lost the battle. His 12 year’s service in the army had also been completed by that time and he refused to accept the movement order to Waunia war front; a court martial was executed against him for the charge of disobedience. Then he joined the editorial of Rawaya newspaper while working for Lakhanda Radio also in the middle of year 1998 as a political columnist, he wrote ‘Balakotuwa’ in which the fraud and corruptions of the Army were later exposed by him, within couple of weeks he was arrested by the Military Police and kept in a shell ( he was later kept open arrest ) at Military Headquarters at Narahenpita. He was questioned by a team of Military Police Officers to find how he had got such secret information; he was able to continue the column ‘Balakotuwa’ even in the custody – after couple of weeks he was released due to this media involvement.
After a few weeks Chapa was again arrested once the court martial was implemented at Panagoda Army Camp, he was kept in a shell at Army Medical Corps premises in Colombo for 3 months until the court martial was over, he could continue the column ‘Balakotuwa’ in Rawaya even during this imprisonment.
Hearing of court martial was going on for nearly one year and at last he was sent to Welikada Jail for one year’s imprisonment; Mr. Manjula Makumbura, Attorney - at - law handled first part of the court martial. Mr. Kalinga Indrathissa and his assistant Mr. Viraj Premasinghe, attorney - at - law continued the process and made an application to appeal courts after the said judgment, after three months he was released on an order given by the Magistrate, Fort, Colombo considering the application of the court martial too – it is a remarkable incident of the judicial system as this is against the military authority in the country. Chapa kept on writing his column for Rawaya during his imprisonment at Welikada jail too, he then exposed of several hidden issues in the prison also through his column ‘Balakotuwa’ Then he worked for Rawaya as a freelance journalist, but full-time till beginning of the year 2001, that was very critical era of the country as there had been various political crises, specially the war in the North and East had come to its peak level; there were serious allegations against the president Mrs. Chandrika Bandaranayake Kumarathunge ( Mr. Victor Ivan, editor in chief of Rawaya has very clearly analyzed that situation in his ‘Chaura Rejina’ (චෞර රැජින) book too), during that period Chapa was very active political activist who did various investigations against fraud and corruptions, political violence as well in the country – he stood for social justice for any cost introducing a new dimension for the field of journalism, specially Chapa was struggling for free and fair elections during the president Chandrika’s era to strengthen democratic practices in the country; media practice of the Rawaya newspaper was also remarkable in Sri Lanka in that era as it did a tremendous role to make the governing system of the country more democratic. He has written various articles and involved in different political activities against NGOs also which have become international political partners in the historical crisis in Sri Lanka.
He has analyzed this history in his book ‘Rawayata Sakshiyak’ in detail.
He did an investigation on water management policy which was suggested for Sri Lanka by international organizations led by IWMI and developed a media campaign against that criticizing the said project as a ‘commercial crime’; he wrote a book named ‘Jala Rakusanta Erehiwa’[5][6] on this issue and some of professionals whom have been exposed in the book filed cases in the Supreme court on defamation, Mr. Sarath Perera, Attorney – at – Law appeared for the cases on behalf of Chapa and the cases were dismissed due to some technical grounds. He still keeps on educating and guiding the community against this so-called water management policy.
While working for Rawaya and Nidahas newspapers he participated for various TV discussions in TNL Channel, Sirasa, Swarnavahini, Max TV and MTV – he worked for TNL Channel and Sirasa as a TV presenter too, then he could expose several hidden issues related to governance of the country for betterment of the society, he introduced with these media activities a new dimension for investigative journalism.

To be ‘free’ (නිදහස්)

At last Chapa has very clearly emphasized in his book ‘Rawayata Sakshiyk’ on his vision ( according to him, his practice! ) for social justice and how the media does make barriers against his way serving for its capital; he further explains in his book, in that circumstances how any media involvement does support the political system available in a country as a major partner of the global market creating economic disparity and social injustice everywhere in the world.
Chapa left Rawaya editorial in the year of 2001 to launch a free media movement named ‘free Lanka media net’, he formed the new media center at Nawala, Nugegoda, there was a team of members for his media center including Miss. Dinuksha Paththiniwasam and Mrs. Amali Konara, they got a new web site registered named ‘free’; by that time ‘Unilever’ the well-known company had suddenly closed its Mabole factory dismissing nearly 810 workers and those workers had been asking media support to solve their crisis in more democratic manner. Most of the reputed media stations do still depend on Unilever advertising budgets and therefore none of them could stand for rights of the said workers. Chapa joined the particular workers with his team to develop a media protest launching a monthly newspaper named ‘free’, the protest went on for more than one year and ultimately all the workers were able to get their compensations, this is also a remarkable incident in which practice of the media gets another political dimension. Chapa had met financial challenges to continue his work and decided to do commercial arts using his born talents in arts to raise funds to run the movement, he did photography, TV documentaries, illustrations and also cartoons for various organizations on commercial basis. Name of the said paper was changed from English to Sinhala i.e. ‘free’ to ‘Nidahas’ from the second year and it had been published for 10 years, i.e. till the year of 2011, in fact ‘Nidahas’ is not a usual newspaper, it is a political involvement, most of the articles had been written while protesting against social injustice on the ground, it is a new media practice - it is a miracle! He did this struggle without any capital and also without advertisements, he has published a book named ‘Kumbi’ analyzing this long history, he has explained in this book how difficult this journey was. He has developed a new political discourse named ‘open dialogue’ with this experience and in the book of ‘Kumbi’ he has described that he and his activities are in the same ‘process’ of open dialogue. ‘life and the world remain in open dialogue!’ he has written!
He had then developed a new discourse named ‘Media and HR’ for the private sector to make the business organizations better and fair for the both parties, employees and employers. He joined Maxies & Company ( Pvt) ltd - Wennappuwa, Jetwing Hotels, Mount Lavinia Hotel and its sister company Clunb Benthota at advisory level to introduce this new discourse.

In Maxies (මැක්සීස්)

Chapa introduced the discourse of open dialogue to Maxies to reorganize the company up to a certain level, he introduced the new concept of Media and HR into Maxies while launching the ‘Maxies Media Center’ also for the company, monthly newspaper ‘Wedabima’ is being published now and it does suggest an industrial dialogue among all the industries in the country.
He has introduced a series of programs named ‘life – to experience…’ with the theme of ‘ art of music Vs science of life’ into Maxies, these programs are being conducted by him in the organization, in schools and in the prisons.
‘Struggling to make the society fair and better is a historical challenge which has to be analyzed in open dialogue, there may be many ways to follow and many grounds to work!’ he says!
අනේ යකෝ!
උඹල එහෙනං උඹල හදපු දරුව ව උඹලගෙ අත්වලින්ම මරාගත්ත!?

මට කොහොමත් 'ලක්හඬ' මග හැරුණා! ඒ, පහු ගිය දවස් වෙනකං අපිට ඇහිච්ච 'ලක්හඬ' නෙවෙයි. 1998 - 2000 අතර කාලයෙ මට ඇසුරු කරන්න ලැබුණු 'ලක්හඬ'.
ම්! ඒ කාලය ඇත්තටම සුන්දරයි!
මගෙ කතාව පටන් ගන්නෙ 1998 යාපනයෙ පළාලි යුද හමුදා කළාපයෙන්. මම, ඒ දවස්වල පළාලි හමුදා කඳවුරෙ, වෛද්‍ය බලකායෙ ක්‍රියාකාරකම් සමග අනු යුක්තවෙලා හිටියෙ. කඳවුරු භූමියෙම පැත්තක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ යාපා පටුන සේවය පවත්වාගෙන ගියා. ඒ වෙනකොට, යුධ හමුදා සොල්දාදුවන් වෙනුවෙන් නොවිධිමත් විදිහට හෝ 'රෝග නිවාරණ වැඩ සටහන්' මාලාවක් පවත්වමින් හිටපු මම, ඔය යාපා පටුන සේවය ඒ සඳහා යොදාගන්න විදිහ අත් හදා බැලුව ( එය දිග අරගලයක එක විදිහක ආරම්භයක්, Army ආමි කෘතියෙ ඒ ගැන විස්තර තියෙනව).
යාපා පටුන සේවයෙ කාර්මික ශිල්පීන් වූ, මැණික්දිවෙල සහ අනුර ඒ වෙලාවෙ සෑහෙන්න සහයෝගයක් දුන්න, විශේෂයෙන් අනුර. ඔය අතරෙ දවසක කොළඹින්, තිස්ස ජයවර්ධන ( අපෙන් සමු අරගෙන ) සහ චන්දන තිලකරත්න කියන ජනප්‍රිය නිවේදකයො දෙන්නත් දවස් කීපයකට එහෙ ආව. අපි ඉක්මනට හිතවත් වුණා වගෙම එකතුවෙලා වැඩසටහන් වගයකුත් කෙරුව.
ඔය වෙනකොට 'ලක්හඬ' පටන් ගන්න හදනව. මම ඒ වෙනකොට හිතමින් හිටියෙ ජනමාධ්‍ය අවකාශය ඇතුළෙ කොහොමද මගෙ හීන අරගලයට පණ දෙන්නෙ කියල, තිස්සත් චන්දනත් මගෙ ඒ හීනයට යම් වටිනා කමක් දුන්න, ඔවුන්ගෙ සහයෝගය ඇතුව මුලින්ම ගුවන් විදුලියෙ විශ්ව ශ්‍රවනී විකාශයට, ඊට පස්සෙ 'ලක්හඬ' ට. ගමන ඔහොමයි!
මම 'ලක්හඬ' ට එන්නෙ එහි දෙවෙනි කණ්ඩායම සමග. දක්ෂිණ බෝධිනායක, සමන් කුමාර රාමවික්‍රම, රවිමල් හඳුවල, ගයාන් චින්තක අබේසිංහ, ලංකා පෙරේරා, රසාදරී පීරිස්, තක්ෂිලා පෙරේරා තමයි අපේ කණ්ඩායම. 'ලක්හඬ' එතකොට තිබුණෙ ගුවන් විදුලි සංස්ථා භුමියෙ නිදහස් චතුරශ්‍රය පැත්තට වෙන්න. සභාපති නිව්ටන් ගුණරත්න. අසෝක තිලකරත්න, චන්දන තිලකරත්න, කුසුම් චන්ද්‍ර අරංගල, කුසුම් චන්ද්‍ර වික්‍රමසිංහ, අසෝක කරුණාරත්න, චරිත දිසානායක, මොහාන් රාජ් මඩවල, හරීන්ද්‍ර ජයලාල්, නුවන් ලියනගේ, නුවන් උදාර කරුණාරත්න, ධම්මික තෙන්නකෝන්, රවී කුමුදේශ්, කපිල තිලකසිරි, කපිල ගාමිණී ජයසිංහ, සුරංග සේනානායක, රංගන ද සිල්වා, අරවින්ද ලොකුගේ, සුසාර දිනාල්, චමිලා මංගලගම, මයුරී ලියනගේ, තිලිණි අතුකෝරළ...වගෙ කට්ටිය ඒ වෙනකොටත් එහෙ හිටිය. සුධර්මන් රදලියගොඩ, සුරවීර...ආවෙ අපිට පස්සෙ.
චන්ද්‍රිකා - මංගල - නිව්ටන් මොන අරමුණකින් පටන් ගත්තත් 'ලක්හඬ' ඒ ආරම්භක අවධියෙදි සැලකිය යුතු ඉහළ මට්ටමක තිබුණ. භාෂා භාවිතය සහ වැඩසටහන් අන්තර්ගතය ගැනත් එතැන හොඳ සංවාදයක් තිබුණ. ඒ අතර 'ගිනිවැට අද්දර', '168 වැනි හෝරාව' සහ 'ගං ඉවුර' වගෙ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන්නත් මම ඉඩ හදා ගත්ත. එක පැත්තකින් ඒ දවස් හරියට විශ්වවිද්‍යාලයක ගෙවෙන දවස් වගෙ වුණා, හරිම සුන්දරයි!
ඒත් ඒ සුන්දරත්වය යට කැත බලපොරයක් සහ ඊටම ගැට ගැහිච්ච තම තමන්ගෙ පැවැත්ම පිළිබඳ 'ගේම් ගැහිලි' එක පිට එක වර්ධනය වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම චන්ද්‍රිකා පාලනයෙ හිරිකිත බලපෑම් 'ලක්හඬ' බොල් හඬක් බවට පත්කරන්න පටන් ගත්ත. නිව්ටන් ගුණරත්න ඇතුළු එක කල්ලියක් සහ තවත් පොඩි පොඩි කල්ලි තම අත්වලින් බිහිකරල ඇති දැඩි කරන 'ලක්හඬ' දරුවගෙ බෙල්ල ටික ටික - හෙමින් හෙමින් මිරිකන්න පටන් ගත්තෙ ඒ විදිහට.
ඒ 1999 මැද හරිය!
යුද හමුදා 'මාෆියාව' කට එරෙහිව ඒ වෙනකොට ත් සටන් වදිමින් හිටපු මම, අණට අකීකරු වීමේ චෝදනාවට පුරා වසරක යුධාදීකරණයකට තල්ලු කරමින් ඒ අතර අන්තිමට බරපතළ වැඩ ඇතිව අවුරුද්දකට වැලිකඩ බන්ධනාගාර ගත කෙරුණා, ඒ ක්‍රියාවලිය මැද්දෙදි ත් මාව අසාධාරණ විදිහට දෙපාරක් අත් අඩංගුවට ගැනුණා. වැඩේ කියන්නෙ 'ලක්හඬ' එක ගමන් සගයෙක්වත් මං දිහා හැරිල බැලුවෙ නැහැ, කැත විදිහට මග හැරිය. නිව්ටන් සහ තවත් අය, මට උදව් කරන රගපෑමකුත් ඔය අස්සෙ කෙරුව.
සිරගත වෙලා ඉන්න ඔය අතරෙ තැනකදි තමයි මම 'රාවය' ට ලියන්න පටන් ගන්නෙ, ඇත්තටම එදා 'රාවය' සහ මම අතර ගොඩනැගුණු සම්බන්ධතාව නං ඉතාම ප්‍රබල එකක් වුණා.
කතාවෙ හොඳම හරිය එන්නෙ ඔන්න ඔය හරියෙදි!
'එක්කෝ රාවය නැත්තං ලක්හඬ තෝරාගන්න!' නිව්ටන් ගුණරත්න දවසක් මට කිව්ව. මම ඔය ගැන ඔහු සමග සහ අනෙක් බලධාරීන් සමග හුඟක් සාකච්ඡා  කෙරුව, කරුණු පැහැදිළි කෙරුව, තර්ක කෙරුව. වැඩක් වුණේ නැහැ. අන්තිමට මම 'රාවය' තෝරගත්ත. ඉතිං මට 'ලක්හඬ' මග හැරුණ!
'ලක්හඬ, අපේක්ෂාව යථාර්තයක් බවට!'
අනේ යකෝ!! උඹල එහෙනං උඹල හදපු දරුව ව උඹලගෙ අත්වලින්ම මරාගත්ත!?
CHAPA       

Sunday, September 18, 2016

Chapa at Sathyawalokanaya Budhist channel 01

අනේ! මේ අපේ චමුදිත නෙ!!

'මම, චමුදිත සමරවික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නිව්යෝර්ක් සිට...' ටිකකට කලින් රුපවාහිනි ප්‍රවෘත්ති හරහා ඔහොම ඇහුණා, මම හෙමින් කල්පනා කරන්න පටන් ගන්නව.
චමුදිත! මට ඔහුව මුලින්ම මුණගැහෙන්නෙ TNL ජනහඬ මෙහෙයවන්නා හැටියට. TNL කියන්නෙ රනිල් වික්‍රමසිංහ පවුලෙ ව්‍යාපාරයක්. හැබැයි වසර 2000 වගෙ වෙනකොට චන්ද්‍රිකාගෙ අත්තනෝමතික පාලනයට විරුද්ධව 'රාවය' හැරුණු කොට තිබුණු ප්‍රධාන සහ එකම ප්‍රබල මාධ්‍ය TNL. මම ඒ නිසාම TNL 'ජනහඬ' වැඩසටහනට උනන්දුවෙන් සහභාගී වුණා. TNL හරහා තවත් වැඩසටහන් කීපයක් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන්නත් මම  අවස්ථාව හොයා ගත්ත.
ටික කාලයකට පස්සෙ, චමුදිත TNL  එක්ක රණ්ඩු වෙලා මහින්ද රාමනායකගෙ MAX tv එකට ආව. ඒත් එක්කම ඉතාම කෙටි කාලයකින්, පැවති  රාජපක්ෂ පාලන කාලය තුළ ම ජාතික රුපවාහිනියට ආව. UNP කඳවුරේ සලකුණ වෙච්ච TNL චමුදිත, රාජපක්ෂලාගෙ ආණ්ඩුවෙ ජාතික රුපවාහිනිය ට ආවා කියන එක විශ්වාස කරන්න අමාරු දෙයක්, චමුදිත ගෙ ජනහඬ බලපු කෙනෙකුට නං හිතා ගන්නම බැහැ. ජනවාරි 8 මැතිවරණ ව්‍යාපාරයෙ දි රනිල් - මෛත්‍රී  කඳවුරට එරෙහිව, රුපවාහිනි තිරය මත චමුදිත ත්  වරින් වර පෙනී හිටිය හැටිත් ඒ අතර මතක් වෙනව.
ඉතිං දැන් මේ චමුදිත ම ජනාධිපති මෛත්‍රී ගෙ මාධ්‍ය අධ්‍යක්ෂ වෙලා '...නිව්යෝර්ක් සිට...' කියනකොට, අපි ඉන්නෙ කොයි රටේද කියල හිතෙන හින්ද නිකමට මේ සටහන තියන්න හිතුණා, එච්චරයි!
CHAPA 













   

Sunday, September 11, 2016

අහෝ! තාරුණ්‍ය...

මාධ්‍ය කරුවෙක් හැටියට, දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට දීර්ඝ කාලයක් මේ පොළොවෙ සැරිසරන මට එදා මෙදා තුර නිරන්තරයෙන් සම්බන්ධ වෙන්නෙ තරුණ පරම්පරාව. හමුදාවෙ, දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරෙ, ජවිපෙ ක්‍රියාකාරකම් තුළ, සාමාන්‍ය පෙම්වතුන් විදිහට, රැකියා පෝලිම් වල. ජනමාධ්‍ය ඇතුළෙ...විවිධ වේශයන්ගෙන්, එක එක කාල තීරුවල, එක එක තැන්වල.
බලාපොරොත්තු පිරිණු මුහුණු, කුතුහලය තෙරපෙන හිත්, අනාගත සැලසුම් සමග ජවසම්පන්න හැසිරීම්, අරගලකාරී හැගීම්, සුන්දර සිතුවිලි, ආදරණීය සිහින...මේ සියල්ල එක්ක ඔවුන් ජීවිතය අත්හදා බලනව.
ඒත් මේ තාරුණ්‍ය වටහාගන්න පුළුවන්, තාරුණ්‍යය ට පාර කියාදෙන්න සූදානම් වැඩිහිටි පරම්පරාවක් පොදුවෙ දකින්න ලැබෙන්නෙ නැහැ. මම හැමදාම දකින්නෙ තාරුණ්‍ය පාවිච්චි කරන, විවිධ යටි අරමුණු සඳහා යොදාගන්න වැඩි හිටි පරම්පරාවක්, ඒ නිසාම නොදැනීම විකිණෙන - විකුණන තාරුණ්‍යයක්. එහෙම බැලුවොත් තාරුණ්‍ය ගොදුරුකරගන්න වැඩිහිටි පරම්පරාවක්, හැමදාම. වැඩිහිටි පරම්පරාවට ගොදුරුවන තාරුණ්‍යයක්, හැමදාම.
තාරුණ්‍ය වැඩිහිටිවෙනවා, අලුත් තාරුණ්‍යයක් එනව, ආයෙත් අර ටිකම වෙනව.
මේ, නොනවතින ක්‍රියාවලියක්!
ඒත් කවදාවත් වැඩිහිටි වෙන්නෙ නැති තරුණ මුහුණු අනන්ත ප්‍රමාණයක් මේ දැනුත් මං වටේ පේනව පේනව වගෙ...
CHAPA