Monday, May 29, 2017

Let's kill him too!

වෙඩි තියලා මරන්න ඕනෙ!

පෙරහැරේ යන අලි ඇත්තුත් උස්සගෙන ගිහිං රාජ සන්තක කරන මහා ලොකු සත්ව හිතවාදී පාලකයො, නිලධාරියො, කෝ තොපි? බුදි ද?
මේ වෙඩි තියන එකා මොකෙක් වුණත්, ඌ උන්මත්තකයෙක්. අලි නිර්වින්දනය කරලා කළමනාකරණය කරන්න පහසුම ක්‍රම තියෙද්දි, දරු සොවින් තැවෙන අලි අම්මාට මෙහෙම වෙඩි තියන එකාට වෙඩි තියලා මරනවා හැර වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ.
CHAPA
2017 මැයි 30

Saturday, May 27, 2017

   මාධ්‍ය 'සමාජ'මෙහෙයුම්!


මහා වැසි, රට පුරා ජනී ජනයා පීඩාවට පත් කරද්දි, රාජ්‍ය මැදිහත්වීමට සමගාමිව, විවිධ මාධ්‍ය ආයතන දියත්කර තිබෙන සහන සේවා මෙහෙයුම් අප අගය කළ යුතුමයි!
එක පැත්තකින්, රාජ්‍ය යාන්ත්‍රණයෙ අපොහොසත් බව නිසා ඇතිවන හිඩැස් පිරවෙන්නෙත් මේ මාධ්‍ය මෙහෙයුම් නිසා.
එනම්, ජනප්‍රිය මාධ්‍ය ආයතන, තම ජනප්‍රියත්වය හරහා පොදු ජනයාගෙන් එකතු කර ගන්නා අනෙක විධ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විශේෂයෙන්ම පානිය ජලය, විපතට පත් වුවන් සොයා ගොස් බෙදා දෙන මාධ්‍ය ක්‍රියාන්විතය එක විදිහක නව සමාජ ප්‍රවණතාවක් ලෙස කියවා ගන්නත් පුළුවන්. මීට පෙර 'සුනාමි' ප්‍රමුඛ බලවත් ස්වභාවික ව්‍යසනයන් අතර තුර ත් මේ ''මාධ්‍ය සමාජ මැදිහත් වීම'' හොඳින් දැකගන්න පුළුවන් වුණා. අනෙක මාධ්‍ය මැදිහත්වීම නිසා, පවතින නියම තත්වය ලෝකයට නිරාවරණය වෙමින් අවශ්‍ය සහන කටයුතු විධිමත් වන ආකාරයත් අපි නිවැරදිව තක්සේරු කරන්න ඕනෙ.
මේ ක්‍රියාන්විත තුළ, මාධ්‍ය ආයතන අතර එක්තරා ආකාරයක තරඟකාරී තත්වයක් ඇති වී තිබෙනවා. ඒ ඒ ක්‍රියාකාරකම් හරහා ඒ ඒ මාධ්‍ය ආයතන වලට විශාල ප්‍රචාරණ වාසියකුත් ලැබෙනවා. ඒ නිසාම, ඇතැම් පුද්ගලයන් මේ ප්‍රවණතාව, යම් කුහක ආකාරයකට විග්‍රහ කරගන්න උත්සහ ගන්නා ආකාරයකුත් පේනවා. එය එසේ නොවිය යුතුයි. ඒ අතර, එවැනි කුහක විවේචකයන් කිසිදු ආකාරයකින් විපතට පත් වුවන්ට සහනයක් සැලසීමට උත්සහ නොගන්නා බවත් දැක ගන්න පුළුවන්.
තවද, මෙවැනි කටයුතු වලදි, අදාළ මාධ්‍ය ආයතන යම් යම් දුෂණ, වංචා සහ අක්‍රමිකතා සිදුකරනවා නං එය සොයා බැලීම වෙනම කටයුත්තක්. අනෙක් අතට, එවැනි තත්වයන් ඇති නොවන පරිදි, තම ක්‍රියාකාරකම් සඳහා වඩා පාරදෘශ්‍ය ක්‍රම යොදා ගැනීම, ඒ ඒ මාධ්‍ය ආයතනවල වගකීමක්. 
කොහොම ගත්තත්, ධනවාදය තුළ සොයාගත හැකි සහ සොයාගත යුතු මෙවැනි සමාජ හිතවාදී ප්‍රවණතා ධෛර්යමත් කිරීම පොදු සමාජ වගකීමක්.
ඒ වගේම, කිසිදු ප්‍රති ලාභයක් නැතුව, මේ වැඩ වලට සම්බන්ධ වන මාධ්‍ය ආයතන සාමාජික සාමාජිකාවන් අනිවාර්යයෙන්ම සමාජ ඇගයීමකට ලක් වෙන්න ඕනෙ. ( මගේ ) පුද්ගලික අත් දැකීම් අනුවත්, එවැනි අසාමාන්‍ය කැපවීම් කරන විශාල මිනිස් ජවයක් ඒ ඒ මාධ්‍ය ආයතන වටා සිටින බව නිශ්චිතයි. 
ඉතිං, මේ ස්වභාවික ව්‍යසන අතරින්, වෙනස් විදිහකට ලෝකය කියවා ගන්නත් අපි උත්සහ කරමු!
CHAPA 
2017 මැයි 28

උත්තමාචාරය!

අනෙකෙකුගෙ ජීවිතය බේරා ගැනීමට ගොස් තම ජීවිතය අහිමි කරගත් යාපාරත්න ගුවන් හමුදා සහෘදයාට සමාජ උත්තමාචාරය!
CHAPA
2017 මැයි 28

Mr. President Maithree!



මහා වැසි ඇද වැටී ලංකාවම යට වෙද්දි...

Friday, May 26, 2017

Indika Thotawaththa Vs. CHAPAbandra, on Sri tv, May 30, 2017

  මහා වැසි ඇද වැටී...

 
මහා වැසි ඇද වැටී, හදිසියේම සියල්ල වෙනස් වුණා!
ගංවතුර සහ නාය යෑම් නිසා රට වටේ තැන තැන මිනිස්සු මිය ගිහිං, තවත් අය අතුරුදන් වෙලා. දහස් ගණනක් අවතැන් වෙලා.
හැම අවුරුද්දෙම වගෙ මෙහෙම ස්වභාවික ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඉතිං අපට මොනවද කරන්න පුළුවන්?
ලෝකය පුරාම, නිරන්තරයෙන්, මේ වගෙ මාරාන්තික සිදුවීම් ඉතිහාස සටහන් තියනවා. මේ ස්වභාවික ව්‍යසනයන්ගෙන් ගැළවෙන්න හෝ හානිය අවම කරගන්න, මිනිස්සු හැටියට කරන්න පුළුවන් දේවල් එක පැත්තකින් සීමා සහිතයි. නොවිධිමත් සහ අවිධිමත් සංවර්ධන කටයුතු නිසා, ස්වාභාව ධර්මයට හානි කිරීමේ අනිසි ප්‍රතිඵලයක් විදිහටත් සමහර වෙලාවට මෙහෙම ව්‍යසනයන් තව තව අයහපත් අතට හැරෙනවා, එහෙම ව්‍යසනයන්ට හේතු නිර්මාණය කරනවා.
ඒ අතරෙම, අපි 'මිනිස්සු' වුණාට, හැම දේම දන්නවා සහ පුළුවන් කියලා හිතුවාට, එක මොහොතක ස්වභාව ධර්මය තුළ නිකම්ම නිකං තවත් එක සාධකයක් විතරයි කියන යථාර්ථය තේරුම් ගන්න හොඳම මොහොතක් තමයි මේ.
විද්‍යාව හා තාක්ෂණය සංවර්ධනය වූ නිසා, සමස්ත පෘථිවියම තම අණසකට යටත් කරගන්න හදන අපි, මිනිස්සු, අන්තිමට සියල්ල අහිමිව මිහිතලයෙන් අතුරුදන්වන බව ඉතිහාස පාඩම් කීයකින් අපට පැහැදිලි වෙනවා ද? අන්තිමට, මේ මිහිතලය පවා, කවදා ඇති වී කවදා නැති වීයනවා ද කියන එකත්, කවදාවත් අපට දන ගන්න ලැබෙන්නෙ නැහැ.ඉතිං අපි මොනවා ද දන්නෙ?
සංවර්ධනය කියන්නෙ මොකද්ද? ජීවිතය කියන්නෙ මොකද්ද?
අන්න! ඒ සංවාදය මේ මොහොතට අතිශය අදාළයි!
බුදු දහම විශ්ලේෂණය කරන, ලෝක විෂයට සම්බන්ධ, ධම්ම, කම්ම, චිත්ත, බීජ සහ ඍතු නියාම පිළිබඳ දැනුම හරහා නං මේ මොහොත පැහදිලිව කියවා ගන්න පුළුවන්...
මහා වැසි ඇද වැටී, ගංවතුරත් ඇවිත් බොහෝ දේ ගහගෙන යන අතරෙ, අපි ඉතුරු වුණොත් මේ ගැන හිතමු!
CHAPA
2017 මැයි 26  

Tuesday, May 23, 2017

INSIGHT Episode 27 - Kavinda Jayawardena

INSIGHT Episode 28 - Shehan Semasinghe

INSIGHT Episode 27 - Kavinda Jayawardena

දැන්වත් තේරුම් ගනිල්ලා!

එංගලන්තයෙ, මැන්චෙස්ටර් හි ප්‍රාසාංගික වේදිකාවක් අසළ පුපුරා යන බෝම්බයෙන්, මේ වනවිට විසිගණනක් මියගිහින්, පනස් ගණනකට තුවාල වෙලා. මේ ඛේදවාචකයට ඉලක්කව ගොදුරු වෙන්නෙ ළමයි!
මේ සිද්ධිය ගැන අපි මිනිස්සු හැටියට මුළු හිතින්ම කම්පාවෙන්න ඕනෙ, ඒ වගේම ත්‍රස්තවාදයට කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්න ඕනෙ.
ඒත්, ලංකාව, තිස් වසරක දරුණු ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් හඬා වැළපෙනකොට, තමන් සංවර්ධිතයි කියලා හිතාගෙන ඉන්න හුඟාක් රටවල්, ලංකාවෙ අපට විහිළු කෙරුවා, හිනා වෙවී, ත්‍රස්තවාදයට උදව් කෙරුවා. අපට සාමය ගැන පාඩම් උගන්වන්න හැදුවා. අපේ නොදියුණුකම ගැන පුදුම වුණා.
ඉතිං, මහත්වරුණි!
දැන්වත් උඹලා තේරුම් ගනිල්ලා, මේ යන ක්‍රමයට මොකෙකුටවත් පවතින්න බැරි බව! අර ඇමරිකානු නායකයා, ට්‍රම්ප් මැද පෙරදිග කෑල්ලක් balance කරගෙන game එක play කරන්න හැදුවට වැඩක් වෙන්නෙ නැති බවත් මතක තියා ගනිල්ලා!
CHAPA
2017 මැයි 23


SAITM විරෝධය! Fort, March 8, 2017 ( X )

IMF, WB ආර්ථිකය ඝාතකයන් සමඟ...

IMF, WB ආර්ථිකය ඝාතකයන් සමඟ ලංකාවට යන්න ගමනක් නැහැ! මෙහෙම ගියොත් දවසක රටට වෙන්න පුළුවන් විනාශය කෙනෙකුට හිතාගන්න බැරි වෙයි,...
ඒත් ''ඒ ඛේදවාචකය'' දැකගන්න මේ මොහොතේ ජීවත්වන ලොකු කුඩා අපි කවුරුවත්, ඒ මොහොත වෙනකොට, මේ මිහිපිට - මේ ස්වරූපයෙන් නං නැති වෙයි, ඉතිං අපි ඔන්න ඔහේ fun එකේ ඉම්මු, නේද?
CHAPA
2017 මැයි 23

Monday, May 22, 2017

මංගල - රවී, රවී - මංගල...

SO WHAT?

මුදල් ඇමතිකම සහ විදේශ ඇමතිකම, රවී කරුණානායක සහ මංගල සමරවීර අතර හුවමාරු කෙරෙන විදිහ නිකං සුළු සිද්ධියක් නෙවෙයි!
ලංකා රාජ්‍යය බෙලහීන කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම් සහ රටේ ආර්ථිකයෙ ඊනියා ප්‍රතිසංස්කරණ සිදුකෙරෙමින් තියෙන සුක්‍ෂම ක්‍රියාවලියට, මේ ඇමතිධුර ඉතාමත්ම අදාළයි. මේ පුද්ගලයන් දෙන්නත් අතිශය අදාළයි.
එක්සත් ජාතීන්, යුරෝපා හවුල, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, දෙමළ ඩයස්පෝරාව සහ ඊට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින ''දේශපාලන කුමන්ත්‍රණයෙ'' තවත් එක තීරණාත්මක පියවරක් මේ!
ඒ අනුව, මේ දෙදෙනා එක්ව, ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍ය ඉතිරි වැඩකොටස ඉතා සාර්ථකව සම්පුර්ණ කරනු ඇත!
CHAPA
2017 මැයි 22


Sunday, May 21, 2017

   තවත් එක කතාවක්...

  මොන මගුලක් අහනවද!? ඒ අපේ දරුවෙක් යැ!



ඔහු බලාපොරොත්තු සහගත තරුණයෙක්!
ටික කලකට පෙර, ඔහු, එක්තරා ආයතනයක් වෙනුවෙන් මා ඉස්සරහා සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියා. ඔහුට එතකොට වයස 22 ක්. දකුණු පළාතෙ ඈත නගරයකින් ඔහු එදා කොළඹ ඇවිත් හිටියා.
'' දිගටම ඉගෙන ගන්න...හැම දෙයක්ම සැලසුම් කරගන්න...කොළඹ දි ලැබෙන නිදහසෙන් ජීවිතය නාස්ති කරගන්න නං එපා!''
මම එදා ඔහුට කිව්වා. ඔහුට ඒ රැකියාවත් ලැබුණා.
ඊට පස්සෙ එක කාලයක්, යම් යම් හේතු මත, ඒ ආයතනයත් එක්ක මගෙ සම්බන්ධය නැතුව තිබුණා. ඒ අතරෙ පහු ගිය දවසක දි මම ඔහුව දැක්කා. ඒ එක මළ ගෙදරකදි.
එදා ඔහු, ඔහුට වඩා දෙතුන් ගුණයක් වයසින් වැඩි දෙන්නෙක් සහ ටිකක් වැඩිමල් සගයෙක් එක්ක හොඳටම මත් පැන් පානය කරමින් ''මළ ගෙවල්වල දේශපාලනය'' කතා කරමින් විනෝදවෙන හැටි දැක්කා.
 '' දිගටම ඉගෙන ගන්න...හැම දෙයක්ම සැලසුම් කරගන්න...කොළඹ දි ලැබෙන නිදහසෙන් ජීවිතය නාස්ති කරගන්න නං එපා!''
මට ඒ උස් හඬවල් අතරින් ඒ මොහොතෙ අර මගේම වචන මතක් වුණා.
මම දිගට දිගට කල්පනා කරලා පස්සෙ දවසක අර තරුණයාට අතීතය මතක් කරමින් යන පාර වැරදි බව කියන්න උත්සහ කෙරුවත් ඔහු බිම බලාගෙන ඔහේ හිටියා. ඔහුගෙ ඉරියව් පෙන්නුම් කෙරුවෙ නං ''ඔය විකාර කතාවලින් මට වැඩක් නැහැ හලෝ!'' වගෙ හැඟීමක්. එතකොට වැඩේ දුරදිග ගිහිං. ඒ බේබදු කණ්ඩායමේ හිටපු එක පුද්ගලයෙක් ඒ ආයතනයෙ ප්‍රධානියෙක්. ඔහු තමයි මේ කතා නායක තරුණයා බීමට පොළඹවන්නෙ කියලත් ඒ අතරෙ දන ගන්න ලැබුණා. අනිත් අයත් එකම ආයතනයෙ. ඉතිං ඒ ප්‍රධානියා එක්කත් මේ ගැන කතා කරන්න හැදුවත්, ඔහුගෙ නිහඬ ප්‍රතිචාරය නිසා වැඩේ එච්චර සාර්ථක වුණේ නැහැ.
ඒ ප්‍රධානියාගෙ බිරිඳත් වැඩ කරන්නෙ ඒ ආයතනයට. ඇයත් මේ ගැන දැනුවත්.
''ඔයා වෙලාවක මහත්තයාට හෙමින් කියන්න අර චන්දිමාල් ( බොරු නමක්!) වගෙ අයත් එක්ක බොන්න එපා කියලා...අනෙක ආයතන ප්‍රධානින් තමන් යටතෙ වැඩකරන අයත් එක්ක බොන එක ලොකු ප්‍රශ්නයක්...ඊටත් වඩා චන්දිමාල් වගෙ අයට ඔයාලා හරි පාර කියා දෙන්න ඕනෙ, එයාලා ජීවිතය පටන් ගත්තා විතරයි, ඇයි මෙහෙම කරන්නෙ? බලන්න මිනිහගෙ හැටි..හොඳටම නාස්ති වෙලා''
දවසක් මම ඇයට කිව්වා.
''නැහැ ඉතිං..එයාලා බිව්වට...එහෙම වැරදි වැඩ කරන්නෙ නැහැ...දන්නැද්ද ඉතිං...''
ඇය තිර හඬකින් කියන්න පටන් ගත්තා.
''ඔයාලට ත් දරුවො ඉන්නවනෙ?''
''ඔව්!''
''දුවලා දෙන්නෙක්...ලොකු එක්කෙනාට දැන් 19 ක්''
ඇයගෙ හඬ ආඩම්බරයි.
''එයා දවසක විවාහ වෙන්න යන තරුණයා බේබද්දෙක් වුණාට කමක් නැද්ද?''
''අපෝ බෑ! එහෙම කොහොමද?!''
ඇයගෙ මුහුණට නොරිස්සුම් ගතියකුත් ආවා.
''එතකොට ඒ දුවගෙ තාත්තා මේ චන්දිමාල්ව බීමට පොළඹවන්නෙ ඇයි!''
මගෙ ප්‍රශ්නයට ඇය පිළිතුරක් දුන්නෙ නැහැ.
''මොන මගුලක් අහනවද!? ඒ අපේ දරුවෙක් යැ!''
ඇයගෙ මුහුණෙ ලියැවිලා තියෙන්නෙ නං අන්න එහෙම කතාවක්.
CHAPA
May 22, 2017
    

අපි මොක්කුද?

අපි, වැඩි හිටියො ඔක්කොම එකතුවෙලා මේ වෙඩි තිව්වෙ රටේ අනාගතයට! මේ අවසන් ගමන් යන්නෙ රටේ අනාගත බලාපොරොත්තු! අනාගත ප්‍රර්ථනා!
සමාධි! පුංචි ළමයො! අපි කාටවත් සමාව දෙන්න නං එපා!
CHAPA
May 21, 2017

Friday, May 19, 2017

අනේ ළමයො! අපි, වැඩිහිටියො ඔක්කොම එකතුවෙලා උඹට වෙඩි තියලා මරා දැම්මා!
ඉතිං ළමයො! අපිට කවදාවත් සමාව නං දෙන්න එපා!
CHAPA
May 19, 2017

Wednesday, May 17, 2017

                                                ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කවුද?

Monday, May 15, 2017

What Sakya? Ada Derana, May 11, 2017

Are Sri Lankas ports the next Great Game for China India and Japan?

   අතුරු කතාවක්...


ඊයෙ, ඒ කියන්නෙ 2017 මැයි 14, තංගල්ලෙ තිබුණු SAITM විරෝධි රැළියට යන්න, වෙනදාට වෙනස් ප්‍රවාහන පහසුකමක් හොයාගන්න හදිසියෙ මට සිද්ධ වුණා. මම Dr. පාදෙණියට කතා කෙරුවා  GMOA කවුරු හරි කොළඹින් යනවද කියලා බලන්න, ඒ එක්ක යන්න. ඔහු, තවත් වෛද්‍යවරයෙකුට, ඒ වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයෙකුට කතා කරලා අන්තිමට කෙටි වෙලාවකින් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
''මම තරංග කියලා කෙනෙක්, ඔබ තුමාගෙ fb friend කෙනෙක්...කරාපිටිය hospital එකේ Dr. බණ්ඩාරගෙ මල්ලි...''
දුරකථන ඇමතුමක්.
නියමිත වෙලාවට මා කැටුව යන්න සුදු පැහැති කාරයක පැමිණි ප්‍රියමනාප පුද්ගලයෙක්.
අපි ඉතිං යන්න පිටත් වුණා.
ඒ වාහනය තුළ ඔහුගෙ බිරිඳගේ මවත් හිටපු නිසා මම හිතුවා ඔහු මම නිසා තමන්ගෙ ගමන් සැලැස්ම හදිසියෙ වෙනස් කරන්න ඇති කියලා, ඇත්තටම මට එක විදිහක වරදකාරී හැඟීමක් ඇති වුණා.
''අයියෝ...මම හරිම කැමැත්තකින් මේ වැඩේ කරන්නෙ...අයියා මට call කරපු ගමන් මම ටක් ගාලා කැමති වුණා...මම මේ කල්පනා කෙරුවෙ මම ටිකක් පරක්කු වුණා ද කියලා...මම කොහොම හරි වෙලාවට එතනට එක්ක යන්නං...''
ඔහු වාහනයෙ වේගය වැඩි කරන ගමන් කිව්වා.
තරංග වෘත්තීය ඉංජිනේරුවෙක්. ඔහු, ඉතාමත්ම මානුෂික ගති පැවතුම් තියෙන පුද්ගලයෙක් කියල, මම ඒ මුල් හමුවීමෙන්ම තේරුම් ගත්තා. ඔහු තම බිරිඳ සහ ඇයගෙ මව සමඟ ගමනක් ගොස් මහරගම ප්‍රදේශයේ පිහිටි තමන්ගෙ ගෙදර එන අතරෙ තමයි ඔහුගෙ අර වෛද්‍ය සහෝදරයා මේ කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන්නෙ. ඔහුගෙ බිරිඳ තංගල්ලෙ. ඔහු ඊට කලින් දවසෙ නිදි වර්ජිත දිගු රිය පැදවීමකින් තෙහෙට්ටුවට පත්වෙලා හිටපු නිසා, තම ගමට යෑමට සුදානමින් හිටපු බිරිඳගේ මව, බස් රියක නංවා තංගලු යවා, බිරිඳ සමග නිවසට යන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ.
මාව තංගල්ලට ගෙනියන්න ඕන නිසා, ඔහු තම ගමන් සැලැස්ම ක්‍ෂණිකව වෙනස් කරලා, තම බිරිඳ බස් රියක නංවා නිවසට යවා, ඒ නැන්දනිය සමඟ මා කැටුව යෑමට පැමිණෙනවා.
කෙනෙකුට මේ සිද්ධිය නිකම්ම නිකං සිද්ධියක් වගෙ පේන්න පුළුවං, ඕක මහා වැඩක් යැ! කියලා කියන්නත් පුළුවං.
ඔව්! මහා වැඩක් තමයි! පොදු වැඩක් වෙනුවෙන්, අනුන් වෙනුවෙන්, තම පුද්ගලිකත්වය මොහොතකටවත් කැප කරන්න පොදු සමාජය සුදානම් නැහැ. අප ජීවත් වන මේ ආත්මාර්ථකාමී සමාජය තුළ මෙහෙම සිද්ධි මට නං මාර විදිහට දැනෙනවා.
ඔහු ඉතිං කියපු විදිහටම අවශ්‍ය වෙලාවට මාව එතැනට අරගෙන ගියා, රෑ ආපහු ගෙදර ළඟටම එක්කගෙනත් ආවා. ඒ විතරක් නෙවෙයි, ඒ රැළියට ගිය ශ්‍රී ජයවර්ධනපුරවිශ්ව විද්‍යාලයෙ හාමුදුරුවරු දෙනමකුත් කොළඹ අරගෙන ඇවිත්, අදාළ තැනටම අරගෙන ගියා. ඔහු ඒ හැම දෙයක්ම කෙරුවෙ පුදුම සතුටකින්.
ඔව්! තරංග, ඔබ ඒ කරපු වැඩේ නං ''මාර වැඩක්!'' තමයි.
ඉන්න! කතාව තවම ඉවර නැහැ...
අපි ආපහු එන අතරෙ, තංගල්ල කිට්ටුවම වගෙ, පිළිවෙළකට කඩය තියාගෙන වෙළඳාම් කරන්න ලොකු උත්සහයක් ගන්නවා වගෙ පෙනුන පුංචි ආප්ප කඩයකට ගොඩ වුණා. ඒ ''ආප්ප හදන මුදලාලි'' කිව්වා, ඔබ තුමා අපි වෙනුවෙන් කතා කරන වැඩ සටහන් මම අනිවාර්යයෙන්ම බලනවා! කියලා.
''අපි වෙනුවෙන්!''
ඒ ප්‍රතිචාරය ගැන මට එක විදිහක පුදුමයකුත් ඇති වුණා. එහෙම නං මේ ක්‍රියාකාරකම් වලින් යම් සමාජ කම්පනයක් ඇති වෙනවා! මට හිතෙන්න පටන් ගත්තා. ඔහුගෙ කුඩා දඟකාර දියණියත් ඒ විනාඩි කීපයට අපිත් එක්ක යාළු වුණා. මම අහපු ප්‍රශ්නවලට එයා කිසිම පැකිළිමක් නැතුව උතර දුන්නා.
''ඔයා ලොකු වෙලා කව්රු වෙන්නද ආසා?''
''ඩොක්ටර් කෙනෙක්..''
මම සහ පුංචි ළමයි අතර ඔය වගෙ දෙබස් ඉතාම සාමාන්‍යයයි. ඒත්, මම ඒ වෙලාවෙ එයාගෙන් එහෙම ඇහුවෙත් නැහැ, ඉතිං එයා එහෙම කිව්වෙත් නැහැ.
 ''ප්‍රශ්නය තමයි...SAITM කියන්නෙ තීරණාත්මක සාධකයක්, එය ආයතනයක් නෙවෙයි. SAITM ආයතනයට ඉඩ ලැබුණොත්...මෙන්න මේ ගොවියාගෙ පුතාට කවදාවත් වෛද්‍යවරයෙක් වෙන්න බෑ!''
ඔන්න! තංගල්ලෙ වේදිකාවෙ මගේ හඬ මටම ඇහෙන්න පටන් ගන්නවා!
එතකොටම අර ආප්ප දාන තාත්තාගෙ අහිංසක මුහුණයි, දඟකාර පුංචි ගැහැනු ළමයාගෙ බලාපොරොත්තු සහගත ඇස් දෙකයි එකවර මට එල්ල වෙනවා දැනෙන්න ගන්නවා.
තරංග! ඔබත් ඒ මොහොතෙ එතැන හිටියා නේද?
CHAPA
2017 මැයි 15
  
    

නිදහස් by CHAPAbandara: මෙන්න, 2015 ජනවාරි 8 සහ එතැන් සිට සිද්ධ වෙමින් පවත...

නිදහස් by CHAPAbandara: මෙන්න, 2015 ජනවාරි 8 සහ එතැන් සිට සිද්ධ වෙමින් පවත...: මෙන්න, 2015 ජනවාරි 8 සහ එතැන් සිට සිද්ධ වෙමින් පවතින දේ! CHAPA 2017 මැයි 15
මෙන්න, 2015 ජනවාරි 8 සහ එතැන් සිට සිද්ධ වෙමින් පවතින දේ!
CHAPA
2017 මැයි 15

Monday, May 8, 2017

   විදේශ ගත ශ්‍රමිකයන් වෙනුවෙන් අපට මොකුත්ම කරන්න බැහැ?!


විදේශ ගත ශ්‍රමිකයන් තමයි මේ රටේ ප්‍රධානම විදේශ විනිම පංගුව උපයන්නෙ!
ඒත් ඔවුන් වෙනුවෙන් මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයයෙ ප්‍රබල සහ සාධනීය මැදිහත්වීමක් නැහැ. මේ නිසාම ඔවුන්ට සිද්ධවෙන අසාධාරණකම්, අකටයුතුකම්සහ ඇතැම් විට අමානුෂික වධ හිංසා එන්න එන්නම වැඩි වෙනවා. 
දැන් ඒවා නිකං සාමාන්‍ය තත්වයන් බවට පත් වෙලා.
අපට යම් ජනමාධ්‍යයක් තියෙනවා නං, විශේෂයෙන්ම රුපවාහිනී නාලිකාවක්, මේ තත්වය වෙනස් කරන්න අවශ්‍ය ප්‍රබල මැදිහත්වීමක් කරන්න පුළුවන්, ඒත් කෝ එහෙම අවස්ථාවක්?!
පහුගිය කාලය තුළ Colombo tv ඔස්සේ විකාශය වූ 'සේයා' සජීව වැඩසටහන තුළින් අපට එවැනි යම් ප්‍රබල මැදිහත්වීමක් කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක දිගට ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාවක් ඒ හරහා මතු වුණා. මම ඒ වැඩසටහන් වලට ගියේ අතින් වියදම් කරගෙන. ඒත් මොකක් හරි හේතුවක් මත, හදිසියේම ඒ මාධ්‍ය ආයතනය ඒ වැඩේ අත හැරියා.
මේ සටහන තියන්න හේතුව, ඒ වැඩසටහන ඔස්සේ මා දැන හඳුණා ගත් විදේශ ගත යම් යම් සහෘදයන් තවමත් ඔවුන්ගෙ ප්‍රශ්න සහ කරදර ගැන මට තොරතුරු එවීම. එවැන්නන් ඉඳ හිට මට දුරකථනයෙන් කතා කරමින් පවා තම තමන්ගෙ කරදර ගැන කියනවා. 
ඉතිං කෝ ඒවා ගැන කතා කරන්න ජන මාධ්‍යයක්? කාටද දැන් මේ දේවල් ඕනෙ? මාර ප්‍රශ්නයක්!
මම දිගටම කල්පනා කරනවා...
ඒ අතරම, එහෙම කරදර වලට මුහුණ දෙන අය වෙනුවෙන් මොකුත්ම කරන්න බැරුව ඉන්න එක ගැන සමාවෙන්න!
CHAPA 
2017 මැයි 9
 

නිදහස් by CHAPAbandara: නොසිතමි පවතිමි! ද? ඥාණසාර හාමුදුරුවෝ රිමාන්ඩ් භාර...

නිදහස් by CHAPAbandara: නොසිතමි පවතිමි! ද? ඥාණසාර හාමුදුරුවෝ රිමාන්ඩ් භාර...: නොසිතමි පවතිමි! ද?   ඥාණසාර හාමුදුරුවෝ රිමාන්ඩ් භාරයට පත් වෙනවත් එක්කම ජාතිවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡාව තවත් තීව්‍ර වෙනව.  හෝමාගම උසාව...

World Bank in Sri Lanka...

 


No! Never!

නිදහස් by CHAPAbandara: අය - වැය 2017 අන්තිම භයානකයි! 1977 න් පස්සෙ පියව...

නිදහස් by CHAPAbandara: අය - වැය 2017 අන්තිම භයානකයි!

1977 න් පස්සෙ පියව...
: අය - වැය 2017 අන්තිම භයානකයි! 1977 න් පස්සෙ පියවරෙන් පියවර ඉදිරියට එන WB - IMF ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ මේ අය - වැය යෝජනා සමග එක්තරා තී...

නිදහස් by CHAPAbandara: 2017 වෙසක් හඳ පායන අතර...1970 දශකය වෙනකොට, ප්‍රජා...

නිදහස් by CHAPAbandara: 2017 වෙසක් හඳ පායන අතර...
1970 දශකය වෙනකොට, ප්‍රජා...
: 2017 වෙසක් හඳ පායන අතර... 1970 දශකය වෙනකොට, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය මුහුකරමින් යළි ගොඩනැගෙන 'ශ්‍රී ලංකාව' යම් යම් අඩු පාඩු...

Saturday, May 6, 2017

බලාපල්ලා!

මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව පෝෂණය කරමින් ආරක්ෂා කරගන්න ඕනෙ, අපිත් අයිති - මෙන්න මේ අපේ පොදු ජනයා වෙනුවෙන්! උන් ( අපි!)තමයි අන්තිම සතේට බදු ගෙවන්නෙත්, උන්ගෙ ( අපේ!) ඡන්දයත් කොල්ල කනවා! මේ යථාර්ථයට පිටින් 'තමන්ගෙ පවුල ගොඩ!'' කියලා හිතාගෙන, මේ පොදු ජනයාට ( අපට! ) කෙළවන්න හදන එවුන් මොක්කුද?
ඇති හැකි සුළුතරයට ජීවිතය - නැති බැරි බහුතරයට මරණය! ඒකද තොපි (?) මේ කරන්න හදන්නෙ?
CHAPA
2017 මැයි 6

   SAITM එකේ fun එකට එල්ලිලා...


SAITM එකේ fun එකට එල්ලිලා, පිස්සු කෙළින එක නවත්තලා, එක එකාට කඩේ යෑමත් නවත්තලා, අනාගත සමාජය වෙනුවෙන්, මේ මහා රාජ්‍ය - ජනතා සෞඛ්‍ය සේවාව පෝෂණය කරමින් රැක බලා ගන්න ඉස්සරහට වරෙල්ලා!
නිදහස් අධ්‍යාපන සහ ඊටම බැඳුණු සෞඛ්‍ය සේවාව නොතිබුණා නං, අපි - උඹලා අද මෙහෙම ජීවත් වෙන්නෙ නැහැ!
තවම අපි පරක්කු නැහැ!
තනි තනිව හරි සංවිධානය වෙලා හරි කරන්න පුළුවන් දෙයක් කරපල්ලා! ඒ මොකුත්ම බැරි නං නොදන්නා දේවල් ගැන විකාර කතා නොකියා සද්ද නැතුව බුදිය ගනිල්ලා!
CHAPA
2017 මැයි 6

Friday, May 5, 2017

CHAPA with Medical Students against SAITM, Ganemulla, April 4, 2017

SAITM විරෝධය! Fort, March 8, 2017 ( X )

CHAPA against SAITM in Kandy!

Against SAITM! CHAPA on Face to Face, Sri tv, Feb 14, 2017, Part 1

                                         ලෝක උරුමය?!



ශ්‍රී ලංකාවෙ වෙසක්, ලෝක නිවාඩු දිනයක් කියන එක ඇත්තක් නෙවෙයි, එහෙම පිළිගන්න රටවල් තියෙනවා වුණත් ඒ ලෝකයෙ හැම රටක්ම නෙවෙයි. මේ ''ලෝක වෙසක් නිවාඩු කතාව'' පවතින ඇත්ත තත්වය විකෘති කිරීමක්.
2017 එක්සත් ජාතීන්ගෙ වෙසක් උත්සවය! කියන එක ඊට වඩා භයානක සහ අනතුරු දායක මතුකර ගැනීමක්. එක්සත් ජාතීන් නමින්, එක කඳවුරක් කරමින් ඉන්නෙ, ලෝකයෙ අනෙක් විවිධ රටවල සම්පත් කොල්ල කන්න සහ තම තමන්ගෙ වෙළෙඳ පොළ සීමාවන් පුළුල් කර ගන්න අවශ්‍ය ඉතා සුක්‍ෂම දේශපාලන මෙහෙයුමක් දියත් කරමින් ඉන්න එක.
ඒ අනුව මිලිටරි මැදිහත්වීම් සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ජාලයක් මේ මොහොතේ ත්, ලංකාවෙ මෙන්ම ලොව පුරා ත් ක්‍රියාත්මකයි. තම ගොදුරු බිම් බවට පත් කරගන්න ඉලක්ක කරන රටවල රාජ්‍ය, ව්‍යූහාත්මකව වෙනස් කරමින් දුර්වල කිරීම සහ ඒ ඒ රටවල සංස්කෘතික තත්වයන් දියකර දැමීම ත් ඊට ඇතුළත්.
ඒ ඒ රටවල රාජ්‍ය ශක්තියට බලපාන අනන්‍ය සංස්කෘතික ලක්ෂණ විනාශ කිරීම එහි අත්‍යවශ්‍ය අංගයක්.
අදාළ රටවල අනන්‍ය දේ, අදාළ රටෙන් ගලවලා, ලෝක උරුම බවට පත් කිරීම තමයි එහි සුක්‍ෂම විදිහ. ශ්‍රී ලංකාවෙ සමහර පුරා විද්‍යාත්මක බිම්, ලෝක උරුම බවට පත් කිරීමත් අන්න ඒ වගෙ වැඩක්.
එක්සත් ජාතීන් ගෙ වෙසක් සැමරීම ගැන වෙන විදිහකට හිතන්න ඉතිං කෝ? අපේ මිනිස්සුන්ට ලෝක දේශපාලනය ගැන බරපතළ කියවීමක්? මුළු ලෝකයම අපේ බෞද්ධකමට සළකනවා කියලා අපේ කට්ටිය මාර fun එකේ ඉන්නෙ. අනිත් අතට මේ කියන ඊනියා වෙසක් සැමරීමට වියදම් කරන මහා ධනස් කන්ධය අනේ! ඉතිං අපි, මේ රටේ මිනිස්සු දරන්න ඕනෙ.
කාටද ඉතිං මේ සියතින් බෙල්ල මිරිකා ගැනීම දැනෙන්නෙ?
CHAPA
2017 මැයි 5

Thursday, May 4, 2017

නිදහස් by CHAPAbandara: එහෙම ද ?''ම්...ඇයි නිකං කඩා වැටිලා ඉන්නෙ?'' මම ඔ...

නිදහස් by CHAPAbandara: එහෙම ද ?
''ම්...ඇයි නිකං කඩා වැටිලා ඉන්නෙ?''
මම ඔ...
: එහෙම ද ? ''ම්...ඇයි නිකං කඩා වැටිලා ඉන්නෙ?'' මම ඔහු ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ''එහෙම වෙන්න බැහැ! ඔබ වෘත්තික...

එහෙම ද ?


''ම්...ඇයි නිකං කඩා වැටිලා ඉන්නෙ?''
මම ඔහු ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
''එහෙම වෙන්න බැහැ! ඔබ වෘත්තිකයෙක්...දැන් මැද වයසට ළඟ කෙනෙක්, ජීවිතය කෙළින් කර ගන්න, මම ඔබට උදව් කරනවා!''
ඔහු නිහඬව මට කන් දීගෙන ඉන්නවා. අහිංසක පුංචි සිනහවකුත් ඒ මුහුණෙ සටහන් වෙනවා. මම, මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකයෙක් සහ ක්‍රියාකාරිකයෙක් විදිහට වැඩ කරපු එක ආයතනයකදි තමයි මට මේ  අත්දැකීම ලැබෙන්නෙ.
ඔහු උපාධිධාරියෙක් සහ විශේෂ වෘත්තිකයෙක්.
''එහෙම නං අපි පටන් ගම්මු...මේ දැන්, මේ මොහොතේ පටන්...ලෑස්ති ද?''
හදිසි සම්මුඛ පරීක්ෂණයකදී මෙසේ මට අභිමුඛ වන ඔහු, හිස සලමින් එකඟතාව පළ කරනවා.මධ්‍යම පළාතෙන් පැමිණ සිටි ඔහු, පෙනුමෙන් හොඳටම අබලන් වෙලා හිටියෙ. අපිළිවෙළ කොණ්ඩය සහ නොසැලකිල්ලෙන් කපා දමා තිබු රැවුල නිසා මුහුණෙ ඇඳිලා තිබුණෙ ප්‍රසන්න පෙනුමක් නෙවෙයි. ඒ මදිවා ට නිතර බුලත් විට හැපීමෙන් කහට පාට වී තිබුණු දත් දෙපළ ඔහුට එක විදිහක විකාර පෙනුමකුත් එකතු කරලා. මේ ප්‍රමාණයට අධ්‍යාපන සුදුසුකම් ලැබූ කෙනෙක් මෙහෙම වෙන්නෙ ඇයි?
අදටත් අමාරු ප්‍රශ්නයක්.
''හෙට ඉඳලම ඔබ වැඩ පටන් ගන්නවා, හැබැයි මේ දැන් ඉඳලම බුලත් කෑම නවත්තන්න ඕනෙ, කැමති ද?''
''කැමතියි!''
''එහෙම නං මේ දැන්ම dentist කෙනෙක් ළඟට ගිහිං ඔය දත් සුද්ද කරගන්න, කොණ්ඩය ලස්සනට කපා ගන්න...රැවුලත් හරියට කපා ගන්න...අද ඉඳලා අපි අළුත් ජීවිතයක් පටන් ගන්නවා...''
''ඔව්! මම එහෙම කරනවා!''
ඔහුගෙ කෘතවේදී බැල්මපිටිපස්සෙ අන්න ඒවගෙ අධිෂ්ඨානයකුත් තිබුණා.
ඉතිං අපි වැඩ පටන් ගත්තා. අදාළ වෘත්තියේ සුදුසුකම් ලබා තිබුණා වුණත්, ඊට අදාළ රාජකාරි කටයුතුවලදි ඔහු ඉතාම පසුගාමී තැනක ඉන්න බව තේරුම් යන්න පටන් ගත්තා. හීනි කම්මැලිකමකුත් ඒ අස්සෙ තිබුණා. ආයතනයක් හැටියට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ඔහුට වැටුප් ගෙවන එක. ඒක සමාජ ආයෝජනයක් විදිහට ගන්න පුළුවන් වුණත් ආයතනය පැත්තෙන් ප්‍රයෝගික ප්‍රශ්න ඇති කරන වෙනස් තත්වයක්.
'ඔයා හරි, අපි මෙයාව මනුස්සයෙක් කරමු, ඒක වැඩක්...''
අදාළ ආයතනයෙ සභාපතිවරයා ඒ අතර මාව ධෛර්යමත් කෙරුවා. ඔව්! දැන් නං වැඩේ අත අරින්න බැහැ. ඒ වනවිට අදාළ ආයතනය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගෙමින් තිබුණු සංවාද වැඩ බිමේ දි ඉතිං ඔහු ගොඩ නැගෙන්නම ඕනෙ!
''ජීවිතය විඳින්න ට...'' තේමාව කරගත්, එවර ඔහුම ඉලක්ක කරගත් විශේෂ වැඩසටහන් මාලාවක් ඉතිං ඔහුටත් නොදැනෙන්න දියත් කෙරුණා. කාලයත් හෙමින් හොරෙන් ගෙවිලා ගියා. සති කීපයක් යනකොට ඔහු ඉක්මනට වෙනස් වෙන්න ගත්තා.
දැන් ඔහු පිළිවෙළකට අඳිනවා, කොණ්ඩය රැවුළ පිළිවෙළකට නඩත්තු කරනවා. කහට මැකී මතු වූ දත් දෙපළ නිසා මුහුණට අළුත් කාන්තියක් ඇවිත්. රාජකාරි කටයුතුත් එන්න එන්න කාර්යක්ෂම වෙනවා.
කෝ දැන් අර අවතැන් වුණු මනුස්සයා?!
මාර වැඩේ!
අපි අපි කතා වුණා,    
දවසක් හදිසියේම ඔහු මාව හොයාගෙන ආවා.
''මම මේ ආවෙ වැදගත් දෙයක් කතා කරන්න...''
ඔහු කෙළින්ම කතාව පටන් ගත්තා. අර මුලින් තිබුණු කෝඩුකාර ගතිය අහලකවත් නැහැ. ඒත් වෙනදා නොතිබුණු අමුතු ගතියක් ඒ මුහුණෙ සහ හැසිරීමෙ තිබුණා.
''මම ආපු දවසෙ ඉඳලා බැලුවා මගෙ වැටුප මදි...අනෙක මම වගෙ qualified කෙනෙකුට demand එකක් තියෙනවා...''
මොකක්?
මම එහෙම ඇහුවෙ නැතුව ඇති. ඒත් ඊට සමාන ප්‍රශ්නයක් මගෙ මුහුණෙන් මතුවෙන්න ඇති.
''ඇයි මේ හදිසියේම?''
මම එහෙම නං ඇත්තටම ඇහුවා.
''හදිසියෙ නෙවෙයි...මම මුල ඉඳලම ඒ ගැන හිතමින් හිටියෙ...''
''එහෙම ද?''
''වෙන කම්පැනි එකකට ගියා නං මීට වඩා ලොකු සැලරි එකක්...නිල වාහනයක්...තවත් විශේෂ වරප්‍රසාද ලබා ගන්න පුළුවන්...''
''එහෙම ද?''
අහන්න කිසිම වෙනස් ප්‍රශ්නයක් ඔළුවට එන්නෙම නැහැ.
''මට හෙට නිවාඩුවක් ඕනෙ...මම මේ එක කියන්නත් එක්ක ආවෙ...හෙට මට වෙන company ඒකක interview එකක් තියෙනවා''
''එහෙම ද?''
වෙන ප්‍රශ්නයක් ඔළුවට එන්නෙම නැහැ.
මාර වැඩේ?
ඒ වුණා ට ටික දවසකට පස්සෙ අස්වීමේ ලිපියක් භාර දීලා ඔහු ගියා, කොහේ ගියා ද කියලා නං දන්නෙ නැහැ!
CHAPA
2017 අප්‍රේල් 5


 

INSIGHT Episode 25 - Chandima Weerakkody

Tuesday, May 2, 2017

     ශ්‍රී tv අධිපති තුෂාර කුරේරා ට ලියමි...

   ශ්‍රී tv, ඉන්දික තොටවත්ත ලා මිල දී ගත්තා ද? 


ඊයේ, එනම් 2017 මැයි 2 රාත්‍රියේ, ඔබ අධිපතිත්වය දරන ශ්‍රී tv ආයතනය මෙහෙයවන face to face සජීව වැඩසටහනට, ඉන්දික තොටවත්ත ට එදිරිව සහභාගී වුණු මම, මේ සටහන් කිරීමට සුදානම් වන්නේ ඉතාමත්ම බරපතළ සිද්ධියක් සම්බන්ධව යි.
අදාළ සිද්ධිය සැකවින් මෙසේය;
පසුගිය සතියේ අඟහරුවාදා හෝ ඊට අසන්න දවසක, උදේ ඔබ ආයතනය වෙනුවෙන් වැඩ කරන සුපුන් නම් වූ පුද්ගලයෙක් මට දුරකථනයෙන්  කතා කරමින්, එදින රාත්‍රී සජීව වැඩසටහනකට පැමිණිය හැකිදැයි විමසුවේය. හැකි සෑම මොහොතකම, ඕනෑම සංවාද අවස්ථාවක් ලබා ගැනීමට සුදානමින් සිටින මම ඊට කැමති වීමි. අදාළ වැඩසටහනට තවත් කිසිවෙක් පැමිණෙන්නේ දැයි මම පෙරළා විමසු අතර, ඉන්දික තොටවත්ත ද ඒ සඳහා පැමිණෙන බව එවිට ඔහු කියාසිටියේය. මම එක හෙළා ඊට කැමති වූ අතර, වැඩසටහන මෙහෙයවන කෙනා පිළිබඳ තීරණයක් ගත් පසු, වැඩසටහනට මගේ පැමිණීම confirm කරන බව හෙතෙම පැහැදිලි කළේය.
'' මම එන්නෙ, එක පොරොන්දුවක් පිට...මට අනිවාර්යයෙන්ම ඒ වැඩසටහන You Tube දාන්න ඕනෙමයි...නැත්තං මම එන්නෙ නැහැ, කාලය අපරාදෙ!''
අප ඉදිරිපත්කරන අදහස් සහ ගොඩනගන්න උත්සහ කරන සංවාද පිළිබඳ නිවැරදි කරුණු අනාගතය වෙනුවෙන් සටහන් කර තැබීම අත්‍යවශ්‍ය බව මම දැඩි ලෙස පිළි ගන්නෙමි, ඒ වෙනුවෙන් වැඩ කරන්නෙමි. 
ඔහු එකඟ විය.
එහෙත්, රාත්‍රිය වන තුරුත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර, රාත්‍රී 10 - 10. 30 අතර වෙලාවක මගේ දුරකථනයට Ring cut දෙකක් ලැබුණු බැවින්, නිකමට ඒ කවුරුන්දැයි බැලීමට, අදාළ දුරකථන අංකයට කතා කළෙමි.
''ඔබ තුමා දැන් කොයි හරියෙද ?''
අර උදේ මට කතා කළ සුපුන් නමැත්තාගේ කටහඬ එවර මම හැඳින ගතිමි. ''ඒ කියන්නෙ?'' මම එකවර ඇසුවෙමි.
''වැඩසටහනට එන ගමන් නේද?''
''පිස්සුද? ඔයා කිව්වනෙ ආපහු call කරලා confirm කරනවා කියලා, කතා කරපු නැති නිසා මම හිතුවා වැඩසටහන නැහැ කියලා...''
''කතා කරන්න නං බැරි වුණා...ඒත් වැඩසටහන තියෙනවා, තොටවත්ත මහත්තයා නං ඇවිල්ලා...''
''විකාර නං කරන්න එපා! ඔයා මොකද්ද මේ කරන වැඩේ? හරි! එක්කෝ මට විනාඩි 40 ක් විතර දෙන්න, මම ඉක්මනට එන්නං... එහෙම නැත්තං වැඩසටහන කරගෙන යන්න, හැබැයි මගෙ නමක් වත් කියන්න නං එපා!''
''එහෙම නං ඔබ තුමාව ලබන සතියෙ ගෙන්නවා ගන්නං...''
''ඕන එකක්, හැබැයි අද මට එන්න කිව්වා, ආවෙ නැහැ කියලා එහෙම නං කියන්න එපා..මම ඉන්දික තොටවත්තට අභියෝගයක් කරලා තියෙන්නෙ...එයා කියයි මම බයේ ආවෙ නැහැ කියලා...''
මම නොසතුටින් ඔහුට පැහැදිලි කළෙමි.
ඒ අතර, මම, ඔබට ද මේ පිළිබඳ පැමිණිළි කළ බව මතක් කළ යුතුය.
ඊට පසුව, පෙරේදා, සුපුන් නමැති පුද්ගලයා යළි දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ, ඊයෙ, එනම්, 2017 මැයි 2 රාත්‍රි, ඉන්දික තොටවත්ත සහ මම සහභාගී කරවන වැඩසටහනක් සුදානම් කර ඇති බවය. මම ඊට එකඟ වී නියමිත වේලාවට එහි ගියෙමි. ටික වේලාවකට පසුව ඉන්දික තොටවත්ත ද පැමිණි අතර, නියමිත වේලාවට මදක් පමා වී හෝ අදාළ වැඩ සටහන ආරම්භ වූ අතර එය මෙහෙය වුයේ සුපුන් නමැති එම පුද්ගලයාමය. එම සජීව වැඩසටහන ඉතාමත්ම උණුසුම් වූ අතර, ඉන්දික තොටවත්තට අධි මානසික බලයක් නොමැති බවත්, ඔහු බොරු අනාවැකි ඉදිරිපත් කරමින් විවිධ දේශපාලන ව්‍යපෘති කරන දේශපාලන අපරාධ කාරයෙකු බවත් මම එහි දි කරුණු සහිතව පෙන්වා දුන්නෙමි. ඒ සම්බන්ධයෙන් යළි යළිත් ඔහුට අභියෝග කෙරුවෙමි. අවසානයේදී, ගුප්ත ශාස්ත්‍ර පර්යේෂකයෙකු වන විද්‍යා කුලපති ද සහභාගිකරවාගෙන, ඊ ළඟ අඟහරුවාදා,  ඒ සඳහාම තවත් වැඩසටහනක් කරන බවට එකිනෙකා පොරොන්දු කරවා ගෙන වැඩ සටහන හමාර කොට අපි විසිර ගියෙමු.
අද උදේ, මීට මොහොතකට පෙර, සුපුන් නමැත්තාට මම දුරකථන ඇමතුමක් ලබා ගත්තේ Peo tv තුළ  ශ්‍රී tv සුසර වන්නේ දැයි දන ගැනීමටය. එවිට ඔහු කියූ කතාවෙන් මම මොහොතකට හිස් වූ බව ඔබට කිව යුතුමය.
''ඊයෙ වැඩසටහන capture වෙලා නැහැ...''
එනම්, ඊයෙ වැඩසටහන පිළිබඳ දැන් කිසිදු සළකුණක් නැත!
ඊයේ නැවත වතාවක් ඉන්දික තොටවත්තගෙ භයානක දේශපාලන නිරුවත හෙළිදරව් වූ බව දැන් ඉතිං ඔප්පු කරන්නේ කෙසේද? ඔහු දේශපාලන තක්කඩියෙක් බව තහවුරුවීම ශ්‍රී tv තුළ මෙසේ මකා දැමෙන්නේ අහම්බයක් ලෙස යැයි මම පිළිගත යුතු ද?
නැත! එය අහම්බයක් නොවේ.
මීට පෙර ද,  මීට සමාන අවස්ථා දෙකක්, ඔබේ මාධ්‍ය ආයතනය තුළ මම අත්විඳ ඇත්තෙමි. ඒ, ජ්‍යෝතිෂවේදියෙකු ලෙස පෙනී සිටින සරත්චන්ද්‍ර නැමැත්තෙකු සහ අශෝක අබේගුණවර්ධන සමඟ වෙන් වෙන්ව සහභාගී වූ වැඩසටහන් දෙකක් සම්බන්ධවය. ඒ අවස්ථා දෙකෙහිදී ම ද අදාළ පාර්ශ්ව බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් වූ අතර, එම වැඩසටහන් ද කිසිදු සලකුණක් නොතබා එකවර ම අතුරුදහන් විය. මගේ අත්දැකීම්වලට සහ කියවීම්වලට අනුව නම් මේවා සැලසුම්සහගත ''දේශපාලන අපරාධ'' මිස වෙන අන් සිදුවීම් නොවේ.
ඒ අතර, මේ දැන් සිදුවූ විශේෂ සිදුවීමක් ද සටහන් කරන්න මට ඉඩ දෙන්න!
මෙම ලියැවිල්ල සකස් කරමින් ඉන්න අතර තුර, මේ දැන් Dr. ජයසුමන මට දුරකථනයෙන් කතා කළ අතර, ඊයෙ රෑ වැඩසටනහනක දී මහාචාර්ය නලින් සිල්වා සහ ඔහුට තක්කඩි! යැයි බැන වැදුණේ දැයි ඔහු විමසා සිටියේය.
''කවුද Dr. ට ඔය කතාව කිව්වෙ?''
''ඉන්දික තොටවත්ත...''
කතාව දැන් පැහැදිලිය. ඉන්දික තොටවත්ත, ඊයෙ වැඩසටහනට පෙර, මා සමඟ කළ සුහද කතා බහේ කොටස් විකෘති කරමින් සමාජය ගිනිතියන කැත! ඊයේ වැඩසටහනේ දී ද ඔහු මේ කැත උත්සාහයම ගත් අතර, මම එය පහසුවෙන් පරාජය කළෙමි. ඉන්දික මේ ''කළු මෙහෙයුම'' දියත් කර තිබෙන්නේ අදාළ වැඩසටහන පිළිබඳ කිසිදු සලකුණක් නැති බව තමා හොඳින් දන්නා නිසා නොවේද?
ඒත් මේ මොන සංවාදයක් ද?
අනෙක, ඉන්දික තොටවත්තට, අධි මානසික බලයක් නෙවෙයි, සාමාන්‍ය මිනිස් බලයක්වත් නැති හැටි!
ඉතිං අවසන් වශයෙන් ඔබට මෙසේ ලියමි.
මම, කිසිදු ප්‍රතිලාභයක් නොලබා, මේ සියළු මාධ්‍ය ආයතන වලට සහයෝගය දෙන සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින මාධ්‍ය කරුවෙක්, සියළු පක්ෂ අභිබවා ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ඉතිං මේ ''ජඩ මාධ්‍යකරණය'' වෙනස් කරන්න මැදිහත් වෙන්න!
හෙට නං අනිවාර්යයෙන්ම පමා වැඩි වේවි!
මතක තියාගන්න!
මේ අවස්ථාව මග හැරියොත් ඉතිහාසය තුළ අපට සමාවක් නං ලැබෙන්නෙ නැහැ!
CHAPA
2017 මැයි 3    

මේ අන්දවන්නෙ කාව ද? Hiru news, 7 pm, April 26, 2017

Siddamulla 2017 5 2 (සිද්දමුල්ල)