Sunday, June 26, 2016

From Thushara Jayasooriya to CHAPA

June 27, 2016, ජවිපෙට රාජපක්ශලගැන ඇත්තෙ දේශපාලනික විවේචනයක් පමනයි...මේ ලියන්නෙ දුර ඉඳල ජවිපෙට අත්පුඩි ගසන්නෙක්...මෙය මොහුව අපහසුතාවයට පත් කිරීමට නොවේ... ජවිපෙ යන සෙමින් හොඳ ගමනතුල සුභවාදී විවේචනයක් නොව උපහාසාත්මකව ජවිපෙ දැකීමට එරෙහිව බැරිම තැන මෙසේ සටහනක් තබමි..චාපා...ඔබට ,මට ජවිපෙට යෝජනා ඉදිරිපත්කල හැක..ඔවුන් නිසැකවම ඒ සඳහා අවධානය යොමු කරනු ඇත.. නමුත් එපා වාහෙට හොදි බෙදන විට ඒ හොදි දෙස බලන්නටවත් ජවිපෙ වෙලාව වැය කරයිනම් එය අපරාධයකි..ඔබව මා මාධ්‍යකරුවකු ලෙස හඳුනාගත්තේ 2001 සමයේ ටී එන් එල් වැඩසටහනකදීය.. ඉන් පසු ඔබව නැවත දුටුවේ 2015 මෛත්‍රී ජනපති වූවාට පසුව බුකිය තුලදීය..එය ඇතැම් විට මාගේ මිඩියා පිලිබඳ අනවබෝධය ඔබව නොදුටුවා විය හැක..කෙටියෙන් පවසමි... මා ජවිපෙ විශ්වාසකරන්නෙකි,,සුභපතන්නෙකි.. ඒ මා විශ්වාසකරන සමාජ සාධාරනත්වය ඔවුන්ගේ දේශපාලන භාවිතය තුලින් යම් දිනක මේ පොලව මත සැබෑ වේයැයි යන දැඩි විශ්වාසය නිසාවෙනි..එය අයෙකුට කඩේ යාමක්ද අයෙකුට ඇදහිල්ලක් ලෙසද පෙනිය හැක..කමක් නැත.. මන්ද මතු පරපුරට හෝ මේ රටේ ක්‍රම වෙනසකට පාර කැපීමේ වගකීම ඉටුකරනුයේ ජවිපෙ පමනක් වීමය... කනගාටුවනම් චාපා මහතාගේ කටින් පසුගිය රාජපක්ශ සමය හෝ වර්තමාන රනිල් මෛත්‍රී පාලනයට වඩා ජවිපෙ සතුරෙක්ව සිටීමයි..කොටින්ම වර්ථමාන පාලකයන්ගේ වැරදි වලටද ඇඟිලි දිගු කරනුයේ ජවිපෙටය..සරලව මතක් කර දෙන්නෙමි.. ජවිපෙ යනු සමාජයතුල දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් මිස සරල රේඛ්හාවක ගමන් කරන දේශපාලන ප්‍රවාහයක් නොවේ..2000.. පරිවාසය..එහිදී අත්තනෝමතික ලාම්පු කලගෙඩි සෙල්ලම නවතා පරිවාසය තුලින් රටට යම් හෝ ජයග්‍රහන ගෙන දුන්හ,, එකල චාපා ඇතුලු මහින්ද අභේසුන්දර පන්නයේ මීඩියා සගයන්ගේ හඬක් තිබුනිද? සටන් විරාම ගිවිසුම ගහද්දි චාපා සහ චාපාගේ මහින්ද ඒ වෙනුවෙන් එයට එරෙහිව පාර්ලිමේන්තුව තල මීඩියාවල කල කතාවක් පෙන්වන්න,,,බුධ්දි අංශ පාවාදෙනකොට සුසන්තිකාට එස්බීල කුප්පකම් කරන කොට ජවිපෙ එරෙහිව කෑගසද්දී චාප,,රාජපක්ශලාගේ හඬ කොහිද? 2004 අනුරල ලාල්කාන්තල දූශනයෙන් තොරව අමාත්‍යංශ වල ලාභ ලබද්දි කෝ චාපලගෙ ඒ වෙනුවෙන් පැසසුම්.... කෝ සුනාමියෙදි ජවිපෙ කොල්ලො මැරි මැරි වැඩකරද්දි,මහින්දල පිල්ලි ගහද්දි චාපලගෙ කටවල්.. 2005 රනිල් ඇවිත් බෙදුම්වාදය ශක්තිමත් කරද්දි කෝ චාපලගෙ හඬ..සුනාමි සහන මන්ඩලය ගෙනෙද්දි කෝ චාපලගෙ එයට එරෙහි හඬ?ආන්ඩුවෙන් එලියට බැහැල එද්දි කෝ ජවිපෙට ප්‍රසංසා..රනිල් බෙදුම්වාදය ශක්තිමත් කරමින් 2005 ජනපතිවරනයට එද්දි ජවිපෙ කොන්දේසි [ජනතාවාදී] මත පූර්න සහයෝගය දුන්න මහින්දට..අවසානයේ මහින්දව බල්ලො නාවනව වගේ යුද්දයට ඇද ගෙනත් ගියේ කොටි යුධමය වශයෙන් පරාජයකිරීමට ..යුධ්දය අවසනදි ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් යෝජනා විශාල ප්‍රමානයක් ඉදිරිපත් කලා,, කෝ ඒ වෙනුවෙන් චාපලගෙ හඬ,,? අසාධාරන ලෙස ෆොන්සේකා හිරේ දමද්දි ජවිපෙ එරෙහි වුනා,,සිරස ලසන්ත වික්‍රමතුංග පොද්දල ජයන්තල... කුඩු කරද්දි ජවිපෙ තමයි කෙලින්ම විරුද්ද වුනේ..කෝ චාපාගේ හඬ..රතුපස්වල වෙඩිතබද්දි රොශේන් චානක ඇන්තනිලව වෙඩි තබා මරද්දි තංගල්ලෙ සභාපතිය සුද්දන්ට එරෙහිව අවිය පෙන්වද්දි සරුවා සුනිල් තම සියවන සැමරුම සමරද්දි..ඔව ඕනි නැහැ,, දෙනෝදාහක් ඉස්සරහ භාරතව මරනකොට ආන්ඩුව දුමියව සුද්ද කරද්දි,, චන්ද කඩ කඩා මහජන මුදල් නාස්ති කරද්දි, බාල පෙට්‍රල් බාල බෙහෙත් සුපිරි කුඩු කන්ටේනර් ගෙනෙද්දි.. අහල බලන්න ජවිපෙ හඬ,, කෝ චාපලගෙ එක ලිපියක්..අමු අමුවෙ චන්ද නීති උල්ලංගනය කරද්දි,,මහජන මුදල් නාස්ති කරමින්,,විල්පත්තු මත්තල කැලෑ විනාශ කරද්දි කෝ චාපල..ජවිපෙත් එක්ක තරහ තමන් එලිදක්වපු වතුර පිලබඳ පොත ගැන උනන්දු නොවුන කියලනම් ඒව අයින් කරන්න මහත්තයො..කොකාකෝල කම්පැනියෙ අපද්‍රව්‍ය කැලනි ගගට මුසුවෙද්දි කෝ චාපගෙ මහින්ද,,කෝ චාප ..හීන් කෙඳිරියක් විතරයි..අත රිදෙනව මහත්තයො ලියල..ඔයාට අනුව මහින්දව පැරැද්දුවෙ ඇමරිකාව ඇතුලු බටහිරට ගැත්තො..එතකොට ජනප්තිවරනෙ ගෙනාවෙත් අවුරුදු 2 කට කලිං ඇමරිකාවද?මහින්දය දිනුවනම් අද මේ රට මිනී කනත්තක්,, බයවෙන්න එපා මුං තව ටික කාලෙකින් ඒ ට්‍රැක් එකටම වැටෙනව ,,මතක තියාගන්න මේ තරමින්වත් ඔය මහත්තයට ,,ඔයාගෙ පන්නයෙ චටුරට කතාකරන්න නිදහස හමුවුනේ මහින්ද පැරදිච්ච හින්ද,,ජවිපෙ ශක්තිමත් නිසා...ජවිපෙ දුර්වල වෙච්ච හැම තැනදිම ආන්ඩු ජනතාව පෙලුව මහත්තයො.. අදටත් ජවිපෙ පාර්ලිමේන්තුවේ ඉන්නෙ 6ක් වුනාට ඔවුනගෙ හඬ තමයි සැබෑවිපක්ශය..අවසන් වශයෙන් ..මම දන්නව ඔයාට මේවගේ පෝස්ට් එකක් මහින්දට දාන්න බැරිබව අපිට තේරෙනව.. රාජපක්ශ නොවේ මෛත්‍රීටත් එරෙහිව රනිල්ටත් එරෙහිව සැම පැත්තකින්ම ජවිපෙ විරෝධය පටන් අරන් ඉවරයි..හැබැයි මහත්තයො මහින්දගෙ ස්ටේජ් හදවන්න නම් ඔයාලට බැරිවෙයි ජවිපෙ ලව්ව.. ආයෙත් කියන්නෙ ..පුලුවන්නම් ආසන 96න් මහින්දව දාල ආන්ඩුවට ගිය උන්ටයි මහින්දලටයි මේ ඉල්ලීම කරන්න ...නිකං මෝඩ ජෝක් නොදා.....ජවිපෙට යෝජනා දෙන්න ,, හැබැයි මහින්දගෙ සුදු හුනු ගාන ගමන් ජවිපෙට ඕඩර්ස් දෙන්න එන්න එපා.. මේ බුකියෙ අපේ හඬ..ස්තුතියි..හිතරිදුනනම් සොරි.

From CHAPA to Thushara Jayasooriya

June 27, 2016, ඔබම කියන විදිහට, ඔබ ජවිපෙ ට දුර ඉඳල අත්පුඩි ගහන කෙනෙක්! ඔය හැම දේශපාලන පක්ෂයටම ඔබ වගෙ අහිංසක - භයානක ගමන් සගයො ඉන්නව. කිසිම දේශපාලන හැදෑරීමක් නැති නිසා කිසිම දේශපාලන විශ්ලේෂණයක් කරගන්න ඔබ වගෙ අයට බැරි එක තමයි අහිංසක කම - ඒ නිසාම ඒ ඒ පක්ෂ එක්ක ආගමිකව බැඳෙන එක තමයි භයානක කම, එතකොට හැදෙන්නෙ දේශපාලන විකෘතියක්, හරියට ඔබ වගෙ!
ඔබට දැන් මම මතක් කරල දෙන්නං!
ඔබ සහ මම අතර යම් කතා බහක් පටන් ගන්නව ටික කාලයකට කලින්, ඒ ඔබ මෙහෙම chat එකක් පටන් අරගෙන;
(උපුටා දැක්වීම)
'2001 වසරේ ටී එන් එල් ජන හඩ වැඩසටහන් දෙකකින් පලමුව මා ඔබව දැක්කෙමි...ජෝන් අතාවුදගෙ මැර තර්ජන වලට පැමිනි මාද්‍යවේදියෙකු ලෙස නොබියව උත්තර දුන්  අයෙක් වූ ඔබ,,පසුව පැවති වැඩසටහනකදී රන්ජිත් මද්දුම බන්ඩාරව ප්‍රතිපත්ති නැතිකම ,,,ඔහුට අබියෝග කල අයුරුත් අද මෙන් මතකය...මා ඔබගැන සොයා බැලුවෙමි...71න් පාවා දෙන්නෙකු,,,විවිද කාල වලදී පුද්ගලයනට කඩේ යන්නෙකුගේ පත්තරයක ඔබ මාදයවේදියෙකු බව දැනගත් විට කම්පාවක් ඇතිවිය...වසර 14 කට පසු මෙම පෝස්ට් එකෙනුයි ඔබ හදුනා  ගත්තෙ,,,,නමුත් අද ඔබ වරද වරද ලෙස දකිනු වෙනුවට වරද මග හැරයාමට උගන්වයි,,,,,කනගාටුයි ඔබ ගැනඔබ. මගෙ අතීත දේශපාලන ක්‍රියාකාරකම් කිසිම දෙයක් දන්නේ නැහැ, ඔය TNL කතාව සහ 'වතුර පිළිබඳ පොත' වගෙ කෑලි ඔබ අහුල ගන්නෙ ඔබ මට 2001 වසරේ ටී එන් එල් ජන හඩ වැඩසටහන් දෙකකින් පලමුව මා ඔබව දැක්කෙමි...ජෝන් අතාවුදගෙ මැර තර්ජන වලට පැමිනි මාද්‍යවේදියෙකු ලෙස නොබියව උත්තර දුන්  අයෙක් වූ ඔබ,,පසුව පැවති වැඩසටහනකදී රන්ජිත් මද්දුම බන්ඩාරව ප්‍රතිපත්ති නැතිකම ,,,ඔහුට අබියෝග කල අයුරුත් අද මෙන් මතකය...මා ඔබගැන සොයා බැලුවෙමි...71න් පාවා දෙන්නෙකු,,,විවිද කාල වලදී පුද්ගලයනට කඩේ යන්නෙකුගේ පත්තරයක ඔබ මාදයවේදියෙකු බව දැනගත් විට කම්පාවක් ඇතිවිය...වසර 14 කට පසු මෙම පෝස්ට් එකෙනුයි ඔබ හදුනා  ගත්තෙ,,,,නමුත් අද ඔබ වරද වරද ලෙස දකිනු වෙනුවට වරද මග හැරයාමට උගන්වයි,,,,,කනගාටුයි ඔබ ගැන.
චාපා -  let me write simple English as I am unable to type Sinhala letters like you and do not like to write Sinhala in English.I do suggest that you are not aware of what I am doing...in short you do not know of my history, you have to study more!I joined Rawaya as I had to fight against the Military Mafia in the country, there was no any other Media at that time, Lakhanda Radio on which I had already been working did not allow me to to its premises in that situation, then I did Investigative Journalism in Rawaya while participating various TV and Radio discussions too,I left Rawaya after 1 1/2 years and you must read the book of Rawayata Sakshiyak that I have written of Rawaya, this is a long journey...then I launched a media movement named 'Nidahas'' do you know of this history?
තුෂාර - Just new today.Actually I dont know ab ur political view..but I am open man..although I am a doctor with good income.popularity..respectibility..thats not the thin I want..I need good socity...its not only my kids..all sri lankan...so always try to good msg through face book...see my cover..that also desided by me..most of my posts made by me....as a docter I can give treatment so many illnesses..but changing the mind for better world is difficult..I think like u people can do lot of thins....lets discuss
චාපා - Agreed! in a nutshell, I do not belong to any political party, I am a political activist - transcends party politics...I have been thinking on how to empower people to work together to make this entire society better...anyway happy to hear from you! please listen to Ran fm tomorrow from 7 am to 8.30 am if possible, I will be there LIVE...if you miss even, you can listen to the program on You Tube...keep in touch please!
තුෂාර - Sorry..I was at wd...so I will listen tomorrow at u tube.
චාපා - Great!
තුෂාර - ඔබගේ උත්සාහය,,යට සිට උඩට..මාඇතුලත් කොටස උඩ සිට යටට,,,අරමුන එකයි,,,
චාපා - we have to further discuss, I have experienced members of JVP have been disturbing my struggle as I am not JVP...if you read my book Jala Rakusanta Erehiwa, you will realize that I do stand for political stance for JVP...meantime I have met personally most of the JVP leaders, sometimes we have fought together against some political issues, but we never have such harmony...when we fight for the same goal, why do they behave this way?
07/09/2015 12:49am
තුෂාර - මා අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන බැලුවෙ ඇත්තෙන්ම ඔබ සිටි නිසා පමනි...දෙරන මාධ්‍ය බාවිතය  ජවිපෙ වැනි හොද නිර්නායකයන් ඇතුඉ සංවාදශීලී පක්ශයක් ක්‍රමයෙන් ඉවත් කර ඔබලාවත් භාවිතාකර වෙනම ලෝකයකට ගෙනයමින් ජනයා අතරමං කරන  වැඩසටහනකි...මා කියනුයේ මෙමෙ වැඩසටහනේ මූලික පරමාර්තය පමනි..ඔබලා නොදනුවත්වම  පීඩිත ජනයාගේ සැබැ හඩ වෙනුවට  ඔවුනට ඔබලා ලවුවා අන කිරීම් යෝජනා කිරීම් තුලින්  මේ සමාජයේ දේශපාලන අධිකාරිය  එලෙසම තබා පහල මිනිසුන්ට නිවඇරදිවන්නට කරන යෝජනාව සාදාරන නැත...මන්ද ආර්තික අපහසුකම් මේ සියල්ලට බලපායි..ඇමතිට ලේකම් යටයි ලේකම් ට අඩ්‍ය්ඛ්යට,, ඔහුට පලාත් අද්‍ය්ශක යට ඔහුට විදුහල්පති යට  ඔහුට ගුරුවරයාඅ යටයි..නමුත් ඔබ ගුරුවරයාට නිවැරදි වන්න කියයි,,,අපේ න්පක්ශය [මා එහි සාමාජිකයෙකු නොවේ] කියනුයේ මේ පාලන බලය වෙනස් නොකර ඉන් මෙපිට පමනක් ශුද්දව පවතින්නෙ නැති බවයි,,මෙය  මා මැසෙජ් එකක් ලෙස දමනුයේ ඔබ අපහසුතාවට පත් වන නිසාවෙනි..ඔබ අවංකයි,,,නමුත් අප පැති දෙකක..නමුත් සමාජ පරිවර්තනයකින්  බිහිවන  වෙන වෙනස් සමාජයට ඔබලා වටී
07/09/2015 6:28am
චාපා - please share this in public, I would like to discuss...I will try to respond in Sinhala too...
07/09/2015 9:20am
තුෂාර - Its ok...but today and tomorro im v busy...my phone dosnt have sinhala...I will post it
චාපා - Great! I think you have already seen that I have extracted your message on to the wall and trying to continue...Thank you...
(උපුටා දැක්වීම අවසන්)
ඔබ සහ මම අතර ඒ සාකච්චාව ඔය විදිහට ඔබ දියකරල දානව, ඔබ ඊට පස්සෙ මගෙ wall එකට බලහත් කාරයෙන් post එකක් tag කරනව. එතකොට මම ඔබට ආයෙත් chat message එකක් දෙනව.
( උපුටා දැක්වීම)
චාපා - Dear Thushara, let me request you not to tag any post on the others walls, please!
තුෂාර - so u   cant face...u dont want to face reality... its ok...
චාපා - That is something else, you should never tag any post on the other, it is a basic norm
තුෂාර - i taged only important topics i thought asa a jurnalists u like people may involve  for real discussion,,,, but  now we knew you like people dont want to change this system,,,, only thin u want to be a hero amaong people with some popular topics....
චාපා - you are free to think as you want, only history decides what we have done, I am not interestead. you do believe JVP is the final solution for all the problems, but I do not.
තුෂාර - u have no option
චාපා - Though you have no option, you need not blindly select some solution - for no solution
තුෂාර - why blind.. we have clear way
චාපා - please tell me first, are you a JVP leader, a member of the party or a supporter?
තුෂාර - when i was at campus . now,,, only supporter,,  just wish..bec  we cant do such a participation..we respect them.
චාපා - I respect you, you are a good person, this is not a problem of their honesty...
තුෂාර - Its ok...if both of us honnest..we will meet same stage at one day
චාපා - Yes! I also wish...pl keep in touch!
තුෂාර - Finally...if u think that I am honest...jvp membes and leaders almost all honest..
චාපා - No! that cannot happen, this is the problem, you love them due to your history, this is religious, end of my Jala Rakusanta Erehiwa book I have written a lot of JVP, they are stronger as a party, most of its members do politics not for any gain, true! but their way of calculating the situations is not scientific.
තුෂාර - I know..and I attached them though I am not a member...that is the real place with internal democracy.
චාපා - They never allow any outsider to closely associate with their members, if they feel he or she is religiously accept them...this is the only way to keep the party stronger, like North Korea..
තුෂාර - Any one can close to members...but they never keep out their internal disision to outsiders....I know it
චාපා - not the internal issues...I will give you a good example...in the year 2001 we, Nidahas media organized Korathota villagers against Perera's Kalugal Mafia, they had seriously damaged the Korathota hill or mountain, we will say Kanda...all the villages were with us, we did a huge campaign, it took months, then we became very popular among the villages, I met JVP provicial leaders and spoke to smoe of top leaders also at the very begining of this campaign
...they said nothing and very silent and later did a prmitive black operation against us saying that I have a NGO...I have no any link with any NGO, eveyone knows in this country
Vijitha, Anura, Wimal, Bimal, Sunil....I have met every one in various programs..Vijitha, Nalinda had come to Nidahas office foe discussions, .I complaind of this Ketha Weda of their party to them too, nothing happened...
for discussions...
තුෂාර - I will tell my 14yrs exp wit jvp....then u some time realize....they do the most sutable thin after group di ussion...I will tel latre..bec I am busy today
චාපා - at last we lost the campaign, none of villagers faced us, Perera won anyway!!! this is only one example
keep in touch...
(උපුටා දැක්වීම අවසන්)
ඉන්පසුව දවසක ඔබ මාධ්‍ය පිළිබඳ post එකක් දමා මට tag නොකොට chat කොට දැන්නුව, මම එකට comment කෙරුව, අද දැනුත් මේ post එක දැම්ම කියල මට message කරල තිබුණා, ඒක නං ඔබේ හොඳ ලක්ෂණයක්!
ඔය ඉහත උපුටා දැක්වීම් කෙරුවෙ, ඔබ, ජවිපෙ සහ මම අතර ගොඩ නැගෙන්න නියමිත සංවාදය මොකද්ද කියල පෙන්නල, ඒ දේශපාලනය ගැන අනෙකාට හැදෑරීමක් කරන්න ඉඩක් හදන්න.
තව දෙයක්, ඔබට, ජවිපෙට රාජපක්ෂවරු පුද්ගලයො වුණාට, ලාංකේය දේශපාලනය ඇතුළෙ එය එක සාධකයක් පමණයි! භයානකම දේ මේකයි, තොරතුරු දැනගැනීමේ මුවාවෙන්, තොරතුරු මර්දනය කරන්න ගෙන එන පනත සම්මත කරගන්න ජවිපෙ පෙරමුණ ගන්නකොට ඔබ වගෙ වෘත්තිකයෙකුත්, හා! ඒක හරිනෙ ඉතිං! කියල අහිංසක විදිහට හිතන එක, ඒ අතරම ද්වේශය මුදාහරින්නෙ ඔබද මමද කියලත් සීරුවට හිතල බලන්න, හේතුව දේශපාලනය ආගමක් වෙන තැනම මහා දුෂ්ට දේවල් වෙන්න පටන් ගන්න නිසා!
බලන්න ඔබේ අවසාන අණ!
'...නිකං මෝඩ ජෝක් නොදා.....ජවිපෙට යෝජනා දෙන්න ,, හැබැයි මහින්දගෙ සුදු හුනු ගාන ගමන් ජවිපෙට ඕඩර්ස් දෙන්න එන්න එපා.. මේ බුකියෙ අපේ හඬ..ස්තුතියි..හිතරිදුනනම් සොරි'
චාපා - මේ සටහන ලියන්නෙත් ඔබට නෙවෙයි, ඉතිහාසය වෙනුවෙන්!
CHAPA

Wednesday, June 22, 2016

තොරතුරු මර්දනයට සැරසෙයි!

මේ මොහොත වෙනකොට පාර්ලිමේන්තුවෙ විවාදයට ගැනෙන්නෙ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යනුවෙන් සළුපිළි අන්දවා සම්මත කරගන්න හදන තොරතුරු වාරණ පනතක්!
යෝජිත පනතෙ ii කොටසෙ තමයි නියම කතාව තියෙන්නෙ; 'තොරතුරුවලට ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කිරීම' යටතෙ 1. පුද්ගලිකත්වය 2. ජාතික ආරක්ෂාව 3. අන්තර්ජාතික ගිවිසුම් යන ප්‍රධාන තේමාවන්ට මුවා කරමින් අදාළ තොරතුරු වාරණය පැනවෙනව. ඒ වගෙම, විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනදෙනු පාලනය කිරීම, බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීම, බදු පැනවීම, භාණ්ඩ සහ සේවා වල මිල ස්ථාවරව පවත්වා ගැනීම - පාලනය සහ ගැලපීම - කුලී සහ අනෙකුත් පිරිවැය - වේතන අනුප්‍රමාණ  - වැටුප් සහ අනෙකුත් අදායම් යන තේමාවන්ට අදාළ කරමින් ඒ වාරණය සීරුවට වැටෙනව.
ඊ ළඟට, වඩා තීරණාත්මක ප්‍රශ්නය! විදේශ වෙළඳ ගිවිසුම්! ඒවා සම්බන්ධ තොරතුරු මර්දනය ඉතාමත්ම සංවිධානාත්මකයි. එකී විදේශ ගිවිසුම් අවුරුදු 10 ක් ඉක්මවා ගියාට පස්සෙවත්, අවසන් වෙලා නැත්තං අදාළ කිසිම තොරතුරක් හෙළි කරන්න බැහැ ( පනත් කෙටුම් පතේ 5 (3) කියවන්න). එත් එක්කම අධිකරණයට අපහාස කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම වගෙ කොන්දේසිත් තොරතුරු ප්‍රවේශය වාරණය කිරීමට දරුණු විදිහට යොදාගන්නව.
මේ වාරණය බැලූ බැල්මට සාධාරණීකරණය කරන්න, විශාල මහජන සම්බන්ධතාවක් විසින් අදාළ තොරතුරු හෙළිදරවු කිරීම සාධාරණීකරණය කිරීම සහ  මහජන බැඳීයාවන්හී වැදගත්කම ඉස්මතු කිරීම වගෙ තත්වයන් යෝජිත පනත් කෙටුම්පතට රිංගවල තියෙනව.
ඔය කියන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂාකරන යෝජිත යාන්ත්‍රණය ගැන නං සාකච්ඡා කරන එක කිසිම තේරුමක් නැහැ, අර ස්වාධීනයි කියන කමිෂන් සභා දිහා බලන්නකො! ඒවා ස්වාධීනද? ආකෘතිය පැත්තෙන් ගත්තත්, භාවිතය පැත්තෙන් ගත්තත් ඒවා ස්වාධීන නැහැ!!
ඒ ඕන නැහැ, උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන විදිහ බලන්නකො! මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද ?!
ඉතිං මිත්‍රවරුණි! සිද්ධවෙන්න යන දේ ඉතාම පැහැදිලියි. මේ පනත ගේන්න හදන්නෙම රාජ්‍ය පාලනයෙ විශේෂ තොරතුරු ජනයාට වාරණය කරන්න. විශේෂයෙන්ම ඊනියා ජාත්‍යන්තරයෙ සහ ඉන්දියාවෙ උවමනාවන්ට අනුව, ආණ්ඩුව නුදුරේදී එළැඹෙන්නට නියමිත ලංකාවට අවාසි වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු ජනයාගෙන් වසන් කරන්න තමයි මේ මර්දන නීති හදන්නෙ. මෙය, ආපිට හදාගන්න අමාරුම බරපතළ වැරැද්දක්!
රාජපක්ෂ මේනියාව පැත්තක තියල මේ පනත සම්මත වෙන එක වලක්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න! තම තමන්ගෙ සම්බන්ධකම් පාවිච්චි කරල පාර්ලිමේන්තුවෙ ඉන්න නියෝජිතයන් ඊට එරෙහිවෙන්න පොළඹවන්න, දැන් ජනයා දැනුවත් කරන්න වෙලාවක් නැහැ, තියෙන්නෙ තාක්ෂණික උත්තරයක්, ඒ උත්තරය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න අය ළඟ. උත්සහ කරන්න, මේ, ඉතාමත්ම තීරණාත්මක මොහොතක්...
CHAPA  

CHAPA on MTV, People's Shaw...

Tuesday, June 21, 2016


ඊ ළඟ පුරවැසි උගුල...

ඊනියා පුරවැසි බලකාය දැන්, තමන් හැදුව කියන යහපාලන ආණ්ඩුවෙ, ඒ කියන යහපාලනය නැහැ කියල, ඊට විරුද්ධව වීදි බහින්න හදනව වගෙ එකක් පෙන්නනව.

රැවටෙන්න එපා!

ඔය ප්‍රජාතන්ත්‍රවාදය බල ගැන්වීම, බදු අඩු කිරීම, මැති ඇමති වාහන ගෙන්වන එකට එරෙහි වීම, මහා බැංකු අධිපති පන්න දැමීම...වගෙ පුරවැසි කතා විහිළු කතා!
අගමැති රනිල්, ෆීල්ඩ් මාර්ෂල් ඇමති ෆොන්සේකා ප්‍රමුඛ නඩය, පාර්ලිමේන්තුව ඇතුළෙ ඔය පෙන්නන්නෙ යහපාලනය කරන හැටි! ජනාධිපති මෛත්‍රී නිහඬව ඉඩ දෙමින් ඒ යහපාලනය සහතික කරන හැටි!  

ඒ, නියම උපක්‍රමයක්...

ඊනියා ජාත්‍යන්තරය වෙනුවෙන් එහි බළල් අඬු ලෙස ක්‍රියාත්මක මේ කල්ලිය දැන් මේ   ක්‍රියාත්මකවෙමින් ඉන්නෙ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ඊ ළඟ අත්‍යවශ්‍ය උප ව්‍යාපෘතිය සඳහා. සෝබිත හාමුදුරුවො ගැනත් කිය කියා ඔවුන් මෙහෙම ආණ්ඩුවට බල කරන්නෙ, වෙන මොකක්වත් කරන්න කියල නෙවෙයි - පොරොන්දු වෙච්ච විදිහට විධායක ජනාධිපති ධුරය අහෝසි කරපල්ලා! කියල. හරියටම ගත්තොත් මේ ආණ්ඩුවෙම ව්‍යාපෘතියක්.
මේ වෙනකොට, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික ආණ්ඩුවකට (?) පාර කපාගත්ත චන්ද්‍රිකා - මෛත්‍රී - රනිල් - NGO  පෙරමුණ, ඊළඟට පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කරගත්ත. ලාල් විජේනායකලා ඒ අතරෙ ව්‍යවස්ථා වෙනසකට අවශ්‍ය  ජනතා (?) හැඩය අරගෙන දෙනව. දැන් තියෙන තීරණාත්මකම බාධාව විධායක ජනාධිපති ධූරය. උදාහරණයක් විදිහට ජනාධිපති මෛත්‍රී මේ අතරතුර කාලයෙදි යම් හෙයකින් අනිත් පැත්ත හැරුණොත්, ලංකාව ඉවර කරන ඔය මුළු UN ව්‍යාපෘතියම අසාර්ථක වෙනව. ඒ නිසා හැකි ඉක්මනට ඒ ගනුදෙනුවත් ඉවර කරල දාන්න කට්ටියම දඟලනව.
මේ සමස්ත දේශපාලන ක්‍රියාවලියෙ ප්‍රධාන කොටසක් වන, වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජයම්පති වික්‍රමරත්න, 2014 ජුලි 12, ලන්ඩන් හි අමිර්තලිංගම් අනුස්මරණ දේශනයෙදි Constitutional Reform In Sri Lanka: Issues And Prospects මාතෘකාව යටතෙ මෙන්න මෙහෙම කියනව;
උපුටා දැක්වීම;
'A win for the common candidate necessarily means the end of the present government. After a defeat, those who go into opposition are most likely to support abolition rather than continue to suffer under the executive presidency. They would have a much better chance of coming back to power under a parliamentary form of government and therefore it is reasonable to expect them to vote for the amendment if brought before Parliament soon'
(උපුටා දැක්වීම අවසන්)
ජනාධිපති පොදු අපේක්ෂකයෙක්‌ හරහා රාජපක්ෂ පාලනය පරාජය කෙරුවම, ඒ පරදින නියෝජිතයන් විපක්ෂයට වැටෙනකොට, තවදුරටත් විධායක ජනාධිපති ක්‍රමයෙ පීඩනය ඉවසගන්න බැරිවෙනකොට, ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අනිවාර්යයෙන්ම සහය දෙනව සහ ඒ හරහා තම තමන්ගෙ පැවැත්ම හදාගන්න කැමති වෙනව කියල තමයි මේ ජයම්පති වික්‍රමරත්න කල්පනා කරන්නෙ.
බලන්න! දැන් එය නේද වෙමින් තියෙන්නෙ?
ඊට සමගාමීව FCID ය හරහා විරුද්ධ පැත්තෙ දඩයමත්‍ දිගටම යනව, ඒ දඩයමට අහුවෙන්නෙ ඒ ඒ අය කරල තියෙන වැරදි නිසා තමයි වුණත් මේ දඩයමක්මයි, බරපතළ වැරදි කාරයො එකට එකතු වෙලා බරපතළ වැරදිකාරයො ආරක්ෂාකරන මේ ආණ්ඩුවට අපරාධ මර්දනයට උවමනාවක් තියෙනව කියන එකම විකාරයක්. කොහොම වුණත් ඔය දඩයමේ අරමුණ, අදාළ පුද්ගලයන්ට හානිකරන එක නෙවෙයි, රට ඉවර කරන එක!
අපි මෙහෙම බලමු!
1978 ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ නං එය කරන්න ඕනෙ, ව්‍යවස්ථාවක් කියන්නෙ අවසාන - පරම මොකක්හරි නෙවෙයි. එත් මේ සුදානම ව්‍යවස්තා සංශෝධනයකින් ලංකාවෙ ප්‍රශ්න විසඳන එක නෙවෙයි. දෙමළ, මුස්ලිම් බෙදුම්වාදයට ඉඩ හදල ලංකා රාජ්‍ය දුර්වල කරන එක.

මේ සිද්ධවෙන්න යන මහා දේශපාලන ඛේදවාචකයට හරස් කපන්න තියෙන එකම බලය මේ මොහොතට අදාළව නං විධායක ජනාධිපති ධූරයමයි, ඒ වගෙම රටට මේ තීරණාත්මක මොහොත පහුකරගන්න තියෙන අවසාන ආරක්ෂාව 1978 ව්‍යවස්ථාවමයි, ඕන ගනුදෙනුවක් පස්සෙ බේර ගනිමු! දැනට මේ ව්‍යවස්ථා සංශෝධන මර උගුලෙන් ගැලවෙමු! ඒ වෙනුවෙන් මේ බොරු පුරවැසියන්ට විරුද්ධ වෙමු!

CHAPA   
         


CHAPA on Vishrama Radio, June 2016 ( 7 )

Monday, June 20, 2016

වධක බෙරය විකුණගන්න විදිහක්...

ලංකාව මේ වෙනකොට ඊනියා ජාත්‍යන්තරය තුළ තම පැවැත්ම පිළිබඳ ඉතා බරපතල අභියෝග රැසකට මුහුණ දෙනව, ඊනියා ජනයා හෙවත් NGO පුරවැසියො, එහි කොටසක්ව - ඒ ව්‍යසනයට බොරුවට එරෙහි වෙමින් ඊටම අවශ්‍ය වට පිටාව සකස් කරනව, පොදු ජනයා තද නින්දක!
ඔවුන් අවදි කරන්නෙ නැතුව ඉතිං අපිට ඉදිරි පැවැත්මක් නැහැ!
පාර්ලිමේන්තුව දැන් කොහොමවත් ජනතා අභිලාෂයන් නිරූපණය කරන්නෙ නැති නිසා, පක්ෂ ආකෘති බිඳගෙන ඊට පිටින් ජනයා සංවිධානය වෙන්න ඕනෙ. ඒ සඳහා ශක්තිමත් ජනමාධ්‍ය අවකාශයක් නිර්මාණය කරගන්න එක අත්‍යවශ්‍යයි, හේතුව රට ඉවර කරන සියලු මෙහෙයුම් කටයුතු සඳහා රටේ සියලු ජනමාධ්‍ය ආයතන ඉතාමත්ම සුක්ෂම විදිහට යොදා ගන්න නිසා. රාජ්‍ය, ආණ්ඩුව, ඊනියා ජාත්‍යන්තරය, රාජ්‍ය නොවන සංවිධාන ජලය සහ වෙළඳපොළ කියන්නෙ එකම අවකාශයක්, එකම සංකීර්ණයක්. එතකොට ජනමාධ්‍ය කියන්නෙ නුතන වෙළඳපොළ ප්‍රකාශනය! ඒ අර්ථයෙන්, එය business එකක් - හොඳ market එකක්!
ඒත්, ජනමාධ්‍ය එහෙම වෙනකොට ජනයාට මාධ්‍යයක් කෝ? ලංකාව, සමාජයක් විදිහට දැන් මුහුණ දෙමින් තිබෙන බරපතල ඓතිහාසික අර්බුදය වෙනුවෙන් ජනයා බලගන්වන්න නං ඒ අර්ථයෙන් ගොඩනැගෙන 'ජනමාධ්‍යයක්' ඕනෙ! ලෝකයෙ සෙසු ජනමාධ්‍ය වගෙ ලංකාවෙ මාධ්‍ය ආයතනත් තම තමන්ගෙ ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් මහන්සි වෙනව.
මෙතැනදී යහපත් සමාජයක් හෝ යහපත් රටක් වගෙ කතා අදාළ ම නැහැ, විකුණනව - විකිණෙනව! එච්චරයි...මේ රට ගැන කිඹුල් කඳුළු හෙලන, රටට දිවිහිමියෙන් වගෙ ආදරය කරන බව පෙන්වන වෙනත් ව්‍යාපාරිකයන් ට නං මේ ගැන කිසිම අදහසක් නැහැ, මහා නායක හාමුදුරුවරුන්ට, ජනප්‍රිය ධර්ම කථිකයන්ට, දළඳා මාළිගාවෙ දියවඩන නිලමෙ වගෙ අයට මේ මාතෘකාව අදාළ ම නැති ගානයි, ඇයි කළුතර බෝධිය? ඔය ගොඩ ගහගෙන ඉන්න මහා ධනයෙන් මාධ්‍ය ආයතනයක් හදල රට වෙනුවෙන් ජනයා බලගන්වන්න පුළුවං නෙ! මොන?! සුදු ඇඳගෙන, බෞද්ධ කොඩියත් පෙන්න පෙන්න ඔය මොනව හරි කර කර කට්ටිය fun එකේ ඉන්නව. මේ බරපතළ වර්තමාන දේශපාලන අනතුර මුලින්ම දැනෙන්න ඕනෙ ඒ තැන්වලට, ඒ ඇයි? රාජ්‍ය, ව්‍යුහාත්මකව වෙනස් කරන්න හදනව, බුද්ධාගමට තියෙන රාජ්‍ය ප්‍රමුඛස්ථානය ගිලිහෙන්න යනව! කියලවත් අඩුම තරමෙ ඒ තැන්වලට දැනෙන්න පටන් ගන්න ඕනෙ! පුදුමයි! එහෙම නැහැනෙ, නිකං හිතන්න බෞද්ධයා නාලිකාව, රන්ගිරි දඹුලු මාධ්‍ය වගෙ සිංහල බෞද්ධකමට මුවා වෙච්ච මාධ්‍ය ආයතන දැන් පිස්සු වැටිල වගෙ බෞද්ධ රාජ්‍ය බෙරගන්නවත් කොන්දේසි විරහිතව සටන් කරන්න ඕනනෙ...එක අතකට මේ පුදුමයකට හේතුවකුත් නෙවෙයි, හැමෝම ඉන්නෙ වෙළඳපොළ ඇතුළෙ විකාර වෙලා.
කොහොම හරි මේ ව්‍යවස්ථා වෙනස සිද්ධ වුණොත් රට නැත්තටම නැති වෙනව, හේතුව එහි දේශපාලන අරමුණ, ලංකා රාජ්‍ය බිඳල දුර්වල කරල තව දුරටත් වෙළඳ ගොදුරක් බවට පත් කරගන්න එක නිසා, ඒත් මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරමින් විරුද්ධ බලමුළුවක් හදන්න කෝ ඉතිං ජනමාධ්‍යයක්? හැම වාසියක්ම ඔවුන්ට...BBC, CNN, Channel 4...තව හුඟක් International media, Reuters වගෙ පුවත් ඒජන්සීස් ඔවුන්ට. ලංකාවෙ රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය ඔක්කොමත් ඔවුන්ට...
අපිට රට වෙනුවෙන් මාධ්‍ය අවකාශයක් නැහැ! රාජපක්ෂලාටත් ඔය ගැන අබ මල් රේණුවක අදහසක් තිබුණෙ නැහැ. දවසක කෙළවුණොත් තමන් වෙනුවෙන් පෙනී හිටින්නවත් ශක්තිමත් මාධ්‍යයක් ඕනෙ කියල ඔවුන් හිතුවේ නැහැ.
මේ අර්බුදයෙන් ගොඩ එන්න, රටේ ජනයා බලගන්වන්න ඕනෙ, කෙටි කාලීනව - දිගු කාලීනව. එත් කොහොමද? බලන්න දෙමළ ඩයස්පෝරාව වැඩකරන විදිහ! ඔවුන් දිගටම ශක්තිමත් මාධ්‍ය මෙහෙයුමක් පවත්වාගෙන යනව, ඒ හරහා විවිධ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් පවා සාර්ථකව ක්‍රියාත්මක කරනව. විදේශ ගතව ඉන්න යමක් කරන්න පුළුවන් කාටවත් එහම උවමනාවක් නැහැ. ඔය කාව හරි ගෙන්නවාගෙන පොඩි drink එකකුත් අරගෙන selfie ත් ගහල fun එකට රට ගැන කතා කර කර ඉන්න තමයි ඒ හුඟ අය ආසා. වැඩ නැති වෙලාවට  fb ඇවිත් comments එහෙමත් දායි. එච්චරයි. අපිව මරන්න ගෙනියනව, අපි හොරු, අපි බලන්නෙ වධක බෙරය විකුණගන්න පුළුවන්ද කියල.
අපි ඉතිං මොකද්ද කරන්නෙ?
CHAPA

Sunday, June 19, 2016

                                  NGO පුරවැසියන්ට එදිරිව!


20 වැනි සියවසෙ මුල් කාලය වෙනකොට විවිධ හේතු මත සංවිධානය වුණු කණ්ඩායම් ලෝකයෙ තැන තැන හිටිය, ඔවුන් එක එක සමාජ වුවමනාවන්  වෙනුවෙන් පෙනී හිටපු ස්වේච්ඡා සාමාජිකයන්, දෙවන මහා ලෝක යුද්ධයට පසුබිම්ව ගොඩ නැගෙන එක්සත් ජාතීන් ( United Nations  - UN ) ඉතාම සුක්ෂම විදිහට මේ සංවිධානගතවීම, නුතන රාජ්‍ය නොවන සංවිධාන (NGOs) බවට පත්කරනව. ඒ සංවිධාන ජාලය, එක්සත් ජාතීන්ගෙ ඒජන්තවරු හැටියට මේ වෙනකොට ලෝකය පුරා ඉතාමත්ම තීරණාත්මක මෙහෙයුමක නිරත වෙලා. ඔවුන් අදාළ වෙළෙඳ අරමුණු වෙනුවෙන්, අදාළ කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සඳහා පොළොව සකස් කරනව. විශ්ෂයෙන්ම ලතින් ඇමරිකානු, අප්‍රිකානු සහ ආසියානු රටවල රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ඔවුන් ඉතා සුක්ෂම විදිහට මැදිහත් වෙනව.
ඔවුන් යොදාගන්න සරල උපක්‍රමය තමයි 'පොදු මහජනයා' විදිහට වෙස්බැඳගන්න එක. ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නිදහස් සහ සාධාරණ මැතිවරණ, දේශපාලන ප්‍රචණ්ඩත්වය, ළමා අයිතිවාසිකම්, මානව හිමිකම්, සුළු ජාතීන්ගෙ අයිතිවාසිකම්, ස්ත්‍රී නිදහස, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ලිංගික හිංසනය, ලිංගික නිදහස, ආදරය, ආගමික නිදහස, සංස්කෘතික උරුමය...ඔය වගෙ බැලූ බැල්මට වැදගත් වගෙ පෙනෙන පැතිවලින් ඔවුන් පොදු සමාජය ග්‍රහණය කරගන්නව. ඒ විවිධ ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට ඩොලර් බිලියන ගණනින් ගෙවනව, නීතිමය ආරක්ෂාව ලැබෙනව. මේ රාජ්‍ය නොවන මැදිහත්වීම හරහා ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නෙ පොදු ජනයා නින්දට වට්ටන එක. ඒ වෙනුවට මේ NGO සාමාජිකයන් වීදි බහිනව, විරුද්ධ වෙනව. විරුද්ධවෙලා එකඟ වෙනව. එකඟ වෙලා අවශ්‍ය අරමුණු සඳහා නින්ඳට වැටුණු සමාජය තල්ලු කරනව. දශක ගණනාවක් හරහා වර්ධනය වෙමින් මේ මොහොතෙ ලංකාව පත්වෙලා තියෙන්නෙ අන්න ඒ තැනට.
කරන්න ඕනෙ එක දෙයයි - NGO බොරු පුරවැසියො වෙනුවට ඇත්ත පොදු ජනයා, රට වැසියා නැගිට්ටවා ගන්න එක, එත් ඒ කොහොමද?
CHAPA

Wednesday, June 15, 2016

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 9

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 9

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 9

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 8

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 7

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 5

CHAPA on Aluth Parlimenthuwa, June 15, 2016, P 4

CHAPA on Aluth Parlimenthuwa, June 15, 2016, P 3

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, P 2

CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016, Part 1

Tuesday, June 14, 2016

CHAPA on Ada Derana 24 X 7 Biz, June 9, 2016

කොළඹ 8, SWRD බණ්ඩාරනායක විද්‍යාලයෙ සිසු පා ගමනක් තිබුණා පහු ගිය සෙනසුරාදා (June 11, 2016). ඒ, මාර්ග අනතුරු වැලැක්වීම ගැන, ඒ වෙනුවෙන් පුවරු නිර්මාණය කරන්න මටත් අවස්ථාවක් හම්බ වුණා එක එක වැඩ මැද්දෙ, ඉතිං මේ ඉන්නෙ රටේ ඊළඟ පරම්පරාව නේද කියලත් හිතුණා, කොහොමත් වෙනස් අත් දැකීමක්! 

CHAPA


Monday, June 13, 2016

...අර අහිංසක Omar Mateen එතනම මරල දැම්මෙ? පව්නෙ! !

ඇමරිකා එක්සත් ජනපදයෙ, Orlando  හි පිහිටි Pulse රාත්‍රී සමාජ ශාලාවෙ සිදුවුණ සහාසික වෙඩිතැබීම දැන් ලෝකයම උණුසුම් කරල, ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පිස්සු වැටිල වගෙ මේ ප්‍රවෘතිය දිගට හරහට විකුණනව. ලංකාවෙ සමහර අයත් මේ සිද්ධියෙන් බලවත් කම්පනයට පත් වෙලා.
ඇත්ත! මේ බිහිසුණු සිද්ධි මිනිස් වර්ගයාටම නින්දාවක් සහ අගෞරවයක් නිසා කිසි විටෙකත් අනුමත නොකළ යුතුයි සහ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කළ යුතුයි! ඒත් ඇමරිකානුවන් දැන්වත් පසක් කරගත යුතු තිත්ත ඇත්තක් මෙතැන තියෙනව.
1948 අවසාන වන දෙවන මහා ලෝක යුද්ධයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදය ලෝකයම පාලනය කරන නව යටත් විජිතවාදයක් ගොඩ නගන්න මූලිකත්වය ගන්නව. විවිධ උපක්‍රම, උපාය මාර්ග...කුමන්ත්‍රණ! ඔවුන් අවසානයේදී නිල සහ නොනිල ලෝක පොලිස්කාරයා බවටත් පත් වෙනව. ප්‍රජාතන්ත්‍රවාදී පාලන මොඩලය, යහපාලන පරමාදර්ශය, සුපරි ආර්ථික ස්ථාවරය, ජාත්‍යන්තර සම්මුති, මානව හිමිකම්...ඔය වගෙ හුඟක් ඇමරිකානු කතා තියෙනව. ඒ ඔක්කොම අස්සෙ, ලෝකය පුරා ඔවුන් වපුරපු සහ වපුරන ත්‍රස්‌තවාදයෙ බීජ මහා වගාවක් බවට පත්වෙලා ඒ අස්වැන්න ඔවුන්ටම නෙලන්න සිද්ධ වෙනව කියල Pulse වෙඩි වරුසාවෙන්වත් ඔවුන්ට අවබෝධ කරගන්න සිද්ධ වෙනව. ඒත් එහෙම දේශපාලන දැනුමක් තියෙනව නං එදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පෙන්ටගනය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කුඩු පට්ටං වෙච්ච වෙලාවෙම එහෙම අවබෝධයක් ඔවුන්ට ඇතිවෙන්න ඉඩ තිබුණ. ඔවුන් හිතන්නෙ බින් ලාඩන් මරල මහ මුහුදට ගිහිං දැම්මනෙ, ඉතිං වැඩේ හරි! කියල.
ප්‍රශ්නය ඒක නෙවෙයි, ඔවුන් මේ දැනුත් අනිත් රටවල් හදන්න බලහත් කාරයෙන් මැදිහත්වෙන එක. ලංකාවටත් මේ තත්වය හොඳටම අදාළයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් මෑත ලංකා ඉතිහාසයෙ කොච්චර ම්ලේච්ඡ මිනිස් ඝාතන සිද්ධ වුණාද ? ඇමෙරිකාව ගැස්සුණා ද? ඔය මහ ලොකු ජනමාධ්‍ය, නැහැ! ප්‍රභාකරන් ඇතුළු ඒ ත්‍රස්තවාදීන් ඝාතනය වුණු එක ගැන නං ඔවුන්ට එක එක ලොකු ලොකු ප්‍රශ්න, එහෙමනං ඇයි ඔවුන්ගෙ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තියපු අර අහිංසක Omar Mateen එතනම මරල දැම්මෙ? පව්නෙ!
මේ කතාව තවම ඉවර නැහැ, පටන් ගත්ත විතරයි, එකක් පැහැදිලියි, කාටවත් ගැලවීමක් නං නැහැ, වපුරන බීජවල අස්වැන්න හැමෝටම නෙලන්නම වෙනව!
CHAPA    

Saturday, June 11, 2016

රට අනතුරේ!

ලංකා රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස් කරල දුර්වල තත්වයකට පත් කරන්න අවශ්‍ය දීර්ඝ කාලීන වැඩ පිළිවෙළ දැනටමත් ක්‍රියාත්මකයි, මුළු පාර්ලිමේන්තුවම එක මණ්ඩලයක් විදිහට ඒ වැඩේට දැන් කරගහල ඉන්නෙ, ලාල් විජේනායක ප්‍රමුඛ කණ්ඩායමක් ජනතා අදහස් විමසනව කියල අර කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට අවශ්‍ය ජනතා සහ නීති පසුබිම සකස් කරනව. මේ සියල්ල මෙහෙයවන්නෙ චන්ද්‍රිකා ප්‍රධාන රාජ්‍යනොවන නඩයක්, මේ වාර්තාව කියවන්න, අපිට රටක් විදිහට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන අභියෝගය සුළු පටු නැහැ...
 https://www.scribd.com/doc/315021797/PRC-Sinhala-Report
 CHAPA

Kanthi kodikara youtube mp4 Google Drive

Wednesday, June 8, 2016

අපි මොක්කුද?

මැති ඇමතිවරු ගණනාවකට, ඒ කියන්නෙ අමාත්‍යංශ 22 ක වාහන 32 ක් මිලදී ගැනීම සඳහා 117 කෝටි 55 ලක්ෂයක් වැයකිරීමට ආණ්ඩුව ගන්නා තීරණයට අපි හැමෝම බෙදීමකින් තොරව එක හෙළා විරුද්ධ වෙන්න ඕනෙ! රුපියල් බිලියන ගණනින් අය වැය පරතරය වැඩිවෙන මේ රටේ, දෙස් විදෙස් ණය බිලියන කන්දරාවකට යටවෙලා තියෙන මේ රටේ, වගාකරගත්ත අස්වැන්න කලට වෙලාවට විකුණගන්න බැරුව හුල්ලන මිනිස්සු ඉන්න මේ රටේ, කොටින්ම දුප්පත්කම එන්න එන්න වැඩිවෙන මේ රටේ...මේ ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා කීප දෙනෙකුගෙ fun එක වෙනුවෙන් මෙහෙම කෝටි ගණනක මහා මුදල් කන්දරාවක් නාස්ති කරන්න ඉඩ දෙන්න කොහොමටවත් බැහැ!
ඒ අස්සෙ ගයන්තලා - රාජිතලා..මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල චන්ඩි වගෙ මේ මහා ආර්ථික අපරාධය හිනා වෙවී සාධාරණීකරණය කරන කැත!
තමන් රජෙක් නෙවෙයි ජනතා සේවකක් යැයි කියාගන්න ජනාධිපතිවරයාට දැන් කියන්න තියෙන්නෙ මොකද්ද?
ඇත්තටම මේ දේවල් දිහා ඔහේ  බලාගෙන ඉන්න අපි මොක්කුද?
CHAPA    

Monday, June 6, 2016

රාජ්‍ය පුපුරා යන කල!?

සාලාව හමුදා අවි ගබඩාව පුපුරා ගිනිබත් වුණේ කොහොමද කියල තවම හරියටම කියන්න බැහැ, ඒ ගැන දැන් පරීක්ෂණ පැවැත් වෙනව ලු! සමහරවිට ඔය පරීක්ෂණ වලින් පස්සෙත් ඒ ගැන මොකුත්ම හොයාගන්න බැරි වේවි, එහෙම අභිරස් කොච්චර නං මේ රටේ තියෙනවද? කොහොම වුණත් මේ තත්වය ඉතාම සංකීර්ණ වට පිටාවකට අදාළයි.
අපි කැමති වුණත් අකමැති වුණත් අපි පවතින්නෙ 'රාජ්‍ය' ක කොටස් විදිහට, මානව ශිෂ්ටාචාරයම මේ මොහොත වෙනකොට ආකෘතිගත වෙලා තියෙන්නෙ රාජ්‍යයන් විදිහට, විද්‍යාත්මක සමාජවාදී සංවාදය ඇතුළෙ මීට වඩා වෙනස් පාලන ආකෘතියක් ගැන ඉඟි පහළ වුණත් ඒවා ප්‍රායෝගිකව අත්හදා බලන්න විදිහක් නැහැ. එතකොට ලෝකයෙ හැම රටක්ම තම තමන්ගෙ 'රාජ්‍ය' ශක්තිමත්ව පවත්වාගන්න අරගල කරනවා විතරක් නෙවෙයි අනෙක් රාජ්‍යයන් දුර්වල කරල තමන්ට නතු කර ගන්නත් මාන බලනව. වෙළෙඳ පොළ පුළුල් කර ගැනීම සහ සම්පත් කොල්ල කෑම තමයි මෙතැන දි ප්‍රධාන වෙන්නෙ.
ඔය අතර සමහර රාජ්‍යයන්, අනෙක් සමහර රාජ්‍යයන් බිඳල තවත් රාජ්‍යයන් හදල තමන්ගෙ දේශපාලන අරමුණු ඉටුකරගන්න සැලසුම් දියත් කරනව. අන්න ඒ වගෙ ක්‍රියාන්විතයකට තමයි ලංකාවත් මේ වෙනකොට ගොදුරු වෙමින් තියෙන්නෙ.
මෙතැනදි, රාජ්‍යයක ශක්තිය මැන බලන ප්‍රධාන පරාමිතිය බවට පත්වෙන්නෙ හමුදා ශක්තිය. පාබළ, නාවුක සහ ගුවන්. ලෝකය හොල්ලමින් එක එක කලාප තෝරගෙන ඔය ප්‍රබලයි කියන රටවල් යුද අභ්‍යාස සංදර්ශන පවත්වන්නෙ ඒ නිසාමයි. මේ සංදර්භයට අදාළව, යුද ශක්තියෙන් අතිශය ප්‍රබල බව කියැවුණු එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කෙරෙන මොහොතෙ ලංකා රාජ්‍ය ගැන ලෝකයෙ විශේෂ අවධානයක් යොමු වෙනව. විශේෂයෙන්ම ඉන්දියාව කලබල වෙනව. ලෝක ත්‍රස්තවාදය පවත්වාගෙන යන්න උදව් කරන ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කලබල වෙනව. රාජපක්ෂ පාලනයට එරෙහි Regime Change ක්‍රියාන්විතය දියත් වෙන්නෙ ඒ නිසයි, හැබැයි රාජපක්ෂලා මේ ගැන තවමත් දන්නෙ නැහැ!
කොහොම හරි මේ මොහොත වෙනකොට ලංකා රාජ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථා වෙනස්වීමකට සුදානම් වෙනව. රාජ්‍ය බලය හෙවත් හමුදා බලය දුර්වල කෙරෙමින් සහ හෑල්ලු කෙරෙමින් තියෙනව. ලංකා රාජ්‍යයෙ සිංහල බෞද්ධ ව්‍යවස්ථාමය පදනම බිඳින්න හදන්නෙත් ඒ ථේරවාදී බුදු දහම විවිධ ක්‍රමවලට දියකර දාන්න වැඩ සිද්ධ වෙන්නෙත් මේ දේශපාලන ක්‍රියාන්විතයට අදාළවම යි. මෙහි ප්‍රධාන ඒජන්තවරු වෙන්නෙ විවිධ නම් වලින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන.
ඉතිං ලංකා රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාවක් මෙහෙම හදිසියෙ පුපුරා යන එක සාමාන්‍ය සිද්ධියක් හැටියට ගන්න අමාරුයි, සිදුවන මේ සියල්ල අතර අන්තර් සම්බන්ධයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ මොහොතට අතිශය අදාළ නිසාම ඊට විද්‍යාත්මක පිළිතුරු හොයා ගන්න අපි හැමෝටම ඉතිහාසය බල කරනව!
CHAPA