Sunday, November 29, 2015

What can we do?

WHERE and HOW can we talk ?

Nov 30, 2015,
We  have to educate people in this country to meet the challenges of present political situations even at the global level, but how?
I have been working as a Journalist and a Political Activist since year 2000, I worked for SLBC Vishwa Shrawani Vikashaya, Lakhanda Radio, Rawaya news paper, tv TNL and participated for various programs on BBC sandeshaya, Sirasa tv, MTV, Swarnawahini, Max tv, Ran fm, Ran One fm, neth fm, Sri tv, Colombo tv, Derana tv etc, meanwhile a new media movement named 'Nidahas' ( free media movement ) was launched in year 2001and its operation had been very successful during its first decade, but in year 2011, I had to dissolve it due to the critical financial situation: I felt that I was not able to continue it any more.
      As you all are aware 'media' is only a business and it serves for its Capital, nothing else. In this context, if we do believe that we are in a historical political crisis at global level, we will have to accept that media is also responsible for the said crisis!
      it does mean that we have no media to seriously discuss of the issues continuously related to situations of the crisis, though most of the governments are keen in developing reforms on freedom of expression, it makes 'nothing' as the proposed freedom is granted by the market while all the governments are also being handled as its long arms all over the world, therefore political parties also never realize what has been really going on, most probably such politicians are blind and deaf in this attractive media marketing! the most important fact is, if we directly approach people ignoring media, most of them do suspect that we are not capable to work with media - we are not accepted by the media !?
so what can we do?
where and how can we educate and empower people? I have been thinking....
...just to share my experience with you all!
CHAPAbandara       
Gariella Marketing!
අයවැය විකුණන්නත් ජනතා මුදල් ?
මේ අයවැය හොඳ අයවැයක් කියලා අපට කියා දෙන වෙළද දැන්වීම් ගණනාවක් මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය කරනවා .මේ සදහා වැයකෙරෙන අති විශාල මුදල ඔය කාගේවත් පුද්ගලික ධනයෙන් වෙන්න බැහැ!
අයවැය පිළිබඳ රට තුළ විවෘත කතිකාවක් ඇති කරනු වෙනුවට ජනතා මුදල් මෙහෙම විනාශ කරන එක රටට කරන හානියක් නෙවෙයිද ?
Kumara CHAPAbandara
Nov 29, 2015

Did Prof Sunil Ariyarathne know? Feb 26, 2014

Chapa At Kelin Kathwa, Sirasa TV

සාංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නං...Tourism as an industry!

Saturday, November 28, 2015

Nov 17, 2015,
අයවැය අපේ නෙවෙයි !
අයවැය කියන්නෙ රටක ඉදිරි වසර සදහා කෙරෙන ආර්ථික පුරෝකථනය. ආණ්ඩුව මේ දවස්වල සුදානම් වෙන්න ඕන ඒ තීරණාත්මක කාර්යයට. ඒත් වෙන හැම අවුරුද්දකදිම වගෙ මේ පාරත් පොදු ජනයාට බර පැටවෙන ඉලක්කම් ගොඩක් පමණයි 2016 අයවැය විදියට දකින්න ලැබෙන්නෙ. මොකද ,පාර්ලිමේන්තුව අහලකවත් රටේ ආර්ථික ගමන ගැන කිසිම සංවාදයක් නැහැ. ඉස්සරත් නැහැ - දැනුත් නැහැ!
අපේ රට කෘෂිකාර්මික පදනමක් තියෙන රටක්. රට ණය උගුලක හිරකරලා තියෙන මූල්‍ය සමාගම්, හැම ආණ්ඩුවකටම උගන්වන්නෙ ඔය පදනම විනාශ කරන හැටි. ඊ ළගට බහුජාතික සමාගම් පොකුරක් ලංකා ආර්ථිකය අත්පත් කරගෙන. දේශිය මහා, මධ්‍යම හෝ සුලු පරිමාණ කර්මාන්ත කරුවන්ට රටේ ඉඩක් නැහැ .එක පැත්තකින් ඉන්දියාව, අනිත් පැත්තෙන් චීනය, ලංකාව තම කොලනියක් බවට පත් කරගන්න සැලසුම් දියත් කරලා.
ඉන්දියාව තමයි දැන් බලවත්. මේ සියල්ලට සමගාමිව ආර්ථිකයේ ගාමක බලවේගය වන අධ්‍යාපනය විකෘති කෙරෙනවා. සෞඛ්‍ය ප්‍රමුඛ සුබසාධන සේවාවන් සියල්ලමත් දිය කර හැරෙනවා. කොටින්ම අපිට කිසිම ආර්ථික සැලැස්මක් නැහැ. EPF - ETF කොල්ල කාලා එක එක විදියේ බදු ගහලා, සමාජ විරෝධී ව්‍යාපාර වලට බොරුවට බැන බැන ඒවායෙන් වැඩි බදු ඉල්ල ඉල්ල, විදේශ ගත ශ්‍රමිකයන්ගෙ දුක් ගැහැටවල නාමයෙන් තමයි 2016 අයවැයත් හැදෙන්නෙ. ඔය අතරෙ කැසිනෝ සහ ගණිකා (?) ජාවාරම් හරහා රට ගොඩගන්න පුලුවන් කියල හිතන ඊනියා බුධිමතුන් කට්ටියකුත් ඉන්නවා. රටේ එන්ජිම පුද්ගලික අංශය තමයි කියන, ඒ වගෙම තවත් කට්ටියක්, ඉතුරු වෙලා තියෙන රාජ්‍ය දේපොළ ටිකත් විකුණන්න කැසකවනවා.
ගෝලීයකරණය තුළ ලංකාව රටක් හැටියට පවත්වාගෙන යන්න මේ බොරු අයවැය වලින් නං කොහෙත්ම බැහැ. පාලකයන්ට කෙසේ වෙතත් රටේ ව්‍යාපාරිකයන්ට වත් මේ සරල යථාර්ථය තේරෙනවනං!!

kumara CHAPAbandara


සමාජ විරෝධී ව්‍යාපාර වලට බොරුවට බැන බැන...CHAPA on Colombo TV

NET WORK MARKETING!

Net work Marketing කියල පිරමිඩ ක්‍රමයට කෙරෙන මහා ජාවාරම සියලු ගම්බිම් හරහා වසංගතයක් වගෙ පැතිරෙනව. වීශේෂයන්ම අවුරුදු විසි ගණන්වල තරුණ පරම්පරාව මේ ජාවාරමට කොටු වෙන ප්‍රවණතාව වේගවත්. මේ ජාවාරම පටන්ගත්තෙ අද ඊයේ නෙවෙයි .එක වෙලාවක මේ ජාවාරමේ මහා මොළකාරයා වුණේ අජිත් නෙවාඩ් කබ්‍රාල්, හිටපු මහා බැංකු අධිපති. ඒ ගැන පත්තරවලත් වාර්තා පළ වුණා. අජිත් එතකොට UNP ක්‍රියාකාරිකයෙක්, පස්සේ ඔහු මේ ජාවාරම ගැන කරුණු අනාවරණය වන අතරෙම හෙමිට මහින්ද රාජපක්ෂට හේත්තු වුණා. මහාබැංකු අධිපති වුණා, කියවෙන හැටියට ඒ වන විට ඔය ජාවාරම ගැන CID එක පටන් අරගෙන තිබුණු පරික්ෂණ යටගහලා.
දැන් ජාවාරම තවත් සියුම්. බඩු විකුණන විදියට තමයි පිරමිඩය හැදෙන්නෙ. මෙය, එක වෙලාවක රටේ ආර්ථිකය තුළ හිතාගන්න බැරි මහා හිඩැසක් හදල මිලියන ගණනක මිනිස්සු අමාරුවේ වැටෙන්න මේ ජාවාරම හේතු වෙනවා.
ඒ නිසා ජනයා දැනුවත් කරන්න! එරෙහි වන්න!
කොතලාවලලට සක්විතිලාට වැඩිය දරුණු ජාවාරම් කරයෝ තව හුගක් ඉන්නව!
සීරුවෙන් !!