Saturday, December 31, 2016

   මෛත්‍රී - මහින්ද හවුලක්?


2017 උදාවන මේ මොහොතේ තැනින් තැන ඇහෙන කතාව තමයි, අලුත් අවුරුද්දෙ ආණ්ඩු පාලන වෙනසක් ඇතිවෙන්න නියමිත බව. මහා මැතිවරණයක් ළඟ නැති නිසා, එහෙම නං සිද්ධවෙන්න පුළුවන් එකම එක දෙයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති මෛත්‍රීගෙ එකඟතාව මත, යහ පාලන ආණ්ඩුවෙන් එළියට ඇවිත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කරන එක. ඒ විදිහෙ ඉඟියක් මහින්දගෙ පැත්තෙනුත් එනවා එනවා වගෙ.
ඒ කියන්නෙ, රනිල් කේන්ද්‍රීය එජාපයට එරෙහිව, මෛත්‍රී - මහින්ද කේන්ද්‍රීය ශ්‍රීලනිපය!
මේ, ශ්‍රීලනිප පාක්ෂිකයන් සහ විශේෂයෙන්ම රාජපක්ෂවාදීන් කුල්මත් කරවන සහ ඊට එරෙහි එජාපය ප්‍රමුඛ ඊනියා යහපාලන නඩය කලබලයට පත් කරවන ආරංචියක්. එය එසේ සිදුවුණොත් අපේ මාධ්‍ය ආයතන වලටත් සෑහෙන්න වැඩ තියෙයි.
මේ අනාගත අනුමාන සිදුවීම කල්තියා කියවගන්න අපි දැන් උත්සහ කරමු!
2015 ජනවාරි 8 සිද්ධවුණේ Regime Change එකක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මිලිටරි වශයෙන් මුළුමනින්ම පරාජය කරන ලංකාව සහ එහි ජයග්‍රාහී යුධ බලය මෙන්ම චීන - ලංකා වෙළෙඳ ප්‍රේමය කලාපීය තැතිගැන්මක් ඇතිකරනවා. ඉන්දියාව සහ ඒ පසු පස එන ඇමරිකානු දේශපාලනය ඔන්න වැඩ පට ගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි රාජ්‍ය නොවන පරිවාර බලකාය game එකට බහිනවා, චනද්‍රිකා God Mother ගෙ භූමිකාවට පණ පොවනවා. මේ කිසිවක් වටහා නොගන්න රාජපක්ෂලාගෙ fun එක එකපාරටම ඉවර වෙනවා, මහින්ද ගෙදර යනවා. එච්චරයි!
ඔය සේරම මැද්දෙ, 1977 සිට පියවරෙන් පියවර ඉස්සරහට එන ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ක්‍රියාවට නැංවෙන, මේ රටේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉස්සරහටම යනවා. ජේආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල්...සේරම ඒ අඛණ්ඩ ක්‍රියාවලියෙ ඒජන්තවරු. ජවිපෙත් අනාගත ආණ්ඩු සිහිනයක පටලැවී, ඒ අර්බුදයෙම ප්‍රධාන කොටසක් බවට පත්වෙනවා. වමේ බව කියන අනෙක් පක්ෂ, ජාතික හෙළ උරුමය වගෙ ඊනියා ජාතිකවාදී පක්ෂ ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඔවුන් තම පැවැත්ම සඳහා ජනයා නොමග යවන ඓතිහාසික අපරාධකරුවන්ම තමයි.
මේ සන්දර්භය තුළ සිද්ධවන 'ජනවාරි 8 කුමන්ත්‍රණය' හදපු ''ඊනියා යහපාලන ව්‍යාපෘතිය'' දැන් එක තීරණාත්මක තැනකට ඇවිත්. ඔවුන්ට පැවරුණේ;
1. විධායක ජනාධිපති බලය දියකිරීම.
2.  ඊනියා පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කරන ජාතික ආණ්ඩුවක් හැදීම.
3. රාජ්‍ය ව්‍යුහාත්මකව බෙදුම්වාදී ආකෘතියකට මාරු කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම.
4. 1977 පටන් ක්‍රියාත්මක පෙර කී ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ වඩා සංවිධානාත්මකව සහ කඩිනම්ව ඉදිරියට ගෙනයෑම,
ඇතුළු ''දේශපාලන කොන්ත්‍රාත්තුවක්''.
ඊට සමගාමීව, චීනය - ඉන්දියාව - ඇමෙරිකාව සඳහා පිළිවෙළින් ලංකාව දෙන්න නියමිත් දොළ පිදේනි! හම්බන්තොට, කොළඹ සහ ත්‍රීකුණාමලය වරාය බල ව්‍යපෘති!
මෛත්‍රී - රනිල් හවුල ඒ කොන්ත්‍රාත්තුව සෑහෙන ප්‍රමාණයකට - සාර්ථකව කෙරුවා. චන්ද්‍රිකා ප්‍රමුඛ NGOs නඩය තම තමන්ගෙ රාජකාරී වැඩ කටයුතු අවංකව සහ උපරිමයෙන් කෙරුවා. ඒත් එක තැනක ඔවුන් හිරවෙනවා. ඒ;
1. මෛත්‍රී - රනිල් ව්‍යාපෘතිය පොදු ජනයා ප්‍රත්ක්ෂේප කිරීම නිසා.
2. දුෂණ, වංචා සහ අක්‍රමිකතා මැද ආණ්ඩුව තුළම බල පොරයක් නිර්මාණය වීම නිසා.
3. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු, ආණ්ඩු බලයට සම්බන්ධ සහ ඊට එරෙහි කණ්ඩායම් වඩා ශක්තිමත් වෙමින් තියෙන නිසා.
3. ඉහත තත්වයන් සැලකිල්ලට ගන්නා චීනය දැන්, පෙරළා - ඉන්දියාවට සහ ඒ පසු පස වැඩකරන ඇමරිකානු දේශපාලනයට එරෙහිව කළාපීය මෙහෙයුමක් දියත් කිරීම නිසා.
මේ අනුව, යළිත් වතාවක්, වෙනස් ආකාරයක Regime Change එකක් සිද්ධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ තමයි, යම් විදිහකට ගොඩ නැගෙන්න නියමිත ''මෛත්‍රී - මහින්ද'' හවුල!
එහෙම වුණොත්, එය ඉතාම අනතුරුදායක තත්වයක්!
ඔය කලින් කියපු විදිහට, දැනට හිරවෙලා තියෙන, තව දුරටත් රට විනාශ කරන ඊනියා යහ පාලන ව්‍යපෘතිය වෙන ''විශේෂ තත්වයක්'' යටතේ සාර්ථකව ඉස්සරහට ගෙනියන්න එතකොට පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට, හම්බන්තොටින් නැගෙන, චීනයට ඉඩම් පවරා දීමට එරෙහි ජනතා විරෝධය ඕන නං මහින්ද ( රාජපක්‍ෂලාගෙ! ) ලවා නිකම්ම දියකරලා දැන් පුළුවන්. ඊනියා ව්‍යවස්ථා ව්‍යාපෘතියත් වෙන විදිහකට ස්ථාන ගත කරන්න පුළුවන්. දැනට හිරවෙලා තියෙන අනිත් ව්‍යාපෘතිත් ඒ විදිහමයි.
මේ තත්වය තේරුම් ගන්න සරල උදාහරණයක් දෙන්නං!
චන්ද්‍රිකා පාලන සමයෙ අන්තිම කාලයෙදි, මේ රටේ නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් ඉවර කරලා දාන්න අත්සන් කරන්න නියමිතව තිබූ  ''තරා - හැරල්ඩ්'' ගිවිසුමට ජවිපෙ ශිෂ්‍ය කණ්ඩායම් ඇතුළු සැහෙන පිරිසක් විරෝධය පෑවා, උද්ඝෝෂණය කෙරුවා. අන්තිමට මහින්දගෙ ආණ්ඩුව යටතෙ, මුදල් අමාත්‍යංශයෙ ලේකම් පීබී ජයසුන්දර ඒ ගිවිසුම අත්සන් කෙරුවා, කවුරුවත් ගනං ගත්තෙවත් නැහැ. ඔය වගෙ උදාහරණ ඕන තරම්! වැඩිය ඕන නැහැ, එජාපයෙ ''යළි පුබුදමු ශ්‍රී ලංකා'',  චන්ද්‍රිකා, චන්ද්‍රිකා - ජවිපෙ ( පරිවාස හවුල! ) හරහා පිළිවෙළින් ප්‍රකාශයට පත් කෙරෙන ''රට පෙරට'' සහ ''අපේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම'' ''දස අවුරුදු මහින්ද චින්තන සැලැස්ම'' පරිස්සමට අධ්‍යනය කරලා බලන්න! ඒ සියල්ල පදනම් වෙන්නෙ, ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ඊනියා උපදෙස් සහ සංකල්ප.
එහෙම නං, මේ උදාවන අලුත් අවුරුද්දට 2017 ට, අපි 'මහජනයා' හැටියට කල්පනාවෙන් මුහුණ දෙමු!
''මොකා  බලයට ආවත්, මොකා මොකා මොන හවුල් හදා ගත්තත් 'අපි' රටේ පාලනය, වඩා යහපත් දිශාවකට මෙහෙයවමු! ගෝලීය වෙළෙඳ පොළ තුළ, ශ්‍රී ලංකාව, ස්වාධීන රටක් හැටියට, වඩා ශක්තිමත්ව ස්ථාන ගත කිරීමට මැදිහත් වෙමු!
එන්න! අපි සුබ මොහොතින් ගිවිස ගනිමු!
CHAPA 


   

Thursday, December 29, 2016

හෙළ උරුමය, ජවිපෙ, එල්.ටී.ටී.ඊ, NGOs සහ තවත් කණ්ඩායම් සමග...

 ''ඉතිහාසය තුළ අපි''!

''...කෙසේ වෙතත්මේ ලෝක දේශපාලන යථාර්ථය තුළ නිශ්චිත තැනක පය ගසා අපි, අපේ යුගයේ ඉතිහාසය සම්පුර්ණ කළ යුතුය. ඒ සඳහා ඒ - ඒ ඓතිහසික තත්වයන් විසින් අපිට බලකර කියා සිටින අනේක විධ දේශපාලන ක්‍රියාකාරකම් අපමණය. ඇතැම් ක්‍රියාකාරකම් දීර්ඝ කාලීන පැතිර යෑමකට අදාළය. ඇතැම් ක්‍රියාකාරකම් ''ඒ මොහොතටම'' අදාළය. ඒවා කිසිසේත්ම කල් දැමිය නොහැකිය. කල් දැමීම මගින් සිදු වන්නේ, පෙර කී ''දීර්ඝ කාලීන දේශපාලන විකාශය'' ට ඓතිහාසික බාධාවක් ඇතිවීමට ඉඩ ලබා දීමය. අපි ''ජාල රකුසන්ට එරෙහිව...'' කෙටුම් පත් කරමින් මේ අරගල කරන්නේ එවැනි සවිඥානික වටපිටාවකය.
'කතාව' මේ ලාංකීය පොළොවට අදාළ කරන විට මේ මොහොතේ නම් සිදුවන්නේ, ශ්‍රීලනිප - එජාප කූට සන්ධානගත වීමක් මගින් දශක ගණනාවක් තිස්සේ ක්‍රියාවට නැංවීමට උත්සහ කෙරෙමින් තිබෙන පෙර කී නුතන ලෝක ධනේශ්වරයේ ඊනියා ප්‍රතිසංස්කරණ, වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස්වෙමින් තිබීමය. එහි මුල් වටයට පමණක් අවශ්‍ය ස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් බාධාවකින් තොරව පවත්වා ගැනීමය.
හෙළ උරුමය නම් දැනටමත් ඒ අභියස දණ නවා අවසානය. 2007 ජනවාරියේ දිනෙක ඇමරිකානු තානාපතිවරයා මුණ ගැසී, එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ, හෙළ උරුම පාර්ලිමේන්තු මංත්‍රී - එල්ලාවල මේධානන්ද හිමි, පසුව මාධ්‍යවලට ප්‍රකාශ කළේ, ඔවුන්ගේ ඒ කරුණු දැක්වීම ඉතා සාර්ථක වූ බවත් - ඒ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරයා බොහෝ සතුටු වූ බවත්ය.
හෙළ උරුමය දන්නා ලාංකේය අර්බුදය විසඳා ගැනීමට ඇමරිකාව උදවු කරන බවත් කීවා ලු!
මේ මොහොතේ ඊනියා දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලය ගැන කතා කිරීමටවත් දෙයක් නැත.කිසිම කොන්දේසියක් නොමැතිව ඔවුන්ගේ ඩොලර් දේශපාලනයට විරුද්ධ විය යුතුමය. ජලය විකිණීම ද ඇතුළු සමස්ත සම්පත් විකිණිල්ල තුළ - කොටින්ම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳ අපි දැන් බොහෝ දෑ කතා කර ඇත්තෙමු.
ඔවුන්ගේ ද හුවමාරු අනුග්‍රහය මත පෙර කී නූතන ලෝක ධනේශ්වරයේ අර්ධ රූකඩයක් ලෙස ක්‍රියා කරන එල්.ටී.ටී.ඊ. සංවිධානය ද, මේ මහා ඛේදවාචකයේ ප්‍රධාන කොටස් කරුවෙක් වෙමින් සිටින ආකාරය අපි දැනටමත් තහවුරු කර ඇත්තෙමු. ඔවුන්ගේ වෙනම රාජ්‍ය අරමුණ නිසා, දැනට බලය මධ්‍යගත වූ ජල වෙළෙඳ පොළක් ගොඩ නගා ගැනීමේ බාධාවක් පවතින මුත් එය සැලකිය යුතු යහපත් තත්වයක් නොවේ.ඒ වෙනුවට දැනටමත් මේ ඊනියා ප්‍රතිසංස්කරණවාදීන් කියා සිටින්නේ පළාත් මට්ටමෙන්, ඇතැම් විට ප්‍රාන්ත මට්ටමෙන් හෝ ජලය විකිණීමට අදාළ බලය බෙදා දෙන බවය.එල් ටී.ටී.ඊ. නොමේරු මොළ කාරයන්ට ඇතැම් විට එය සතුට ගෙන දෙන යෝජනාවක් ද විය හැකිය.
ලාංකේය පොළොවේ සියලු සාධක සන්සන්දනය කොට බලන විට මේ තීරණාත්මක කාල තීරුවේදී ජවිපෙ ට පැවරෙන වගකීම නම් සුළු පටු නොවේ.කවුරු කැමති වුණත් - කවුරු අකමැති වුණත් ලක්ෂ ගණනක් පාරට බැස්සවිය හැකි, ගැනීමට නොව දීමට සුදානම් බිම් මට්ටමේ මහා මිනිස් ජවයක් ඇත්තේ ඔවුන්ටය. ගම සංවිධානය කිරීමේ සංවිධාන ශක්තිය ඇත්තේද ඔවුන්ටය. අනෙක් අතට ''දේශපාලනය කරනවා'' වැනි මාතෘකාවකට අදාළව හැරී බැලිය හැක්කේ ද  පක්ෂයක් වශයෙන් ගත කල ඒ පක්ෂය දෙස පමණි.අනෙක් බොහෝ පක්ෂ පවතින්නේම මේ ඕජස් ගලන දේශපාලන තුවාලයේ පිහිටෙන්ම - එහි කොටස් ලෙසමය.
එහෙත් ජවිපෙ තම ගමන් දිශාව දැඩි උවමනාවකින් පරීක්ෂා කර බැලිය යුතුමය. නැවතී ආපසු හැරී බැලිය යුතුමය. ලෝකය පුරා සිදුවන්නේ කුමක්දැයි ඔවුන් නිරවුල්ව අවබෝධ කරගත යුතුමය.
මේ සියල්ල අතර උපතින් 'මිනිසෙක් වූ' පමණින්ම තම උර මත පැටවෙන දේශපාලන වගකීම හරි හැටි අවබෝධ කරගෙන - මිනිසුන් වූ අපි සියලු දෙනාම මේ ජල කොල්ලයට එරෙහිව නැගී සිටිය යුතුය.
ඔව්! මිත්‍රවරුණි, මේ සටන ජල රකුසන්ට එරෙහිවමයි....''
'ජල රකුසන්ට එරෙහිව...' 2007, පිටු 296 - 297
CHAPA  
        

එතකොට මේ රනිල් - මලික් එකතුවෙලා රටේ ජාතික හෙළ උරුමය ආරක්ෂා කරන්න හදනවා?!

විල්පත්තු - කල්ආරු මහා වන විනාශය නවත්තපියව්!

නත්තලත් විකිණෙනකොට...

මුස්ලිම් මිත්‍රවරුණි! මේ අහපල්ලා!! 


විල් පත්තුව, කල් ආරු හරිත වන තීරුව විනාශ කරලා, මුස්ලිම් ජනාවාසයක් හදාගන්න, රාජපක්ෂ පාලන කාලයෙදි  උඹලට අවසර ලැබුණෙ - දැන් උඹලට ඒ මහා විනාශය දිගට කරගෙන යන්න, මෛත්‍රී - රනිල් ආණ්ඩුවෙ පුර්ණ රාජ්‍ය රැකවරණය ලැබෙන්නෙ, උඹලාට එහෙම අයිතියක් තියෙන නිසා නෙවෙයි. මේ රටේ පාදඩ දේශපාලනය නිසා.
උන්ට ඕනෙ ඡන්ද. දෙතුන් ගොල්ලම උඹලට බය උඹලගෙ ඡන්දය නැතිවෙයි කියලා. තව කට්ටියක් සල්ලි පෙරේතකමට.
විශේෂයෙන්ම සමහර රාජ්‍ය නිලධාරීන්. අනිත් පැත්තෙන් ඒ වගේ උන් ඔය මෝඩ - කපටි දේශපාලනඥයන්ගෙ හෙන්චයියලා.
උඹලා සිංහල මිනිස්සුන්ට, ජාති වාදීන්! කියලා බනින එක හරි! උන් කට්ටියක් මුස්ලිම්වාදී, තව කට්ටියක් දෙමළවාදී, සිංහල ජාතීවාදීන් නං අම්මපා! නැහැ. එහෙම ඉන්නවා නං තමන්ගෙ ජාතිය ගොඩනගන්න, ශක්තිමත් කරන්න මහන්සි වෙන්න එපායැ. කෝ! නෑනෙ!
කොහොම වුණත් උඹලා ඔය වැඩේ නවත්තන්න ඕනෙ. උඹලගෙ අපේ අම්මලා, අප්පලා -  සහෝදර, සහෝදරියො - දුවලා, පුතාලා...වගෙ සාරෙට වැඩිලා අපිට උඹලාට හෙවන දෙන මහා ගස් කොළන් හතුරො වගේ කපලා බිම දාන්න උඹලගෙ අත් වලට හයිය එන්නෙ කොහොමද? හිතලා බලපල්ලා! ඔය මහා වන වියන මුළු ලෝකයටම අයිතියි. සත්ව ලෝකයත්, මුළු ලෝකයටම අයිතියි. උඹලා කරන ඔය බරපතළ අපරාධයෙන් ජෛව ගොලයම නැතිවෙනවා. අනිත් සත්තු නැතිවෙනවා කියන්නෙ අපිත් නැති වෙනවා කියන එක, ඒ අපි ඔක්කොම සත්තු නිසා.
ජාතිවාදය අමතක කරපල්ලා!
අපි ඉස්සර විදිහටම සහෝදරත්වයෙන් එකට ජීවත් වෙමු! මේ, සිංහල, දෙමළ, මුස්ලිම්...අපි, ශ්‍රී ලාංකිකයන් විදිහට එකට ජීවත් වෙන රට!
වරෙල්ලා! අපි වෙනස් වෙමු, එකට වැඩ කරමු...
ඔය මහා වනාන්තරය අපේ!
CHAPA    

Tuesday, December 27, 2016

තවත් කතාවක්...
රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම්, මොරටු සමන්...
තුන්දෙනාම යන්න ගියත්!

   
98 - 2000 කාලයෙ මම රාවයේ කතෘ මණ්ඩලයට  වැඩකරද්දී, ඒ වෙනකොටත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගේ රැකවරණය යටතේ සිටි බව කියැවුණු මොරටු සමන්, කෙසෙල්වත්ත පොලීසිය හදිසියේම අත්අඩංගුවට ගත්තා. ඇත්තටම වෙලා තිබුණෙ වැරදීමක්. වෙන කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නකොට ඒ අතරෙ මොරටු සමනුත් ඉඳලා. අඳුනගෙන තියෙන්නෙ පස්සෙ.
කොහොම හරි 'රාවය' ට ටිකක් අමුතු විදිහක පණිවිඩයක් ආවා.
''කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන මොරටු සමන් 'රාවය' ට පාපොච්චාරණයක් කරනවා!'' ඕක තමයි පණිවිඩය. රිමාන්ඩ් භාරයේ හිටපු සමන්ව මුණ ගැහෙන්න නියමිතව තිබුණෙ මට. මාව රිමාන්ඩ් එකට එක්ක යන්න සමන්ගෙ පැත්තෙන් විශේෂ කණ්ඩායමකුත් යොදවලා තිබුණා. 'ආමි දයා' සහ 'තට්ට සෝමෙ' කියන පුද්ගලයො දෙන්නත් ඒ අතරෙ හිටියා කියලා මම දැන ගත්තා. ඔවුන්, තමන් ආපු සුදු පාට වෑන් රථයේ මාවත් දාගෙන මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් කොටසට එක පිම්මේම ගියා. රියදුරු අසුනට වම පැත්තෙන් - ජනේලයෙ උඩ  වම් අත තියාගෙන හිටපු තට්ට සෝමෙ දැකලා, ඒ වෙලාවෙ එළියෙදී  මුණ ගැහුණු බන්ධනාගාර නියාමකවරු සහ ජේලර්වරු වැඩි ප්‍රමාණයක් ඔළුව නවලා - හිනාවෙලා නිකං පිලි ගන්නවා වගෙ උණුසුම් ප්‍රතිචාරයක් පෙන්නුවා.
මට සමන් මුණ ගැහුණේ කුඩා සිදුරු තියෙන දැලකින් වෙන් වෙලා. මගේ අතේ මයික්‍රෝ වර්ගයේ පටිගත කිරීමේ යන්ත්‍රයක්. තට්ට සෝමෙ, සමන් මට කතා කරන අතරෙ මගේ වම් පැත්තෙන් දැලට හේත්තු වෙලා සිද්ධිය ජේලර් වරුන්ගෙන් ආවරණය කෙරුවා.
'' මම රෝහණ කුමාර ඝාතනයට සම්බන්ධ නැහැ...'' සමන් දිගින් දිගටම කිව්වා.
ඒ වෙනකොට 'තාර අජිත්' කියන මැරයෙක් ඇත අඩංගුවට අරගෙන, කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ෂෝ වික්‍රමසිංහ, ජනමාධ්‍ය ඔස්සේ කියමින් හිටිය රෝහණ කුමාර ඝාතනයට මොරටු සමන් සම්බන්ධයි කියලා. සමන් මේ උත්සහ කරමින් ඉන්නෙ ඒ චෝදනාවෙන් ගැලවෙන්න පොටක් හොයා ගන්න කියලා මට මුල් වටයෙදීම තේරුණා. එහෙම කියලා අපිව ගෙන්න ගන්න බැරි නිසා, බොරු පණිවිඩයකින් ඒ මුණ ගැහීම සුදානම් කෙරුවා කියලා මම දන ගත්තා. ඒත් කුමාර් පොන්නම්බලම් ඝාතනයට මොරටු සමන්ගෙ තිබිච්ච සම්බන්ධය නිරවුල් කරගන්න මම දිගින් දිගටම සමන් ප්‍රශ්න කෙරුවා.
'' සමන් මල්ලී...දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි...ඔයාට මේ ඛේදවාචකයෙන් ගැලවීමක් නැහැ. දවසක ඔය කවුරු හරි ඔයාටත් වෙඩි තියලා දායි. අඩුම තරමෙ ඊට කලින් ඔයගොලන්ව නිර්මාණය කරන මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න එක ගල් පාරක්වත් ගහන්න පුළුවන් නං ඒක ඉතිහාසගත වෙයි...මේ පාතාලය කියන වචනෙත් බොරු...සල්ලි එක්කම කැරකෙන මේ සිස්ටම් එක යන්නෙ ඔය වැඩ එක්කම තමයි. අපිට පුළුවං නං, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළෙ ඉඳගෙන ඒ වෙනුවෙන් මේ අපරාධ මෙහෙයවන ඊනියා දේශපාලනඥයන්ගෙ රෙදි ගලවලා පෙන්වන්න, මේ වෙලාවෙ ලොකු වැඩක්...අඩුම තරමෙ ඒකෙන් කාට හරි මොකක් හරි අලුත් ආරම්භයක් ගන්න පුළුවං වෙයි...මට කියන්න කුමාර් පොන්නම්බලම්ව මරන්න කව්ද උපදෙස් දුන්නෙ?''
මම දිගටම කතා කළා. සමන් දැල අස්සෙන් මගේ මුණ දිහාම බලාගෙනම හිටියා. අපේ ඇස් අතර මොකක් හරි සම්බන්ධතාවකුත් ගොඩ නැගුණා වගේ.
''මොනවද ඔය කරන්නෙ...? මෙහාට දෙනවා ඔය කැසට් එක!''
එක පාරටම ජේලර් කෙනෙක් අපි මැද්දට පැනලා මගෙ කැසට් එක උදුරා ගත්තා. සෝමෙ නිකං බයවෙලා වගෙ මටත් කතා කරගෙන ආපහු ආවා. ඊට පස්සෙ අපිව මග තියලා සෝමේ ආයෙත් ගිහිං අර ජේලර්ට කතා කරලා මගේ මයික්‍රෝ කැසට් එක ඉල්ලගෙන ආවා. හැමෝම නිහඬයි. අපි වෑන් එකේ නැගලා ආපහු එන්න පටන් ගත්තා.
''ඇත්තටම...අර පර දෙමළා මැරිච්ච එකට මොකද ඔච්චර අමාරු? අපේ සිංහල කොල්ලෝ කොච්චර කියලා මැරෙනවද?''
හිර ගෙදර මහ ගේට්ටුව පහු කරන අතරෙ වාහනය පැදවූ පුද්ගලයා රළු හඬින් ඇහුවා.
''මැරෙන්නෙ සිංහල එකෙක්ද දෙමළ එකෙක්ද කියන එක අපිට වැදගත් නැහැ...හැම මිනිහෙකුටම ජීවත් වෙන්න ශුද්ධ අයිතියක් තියෙනවා. මම පත්තරකාරයෙක් හැටියට ඒ අයිතිය වෙනුවෙන් සටන් කරනවා...එච්චරයි!''
ඊට පස්සෙ කවුරුවත් කතා කළේ නෑ. වෑන් එකේ හිටපු හතර පස් දෙනාම එක එක පැති දිහා බලාගෙන හිටියා. වෑන් එක යනවා. මගේ ඔළුව වැඩ කෙරුවා. අර කැසට් එක උදුරා ගත්ත එක රඟපෑමක්...හරි! මට සිදුවෙමින් තිබූ දේ තේරුණා. මම කතා කරන්න පටන් ගත්තා.
''ඔයගොල්ලන්ට ඕන, මං ලව්වා මොරටු සමන් රෝහණ කුමාර ඝාතනයට සම්බන්ධ නෑ කියලා ලියවන්න...මේ පොන්නම්බලම් කතාව නිකං රැවටිල්ලක්...මතක තියා ගන්න...මම පෙනී ඉන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. මගේ පෑන කාටවත් ඕන විදිහට ලියවෙන්නෑ. රෝහණ කුමාර..කුමාර් පොන්නම්බලම් ඝාතන ගැන අපි හොයා ගන්න දේවල් අපි කොන්දේසි විරහිතව ලියනවා. ඒකට කවුරු සම්බන්ධ වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. වෑන් එක පොඩ්ඩක් නවත්තන්න...''
මගේ කතාව අතරෙ, බොරැල්ල හංදිය පේන තෙක් මානයෙ වෑන් එක නැවතුණා.
''මෙන්න සමන් එක්ක කතා කරපුවා රෙකෝඩ් වෙච්ච කැසට් එක. මේ බලන්න...මම හංග ගත්ත වෙන රෙකෝඩර්ස් මුකුත් නෑ."
මම සාක්කු ඇද ඇද පෙන්නන ගමන් කිව්වා. අර කැසට් පටය ඒ ගොල්ලො ගත්තා. මම වෑන් එකෙන් බැස්සා. කතාව එච්චරයි!
( රාවයට සාක්ෂියක් - 2008, 96 - 98 පිටු )

Monday, December 26, 2016

ජනවාරි 8, ලංකාවෙ Regime Change එක සිද්ධවෙන හැටි ජයම්පති වික්‍රමරත්න 2014 ජුලි 12 ලන්ඩන් වලදී කියනවා...
CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016

Sunday, December 25, 2016

වධක බෙරය වයමින්, ලංකාවෙ අපිව වධකයා ළඟට මරන්න ගෙනියනවා, අපි කල්පනා කරනවා කොහොමද අර වධක බෙරය හොරකං කරලා කීයකට හරි විකුණා ගන්නෙ කියලා...( සුනිල් එදිරිසිංහ ගේ ගීතය )
CHAPA on Derana Aluth Parlimenthuwa, June 15, 2016

අලි සහ කූඹි අතර අපි! CHAPA on Biz Ada Derana, Dec 23, 2016

Kumara Chapa Bandara with Ada Derana Biz 24x7

Wednesday, December 21, 2016

Brother Charles ට ලියමි,

ඔබේ දේශන දෙකක කෙටි Video උපුටා දැක්වීමක් සමග, මම දැනටමත් ඉදිරිපත් කර තිබෙන මූලික යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව දක්වන විවිධ අදහස් හේතුවෙන් ඔබ කණස්සල්ලට පත් ව සිටින බව, පෙරේදා, මැක්සි ( මැක්සීස් සභාපති, මැක්සි පෙරේරා ) මට දුරකතනයෙන් පැහැදිලි කෙරුවා, මම හිතන්නෙ ඔබ ඔහුට මේ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් කරන්න ඇති.
ඉතිං මේ සටහන ලියන්න හිතුවෙ, මගේ මේ මැදිහත්වීම තවදුරටත්පැහැදිලි කරන්න!
මේ මැදිහත්වීම, ඔබ සම්බන්ධ 'පෞද්ගලික සිද්ධියක්' සම්බන්ධයෙන් නෙවෙයි, ඒ නිසාම කණස්සල්ලට හෝ කෝපයට පත්වෙන්න එපා කියල යෝජනා කරන්න මුලින්ම ඉඩ දෙන්න.
ලෝකය පුරාම, ලෝකය යහපත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් එදත් හිටියා - අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඒත් සමස්තයක් විදිහට, ලෝකය එන්න එන්නම මහා අර්බුද ගොඩක හිරවෙමින් තියෙනවා. ඒ ඇයි? මේ ප්‍රශ්නයට උත්තර හොයනකොට එන ප්‍රධාන කාරණයක් තමයි 'දැනුම'. දැනුම කියන්නෙ එතකොට මොකද්ද? What is knowledge? කියන සොක්‍රටීස්ගෙ ප්‍රශ්නයට අපි දැන් එනවා. දැනුම කියන්නෙ නැවත දැනුම් පද්ධති. දැනුම නැති වෙනකොට, දැනුම අඩු වෙනකොට, දැනුම විකෘති වෙනකොට - පටලැවෙනකොට...අර කියන අර්බුද ගොන්නට එදිරිව, ලෝකය යහපත් කරන්න කියලා හොයාගන්න උත්තර සියල්ලමත් වරදිනවා. මේ වෙනකොට වෙමින් තියෙන්නෙ අන්න ඒක තමයි!
අපේ මාතෘකාව ''ආගම් සහ සමාජ යහපත'' කියලා ගත්තොත් මේ 'දැනුම' කියන සාධකය මෙතැනට අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මම මේ විශ්ලේෂණය කරන්නෙ සියළු ආගම්වලින් ඉවත්වෙලා, නිදහසේ.
බලන්න! ඉස්ලාම් ආගමට සම්බන්ධ ෂරියා නීතිය, එක ජන කොට්ඨාසයකට කරලා තියෙන හානිය සහ එය සමස්ත මානව වර්ගයාට එල්ල කරන අභියෝගය. ඒ ආගම් ඉගැන්වීම් දේව නියමයන් විදිහට පිළිගන්න මිනිස්සු අහිංසකයි - ඇත්තටම ඔවුන් පව්! ඒ විනාශකාරී මානව ක්‍රියාවලිය වටහා ගන්න අවශ්‍ය 'දැනුම' ඔවුන් සතුව නැහැ.  රෝමානු - කතෝලික සමාජය තුළ එහෙම භයානක තත්වයක් නැහැ. ඒත්, ඒ ආගම පැරණි සහ නූතන ආකෘති දෙකකින් ගෝලය පුරාම දේශපාලන මෙහෙයුමකට සම්බන්ධ වෙනවා, ප්‍රබල මෙහෙයුම් උපකරණයක් විදිහට.
පැරණි භාරතයේ හටගන්න 'බුදු අහම' ඒවාට සාපේක්ෂව වෙනම දැනුම් පද්ධතියක්. උදාහරණයක් විදිහට ලෝකයේ සියළු ආගම් තුළ තියෙන්නෙ ඇදහීමකට පදනම් වන කොන්දේසි මාලාවක් සහ සිරිත් විරිත් පද්ධතියක්.
බුදු දහම, දහමක් මිස ආගමක් නෙවෙයි - දර්ශනයකුත් නෙවෙයි. එය විශ්වය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක්. ක්‍රි.පූ. 6 වැනි සියවස තරමට ඈත තැනක හටගන්නා මේ දහම, පසු කාලීනව ආගමකට, දේශපාලන මෙවලමකට සහ තව තව හැඩ වලට මාරු වෙනකොට තමයි, අර මූලික සොයාගැනීම විකෘති වෙන්න පටන් ගන්නෙ. අද වෙනකොට අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බ වෙන්නෙ අන්න ඒ විකෘතිය. විශේෂයෙන්ම බුද්ධාගම වෙනුවෙන් කැපවූ බව පෙන්වන ජනප්‍රිය බෞද්ධ ධර්ම කථිකයන් මේ තත්වය තවත් අවුල් කරනවා. ජනමාධ්‍යයත් මේ අයහපත් තත්වයට ඍජුවම වග කියන්න ඕනෙ. හැබැයි, වැදගත්ම දේ තමයි, කොච්චර අවුල් කරන්න හැදුවත්, බුදු දහම තුළ තිබෙන 'විද්‍යාව' අවුල් වෙන්නෙ නැහැ, හේතුව එය විද්‍යාවක්වීම. කෙනෙකුට මේ සම්බන්ධයෙන් වැඩි දුර හදාරන්න ඕන නං 'අභිධර්මය' කියවන්න පටන් ගන්න පුළුවන්. මොන විදිහේ දැනුමක් ඒ හරහා ගත්තත්, හැබැයි අන්තිමට එය තමන්ම භාවිත අරුතෙන් සාක්ෂාත් කරගන්න ඕන දැනුම් පද්ධතියක්.
මෙන්න මේ දැනුම් පද්ධතිය, වෙන කිසිම ආගමකට සම්බන්ධ නැහැ. ඉතිං ඔබ අතින් දැන හෝ නොදැන සිදුවන වැරැද්ද තමයි, බුදු දහම වටා ගොඩ නැගුණු සාහිත්‍යයට අදාළ සහ පසුව නිර්මාණය වන 'බුද්ධාගම' ට සම්බන්ධ යම් යම් කොටස් වගේම අර කියන මහා දැනුම් පද්ධතිය තුළ පවතින සංකීර්ණ දැනුමේ සුළු කොටස් එකට ගෙන, ඔබ ගමන් කරන ක්‍රිස්තියානි ගමන් මාර්ගයට ගලපන එක. එයින් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විශාල සමාජ හානියක් වෙනවා.
අපි මෙහෙම බලමු!
ජේසු පෙන්වූ මග දිගේ යන කෙනෙක්, තමා ඇතුළු ලෝකය මැවූ දෙවියන් තුළ - ඇදහිල්ලෙන් පවතිමින්, තම ජීවන විමුක්තිය අත්පත් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ එවැනි හොඳ කිතුනුවන්, මරණයෙන් මතු ඒ දෙවියන් හෙවත් ගැලවුම්කරුවා කරා ගමන් කරනවා. මැවුම්වාදය පිළිගන්න කෙනෙකුට ඉතා පැහැදිලි මග පෙන්වීමක් ඒ ආගම තුළම තියෙනවා.
බුදු දහම තුළ, ගැලවුම් කරුවෙක් නැහැ. ඉපදීම - ජීවත්වීම - මරණය දුකක් නිසා, යළි ඉපදීමක් හෙවත් ප්‍රතිසංධියක් තියෙන නිසා, කර්මය ඇතුළු නියාම ධර්ම 5 ක් තියෙන නිසා, තම තමන් විසින් හිත දියුණුකරමින් දීර්ඝ ක්‍රියාවලියක් තුළ ජීවිතය ලෙහා දැමීම තමයි බුදු දහම පෙන්වන මාර්ගය. 'නිවන' කියන්නෙ ජීවිතය, ජීවිතයෙන් නවතින තැන!
ඔබට දැන් පේනවා නේද මේ මර්ග දෙක පරස්පරයි. එතකොට මේ ගමන් මාර්ග දෙක එකිනෙක ගලපන්න යන එක තේරුමක් නැහැ සහ එයින් ඒ මාර්ග දෙකම විකෘති වෙනවා. මම උනන්දුවෙන්නෙ නං බුදු දහම තුළ තියෙන මහා දැනුම් පද්ධතිය ගැන. එය විකෘති කිරීම මානව අපරාධයක් ලෙසයි මම දකින්නෙ. ඔබට පේනවාද!
ඔබ කියන දේවල් ඇත්ත තමයි, ඔබ 'හරි' කියලා හිතන අය සහ ඔබ කියන දේවල් ඇත්ත නෙවෙයි, ඔබ 'වැරදියි' කියලා හිතන හුඟාක් අය මේ මාර්ග දෙක අතර හිරවෙලා . බුදු දහම ගැන මූලික දැනුම නැති කෙනෙක් නං අනිවාර්යයෙන්ම අතරමං  වෙනවා. ඔබට අවශ්‍ය එහෙම සමාජ යහපතක් නෙවෙයි කියලා මම හිතනවා.
කොහොම නමුත් ඔබ සමග මගේ පුද්ගලික ප්‍රශ්නයක් මෙතැන නැහැ, මේ දාර්ශනික මට්ටමේ සංවාදයක්, අපි දිගටම විවෘතව සාකච්ඡා කරමු!
ඔබට ජය!
CHAPA
Dec 22, 2016

Minister Malik is very happy! Hiru news, 9.30pm, Dec 22, 2016

Tuesday, December 20, 2016

ඩිලාන්! මෝඩ වාචාල කතා එපා!


Hiru news, 7pm, Dec 19, 2016
ඇමතිවරුන්ට සුපිරි බලයක් ලැබෙන මොකද්ද පනතක් ගේන්න හදනවලු! මාධ්‍ය ඒ ගැන අහනකොට, අමාත්‍ය වජිර අබේවර්ධන නං අහන්නෙ, ඇයි - මොකද බයද? කියලා, ඔහුට අනුව, රට සංවර්ධනය කරන්න ඇමතිවරුන්ට එහෙම සුපිරි බලයක් ඕනෙ. ඩිලාන් පෙරේරා කියන්නෙ පාර්ලිමේන්තුවේ ඉස්සරහා දොරෙන්, පස්ස දොරෙන්, ජනේලයෙන්, බාත් රූම් එකේ ෆෑන් ලයිට් එකෙන්...මේ කොහෙන්වත් ඇමතිවරුන්ට එහෙම සුපිරි බලයක් ගන්න කිසිසේත්ම ඉඩ දෙන්නෙ නැහැල්ලු! වජිර, දැන හරි නොදැන හරි එහෙම ඒ වෙනුවන් හිටගන්න එක හරිනෙ, අගමැති රනිල්ගෙ විශේෂ නියෝජිතයෙක් නිසා. ඒත්, ඩිලාන්? කොහොම හරි මේ, ජනයා 'පට්ට' නොමග යැවීමක්!
එහෙම නං ඇත්තටම සිද්ධවෙමින් තියෙන්නෙ මොකද්ද?
2016 ඔක්තෝබර් 26 වනවිට කැබිනට් අනුමැතිය ලබන, සංවර්ධන ( විශේෂ විධි විධාන ) පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා සුදානම් කරලා තියෙනවා.
එය 'යකාගෙ පනතක්!'
ශ්‍රී ලංකාවෙ කඩිනම් ආර්ථික සංවර්ධනය ද ඇතුළු සියළු විෂයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ඊට පහසුකම් සැලසීම තමයි එහි අරමුණ හැටියට සඳහන් වෙන්නෙ. මෙතැනදි රට, සංවර්ධන මණ්ඩල 5 කට වෙන් කෙරෙනවා, දක්ෂිණ, වයඹ, මධ්‍යම, නැගෙනහිර සහ උතුර කියලා. ඊට පස්සෙ ඒ සියල්ල පාලනය කරන, ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් ( PDO ) සහ සංවර්ධන නියෝජිත ආයතනයක් ( AFD ) හදනවා. දැනට වලංගු, සංවර්ධනයට අදාළ සියළු පනත් අභිබවා යන සුපිරි බලයක් මේ ආයතන ද්විත්වයට ලැබෙනවා.
රටම, එක බලයකට ගන්න මේ තුන් අවුරුදු ව්‍යාපෘතියෙ, විධායක ජනාධිපතිවරයාට නොදෙවෙනි සුපිරි බලය ලැබෙන්නෙ අමාත්‍යවරු දෙන්නටයි, එක්කෙනෙක්, ''ජාතික ප්‍රතිපත්තිය සහ ආර්ථික ආර්ථික කටයුතු '' විෂය භාර අමාත්‍යවරයා - අගමැති රනිල් වික්‍රමසිංහ. අනෙක් ඇමතිවරයා, ''සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු'' භාර මලික් සමරවික්‍රම.
පනතේ අඩංගු බරපතළම ප්‍රතිපාදනය මේකයි!
සද්භාවයෙන් සිදුකරනු ලබන සහ සිදුකිරීමට අරමුණු කරන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන්, මේ ව්‍යාපෘතියට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට, කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවරන්න බැහැ!
ඉතිං ඩිලාන්, පිස්සු විකාර - වාචාල කතා කියව කියව, මෝඩ විහිළුවලින් රට විනාශ කරන්නෙ නැතුව විධිමත් ක්‍රමයකට 'ජනයා' දැනුවත් කරමින්, නීතිමය ක්‍රියාමාර්ගත් ගනිමින් මේ මහා අනතුරෙන් රට ගලවා ගන්න මැදිහත් වෙන්න! ජවිපෙ සගයන්ටත් එක්ක මේ කියන්නෙ, 2020 ජවිපෙ ආණ්ඩුවක් හදන්න හරි රටක් ඉතුරු වෙන්න එපායැ!
වැඩ පටන් ගනිල්ලා! ඔව්! මේ දැන්...
CHAPA        

Sunday, December 18, 2016

තවත් කතාවක්...

මාර විනාශයක්!

''යුද්ධයක් කියන්නෙ කොයි පැත්තෙන් ගත්තත් විනාශයක්..අපරාධ...දුෂණ...වංචා...පිරිලා, අන්තිමට මුළු යුද්දෙම ජාවාරමක්...''
මම ඔහුට විස්තර කළෙමි. ඒ මොහොතේ අපි චාවාකච්චේරි මං සන්ධියට යාබද කුඩා අතුරු පාරකට මායිම් වූ ගෙයක් අභියස සිටියෙමු. දොර ජනේල් කඩා බිඳ දමා තිබූ ඒ කුඩා පැරණි නිවසේ එළිපත්තේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් ලියැවුණු පොත් පත් විශාල ප්‍රමාණයක් විසිරී තිබිණි. ඇතැම් ඒවායේ පිටු ගිලිහී ඒ මේ අත පාවෙමින් තිබූ අතර ඇතැම් ඒවා උඩින් හමුදා සෙබළු තම ගොරහැඬි බූට් සලකුණු සටහන් කොට තිබිණි.
'මාර විනාශයක්!'
''අපේ එවුන් අතේ ගෙනියන්න පුළුවන් ඒවා ගෙනියනවා...අනිත් ඒවා විනාශ කරනවා...කාලකණ්ණි!''
සේමසිංහ මට ප්‍රතිචාර දැක්වීය.
''ඔය අස්සෙ අපේ එවුන්ගෙ මාර වැඩ තියෙන්නෙ...අර සාජන්ට් මෙන්ඩිස් මේ යාපනේ පැත්තෙ එන්න පටන් ගත්තට පස්සෙ මුද්දර එකතුකරන විනෝදාංශයක් පටන් අරගෙන...පරණ කාසිත් එකතු කරනවා...හරියට උපන් දා ඉඳන් කරනවා වගෙ...චි: අනුන්ගෙ මරාල මට නං කීයටවත් එපා...ඕවා මහා සහගහන වැඩ...''
අප සමග එහි සිටි තවත් වෛද්‍ය සෙබළෙක් තම අප්‍රසාදය පළ කළේය.
මා නෙත් ගැටුණු සියළුම නිවෙස් වල තිබුණේ මේ දැන් දැන් නිවැසියන් පලා ගිය ස්වරූපයකි. හමුදා සහ එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ ඔවුහු කරමින් සිටි වැඩ කටයුතු අතරමග නවතා දමා හිටිවනම අතුරුදහන් වී සිටියහ. ගෙදරක උයන්නට පටන්ගත් සැටියකි. ගෙදරක රෙදි සේදීමට පටන් ගත සැටියකි. ගෙදරක කුඩා දරුවන් කෙළි දෙළින් අත පත ගෑ සෙල්ලං බඩුවක් දෙකක් ඔවුන් දිව ගිය දිශාවට රේඛීයව වැටී ඇති සැටියකි.
එක් සැන්දැවක මා දුටු තවත් අනපේක්ෂිත දර්ශනයක් මේ දැනුත් මගේ හිත පුරා නලියමින් තිබේ. එක් හරක් ගාලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර එහි සිටි හරක් කීප දෙනෙක්ම උන් හිටි තැන ගල් ගැසී අඟුරු වී සිටියහ. ඒ අසලින් පිහිටි ගව හිමියන්ගේ නිවසේ වහලය මුළුමනින්ම දැවී ගොස් තිබිණි.
වහලක් නැති ගෙයක්!
''අනේ...අපේ ගෙදර ආපහු දීපල්ලා...ඉන්න තැනකින් ගෙදර මිනිස්සුන්ට ආපහු එන්න කියපල්ලා. අනේ මට තනියෙන් මෙහෙම ඉන්න බැහැ...එක්කෝ මාවත් මරා දාපල්ලා...''
කවන්ධ ගේ ඉදිරිපස පඳුරක් යට වැතිර සිටි දුඹුරු පාට බැල්ලියක් අසරණ ස්වරයකින් නොනවත්වාම නගන කෙඳිරිය මම එසේ පරිවර්තනය කර ගතිමි.
CHAPA
Armyආමි - 2008, පිටුව, 99 - 101     

ෂරියා නීතියට විරුද්ධයි! යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වමු!

JVP to consider...''Transcends Party Politics!''

Sinhala, Buddhist!? May 13, 2016 at JPura University

Saturday, December 17, 2016

Transcends Party Politics!

මිත්‍රයා! සමාවෙයන්!


...ඒ අතර අලිමංකඩ වෛද්‍ය ක්ෂේත්‍ර රෝහල් ගොඩ නැගිල්ලක බිත්තියක මගේ කාටූන් සහ රේඛා චිත්‍ර පිරෙමින් තිබිණි. හිතේ කාන්සිය එළවා දමන්නට එසේ වරින් වර කුරුටු ගෑ චිත්‍ර අතර, එවර අලිමංකඩ සිටි මම කැමති අකමැති බොහෝ සගයින්ගේ චිත්‍ර ඇඳ තිබිණි. ඒවා පිරී තිබුණු බිත්තියේ අවසන් ඉඩ කොටසක මම දිනක් මගේ හිත් ගත් ඒ සෙබළ තරුණයාගේ මුහුණද ඇන්දෙමි. කාටුන් ස්වරූපයකින් ඇඳුණු එම චිත්‍රයේ මදක් ඉදිරියට නෙරා තිබූ ඔහුගේ උඩු දත් පෙළ පමණට වඩා ඉදිරියට ගෙන ඇඳ තිබෙණු දුටු ඔහුගේ මුහුණ අඳුරු වී ගිය හැටි මට හොඳින් මතකය.
'' ඇත්තටම මම මෙච්චර කැත ද?''
ඔහු බිඳුණු හඬින් ඇසුවේය. මම එක මොහොතකට හිස්ව ගියෙමි.
''නෑ! මල්ලි..මම විහිළුවට ඇන්ඳේ...අනික මිනිස්සුන්ගෙ ලස්සන කැත තියෙන්නෙ පෙනුමෙ ද? ඔයා එච්චර බොළඳ නෑනෙ, නේද?''
මම ආයාසයෙන් වචන ගොනු කළෙමි.
''නෑ...නෑ...මාත් නිකං කිව්වෙ...අපි හැන්දෑවට කතා කරමු. අපේ කට්ටිය යන්න හදන්නෙ, ගිහිල්ලා එන්නං...''
ඒත් ඔහු ආපිට ආවේ නැත. වෙනත් සටන් රෙජිමේන්තුවක ප්‍රථමාධාර සහයකයා ලෙස එදින උදෑසන මගෙන් වෙන් වී ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට ගිය ඔහු ක්ෂණික එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකට ගොදුරු වී මිය ගියේය. ඒ ඔහු පමණක් නොවේ. දෙසිය ගණනක්ම එක තැන හිටි අඩියේම ආර්.පී.ජී. වර්ගයේ අවි ප්‍රහාරයකින් පිළිස්සී විකෘති වී මිය ගොස් සිටියහ. මම මගේ සෙබළ තරුණයා හඳුනා ගත්තේ, ඔහු විනෝදයට මෙන් කර පැළඳ සිටි විශාල පිත්තල කුරුසිය නිසා පමණක්මය.
''මිත්‍රයා! සමාවෙයන්!.."
මම ඔහුගේ කාටුන් චිත්‍රය යටින් ලියන්නට පටන් ගත්තෙමි.
''මිත්‍රයා! මං උඹ එක්ක තරහයි, උඹ එනව කිව්වට හැන්දෑවෙ ආවෙ නෑ මාත් එක්ක කතා කරන්න...'' එහෙත් ලියවෙන්නට ගියේ අනෙකකි.
''මිත්‍රයා!සමාවෙයන්..''
ආයෙත් මුලටම!
"මිත්‍රයා! සමාවෙයන්...උඹ මැරෙන වෙලාවෙ මාත් මේ මහ පොළොවෙ උඹත් එක්ක ජීවත් වුණා. උඹ මැරෙද්දි බලන් හිටියා. මැරෙන්න ඉඩ ඇරියා, එච්චරයි!!''
CHAPA
''Army ආමි'' ( 2008 ජනවාරි ) පිටු 127 - 128.  

Yes! Dr. Sarath Amunugama...

Agreements! so what?

දෙමළ ජනයාට වෙනම පාලන බලයක් ලැබුණොත්, පුංචි දෙමළ මිනිස්සු ඔක්කොම ඉවරයි! යාපනයෙ, වඩමාරච්චි මෙහෙයුම වෙලාවෙ, හමුදා ප්‍රහාර ඉදිරියෙ පහු බහින එල්.ටී.ටී.ඊ. ය, මහළු සහ අබාධිත පිරිසක් එක පල්ලියක දාලා ගිහින් තිබුණා. ඔවුන්ගෙ කුලීනයො පල්ලිය ඇතුළෙ විවේක ගන්නවා, කුල හීනයො එළියෙ දුක් විඳිමින් අර කුලීනයන්ට ආව තේව කරනවා. මේ තමයි ඇත්ත දෙමළ සමාජය...
CHAPA on Derana Aluth Parlimenthuwa, Sept 7, 2016





Friday, December 16, 2016

    තවත් කතාවක්...



අර්ජුන රණතුංගලාගෙ මහ ගෙදර පිහිටා තියෙන්නෙ, කොළඹ, මරදානෙ, ස්ටොක් වත්තෙ - අසෝක විද්‍යාලයට යාබදව.
ඒ 2000 මාර්තු!
අර විද්‍යාල භුමියෙ ක්‍රීඩා කරමින් හිටපු ළමයි අතින් අරජුනලාගෙ මිදුලට පන්දුවක් වැටුණ සිද්ධියක් මුල් කරගෙන ගැටුමක් ඇති වුණා. අර්ජුනලාගෙ මව තමයි මුලින්ම සිද්ධියට සම්බන්ධ වෙන්නෙ, ඊට පස්සෙ ඇය, අර්ජුන - ප්‍රසන්න පුත්‍රයන් සහයට ගෙන්වනවා. ඔවුන් අර ශිෂ්‍යන්ට පහර දෙනවා. ශිෂ්‍යයන් කීප දෙනෙකුටම තුවාල වෙනවා. ඒ වෙලාවෙ අර්ජුන හෝ ප්‍රසන්න අතැති පිස්තෝල බඳෙන් එක ශිෂ්‍යයෙකුගෙ හිසට බරපතළ පහරක් වැදෙනවා. තුවාල වූ ශිෂ්‍යයා රෝහලට ඇතුළත් කෙරුණු අතරෙ, මේ සිද්ධිය ගැන මාධ්‍ය ඔස්සෙ කරුණු වාර්තා වෙන්න පටන් ගන්නවා.
ඒ වෙනකොට 'රාවය' ට වැඩකරමින් සහ 'නිදහස්' සැලසුම් කරමින් හිටිය මමත් කෙලින්ම ඔය සිදුවීම විග්‍රහ කරමින් රණතුංගලාගෙ මැර බලයට එරෙහිව හිටගත්තා. අසෝක විද්‍යාලයෙ ශිෂ්‍යයන්, දෙමාපියන් සහ ආදී ශිෂ්‍යයන් සංවිධානය කරපු විරෝධතා සහ රැස්වීම් වලටත් කෙලින්ම සම්බන්ධ වුණා. රණතුංගලාගෙන් පහර කෑ අර ශිෂ්‍යයා සෑහෙන කාලයක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත්තත් නිට්ටාවට සුව වුණේ නැහැ. ඔහුගෙ මොළය කම්පනය වීමේ බරපතළ අයහපත් ප්‍රතිඵල ලැබෙමින් තිබුණා, ඒ වන විටත් ඔහුගෙ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා තිබුණෙ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙනවා කෙරෙනවා කිව්වට කිසිම සාධාරණ සහ විධිමත් යමක් සිද්ධවුණේ නැහැ. චන්ද්‍රිකා හෙවණැල්ල යට අර්ජුනලාට කොහොමත් ආරක්ෂාව තිබුණා.
හුඟ දෙනෙක් ඒ මොහොතෙ, අර්ජුනලාගේ මැරබලයට එරෙහිව සහ අගතියට පත් ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී හිටියා. මමත් පුළුවන් හැම විදිහටම ඒ බලවත් සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කෙරුවා.
එක දවසක් ඒ ශිෂ්‍යයාගේ තාත්තා නුගේගොඩ, නාවල, 'නිදහස්' කාර්යාලයට ආවා, මාව හොයාගෙන. ඔහු දිග විස්තරයක් කෙරුවා. සාරාංශය, ''ආයෙ ඒ සිධිය ගැනවත්, මගෙ පුතා ගැනවත් ලියන්න එපා!'' කියන එක. එය, ඉල්ලීමක් ද, යෝජනාවක් ද, තර්ජනයක් ද?...මම තවම තේරුම් ගන්න උත්සහ කරනවා. ඒ අතරෙ, රණතුංගලාගෙ පිස්තෝල බඳෙන් පහර වැදී, මොළයට බලපෑමක් සිද්ධවුණු අර ශිෂ්‍යයාට මොකද්ද වුණේ කියලා ඉඳ හිට කල්පනා වෙනවා!
CHAPA 

නාවුක හමුදාපතිවරයාගේ සටනට ජය වේවා!

                                රට ගොඩගන්නෙ මෙහෙමයි!


1. ආණ්ඩුව, ඇත්ත ජාතික ආණ්ඩුවක් විදිහට ක්‍රියාකරනවා, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ යුක්තිය සහතික කරනවා.
2. රටට අවාසි ගෙන දෙන ඊනියා - ඉදිරි සංවර්ධන ව්‍යපෘති සියල්ල නවත්තනවා. 

3. පවතින තත්වය සමාලෝචනය කරනවා
4. අරගෙන තියෙන ණය කොන්දේසි නැවත විමර්ශනය කරනවා
5. රටට හානිකරන ඒ ණය කොන්දේසි වෙනස් කරගන්න පියවර ගන්නවා.
6. රාජ්‍ය නඩත්තු වියදම් සහ නාස්තිය අවම කරගන්නවා.
7. දෙස් විදෙස් ණය අවම කෙරෙන රටට අනන්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා, කෘෂිකර්මාන්තය ජාතික ව්‍යාපාරයක් බවට පත් කරනවා. සෙසු සියළු කර්මාන්ත ත් - රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික සම පදනමේ සංවර්ධනය කරනවා.
8. ඒ සඳහා නිශ්චිත කාලයක් නියම කරගන්නවා
9. ඊනියා ව්‍යවස්ථා කතා පැත්තක දාලා, රටේ හැම පක්ෂයක්ම, හැම ජන කොටසක්ම එකතුකරගන්න මහා බුද්ධිමය සංවාදයක් ගොඩනගනවා.රටේ ස්වීය සංවර්ධන ගමනට සමගාමී සහ වඩා සමාජ විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපිත කරනවා.
10. දුෂණ, වංචා සහ අක්‍රමිකතා නැතුව, අපි හැමෝම එකා වගෙ මහන්සිවෙලා වැඩ කරනවා.
CHAPA, Dec 16, 2016

Thursday, December 15, 2016

යුද්ධය ඉවරයි කියලා හිතන්න එපා! විග්නේශ්වරන් ලා - R සම්බන්ධන් ලා, නියම දේශපාලන සංවාදය ගොඩනගන්න දෙමළ තාරුණ්‍යයට ඉඩ දෙන්නෙ නැහැ!
Rathukatta, Colombo tv, April 28, 2016
ලංකාවෙ අපි, ණය උගුලක සිරව සහ ඉන්දියාවට - චීනයට මැදිව...
Jan - Feb 2015

Tuesday, December 13, 2016

Hiru
Hiru news, 7pm, Dec 6, 2016

ජේසු ඇවිත් එපා කිව්වත් මේ වැඩේ දැන් නං නවතින්නෙ නැහැ!  

ලෝක වාර්තාවක් බිඳින්න, ගාලු මුවදොර ඉදිවන නත්තල් ගහ පාමුළ නැවතුණු ''මේ සංවාදය'' අපට ඕන නං දිගටම ගෙනියන්න පුළුවන්. ඇත්තටම මේ ජේෂ්ඨ ආගමික නායකයා කියන දේ, හිස් වචන ගොඩක් බවට පත් වෙලා - අවලංගු වෙලා, අර ලෝක වාර්තාවට ලොබ බඳින පිරිස කොහොමද ජයග්‍රහණය කරන්නෙ? කොහොමද ඔවුන්ගෙ තීරණය තවදුරටත් වලංගු වෙන්නෙ? නිකමට හිතන්න ජේසු ඇවිත් එපා කිව්වත් මේ වැඩේ දැන් නං නවතින්නෙ නැහැ!
දේවවාදය, මැවුම්වාදය හෝ දෙවියා පිළිබඳ සංවාදය පැත්තක තියෙද්දි, 'ජේසු' කියන සාධකය දේශපාලනිකව විග්‍රහ කරගන්න ඉඩක් වෙනම තියෙනවා. ඒ, අපි අද මේ පිළිගන්න කැලැන්ඩර කාලය පවා ජේසු උපත සමග සම්බන්ධ වෙන නිසා. ඊළඟට වතිකානු දේශපාලනය!
කොහොම වුණත් ඔය සියල්ල අතරෙ, මැල්කම් කාදිනල් රන්ජිත්, කොළඹ අගරදගුරු, ''මර්සලින් ජයකොඩි සාහිත්‍ය'' තුළ, මගෙ නත්තල දුගියා බත් කන දාය! කියන කතාව ඉස්සරහට අරගෙන, ගාලු මුවදොර නත්තල් ව්‍යාපෘතියට විරුද්ධවෙන එක ඉතා යහපත් තත්වයක්. ලංකාව, ණය බරින් මිරිකිලා පීඩා විඳින රටක්. ඇති නැති පරතරය, දුප්පත්කම අහස උසට!
ඒ අර්ථයෙන්, වහල්භාවයට - දුගීභාවයට - අසරණභාවයට...එරෙහිව පෙනී හිටියා කියන ''ජේසු සාධකය'' සමරන්න ඕන මෙහෙම සල්ලි නාස්තිකරලා නෙවෙයි. අශෝක හඳගම වගෙ අය කියන විදිහට, මේ නත්තල් ගහ වටේ ආදායම් මාර්ග ඇතිවෙලා මිනිස්සුන්ට යහපතක් වෙන නිසා, අනිවාර්යයෙන්ම නත්තල් ගහ ඉදිවෙන්න ඕනෙ, තවත් අයට 'සැමරීම' උත්කර්ෂවත් වෙන්න ඕනෙ. ප්‍රශ්නය, ජේසු විකුණනවද? ඒ ආගමික හරය ( ? ) සමාජ ප්‍රගමනය සඳහා යොදාගන්නවාද? කියන එක.
මේ ප්‍රශ්නය අනිත් හැම ආගමකටම අදාළයි.
බුදුදහම, දහමක් හෝ ජීවිතය හරහා විශ්වය පිළිබඳ විශ්ලේෂණයක්ව තිබියදීත්, ඊට ආගමික හැඩයක් ලබාදී - එය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමත් මෙතැනටම සම්බන්ධ කරන්න පුළුවන්. 2017 අය - වැය 334 වැනි යෝජනාවට අනුව, 2017 වෙසක් සමරන්න රු. මිලියන 250 ක් වෙන් කරනවා. එය එක්සත් ජාතීන්ගෙ නිල වෙසක් උත්සවය ලු! දකුණු දිග ආසියානු සහ ඊසාන දිග ආසියානු අමුත්තො උත්සවයට එනවා ලු!
ලංකාවෙ දුප්පත් මහජන මුදල්! මේ බුදු දහමද? මොන විහිළුකාර අපරාධයක් ද? මේ වැඩේට, ඊනියා සිංහල බෞද්ධ අය ඉහළින් කැමතියි. ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඔවුන් දන්නෙ නැහැ, අපේම සල්ලිවලින් අපිට කුචු කවලා, බුදුදහමට ( බුද්ධාගමට!) පදනම් වුණු 'රාජ්‍ය' ආකෘතිය ඉවර කරලා දාන්න මේ හදන්නෙ කියලා.
ඉතිං අපි ඉවසීමෙන් මේ සංවාදය දිගටම ගෙනියමු!
CHAPA                
දෙමළ ජනයාට වෙනම පාලන බලයක් ලැබුණොත්, පුංචි දෙමළ මිනිස්සු ඔක්කොම ඉවරයි! යාපනයෙ, වඩමාරච්චි මෙහෙයුම වෙලාවෙ, හමුදා ප්‍රහාර ඉදිරියෙ පහු බහින එල්.ටී.ටී.ඊ. ය, මහළු සහ අබාධිත පිරිසක් එක පල්ලියක දාලා ගිහින් තිබුණා. ඔවුන්ගෙ කුලීනයො පල්ලිය ඇතුළෙ විවේක ගන්නවා, කුල හීනයො එළියෙ දුක් විඳිමින් අර කුලීනයන්ට ආව තේව කරනවා. මේ තමයි ඇත්ත දෙමළ සමාජය...
CHAPA on Derana Aluth Parlimenthuwa, Sept 7, 2016

CHAPA on Biz Ada Derana, Dec 5, 2016

Sunday, December 11, 2016


   කැකිල්ලේ නිවේදනයක්!





හම්බන්තොට වරායේ දී, නාවුක හමුදාපතිවරයා මාධ්‍ය වාර්තාකරුවෙකුට පහර දීම සාධාරණ බව පෙන්වාදීමට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසුරිය, ඉතා දුර්වල සහ පිළිකුල්සහගත මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ. ඔහුට අනුව, එම සිද්ධියට හේතුවී ඇත්තේ, අදාළ මාධ්‍ය වාර්තාකරුවා ''ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර'' පැහැර හැරීම ලු!
මේ මොන විකාර කතාවක් ද?
නාවුක සෙබළුන්, මාධ්‍ය වාර්තාකරුවා ඉදිරියට එන ආකාරය, මාධ්‍යවර්තාකරුවා තම අනන්‍යතාව කියා කෑ ගසන ආකාරය, ඔහුට කුණුහරුප කියමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන නාවුක හමුදා පතිවරයා අදාළ පහරදීම කරන ආකාරය ඉතා පැහැදිලිව කැමරා දර්ශන මගින් තහවුරුව තිබියදීත්, කාගේ උවමනාවට හෝ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට අදාළ නිලධාරියා ක්‍රියාත්මක වන්නේ කුමන මානසික මට්ටමකින්ද?
හොඳයි! අපි මේ නිලධාරියාගෙන් මෙහෙම අහමු! ''ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර'' කුමක්ද? ඒ අතර අර නාවුක හමුදාපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම 'නීත්‍යානුකුල' බව ඔබ කියනවාද?
CHAPA

ද.මු. දසනායකලා පාර්ලිමේන්තුවට! Nirmal Ranjith Dewasiri in 2001

Saturday, December 3, 2016

අය - වැය 2017 අන්තිම භයානකයි!



1977 න් පස්සෙ පියවරෙන් පියවර ඉදිරියට එන WB - IMF ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ මේ අය - වැය යෝජනා සමග එක්තරා තීරණාත්මක තැනකට රට තල්ලු කරනවා. ඒ, රාජ්‍යයේ හදවත බඳු මහා බැංකුව සහ ඊට කේන්ද්‍රීය සමස්ත මූල්‍ය කටයුතු, වඩා ලිහිල් ක්‍රමයකට පුද්ගලික අංශයට සම්බන්ධ කිරීමෙන්. ඒ අතර රටේ බැංකු පද්ධතියත් බරපතළ අස්ථාවර තැනකට ඇදලා දානවා. ලිබරල් ආර්ථික මිත්‍යාව තුළ, රටේ රාජ්‍ය ව්‍යවසායන්, විවිධ තේමා පාඨ ඔස්සේ විකිණීම තමයි ඊට සමගාමීව සිද්ධවෙන්නෙ. ''බදු සංශෝධන හරහා පොදු ජනයා පීඩාවට පත්කොට, රාජ්‍ය නාස්තිය සහ අකාර්යක්‍ෂම කළමනාකරණය නිසා එන්න එන්න වැඩිවන අය - වැය පරතරය පියවා ගෙන, අපෙන් තව තව ණය අරගෙන උඹලා ටික දෙනෙක් සැපට ඉඳපල්ලා!'' කියලා අර මූල්‍ය සමාගම් කියන වැඩේ අකුරටම මේ ආණ්ඩුව කරනවා.
කෙසේ හෝ මේ අය - වැය යෝජනා පරාජය කළ යුතුයි!
ඒත් ඒ කොහොමද?
Go through the following press Release of IMF;
CHAPA

IMF Completes First Review of the Extended Arrangement Under the EFF with Sri Lanka and Approves US$162.6 Million Disbursement

November 18, 2016
  • IMF Executive Board completed the first review of Sri Lanka’s Extended Fund Facility (EFF) arrangement, which enables the disbursement of about US$162.6 million.
  • The reinstatement of the amendments to the value added tax will help boost revenues, while the 2017 budget proposal should strengthen government finances.
On November 18, 2016, the Executive Board of the International Monetary Fund (IMF) completed the first review of Sri Lanka’s economic performance under the program supported by a three-year extended arrangement under theExtended Fund Facility (EFF) arrangement. Completion of the review enables the disbursement of the equivalent of SDR 119.894 million (about US$ 162.6 million), bringing total disbursements under the arrangement to the equivalent of SDR 239.788 million (about US$ 325.1 million).
Sri Lanka’s three-year extended arrangement was approved on June 3, 2016 in the amount of about SDR 1.1 billion (US$1.45 billion, or 185 percent of quota in the IMF at that time. See Press Release No. 16/262). The government’s reform program, supported by the IMF, aims to reduce the fiscal deficit, rebuild foreign exchange reserves, and introduce a simpler, more equitable tax system to restore macroeconomic stability and promote inclusive growth.

Following the Executive Board’s discussion of the review, Mr. Tao Zhang, Acting Chair and Deputy Managing Director, said:
“Sri Lanka’s performance under the Fund-supported program has been broadly satisfactory despite challenging circumstances. Macroeconomic and financial conditions have begun to stabilize, inflation has trended down, and the balance of payments has improved. Meanwhile, international reserves remain below comfortable levels.
“Fiscal performance has been encouraging. The reinstatement of the amendments to the value added tax will help boost revenues. The 2017 budget proposal aims to strengthen government finances through revenue mobilization, while guarding against revenue shortfalls by aligning spending with revenue on a quarterly basis. The new Inland Revenue Act scheduled for early next year should result in a more efficient, transparent, and broad-based tax system. Complementary structural reforms in tax administration, public financial management, and the governance and oversight of state-owned enterprises are critical for durable fiscal consolidation.
“While inflation has abated, credit growth remains strong. The central bank indicates its readiness to tighten the monetary policy stance further if inflationary pressures resurge or credit growth persists. The authorities intend to continue building up reserves through outright purchases while allowing for greater exchange rate flexibility.
“The banking sector is currently well capitalized. Steps are being taken to find a resolution mechanism for the distressed financial institutions. Going forward, there is a need to strengthen the supervisory and regulatory framework, and identify and mitigate vulnerabilities in the financial sector, particularly with regard to non-banks and state-owned banks.”
IMF Communications Department
MEDIA RELATIONS
PRESS OFFICER: Keiko Utsunomiya
    

Rajitha Senarathne against Ranil Wickramasinghe !

Friday, December 2, 2016

Rajitha Senarathna on ITN news, on January 13, 2009

තවත් කතාවක්...

''ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවං නේද? 

මාර්ග අනතුරු ගැන, දඩ ගැන...ලංකාවෙ පොදු ප්‍රවාහනය ගැන එක එක විදිහෙ කතා ඇහෙන අතරෙ මම මේ ළඟදී හැන්දෑවක මුහුණ දුන්න එක සිද්ධියක් ගැනත් කෙටි සටහනක් තියන්න හිතුවා.
ඒ, කොම්පඤ්ඤ වීදියේ color lights හංදියෙන්, කොළඹ පැත්තෙන් යුනියන් පෙදෙසට නැවෙන පාර, වෙලාව හැන්දෑවෙ 5.30 ට විතර ඇති. ලොකු මාර්ග තද බදයක් තිබුණෙත් නැහැ. වාහන පේළියක මමත් හෙමින් ඉස්සරහට එනවා. හංදිය පහුකරනකොටම පිටිපස්සෙන් මාරයෙක් වගෙ කඩාගෙන ආපු පුද්ගලික බස් රථයක්, මගෙ වාහනයට වම පැත්තෙ පටු ඉඩ අතරින් ඉස්සරකරන්න යනකොටම, මගෙ වාහනයෙ බඳේ වැදිලා ඇතිල්ලීගෙන එනවා මට දැනෙනවා, වම්  පැත්තෙ පිටුපස බලන කන්ණාඩියෙනුත් මට ඒක පේනවා.මම එක දිගටම නලාව ශබ්දකරන්න පටන් ගත්තත් වැඩක් නැහැ, බස් එක ඇදලා යනවා. යන්තං දකුණට ගත්ත නිසා  හානිය අඩුකරගන්න පුළුවං වුණත්, බස් එක මොකුත්ම වුණේ නැහැ වගෙ ඉස්සරහට ගිහිං බස් නැවතුමේ නවත්තලා සෙනග ගන්න හදනවා. 138 බස් එකක්.
මගෙ වාහනයෙ, මට වම පැත්තෙන් ඉඳගෙන හිටපු කෙනා බැහැලා දුවලා ගිහින් රියදුරාට කතාකෙරුවා, මම පාර මැද්දෙ එක තැන නිසා පස්සෙන් නලා වැලයි, එක පාරටම පාරෙ වාහන තද බදයකුත් එන්න ගත්තා. එතකොටම අර බස් එකේ රියදුරා බැහැලා ඇවිත් මගෙ වාහනයෙ වැදිච්ච තැන අතගාලා, වැරැද්ද කෙරුවෙ අපි තමයි වගෙ කියන්නත් හදලා...
''ම්..ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවංනේ?'' කියලා කියනවා, බාගෙට ඇරිච්ච ඉස්සරහා වම් වීදුරුව අතරින් යන්තමින් වගෙ මට ඇහුණා.
ඒ අතර, පොලිස් යතුරුපැදියක් කොහෙන්ද පියඹාගෙන ඇවිත්, විස්තරය අහලා දෙගොල්ලන්ටම කොම්පඤ්ඤ වීදියෙ පොලිසියට එන්න කිව්වා.
අපිත් ඉතිං ගියා.
''ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවං නේද? පොලිසිය ඇතුළෙදිත් නිකං අහිංසක කමට වගෙ රියදුරා මගෙන් ඇහුවා. ''බැහැ!මේක third party..'' මම කිව්වා.
''third party?'' ඔහු පුනරුච්චාරණය කෙරුවා. ඔහුට විශ්වාස නැහැ. මම papers පෙන්නුවා.
''එහෙනං ඉතිං අපේ ඉන්ෂුවරන්ස් එකට දාලා තමයි ගන්න වෙන්නෙ..'' ඔහුගෙ මුහුණට බැරෑරුම් ගතියක් ආවා.
පැමිණිල්ලක්, නඩුවක්, කල් යන වැඩක්! පොලිස් නිලධාරියෙක්, හැමෝම හොඳට දන්න විස්තරය ඉතා සුහදව පැහැදිලි කෙරුවා.
''දෙගොල්ලො එක්ක කතා කරලා මොකක් හරි කරගන්න බලන්න..'' ඒ අතර ඔහු කාරුණිකව කිව්වා.
''මේක හදා ගන්න මේ මහත්තයාට ගාණක් බලලා දෙන්න, දන්නවානෙ නඩු යනවා කියන්නෙ ගොල්ලන්ටම කරදරයි!'' ඔහු අර රියදුරාට මතක් කරලා දුන්නා.
''කීයක් විතර යයිද?'' රියදුරා අහනවා. වැඩේට අඩුම තරමෙ 15000/- වත් යන බව මම අත්දැකීමෙන්  හිටියා. ''ඒත් මේ මනුස්සයා කොහොමද එහෙම ගණනක් ගෙවන්නෙ?'' මම මගෙන්ම අහනවා.
''වැඩේට 25000/- ක් වත් යයි...'' පොලිස් නිලධාරියා තමන්ගෙ තක්සේරුව නිකමට වගෙ කිව්වා.
මේ සේරම අස්සෙ මගෙ ඔළුවෙ වැඩ කරන්නෙ වෙන දෙයක්!
''මෙයා බස් එක එළවගෙන ආවෙ මැරයෙක් වගෙ...මේ damage එක හැදුවා කියමුකො, ඒත් මෙහෙම පාරෙ යන්න පුළුවං ද?'' මම කතාකරන්න පටන් ගත්තා. '' මෙහෙම ගිහිල්ලා තමයි මේගොල්ලො මිනිස්සු මරන්නෙ!'' මට එක එක සිද්ධි මතක් වුණා.
''ඒක හරි! අපිත් කොච්චර දඩ ලියනවද? මුංට ගාණක් නැහැ! හිරේ දැම්මත් හරියන්නෙ නැහැ...'' පොලිස් නිලධාරියා පැහැදිලි කරනවා.
''එහෙම නං 8000/- ක් දෙන්න...මේක හදා ගන්න!'' මම අන්තිමට හිත හදා ගත්තා.
''හරිම සාධාරණ ගාණක්! එහෙම නං පුළුවං ද?'' පොලිස් නිලධාරියා රියදුරාගෙන් අහනවා.
''4000/- ක් විතර නං...'' ටික ටික රෑ වෙන අතරෙ රියදුරා හෙමින් හෙමින් ගණන අඩුකරනවා. මට දැන් ඉක්මනට ආපිට යන්නයි ඕනෙ.
''හරි! එහෙම කරන්න, කමක් නැහැ!'' මම කතාව ඉවර කෙරුවා.
''දවස් හතරක් වැඩකරලා දවස් පඩිය එකතු කරලා තමයි දෙන්න වෙන්නෙ...සඳුදා දෙන්නං...'' ඔහු ඒ හරිය කියාගෙන යනකොට මට එපාම වෙලා වාහනයට නැගලා ඉඳගත්තා. මාත් එක්ක ආපු අනිත් කෙනා රියාදුරාගෙ දුරකථන අංකය අරගෙන, ඔහුගෙ රියදුරු බලපත්‍රයෙයි බස් එකෙයි, ඡායාරූප ගන්නවා මම බලාගෙන හිටියා.
''ඔන්න එහෙනං බොරු කරන්නෙ නැතුව ඒ සල්ලි ටිකවත් දෙනවා, හරිද!'' පොලිස් නිලධාරියා රියදුරාට අවවාද කෙරුවා.
අපි ඉතිං ආවා!
අර කියපු සඳුදා දුරකථනයට උත්තර දීලා සල්ලි දෙන වෙලාව වෙනස් කරපු රියදුරා ආයෙත් වතාවක් දෙවතාවක් එක එක කෙටි කතා කියලා අන්තිමට දුරකථනයට ප්‍රතිචාර දක්වන එකත් නැවැත්තුවා! ඊට පස්සෙ සඳුදාවල් කීයක් පහු වුණාද? ඒ 4000/- පැත්තකට දාමුකො! මම මේ නිකමට අහන්නෙ, මේ සිද්ධියට මුහුණ දුන්නෙ ඔබ නං මොකද්ද කරන්නෙ?
ඊළඟට, මේ රියදුරාගෙන් ප්‍රවේශම් වෙන්න!
ඔන්න ඔහොම තත්වයක් තියාගෙන තමයි අපි මේ වඩා යහපත් සමාජයක් හදන්න අරගල කරන්නෙ, මිත්‍රවරුණි!
CHAPA  

Thursday, December 1, 2016

තවත් කතාවක්...

...හිටපු අගවිනිසුරුට එරෙහි කෘතීම විරෝධයක්!

''මේ අනුව සිදුවුයේ අගවිනිසුරුට එරෙහිව එවකට විපක්ෂයේ සිටි එජාපය කෘතීම විරෝධයක් නිර්මාණය කිරීමයි. බැලූ බැල්මට එය වික්ටර් අයිවන්ගේ 'ගේම්' එකක් ලෙස පෙනුණත් ඊටත් වඩා එය එජාපයේ ගේම් එකක් බවට හඳුනා ගැනීම වඩා දේශපාලනිකය. ඒ වනවිට රාවයේ ක්‍රියාශීලී කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු වූ මට, දිනක් ගාමිණී අතුකෝරල හිටපු විපක්ෂ මංත්‍රීවරයා ප්‍රශ්න කිරීමේ අවස්ථාව ලැබිණි.
ඊට පෙර දින රාත්‍රියේදී වික්ටර් අයිවන් තම ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයට කතා කොට ඉතා උනන්දුවෙන් විස්තර කළේ ගාමිණී අතුකෝරල - අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් තද බල ලෙස කතා කිරීමට සුදානමින් සිටින බවය. ඒ මොහොතේ වික්ටර් අයිවන් සහ වරුණ කරුණාතිලක මධුවිත පානය කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියේද ගාමිණී අතුකෝරල සමග බව, මම දුරකථන පසුබිමින් ඇසුණු හඬවල් ඔස්සේ නිරවුල්ව වටහා ගතිමි.
පසුදින උදෑසන කොල්ලුපිටියේ පිහිටි තම නිවසේදී මා ඉදිරියෙන් හිඳගත් ගාමිණී අතුකෝරල මගේ ප්‍රශ්න වලට දිගින් දිගටම පිළිතුරු දෙමින් දැඩි ලෙස ප්‍රකාශ කළේ අගවිනිසුරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් ඇති නොවන බවය. එසේම ඔහුට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බවද ඔහු අවධාරණය කළේය. අවසානයේදී, මම ඔහු ඇතුළු රනිල් පිළේ පරස්පර විරෝධී හැසිරීම ප්‍රශ්න කරන විට ඔහු තදින් කෝප වූ බව ද මට හොඳින් මතකය.
'' මොනවද චාපා මේ...මේවා දාන්න පුළුවං ද? ඔළුවක් නැද්ද?''
රාවය ප්‍රධාන කතුවරයා ගාමිණී අතුකෝරලගේ සංවාද සටහන කියවා කෝපයට පත්විය. අවසානයේදී එය රාවයේ පළ නොවීය.
( රාවයට සාක්ෂියක්, 2008 ජූලි, පිටු 37 - 38 ) 

lunch is ready the Journalists...

Ada Derana Insight Official Trailer, Nov 2016

There is a call for IGP Pujitha! Nov 30, 2016

Bimal and Mangala! Hiru news 7pm, Nov 30, 2016

Mangala, Ranil and Suni, Nov 30, 2016