Saturday, June 11, 2016

රට අනතුරේ!

ලංකා රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස් කරල දුර්වල තත්වයකට පත් කරන්න අවශ්‍ය දීර්ඝ කාලීන වැඩ පිළිවෙළ දැනටමත් ක්‍රියාත්මකයි, මුළු පාර්ලිමේන්තුවම එක මණ්ඩලයක් විදිහට ඒ වැඩේට දැන් කරගහල ඉන්නෙ, ලාල් විජේනායක ප්‍රමුඛ කණ්ඩායමක් ජනතා අදහස් විමසනව කියල අර කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට අවශ්‍ය ජනතා සහ නීති පසුබිම සකස් කරනව. මේ සියල්ල මෙහෙයවන්නෙ චන්ද්‍රිකා ප්‍රධාන රාජ්‍යනොවන නඩයක්, මේ වාර්තාව කියවන්න, අපිට රටක් විදිහට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන අභියෝගය සුළු පටු නැහැ...
 https://www.scribd.com/doc/315021797/PRC-Sinhala-Report
 CHAPA

Kanthi kodikara youtube mp4 Google Drive

Wednesday, June 8, 2016

අපි මොක්කුද?

මැති ඇමතිවරු ගණනාවකට, ඒ කියන්නෙ අමාත්‍යංශ 22 ක වාහන 32 ක් මිලදී ගැනීම සඳහා 117 කෝටි 55 ලක්ෂයක් වැයකිරීමට ආණ්ඩුව ගන්නා තීරණයට අපි හැමෝම බෙදීමකින් තොරව එක හෙළා විරුද්ධ වෙන්න ඕනෙ! රුපියල් බිලියන ගණනින් අය වැය පරතරය වැඩිවෙන මේ රටේ, දෙස් විදෙස් ණය බිලියන කන්දරාවකට යටවෙලා තියෙන මේ රටේ, වගාකරගත්ත අස්වැන්න කලට වෙලාවට විකුණගන්න බැරුව හුල්ලන මිනිස්සු ඉන්න මේ රටේ, කොටින්ම දුප්පත්කම එන්න එන්න වැඩිවෙන මේ රටේ...මේ ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා කීප දෙනෙකුගෙ fun එක වෙනුවෙන් මෙහෙම කෝටි ගණනක මහා මුදල් කන්දරාවක් නාස්ති කරන්න ඉඩ දෙන්න කොහොමටවත් බැහැ!
ඒ අස්සෙ ගයන්තලා - රාජිතලා..මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල චන්ඩි වගෙ මේ මහා ආර්ථික අපරාධය හිනා වෙවී සාධාරණීකරණය කරන කැත!
තමන් රජෙක් නෙවෙයි ජනතා සේවකක් යැයි කියාගන්න ජනාධිපතිවරයාට දැන් කියන්න තියෙන්නෙ මොකද්ද?
ඇත්තටම මේ දේවල් දිහා ඔහේ  බලාගෙන ඉන්න අපි මොක්කුද?
CHAPA    

Monday, June 6, 2016

රාජ්‍ය පුපුරා යන කල!?

සාලාව හමුදා අවි ගබඩාව පුපුරා ගිනිබත් වුණේ කොහොමද කියල තවම හරියටම කියන්න බැහැ, ඒ ගැන දැන් පරීක්ෂණ පැවැත් වෙනව ලු! සමහරවිට ඔය පරීක්ෂණ වලින් පස්සෙත් ඒ ගැන මොකුත්ම හොයාගන්න බැරි වේවි, එහෙම අභිරස් කොච්චර නං මේ රටේ තියෙනවද? කොහොම වුණත් මේ තත්වය ඉතාම සංකීර්ණ වට පිටාවකට අදාළයි.
අපි කැමති වුණත් අකමැති වුණත් අපි පවතින්නෙ 'රාජ්‍ය' ක කොටස් විදිහට, මානව ශිෂ්ටාචාරයම මේ මොහොත වෙනකොට ආකෘතිගත වෙලා තියෙන්නෙ රාජ්‍යයන් විදිහට, විද්‍යාත්මක සමාජවාදී සංවාදය ඇතුළෙ මීට වඩා වෙනස් පාලන ආකෘතියක් ගැන ඉඟි පහළ වුණත් ඒවා ප්‍රායෝගිකව අත්හදා බලන්න විදිහක් නැහැ. එතකොට ලෝකයෙ හැම රටක්ම තම තමන්ගෙ 'රාජ්‍ය' ශක්තිමත්ව පවත්වාගන්න අරගල කරනවා විතරක් නෙවෙයි අනෙක් රාජ්‍යයන් දුර්වල කරල තමන්ට නතු කර ගන්නත් මාන බලනව. වෙළෙඳ පොළ පුළුල් කර ගැනීම සහ සම්පත් කොල්ල කෑම තමයි මෙතැන දි ප්‍රධාන වෙන්නෙ.
ඔය අතර සමහර රාජ්‍යයන්, අනෙක් සමහර රාජ්‍යයන් බිඳල තවත් රාජ්‍යයන් හදල තමන්ගෙ දේශපාලන අරමුණු ඉටුකරගන්න සැලසුම් දියත් කරනව. අන්න ඒ වගෙ ක්‍රියාන්විතයකට තමයි ලංකාවත් මේ වෙනකොට ගොදුරු වෙමින් තියෙන්නෙ.
මෙතැනදි, රාජ්‍යයක ශක්තිය මැන බලන ප්‍රධාන පරාමිතිය බවට පත්වෙන්නෙ හමුදා ශක්තිය. පාබළ, නාවුක සහ ගුවන්. ලෝකය හොල්ලමින් එක එක කලාප තෝරගෙන ඔය ප්‍රබලයි කියන රටවල් යුද අභ්‍යාස සංදර්ශන පවත්වන්නෙ ඒ නිසාමයි. මේ සංදර්භයට අදාළව, යුද ශක්තියෙන් අතිශය ප්‍රබල බව කියැවුණු එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කෙරෙන මොහොතෙ ලංකා රාජ්‍ය ගැන ලෝකයෙ විශේෂ අවධානයක් යොමු වෙනව. විශේෂයෙන්ම ඉන්දියාව කලබල වෙනව. ලෝක ත්‍රස්තවාදය පවත්වාගෙන යන්න උදව් කරන ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කලබල වෙනව. රාජපක්ෂ පාලනයට එරෙහි Regime Change ක්‍රියාන්විතය දියත් වෙන්නෙ ඒ නිසයි, හැබැයි රාජපක්ෂලා මේ ගැන තවමත් දන්නෙ නැහැ!
කොහොම හරි මේ මොහොත වෙනකොට ලංකා රාජ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථා වෙනස්වීමකට සුදානම් වෙනව. රාජ්‍ය බලය හෙවත් හමුදා බලය දුර්වල කෙරෙමින් සහ හෑල්ලු කෙරෙමින් තියෙනව. ලංකා රාජ්‍යයෙ සිංහල බෞද්ධ ව්‍යවස්ථාමය පදනම බිඳින්න හදන්නෙත් ඒ ථේරවාදී බුදු දහම විවිධ ක්‍රමවලට දියකර දාන්න වැඩ සිද්ධ වෙන්නෙත් මේ දේශපාලන ක්‍රියාන්විතයට අදාළවම යි. මෙහි ප්‍රධාන ඒජන්තවරු වෙන්නෙ විවිධ නම් වලින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන.
ඉතිං ලංකා රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාවක් මෙහෙම හදිසියෙ පුපුරා යන එක සාමාන්‍ය සිද්ධියක් හැටියට ගන්න අමාරුයි, සිදුවන මේ සියල්ල අතර අන්තර් සම්බන්ධයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ මොහොතට අතිශය අදාළ නිසාම ඊට විද්‍යාත්මක පිළිතුරු හොයා ගන්න අපි හැමෝටම ඉතිහාසය බල කරනව!
CHAPA