Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Tuesday, April 4, 2017
Monday, April 3, 2017
සේල්! සේල්!
බම්බුවෙ අලුත් අවුරුද්ද!
සිංහල දමිළ...
රෙද්ද!
අලුත් අවුරුද්ද...
අලුත් අවුරුද්ද කිව්වාට මදි. සිංහල හින්දු අලුත් අවුරුද්ද!
සිංහල කියන්නෙ ජාතියක්, හින්දු කියන්නෙ ආගමක්. ගැළපෙන්නෙ නැහැ! කෙනෙක් කියයි. එහෙම නං, සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියමු! තව කෙනෙක් යෝජනා කරයි.
දෙමළ කියනකොට නිකං හරි නැහැ වගෙ, අපි 'දමිළ' කියමු, ද්‍රවිඩ කියන්නත් පුළුවන් වුණාට ඒ හඬ යන්නෙ නැති නිසා, 'සිංහල දමිළ' තමයි හොඳ!
සිංහල දමිළ අලුත් අවුරුද්ද!
හරි! එහෙම කිව්වා කියමුකො. මොකද්ද මේ අලුත් අවුරුද්ද?
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට...
හරි! හරි! ඒ ජ්‍යෝතිෂ්‍යට අදාළවනෙ. සංස්කෘතික පදනම?
අන්න යෙදුම! සංස්කෘතිය!!
සංස්කෘතිය කියන්නෙ, මාක්ස්වාදී අරුතෙන්ම, ආර්ථික - නිෂ්පාදන සම්බන්ධතා මත ගොඩනැගෙන ව්‍යුහයක්. එතකොට, මේ අපි සමරන්න සුදානම්වන සිංහල ලිතේ 'බක් මස මැද' දවස් කෙළින්ම සම්බන්ධ වෙන්නෙ අපේ ගොවිකමට. විශේෂයෙන්ම වී ගොවිතැනට.
වී අස්වැන්න නෙළ ලා බැත බරවන මේ සෞභාග්‍යමත් දවස් එක්ක එදවස අපේ ගම්මාන අමුතු ප්‍රබෝධයකින් වෙළෙන්න පටන් ගන්නවා. එරබදු මල් පිපෙන්නෙ, සත් සමුදුරු තරණය කරගෙන කොහා ගයන්න පටන් ගන්නෙ, ඒ හඬින් ගම්මාන පිබිදෙන්න පටන් ගන්නෙ, අන්න ඒ සංස්කෘතිය ගොඩනගමින්.
ඒත්, මේ වෙනකොට අපට මොකද්ද වෙලා තියෙන්නෙ?
වසර දහස් ගණනක ඉතිහාසය පුරා විහිදෙන මේ රටට අනන්‍ය ගොවිතැන සහ ගොවිකම වගේම, පසුව යම් යම් සාධනීය විදේශ බලපෑම් සමඟ කාර්මික මට්ටමකට සංවර්ධනය වන ගොවිතැන හෙවත් කෘෂිකර්මාන්තය, මේ වනවිට අපි අමන විදිහට නොසලකා හරිමින් ඉන්නවා. අපේ මෝඩ පාලකයො, විදේශ ණය කොන්දේසි සහ උපදෙස් පිළිපදිමින්, පොදු ජනයාට මෙගා සිහින පෙන්වමින් සහ ඒ ආර්ථික ඝාතකයන් සමඟ අපේ කෘෂිකර්මාන්තය විනාශකරමින් ඉන්නවා.
අනිත් පැත්තෙන්, ගිය සියවසේ මැද හරිය වෙනකොට, ඊනියා හරිත විප්ලවයක නියැළෙමින් ලෝකය එකම රසායනික වගුරක් බවට පත්කරපු ''උන්ගේ ආර්ථික කඳවුරට'' නතු වෙලා.
රජරට ගොවියන්ට විතරක් නෙවෙයි දැන් දැන් රටටම වකුගඩු අමාරු! ඒක නොහඳුනන වකුගඩු රෝගයක් ලු! ලංකාවෙ ආචාර්ය මහාචාර්ය වෙනම සෙට් එකක් ඉන්නවා ඒක සාධාරණීකරණය කරන්න.
උන්ට දරුවො නැහැ.
වඳ!
අනේ යකෝ!
වැඩේ කියන්නෙ, මේ මහා ඛේදවාචකයට, සිංහලයො, දමිළයො, මුසල්මානුවො...සේරම එකඟයි. යකාගෙ ජාතිවාදයක්!
දේශානුරාගය, ජාතික අභිමානය! අමු කුනු හරුප!
ඒ අස්සෙ අපේ පාදඩයො, රටේ වනාන්තර විනාශ කරනවා. ගංගා ඇළ දොළ මරාගෙන කනවා. ඉඳගෙන ඉන්න අත්තම කපනවා!
ඔය දැන් කොහා ගයනාවා නෙවෙයි අඩනවා, විළාප තියනවා.
හොඳට කන් දීගෙන අහගෙන හිටපල්ලා!
සිංහලයො දමිළයො ඉතිං සමරන්නෙ මොන බම්බුවේ අලුත් අවුරුද්දක් ද?
බලාපල්ලා! ඔන්න සුපර් මාර්කට් අස්සෙ, පාරවල් අයිනෙ අවුරුදු කුමාරයො, අවුරුදු කුමාරියො රෙදි බැනියන් හැට්ට ඇඳගෙන බඩු විකුණන්න පටන් ගන්න හැටි!
''මීඩියා අවුරුදු'' වෙනම සේල් පටන් ගන්නවා!
සේල්! සේල්!
බම්බුවෙ අලුත් අවුරුද්ද!
සිංහල දමිළ, රෙද්ද!
CHAPA
April 4, 2017

Sunday, April 2, 2017
Saturday, April 1, 2017
Friday, March 31, 2017
Subscribe to:
Posts (Atom)