Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Friday, October 6, 2017
Thursday, October 5, 2017
Wednesday, October 4, 2017
මහා නායක හිමිවරු!
''ඔබ වහන්සේ හොඳට අනුශාසනා කරලා තිබුණා දිනේෂ් ගුණවර්ධන මැති තුමා ආපු වෙලාවෙ...''
ගාමිණි වියන්ගොඩ ප්‍රීතියෙන් ඉපිළෙමින් එහෙම කියන්නෙ, 2017 ඔක්තෝබර් 3 වැනි දා, වික්‍රමබාහු කරුණාරත්න සහ සමන් රත්නප්‍රිය සමඟ, මල්වතු නාහිමි මුණ ගැහෙන්න ගිය වෙලාවෙ. නාහිමියො ත් ඊට අනුකූලතාව දක්වමින් පෙරළා සතුට පළ කරනවා.
ඊට කලින් දවසක මේ නාහිමියන්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කරන්න, තමන් මුණ ගැහෙන්න ආපු දිනේෂ් ගුණවර්ධන ට ප්‍රතිචාර දක්වපු විදිහ ගැන තමයි ගාමිණි මේ කියන්නෙ. එදා නාහිමියන් දිනේෂ්ට කිව්වෙ, ''නෑ...නෑ....ජනාධිපතිතුමා එහෙම නෑ කියල, කියල තියෙනවානෙ, ඒක විශ්වාස කරන්න පුළුවන්...''
කියල.
''අපි ඉතිං කවුරු කියන එකද පිළි ගන්න ඕනෙ? ඔබ තුමන්ලා කියනවා මේ විදිහට...ආණ්ඩු පක්ෂයෙ අය අර විදිහට කියනවා...''
නාහිමියන් එදා දිනේෂ් ට එහෙමත් කිව්වා.
ගාමිණි වියන්ගොඩ, මේ හමුවෙදි, මහනාහිමියන්ගෙන් කෙළින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අහනවා.
''ඔබතුමාලගෙ අදහසේමයි මාත් ඉන්නෙ...නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි, රටට හානියක් නොවන...''
නාහිමියන්ගෙ පිළිතුර පැහැදිලියි!
මේ සියල්ල තුළ පැහැදිලි වෙන්නෙ, මේ නාහිමියන් කොන්දේසි විරහිතව ගාමිණී වියන්ගොඩලා නියෝජනය කරන ඊනියා ජාත්‍යන්තර උවමනාව වෙනුවෙන් පෙනී හිටින බවයි. එයින් කියවෙන්නෙ, දිනේෂ් ගුණවර්ධන හෝ ඔහු නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය ඒ ඊනියා ජාත්‍යන්තරයට එරෙහි තැනක ඉන්නවා කියන එක නං නෙවෙයි. මේ හැමෝම කරන්නෙ ඔවුන්ට ඒ ඊනියා ජාත්‍යන්තරය හරහා පැවරෙන රාජකාරි කටයුතු, අවසාන විග්‍රහයෙදි, මේ, රට ට එරෙහි සංවිධානත්මක නාට්‍යයක්.
එහෙම තියෙද්දි, මේ සාකච්ඡාව, මේ මහනාහිමිවරු ගැන!
රාජ්‍ය පාලනය සහ ඒ ඒ ආණ්ඩු, වඩා යහපත් දිශාවකට තල්ලු කරන්න අවශ්‍ය 'සඝ බලය' මෙහෙම දෙතුන් පැත්තකට බෙදිල දියකර දාන එක, මොන තරම් ඓතිහාසික අපරාධයක් ද? මහනාහිමිවරු ඒ පැත්තට මේ පැත්තට හැරිලා පටු අරමුණු සහ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් වැඩ කරන එක අපි පුළුල් දේශපාලන අර්ථයෙන් තේරුම් ගන්න ඕන කොහොමද?
මහ නාහිමිවරු ඇත්තටම කරන්න ඕනෙ, මේ ව්‍යවස්ථා ව්‍යාපෘතිය හොඳින් අධ්‍යනය කරල, අවශ්‍ය දැනුම සම්පාදනය කරගෙන, සිද්ධ වෙන්න යන දේශපාලන ව්‍යසනය වළක්වන එක, රට බේර ගන්න එක!
දැන් අපි මේ අවනඩුව කාට ද කියන්නෙ?
CHAPA
Oct 4, 2017
Tuesday, October 3, 2017
Sunday, October 1, 2017
Subscribe to:
Posts (Atom)