Thursday, December 31, 2015

2015 දෙසැම්බර් 22, CMU ක්‍රියාකාරිකයන් පිරිසකට කතාකරන්න අවස්ථාව ලැබුණා. CMU,1920 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනය යටතෙ ලංකාවේ ආරම්භ වූ පැරණිම වෘත්තිය සමිති ව්‍යාපාරය. මෑතකදී මිය ගිය බාලතම්පෝ ඊට ප්‍රධාන දායකත්වය
දුන්නා. වෘත්තිය සමිති ක්‍රියාකාරකම් වාමාංශික දේශපාලනය කියල ලංකාවේ වැරදි කියවීමක් තියෙනව. වෘත්තිය සමිති ගොඩ නැගෙන්නෙ ධනේශ්වරයෙම කොටසක්
හැටියට. ඊට සමාජ වාදී වර්ණ එකතුකරන්නත් ධනේශ්වර පාලකයෝ අමතක කෙරුවේ නැහැ!

වැඩ කරන මිනිස්සුන්ට යම් යම් දේවල් දිනා ගන්න මේ වෘත්තිය සමිති ව්‍යාපාර වලට පුලුවන් වුණත් එය වැඩ කරන මිනිස්සුන්ට යුක්තිය ලැබෙන සමස්ත දේශපාලනය නෙවෙයි. මේ, වම - දකුණ පටලවීමේ කූඨප්‍රාප්ත්තිය තමයි සමන් රත්නප්‍රිය සාධකය.CMU පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල ඇතුළේ පටන් ගත්ත මේ කතා බහ මෙතැනින් එහාටත් පුලුල් කරගන්න පුලුවන් නං......

Monday, December 28, 2015

නින්දෙන් නැගිට මඩු වලිග සෙවිම!

එන්රික්ගෙ ප්‍රසංගයෙදි අපේ කට්ටිය බීලා නටපු නිසත් කව්දො කෙනෙක් වේදිකාවට තනපටයක් විසිකරපු නිසාත් ජනාධිපති මෛත්‍රී
කලබල වෙලා. ප්‍රසංගයෙ සංවිධයකවරුන්ට මඩු වල්ගෙන් තලන්න ඕන කියලයි ඔහු කියන්නෙ.

ඒ දවස්වල ශාරුක් ගෙ ප්‍රසංගය ට බෝම්බ ගැහුවා, හික්කඩුවේ Hikkafest Beach Festival ගැනත් ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. ඊ ළගට Acon  ලංකාව ට ගෙන්නන්න එපා කියලා මර්වින් මැර කණ්ඩායමක් එක්ක 'සිරස' ලග කලබල කෙරුවා. පොදුවේ මේ තැන්වලදි කියවෙන්නෙ අපේ සංස්කෘතිය විනාශ වෙන කතාවක්. සදාචාරයත් නැති වෙනවලු! සංස්කෘතිය සහ සදාචාරය ගැන කිව්වට මේ විරෝධතා ඇත්ත ඒවා නෙවෙයි. වෙන වෙන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වෙන ව්‍යාපෘති!! සංස්කෘතිය සහ සදාචාරය වගෙ මානව ලක්ෂණ ගොඩ නැගෙන්නෙ ඒ ඒ ආර්ථික අධෝව්‍යුහයන්ට අනුකුලව. ලංකාවට අනන්‍ය ආර්ථික පදනමක් ගොඩනැගෙන කොට ඊට අනුරූපව සියලු අංශ පිබිදෙන්න ගන්නවා. කලාවත් එහෙමයි. රසාස්වාදය පුලුල් වෙලා තාරුණ්‍යයට වෙනස් අරුතක් ලැබෙන්නෙත් එතකොටයි. කොටින්ම ඒ හොඳ නරක අතර තරගයක්. එතකොට සංස්කෘතික ආක්‍රමණවලින් ආර්ථික සම්බන්ධ තා වෙනස් කරන්න පුලුවන් !?හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුම්වැටි වගෙම කැසිනෝ වගෙ සුදුත්, අනිත් පැත්තෙන් ලිංගික වෙළද පොළත් එකිනෙකට සම්බන්ධ කෙරෙනවා. එතැනම පතාලය - ත්‍රස්තවාදය... මේ මහා අර්බුදයෙන් ගැලවෙන්න නං අපට අනන්‍ය ආර්ථිකයක් හෙවත් දියුණු නිශ්පාදන සබඳතා විධික්‍රමයක් ගොඩනගා ගන්න ඕන. මෛත්‍රී දක්වා වන මේ ඊනියා පාලකයන්ට එහෙම දැනුමක්වත් උවමනාවක්වත් නැහැ. නින්දෙන් නැගිටලා වගෙ මඩුවලිග හොය හොයා මේ කියන පිස්සු කතා වෙනුවට ශක්තිමත් ප්‍රබුද්ධ සහ ඒ නිසාම විචාරවත් සමාජයක් ගොඩ නගන හැටි කල්පනා කරන්න පුලුවන් නං....

CHAPA

Sunday, December 27, 2015

අපේ ආර්ථිකය නිවැරැදි දිශානතියකට හරවා ගන්නේ කොහොමද ,අපිට වැරදුනේ කොතනද ?

Ada Derana tv 24X7, today by 9.30pm - you can watch the Repeat by 5.30pm tomorrow, Dec 28,2015, Monday...