![]() | |
Be careful!while we have been talking of Yoshitha,Hussein is coming to visit us!! |
Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Sunday, January 31, 2016
Friday, January 29, 2016
Wednesday, January 27, 2016
ජනාධිපති මෛත්‍රී මේ කියන්නෙ ඇත්තද?
ජනාධිපති මෛත්‍රී පහුගිය දා BBC සංදේශය සමග කරන සාකච්ඡාවෙදි මෙහෙම කියනව;"ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත් එකග නැහැ. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසදා ගන්න පුලුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන කලබල විය යුතු නැහැ"
ඔහුගෙ මේ ප්‍රකශය එතෙක් කල්, ඒ කියන්නෙ ජනාධිපති පොදු අපෙක්ෂකයා වූ තැන් පටන් 'ජාත්‍යන්තරය' ගැන කරපු සමස්ත ප්‍රකාශවලට මුලුමනින්ම පටහැනියි. මේ ස්ථාවරය තමයි රටට අවශ්‍ය. හැබැයි එක පාරටම ඔහු මෙහෙම දෙවල් කියන්නෙ ඇයි ?
රාජපක්ෂ පාලනයෙ 2 වැනි අදියර පටන් ගන්න හරියෙදි, එදා ඇමති මෛත්‍රී UN ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව සහ රාජ්‍ය නොවන ආයතන ( NGOs ) නිර්දය ලෙස විවෙචනය කරන කතාවක් මේ දැනුත් අන්තර්ජාලයේ තියෙනවා. ඊටපස්සෙ එක පාරටම ඊනියා ජාත්‍යන්තරයෙ කීකරු සගයෙක් වෙලා දැන් එකවර මෙහෙම පෙනි හිටින්නෙ ඇයි ?
චන්ද්‍රිකා - රනිල් දේශපාලන ව්‍යාපෘතිය ඇත්තටම තේරුම් අරගෙන ඔහු අලුත් පිම්මක් පනින්න හදනවද? ළග එන මැතිවරණ ය දිනාගන්න ජනයා අන්දනවද? නිගමනයකට කල් මදි.
ජනාධිපති මෛත්‍රීගෙ මේ ප්‍රකාශයට LTTE හිතවාදී සංවිධාන රැසක් විරෝධය පාන එකත් නිශ්චිතව තවම කියවගන්න බැහැ. එකක් පැහැදියි. ලංකාවේ එදා මෙදා පාලකයන්ට පොදුවේ ඔය 'ඊනියා ජාත්‍යන්තරය' සමග ගණුදෙනු කරන විදිය ගැන පැහැදිලි අදහසක් නං නැහැ.
මහින්ද චීනය මත, මෛත්‍රී ඉන්දියාව මත, රනිල් ඇමෙරිකාව මත, චන්ද්‍රිකා එංගලන්තය මත...පොදුවේ ඊනියා ජාත්‍යන්තරය මත යැපෙන්න හදනවා විතරයි, ලෝක සිතියමේ ලංකාවේ නියම තැන ලකුණු කරගන්න දන්නේ නැහැ!!!
CHAPA
Tuesday, January 26, 2016
නොසිතමි පවතිමි! ද?
ඥාණසාර හාමුදුරුවෝ රිමාන්ඩ් භාරයට පත් වෙනවත් එක්කම ජාතිවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡාව තවත් තීව්‍ර වෙනව.හෝමාගම උසාවි භූමිය නොසන්සුන් වෙනව් - අගමැති රනිල්ට ලැජ්ජ හිතිලා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනව - කට්ටියක් නියම වැඩේ! කියලා හිනාවෙනව - කට්ටියක් යහපාලනයට සාප කරනව - හුගක් අයට මේ එකක්වත් වැඩක් නැහැ.
ඇත්තටම රටට මොකද්ද වෙන්නෙ?
සිංහල, දෙමළ, මුස්ලිම්,,,ජාතිවාදී - අන්තවාදී කොටස් රට පුරා. දෙමළ - මුස්ලිම්, විශේෂයෙන්ම මුස්ලිම් කණ්ඩායම් තමන්ගෙ අරමුණු වලට උපක්‍රම ශීලිව ගමන් කරනව. එකිනෙකා අතර ප්‍රශ්න තිබුණත් වෙන වෙන ම ඔවුන්ට ඕන රාජ්‍ය පාලන බලය, ස්වයං ව හදාගන්න. සිංහල බෞද්ධ බහුතර ජනයා කෑලි වලට කැඩිලා දැන හෝ නොදැන ජාතියක් හැටියට විනාශ වේගන යනව.රාජපක්ෂ පාලනය, යුද ජයග්‍රහණය දේශපාලනිකව වටහා ගත්තෙ නැති නිසා UN ප්‍රමුඛ ඇමෙරිකානු - ඉන්දියානු උගුලට රට ලෙහෙසියෙන් ම අහුවෙනව.
සම්පත් කොල්ලකෑම සහ වෙළද පොළ පුලුල් කර ගැනිම තමයි ඔවුන්ගෙ පොදු අරමුණ. චීන සාධකයට එරෙහිව කලාපය සංවිධානය කිරිම මෙන්ම ලංකාව යුද උපකරණ ක් හැටියට යොදාගන්න හැටිත් ඔවුන් වෙන වෙනම සැලසුම් කරනව. චන්ද්‍රිකා - මෛත්‍රී - රනිල් NGO ව්‍යාපෘතිය, ඒ කොන්ත්‍රාත්තුව යහපාලනය නමින් ක්‍රියාත්මක කරනව.
මේ අනුව රටේ 'පැවැත්ම' වගෙම පැවැත්මේ ප්‍රධාන සාධකය වන 'යුක්තිය' විකෘතිය ක් බවට පත් වෙනව. ත්‍රස්තවාදයට සමාව ලැබෙන්නෙත, රාජ්‍ය හමුදාවන් වැරදි කරුවන් බවට පත් වෙන්නෙත්, FCID දඩයම පටන් ගන්නෙත්, HNDE ශිෂ්‍යයන්ට පහර දෙන්නෙත්, ඇඹ්ලිපිටියේ පොලිස් ඝාතකයන් නිදැල්ලේ ඉන්නෙත්, හිරුනිකාට සහ ඇයගේ ඩිfපෙන්ඩරයට අනුකම්පාව ලැබෙන්නෙත්, එකනැලිගොඩ වංශ කතාවක් බවට පත් වෙමින් ඥාණසාර හාමුදුරුවෝ ඇතුළට යන්නෙත්... 'යුක්තිය පිළිබඳ විකෘතියට' අදාළව.
කොහොම උනත් අවසාන විග්‍රහයෙදි ලංකාව තමන්ගෙ කොලනියක් බවට පත් කරගන්න හදන උන්ට ඕන මේ ටික මෙහෙම වෙන්න තමයි.
වැඩේ තියෙන්නෙ, තමන්ගෙ ප්‍රකාශ ඒ බලවේග විසින් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරද්දීත්, හෑල්ලුවට ලක් කරද්දිත් ජනාධිපති මෛත්‍රීට ඒ ගැන කිසිදු හැගිමක් නැති වීම.
මේ, නොසිතමි පවතිමි! ද?
Sunday, January 24, 2016
Saturday, January 23, 2016
ජාතිවාදී ගිනි පුපුර...
මේ මොහොත වෙනකොට රට මුහුණ දී තිබෙන ක්‍රමන්ත්‍රණ කාරි අභියෝගය තවදුරටත් වර්ධනය කරන ජාතිවාදී ගිනි පුපුරු තැන තැන වියරුවෙන් දිලිසෙනව!එක පැත්තක දෙමළ, අනිත් පැත්තෙ මුස්ලිම්, තවත් පැත්තක සිංහල - හරියටම කිව්වොත් සිංහල බෞද්ධ. පැරණි යටත් විජිත වාදය හෙවත් බ්‍රිතාන්‍ය පාලනය අන්තිමට ගිනි තිව්වේ ලංකාවේ ජාතිවාදයට. 1930 දශකය වෙනකොට ලබාදෙන සර්වජන චන්ද බලයත් එක්ක තමයි සුද්දො ඔය ක්‍රීඩාව පටන් ගත්තෙ. සිංහල දෙමළ කලු සුද්දොත් ඔය ක්‍රීඩාවට වහ වැටුනා ( මුස්ලිම් සාධකය එන්නෙ පස්සෙ..) බණ්ඩාරනායකලා, ඩඩ්ලි ලා, චෙල්වනායගම්ලා ජාතිවාදය තමන්ගේ දේශපාලනය කරගන්නකොට ප්‍රභාකරන්ලා තුවක්කු බෝම්බ වලින් ඒ වැඩේම වෙන විදියකට පටන් ගත්ත. ඒ අස්සේ මුස්ලිම් ජාතිවාදය ව්‍යප්තවාදයක් වුණා. රට, UN උගුලට වැටිලා, මූල්‍ය ආයතනවල හිරවෙලා, ඇමෙරිකානු දේශපාලනයට අනුව රූකඩ රාජ්‍යයක් බවට පත් වෙනකොට යුද්ධය එහි මෙහෙයුම් උපකරණයක් වෙන්නෙ එහෙමයි. යුද්ධය ඉවර වෙනකොට ඔය ජාතිවාදී හොල්මන් වලට පණ පෙවෙන්නෙත් ක්‍රමන්ත්‍රණකාරි විදියට. යුද්ධය පිටිපස්සේ වගෙම ඊනියා සාමය පිටිපස්සෙත් ඔවුන් හිටියා. NGO (රාජ්‍ය නොවන ආයතන ) ජාලයක්ම මේ පිටිපස්සේ වැඩ! රටේ පාලන ව්‍යුහය වෙනස් කරන්න සහ එමගින් ඒකීය රාජ්‍ය බලය දුර්වල කරලා රට පෙඩරල් අකෘතියකට මාරු කරන්න තමයි ඔවුන්ට දැන් ඕන.
ව්‍යවස්ථාව වෙනස් කරන ව්‍යාපෘතිය හරහා ලංකාව දුර්වල රාජ්‍යයක් බවටත්, තම තමන්ගෙ වෙළෙඳ කොලනියක් බවටත් පත් කර ගන්න අවශ්‍ය ක්‍රියාකාරකම් දැන් පටන් අරන්. චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්...ඒ සදහා එකම පෙරමුණක. ඔවුන්ට ඕන රට බෙදන්න. ඉතින් ජාතීවාදිව ජනයා බෙදෙන එක තමයි ඔවුන්ට අවශ්‍ය. සිංහල - දෙමළ - මුස්ලිම් එකට හිටියොත් ඒකීය රටක් විදියට අප පවතීවී, නැත්තං අප විනාශ වේවි!
මිත්‍රවරුනි!
අපි ජාතිවාදී ගිනි පුපුරු නිවමු!
ඒකීය රටක එකට ජීවත් වෙන හැටි ඊනියා ජාත්‍යන්තරයට කියාදෙමු!!
Subscribe to:
Posts (Atom)



