Wednesday, January 27, 2016

ජනාධිපති මෛත්‍රී මේ කියන්නෙ ඇත්තද?

ජනාධිපති මෛත්‍රී පහුගිය දා BBC සංදේශය සමග කරන සාකච්ඡාවෙදි මෙහෙම කියනව;
"ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත් එකග නැහැ. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසදා ගන්න පුලුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ ගැන කලබල විය යුතු නැහැ" 
ඔහුගෙ මේ ප්‍රකශය එතෙක් කල්, ඒ කියන්නෙ ජනාධිපති පොදු අපෙක්ෂකයා වූ තැන් පටන් 'ජාත්‍යන්තරය' ගැන කරපු සමස්ත ප්‍රකාශවලට මුලුමනින්ම පටහැනියි. මේ ස්ථාවරය තමයි රටට අවශ්‍ය. හැබැයි එක පාරටම ඔහු මෙහෙම දෙවල් කියන්නෙ ඇයි ? 
රාජපක්ෂ පාලනයෙ 2 වැනි අදියර පටන් ගන්න හරියෙදි, එදා ඇමති මෛත්‍රී UN ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව සහ රාජ්‍ය නොවන ආයතන ( NGOs ) නිර්දය ලෙස විවෙචනය කරන කතාවක් මේ දැනුත් අන්තර්ජාලයේ තියෙනවා. ඊටපස්සෙ එක පාරටම ඊනියා ජාත්‍යන්තරයෙ කීකරු සගයෙක් වෙලා දැන් එකවර මෙහෙම පෙනි හිටින්නෙ ඇයි ?  
චන්ද්‍රිකා - රනිල්  දේශපාලන ව්‍යාපෘතිය ඇත්තටම තේරුම් අරගෙන ඔහු අලුත් පිම්මක් පනින්න හදනවද? ළග එන මැතිවරණ ය දිනාගන්න ජනයා අන්දනවද? නිගමනයකට කල් මදි.
ජනාධිපති මෛත්‍රීගෙ මේ ප්‍රකාශයට LTTE හිතවාදී සංවිධාන රැසක් විරෝධය පාන එකත් නිශ්චිතව තවම කියවගන්න බැහැ. එකක් පැහැදියි. ලංකාවේ එදා මෙදා පාලකයන්ට පොදුවේ ඔය 'ඊනියා ජාත්‍යන්තර' සමග ගණුදෙනු කරන විදිය ගැන පැහැදිලි අදහසක් නං නැහැ. 
මහින්ද චීනය මත, මෛත්‍රී ඉන්දියාව මත, රනිල් ඇමෙරිකාව මත, චන්ද්‍රිකා එංගලන්තය මත...පොදුවේ ඊනියා ජාත්‍යන්තර මත යැපෙන්න හදනවා විතරයි, ලෝක සිතියමේ ලංකාවේ නියම තැන ලකුණු කරගන්න දන්නේ නැහැ!!!
 CHAPA

No comments:

Post a Comment