Saturday, January 9, 2016

ව්‍යවස්ථාමය අර්බුදය මොකක්ද?

රටේ ව්‍යවස්ථාව වෙනස්කරන එක ආණ්ඩුවේ දැන් ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා!
මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන්න ඕන කියලයි යෝජනා කෙරෙන්නේ. අගමැති රනිල් සුපුරුදු විදියට අනෙක් අය හාස්‍යයයෙන් යටපත් කරමින් ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට අද ගෙනාවා. ජනාධිපති මෛත්‍රී කියන්නෙ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන බිල්ලෝ මවන්න එපා කියලයි. මේ ආරම්භය අපට පෙන්නා දෙන්නෙ ඔවුන් කෙසේ හෝ ව්‍යවස්ථාව වෙනස් කරන එක කරන්න සුදානම් බවයි. ඇමති රාජිත කියන හැටියට කවුරු මොනවා කිව්වත් ඒ වැඩේ කරන එක කරනවමලු!
ව්‍යවස්ථාව කියන්නෙ වෙනස් කරන්න බැරි ගලේ කෙටු ලියවිල්ලක් නෙවෙයි තමයි. ව්‍යවස්ථාව කියන්නෙ රාජ්‍ය ව්‍යුහය සහතික කරන මූලික නීතී පදනම. එය වෙනස් කරන්නෙ රාජ්‍ය පාලනය ව්‍යුහාත්මකව වෙනස් කරන්න ඕන නිසා. මේ උවමනාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ UN ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරයට. LTTE ය ක්‍රියාත්මක යුද සමය තුළත් එය යුදමය වශයෙන් පරාජය වූ පසුවත් එය දඩමීමා කර ගත් එකී ඊනියා ජාත්‍යන්තරය සහ එහි NGO නියෝජනය රටේ රාජ්‍ය පාලනය දුර්වලකොට තම භාරයට ගැනිමට උත්සාහ කරනව. එය දිගුකාලීන ක්‍රමන්ත්‍රණක්. චන්ද්‍රිකා ප්‍රමුඛ සුක්ෂම කල්ලියක්, මෛත්‍රී රනිල් පසුපසින් ඉතා සංවිධානාත්මකව දැන් ඒ සදහා වැඩ කරගෙන යනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සහා මැතිවරණ ක්‍රමය වෙනස් කිසිම උඩින් පෙනුනට මේ යට තියෙන්නෙ උතුරු නැගෙනහිර මුල් කරගත්ත බලය බෙදා හැරිමේ පෙfඩරල් වැඩ පිළිවෙල, UN ප්‍රධානීන් ඇතුළු විවිධ ඒජන්තවරු මේ ක්‍රියාවලියට උපරිම සහාය ලබා දෙනව. ඒකාබද්ධ විපක්ෂය මේ තත්වයට මුහුණ දෙන්න දැනුවත් නැහැ. ශක්තිමත් නැහැ. ඔවුන්ගෙ විරෝධය ප්‍රථමිකයි. ඔවුන්ට තිබෙන වෙන වෙන ප්‍රශ්න නිසා රට මේ උගුලෙන් ගලවා ගන්න එක දේශපාලන අරමුණකට එන්නත් බැහැ.
ප්‍රශ්නය සරලයි - පැහැදිලීයි!
සිංහල, දෙමළ, මුස්ලිම් අපට එකට ජිවත් වෙන්න බැරි, රටේ ආර්ථිකය ගොඩ නගන්න බැරි, ව්‍යවස්ථාමය අර්බුදය මොකක්ද ?
ඒත් දැන් අපට කරන්න පුලුවන් මොකක්ද??
CHAPA

No comments:

Post a Comment