Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Tuesday, March 8, 2016
Sunday, March 6, 2016
හර්ෂ ලාගෙ ගොන් පාට්!
කොලඹ නිදහස් චතුරශ්‍රය පෙම්වතුන් ට නිදහස් තැනක් කරල දෙන්න කියල කට්ටියක් සටනක් පටන් අරන්. එහි ආරක්ෂක නිළධාරීයෙකුගෙ හැසිරිමක් මුල් කරගෙන පටන් ගත්ත විරෝධතාව අමාත්‍ය හර්ෂ ද සිල්වා නිසා අමුතුම හැඩයක් ගන්නව. ඔහු අර කට්ටිය වට කරගෙන අදාළ ආරක්ෂක නිළධාරීන් දරුණු විදියට ප්‍රශ්න කරනව. ප්‍රශ්න කිරිමක් කිව්වට ඒරාජ්ය බලය සමග කෙරෙන තර්ජනයක්. පෙම්වතුන් ගෙ නිදහස වෙනුවෙන් සටනට බැහැල ඉන්න කට්ටිය වෙන ම සමාජ කුලකය ක් බවත් පැහැදිලි ව පේනවා. මේ, NGO කාරයොයි අලුත් පරපුර කාරයොයි හදාගත්ත 'එක සෙට් එකක' එක ව්‍යාපෘතිය ක්. රටක සංස්කෘතිය සදාචාරය හෝ තවත් සමාජ කොදේසි හැමදාම එක විදියට තියෙන්නෙ නැහැ. තියෙන්න ඕනිත් නැහැ. ආදරය - ලිංගිකත්වය - පවුල් සහ විවිධ මානව සම්බන්ධතා පිළිබඳ විවෘත සංවාදයක් ගොඩ නැගෙන්න ඕන. ඒත් මේ විදියට ජනප්‍රිය ව්‍යාපෘති විදියට නෙවෙයි. ඉහත සිද්ධිය ට අදාළ ප්‍රශ්නය විසදන්න ඕන නං හර්ෂ කළ යුතුව තිබුණේ සංස්කෘතික ඇමතිවරයා හරහා අදාළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කොට නිදහස් චතුරශ්‍රයෙ පරිපාලනය ප්‍රතිසංවිධානය කරන එකයි. හැබැයි මේ ගොන් පාට් එකෙන් මතු වෙන්නෙ වෙන සමාජ විකෘතියක්. ගඩාෆි ප්‍රසිද්ධියෙ ගහලා මරණ තැනකට ලිබියානු තරුණ කණ්ඩායම් වර්ධනය වෙන පසුබිමත් සමහර විට මේ වගෙ ආරම්භක මොහොතකට සම්බන්ධ ඇති. ඔව්! අපි මේ ගැන කතා කරමු!!
CHAPA
Saturday, March 5, 2016
චම්පික ලා නොදන්න දේ...
අමාත්‍ය චම්පිකගෙ වාහනය, යතුරු පැදියක් යටකර දමා පළා යාමට උත්සාහ කළ සිද්ධිය දැන් නීතිය ඉදිරියෙ විමර්ශනයට ලක්වෙනවා. එහෙත් මතුවන විවිධ සාක්ෂි සටහන් වලට අනුව මේ සිද්ධිය විකෘති කරමින් යුක්තිය නොවිසදෙන තැනකට තල්ලු වෙමින් තියෙනවද කියන සැකය මතුවෙනව. ආදාල වාහනය ඒ මොහොතෙ පදවගෙන ගියෙ චම්පිකද? ඒ වෙනුවට රියදුරෙක් නීතියට බාරදුන්නද? ප්‍රශ්න එහෙමමයි. ගෙවි ගිය දශක කීපය පුරාම මේ රටේ (ලෝකය පුරාම මෙන්ම! ) යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බරපතල විදියට අභියෝගයට ලක්වෙනවා. JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද.. දැන් මෛත්‍රී - රනිල්...දිගින් දිගටම මේ අවදානම් සහගත තත්වයට සක්‍රීය ව දායක වෙනව. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ධනවාදයෙ ප්‍රකාශනයක් නිසාම විවෘත සංවාදයක් තුළ හැර සමාජ යහපත මතුකරගන්න අමාරුයි. මේ දේශපාලන අවකාශය ඇතුළේ යුක්තිය සහා ඊට අදාල නීතියෙ ආධිපත්‍යය දියුණු අකාරයකට අරුත් ගන්වන්න ඕන. මෙතැනදි ජනතා විශ්වාසය අතිශය තීරණාත්මකයි. ඔය කලින් කියපු සියලු පාලකයෝ අධිකරණය සහා පොලිසිය සමග කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම හමුදා බලය අනිසි විදියට යොදා ගැනිම වැනි හේතු නිසා යුක්තිය පිළිබඳ ජනතා විශ්වාසය මේ වන විට වේගයෙන් දිය වෙමින් තියෙනවා. මහාධිකරණ විනිසුරුවරයෙකු මරා දැමුණු, අධිකරණ තුළම සැකකරුවන් මරා දැමෙන, බන්ධනාගාර තුළ බිහිසුණු ගැටුම් ඇතිවන, බන්ධනාගාර රථවලට මහමගදි වෙඩි වදින... බිහිසුණු වටපටාවක් දැන් රට තුළ ගොඩනැගිලා. විනිසුරු වරු, නීතිඥ වරු, පොලිස් - බන්ධනාගාර නිළධාරීන් ක්‍රියා කරනප්‍රථමික ආකාරයම තත්වය තවත් බියකරු අතට හරවනවා. ඔය අතර දැනටමත් මිනිස්සු නීතිය අතට ගන්න දගලන ආකාරය පේනවා. ප්‍රජාතන්ත්‍රවාදය අවසාන විසදුම නොවුණත් සමාජ යහපත වෙනුවෙන් එයින් ඇරෙන ඉඩකඩ මේ විදියට ඇහුරුණොත් අපිට ඉතුරු වෙන්නෙ කැලැ නීතිය!චම්පිකලා ඇතුළු ඊනියා නායකයන්ට, ඊලඟට කරන්න පුලුවන් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ!!
CHAPA
Wednesday, March 2, 2016
අමාත්‍ය කිරිඇල්ල ට ලියමි!
පුවත්පත් ආයතනක් සමග ඔබ දුරකථන යෙන් ඇති කරගන්නා කතාබහ පළමුව උපුටා දක්වමි;
උපුටා දැක්වීම
“ඒකේ තියෙන්නේ 'සුදුසුකම් පරීක්ෂා කර බලා' කියලනේ. ඇමතිවරයෙකුට බලය
නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය
තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ........(පුවත්පතක පළ
නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ........(පුවත්පතක පළ
නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා
අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ
ඇමතිවරයා කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ.
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ
තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා.
ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. 'සුදුසුකම් පරීක්ෂා කර
බලා..' තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව
ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල
සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.
නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු
........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ
හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද
මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට
එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින්
කළේ නෑ.
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ
ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න
ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ
විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක්
........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා
මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන.
තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන
අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි.
තමුසෙලා නිකන් මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න
එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ
බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ
සුදුසුකම් පරීක්ෂා කර බලා... ඔයාට තේරෙන්නේ නැද්ද"
උපුටා දැක්වීම අවසන් ( සත්හඩ )
යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය කිරිමට
ජනමාධ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යය. එදා මෙදා තුර ලෝකය පුරා ම මෙන්ම අප රටේද
මේ සංවාදය ගොඩනොනැගෙන තරම් ය. රාජපක්ෂ පාලන සමයේදි මරා දැමුණු ලසන්ත
වික්‍රමතුංග එසේ මරා දැමිමට වසරකට පමණ පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
සමග දුරකථනයෙන් ඇතිකරගත් ඉතා උණුසුම් වචන හුවමාරුවක් එදවස ආණ්ඩු විරෝධී
මාධ්‍ය ආයතනවලින් අදාළ හඩපටය සමගම හෙලිදරව් කෙරිණි. එහිදී ජනාධිපතිවරයා පුවත්පත් කතුවරයා ට අසභ්‍ය වචනයෙන් තර්ජනය කළ ආකාරය තහවුරු විණි. මෙවැනි සිදුවීම් තවත් බොහෝ ඇතත් මෙසේ මාධ්‍ය හරහා නිරවණය වන සිදුවීම් වත් අප අවධානයට ගත යුතුමය. සිදුවිමේ අන්තර්ගතය කුමක් වුණත් ඔබ රාජ්‍ය බලයට මුවා වෙමින් බැරැරුම් ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන ආකාරය කිසිසේත්ම අනුමත කළ නෙහැකිය. ආණ්ඩුවක් යනු යම් කාලයක් සදහා රාජ්‍ය පාලනය බාර ගන්නා කණ්ඩයමකි. එකී ක්‍රියාවලියෙ විධායක බලය නියෝජනය කරන ඔබ මේ පෙන්නුම් කරන්නෙ, අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරිමට බලය! තිබෙන බවය. එය එසේ නොවන බවත් රාජ්‍ය බලය ගැලවුණු විට ඔබ වැනි අය අවලංගු වී යන බවත් වටහා ගන්න. යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ යහපාලනය ක් ගොඩනගා ගැනිමට නම් පාර්ලිමේන්තුව තුළ සිටින ඔබ සියලු දෙනා මීට වඩා ජනතාවාදිව වැඩ කළ යුතුය. ඊට අවශ්‍ය මනෝභාවයන් සකස් කරගත යුතුය. උක්ත සිද්ධියට සම්බන්ධ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින වෘත්තිකයන් ද ඔබේ හැසිරීමට විරුද්ධ විය යුතු .ආණ්ඩු වෙනසකට ඔබ ඔසවාගෙන පැමිණි කණ්ඩායම් දැන් පෙරළා ඔබ ප්‍රශ්න කළ යුතු. ජනමාධ්‍ය කරුවන් ද මීට වඩා වෘත්තීය මට්ටමක් ගොඩ නගා ගත යුතුය. ඒත් ඔබ ඔය බලාපොරොත්තු වන ආකාරයෙන් බිය වද්දා මතු කරගන්නා කිකරු කමක් නම් නොවිය යුතුය. බොහෝ දේ දන්නා බව ඔබ දැන සිටියත් ඔබ ඇතුළු දේශපාලන නියෝජිතයන් නොදන්නා එකම දෙය රාජ්‍ය බලය සැමදා ඔබට හිමි නොවන බවය. එබැවින් අතැති රාජ්‍ය බලය, පාලනය යහපත් කරගැනිමටම යොදවන්න!
CHAPA
Tuesday, March 1, 2016
Subscribe to:
Posts (Atom)

