Saturday, March 5, 2016

චම්පික ලා නොදන්න දේ...

අමාත්‍ය චම්පිකගෙ වාහනය, යතුරු පැදියක් යටකර දමා පළා යාමට උත්සාහ කළ සිද්ධිය දැන් නීතිය ඉදිරියෙ විමර්ශනයට ලක්වෙනවා. එහෙත් මතුවන විවිධ සාක්ෂි සටහන් වලට අනුව මේ සිද්ධිය විකෘති කරමින් යුක්තිය නොවිසදෙන තැනකට තල්ලු වෙමින් තියෙනවද කියන සැකය මතුවෙනව. ආදාල වාහනය ඒ මොහොතෙ පදවගෙන ගියෙ චම්පිකද? ඒ වෙනුවට රියදුරෙක් නීතියට බාරදුන්නද? ප්‍රශ්න එහෙමමයි. ගෙවි ගිය දශක කීපය පුරාම මේ රටේ (ලෝකය පුරාම මෙන්ම! ) යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බරපතල විදියට අභියෝගයට ලක්වෙනවා. JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද.. දැන් මෛත්‍රී - රනිල්...දිගින් දිගටම මේ අවදානම් සහගත තත්වයට සක්‍රීය ව දායක වෙනව. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ධනවාදයෙ ප්‍රකාශනයක් නිසාම විවෘත සංවාදයක් තුළ හැර සමාජ යහපත මතුකරගන්න අමාරුයි. මේ දේශපාලන අවකාශය ඇතුළේ යුක්තිය සහා ඊට අදාල නීතියෙ ආධිපත්‍යය දියුණු අකාරයකට අරුත් ගන්වන්න ඕන. මෙතැනදි ජනතා විශ්වාසය අතිශය තීරණාත්මකයි. ඔය කලින් කියපු සියලු පාලකයෝ අධිකරණය සහා පොලිසිය සමග කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම හමුදා බලය අනිසි විදියට යොදා ගැනිම වැනි හේතු නිසා යුක්තිය පිළිබඳ ජනතා විශ්වාසය මේ වන විට වේගයෙන් දිය වෙමින් තියෙනවා. මහාධිකරණ විනිසුරුවරයෙකු මරා දැමුණු, අධිකරණ තුළම සැකකරුවන් මරා දැමෙන, බන්ධනාගාර තුළ බිහිසුණු ගැටුම් ඇති, බන්ධනාගාර රථවලට මහමගදි වෙඩි වදින... බිහිසුණු වටපටාවක් දැන් රට තුළ ගොඩනැගිලා. විනිසුරු වරු, නීතිඥ වරු, පොලිස් - බන්ධනාගාර නිළධාරීන් ක්‍රියා කරනප්‍රථමික ආකාරයම තත්වය තවත් බියකරු අතට හරවනවා. ඔය අතර දැනටමත් මිනිස්සු නීතිය අතට ගන්න දගලන ආකාරය පේනවා. ප්‍රජාතන්ත්‍රවාදය අවසාන විසදුම නොවුණත් සමාජ යහපත වෙනුවෙන් එයින් ඇරෙන ඉඩකඩ මේ විදියට ඇහුරුණොත් අපිට ඉතුරු වෙන්නෙ කැලැ නීතිය!
චම්පිකලා ඇතුළු ඊනියා නායකයන්ට, ඊලඟට කරන්න පුලුවන් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ!!
CHAPA

No comments:

Post a Comment