Wednesday, March 2, 2016

අමාත්‍ය කිරිඇල්ල ට ලියමි!

පුවත්පත් ආයතනක් සමග ඔබ දුරකථන යෙන් ඇති කරගන්නා කතාබහ පළමුව උපුටා දක්වමි;
 
උපුටා දැක්වීම 
 “ඒකේ තියෙන්නේ 'සුදුසුකම් පරීක්ෂා කර බලා' කියලනේ. ඇමතිවරයෙකුට බලය නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ. 
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා. ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. 'සුදුසුකම් පරීක්ෂා කර බලා..' තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.
නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින් කළේ නෑ. 
තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන. 
තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි. තමුසෙලා නිකන් මේ පෑනක් ........(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලා... ඔයාට තේරෙන්නේ නැද්ද" 
උපුටා දැක්වීම අවසන් ( සත්හඩ )

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය කිරිමට ජනමාධ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යය. එදා මෙදා තුර ලෝකය පුරා ම මෙන්ම අප රටේද මේ සංවාදය ගොඩනොනැගෙන තරම් ය. රාජපක්ෂ පාලන සමයේදි මරා දැමුණු ලසන්ත වික්‍රමතුංග එසේ මරා දැමිමට වසරකට පමණ පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග දුරකථනයෙන් ඇතිකරගත් ඉතා උණුසුම් වචන හුවමාරුවක් එදවස ආණ්ඩු විරෝධී මාධ්‍ය ආයතනවලින් අදාළ හඩපටය සමගම හෙලිදරව් කෙරිණි. එහිදී ජනාධිපතිවරයා පුවත්පත් කතුවරයා ට අසභ්‍ය වචනයෙන් තර්ජනය කළ ආකාරය තහවුරු විණි. මෙවැනි සිදුවීම් තවත් බොහෝ ඇතත් මෙසේ මාධ්‍ය හරහා නිරවණය සිදුවීම් ත් අප අවධානයට ගත යුතුමය. සිදුවිමේ අන්තර් කුමක් වුණත් ඔබ රාජ්‍ය බලයට මුවා වෙමින් බැරැරුම් ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන ආකාරය කිසිසේත්ම අනුමත කළ නෙහැකිය. ආණ්ඩුවක් යනු යම් කාලයක් සදහා රාජ්‍ය පාලනය බාර ගන්නා කණ්ඩයමකි. එකී ක්‍රියාවලියෙ විධායක බලය නියෝජනය කරන ඔබ මේ පෙන්නුම් කරන්නෙ, අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරිමට බලය! තිබෙන බවය. එය එසේ නොවන බවත් රාජ්‍ය බලය ගැලවුණු විට ඔබ වැනි අය අවලංගු වී යන බවත් වටහා ගන්න. යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ යහපාලනය ක් ගොඩනගා ගැනිමට නම් පාර්ලිමේන්තුව තුළ සිටින ඔබ සියලු දෙනා මීට වඩා ජනතාවාදිව වැඩ කළ යුතුය. ඊට අවශ්‍ය මනෝභාවයන් සකස් කරගත යුතුය. උක්ත සිද්ධියට සම්බන්ධ විශ්ව විද්‍යාල පද්ධති තුළ සිටින වෘත්තිකයන් ද ඔබේ හැසිරීමට විරුද්ධ විය යුතු .ආණ්ඩු වෙනසකට ඔබ ඔසවාගෙන පැමිණි කණ්ඩායම් දැන් පෙරළා ඔබ ප්‍රශ්න කළ යුතු. ජනමාධ්‍ය කරුවන් ද මීට වඩා වෘත්තීය මට්ටමක් ගොඩ නගා ගත යුතුය. ඒත් ඔබ ඔය බලාපොරොත්තු වන ආකාරයෙන් බිය වද්දා මතු කරගන්නා කිකරු කමක් නම් නොවිය යුතුය. බොහෝ දේ දන්නා බව ඔබ දැන සිටියත් ඔබ ඇතුළු දේශපාලන නියෝජිතයන් නොදන්නා එකම දෙය රාජ්‍ය බලය සැමදා ඔබට හිමි නොවන බවය. එබැවින් අතැති රාජ්‍ය බලය, පාලනය යහපත් කරගැනිමටම යොදවන්න!
 CHAPA

No comments:

Post a Comment